"ඇයි ඒ...............එයාට කරදරයක්වත්ද? " සශ්මික ඇසුවේ රත් උන තැටියක් වගේ පිච්චෙන හිතේ හද ගැස්ම අතරින් ඇස් රතු කරන්..
ඔයා කෂිනිව අඳුරන්නෙ නෑ නේද? " යෙහෙළිය ඇසුවේ පිටස්තරයෙකුට හෙළි කිරීමට නුසුදුසු යමක් කෂිනිගේ ජීවිතය ඇතුලේ සිද්දවී ඇති ගානට.
අඳුරන්නෑ....ඒත්................."
"ඒත්...........දැන් අඳුරගන්න හිතිලා...! එහෙමද..?" යෙහෙළිය සශ්මිකගේ පැටලෙන වචන වලට සහනයක් වී ඇසුවේ මනමාල හිනාවකුත් එක්ක
හ්ම්ම්............." සශ්මික පිළිතුරු බැන්ඳා.. " කියන්නකෝ...එයාගේ ප්‍රශ්නෙ මොකද්ද කියලා..." සශ්මික ඒ පිටටම ඇසුවා..
"මම කෙනෙක්ගේ පෞද්ගලික දේවල් එහෙම පිට කෙනෙකුට කියන එක හරි නෑ නේද? "
"ඒක නම් ඇත්ත....කමක් නෑ ඔයා අකමැති නම් නොකියා ඉන්න.... " සශ්මික කීවේ කෂිනිගේ යෙහෙළිය අමාරුවේ දැමීමට නොහැකි නිසා..
"කමක් නෑ මං කියන්නම්.......ඒක ටිකක් දිග කතාවක්.....අපි අරෙහෙන් වාඩිවෙමුද?" යෙහෙළිය කීවේ පුස්තකාලය ඉදිරිපස ඇති කොන්ක්‍රීට් බංකුවක් පෙන්නලා..
"උඹලා එතකං අරෙහෙන් වාඩි වෙලා ඉඳහල්ලා....මම පටාස් ගාලා එන්නං.." සශ්මික එසේ කියා යෙහෙළිය සමග කොන්ක්‍රීට් බංකුව උඩ අසුන් ගත්තා..
"කෂිනි කියන්නේ ගෙදර ගොඩාක් ප්‍රශ්න තියන ළමයෙක් සශ්මික".... යෙහෙළිය කතාව පටන් ගත්තා.ඒ වන විට සශ්මික සහ ඇය නම්වලින් පවා හඳුනාගෙනයි හිටියේ...
"කෂිනිට ඉන්නේ අම්මා විතරයි.කෂිනි පොඩි දවස්වල කෂිනිගේ තාත්තා එයාලව දාල ගියා. ඊට අවුරුදු හතරකට පහකට පස්සේ කෂිනිගේ අම්මා වෙන කෙනෙක්ව බැන්දා,..එතකොට කෂිනි හත වසරේ විතර ඇති...දැන් කෂිනිගේ අම්මාව බැඳලා ඉන්න කෙනා එයාගේ තාත්තටත් වඩා හොඳින් එයා ගැන හොයලා බලනවාලු හුඟක් වෙලාවට.ඒත්............. කෂිනි ඒ මනුස්සයාට පොඩ්ඩක්වත් කැමති නෑ."
දිල්කි කියන වචනයක් වචනයක් පාසා සශ්මිකගේ හිත කීරි ගැහිල ගියා...මතුපිටින් පේන සුන්දර දේවල් ඇතුලේ කොච්චර ගින්දර තියනවද?කෂිනි කියන්නෙත් තමන් වගේම හිත ඇතුලෙන් පිච්චි පිච්චි විඳවමින් ජීවත් වෙන තවත් එක්කෙනෙක්....' සශ්මිකගේ හිත අමිහිරි සිතුවිලි ගොඩකින් පිරිලා ගියා..
"ඇයි ඉතිං එච්චරටම තරහා? අම්මා වෙන කෙනෙක් බැන්ඳ නිසාද?" සශ්මික ඇසුවේ තමන්ගේ ජීවිතේ ඇතුලේ තමන්ගේ අම්මා තාත්තවත් තමන්ට ආදරේ නොකරන එකේ පිට මනුස්සයෙක්ගෙ ආදරේ ඔය විදියටවත් ලබන්න කෂිනි පින් කර තිබෙන බව කල්පනා කරමින්..
"ඒකත් එක හේතුවක්....ඊටත් වඩා ලොකුම දේ තමයි එයා කරන රස්සාව..! " දිල්කි ඒක කිව්වේ පහත් ස්වරයකින්..
"ඔවු .......ඒ මනුස්සයා කරන්නෙ කසිප්පු පෙරලා විකුණන එක.....කෂිනි කන්නෙ බොන්නෙ අඳින්නේ,ඉගෙනගන්නේ ඔක්කොම ඒ සල්ලිවලින්. හැබැයි ඒ කැමැත්තකින් නෙමේ."
"එතකොට.........කෂිනි ඉස්කෝලේ නාපු හේතුව?"
"අර මනුස්සයා කසිප්පුත් එක්කම පොලිසියට අහුවෙලා....මෙදා පාර ලේසි වෙන එකක් නෑ කියලා අම්මලා කිවුවා..ඇප දෙන්නෙත් නැති පාටක්ලු තියෙන්නෙ...ඔය අහු උන කී වෙනි වතාවද කියලා ඒ මනුස්සයවත් දන්නෙ නැතුව ඇති.."
"ඔහොම අහු උනහම කෂිනි ටික දවසක් යනකං ඉස්කෝලේ එන්නෑ... ලැජ්ජාවට..පව්....අනික අම්මත් එක්ක පොලිසි ගානෙයි උසාවි ගානෙයි ඇවිදින්නත් මේකි යනවා....කෙල්ලෙකුට ජීවත්වෙන්න සුදුසු පරිසරවල නෙවෙයි ඒකි හැදෙන්නේ....
යෙහෙළිය බොහොම කනගාටුවෙන් තවත් විස්තර ගොඩාක් කියාගෙන ගියා .සශ්මික ඒව අහගෙන හිටියේ ලොකු කලකිරීමකින්.ලෝකේ කී දෙනෙක් සතුටින් ඇත්ද...ඒ වගේ දහ ගුණයකින් මිනිස්සු දුක්බරව ජීවිත ගෙවනවා නේද?'යි කියා සශ්මිකගේ හිතට හැඟුණා.මේ මනුෂ්‍ය ලෝකය මහා පුදුමාකාර දුක් කඳු වලින් පිරුණ තැනක් කියා ඔහුට කල්පනා උනා.
අපේ එග්සෑම්වලට තව සතියයිනේ....මේ ටිකේ අපි නිහඬව ඉමු සශ්මික.අපි පස්සේ එයා ගැන තීරණයක් ගමු..." දැන් පරක්කු වෙනවනේ අපි යමු...දිල්කි මේ කතාව අවසානයේ සශ්මිකගේ හොඳම යෙහෙළියක් බවට පත්වුණා..
එහෙනම් මේ ටිකේ ඔයා එයා ළඟම ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න...ඒ වගේම එයාගෙ හිත හදලා එග්සෑම් එක හොඳට කරගන්න එයාට උදව් කරනවා කියලත්..........
සශ්මික දිල්කිට ඒ ටික කීවේ බොහොම හැඟීම්බරව.
අයි'ල් ප්‍රොමිස් යූ සශ්මික....
****************************************************
අම්මා....................... අම්මා......................"
සශ්මික නිවසට දිව ආවේ සතුටින් ඉපිලුන හිත අහසේ පා කරගෙන වගේ....සතුට වැඩිකමට සශ්මිකට පාර ද ගෙදරද කියලා වෙනසක් තිබුණේ නෑ...." යා....හූ" කියමින් කැරකෙමින් දඟලමින් ආ සශ්මික අතින් ඉස්තෝප්පුවේ තිබුණ සුදු මල් භාජනයත් පෙරළුණා..ඒ වගවත් ගානක් නොවුණු සශ්මික උඩ පනිමින් කෑගැසුවේ අම්මාගේ නම කියමින්...
සශ්මිකගේ කෑගැහිල්ලට අම්මා කොහෙදෝ සිට ඉස්තෝප්පුවට දුවගෙන ආවා...
මොකද මේ....?
"අම්මා.......... මං ඕලෙවල් පාස්..... ඒ හයයි.....බී තුනක් තියේ අම්මා.....ඔයාගෙ පුතාට ඒ හයයි බී තුනක්...."සශ්මික කීවේ හිතේ පිරුණ දරාගන්න බැරි තරම් සතුට අම්මත් එක්ක බෙදාගන්න හිතාගෙන.
"ඉතිං...............ඕක බෙරිහන් දෙන්න දෙයක්ද...? හොඳ හිතින් අර මල් ටික අස් කරලා කැඩුන එකට භාජනයක් ගෙනත් තියනවා... මම නරක ගෑනි කියන්නෙපා පස්සේ...." අම්මා ගිරිය කැඩෙන තරම් මහා හය්යෙන් කෑ ගසා නැවත ගෙතුළට වුණා..එතෙක් වේලා පැවති සශ්මිකගේ සතුට කොහේදෝ අතුරුදන් උනා.අම්මාට තමන්ගේ ඕලෙවල් රිසාල්ට් එකටත් වඩා මේ මල් බඳුන වටිනවාදැයි සශ්මික කල්පනා කලේ මල් බඳුනේ කටු එකින් එක ඇහිඳින ගමන්..
තැලිලා පොඩිවෙලා විසිරිලා තිබුණ සශ්මිකගේ හිත තවත් තැලිලා ඉරිතලලා ගියා...තැලෙන යකඩේ පිරියම් වෙනවා වගේ සශ්මිකගේ හිතත් එන්න එන්නම ධෛර්යවන්ත උනා.අම්මලාගේ වෙනස්කම්වලට තමන්ට දෙන්න පුළුවන් එකම විසඳුම ඉගෙනීම කියන මතයේ සශ්මික හැමදාම හිටියා.
"චූටි මහත්තයා විබාගෙ සමත්ද?"කොහෙදෝ සිට පැමිණි සිරිදාස ඇසුවේ සතුටින් හිනාවෙවී...සිරිදාස බිමට නැවී භාජනයේ කටු කෑලි අහුලා බිම අස් කර දැමුවා....
"සිරිදාස ...මට ඇත්ත කියන්න සිරිදාස..." සශ්මික ඇසුවේ හැඬුම් ස්වරයෙන්..
"මොනාද චූටි මහත්තය?................චූටි මහත්තයට මහන්සීනේ , ඇඟ සෝදන් එන්න්කෝ...! " සිරිදාස කීවේ කනගාටුවෙන්.
"බෑ.....අද සිරිදාස මට ඇත්ත කියන්නම ඕනි...මං අරං හදාගත්තු ළමයෙක්ද සිරිදාස..?"සශ්මික ඒ ටික ඇසුවේ ඇස් අගින් පැන්න කඳුලක් පිහිදාන ගමන් වෙව්ලන හඬින්..
අනේ චූටි මහත්තයා මේ මොනාද කියවන්නේ...?චූටි මහත්තයා මේ ගෙදර ම නෝනාගෙයි මහත්තයාගෙයි පුතා...ඒකේ ආයේ දෙකක් නෑ...මං මෙහාට ආවේ අදක ඊයෙකයෑ....හා....හා...යං ඇතුලට..." සිරිදාස සශ්මිකව ගෙතුළට ගෙන ගියා..
එහෙනං ඇයි සිරිදාස මට මේ තරං වෙනස්කං........ආ ...... උත්තර දෙන්න සිරිදාස ,මට උත්තර දෙන්න." සශ්මිකගේ වචනවලින් සශ්මික ඉන්නේ හොඳ මානසිකත්වයකින් නෙවෙයි කියලා සිරිදාසට තේරුණා..
එහෙම තමයි චූටි මහත්තයා නරක කාලෙට....අම්මා තාත්තා උනත් විස්සෝප වෙනවා" සිරිදාස කීවේ සශ්මිකගේ හිත හදන්න.
මේ නරක කාලේ මට ලැබුණේ අදක ඊයෙක නෙවෙයි සිරිදාස...! මේක මට පුංචි කාලේ ඉඳන්ම උන දෙයක්..." සශ්මික කියවාගෙන ගියේ හිතේ අමාරුව වැඩිකමට.
දැන් ඔය කතාව නතර කොරලා චූටි මහත්තයා ඇඟ සෝදන් එන්න.මං කෑම ලේස්ති කරන්නම්.." සිරිදාස සශ්මිකගේ ඔලුව අතගාමින් කාමරයෙන් පිටවුනා..
*********************************************************
සශ්මිකගේ ඊළඟ කඩයිම උනේ අ.පො.ස. (උ.පෙ.) විභාගය.හැමෝගෙම වෙනස්කම් ගැන නොහිතා අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යනවා කියලා සශ්මික තරයේම සිතාගත්තා.කෂිනි විද්‍යා අංශයෙන් උසස් පෙළ කරනවා කියන ආරංචිය සශ්මිකට ලැබුණේ ප්‍රථිපල ලැබුණ මුල්ම දිනවලදී.ඒ ආරංචිය සශ්මිකගේ හිතට ලොකු හයියක් උනා."එයා ඩොක්ටර් කෙනෙක් මම ලොයර් කෙනෙක්" කොහොමද එහෙම උනාම තියන ගැම්ම? අපේ ගෙදර කට්ටියගේ මානසික රෝග ටික එයා සනීප කරයි,එයාගේ බාප්පොච්චා වැරදිවලින් ගලවගන්න මට බැරියැයි එතකොට..." සශ්මික ඒ ටික මිල්හාන් එක්ක උජාරුවෙන් කියපු අයුරු සශ්මිකගේ මතකයට නැගුණා.
සශ්මික, මිල්හාන් සුපුරුදු විදියට එකම පංතියේ කලා අංශයෙන් ඉගෙනගත්තා.උදාන් ,දීපාල් සහ දිලීප වෙනත් අංශයකින් උසස් පෙළට පෙනී සිටීම නිසා මිල්හාන් සහ සශ්මිකගෙන් මදක් ඈත්වෙලා ගියා.
මිල්හානයා....මම හිතන්නේ දැං කෂිනිගෙන් කරණාව අහන්න කාලේ හරි වගේ..." සශ්මික කීවේ පාසල ඇරී බස් නැවතුම්පලේ ඉන්න අතරතුර.
"ඔවු.......ඔවු...පුතේ....දැනටත් ඕඩර්ද දන්නෑ..ඉක්මං කරන තරමට හොඳයි....ඕං බලහංකෝ...තව ටික කාලෙකිං කෙල්ලන්ට ඕඩර් තියන්න වෙන්නේ බඩේ ඉද්දිමයි.." මිල්හාන් කියාගෙන ගියා.
"මං කෙළින්ම ඒකිගෙං අහන්නද? "සශ්මික අවිනිශ්චිත බවකින් ඇසුවා.
"ඔවු...අහපං....ඒක තමයි හොඳම ක්‍රමේ...ඔය ලියුං ලියනවට, යාලුවෝ අතේ කියලා යවනවට වඩා කෙල්ලගෙං කෙළිංම අහනවට තමා උං කැමති.." මිල්හාන් උපදෙස් දෙන්නට උනා.
"මේ ඉරිදා ඒකිට ක්ලාස් ඇරෙන වෙලාවට අපි ලයින් එකක් දාමු..දිල්කි ඉන්නවනේ අපේ හෙල්ප් එකට..! "මිල්හාන් කීවා..
සශ්මික කවදාවත් නැති උනන්දුවකින් උදේම නැගිට්ටා.නාන කාමරයේ ඕනෑවටත් වඩා වෙලාව ගත කළා.නා අවසන් වූ පසු සශ්මිකගේ හිතේ ලොකු යුද්දයක්..! කොයි පාට ඇඳුමක්ද තෝරාගන්නේ...කොයි වගේද අඳින්නේ කියලා සෑහෙන කල්පනා කළා.වරෙක එකක් හැඳ එය ගලවා දමා තවෙකක් ඇඳගත්තා.කැඩපත ඉදිරිපිට ඒ මේ අත හැරෙමින් තමන්ගේම හැඩ බැලුවා..කොණ්ඩය අතින් පීරමින් කැඩපතත් එක්ක නිතර සිනාසී බැලුවා.වෙනදාට වඩා ලොකු වෙනසක් තමන්ගේම ඇතුළේ තියන බව සශ්මිකට නිකමට වගේ හිතුණා.මේ සියල්ල අද කෂිනිව හමුවීමට යන නිසා බව සශ්මික දැනන් හිටියා.අද තමන්ගේ බලාපොරොත්තුව කොයි අතට හැරේදෝයි සිතෙන විට සශ්මික සිටියේ හිස් හැඟුමකින් හිත පුරවාගෙන.
සශ්මික මිල්හාන්වත් ගමනට එක්කරගත්තා.සෙනසුරාදාවේ සවස එකහමාර වන විට කෂිනි පෞද්ගලික පන්තිය නිමා වී කහවත්ත නැවතුම්පල වෙත එන බව සශ්මිකට කීවේ මිල්හාන්.ඒ අනුව මිල්හානුත් සශ්මිකත් කලවාන නැවතුම්පලෙහි රැඳී සිටියේ කහවත්ත නැවතුම පැත්තට යන ගැහැණු ළමයින් දෙස නෙත් යොමමින්.
"මං මෙහෙම එකපාරට අහන්න ගියාම ඒකි මට බැනලා පන්නයිද මිල්හාන්...අනික ඒකි බයවෙයිනේ බං?" සශ්මික දෙගෙඩියවකින් කීවා.
"ඕන මගුලක් කියලා අහලා දාපං....ඕක කොයිවෙලේ හරි කියන්න එපැයි බං" මිල්හාන් කීවා.
"උඹ දිල්කිගෙන් ඇහුවද අද අරකි එනවද කියලා?"
"මං උදේ කොල් කරා ,එතකොට කිව්වා ආව කියලා...."
දෙදෙනා මග බලමින් ඉන්නා අතරතුරේ පන්ති නිම වී ළමයින් බස් නැවතුම වෙත ඇදෙන්නට වුණා.
"අන්න දිල්කි නම් එනවා...." මිල්හාන් පැවසුවේ ඒ දෙස පෙන්වමින්.
"ආආ..........කුමාරයා වැඩලා තියෙන්නේ..., අන්න ඔයාගේ කුමාරිත් ළඟ ළඟම එනවා,මොනාද ගන්න ශොප් එකකට ගියා...." දිල්කි කීවේ සශ්මික දිහා නෝන්ඩියට වගේ බලමින්..."
"මම සශ්මික එයාට ලයින් කියලා අඟවලා තියෙන්නේ...ඔන්න අපෙන් කෙරෙන්න ඕනි දෙවල් කරා...,ඔයාට තමයි ඉතුරු හරිය කරගන්න තියෙන්නෙ නෙහ්?" දිල්කි ඒ ටික කියා අවසානයේ ඇසුවේ මිල්හාන්ගෙන්..
"ඒ අන්න අරකි එනවා............" මිල්හාන් කීවේ නැවතුම්පළ වෙත යෙහෙළියක සමගින් එන කෂිනිව පෙන්නලා.
කෂිනි කලවාන නැවතුම පසු කරගෙන යන විට දිල්කි කතා කරමින් උන් තරුණයෝ දෙන්නා දිහාවට ඉබේම වාගේ ඇගේ ඇස් යොමු වුණා.ඇගේ ඇස් මොහොතකට සශ්මිකගේ ඇස් ළඟ නතර වුණා නැවත වතාවක්.ඔහුව දුටු ඈ ඒ බැල්මෙන් මිදී ආවාට වඩා වේගයකින් කහවත්ත නැවතුම වෙත ඇදුණා.ඒ වන විටත් කහවත්ත නැවතුමේ බසයක් නතර කර තිබුණා.ඈ බසයට ගොඩ වී පසුපස දොරටුව අසළ තිබුණු පලමු ආසනයේ අසුන් ගත්තේ බසයෙන් බහින්නට ලේසි නිසා.ඒ වනවිටත් සශ්මික ඈ වෙත එමින් උන්නා.කෂිනි දිල්කි ඈට කීව "ලයින් කොල්ලා" සශ්මික බව ඒ වන විට වැටහී තිබුණ හෙයින් ඈ සිටියේ මදක් බියපත් වී මෙන්.. ඈ හිතේ සැකයෙන් වීදුරු කවුලුවෙන් එපිට බලද්දී සශ්මික මිල්හාන් සමග බසයට ගොඩ වී හමාරයි.සශ්මිකලාගේ උදව්වට හිටි දිල්කිත් ඒ සමගම බසයට නැගුණා .
"මේ නංගි කාවහරි හොයනවා වගේ නේද බං...?මිල්හාන් කීවේ ඈ වීදුරු කවුලුවෙන් එහා බලන අයුරු දුටු නිසාවෙන්.සශ්මික එරවීමෙන් මිල්හාන් වැඩි කතාවට නොයා උන්නා.
"ඒ දිල්මි.........පොඩ්ඩක් නැගිටහංකෝ..."දිල්කි කීවේ කෂිනි ළඟින් වාඩිවෙලා ඉන්න කෂිනිගේ යෙහෙළියට.
"එපා දිල් ඔයා ඔහොම ඉන්න..." කෂිනි කීවේ දිල්කි දෙස ඔරවා බලමින්.
"දැන් මොකටද මං නැගිටින්නෙ මෙතනින්..?දිල්මි ඇසුවේ තරහා මුසු ස්වරයකින්..
"ඔන්න බලාගන්නකො බබා.........." සශ්මික දිල්මිගෙ අතින් ඇද පසුපසම ආසනයේ බලෙන්ම වාඩි කෙරෙව්වා.සශ්මික කෂිනි ළඟි වාඩි උනේ " ඔයා කාවද හෙව්වේ" කියා රහසින් මෙන් අසමින්....
මට යන්න දෙන්න.........." කෂිනි එසේ කියා අසුනින් නැගිට්ටා.සශ්මික බලෙන්ම ඇගේ අතින් අල්ලා වාඩි කරවූවා.
"කලබල කරන්න එපා ...මිනිස්සු මට ගහලවත් දායි...."සශ්මික කීවේ සිනහාවෙමින්..
"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ....ප්ලීස්..." සශ්මික යටහත් ස්වරයකින් කීවා.කෂිනි උන්නේ කවුළුවෙන් එපිට බලාන.
"ඔයා කවුද..........? ඇයි මට කරදර කරන්නේ? ඔයාට මොනවද ඕනේ? කෂිනි ඇසුවේ කේන්තිය මුසු හැඟීමකින්..
"මට ඕන දේ කියන්නද එහෙනම්....? සශ්මික ඇසුවේ ඇගේ ඇස් දෙසම බලාගෙන..කෂිනි නිහඬව බලගෙන් උන්නා..
"මේක කියන්න මේ බස් එක ඇතුළේ සුදුසුයිද කියලා මම දන්නෑ කෂිනි..ලස්සන හින්දි ෆිල්ම්ස්වල වගේ ලස්සන කඳු යායක් උඩට හරි ,ලස්සන මුහුඳු වෙරළකට හරි...එහෙමත් නැත්තන් තව ලෝකේ කොහේ හරි ලස්සන තැනක ඉඳන් මේක කියන්න ඕනිද කියලත් මං දන්නෑ කෂිනි...හැබැයි ඇත්ත ලෝකේ ඇත්තත් එක්ක ජීවත් වෙන මට ලස්සන කඳු මුදුන්,බීච් වගේ මේ බස් එක ඇතුලෙත් මට වෙනසක් නෑ, මම ඒ නිසා කියන්නම්....................... මට ඕනේ ඔයාගේ ආදරේ කෂිනි................." සශ්මික රහසින් වගේ මේ සියල්ල කෂිනිට කීවා.කෂිනි පුදුම වී මෙන් සශ්මික දිහා බලාන් උන්නා..
ඇයි මේ බයවෙලා................මම කීවේ බොහොම සාමාන්‍ය දෙයක්නේ ළමයෝ...." කෂිනි නිහඬ නිසා සශ්මික කීවා...
මේ වන විට බසයත් ගමන් ආරම්භ කරලා තිබුණා.බොහෝ නිහැඬියාවකට පසු කෂිනි කතා කළා.
"මට මේකට කොච්චර කල්පනා කළත් දෙන්න තියෙන්නේ එක උත්තරයයි..." කෂිනි කීවේ බැරෑරුම් සවරූපයකින්.."
"කියන්න.................මොකද්ද උත්තරේ?" සශ්මික ඇසුවේ ඒ වන විට අසාමාන්‍යව දැනුණු හද ගැහෙන රිද්මය අතරින්..