ලා දම් අහසට පායන උදවිය ..

Showing posts with label ගමේ කතන්දර. Show all posts
Showing posts with label ගමේ කතන්දර. Show all posts

Saturday, January 4, 2014

වටු නන්දෙ




"වටු නන්දෙ" කීවම කස්ටිය බලනවා ඇති ඒ මොකාද කියලා.හික්ස්..........වටු නන්දෙ කියලා කියන්නෙ අපේ ගමේ ඉන්න එක්තරා මානසික රෝගියෙක්..එයාගේ පොඩි පොඩි වැඩ ටිකක් තමයි අද කියන්න යන්නේ.මෙයාට "වටු " කෑල්ල එකතුවෙලා තියෙන්නේ ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙක් හන්දා.උස අඩි 4ක් වගේ තමයි.මම සමහර පෝස්ට් වල කොමෙන්ටු වලට මේ වටු නන්දෙ ගැන දාලා ඇති.අද නම් පඳුර වටේට තලලා නවතින්ට තමයි අදහස.

(හැලපස්ටයිල්) මේ වටු නන්දෙගෙ දෛනික චරියාවේ කොටසක් තමයි කාන්තාවන් නාන තොටුපලක ලැගුම් ගන්න එක.කොහේ හරි පඳුරක් ඇතුළේ ඉඳන් ගෑණු උදවිය නාන දිහාව බලාගෙන ඉන්න උන්නැහේ හරි කැමතියි.උන්නැහේ ඔහොම බලාන ඉන්න ගිහින් අහුවෙලා ගුටි කාලා ඇති අනන්තවත්..නන්දෙ ගං ඉවුර ලඟින් යන්නෙ ගං ඉවුරෙ නාන ගැටිස්සියො දිහා බලලා ඒ අය එක්කලා කතා කරගෙන එහෙම තමයි.ඔය යන්නෙ පඳුරු අස්සෙ ඉඳන් බලා ඉන්න කියලා ගැණු නන්දෙ යනකොටම දන්න..සමහර ගෑණුන්ගෙ කටවල් හරියට වක්කඩ කැඩුවා වාගෙ තමයි.."නන්දෙ මාමෙ ඔය පැත්තට ගියාට කමක් නෑ පඳුරු අස්සෙ ඉඳන් බලා ඉන්නවා එහෙම නෙවෙයි කියලා මූණටම කියනව..නන්දෙටත් එව්වයෙ ගානක් නෑ....ඕනතරං ඔය කතාවම ගෑණුන්ගෙන් අහලා තියන හන්දා.

(දේශකස්ටයිල්) දවසක් නන්දේ දොළපාරක ගෑණු නාන දිහාව බලං ඉන්න ගිහිං.ඒකා ගල් දෙබොක්කාවක් අස්සෙ ඉඳන් එබෙනකොට නාන ගෑණියෙකුට මීටර් වෙලා වැඩේ.ගෑණිට දැන් හොඳ එකෙන්ම මල.වටේ උන්නු ගෑණු ටිකට හිමීට සීන් එක කියලා කට්ටිය එක්ක හොඳ ගල් පාරවල් ටිකක් දීලා.'පොන්න &%$#@#" කියලා හොඳවයින් කතා කරලත් තිබුණා.මිනිහට නෙවෙයි ගානක්වත් වෙන්නෙ ඔව්වා..පණ කඩාගෙන දුවලා තිබුණා එවෙලේ නම් ඔලුව බේරාගෙන.....හැක්

(සිංදුවාස්ටයිල්) නන්දෙ තවත් ප්‍රිය කරන පොට් එකක් තමයි ගෑලු ලමයි නාන ගෙවල්.ඔය බාතෲම්  එහෙම නැති (ගමේ කොහොමත් එලිමහනේනෙ ටැංකි හදලා තියෙන්නෙ නාන්න.)තැන්වල.ඔහොම නානකොට බලං ඉද්දි ඉතිං ගෑලු ළමයිට අතේ මාට්ටු වෙලා  සුට්ටක් බය උනාට මොකද  සින්දු කෑලිත් හදලා තියනවා "නන්දේ .....ලන්දේ.....මොකද කරන්නේ" කියලා..මිනිහා අතුරුදහන් වෙනවා ඒ වෙලාවට. 

(ඉවාන්ස්ටයිල්) මේ සීන් එක ගමේ "බ්‍රැන්ඩික්ස්" එකේ වෙච්චි වැඩක්..මේ ආයතනයේ ලන්ච් එක අරන් ගැණු ළමයි හැමදාම කොන්ක්‍රීට් බැම්මක් උඩ වාඩිවෙලා ඉන්න පුරුදුවෙලා තිබුණා...බ්‍රැන්ඩික්ස් එක පිහිටලා තිබුණේ කන්දක් උඩ.මෙහෙම චෑන්ස් එකක් එන්නේ කල්පෙකට එකයි කියලා නන්දේ කන්දෙන් පල්ලෙහා තියන පොල් ගස් උඩ නැගගෙන උඩ බැම්ම දිගේ වාඩිවෙලා ඉන්න ගෑණු ළමයි දිහා බලන් හිටියා...දවසක් කෙල්ලෙක් ඒක දැකලා තිබුණා..කෙල්ලො කොල්ලන්ට කියලා කොල්ලො ඇවිත් බලනකොට මූ ගහෙන් සුරුස් ගාලා ලිස්සලා.

පස්සෙ ලන්ච් ටයිම් එකේදි කොල්ලෝ කෙල්ලන්ට අනතුරු ඇඟවීමක් කරනවලු "මේ රුක් දෙයියෝ වඩින වෙලාව...උඹලා බැම්ම පැත්තෙ යනවා නෙවෙයි" කියලා.. 

(සිරාස්ටයිල්) නන්දෙගෙ පව්ලේ බිරිඳ,දූලා දෙන්නා සහ පුතා තමයි හිටියේ.ගමේ මිනිස්සු නොයෙක්වර දැක තිබෙනවා තමන්ගේම ලෙයින් ජාතක වෙච්ච දූලා නාන දිහාත් නන්දෙ බලන් ඉන්න හැටි.ඒ විතරක් නෙවෙයි තමන්ගේම බිරිඳ නාන දිහාත්.එය නම් ඉතාම ශෝචනීයයි.නන්දෙගෙ පුතායි මායි ඉගෙනගත්තේ එක කැලෑසියේ.පුතාට නම් එවැනි ගති පිහිටලා තිබුණේ නෑ වාසනාවකට.බොලාට කියන්න ඒ ගෑණු දැරිවියො දෙන්නගෙන් එක්කෙනෙක් පව්ලත් කඩා ඉහිරවගෙන කොහේදෝ රටකට ගියා දරුවෙකුත් දාලා.අනිත් දැරිවිට ඇගේ සැමියා අලුත් අවුරුද්දට බුලත් දෙන්න වත් ගෙදරට එන්න තහංචි පනවලයි තියෙන්නේ..බිරිඳත් කොහේදෝ රටක ගියා ගියාමයි.දෙමව්පියෝ කොරන වැරදි බලපාන්නෙ දරුවන්ට කියලා කියන්නෙ ඔන්න ඕකයි.

(රයිටර්ස්ටයිල්) කොරන්ඩ පුලුවන් කුප්පකම් ටික ඔක්කොට කොරාට මොකද නන්දෙ පාරෙ යන්නේ හරියට 365 දවසෙම උතුරු සලුව කරේ ඔතාගෙන හකු පයිනකං බුදුහාමුදුරුවෝ ඉස්සරහ ගාථා කියන ගානට.ඊට වඩා කුප්ප කට කැඩිච්චි එකා වෙච්චි හන්දද මන්දා රෙහානියා දවසක් දා ගිනි මද්දහනේ මහ සෙනගක් මැද්දේ ගිරිය පුප්පලා "ඈ නන්දෙ මාමේ දොළ පැත්තෙ ගියෙ නැතෙයි " කියලා නන්දෙ ගෙන් අහන්ඩ උනහම උණ්ඩුක පුච්චෙ ඇඹරිලා ,කට අක්කරේට ඇදකොරගෙන යන උන්දැ දිහාව දකිනකොට රෙහානියට අනුවේදනීය හැඟිමක්ද මොකද්ද එක දැණුනේ නැතුවමත් නෙවේ.ඕකාට කොරන්ඩ ඕන ඔය වගේ ඒවා මයි කියලා හිත යටින් හැපි හැපි අමුතු සුවයකුත් වින්ඳා.

(රජාස්ටයිල්) නන්දේගේ මානසික රෝගයේ තරම විදහා පාන ඉටිකිරිස් සිදුවීමක් උනේය.එනම් දවසක් මේ ඩයල් එක දුරු කතර ගෙවාගෙන වෙනත් ගමකට සේන්දු වී තිබුණේය.ඒ තම එකම අභිප්‍රාය ඉටු කර ගැනීමටය.ඩයල් එක එන්ටර් වී තිබුණේ නාන තොටුපලකටය.එතරම් කැලෑබද නොවූ නිසා අවාසනාවට ඇත්ත කතාවක් සිදු වුනේය.ගැණුන්ට නන්දෙව මීටර් වෙලාය.ගෑණු හුනුහබ්බෙන් දෙසන ගමන් නන්දෙව අල්ලාගෙන තඩිබාලාය.ඒ මදිවට ගහකත් ගැට ගහලාය.ගෑනුන්ගෙන් මදිවට පිරිමින්ගෙන්ද ගුටි මාලාවක් ලැබිලාය.අනේ සාදුය.එහෙම හිතුවාට වැඩක් නැත.ආයෙත් පොර පෙර සේම වැඩට බැස ඇත.

(හිරූස්ටයිල්) වටු නන්දෙගෙ බිරිඳට කියමු කමලා කියලා...  කමලා ලංකාවේ ඉන්නවට වඩා හිටියේ සෞදි අරාබියේ..  ළමයි බලාගත්තේ කමලාගෙ අම්ම...  නන්දෙ පතල්වල වැඩ කරනව...  කමලා එක පාරක් ඔහොම ඉඳලා ලංකාවට ආවා...අම්මපා මේ ගෑණි ලංකාවෙ ඉන්න ටිකට (මාසයක් වගේ හිටියේ) වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා...  හී හී ..........ඒ ගියාට පස්සෙ ආපහු ආවෙ නෑ...  ආයෙත් රට ගියා කියලා තමයි ආරංචිය... කමලාගෙ ලොකු දූ කසාදෙ අතෑරලා ළමයෙකුත් දාලා ජෝර්දාන් ගියා... එයත් ආපහු ආවෙ නෑ... මට හිතෙන්නෙ එහෙම පව්ල් පසුබිමක් හැදුනෙ එකට ප්‍රධානම හේතුව තාත්තගෙ ක්‍රියා කලාපය කියල...කොහොම උනත් ඒ පවුලෙන් ගන්න දෙයක් නෑ දැන්...

(බස්සිස්ටයිල්)මේ නන්දේ හුරතලේට ගෙදර ඇති කරා මයිනෙක්.උදේ හවස ශුද්ධ සිංහලෙන් කතා කොරන ඒවා මයිනට ඉතිං කටපාඩම් නෙව.ඔය වටු නන්දෙට වට්ටා කියලා කියන තරම් කේන්තියක් යන්නෑ වෙන මොහොකටවත්.ගෙදර මිනිස්සු එක්ක ජල්ලි අල්ලලා අන්තිමේ නන්දෙ මයිනාටත් සත්තම දාන්ට තමයි ට්‍රයි එක.සූටි මයිනා වේලිලා ගිය කෝටුවක් උඩ සැපට දොයියගෙන ඉන්නකොට නන්දේ මයිනාට බැනගෙන බැනගෙන යන්ට පටන්ගන්නවා.මාරාවේෂ මයිනා අතාරින්ට සූදානමකුත් නෑ...වට්ටගෙම මයිනා නෙව.


නන්දේ  :  තෝ දැනගං මට තෝ ලොකුත් නෑ..
මයිනා  :  තෝ දෑගං මට තෝකුත් නෑ

නන්දේ :  ඈ........කාටද යකෝ උඹ තෝ කිව්වෙ?
මයිනා   : ඈ කාටකෝ ඹ ඕකිව්වෙ

නන්දේ :තෝ එකට එක කියන්ඩ මට...! ගහනව අල්ලල පොළවේ දැනගං..
මයිනා :තෝ කට කීන්ඩ මට..ගානාල්ලාපොලේ දැන්ගං

නන්දේ : වර &^%$#$ එළියට....
මයිනා : ගෙරි වට්ටෝ.....ගෙරි වට්ටෝ......


ප.ලි. ::: ඔන්න වටු නන්දෙගෙ කතාව දැනට අහවරයි...අලුත් දෑ ආරංචි උනහම කියන්නම්කො.කාටවත් කාගෙවත් ආරකින් ලියන්න කොච්චර අමාරුද කියලා තේරුණේ මේ පෝස්ටුව ලියන්ට ගිහිං.අවන්කවම කියන්න ඕනේ මට මේ කාගේත් ආරකින් හරියට ලියාගන්න බැරිඋනා.ඒ කීන්නේ මගේ උත්සාහය අසාර්ථකයි.බොලල්ලා ඇවිදින් මට බනින්ට එහෙම එපා ඕං.යන්තං වචනයක් දෙකක් අල්ලගෙන තමයි ලීවේ.වැඩියෙන්ම කට්ට කෑවේ පැතුම්ගෙ ස්ටයිල් එක ලියන්ට ගිහින් ...අපෙ අප්පේ........ඔන්න අලුත් අවුරුද්දෙ අලුත් වෙනසක් කොරන්ටයි උත්සහා කොළේ හොඳේ...එකිනෙකට වෙනස් ආරවල් ටිකක් තමයි තෝරගත්තේ...තව ආරවල් ලියන්ට ගියානම් මඥ්ඥං වෙන හන්දා නිකන් හිටියා...හික්ස්..

පින්තූරය ගූගල් වෙතිනි

Friday, July 12, 2013

ගිජු කතාව සහ නිල් යකා ..

ඒ දවස්වල අපේ ගෙවල් වලට කරන්ට් දීල නෑ , අපිට ගෙවල් තුන හතරකට එහායින් තිබුන සුනිල් මාමලාගේ ගෙදරට කරන්ට් එක තියනවා ...ඒ කියන්නේ මීටර් හාරසියයක විතර දුරින් වගේ .ඉතිං ඔය කාලේ අපි ටෙලි නාට්‍ය බලන්න යන්නේ සුනිල් මාමගේ දිහාවට .එතකොට අහුවෙන්නේ එක චැනල්  එකයි ..ජාතික රුපවාහිනිය විතරයි .ඉතින් 8.30 ටෙලි නාට්‍ය බලන්න අපි එහාට යනවා සමහර දාට ..දවසක් අපේ අය්යා අපිට එහා පැත්තේ ගෙදර සඳුන් අය්යත් එක්ක ගියා නාට්‍ය බලන්න ,තාත්තගෙනුත් අවසර අරං .එතකොට දෙන්නගේ වයස කියනවනම් අපේ අය්යට අවු ;12 ක් ,සඳුන් අය්යට අවු ;15 ක් වගේ .මං හිතන්නේ ඔයාලට මතක ඇති ඉස්සර ගියපු "ගිජු " කතාව .ජයසේකර අපෝන්සු රඟපෑවේ .ඒක තමයි එදා බලන්න දෙන්න එක්ක ගියේ
                                                                                      මට මතක හැටියට වෙලාව 7.45 විතර ඇති, '"බුදු  අම්මේ මට නිල් යකා ගැහුවෝ " කියාගෙන අය්යා ගෙදර ආපි .මායි තාත්තයි මල්ලියි එතකොට ඇහැරලා හිටියේ ..මල්ලියි මමයි අපිට හොල්මං උනා වගේ කටවල් ඇරන් බලන් ඉන්නවා .අය්යා  හොදටම බය වෙලා වෙව්ලනවා .,අඩනවා .අපේ අප්පොච්චත් මොකද කොලේ දන්නවද?කුස්සිය මුල්ලේ තිබුන ඉලපතක් හොයාන ඇවිත් අය්යාගේ පිටට ගහගෙන ගහගෙන ගියා .අපේ තාත්තලාගේ විශ්වාසයක් තියනවා බය වුන කෙනෙකුට ඉලපතෙන් පහර දුන්නම බය  ඇරෙනවා කියලා ..මෙලෝ දෙයක් නොතේරෙන මම අඩන අය්යාට ගහන තාත්තට හිතින්  බැන බැන අඩ අඩා බලන්  හිටියා .තාත්තා අය්යාට  නූලක් මතුරවලා දාල පස්සේ හෙමින් සීරුවේ  ඇහුවා මොකද රෑ උනේ කියලා
"බුදු  අම්මේ මට නිල් යකා ගැහුවෝ "
                                                                                                              " මම කතාව බල බල ඉන්නකොට සඳුන් අය්යාට කතාව බලන්න කම්මැලියි කියලා මට ගෙදර යන්න අඬගැහුවා , මං කිවුවා බැහැ ඔයා යන්න කියලා , මොකද මං හොල්මං කතාවට ගොඩක් ආසයිනේ ..එහෙනං උඹ බලලා වරෙන් කියලා එයා ගියා .මං කතාව බලලා තනියෙන් එනකොට මගදී කරුවලේ බය හිතුනා .ඉතිං මං අත්  දෙකෙන්ම මුණ වහන් ඇඟිලි කරු අතරින් බල බල ආවේ ..අපේ ගෙට එහා වංගුවේදී (එතන පෙරේත තටු දාන තුන් මං හන්දියක් ) උඩහ පාරෙන් කවුදෝ එකෙක් කෑ ගහගෙන මයේ ඇඟට පැන්නා .ඌ මට පෙනුනේ නිල් පාටින් " අය්යා බිය මුසු මුහුණින් විස්තරේ ප්‍රකාශ කරාන ගියා .                            ***************************************************                                                                                                                ප .ලි .   ::::::::::::  අපේ විද්වත් උදවිය හොල්මං පිළිගන්නේ නෑ නේද ආයිබෝවන් .. :D   හැබැයි , අපේ අය්යා දැක්කේ හොල්මන තමයි සඳුන් අය්යා :D එයා අඬ ගහද්දි අපේ අය්යා ආපු නැති කේන්තියට තමයි එහෙම කරලා තියෙන්නේ .අය්යාට බයට මතක් වෙලාත් නැහැ සඳුන් අය්යා ඇඳගෙන හිටියේ නිල් පාට ටී ෂර්ට් එකක් කියලා .මේං පහුවෙනිදා විස්තරේ වමාරලා සඳුන් අය්යා "ගණන් ගන්න එපා මචං පොඩි විහිළුවක් කලේ " කියපි . අනේ ඉතිං අපේ අප්පොච්චා හන්දා හොඳයි ඉතිං :D  
"ගණන් ගන්න එපා මචං පොඩි විහිළුවක් කලේ "