ලා දම් අහසට පායන උදවිය ..
Showing posts with label කවි වගේ ඒවා. Show all posts
Showing posts with label කවි වගේ ඒවා. Show all posts
Wednesday, August 6, 2014
නියඟය සහ රජයේ සේවකයෝ...
අප්පච්චි කුසගිනි නිවෙවුවේ
කුඹුරු හාලේ බත් එක්ක
කට්ටා කරවල හොද්ද
කන්න දී අපට
අඳේට ලැබුණු
කුඹුරට පිං සිද්ද වෙන්ට..
රබර් සෙරෙප්පුවෙන්
විලුඹේ ඇනෙන ගල්
කතා කරන්න ඇති
අපි වින්ද දුක්
ඉස්කෝලේ මහතත්තෑන්
කිස්කන්න දුන් කෝටු පාරේ
අප්පච්චි තෙල් ගෑවේ ,
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."
මං දහදුක් විඳලා
උනා රජයේ සේවකයෙක්...
යන්තං අට පාස් මගේ අයියණ්ඩිත්
දැන් සොල්දාදුවෙක්.
රජයේ සේවකයෙක්...
"අද ඉදන් ජනසවි නෑ
සමෘද්දී නෑ ...."
"අනේ ඇයි රාලහාමි..."
"ඇයි අහන්නේ...?
ගෙදර රජයේ සේවකයෝ දෙන්නයි..."
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."
කියපු අප්පච්චිගේ කට
යතුරු වැටිලා වාගෙයි අද..
අපට කන්න දීපු අප්පච්චිගේ
අඳ කුඹුරත් නෑ අද..
නියං සායට ඉරිතලා ඇත
සේ ජිවිත අපගේ....
බොන්න වතුරත් කඳුකරෙන්ලු..
අර සංවිධාන
මේ සංවිධාන
දෙයි සහනාධාර සිමයියලාට,රෝසක්කලාට...
අප්පද බොල ....
කෝ අපට සහනාධාර ?
එහෙම නෑ සහනාධාර...
රජයේ සේවකයන්ට...
උගේ ආච්චිට හාල් ගරන්ඩ
ඇයි යකෝ........
නියඟේ පොදු නැද්ද අපට...
රජයේ සේවකයෝ!!
අපි ඔටුවොද
කාන්තාරේ ලගින..?
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."
අනේ එහෙම කියපු මගේ අප්පච්චිගේ කට,
කජු ලෙල්ල වාගේ අද හරියට...!
Subscribe to:
Posts (Atom)
