උඹලගේ චීත්ත පස්සෙ ඇවිදපු එකේ ආනිසංස....බලහං කට කපලා එන්නෙ...' මිල්හාන් පැවසුවේ ඈතින් එන කලවාන බසයක් පෙන්වමින්.
සශ්මික කිසිත් නොකියාම මිල්හාන් සමග පාපුවරුවේ එල්ලුණා.
************************************************
සශ්මික ගෙදරට එද්දී සවස තුන හමාරත් පහුවෙලා තිබුණා..තමන්ගේ උසට වඩා විසල් ගේට්ටුව ඇරගෙන සශ්මික ගෙවත්තට ඇතුල් උනා.. අක්කලා දෙන්නා වැඩ ඇරිලා ගෙදරට එද්දී හිනා කටක් පුරෝගෙන මග බලන අම්මා කවදාවත් තමං එනකං මේ අවුරුදු දහසයටම මග බැලුවේ නෑ...අදත් එහෙම මග බලන්නෙ නෑ කියන දේ දන්නවා උනත් සශ්මික හිත රවට්ටගන්න වගේ එහෙම හිතලුවකුත් එක්ක අදත් ගෙයි උලුවස්ස දිහා බැලුවා...වෙනදා හිතේ ඇතිවෙන හිස් හැඟුමත් එක්ක ගෙට ඇතුල් උන සශ්මික කොහෙදෝ ඉඳන් දිව ආව පොමනේරියන් වර්ගයේ ලැසීගේ ,ආදරයෙන් ඔලුව අතගෑවා..මේ අපායේ කාටත් නැති සෙනෙහසක් ලැසීට තමන් ගැන ඇති බව සශ්මිකගේ හිතට හැඟුනේ බල්ලන්ට ඇති යහ ගුණ වත් මේ ගෙදර අම්මාට ,තාත්තාට , අක්කලාට නැත්තේ ඇයි කියලා හිතන ගමන්..
සශ්මික නා කියාගෙන ඇඳුමක් ඇඟ ලා ගෙන නාන කාමරයේ දොර හරින විට ගෙදර වැඩ කරන සිරිදාස සශ්මිකගේ කෑම පිඟාන වතුර වීදුරුවද සමග කාමරයෙන් තබා පිටත්වන්නට සැරසුනා පමණි..,
සිරිදාස.......
ඇයි චූටි මහත්තයෝ....' සිරිදාස කවදත් සශ්මිකට කතා කළේ නම්බු දී හිස නමා ය.
කෝ අම්මා? සශ්මික එය ඇසුවේ පුරුද්දට මෙනි..ලඟක සිට අම්මා කෑම මේසයට තමන්ට කෑම අරින්නේ ද නැති බව දැන් ඔහු අත්දැකීමෙන් දනී..
අම්මාවරුන් මතු බුදු වන බව සශ්මික නොයෙක් වර අසා තිබුණත් මෙවැනි අම්මා කෙනෙකු පිළිබඳ වරෙක සශ්මිකට අදහාගන්නත් බැරි තරම්.ලඟකදී පටන් අම්මා බොහෝ සෙයින් වෙනස් වී ඇත.මේ වෙනස සශ්මිකට කුඩා කල පටන් දැනෙන වෙනසක් වුවද අම්මා බොහෝ විට තමන් පිළිබඳ අන් අයට වඩා සිතූ බව ඔහුට මතකය,..
"ලොකු නෝනා කාමරේ..........මොකක් හරි වැඩක් ඇති චූටි මහත්තයෝ..," සිරිදාස කියුවේ සශ්මිකගේ හිත හදන්න වගේ...
හරි සිරිදාස දැන් යන්න...." සිරිදාසට සශ්මික කතා කලේ කරුණාවන්තව. සිරිදාස තමන්ගේ අප්පච්චිටත් වඩා වැඩිමහල් අයෙකු නිසා සිරිදාසගේ නම කියලා කතා කලා උනත් ඔහු ගැන ගරුත්වයක් සශ්මිකගේ හිතේ තිබුණා..
තමන්ට මතක ඇති වයසේ පටන් තම නිවසේ මෙහෙකරුවෙක් වන සිරිදාස තමන්ට ගෙදර අයගෙන් වන අකටයුතුකම් ගැන හොඳින් දන්නා බව සශ්මිකට වැටහී ගියේ දිනක් පව්ලේ තමන් හැර අනෙක් සිව්දෙනා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් රූපවාහිනිය නරඹන අවස්ථාවක නිකමට වගේ එතැනට ගොස් වාඩි උන පසුව සියලු දෙනා අසතුටින් තම කාමර වෙත යද්දී සශ්මිකගේ ඇස්වල දුකට පිරුණ කඳුළු දිහා බලාන "චූටි මහත්තයා ඕවා ගණන් ගන්නෙපා.., දෙය්යෝම මේවා බලාගනී" කියමින් සිරිදාස තමන්ගේ හිත හැදූ අයුරු මතකයට එන විටදීය.
සශ්මික බත් පතට අතවත් නොතියා අම්මාගේ කාමරයට එබුණා.නමුත් අම්මා එහි නොමැති නිසා කුස්සිය පැත්තට ගියේ අම්මා මොනවා කරනවා ඇතිදෝ කියා දෑසින්ම බලාගන්න..යද්දී අම්මා මැෂින් එකකුත් එක්ක ලොකු යුද්ධයක්...මොකක් නමුත් අමුත්තක් ඇති බව ඔහුට තේරුණා..
කුස්සියේ විනාඩි පහකට දහයකට වඩා කාලය ගතකල ඔහු අම්මාගේ හැසිරීම් දෙසම බලා උන්නත්, අම්මා අම්මාගේ වැඩේ මිසක තමන් ආ වග සත පහකවත් මායිම් නොකළ වග තේරුණත් සශ්මික කරබාගෙන උන්නා..
"අම්මා මොනවා හරි හදන්නද යන්නේ? .. එතෙක් වේලා ඔහුගේ මුහුණවත් නොබලා සිටි අම්මාගෙන් එය ඇසුවේ නිහඬව හිඳ බැරිම තැන.
හ්ම්ම්..........' ඇය පිළිතුරු දුන්නේ සම්පූර්ණ අවධානය තමන්ගේ වැඩේට යොදවා ඇතියැ'යි කියන්න වගේ.
මොනාද හදන්නේ?
කේක්...
'ශා.......නියමයිනේ.... මොකද්ද විශේෂත්වේ?' සශ්මික එවර ඇසුවේ ඇත්තටම හිතේ කහටක් නැතිව..
"තමුසෙට මතක නැති උනාට අද ලොකු අක්කගේ උපන් දිනේ...හවස් වෙනකොට එයාගේ යාළුවෝ ඒවි....ඔන්න ඉස්සරහට ඇවිත් අක්කගේ මූඩ් අප්සට් කරනවා එහෙම නෙවෙයි....දන්නවනේ අක්කගේ හැටි..කාමරේට වෙලා ඉන්නවා ඒක හන්දා..."
අක්කලාගේ පමණක් නොව දැන් තමන් අම්මාගේ හා තාත්තාගේද හැටි දන්නා බව කියන්නට සිතුණත් සශ්මික කර බා ගෙන නැවත කාමරයට එන්න සැරසුණා...
'මේ........ඔහොම ඉන්නවා....., අර එහා කඩෙන් ක්‍රේප් පටියි , බැලුම් බෝල ටිකකුයි අරං එනවා...ෆ්‍රිජ් එක උඩ සල්ලි ඇති....'අම්මාට තමන්ට පුතේ කියා කතා කරන්නට බැරි ඇයි දැයි අසන්නට සිතුණත් සශ්මික ඒ හැඟීමද යටපත් කරගත්තා..
අර සිරිදාස ඉන්නේ යවන්න........මට බෑ යන්න කඩේ....' සශ්මික කීවේ කේන්තිය මුසු හැඟීමකිනි...
සිරිදාසට මම ලොකු වැඩක් පැවරුවා....තමුසේ ගිහිං එනවා...'
මව නැවත නැවත කීවද සශ්මික කඩේ යැවීම කරගැනීමට නොහැකි උනා.
****************************************************
විදුලි මේස ලාම්පුව දල්වාගෙන පොතක අකුරු අතරේ සැරිසරමින් උන් කෂිනි මොහොතකට ඉන් ඇස් ඉවතට ගත්තා...ජනෙල් කවුලු අතරින් කාමරයට වැටුන හඳ එළිය කහ පාටින් දිදුලන්නට උනා..ඇය ජනෙල් පියන් පතක් විවර කර නිකමට වගේ අහස දිහාව බැලුවා..තරු පොකුරු අහසේ පිපිලා තිබුණ අපූරුව දැක්ක ඇගේ හිත අමුතු ප්‍රබෝධයකින් පිරී ගියා... පේන්න තිබුණ හඳේ තුන් කාලක පමණ කොටස කියා පෑවේ පසළොස්වක ළඟ ළඟම එන වග...මේ පුංචි තරු පොකුරුවලට මෙච්චර ලොකු එළියක් කොහෙන්ද කියලා කෑගහලා අහසෙන් අහන්න තරම් බොළඳ අදහසක් ඇගේ හිතට එකවරම ආවා..
ඇගේ සිතුවිලි බිඳිලා ගියේ පිළිකන්න පැත්තෙන් ඇහුන මිනිසුන් දෙතුන් දෙනෙකුගේ අඩි ශබ්ද කිහිපයකින්.ඒත් එක්කම පුංචි කසු කුසුවක්..!
ටක් ටක් ටක්.................
කවුදෝ දොරට ගහන හඬක්....!
"සීතක්කේ.....................සීතක්කෙ දොර ඇරහං"
කතා කරන උන් කතා කලේ රහසින් වගේ ,හරියට මිනියක් මරලා ඇවිත් හැංගෙන්න හදන ගානට
"මට ඇහුණා බං..........ඔය දොර කඩන්නැතුව ඉඳහං...." අම්මා මැසිවිලි නගමින් දොර හැර ඔවුන් සමග කුටු කුටු ගාන්නේ මොනවාදැයි කෂිනිට අරුමයක් නැත...අවුරුදු දහසයක් තිස්සේ මේවැනි සිදුවීම් කොතෙකුත් නම් මේ වහල යට වන්නට ඇතිද?ඇස් කන් පියාගෙන සිටියා මිස මව සමග වාද කිරීමට කිසි දිනෙක ඇය සිතුවේවත් නැත..
"ජානක අය්යා කිවුවා බඩු වගයක් ඇති සීතක්කගෙං ඉල්ලං එන්ඩ කියලා.."
ඔහොම ඉදහං පොඩ්ඩක්...." යැයි කී සීතා ඇඳ යටින් ගත් ගෝනි දෙකක් ආ උන්ගේ අතේ තැබුවා.
සීතක්කෙ ගස්ලබු මල්ල කොයි?
ඔය ගෝනියක් ඇතුලෙම ඇති....දැන් ඉතිං පලයල්ල මෙතන තැක් ගැහි ගැහි ඉන්නැතුව..ඉක්මං කොරාලා..." සීතා ඒසේ කියා වහා දොර වසාගෙන විත් කෂිනිගේ කාමරයට එබුණා..
මයෙ කෙල්ලේ........." සීතා ඇයට කතා කරන්නේ එසේමය.සීතාට උන් එකම දරුවා කෂිනිය.එම නිසාවෙන් සීතා ඈ පණ මෙන් රැක්කාය.
දැන් ඔය මදැයි පාඩම් කොලා....දැන් එකොළහත් පහුවෙලා මයෙ හිතේ,මා පුතා නිදාගන්ඩ..." එසේ කී සීතා කෂිනිගේ ඇඳ අසලින්ම එහා පැත්තට වෙන්න ට දමා තිබුණ අනෙක් ඇඳේ හාන්සි විය.
*****************************************************
"මොකද බන් මොනාද කාපු මොකාද වගේ ඉන්නෙ....කිසි ගතියක් නෑනෙ.." මිල්හාන් සශ්මිකගෙන් ඇහුවේ පහුවදා ඉස්කෝලේ පරණ ගුරු නිවාසෙ පිටුපස අයි ටී පීරියඩ් එක කට් කරගෙන ඉන්න ගමන්...
"ඒ ...ඊලඟ පීරියඩ් එක ඉංග්‍රීසි නේද? ' මිල්හාන් ඇහුවේ උදාන් දිහාව බලලා.
"හා.......පෝ ඔවු.., මේ මට නං බෑ වීරසිංහ කාරයගේ කියවිල්ල අහගෙන ඉන්න... නයිජීරියාවෙ වැද්දොත් එක්ක කතා කරනවා වගේ මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ..උඹලාට ඔන්නම් පලයන් මම මෙතනම ඉඳලා එන්නං.... " උදාන් දැඩි ලෙස විරෝධය පල කලා..
"උඹ හිතන්නේ අපිට යන්න ඕන කියලද?" මිල්හාන් අහන්නේ කට කොනකින් හිනාවෙන ගමන් ,
"මේ මේ පිස්සු නටන්නෙ නැතිව යමල්ලා පංතියට...." නිහඬව හිටි සශ්මික යාළුවන්වත් ඇදගෙන පංතියට එන්න උත්සහ කලා..
"මේ සශ්මිකයා ,උඹ ෆ්‍රිපානේ ..........උඹ පලයන් ...අපි එන්නෑ...." උදාන් කීවේ ස්ථාවර ස්වරයකින්...
"අන්න අන්න මචෝ..............රෝන් ටෝක් එකක් උඹ දුන්නේ , එහෙනම් මිල්හානුත් ප්‍රිෆෙක්ට්නේ..." සශ්මික කීවේ පරාජිත හැඟීමකින්..
'හරි ඉතිං ඌට යන්න උවමනාවක් නෑනේ...'
"දිලීප....,දීපාල්...උඹලටත් පංතියට යන්න ඕනි නැද්ද?" සශ්මික ඇහුවේ අවසාන තීරණය ගන්න පෙරාතුව...
නිවුන් සහෝදරයින් වන ඒ දෙපලත් ඔලුව වැනුවේ අවශ්‍ය නැතයි කියන්නට වගේ....
'හරි ඔන්න එහෙනං මාත් හිටියා...." සශ්මික අවසානයේ කීවා...
"මෙතන විනාඩි හතලිස් පහක් අපි මොකෝ බං කරන්නේ...?? මිල්හාන් ඇහුවේ පිරිසගෙන්ම..
ගුරු නිවාස වැට මායිමෙන් එහා පැත්තේ පිහිටි ජේමිස් අංකල්ලගෙ වත්තේ උස පොල් ගහක දිලිසි දිලිසි තියන කුරුම්බා වලු දෙක තුන උදාන්ගේ ඇහැ ගැටුනේ කරන්නට යමක් සිතමින් වට පිට බලනා අතරේ...
ඇගේ සිතුවිලි බිඳිලා ගියේ පිළිකන්න පැත්තෙන් ඇහුන මිනිසුන් දෙතුන් දෙනෙකුගේ අඩි ශබ්ද කිහිපයකින්.ඒත් එක්කම පුංචි කසු කුසුවක්..!
ටක් ටක් ටක්.................
කවුදෝ දොරට ගහන හඬක්....!
"සීතක්කේ.....................සීතක්කෙ දොර ඇරහං"
කතා කරන උන් කතා කලේ රහසින් වගේ ,හරියට මිනියක් මරලා ඇවිත් හැංගෙන්න හදන ගානට
"මට ඇහුණා බං..........ඔය දොර කඩන්නැතුව ඉඳහං...." අම්මා මැසිවිලි නගමින් දොර හැර ඔවුන් සමග කුටු කුටු ගාන්නේ මොනවාදැයි කෂිනිට අරුමයක් නැත...අවුරුදු දහසයක් තිස්සේ මේවැනි සිදුවීම් කොතෙකුත් නම් මේ වහල යට වන්නට ඇතිද?ඇස් කන් පියාගෙන සිටියා මිස මව සමග වාද කිරීමට කිසි දිනෙක ඇය සිතුවේවත් නැත..
"ජානක අය්යා කිවුවා බඩු වගයක් ඇති සීතක්කගෙං ඉල්ලං එන්ඩ කියලා.."
ඔහොම ඉදහං පොඩ්ඩක්...." යැයි කී සීතා ඇඳ යටින් ගත් ගෝනි දෙකක් ආ උන්ගේ අතේ තැබුවා.
සීතක්කෙ ගස්ලබු මල්ල කොයි?
ඔය ගෝනියක් ඇතුලෙම ඇති....දැන් ඉතිං පලයල්ල මෙතන තැක් ගැහි ගැහි ඉන්නැතුව..ඉක්මං කොරාලා..." සීතා ඒසේ කියා වහා දොර වසාගෙන විත් කෂිනිගේ කාමරයට එබුණා..
මයෙ කෙල්ලේ........." සීතා ඇයට කතා කරන්නේ එසේමය.සීතාට උන් එකම දරුවා කෂිනිය.එම නිසාවෙන් සීතා ඈ පණ මෙන් රැක්කාය.
දැන් ඔය මදැයි පාඩම් කොලා....දැන් එකොළහත් පහුවෙලා මයෙ හිතේ,මා පුතා නිදාගන්ඩ..." එසේ කී සීතා කෂිනිගේ ඇඳ අසලින්ම එහා පැත්තට වෙන්න ට දමා තිබුණ අනෙක් ඇඳේ හාන්සි විය.
*****************************************************
"මොකද බන් මොනාද කාපු මොකාද වගේ ඉන්නෙ....කිසි ගතියක් නෑනෙ.." මිල්හාන් සශ්මිකගෙන් ඇහුවේ පහුවදා ඉස්කෝලේ පරණ ගුරු නිවාසෙ පිටුපස අයි ටී පීරියඩ් එක කට් කරගෙන ඉන්න ගමන්...
"ඒ ...ඊලඟ පීරියඩ් එක ඉංග්‍රීසි නේද? ' මිල්හාන් ඇහුවේ උදාන් දිහාව බලලා.
"හා.......පෝ ඔවු.., මේ මට නං බෑ වීරසිංහ කාරයගේ කියවිල්ල අහගෙන ඉන්න... නයිජීරියාවෙ වැද්දොත් එක්ක කතා කරනවා වගේ මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ..උඹලාට ඔන්නම් පලයන් මම මෙතනම ඉඳලා එන්නං.... " උදාන් දැඩි ලෙස විරෝධය පල කලා..
"උඹ හිතන්නේ අපිට යන්න ඕන කියලද?" මිල්හාන් අහන්නේ කට කොනකින් හිනාවෙන ගමන් ,
"මේ මේ පිස්සු නටන්නෙ නැතිව යමල්ලා පංතියට...." නිහඬව හිටි සශ්මික යාළුවන්වත් ඇදගෙන පංතියට එන්න උත්සහ කලා..
"මේ සශ්මිකයා ,උඹ ෆ්‍රිපානේ ..........උඹ පලයන් ...අපි එන්නෑ...." උදාන් කීවේ ස්ථාවර ස්වරයකින්...
"අන්න අන්න මචෝ..............රෝන් ටෝක් එකක් උඹ දුන්නේ , එහෙනම් මිල්හානුත් ප්‍රිෆෙක්ට්නේ..." සශ්මික කීවේ පරාජිත හැඟීමකින්..
'හරි ඉතිං ඌට යන්න උවමනාවක් නෑනේ...'
"දිලීප....,දීපාල්...උඹලටත් පංතියට යන්න ඕනි නැද්ද?" සශ්මික ඇහුවේ අවසාන තීරණය ගන්න පෙරාතුව...
නිවුන් සහෝදරයින් වන ඒ දෙපලත් ඔලුව වැනුවේ අවශ්‍ය නැතයි කියන්නට වගේ....
'හරි ඔන්න එහෙනං මාත් හිටියා...." සශ්මික අවසානයේ කීවා...
"මෙතන විනාඩි හතලිස් පහක් අපි මොකෝ බං කරන්නේ...?? මිල්හාන් ඇහුවේ පිරිසගෙන්ම..
ගුරු නිවාස වැට මායිමෙන් එහා පැත්තේ පිහිටි ජේමිස් අංකල්ලගෙ වත්තේ උස පොල් ගහක දිලිසි දිලිසි තියන කුරුම්බා වලු දෙක තුන උදාන්ගේ ඇහැ ගැටුනේ කරන්නට යමක් සිතමින් වට පිට බලනා අතරේ...
ඉස්කෝල වත්තෙන් එපිටට වන්නට පහළ බෑවුමක ජේමිස්ගේ ඉඩම පිහිටි නිසා ගුරු නිවාසය පිටුපසට ගොස් බැලුවොත් මිසක ජේමිස්ගේ ඉඩම පාසලට දිස් නොවේ...
"අපි කුරුම්බා බොමු...." උදාන් යෝජනා කළා..
කුරුම්බා...............? කොහෙන්ද? දීපාල් ප්‍රශ්න කළා..
ඇයි බං ජේමිස් අංකල්ලගේ වත්තේ අර තියෙන්නේ දිලිසි දිලිසි..
"පිස්සුද උඹට.......අහු උනොත් එහෙම විලි ලැජ්ජයිනේ බං, ඊටත් කුරුම්බා බීලා.." සශ්මික ඇහුවේ උදාන්ගෙන්..
"ආයේ කාට අහුවෙන්නද?........අහු උනත් ගානක් නෑ බං..ජේමිස් අංකල්ලා අපේ ඥාති වෙනවා.ඕවා කැඩුවට මට මුකුත් කියන්නෙ නෑ.." උදාන් කියවාගෙන ගියා..
"ඇයි යකෝ කලිං කියන්න තිබුණනේ....යමං යමං " මිල්හාන් කට්ටියවම ඇදගෙන වැට පැන්නා...
ෂුවර් එකටම පිනාට මාට්ටු වෙලා චාටර් කන්න වෙන වැඩක් මේක නං මචෝ" සශ්මික පසුබැස්සා.
මොකද්ද බං උඹ නිකං රබර් එක වගේ උනානේ.....කට වහගෙන මෙන්න මෙහෙ වර යන්න..." මිල්හාන් සශ්මිකවත් ඇදගෙන වත්ත කෙලවරට ගියා..
දැං කවුද ගස් නගින්නේ?" ඒ පැනය දිලීපගෙන්..
ඇයි මේ රත්තරං කඳක් වගේ බොලල්ලගේ අයියණ්ඩිය ඉන්නේ..." උදාන් කීවේ මුරුංගා අත්තේ තියලා..
"අනේ මට බෑ...." ගත් කටටම දීපාල් කීවා....
යකෝ පීරියඩ් එක ඉවර වෙන්න කලිං පලයන් ගහේ....." එහෙම කියපු උදාන් බලෙන්ම සුදු කමිසය ගලවා බැනියම පිටින් දීපාල් ගස් නැග්ගුවා...
ඔන්න ජේමිස් අංකල් ආවොත් උඹ ඔක්කොම බලා ගනිං හොඳේ ... " දීපාල් කීවේ ගහේ මදක් දුරට නැග ගොස් සිටියදී.
යකෝ මං කිවුවනේ ඒවා කේස් නෑ කියලා.." උදාන් එවර කීවේ යන්තමින් දත් මිටි කාගෙන...
දඩිස්................බිඩිස්.............!!!
කුරුම්බා ගෙඩි දෙක තුනක් බිම හෙලූ දීපාල් ගස මත සිටම ජේමිස් අංකල්ගේ ගෙවල් පැත්ත බැලුවා...යන්තමින් ගහ මතට පෙනුණේ ජේමිස් අංකල්ලාගේ උයන ගෙයි වහලය සමග උලුවස්ස හරිය විතරයි...ඔහු නැවතත් කුරුම්බා ගෙඩියක් වැරෙන් අඹරමින් උන්නා...එක්වරම වත්තේ කොනකිං මතු උන ජේමිස් අංකල් " ඔහි හිටු හොර කොල්ලෝ.... අද මම තොපි ප්‍රින්සිපල්ට අල්ලා දීලයි පස්ස බලන්නේ කියමින් " ගහ යටට දිව එද්දී
"උදාන් උඹ ඇයි දුවන්නේ , උඹලගේ අංකල්ට කියහංකෝ උඹයි කැඩුවේ කියලා " කියමින් "ස්රූස්" ගා දීපාල් ගහෙන් බැස්සේය.
"යකෝ.............අංකල් ඕක දෙය්යන්ට ඇරලා තිබුණ ගහක්...ඕකෙ ගෙඩි කඩනවට අංකල් කැමති නෑ..ඉක්මනට දුවහං "....කියමින් කුරුම්බා ගෙඩි දෙකක්ද අතැතිව ගුරු නිවාසය පැත්තට දුවන්නට විනි.ඒ වන විටත් උදාන් මිල්හාන් සමග දිලීප පැනගොස් අවසානය.සශ්මික දීපාල් ගසෙන් බිමට බහින තුරු ඔහු දමා නොගියේය..
"ඉක්මනට වරෙං අංකල් අත ලඟ....." සශ්මික කෑ ගැසුවේ ඔහු හා දීපාල් අතර මීටර් සියයක පමණ පරතරයක් තිබියදීය.ඒ මේ අස්සේ කුරුම්බාද අහුලන්නට යන දීපාල් දැක සශ්මිකගේ තරහා දෙගුණ විය...
"ලබ්බක් කරනවද යකෝ කුරුම්බා ඕන්නෑ වරෙං.........." සශ්මික කේන්තියෙන් කෑ ගැසුවේය..
"උඹ නං කියයි ......කඩපු මංනේ අමාරුව දන්නේ........." කියමින් කුරුම්බා ගෙඩියකුත් උස්සාන සුදු කමිසය කරේ දාන් බැනියම පිටින් දුවන් එන දීපාල් දිහා බලන විට එතරම් අවිනිශ්චිත අවස්ථාවක වුවද සශ්මිකට සිනා පහළ විය...
ඒත් සමගම සශ්මික දුටුවේ දීපාල්ට ළං ළංව දිව එන ජේමිස් අංකල්ය....
ඔය කුරුම්බා ගෙඩිය පැත්තකට දාලා දුවපිය....අංකල් උඹේ පිටිපස්සේ........... එසේ කී සශ්මිකද වහ වහා දුවන්නට විය....එතෙක් උස්සාන දිව්ව කුරුම්බා ගෙඩිය පසෙකට දමා දීපාල්ද ඇස් ගෙඩි විශාල කරගනිමින් උපරිම වැර යොදා දුවන්නට විය....
ප.ලි. ::: සීතක්කගේ ගෙදරට රෑට එන්නේ කවුරුන්ද? දීපාල් ජේමිස්ට හසුවෙයිද? බලමු ඉතිරි කොටසින්..
වේගයෙන් ගලා යනවා... දෙන්නකෝ ඉතිරි කොටසත්.. හැබැයි මොකටද කෂීගේ කොටසක් දැම්ම කතාවට දැම්මේ..
ReplyDeleteදෙන්නම් තව දවස් දෙක තුනකින්.... :D
ReplyDeleteකෂිනිගේ කොටස දාපු එක හරි නැද්ද දැම්මම?
කෂි කතාවට දැම්ම සම්බන්ධයක් නැත්නං අවශය තැනදි විතරක් ඒක දාන්න තිබුන කියලයි මම හිතන්නේ
Deleteමම ඒ ටික දැම්මේ ඉඟියක් දෙන්න....මම හිතන්නේ ඒක තාම කාටවත් තේරිලා නෑ...
Deleteඔව් නේන්නං..
Deleteඉදලා ඉදලා කතාවක් කියවන්න ආවම ඔක්කොම කියවන්න ඕනෙනේ. එල එල ඈ
ReplyDeleteඔක්කොම කියවන්න ඕනෙයි කියව්වෙ? :D
Deleteතැන්කිව් අදහසට...
මේක රෙහනිගේ නෙමේ රෙහනිගේ හස්බන්ඩගේ කතාව වාගේ...:D
ReplyDeleteමෙයැයිට පිස්සු :D
Deleteඑපාර මේක දුක් සීන් එකක් වෙලා නෙ
ReplyDeleteඒකනේ ඒකනේ :)
Deleteසිරා සින් එකද එහෙනම් ඉස්කෝල දෙක කියන්න.කශිනි නම් බාලිකාවේ වෙන්න ඇති නේද
ReplyDeleteඇත්ත කතාවක් නම් නොවේ..
Deleteකොලර් නැති ඉක්කෝලෙකට තීන්නේ ඉතිං ඒක නොවැ රත්නපුරේ......අනිත් එක්කෙනාගෙ ඉස්කෝලෙත් හොයාගන්නකෝ.එතකොට ඔයා කොයි එකේද? :D
අපි සීවලී (අර හැමතැනම ගහලා තියනවා වගේ :D)
Deleteමේ මොකක්ද රෙහානි දැන් වෙන්න යන්නෙ..බලමුකො මොකෝ වෙන්නෙ කියල.
ReplyDeleteබලමු බලමු ඉදිරියට....
Deleteදැන්ම මුකුත් කියන්න අමාරුයි පින්වතිය .....!
ReplyDeleteඊළඟ කොටසත් දාන්නකෝ පින්වතිය !
යමක් කියන්නම් පළමුව සන් සුන් වන්න පින්වතිය !
රේප් පටි ක්‍රේප් පටි ලෙස නිවැරදි විය යුතුය පින්වතිය !
කතාව සෝක් පින්වතිය !
ඒ අම්මා යකින්නක් වෙන්නැති නේද පින්වතිය ?
ඒනම් පසුවට කියමු පින්වත..
Deleteඉක්මනින් දමමි පින්වත..
එසෙය පින්වත..
k අකුර මිසින් වී ඇත..දැන් නිවැරදිය පින්වත..
ස්තුතියි පින්වත
යකින්න ඊට වඩා හොඳයි පින්වත..
රේප් පටි කතාව වයලීනෝ කියලනෙ.රෙහානි කොහොමද කොල්ලො හොර කුරුම්බා කඩපු කතා ඔක්කොම ඔච්චර හොඳට දන්නෙ
ReplyDeleteඇයි අප්පේ මගේ අරයා ඉන්නේ කෝටියකට උපදෙස් ගන්න.. :D
Deleteඇයි හැලපයියේ මෙයාගේ එක්කෙනා මෙයාලගේ වත්තේ හොරෙන් කුරුම්බා කඩන්න ඇවිත් අහුවෙච්ච පාරනේ ඔය තාම ගැලවෙන්න බැරුව ඉන්නේ ...:D
Deleteඒක නෙවෙයි...............ඔයා කෝමෙයි ඒක දන්නේ :D
Deleteපළවෙනි කතාවෙන් හිතපු විදිහට නෙවෙයිනේ මේක යන්නේ . හැබැයි එල කතාව. මෙහෙම ආතල් කතාවක් කියවන්නේ කාලෙකට පස්සේ. මරු රෙහෝ
ReplyDeleteඅැත්ත. මාත් මුලින් හිතුවේ වෙන දෙයක්.
Delete@ ඉවාන් ::: ස්තුතියි අදහසට ඉවාන්....ඔහොම කියනකොට ලියන්න ආස හිතෙනවා..
Delete@දිලිනි ::: ඔයාටත් ස්තුතියි දිලිනි
පලවෙනි කොටසත් කියවල ආවෙ. ඇත්තටම කිසිම කම්මැලි කමක් නැතුව කියවන්න පුලුවන් කතාවක් රෙහානි.විශේෂයෙන්ම ඔයා දෙබස් හරහා හාස්‍යය මතු කරල තියෙන විදිහ නියමයි. කතාව වගේම සශ්මික කියන නමත් හරි ලස්සනයි :)
ReplyDeleteස්තුතියි චාම්ස් අදහස් ඔක්කොටම.............
Deleteකොටස් දෙකම මම කියවලා අවේ. නියමයි කලින් කතාවටත් වඩා.
ReplyDeleteස්තුතියි මධාරා...මේක නම් ඒ වගේ හිතුමතේට ඉවර කරන්නෙ නෑ...බලමු...
Deleteඔයාගෙ කථාවල එන නම් හරි අමුතුයි නේද...කලින් වතාවෙත් එහෙමමයි...මේ කියන නම් මම ජීවිතේටම අහලා නෑ...ඔය රත්නපුරේ පැත්තෙ ඉන්නවද ? ඊළග කොටසින් යලි හමුවෙමු...අපිට ජය වේවා !
ReplyDeleteසශ්මික නම හැර අනෙක් නම් සියල්ලම අපේ ගමේ අවට ගෙවල්වල කෙල්ලන්ගේ කොල්ලන්ගේ, පොඩි උන්ගේ නම්.. (සශ්මික මගේ හිතේ ඇතිඋන නමක්)
Deleteඅපිට ජය වේවා !
ම්ම්ම් එකවර හෝඩුවාවන් දෙකක් වැඩියි කියලා මටත් හිතෙන්නේ. ශශ්මිකගේ පවුලේ ගැටලුව විසදා ගන්න එක තමයි පලවෙනි එක. සරල විසදුමක් ආවත් ඒක නිවැරදි වෙන්න තියන හැකියාව අඩුයි වගේ. ඒක ගැන දැන ගන්න ලබෙයිනේ ඉස්සරහට. කශිනි ගේ ගෙදර මේ විදියට එකපාරටම දිග ඇරිය එකෙන් ශශ්මික ගේ ගැන තිබ්බ අවධානය ටිකක් අඩු උනාද මන්දා. මොනවා උනත් පස්සේ කොටස නම් සිරා.
ReplyDeleteඑහෙමද............... ස්තුතියි ඒ අදහසට... දැන් ඉතිං ඔහොම ල්යන් යමුකෝ නේද? අඩු පාඩු පෙන්නලා දෙනවට හැමෝටම ගොඩක් ස්තුතියි ඈ...
Deleteඑහෙනම් ඔක්කොම අදහස්වලට ස්තුතියි පූසෝ
////ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )October 17, 2013 at 6:25 AM
ReplyDeleteඇයි හැලපයියේ මෙයාගේ එක්කෙනා මෙයාලගේ වත්තේ හොරෙන් කුරුම්බා කඩන්න ඇවිත් අහුවෙච්ච පාරනේ ඔය තාම ගැලවෙන්න බැරුව ඉන්නේ ...:D/////
ඉස්සෙල්ලා අල්ලලා ගහේ බැඳලා.....පස්සේ කසාද බැඳලා
අන්න හරි............ඔය තේරිලා තීන්නේ... :D
Deleteමම හංගන් හිටියට කට්ටිය ඔක්කොම දන්නව නොවැ
කතාව නම් සුපිරියි රෙහානි! ඉක්මනටම අනිත් කොටස් ටිකත් ලියන්න. අයියෝ ඔය නපුරුච්චි ඇත්තටම සශ්මිකගෙ අම්මද? ඇඟේ ලේ පුච්චගන්න වෙයි වාගෙ සෑහෙන්න ඉදිරි කොටස් වලදි. (කොහොමත් කතාවක් කියවද්දි, බලද්දි මගෙ හැටි එහෙමයි. නපුරු චරිතෙට බනිනවා ආයෙ නැතිවෙන්ඩ.)
ReplyDeleteඅම්මද? ...............ම්ම් බලමු නේ ඉස්සරහට..!
Deleteඒනම් ඔයත් මගෙ ජාතියේ , මාත් ඔය ෆිල්ම් එහෙම බලනකොට නපුරු අයට බනිනවා...එතකොට මගේ අරයා මට බනිනවා " ඒ මිනිස්සු සල්ලි කුට්ටිය අරගෙන ජොලියේ ඇති...මෙයා මෙහෙ ලේ පුච්චගන්නවා " කියලා.. :D
ඔන්න දෙවනි කොටසත් කියෙවුවෝ.. ඊලග එක එනකන් බලන් ඉන්නවා..
ReplyDeleteස්තුතියි දිනේශ් අය්යේ ...........ඉක්මනින් දාන්නම්කෝ
Deleteතවත් මෙගාවක්දෝ සිතී ........ @ කම්මුලේ අත තියාගෙන
ReplyDeleteමෙගා වෙන්නෙ නැතෝ... :D
Deleteපෝස්ට් තුනක් මට මග හැරිලා ... ඉන්න ඒවා කියවලා එන්නම් ......
ReplyDeleteහෙමින් කියවන්නකෝ එහෙනම්
Deleteමොකද මේ වෙන්නයන්නේ හොර කුරුම්බා කලා ගුටිත් කන්න වෙයි වගේ..
ReplyDeleteඔබතුමා කතාව කියවනවා දැකලා ලොකු සතුටක් ආවා
Deleteකොල්ලට අම්ම එහෙම සලකන්නෙ ඇයි කියල පස්සෙ පෙනෙයිනෙ..
ReplyDeleteපෙනේවි....බලමු
Deleteකොටස් දෙකම එක හුස්මට කියෙවුවා. නිකම්ම බොලද කථවක් නොවන බව නම් පෙනුනා. දැන් ඊලග කොටස කියවනකම් ඉවසීමක් නෑ. ඒකට එක හේතුවක් ඔය කථාව නවත්වන විදිය. ඒ විදිය හොදයි.
ReplyDeleteස්තුතියි චතුරංග අදහසට
Deleteඑකතු කර ගන්නම්
ReplyDeleteඇයි ඒ සශ්මිකට එහෙම ගෙදරින් නපුරු විදිහට සලකන්නේ? එයා මොනව කලාටද?
ReplyDeleteකෂිනිගේ පවුලෙත් අවුලක් නේ?
ඇත්ත කථාවක්ද මේක? :O
කෂිනිගේ අම්මා කසිප්පු බිස්නස් කරන්වද...?? කෂිනි දුප්පත් කෙල්ලෙක් වගේ. බළමු ඊළඟ කොටසත් කියවලා.... කතාවේ මේ කොටසේ මුල writing style එකයි අග style එකයි වෙනස් වෙලා ඒක හදන්න
ReplyDelete