ඉන්නවා ටීචර්
විදුරංග කුමානායක...
ඉන්නවා ටීචර්
සිහින සශ්මික..
ඉන්නවා ටීචර්
නාමලේඛනයට ඇහුම් කන් දීගෙන හිටපු සශ්මික නම ලකුණු කරවාගෙන වාඩි උණා..සශ්මික අන්තිම පේලියට කැමති උනේ වටේ පිටේ ඉන්න ගෑණු ළමයින්ට ඔච්චම් කරන්න පහසු වූ නිසා වන්නට ඇති.නමුත් ඒක හැමදාටම වලංගු නෑ.. දවස් මාරු වෙනකොට පිළිවෙලින් පේළි මාරුවෙන එක ගැන පංති භාර ගුරුතුමිය වන "දිලංකා මිස්" හොඳින්ම ඇහැ ගහගෙන උන්නෙ..කොයි තරම් විසේ කරත් සශ්මික ඉගෙනීම් කටයුතු හොඳින් කිරීම ගුරුවරුන්ගේ පැසසුමට ලක් වෙන කාරණයක් උනා.සශ්මිකට ශිෂ්‍ය නායක තනතුර ලැබෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති.
දිලංකා මිස් කතා කරපු විදිහ එච්චර හරි නෑ කියලා සශ්මිකට තේරුණා.. 'ෂික්...., මම චතුනිට කොල උණ්ඩියක් ගහනවා මිස් දැක්කද දන්නෙත් නෑ..' මාර චාටරේ ..සශ්මික හිතුවේ පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන ගමන්..
ඊලඟ පීරියඩ් එකට පස්සෙ පීරියඩ් එකේ සිංහල නේද?..... මිස් ඇහුවේ හිතුවට වඩා හාත්පසින් වෙන ප්‍රශ්නයක්..
ඔවු මිස්
හ්ම්ම්...එහෙනම් මම ඉන්නවා ස්ටාෆ් රූම් එකේ,අද සිංහල සර් නෑ.......මේ පීරියඩ් එක ඉවර උනහම තනියම එන්න...මට පොඩ්ඩක් කතා කරන්න තියනවා..
හා මිස්...
සශ්මික එහෙම කිවුවත් ඔහු හිටියේ දෙගෙඩියාවකින්...කවදාවත් නැතුව මිස් එහෙම කියපු එක ගැන සශ්මිකට පුදුමයි..
එම කාල ඡේද දෙක පහු උනාට පස්සේ සශ්මික ඉක්මනට දිලංකා මිස් හොයාගෙන ගියා...සශ්මික ස්ටාෆ් රූම් එක ඉස්සරහට වෙලා බලාගෙන හිටියේ මිස් කතා කරනකම්...
ආ.........එන්න සශ්මික ඇතුලට...' දිලංකා මිස් ඔහුට කිවුවා...ස්ටාෆ් රූම් එකේ ඒ මොහොතෙ හිටියේ මිස් විතරමයි.
ඇයි මිස් මට එන්න කිවුවේ... ' සශ්මික ඇහුවේ හිතේ දෙගෙඩියාවකින්
ඉස්සෙල්ලා ඔතනින් වාඩිවෙන්නකෝ.. ' මිස් ඉදිරිපස තිබුණ පුටුවක් පෙන්නලා කිවුවේ ඇය පිරික්සමින් හිටපු ෆයිල් කවරයක් කබඩ් එකට දාන ගමන්.වාඩිවෙලා කතා කරන්න තරම් මිස්ට තියන ප්‍රශ්නෙ මොකද්ද කියලා සශ්මික කල්පනා කලා.
මිස්ගේ වචනෙට අවනත උන සශ්මික ඇය ඉදිරිපසින් වාඩි උනා.මිස් තමන් දිහා හරි බැරෑරුම් විදිහට බලලා මොකක් නමුත් ලොකු දෙයක් අහන්න යන වග සශ්මිකට ඒ වෙද්දිත් තේරිලා තිබුණේ..
පහුගිය ටිකේ සශ්මික හරියට වැඩ කලේ නැහැ කියලා මට ගුරුවරු දෙතුන් දෙනෙක්ගෙන්ම පැමිණිලි ලැබුණා..ඔයා දැන් ගණන් වලටත් හරිම දුර්වලයිලු..දැන් බලන්න විභාගෙට තව මාස කීයද තියෙන්නෙ...හොඳට වැඩ කරන ළමයෙක් මෙහෙම වෙනකොට අපි කැමති නෑ...මං ඔයාගේ පංති භාර මිස්...මේ ඔයාගේ පංතිය මට භාර වෙලා තිබුණ පලවෙනි වතාව නෙවෙයිනේ, සශ්මික දන්නවා මම ඔයාලට අම්ම කෙනෙක් වගේ කියන එක.මට කියන්න සශ්මික ඇයි මෙහෙම වෙන්නෙ කියලා..
දිලංකා මිස් කියන හැමදේම ඇත්ත කියලා තේරුණත් සශ්මික වචනයක්වත් කතා කලේ නෑ
හරි සශ්මික...මම ඔයාට බල කරන්නෙ නෑ පුතේ....මට ඔයාට කියන්න තියෙන්නේ අපේ බලාපොරොත්තු නැතිකරන්නෙ නැතිව හොඳ රිසාල්ට් අරං ඉස්සරහට යන්න බලන්න කියලා..
හරි හරි....දැන් පුතා යන්න.හැබැයි.........ඔයාට ප්‍රශ්නයක් තියනවා කියලා මට තේරෙනවා...ඒක මට කියන්න බැරිනම් හොඳම යාලුවෙකුට කියලා හරි හිත නිදහස් කරගෙන ඉස්සෙල්ලා වගේ පාඩම් වැඩ ටික කරන්න බලන්න. දිලංකා මිස් ඒ ටික කිවුවේ බොහොම සෙමින් ආදරෙන් ..
එච්චර වෙලා බිමට හරවගෙන හිටපු ඇස් දෙක උඩට උස්සන්නේ නැතිවම සශ්මික පුටුවෙන් නැගිට්ටා..ඔලුව බිමට හරවාගෙනම ස්ටාෆ් රූම් එකෙන් එළියට ආපු සශ්මික ගේ ඇස් අග තිබුණ කඳුලු කැට දේකක් සුදු සපත්තුවට වැටිලා විසිරිලා ගියා.
මගේ හිතේ තියන බර, ගින්දර කාගේවත්ම හිතකට දෙන්න ඕනේ නෑ , මම මගේ හිතේ ගින්දර කොහොම හරි විඳ දරා ගන්නවා.කොහොමත් මගේ කතාව කාටවත් කටක් ඇරලා කියන්න පුළුවන් එකක්යැ..ඒ සිතුවිලි අතරින් සශ්මික කඳුළු පිහිදන් පංතියට ආවා...
"මොන ලබ්බෙ යනවද යකෝ...., උඹ එනකං බලං හිටියා ..,නෑ...........ඒ පාර අපි ප්‍රියංගනී ඇන්ටිගෙ කඩේට පැනලා තෝසෙ පාරක් දාගෙන ආව...' සශ්මිකගේ සෙට් එකේ උන්නු උදාන් කියෝගෙන ගියා.
කෝ ..මිල්හාන්.... ' සශ්මික ඇහුවේ සශ්මිකගේ හොඳම යහළුවා යැයි නිවැරදිම නිර්වචනය දෙන්න පුළුවන් පුද්ගලයා පිළිබඳවය.
අන්න ඌ උඹ එනකන් හිටියා දෙස් දෙවොල් තිය තියා...කැන්ටිමට යන්න.කෙල්ලොත් එක්ක කදේ දාන් ඇති කොහෙහරි..උදාන් එහෙම කිවුවේ එහා පැත්තේ වාඩිවෙලා උන් දිනිතිගේ කොණ්ඩ් කරලේ රිබන් පටිය ඇදලා ගලවන ගමන්...
කැහිල්ලද උඹට....දීහන් ඕක මගෙ කොණ්ඩේ ලිහෙනවා... ' දිනිති හොඳ හැටි දෙහි කැපුවා..
නෙද්දකිං විතරක්...කටවල්,තොපි කෙල්ලෝ උනේ අපරාදේ..මහ බඹාට නූලෙන් මිස් වෙලාද කොහෙදෝ...
දැන් ඉතිං ගෝරිය ලේසියෙන් අවසන් නොවෙන බව සශ්මිකට නම් හොඳටම ෂුවර්..ඈත පිහිඹියා ගහ යට කෙල්ලන් දෙතුන් දෙනෙක් එක්ක කදේ දාන් ඉන්න මිල්හාන්ට අත්පුඩියක් ගසා කැන්ටිම පැත්තට යමු කියා අතින් සංඥා කරන ගමන් ඔහුද ඒ දෙසට ඇදුණා..
පාසල ඇරී මිල්හාන් සමග රත්නපුර නගරයේ එහෙ මෙහෙ ඇවිදිමින් හිඳ ඇති වූ විට බස් නැවතුම් පල වෙත සශ්මික ආවේ දාඩිය පෙරාගෙන..පහසුවෙන්ම නිවිතිගල නගරයට යාමට කොතෙකුත් බස් තිබියදීත් සශ්මික මිල්හාන් සමග යන්නේ කලවාන බස් වලමයි...ඒ මිල්හාන් පදිංචි වෙලා හිටියේ කරවිට නිසා.මෙදිනත් සුපුරුදු විදියට ලංගමයක් එනකන් කලවාන නැවතුමේ කණුවකට හේත්තුවක් දාගෙන දෙන්නා ලොකු කතාවක්..
මොහොතකින් මිල්හාන් පසු කරගෙන යන සුපුරුදු රුවක් සශ්මිකගේ නෙත ගැටුණා....මිල්හාන් උන්නේ තවත් කියවමින් ...සශ්මිකගේ හිත වෙනතක කියලා මිල්හාන්ට තේරුණා.
ජපනෝ...තෝ මං කියන එක අහන්ද ඉන්නේ..... ' මිල්හාන්ගේ වචන අපරාදේ කියලා දැනෙද්දී මිල්හාන් කේන්තියෙන් පිපිරුණා .. ජපනා යැයි සශ්මිකට නම වැටුනේ සිහින් දිගටි ඇස් දෙකකට උපතින්ම හිමිකම් කියා තිබුණ නිසා.. හැබැයි ජපන් ඇස් දෙකකට වඩා අමුතු ලස්සනක් ඒ ඇස්වල තිබුණා..
ඔවු බං කියපන්..' සශ්මික වදේට වගේ එහෙම කියද්දී සශ්මික හැරි හැරී බලන පැත්තට මිල්හානුත් ඇස් යොමු කර බැලුවා.
ඇයි කවුද ඉන්නේ...? ' සශ්මික කාව හරි හොයන වග මිල්හාන්ට තේරුණා..
නෑ...බං........මට මා....ර දැකලා පුරුදු කෙල්ලෙක් ගියා....ඒකයි මචං මම කල්පනා පාරක් දාලා බැලුවේ, හැබැයි මං ඒ කෙල්ලව දැක්කෙත් අදමද මංදා බං..' සශ්මික කිවුවේ හරි හැටි අදහසක් දීගන්න බැරි වගේ.
ෆලොව් පාරක් දාමුද?............... මිල්හාන් ඇහුවේ සශ්මිකට නැති උද්යෝගෙකින්...
එලකිරි අදහස........! සශ්මික කීවේ ලොකු සතුටකින්..
"ආ.........හා..........යකෝ ජීවිතේට චීත්තෙකට ට්‍රයි කරලා නැති මූට මොකෑ අද වෙලා තියෙන්නෙ..., මිල්හාන් කොලොප්පමට වගේ කීවා
මගුලක් කතා කරන්නැතිව යමං...ඒකි ගියේ කහවත්ත ස්ටෑන්ඩ් එක පැත්තට..
සශ්මික එහෙම කියලා මිල්හාන්වත් ඇදගෙන කහවත්ත ස්ටෑන්ඩ් එක පහු කරගෙන හෙමින් සීරුවේ සී අයි ඩී බැල්මක් දැම්මා..
කෝ බං...කොයි එකීද........?මිල්හාන් ඇහුවේ ඉවසිල්ලක් නැතිව වාගේ..
කෙලි රොත්ත ඇතුලට වෙලා ලස්සන හිනාවකුත් එක්ක මොන මොනාදෝ කියවන පුංචි කුමාරිව හඳුනගන්න සශ්මිකට අපහසු උනේ නෑ..
සශ්මික ටික වෙලාවක් ඒ ඇස් දිහාම බලන් උන්නා..ඒත් පුංචි කුමාරි නම් ඒක දැක්කේ නෑ..
කෝ බං....
මිල්හාන් අහද්දි සශ්මික පුංචි කුමාරිව පෙන්නුවා...
'අර කොලර් නැති ඉස්කෝලෙ එකීද?
ඔවු බං අර උරහිස ලඟට කොට කොණ්ඩ කරල් දෙක තියෙන්නේ...ඒකි..
අප්පට සිරි.........බල්ලො නටයි හඳපානේ...බලකො ඒකිගෙ ලස්සන...සුදු බෝනික්කියෙක් වගේ...උඹත් ඉඳලා ඉඳලා කොක්ක ගහන්න යන්නේ මරු කෑල්ලකටනේ මචං... මිල්හාන් සුරංගනාවිගේ වග පිස්සුවෙන් වගේ කියෝගෙන ගියා..
තූ තූ තූ............කට වහගනින්...හෙට ඕකිගෙ පිම්පල් එකක් හරි දාලා තිබ්බොත් තෝ මරනවා දැනගං... සශ්මික කිවුවේ විහිළුවට වගේ...
"ඔය සුදු මූණට නම් ඇස්වහ වදින්න එපා...සශ්මික හිත ඇතුලෙන් අහිංසකව ප්‍රාර්ථනා කලා
මොහොතකින් පැමිණි කහවත්ත ලංගමයකට පුංචි කුමාරි එයාගේ යාලුවො ටිකත් එක්ක ගොඩ උනා.
ඒ අරකි බස් එකට නැග්ගා බං... ' සශ්මික කලබලෙන් වගේ කිවුවා...
අපිත් නගිමු ඒකේ.........සශ්මික මිල්හාන්වත් බලෙන්ම ඇදගෙන බසයට ගොඩ උනා...
දෙදෙනා බසයට ගොඩ වෙද්දී ඉස්කෝලවල ළමයින්ගෙන් අසුන් පිරිලා තිබුණා.සුරංගනාවි තව යෙහෙළියකුත් එක්ක දොර ළඟම අසුනක වාඩිවෙලා..සශ්මික ඒ ලඟම අසුනක් අල්ලාගෙන හිටගෙන උන්නා.මොහොතක් ගත වූ විට පාසල් ළමුන්ගේ තෙරපුමෙන් බසය තුළ හිඳීම එතරම් පහසු උනේ නෑ,.සුරංගනාවිගේ යෙහෙළියන් දෙදෙනෙකු මිල්හාන්ට එහා පැත්තෙන් හිටගෙන උන්නා..ඒත් සමගම බසය ගමන් ගන්නට වුණා..
"බලහං බං අප්පච්චි මට කාරෙකේ එන්න කියද්දි මම ඇහුවේ නෑනේ...දැන් තමයි කට්ට තේරෙන්නේ...' මිල්හාන් ඒක කිවුවේ හොඳට සද්ද කරලා හැමෝටම ඇහෙන විදිහට..
ඇත්තටම ඒ කතාවට හිනා නොවී ඉන්න සශ්මිකට බැරි උනා...මොකද එයාලගේ කාර් එක ගැන හොඳහැටි සශ්මික දැනන් හිටපු නිසා..මිල්හාන්ගේ නයි ඇරිල්ල තේරිලා වගේ සුරංගනාවිගෙ යෙහෙළියෝ දෙන්නා මූණට මූණ බලන් හිනා උනා..
මේ .......උඹ කට වහන් හිටපන් වාචාලයා වගේ කියවන්නැතිව මෙතන.., පුළුවන්නම් මාවත් චාටර් කරලා වැඩේ දෙල් කරහංකෝ.." සශ්මික කනට කරලා මිල්හාන්ට දෙහි කැපුවා..
දැන් උඹ අලේටද කියහංකෝ මේකට නැග්ගේ........., ඒකි පැත්තක තෝ පැත්තක...මං හරි කතා කරන්ඩ එපැයි...ඇයි වදේ.... ' මිල්හාන් කියෝගෙන ගියා..
"ඒ ඔන්න ඔය දෙන්නගේ නැටි පැටලිලා..." මිල්හාන් එහෙම කිවුවේ සුරංගනාවිගේ යෙහෙළියෝ දෙන්නට..ක්ෂණයකින් ඒ කී දේට කෙල්ලෝ දෙන්නට ඉබේටම වගේ පිටිපස්ස බැලුණා....ඒත් එක්කම කෙල්ලෝ දෙන්නට වෙච්ච චාටරෙන් මූණ රතු කරගෙන මිල්හාන් දිහා අලුවෙලා යන බැල්මක් හෙළුවා...
ඉවරයි...." සශ්මිකට ඉබේම කියවුනේ පුංචි කුමාරි දිහා බලන් ඔලුවේ අත ගහගන්න ගමන්..
නොහිතූ විදිහට ඒක ඇහුණ පුංචි කුමාරි සශ්මිකගේ මූණ දිහාව හරියටම කියනවනම් සශ්මිකගේ ඇස් දිහාවම බලන් හිටියා අමුතුම අමුතුම විදිහට..
ඒ බැල්මෙන් ගල්ගැහුන සශ්මිකට ඈ දිහාවෙන් ඇස් ඉවතට ගන්න ලෝබකමක් ඇති වුණා.සුරංගනාවි ඇස් ඉවතට අරගෙන වීදුරුවෙන් එහා බලාන උන්නා..හදීසියෙන් වගේ අසුනින් නැගිට බසයෙන් බැසීමට සූදානම් උන ඈ සශ්මිකත් මිල්හානුත් මැද්දෙන් පිටවන දොරටුව වෙත යන්නට සැරසුණා..ඈ දැන් සශ්මික අසලම ගෑවී නොගෑවී හිටගෙන .,ඇගේ කෙහෙරැල්ලක් සශ්මිකගේ මුහුණ අසළ දඟ කරමින් ඉන්නවා..
කෂිනි.... .උඹ අද අපිට යනවා කියන්නෙ වත් නැද්ද බං....'
හ්ම්ම්...ලස්සන නමක්..."කෂිනි"එහෙනම් ඒකද මෙයාගෙ නම.ඇය ඉන්නේ ද නොසන්සුන් වී කියා සශ්මිකට සිතිණ.
සොරි දිල්මි , මම යනවා ......බුදුසරණයි...
ඔයා හෙට එනවනේ....
ඔවු එනවා දිල්මි.........,
ඈ එසේ කියා බසයෙන් බැසගත්තේය.ඇය බැස්සේ තිරිවානකැටිය ෂෙඩ් එක අසලින් බව මතකයේ රඳවා ගත් සශ්මික ඔරලෝසු කණුව අසලින් බැහැගෙන කලවාන බසයක් එනතුරු මග බැලුවේය.
ප.ලි :::: සශ්මිකගේ ප්‍රශ්නය කුමක්ද? , සශ්මිකට නැවත කෂිනි හමුවේවිද? මේ සියල්ලට පිළිතුරු සමගින් ඉදිරි දිනයකදී හමුවෙමු..මෙය හුදෙක් බොලඳ ආදර කතාවක් නොවේ....!
අපිටත් මේ වගේ දේවල් කොච්චරනම් වෙලා ඇතිද?
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්... :)
Deleteඅන්වර්ත නම් වලින් ලියන්නේ රෙහානිගේම කතාවද මන්දා....?
ReplyDeleteහපොයි නෑ..ඊළඟ කොටසෙදි තේරෙයි මගේ කතාව නෙවේ කියලා
Deleteඕකනේ කියන්නේ ....උඹලා අපිට නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ ඉතිං ...! දැන් ඉතින් පරණ ඒවා ඔක්කොම මතක් කර කර හූල්ලන්න එපැයි.....!
ReplyDeleteසොරි වෙන්ට ඕනේ එහෙම උනා නම්
Deleteඔන්නොහේ සුට්ටක් මතක් උනාට මොකැයි ඉතිං :D
අපිටත් මේ වගේ දේවල් කොච්චරනම් වෙලා ඇතිද? 2 ;)
ReplyDeleteඒකනේ..............
Deleteරෙප් ගොඩක් කාලෙකිං මේ පැත්තේ ආවෙ නෙහ්?
ඉස්කෝලේ කාලේ. කෙළ ගිලින්න පුළුවන් දවසක් උණත් එක දිගට
ReplyDeleteහි හී............ඒකනම් ඇත්ත පූසෝ
Deleteහා! හා! පරක්කු නොකර ඉතුරු කොටසත් දැම්මා නං :D
ReplyDeleteඉක්මනින්ම දානවා... :)
Deleteඅනේ ඇත්තට... මෙවුවා කියවද්දි ඉක්කෝලෙ කාලෙ මතක් වෙලා හඳුන් පොජ්ජ කීං ගාලා ගියා....... ;)
ReplyDeleteමේ ලියන මටත් එහෙමමයි යශෝ
Deleteකෂිනි කිව්වම එනව නිකං මදුරුවෙක් කාපුවාම එන ෆීලිං එක.
ReplyDeleteබලමුකෝ මොකද වෙන්නෙ කියලා
හෑ................අර මුකෝ ඒ?
Deleteබලමු :)
දැන් ඊ ලඟ කොටසින් මේක බොළඳ ප්‍රේම කතාව්ක් නොවේ කියන එක ඔප්පු කරන්න තියෙනවා, හරි?
ReplyDeleteමම ඒකෙන් අදහස් කලේ බොළඳ ප්‍රේම කතා නරකයි කියන එක නෙවෙයි.
හරි...........ෂුවර් එකටම
Deleteබලමු ඉස්සරහට
නරකද මෙයා රෙහානි කියලම ලියාගත්තනම් . ඇයි හෆ්ෆා මේ ෆිට් එකේ ඉන්න අපිට සුදු ළූණු පොඩි කරන්නේ . ඇඬේනවා !!
ReplyDeleteඅඩු ගානේ රතු ළූණු නම් තව කමක් නෑ . හෙහෙ හෙහ් හෙහ්හ්
කතාව එල . මම කෝවිල කිට්ටුව සර්ච් එකක් දාලා බලන්නම් .
ඒම ලියාගන්ට විදියක් නෑ කියලා ඔයාට ඊලඟ කොටසෙදි හිතෙයි කියලා හිතෙනවා...
Deleteකෝවිල කිට්ටුව ගෑල්ලමෙක්වත් හිට්යද මන්දා මෙයාගේ :D
ඕ යේ..............
Deleteකෝවිල ගාව කනෙක්ෂන් තියෙනවා මෙයා . ;)
හා හා....හොරයක් තියේ වගේ :D
Deleteඅද කාලෙකින් බ්ලොග් කියවන්න ආවා . මේ දවස් ටිකේම කරේ ලියන එක . අක්කගේ මේ කතාව හොයාගෙනම තම ආවේ . ඒ කාලේ කියවලා ඉවර කරන්න උනෙත් නෑනේ :)
Deleteඅප්පේ....දැන් දැක්කේ කොමෙන්ටු ටික....
Delete"මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා " මේ දවස්වල හැම එකාම හැම තැනම කියෝන එක ඔන්නොහේ මාත් මෙතන අතැරියා'
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්..............සමහර විට එහෙමත් වෙයිද මන්දා ..බලමු
Deleteප්‍රේම කතාවක් නේද? හා දාන්නකෝ බලන්න ඊලග එකත්..
ReplyDeleteහ්ම්ම් ප්‍රේම කතාවක්....
Deleteනාකින්ට වුනත් සුන්දර පාසල් කාලය මතක් වන ලෙසටම ලියල.
ReplyDeleteස්තුතියී අදහසට
Deleteකශිනි ........ අර ටයිටන් වලට යවපු යානේ නමත් ඒ වගේ කියලා මතකයි ......
ReplyDeleteශුවර් එකටම කෙල්ල ඒලියන් කෙනෙක් , ඒක තමයි අරූගෙ ප්‍රශ්නේ
:D :D :D
Deleteහිහ් හී............බලමු ඒමද දන්නෙත් නෑ...
මං හිතන්නෙ සස්මිකට බැලහීනතාවය!
ReplyDeleteහෑ........... :D
Deleteඉවන් කිවුවවගෙ ඉතින් අතිතෙ මතක් වෙන එක තමා වෙන්න්නෙ
ReplyDeleteහා හා...............සෝයිනේ
Deleteවෛරෝඩි, නිල් මැණික්, රතු මැණික් ස්ටෝරියක් වගේ......ලෝන්ග් ලෝන්ග් ටයිම් අගෝ අපිත් ඔය වගේ...
ReplyDeleteඒත් මොකෝ .....රස කතා මතක් වෙන්න ඇතිනේ
Deleteමීට කලින් එයා ලියපු කොටස් කීපයක් ඉදිරියට ඇදී ගිය ආදර කථාව මට මතක් වුනේ...මේකත් නරකම නෑ...ඒත් එකම අච්චුවෙ අවසානයක් නම් දෙන්න එපා...
ReplyDeleteඋත්සාහ කරනවා එහෙම නොවෙන්න....මේක ඒක වගේ සත්‍ය කතාවක් නෙවෙයිනේ...
Deleteදැනට නං සෝයි ආදර කතාව.. දිග වැඩි වගේ උනත් දැනුනේ නැහැ ඒක..
ReplyDeleteතැන්කිව් වේවා...!
Deleteවයසක උන්දැලත් කියෝනවනේ බොලේ හි හි
Deleteලස්සනයි රෙහානි මුල් කොටස් දෙක කියෝගෙනම එන්නම්
හ්ම්ම්.. ඔය එන්නේ .. මුලින් කුතුහලයක් අවුස්සලා වෙනවෙන දේ ගැන ලියනවා.. අර බොලඳ ප්‍රේම කතාවක් නෙවේය කියපු හින්දා එලිපිට කියවනවා. නැත්නම් හොරෙන්නෙ කියවන්න වෙන්නෙ පරිණත මිනිස්සු වෙච්ච අපිට..
ReplyDeleteසශ්මිකගේ ප්‍රශ්නය මොකක්ද?
ReplyDeleteසශ්මික සුරංගනාවිට එච්චරම ආදරේයිද?
:) :) :)
ඔන්න මමත් කියවන්න ගත්තා
ReplyDelete