ලා දම් අහසට පායන උදවිය ..

Sunday, May 26, 2013

ෆාමසියේ කතා......!

ඔයාලට මතක ඇති කියල හිතනවා පහුගිය මාස එකහමාරක දෙකක කාලයේ මන් නොලියා හිටපු බව ..කාර්යබහුලයි කාර්යබහුලයි කිවුවට මොකද මට හේතුව කියන්න බැරිව ගියානේ ..ඒක තමයි මං පුංචි රැකියාවක නිරත වෙච්චි එක . අපේ සත්තලන් මං රස්සාවල් කරනවට තදින්ම විරුද්දයිනේ ..එයා කියන්නේ "මං ගැණු ලව්වා හම්බ කරවාගෙන කන්න කැමති නැහැ .ඔයාට මං මගේ අතේ පයේ හය්යෙන් හම්බ කරලා හැමදේම කරලා දෙනවනේ .එච්චරනේ ඕනේ" කියලයි . ඒ වුනාට මම නිතරම කිවුවා අපරාදෙනේ මං නිකං ගතකරන කාලේ ඒ නිසා කීයක් හරි හොයාගත්තම මොනවා වෙනවද කියලා " ඒ වුනාට ගෙදර ඉන්නම තමයි කියන්නේ ...පස්සේ මන් කියල කියලම මේ රස්සාවට යන්න කැමති කරවගත්තා .ඒක ෆාමසි එකක කැෂියර් ජොබ් එකක් ..හ්ම්ම් ..ලේසි නෑ ..සල්ලිත් එක්කනේ වැඩ කරන්න තියෙන්නේ ..ගිය දවසෙම මාව හොල්මන් වෙලා ගියා ..එක එක බෙහෙත් වර්ගයට අදාළ කෝඩ් තියනවා ...ඔක්කොම කෙරෙන්නේ කම්පියුටර් සිස්ටම් එකකට ..කෝඩ් එන්ටර් කරහම බෙහෙතේ වර්ගය ,මිල ගණන් සියලු දත්ත වැටෙනවා ..මට තියෙන්නේ කෝඩ් ගහලා බිල එන්ටර් කරගෙන සල්ලි ගන්න තමයි ..හවසට ෆාමසිය අයිති දොස්තර නෝනට හරියට ගණන් පියවන්න ඕනේ ...දවසේ කලෙක්ෂන් එක සිස්ටම් එක ඩොක්ටර්ගේ මැෂින් එකට අප්ලෝඩ් කරහම ඩොක්ටර් විතරයි දන්නේ ...කීයක් තියනවද කියලා ..ඉතින් මන් කලෙක්ෂන් අරගෙන ගියහම ඩොක්ටර් ලගට ඩොක්ටර් සිස්ටම් එකේ ගානට සමානද කියලා බලනවා ..එහෙම සමාන නොවුනොත් ලොකු ප්‍රශ්නයක් ..අඩු වුනොත් මගේ පඩියෙන් ගෙවන්න ඕනේ ..වැඩියෙන් තිබුනොත් ඩොක්ටර් හිතනවා මම හරියට බිල් කඩන්නේ නැහැ කියලා ..රු: 100 ක වගේ වෙනසක් ගණන් ගන්නේ නැහැ ..හත්සීයක අටසීයක උනොත් අවුල් ...සමහර දවසට එහෙමත් වෙනවා ..සෙනග පිරුනහම පාමසිස්ට් ලා කරන්නේ සල්ලි අරන් බෙහෙත් දීල පේෂන්ට් ව  යවන එක .පස්සේ බිල එන්ටර් කරන්න හිතාගෙන ..පස්සේ එයාලටම මතක නැහැ දීපුවා ...එතකොට මන් අසරණ වෙනවා ..මුලින් මුලින් මට ප්‍රශ්න ගොඩක් ඇති වුනා ..කෝඩ් මතක නැහැනේ එකපාරට ..ඉතින් ෆාමසි එකේ අය්යල මට උදව් වුණා . එයාල බෙහෙතට අදාළ කෝඩ් එකයි ,ප්‍රමාණයයි මට කිවුවා හැම අවස්තාවකදීම ..!ඉතින් වැඩේ ලේසි වුනා ..එතන වැඩ කලේ මම ඇරුනහම තව අය්යලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි .එයාල තුන් දෙනාම හරිම සුහද ශීලියි !ඉතින් මන් ආසාවෙන් එතන වැඩ ටික කරගෙන හිටියා ..මට කලින් කැෂියර් හිටපු මල්ලි තමයි මට මුලින්ම සියල්ල ඉගැන්නුවේ !එයා සතියක් වගේ කාලයක් තමයි හිටියේ ..එයාට රජයේ රැකියාවක් ලැබිලා ඉවත් වුනා ..                                                                                                                                                                                  ඉතින් මන් මේ විස්තරය කිවුවේ මගේ රැකියාව පිළිඹදව හරි අර්ථකතනයක් දෙන්න .මේ රැකියාවේදී මන් ලබපු අත්දැකීම් බොහොමයි .අපි හතරදෙනෙක් සේවයට හිටියට මම තනි වෙන වෙලාවල් අනන්තයි .මාත් එක්ක වැඩ කරපු නංගි එයාට අපි කියන්නේ "බට්ටා " කියල ,බට්ටා ගොඩක් වෙලාවට ඩොක්ටර්ගේ සහයිකාව විධිහට ඉන්නවා ,ඩොක්ටර් ලග ඩ්රේසින්ග් කරන්නේ ,බෙහෙත් දෙන්නේ ඇය තමයි .ඉතින් එයා ගොඩක් වෙලාවට ඩොක්ටර ලග ! අනිත් අය්යාලත් එක එක වැඩ ..ඔර්ඩර් ගන්නවා ,කෝඩ් බෙහෙත් පැකට් වල ගහනවා ඔය වගේ දේවල් .ඉතින් මම කැෂියර් නිසා කවුන්ටරේ මම තමයි ඉන්නේ ..ප්‍රමාන වලින් දෙන්න නැති බෙහෙත් වර්ග ,සිරප් වර්ග ,ප්‍රථමාධාර පෙට්ටියට අවශ්‍ය දේවල් වගේ ඒවා ඉල්ලුවොත් ඒවා මම ම දීල සල්ලි ගන්නවා ..දවසක් එහෙම වෙලාවක පිරිමි කෙනෙක් කොන්ඩම් ඉල්ලලා මට හීන් දාඩිය දැම්ම හැටි දැන් වගේ මතකයි ...හි හි .එහෙම දේකට මුහුණ දීපු පළමු අවස්තාවනේ ..පස්සේ එවැනි අවස්ථා ගානක් නැතුව ගියා ..ඔහොම ඉද්දි හොඳ රසබර සිදුවීමුත් වෙනවා ...සමහරු මෙලෝ කල්පනාවක් නැතුව බෙහෙත් තුණ්ඩුව වෙනුවට වෙන වෙන ඒවා ත් දෙනවා :) දවසක් අය්යා කෙනෙකුට ඒ වගේ තුන්ඩුවක් දීලා "ආ ......මේක ගන්න පුළුවන් සතොසට යන්න" කිවුවා :) තව දවසක් "ආ මේකේ තියනවා ටෙලිෆෝන් නම්බර් එකක් "කීවා .මම ඒ වෙලාවට හිනාව නවත්ත ගත්තේ හරි අමාරුවෙන් ! ෆාමසිය කොයිතරම් සිත් ඇදගත්තත් රෑ අට වෙනකන් දවසක් ඇර දවසක් වැඩ කරන්න වුන එක කණගාටුදායක වුනා වගේම අපේ සත්තලන්ගේ දැඩි විරෝධයට හේතු වුනා ..ඩොක්ටර් පෝය දවසකටවත් ෆාමසිය වහන්නේ නෑ ..! ඇය තෘෂ්නාධික යි කියන දේ මට තේරුම් යන්න වැඩි දවසක් ගියේ නැහැ .මට ෆාමසිය ගැන එන්න එන්නම කලකිරුණා .දවසක් මම 8 වෙනකන් වැඩ කරල කලෙක්ෂන් අරන් ඩොක්ටර් ලගට යද්දී ඩොක්ටර් කාර් එකට නගින්න ඔන්න මෙන්න .ඩොක්ටර් සල්ලි ටික ගත්තේ නෑ .බට්ටට දෙන්න කිව්වා .පහුවදා උදේ ඩොක්ටර්ට ගෙනල්ල දෙන්න කියලා   .ඉතින් එහෙම කළා .ඩොක්ටර් සිස්ටම් එක බැලුවේ පහුවදා උදේ .                                                                                                    ඩොක්ටර් ඉන්නේ පහළ ,ෆාමසිය උඩ තට්ටුවේ !ඩොක්ටර් උදේ මාව පහලට  ගෙන්නුවා .බට්ටත් ඉන්න තැන සල්ලි ගණන් කරලා මට කිවුව රු:1000ක් අඩුයි කියලා ..මම නිහඬව හිටියා .හැබැයි මට සිස්ටම් එකේ තියන ගාන ඩොක්ටර් පෙන්නුවේ නෑ .ඒත් මම හිතුවේ නෑ බොරු කියලා ..උඩට ඇවිත් අය්යල්ට විස්තර කිවුවහම අය්යලා කිවුව ඩොක්ටර් හරියට බොරුවට සේවකයන්ව සැක කරනවා කියලා .ඒ වගේ දවස් 2 -3 ක් ම සල්ලි අඩු බව වගේම වැඩියෙන් තිබුන බවත් මට කිව්වා ..නමුත් කවදාවත් මම හරියි කියන්න ගියේ නෑ .පලවෙනි සති 2 ට්‍රේනින් පීරියඩ් එකක් කියල බස් ගාස්තු කියලා මට රු:1000ක් දුන්නා .පඩි හදන්නේ ඊලග සතියේ ඉඳන්ය කීවා .(මගේ යාලුවෙක් ජොබ් එක සෙට් කරලා දීපු නිසා මන් සල්ලි ඉස්සර කරගත්තේ නෑ )ගියපු මෝඩකමට මම අමාරුවෙන් තව මාසයක් වැඩ කළා .අවුරුදු වලට කීයක් හරි හොයාගන්නත් පුළුවන්නේ !ඩොක්ටර් සේවය කලේ ඒ ලගම පිහිටි  රජයේ රෝහලක .!ඒ දවස්වලම අවු:30ක් පමණ වෙන අය්යා  කෙනෙක්  සෙම අමාරුවට පපුව රිදෙන්න අරන් රෝහල්  ගත කරලා තිබුනා ..ඒ  අය්යාගේ  නම දර්ශන  ! දර්ශන අය්යව ගෙනියපු වෙලාවේ ඩියුටි ඉඳලා තියෙන්නේ අපේ ඩොක්ටර් ..!රෑ 10-11 ට වගේ තමයි අය්යාව් රෝහලට අරන් ගිහින් තිබුණේ ..දර්ශන අය්යට අමාරුයි කියල ඇවිත් බලන්න කියද්දීත් ඩොක්ටර් ගණන් ගන්නේ  නැතුව නිදාගෙන ඉඳලා ,පස්සේ නොබැලුව නිසා  ඒ අය දර්ශනව මහා රෝහලට රැගෙන ගිහිං .නමුත් රෝහලට ගෙන යාමට පෙරම දර්ශන මිය ගොස් තිබුණා .                                                                                                                        ඒ හේතුව නිසා ඩොක්ටර්ට ලොකු තර්ජනයක් වෙයි කියල හිතුවත් එහෙම වුනේ නෑ .අපිත් එක්ක "ඩොක්ටර් කරපු වැඩේ හරි නෑ නේද" කියපු මිනිස්සුම ඩොක්ටර් ලගට ගිහින් හිනාවෙලා කතා කරලා යනවා අපේ ඇස් ඉදිරිපිටම ! කොයි තරම් ව්‍යාජ මිනිස්සුද ? අන්තිමේදී ඩොක්ටර්ට කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ .අපි ඒවාට කරබාගෙන නිහඬව සිටියා මිස අපට කල හැකි දෙයක් කොයින්ද ???? දර්ශනගේ නෑ යින්ම ඇවිත් ඩොක්ටර් ගෙන් සමාව ගද්දි :) .හැමදේම සල්ලි වලට යටයි ..තිරිසන් මිනිසුන් ලොව වෙසෙන තෙක් !  ඩොක්ටර් රජයේ රෝහලේදී එහෙම හැසිරුනාට අපි දන්නවා ඩොක්ටර් ලගට පෞද්ගලිකව බෙහෙත් ගන්න එන අයට  ඩොක්ටර් ලස්සනට බටර් ගානවා කියලා ...කොටින්ම හිනාවෙන් තමයි මිනිස්සුන්ව අල්ලගන්නේ ..දර්ශන අය්යත් කරුමෙකට තමයි ඒ රෝහලට ගියේ ...එයාට වෙලාවට ප්‍රතිකාර ලැබුණානම් තවමත් ජීවතුන් අතර ඉන්න තිබුන බව රත්නපුර මහා රෝහලෙනුත් කියලා තිබුණා .ඩොක්ටර් කෙනෙක් වෙන්න බුද්ධිය විතරක් තිබිලා මදි ,කරුණාවත් තියෙන්න ඕනේ ..මේ වගේ අය දොස්තරලා වුනහම මිනිස්සු අමාරුවේ !                                                                                                                                                                                                                                                          තව දෙයක් කියන්න ඕන යාලුවනේ ...කෙට්ටු ඔයාල මහත් වෙන්න හිතාගෙන බෙහෙත් වර්ග පාවිච්චි කරන්න එපා .සමහර වෙලාවට ඩොක්ටර් ල මහත් වෙන්න බෙහෙත් ඉල්ලුවහම දෙන්නේ විටමින් වර්ග ,මිනරල් වර්ග ! ඇත්තටම ඒවට මහත් වීමක් වෙන්නේ නෑ .එයාලගේ මඩිය තර වෙන එක විතරයි වෙන්නේ ..අනික පෙති වර්ග ! ඒවට ගොඩක් වෙලාවට අතුරු ආභාධ ඇතිවෙන්න පුළුවන් ! වයස අවු:20 දී බෙහෙත පාවිච්චි කලොත් අ වූ:40-50 වෙද්දී දියවැඩියාව වගේ ඇතිවෙන්නත් පුළුවන් !මහත් වෙන්න ඕන නැහැ නිරෝගිව ඉන්න .ඒක තමයි උතුම්ම සැපත .මම මේවා කියන්න ඩොක්ටර් කෙනෙකුට වඩා උගත් නෑ ,නමුත් සමාජ අත්දැකීම් මත මට මෙවැනි දෙයක් ප්‍රකාශ කරන්න පුළුවනි .පිළිගන්න නොගන්න ඔයාලට කැමති විධිහට පුළුවන් ! ඉතින් යාලුවනේ මම එතන ඉතුරු මාසෙත් අමාරුවෙන් වැඩ කරලා එතනින් අයින් වුනා ..අපේ සත්තලන්ගේ කීමටත් ,එතන වැඩ කිරීම නුවනට හුරු නොවන නිසාත් ! මොන දේ කොහොම වුනත් මට එකට වැඩ කරන්න හම්බ වුනේ මනුස්සකම දන්නා මනුෂ්‍යන්  පිරිසක් සමග ..ඒ මතකයන් තවම මිහිරියි .ෆාමසියේ වැඩ කරපු පුංචි කාල සීමාව තුලදී වුනත් මන් ඉගෙනගත් දේ බොහොමයි කියා මට හිතෙනවා ..දැනටත් අදාළ නගරයට යන හැම අවස්ථාවකදීම ෆාමසියට ගොඩ වෙලා කතා බහ කරල යන්න මම අමතක කරන්නේ නැහැ ...!                                       

Friday, May 24, 2013

හපොයි වෙච්චි දේ .....!

 ඉස්සෙල්ලම ප්‍රර්ථනා කරනවා සුභ වෙසක් මංගල්‍යයක් වේවා ..!'කියලා ඔයාලට. ඉතින් යාලුවනේ මටත් ඉඳලා ඉඳලා හරි ඇබැද්දි තමයි වෙන්නේ .මගේ ෆෝන් එකේ පුංචි අවුලක් වෙලා  ..ඇත්තටම ඒක හදාගන්න මට පුළුවන්..එත් එකට අවශ්‍ය ඊ  මේල් එකයි පාස්වර්ඩ් එකයි දැන් මතක නැහැ..මෙහෙමයි කතන්දරේ..අපේ සත්තලන්ගේ අක්කලා පහුගියටිකේ අපේ ගෙදර ඇවිත් හිටියා.අක්කගේ පොඩි දු ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් ලොක්  එකඋඩ ඇඳලා ඔහොම පස් හය වතාවක් අඳිද්දී ස්ක්‍රීන්  ලොක්  එක අයින් වෙලා වෙනම ලොක්  එකක් වැටිලා ..ඒ ලොක්   එක අරින්න ඊ මේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලනවා .ඒඉල්ලන්නේ     ස්ක්‍රීන්  ලොක්  එක හදද්දී දීපු ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි. එක හදලා තියෙන්නේ අපේ සත්තලන් උනාට දැන් එයාටම මේල් එකයි පාස්වර්ඩ් එකයි මතක නෑ . හ්ම්ම් ..ඉතින් යාලුවනේ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි නැතුව ලොක්  එකඇරගන්නවෙන ක්‍රමයක් තියනවනම් ..මට ඒ ගැන කියලා උදව්වක් කරන්න..පුලුවන්නම් ඔයාලට ගොඩක් ස්තුතියි..
 ඉස්සෙල්ලම  පෙනෙන අයුරු
මෙතනින් එහාට යන්න  :(
ප.ලි * ස්ක්‍රීන් ලොක් එක තියෙන්නේ පැටර්න් අඳින්න .......ෆෝන් එකේ වර්ගය Galaxy S