![]() |
1. (ඉවාන් ) ඕකි කොරියා ගිහිං
2. (මනෝජ් ) ඕකි වත්තක් අරගෙන වවනවා..
3. (දිනේෂ් ) පොස්ට් ලියන්න කම්මැලිකමේ හෙමීට මාරු උනා ..
4. (බස්සි ) මේකිගේ පොස්ට් වලට රහ වැටිලා අගහරුවෙන් අරං ගිහිං එහේ බ්ලොග් ලියන්ට.
ඔන්න ඔය වගේ නානාප්‍රකාර එවුවා මෙවුවා කස්ටිය හිතන අතරේ තවත් කට්ටිය මා ගැන හොයලා තිබ්බා.ඒ අහපු කරපු හිතපු ඔක්කොටම ස්තුතියි හදවතින්ම.හරි දැන් එතකොට ඇත්තටම වුණේ මොකද්ද?මනෝජ් කියපු කාරණාවයි , දිනේෂ් කියපු දේයි , ඒකට තව එකතුවෙන්න ඕන මගේ අලුත් කොම්පුතර මාමා ජී මේල් වලටයි බ්ලොග් වලටයි යන්නේ දෙන්නේ නැතුව තිබුණා .පරණ කොම්පුතර මාමා මාව දාල යන්නම ගියානේ .ඉතිං මගේ කතාව කියවගෙන ආපු ඔයාලට වුන අසාධාරණේට සමාවෙන්න ඕන.ආයෙමත් ඒකෙ ඉතිරිය ලියන්න තමයි හිතන් ඉන්නේ.
~~~~~~~~~~~~
කඳුළින් පිරුණු මා දෙනෙත...
හිරු සුළඟින් වියළෙන්නට හැර,
ගිනි දැල්ලෙන් කළු වුණ මා මුව,
හරවා වැලපෙන පෘථිවියෙන් ඔබ්බට ..
රුවල් ඔසවා බොහෝ කලකට පෙර,
නිවී ගිය තාරකාවකට,
එහි දිලෙන එළියට ඇදෙමින්,
හැර දමා මා සිත මියෙන හිරුගෙන් මෙපිට ...
නටන තරු වළල්ලෙන් ආලෝක වර්ෂයකට මෙපිට ...
අනෙකුත් තාරකාවන් හඹා යන්නන් අතර,
සහ නාඳුනන ග්‍රහලෝක මත,
දියකර දමා මගේ වැලපෙන ගත,
සහ ඔබේ මියදුන සිත...
ක්ෂීර පථය හැර දමා පිට සක්වලිනුත් එපිටට..
සොයා යමි සැබෑ දිවිය ....
අඳුරු අනන්තය වෙත....
ප.ලි. නිසදැස ඇතුලේ තියන අදහස ඔයාලට දැනෙන විදිහ කියන්න අමතක කරන්න එපා.නිසදැස මගේ නෙවෙයි..ඔයාලගේ පොස්ට් ගොඩක් මග හැරුණානේ ....හෙමිහිට කියවන්නම්කො ඒවාත් ...
