ලා දම් අහසට පායන උදවිය ..

Thursday, September 19, 2013

මම පොටෝ ගන්න දන්නෙ නෑ -2

මම පොටෝ ගන්න දන්නේ නෑ -1 methanin බලන්න



හෙන්දිරික්කා මල


පිපීගෙන එන හෙන්දිරික්කා මලක්


බත් කූරා

ගඳපාන මල්

මෙයා කවුද මන්දා

නිදිකුම්බා මල්


පිණි බිඳු අතරින්



කහ මලක් කව්ද අයිති කරගෙන



බිගෝනියා මල්
                         



Saturday, September 14, 2013

කලු පටි ගහපු පොරක් නේද මේ අඬන්නේ

ලංකාවේ දුප්පත් රැකියා වල නිරත වෙන ගොඩක් ලංකාවේ අහිංසක දුප්පත් කොල්ලෝ නිවාඩු ඉරිදාවේ කොරියා භාෂා පන්ති යන්න පටන් අරං..අනිත් අතට උසස් පෙළ ලියලා ගෙදර ඉන්න අපේ අහල පහල ගොඩක් තරුණ ළමයි  දැන් කොරියා භාෂා පන්ති යනවා.කොරියාවේ ගියාට පස්සේ විඳින්න තියන මහා දුක් ගොඩ අමතක කරලා තරුණයෝ එම රැකියා කරා යොමුවීමට ප්‍රධානම හේතුවක් තමයි ...තමන්ගේම කියලා ගෙයක් දොරක් හදන් කාටවත් අත නොපා ජීවත් වීමට තියන කැමත්ත. කොටින්ම මේ වැටිලා තියන වලෙන් ගොඩ එන්න හිතාගෙන. 

මගේ හස්බන්ඩ් ලන්කාවෙන් යද්දී තිබුණට වඩා ලොකු තරඟයක් දැන් කොරියා යන්න තියනවා..එහෙම අමාරුවෙන් ගිහිල්ලා ඔලුව උස්සන්න හදද්දී මල්ලි අහවල් උවමනාවට මට සල්ලි ටිකක් ඕනේ මට සල්ලි ටිකක් දියන්කෝ " කියලා සල්ලි ඉල්ලන්නේ අත පය කපාගෙන ,පුච්චගෙන දුක් විඳලා හම්බකරන සල්ලි වල , සල්ලි වල තියන නිකම්ම නිකන් වටිනාකමට වඩා ලොකු වටිනාකමක් අපිට ඒ සල්ලි ගැන තියනවා කියන දේ තේරුම් නොගෙන..ඒක කුනු කම වත් , ලෝබ කමවත් නෙවේ.. අපිටත් කියලා ඔලුව උස්සගන්න තවම බැරිවෙලා තියන හන්දා 

මෙච්චර කාලේකට අපෙන් ගොඩක් අය සල්ලි ඉල්ලුවේ හරි අමුතු දේවල්වලට..

මේ සංවාද...!


මල්ලි අපේ වෙඩින් එක තියනවා ලබන මාසේ...! පුලුවන්නම් අපිට ලක්ෂයක් දියන් ආපහු අනිවාර්යෙන් දෙන්නම් (නිකන් රුපියල් විස්සක් තිහක් ඉල්ලන ගානට ඉල්ලන්නේ)

මේ දවස්වල නම් දෙන්න විදියක් නෑ ....අපිත් වැඩ වගයකට හිරවෙලා ඉන්නේ
****************************************************

ඇයි යකෝ මුං කටේ තොලේ නොගෑවී ඉල්ලන ලස්සන බලහල්ලකෝ...මුන්ට අහවල් එක කොරගන්නත් මමද සල්ලි දෙන්න ඕනේ(සංවාදය අවසානයේ හස්බන් මගෙත් එක්ක කියනවා)කොහොමත් එයා කාටවත් හිත රිදෙන්න මුකුත් කියන්නෙ නෑ. ඊට පස්සෙ හිතේ තියන ඔක්කොම මාත් එක්ක කියනවා..

අනේ මචං මම අත් ට්‍රැක්ටරයක් ගන්න ඉන්නේ තව 50,000ක් මදි පුලුවන්නම් මට 50ක් දාපන් මම අනිවා උබට ආපහු දෙන්නම් ( මෙයාගේ ගම තිස්සමහාරාමේ..)

මේකට කොහොම උත්තර දුන්නද කියලා මට මතක නෑ ඕන්...

මචං මම සැලුන් එකක් දාන්න කියලා ඉන්නේ පුලුවන්නම් මට සල්ලි ටිකක් දාහං....(මේ ඉල්ලීමද පෙර කෙනාගේමයි)

මචං මගේ ලොරියේ ෆිනෑන්ස් එක හිර වෙලා බං උඹට පුලුවන්නම් ලක්ෂ එකහමාරක් දාපන්කෝ ...ආපහු දෙන්නම්(මට තියන ප්‍රශ්නේ මෙයාලා ලඟ දැන් නැති ලක්ෂ එකහමාර ආයේ පස්සේ හම්බෙන්නේ කොහොමද කියලා)

තව ඉතිං නෑදෑයන්ගේ  සින්න වෙන්න යන රත්තරන්  බඩු බේරගන්න, එතකොට ගෙවල්වල වහල හදාගන්න  තව පොඩි පොඩි දේවල් වලට සල්ලි ඉල්ලුව වාර අනන්තයි මේ අවුරුදු තුනහමාර ඇතුලත,නෑදෑයෝ නම් උදව් ඉල්ලපු එක පාරක් වත් අපි නෑ බෑ නොකියා උදවු කලා.එහෙම කලේ අපිට ඒ අය ගොඩාක් හිතවත් නිසාමයි.නැත්තන් අපිට එහෙම වෙස්සන්තර දාන පාරමිතා පුරන්න බෑ..මොකද අපිත් තවම ඉන්නේ වලේ නිසා...

මට හදිස්සියේ මේ ඔක්කොම මතක් උනේ අද මේ දැන් ටිකකට කලින් උන සිදුවීමක් හින්දා...කොරියාවේ ඉඳලා ලංකාවට නිවාඩු ආපු කෙනෙකුට ලංකාවේදී සල්ලි වගයක් ඕන වෙලා අපෙන් සල්ලි ඉල්ලුවා.මගේ හස්බන්ඩ් මට කතා කරලා කිවුවා එයාට සල්ලි දෙන්න කියලා...මමත් සල්ලි දෙන්නේ මොකටද කියලවත් ඇහුවේ නෑ...මම අදාල කෙනාගේ වයිෆ්ට සල්ලි දුන්නා....දැන් එයා නිවාඩු ඇවිත් ඉඳලා ආපහු කොරියාවට ගිහිනුත් මාස පහක් විතර වෙනවා..සල්ලි ආපහු දුන්නෙත් නෑ..අද කතා කරලා එයා ආපහු  සල්ලි ඉල්ලලා.අපේ හබීත් පරණ සල්ලි ගැන මතක් කරලත් නෑ...සල්ලි මේ වෙලාවේ නැහැ කියලා කියලා...ඇත්තටම එයා ලඟ සල්ලි නෑ. නැත්තන් ආපහු සැරයක් උනත් එයා නම් සල්ලි දෙනවා..පොඩ්ඩක් දුක හිතෙන විදියට කිවුවොත් එහෙම බඩේ තියන එකත් ඇදලා දෙනවා

අපේ එක්කෙනාව ආශ්‍රය කරලා තියන අය හිතන්නේ එයාගේ හිත හොඳ කම හින්දා එයාගෙන් සල්ලි ගලවගන්න පුලුවන් කියලා,නැත්තන් ඉතිං මෙහෙම බය සැක නැතුව ඉල්ලාවියැ....අපේ හබීට දවසක් කේන්ති ඇවිත් මාත් එක්ක කියනවා " මේ ඔක්කොම සල්ලි ටික ඔය ඉල්ලන ඉල්ලන අයට දීලා මම ලංකාවට එන්නම්,අපි දෙන්න කුලියට ගෙයක් අරන් ඉමුද" කියලා..ඒ ඉල්ලන හැමෝටම සල්ලි දුන්නනම් අපිට කුලියට තමයි ඉන්න වෙන්නේ,,,
****************************************************

හා දැන් ඒ කතා ඉවරයි...මේක රස කතාවක්....

අපේ හබීට කොරියාවේදී  පහුගිය අවු 3 හමාර ඇතුලත යාලුවෝ විශාල ප්‍රමාණයක්  හම්බවෙලා තියනවා..ඒ අතරේ මුස්ලිම් යාලුවෙකුත් ඉන්නවා.අපි එයාට කියමුකෝ ෆාහිම් කියලා.තව යාලුවෙක් ඉන්නවා ,එයාට කියමු තිලිණ කියලා.මේ දෙන්නම අපේ හබීගේ කම්පැනි එකේ නෙවෙයි.ඒ දෙන්නත් කම්පැනි දෙකක.ෆාහිම් ඉන්නේ අපෙ හබීගේ කම්පැනි එක ලඟම කම්පැනි එකක.තිලිණ ටිකක් දුරින් ඉන්නේ.ලංකාවේ ඉඳන් කොරියා ගිය අය කවුරු කොරියාවේදි හම්බුනත් තරාතිරම ජාති කුල මල නැතුව, ඔක්කොම ලාංකිකයෝ හැටියට තමයි අපේ හබී නම් ආශ්‍රය කරන්නේ...ඇත්තටම අපේ හබීට එක එක විදිහේ ගති ගුණ තියන යාලුවෝ ඉන්නවා...සමහර වෙලාවට ඇණ වෙන අයත් ඉන්නවා...ඒත් කිසිම භේදයක් ගැන නොහිතා අපේ හබී ඒ අයව ආශ්‍රය කරනවා...එයා විතරක් නෙවෙයි.කොරියාවේ ඉන්න ලාංකිකයෝ ගොඩක් අය ඒ වගේ තමයි.  

තිලිණ එක්ක එක කාමරේ හිටපු සමහරු තමන්ගේ කාලය අවසන් වෙලා ලංකාවට ගිහින් , තව සමහරු කම්පැනි මාරු කරලා..ඉතින් තිලිණගේ හිත මිත්‍රාදීන් කවුරුත්ම දැන් එයාගේ කාමරේ නැහැ.කම්පැනි එකෙන් පරණ ගිය අය වෙනුවට ලංකාවෙන් අලුත් අයවලුන් ගෙන්නලා.ඒ අතරේ ඉඳලා තියනවා ටිකක් නාහෙට අහන්නෙ නැති වලියටම බර කෙනෙක්.ආ දවසේ ඉඳන් තිලිණ එක්ක කොක්කටමලු එන්න හදන්නේ..දැන් තිලිණ පරණ සාමාජිකයා උනාට වැඩක් වෙන්නෙ නෑ..මොකද අලුතෙන් 6 දෙනෙක් විතර එකටම තමයි ගෙන්නවලා තියෙන්නේ.ඉතිං අලුත් අය අලුත් අයටනේ සපෝට් කරන්නේ..මේ හේතුව නිසා තිලිණ ඉවසන් ඉඳලා අපේ හබීට කෝල් කරලා විස්තරේ කියලා.තව සෙට් එකකුත් සෙට් කරගෙන එයාගේ කාමරේට නිවාඩු දවසේ එන්න කියලා .පොඩ්ඩක් අර අලුත් සෙට් එක බය කරවන්න. :D " මටත් හොඳ සෙට් එකක් ඉන්නවා" කියලා පෙන්නන්න වගේ.

ඉතින් දැන් කී පරිදි අපේ හබී එක්ක එකට කාමරේ ඉන්න තුන් දෙනයි, අර අනිත් කාමරේ මුස්ලිම් යාලුවයි , එයාගේ තව යාලුවෝ දෙන්නෙකුයි නිවාඩු දවසේ තිලිණගේ කාමරේට ගිහින්.යද්දී යාලුවෝ 25 ක් විතර තිලිණ කෝල් කරලා ගෙන්නවගෙනලු. රෑ ආපු අයට නිදාගන්නවත් හරියට තැනක් තිබිලා නෑ...

ඉතින් සැමන් ඇහිරුවා වගේ අමාරුවෙන් උදේ වෙනකන් කට්ටිය නිදාගෙන...රෑ මුකුත් සද්දයක් බද්දයක් නෑලු.උදේ පාන්දර අපේ හබීට හීනෙන් වගේ ඇහෙනවලු,මෙතන දැන් ෆාහිමුත් ඉන්නවලු .  "මචං ...එහෙම නෙවෙයි උබලා අවුල් දාගන්නේ නැතුව ඉඳහල්ලා..තිලිණයට අවුලක් උනොත් ඉතිං අපි ඔක්කොම තිලිණයා ගැන බලනවා..."දැන් හොඳින් දේශනාව දෙන්න පටන් අරන්ලු අර නාහෙට අහන්නෙ නැති කෙනාට :D

අපේ හබී නිදි පැදුරෙන් එහෙම්ම ගිහිං කට්ටිය මැද්දට කඩා වැදිලා කලබලෙන් වගේ ඇහුවලු " කෝ කෝ ෆාහිම් ඉන්නවද....අපි මේක ගොඩින් බේරගන්නම්, මේක කතා කරලා විසඳගන්න පුලුවන් ප්‍රශ්නයක්නේ බං ... ෆාහිම් උඹ නං මැද්දට පනින්න එපා ඈ...." කියලා

දැන් කට්ටිය හොල්මංලු .. ඇයි ෆාහිම්වම හොයන් පැන්නෙ කියලා ..ඉතින් ඔය් අතරේ හිටපු එක යාලුවෙක් හෙමිහිට හබී ලඟට ඇවිත් අහනවලු " ඒ ඇයි බං ඌ පොරක්ද ? කියලා

නැත්තං ........ පොරක්ද ත් අහනවා, ඕකා කලු පටි ගහලා ඉන්නේ...නාහෙට අහන්නෙ නෑ ඔහොම හිටියට...වැඩිය සද්ද බද්ද කරන්න යන්නෙපා පොර ඉස්සරහා  " කියලා  අපේ හබී උත්තර දුන්නලු..   (එයා කරාටේ කියන වචනේ විතරයි දන්නේ මයෙ හිතේ)   :D

ඒ තරමට ඇඟක් පතක් නැති ෆාහිම්ව පෙන්නලා සැකෙන් වගේ තව කෙනෙක් අහනවලු " මචං අර.....අර අයියා ගැනද උඹ ඔය කියන්නේ " කියලා..  :D

මේ සාකච්චාව හීනියට වගේ ඇහුන ෆාහිම්ගේ මොරාල් අප් වෙලා දැන් කතාව හරි සද්දෙටලු..

"අඩෝ මේ ..., උඹලා මෙතන කේස් දාගන්න ලෑස්තිවෙන්න එපා හොඳේ.. ඊට පස්සෙ අපිටත් අත දාන්ඩ වෙනවා මේවට...." කියලා පොර ටෝක්ස්ලු දැන්.
http://adastrasportsschool.com/karate/

ඉතින් මේ සිද්දියෙන් පස්සේ මචං කියලා ෆාහිම්ට කතා කරපු කට්ටිය අය්යේ කියලා ගරු සරු ඇතුවලු දැන් කතා කරන්නේ..පස්සේ එතනින් ශේප් වෙලා, අවුලත් ශේප් කරලා  කට්ටිය කාමරවලට ගියාලු.
***************************************************

මේ කියන්න යන සිදුවීම උනේ දැනට හරියටම සතියකට උඩදී...ඒ කියන්නේ ගිය සෙනසුරාදා...එදා ෆාහිම් තව යාලුවෝ දෙන්නෙකුත් එක්ක අපේ හබීලගේ කාමරේට ආවා...ඇවිත් රෑ කට්ටියත් එක්ක එකට උයලා තියෙන්නේ.ෆාහිම් ඩෙවල් එකකට එලවලු කපන්න උදවු කරලා... කතා අස්සේ එලවලු කපද්දී ඇඟිල්ලකුත් කැපිලා.පස්සේ රෑම හොස්පිටල් එක්කරගෙන ගිහින් 

හොස්පිටල් එකේදී ෆාහිම්ට බය හිතිලා... මැහුම් දාවිද , රිදේවිද මොකක් වෙයිද කියලා....ෆාහිම්ගේ  ඇස් දෙකේ කඳුලුත් පිරිලලු. 

ඒක දැකපු අපේ හබී කිවුවලු  "හාපෝ විලි ලැජ්ජයිනේ....කලු පටි ගහපු පොරක් නේද මේ අඬන්නේ " කියලා :D


Friday, September 6, 2013

The Black Hole සහ අපි

නිර්මල බුදු දහමට අනුව උතුම් මනුශ්යත්වයක් ලැබීමට බොහෝ පින් පෙර ආත්ම වල රැස් කර තිබිය යුතුයි.එසේ ලබාගන්නා මිනිස් ආත්මය සමහර  මිනිසුන් ගත කරන්නේ තුච්ඡ අධම අවිනීත ආකාරයෙන්ය.මිනිසා ජීවත් කරවන බලාපොරොත්තු , සිතුවිලි දැන් දැන් නොමගට යන ආකාරයක් පෙනේ. කරුණාව දයාව මිනිසුන්ගේ සිත් වලින් බොහෝ දුර ගොස් ඇත.ධනයෙන් යැපෙන සමාජයක් නිර්මාණය වීමෙන් එය එසේ වන්නට ඇතැයි විටෙක මට සිතේ.

ගමේත් නගරයේත් එක සේම දුක කඳුළ හඳුනන මිනිසුන්  සේම සියල්ල ධනය මත යැයි සිතන කරුණාව දයාව නොහඳුනන මිනිසුන්ද වෙති.සමාජ විෂමතාවය යැයි කියන්නේ ඒ වෙනස්කම් මිනිසුන්ගේ විවිධ සිතුවිලි අතරින් සමාජය තුල ඇති කරන පෙරළියන් වන්නට ඇත.

කෙන කෙනාගේ ජීවිතවලට  කාලයෙන් කාලයට අලුත්  අලුත් අත්දැකීම් එකතු වේ.හිතන්න ඔබට ජීවිතේ වරමක් දෙනවා කියලා...ඔබ ඒ වරමෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට දන්නවා ද ?

දවසක් ජීවිතය ගැන කලකිරුණු කෙනෙක් කල්පනාවේ ඉද්දී දෙවි කෙනෙක් ඇවිත් ඒ පුද්ගලයාට වරම් දෙකක් දෙන්නට පොරොන්දු උනා.

දෙවියන් :::: මම ඔබට වරම් දෙකක් ලබා දෙනවා , ඔබේ වරම් දෙකෙන් පලමු වරය ලෙස ඔබට අවශ්ය කුමක්ද?

මිනිසා  ::::දෙවියනි ,මට සුව නින්දකදී මිය යාමට පලමු වරය දෙන්න

දෙවියන්::::  හොඳයි,මම ඔබට එම වරය දෙනවා. දැන් දෙවැනි වරය ලෙස අවශ්ය වන්නේ කුමක්ද?

මිනිසා::::  දෙවියනි , කිසිදා මිය නොයන ලෙස මට දෙවැනි වරය දෙන්න.

එම මිනිසා ඔබ හෝ මා වූයේ නම් අප ඉල්ලාවි , සැප සම්පත්, යාන වාහන, ඉඩ කඩම් , ගේ දොර වැනි දේ. යථාර්තය තේරුම් ගෙන යථාර්තයට යථාර්තවාදීව මුහුණ දීමට අපේ පෘතග්ජන හිත් තවම නොනැමෙන සුලුයි.



මට මේ සියලු සිතිවිලි උපද්දන්නට සමත් වූ කෙටි චිත්‍රපටය The Black Hole(කලු සිදුර).විනාඩි 2ක් වැනි කෙටි කාලසීමාවක් තුල මේ චිත්‍රපටය අපට කොයිතරම් ලොකු පාඩමක් කියා දෙනවාද? ඔබට හැකිනම් ඇසිපිය නොහෙලා හෝ බලා සිටින්න.මක් නිසාද යත් මෙම චිත්‍රපටය තුල තප්පරය පවා බොහෝ වටිනා හෙයිනි.





හ්ම්ම්.........මොහුට ලැබුන වරම මොහු නිවැරදිව පාවිච්චි කලානම් , කාර්ය බහුලත්වයෙන් පීඩිතව සිටි ඔහුගේ සිතුවිලි ක්‍රියාත්මක වූ අයුරු පුදුමයක් නොවේ. නමුත් ඔහුගේ වැඩි තණ්හාව ඔහුගේ ඉරණමට හේතු උනා.මේ වරය ඔබට  ලැබුනා නම් ?

Monday, September 2, 2013

මෙදා විශේෂේ



මම අද ඔයාලා හැමෝටම ඇතිවෙන්න කන්න දෙන්න කියලා හිතාගෙන ඉන්නේ...මේක එක්තරා දානයක්.. ඔයාලා කැමති විදිහට හිතාගන්න පුලුවන්. එක්කෝ වැඩිහිටි දානයක්.. නැත්තම් අම්මාවරුන්ගේ දානයක් නැත්තම් කුමාර දානයක් එහෙමත් නැත්තං බලු කපුටු දානයක්...! :D

හරි හරි විහිලු කරලා ඉවරයි ..ඇත්තටම අද (3) මට විශේෂ දවසක්.. ඉතිං මේක පුංචි පාටියක් හොඳද..

හ්ම්ම්... ඉස්සෙල්ලම කේක් දෙන්න එපැයි


ඔන්න කේක්


මම වගේ චොකෝ කේක් වලට කැමති අයට


ඔන්න දැන් බීම..කැමති කැමති විදිහට අරන් බොන එකයි තියෙන්නේ




ඔන්න කැමති ජාතියක් අරන් බොන්න..මම නං කැමති අර මැද්දේ තියන රෝස පාට ෆලුඩා එකට..

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*








*
*
*
*
හා හා දැන් ඉතිං සැර ජාති බොන කට්ටිය මූණු එල්ලගන්න ඕනි නැහැ.. ඔන්න අරං බොන්න.



අමුවෙන්ම බොන්න බැරි හින්දා ඔන්න...  :D



පාටියට ආවට කවුරුත් දන්නේ නෑනේ මෙකටද මේ පාටිය කියලා... එහෙනම් methanin ගිහින් බලාගන්නකෝ ඒකත්


ප.ලි.  ::::::::::: පින්තුර ඔක්කොම ගූගල් වෙතින්