![]() |
| මෙන්න මම හදපුවා.. |
ළමායි........ කට්ටියම දන්නවනේ ඉතිං මේ රෙහානි කෙල්ල ගෙදරටම වෙලා පාලුවේ ඉන්න එකී කියලා....ඔන්න ඊයේ දෝණි පොඩ්ඩ අපේ ගෙදර ආවා..හපෝ එයාව ගෙන්න ගන්න තියන අමාරුවක් දැන්..අක්කලා නං එනවා කිවුවේ සෙනසුරාදා....මේ කටර් එක ටිකක් කලින් ආවා..ඉතිං දැං ගේ දේවනත් වෙලා තියේන්නේ..
මේකිත් ඉන්න එකේ අපි දෙන්නා හැදුවා රසම රස කෑමක්.. වටලප්පන්..! හොඳම වැඩේ තමයි මම වටලප්පන් ජීවිතේට හදලා නෑ..අපේ බ්ලොග් ලෝකේ සහෝදරියක් දාපු පොස්ට් එකක් බලාගෙන තමයි මම වටලප්පන් හැදුවේ..එයා වටලප්පන් හදලා තිබුනෙ අවන් එකේ..මම හැදුවේ ස්ටීමර් එකේ,, එච්චරයි වෙනස තියෙන්නේ.ඉතිං බලන්න සහොදරවරුණි කොච්චර ලොකු සේවයක්ද මේ අපේ බ්ලොග් යාලුවන්ගේන් සිද්දවෙන්නේ කියලා.. :D
ඔයාලටත් ආසනම් වටලප්පන් හදන්න මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න.AADAMBARAKAARI
ඉතින් හදලා බලලා අපිටත් කියන්නකෝ රසද කියලා..
