ටික දවසක් යද්දී සඳුන් අය්යට අලුත් හයර් එකක් සෙට් උනා. ඒක තමයි බේකරියක පාන් සහ අනිත් කෑම වර්ග අරගෙන ගිහින් කඩවල් වලට දාන එක. මේ වැඩේට එයාට ගෝලයෙකුත් ලැබුන. හුඟක් දුර යන්න තිබුනෙත් නැහැ .ගමේ අවට දන්නා කියන කඩවල් වලට. ඉතින් සඳුන් අය්යත් හරි කැමැත්තෙන් වැඩේ බාර ගත්ත.. ටික දවසක් යනකන් වැඩේ හොදට කරගෙන ගියා දෙය්යනේ කියල. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නා වගේ දෙන කෑම වර්ග වල තියන සුපිරි බව ටික ටික අඩු වෙලා යනවලු.වැඩේ කියන්නේ කඩ මුන්දලාලිලා සඳුන් අය්යගෙන් බඩු ගන්නේ බේකරියේ ඇඳුනුම් කමට වඩා සඳුන් අය්යාගේ ඇඳුනුම් කමට . ඔහොම යනකොට කඩේ මුන්දලාලිලා කියන්න පටන් අරන් සඳුන් අය්යට "දැන් නම් කෑම සවුත්තුයි කොල්ලෝ, මුලදී තිබ්බ වගේ හොඳට නැහැ . " කියල. සඳුන් අය්යත් කට කාරය නිසා මොනවා හරි කියල ශේප් එකක් දාගෙන ඇවිත්. මොකෝ ඉතින් සඳුන් අය්ය බේකරියේ වැඩ කරන්නේ නැහැ නේ. එයා යන්නේ එයාගේ හයර් එක කරගන්නනෙ. කොහොම කොහොම හරි ඔහොම යද්දී දවසක් එක මුන්දලාලි කෙනෙක් කියනවලු "සඳුනා, මේ මාළු බනිස් මැද්දේ ළුණු විතරනේ බන් කෝ මාළු කියල, තව කෙනෙක් කියනවලු පහුවදා උදේට " බනිස් ඉතුරු වුණා.. ආපහු ගෙනියන්න" කියල , ඔය විදිහට දැන් හැමදාම මිනිස්සු අනන් මනං කියනවලු... සඳුන් අය්යටත් දැන් ඇති වෙලා. සඳුන් අය්ය බේකරියේ අයිති අයට දන්වල තිබුනත් තත්ත්වය වෙනස් වෙලා තිබුනේ නැතිලු.
ඔය විදිහට දවසක් සඳුන් අය්ය උදේම කඩේකට ගිහින් පාන් දාන්න. මුන්දලාලිගේ බැල්මත් එච්චර හොඳ නැතිලු ඒ වෙලාවේ. සඳුන් අය්යට වැඩේ තේරිලා වාහනෙන් බහිද්දිම.
මුන්දලාලි අද මොනවද දාන්නේ ?
මොනවද ඕයි තමුසෙලගෙ කෑම...? ඒවා අරන් ගිය මිනිස්සු මට බනිනවා කඩේටම ඇවිත්.. මන් කොහොමද වෙළඳාමක් කරගන්නේ?මීටපස්සේ මේ කඩේට තමුසෙලගෙ බඩු ඕන නැහැ. (මුන්දලාලිට හොඳටම කේන්ති ගිහින්ලු.)
ඇයි මුන්දලාලි මොකද වෙලා තියෙන්නේ?
මොකද වෙලා තියෙන්නේ? අහන හැටි විතරක්.. බලනවා මේ ජෑම් පාස් එක දිහා.. .කෝ අයිසේ මේකේ ජෑම්? (මුන්දලාලි ජෑම් පාස් එක දෙකට කඩල පෙන්නලා ඇහුවා.)
අය්යෝ මුන්දලාලි එකනේ ඕවට ජෑම් පාස් කියන්නේ...