වෙලාවකට සත්තකයි මට හිතෙනවා ජීවිතේ හීනයක්....!
ඒත් ඇත්තටම ඒක හැබෑ කරගත හැකි හීනයක් ..
සමහරවිටක කෙනෙක් කියාවි..
ජීවිතේ හැබෑ කරගත නොහැකි හීනත් ඇති බව
මන් පිලිගන්නවා.
ජීවිතේ හැමදේම හැමකෙනෙකුටම එක හා සමානව ලබෙන්නේ නැහැ
සතුට ලැබෙනකොට දුකකුත් අතළඟ.. හැමදාම හිනාවෙලා ඉන්න ආස උනත්
හැමදාම හිනාවෙලා ඉන්න හැමෝටම බැහැ
ඊයේ ගොඩක් සතුටින් හිටපු මම ,,
අද ගොඩක් දුකින්..
ඔයාටත් එහෙම වෙලා ඇති අනන්තවත්..
එහෙම කියල ඔයා හදාවි මගේ හිත...
ඒත් ...කොහොම උහුලන්නද මං
රත්තරං ඔයා වෙන්ව ගිය හැටි..
කටුනායක වීදුරු බැල්කනියෙන්
එපිටින් ඔයාගේ කඳුළු දැකපු හැටි..
මතකෙට එන වරක් පාසා
තවමත් කඳුළු සලමි මම..
.......................................
තවමත් ඉන්නට පුළුවන් මට..
ලාමක උනත් මගේ හිත සවි කරගෙන..
ජීවිත ගඟුලෙන් එතෙර වන්නට
ඔරුව නුඹ නම්....
ශක්තිමත් හබලක් විය හැකි ගැහැනියක්මි මම..
ඉතින් ඉදිරියටම ඔරුව පදවමු
පසෙකලා මේ දුක...!