හදින් හද ලඟ නමුත් ..
ගතින් නුඹ දුර ගිහින්
මල් මිලින වී වාගෙයි
අහස අඳුරු වී වාගෙයි
හිරු සඳු තරු සැඟවී වාගෙයි
කාලය නැවතී වාගෙයි..
කඳුලැල් බරවෙලා
මගේ නෙත් හොයනවා
කෝ .........
නුඹ කොහිද කියා
මා හැඟුම් නුඹ දන්නවා..
ඉතිං මං පෙර මග බලනවා
නුඹ යලි එනතුරා...
*********************************************
මා හද සහරාවට වට
ආදර මල් වරුසාවයි නුඹ..
සයුරු ගුවන් පෙම් පුවතේ
ක්ෂිතිජයයි නුඹ..
හිරු බැස යන සන්ධ්‍යාවේ
රිවි දහරයි නුඹ..
මගේ ආත්මය පුරා පැතිරුණ
ආදරණීය වූ ස්නේහයයි නුඹ..
***********************
පින්තූර ගූගල් වෙතිනි
ගතින් ඉන්නට නැතත් ලංවී...
ReplyDeleteසිතින් යන්නට එපා වෙන්වී....
ඔබෙන් තොරවූ ලෝකයක්
Deleteහිතාගන්නට බැහැ............
යෑස් යෑස්.... :D
Deleteස්තුතියි දෙන්නටම මේ පැත්තේ ආවාට
හිතාගන්නට බෑ........බෑ........
Deleteහිතාගන්නට බෑ.....බෑ.....බෑ..... ඔන්න අන්තිම පදෙත් සම්පූර්ණයි...
හී..................ස්තුතියි ඒකත් සම්පූර්ණ කලාට :)
Delete:)
ReplyDelete:)
Deleteස්තුතියි මේ පැත්තේ ආවාට..
නිකං මේ බොරුව දාන්නෙ නැතුව කමෙන්ට් එකක් කොටලා පලයං සෑමා...
Deleteසතුට රජයන කුරුළු කුඩුවක්....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් :)
Deleteස්තුතියි පූසෝ
රෙහානියෝ, මම මේකට මොනවා හරි කියන්න ගියොත් සෑහෙන දිගට ලියන්න වෙනවා.. කියන්න ඕන නෑනේ අපි එකම බෝට්ටුවේ කියලා..
ReplyDeleteමම දන්නවා දිනේශ් අයියේ ,
Deleteඅපි දෙපැත්තක ඉඳන් කට්ට කාලා ආපහු හැරි හැරි බලලා සතුටු වෙන්නත් දෙයක් ඉතිරි වෙයිනේ...
ඒම සතුටු වෙන්න පුලුවන් දවස එනකන් අපි මෙහෙම ඉමු කට්ට කාගෙන.
2 o'clock!
ReplyDeleteමෙච්චර රෑවෙනකං මොකෑ කරන්නෙ ආ... :D
Deleteනෑ මම කිව්වේ වෙලාව නෙවෙයි. කොරියාව තියෙන පැත්ත. ටිකක් ඊසාන පැත්තනේ. 2'O Clock වගේ තමයි.
Deleteඅහා................ ඒමද කාරණේ...වැටහුනේ දැන්නේ
Deleteමගේ ආත්මය පුරා පැතිරුණ
ReplyDeleteආදරණීය වූ ස්නේහයයි නුඹ..**********
ලස්සන පද බැදිල්ලක්
ස්තුතියි ශානු
Deleteදුක තමයි රං...... වැරදුනා ...රෙහානි......
ReplyDeleteටික කලක් ඉවසන්න.....ඔය ඉවසං හිටිය වගේ....
:D
Deleteඅනිවා කෙන්ජි මහතාණෙනි..,
ස්තුතියි
මල කෝලං
ReplyDeleteබොට කීන්නෑ ඉතිං :D :D
Deleteලස්සන පද පෙළක්
ReplyDeleteසතුතියි රජ වීදිය
Delete//මා හද සහරාවට වට
ReplyDeleteආදර මල් වරුසාවයි නුඹ..//
ලස්සණ පද වැලක්. මේ එහා පැත්තෙ කෝප්පෙක බැහැල ඉන්න එක්කෙනත් ලස්සණ යි.
// මේ එහා පැත්තෙ කෝප්පෙක බැහැල ඉන්න එක්කෙනත් ලස්සණ යි.//ආ...........ඒ මගෙ හෙවනැල්ල :D
Deleteස්තුතියි දිලිනි
//මා හැඟුම් නුඹ දන්නවා//
ReplyDeleteලස්සනයි රෙහනි,අනිවාර්යෙන්ම ආදරේ කරන අය අනෙකාගේ හැගුම් දැනගතයුත්තේමය.
ඒක ඇත්ත.......................!
Deleteස්තුතියි මනෝ
// සයුරු ගුවන් පෙම් පුවතේ ක්ෂිතිජයයි නුඹ//
ReplyDelete++++++++
කවි ටික ලස්සනයි රෙහානි.. :)
ස්තුතියි චාම්ස්...කාලෙකින් නේද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteආදරයත් විරහවත් එකට එකතු කරපු ලස්සන පද පෙලක්. සුභ පැතුම් රෙහානි.
ReplyDelete- ප්‍රියා.
ස්තුතියි ප්‍රියා
Deleteබැන්ද ගමන් නොවැ දෙන්නා දෙරටක තනි වුනේ...අන්න ඒකයි කාරණේ...
ReplyDeleteහරියටම හරි...
Deleteඒක නොවැ කාරණේ
දැන්නම් කොරියාවෙ හිටිය ඇතිවගෙ
ReplyDeleteහුදකලාව දරාගන්න පුළුවන්, වියෝගයේ හුදකලාව අමාරුවෙන් දරාගන්න පුළුවන්, ප්‍රේමනීය හුදකලාව දරාගන්නම බෑ
ReplyDeleteහරියට හරි නෙව
Deleteලස්සනයි..... හැබැයි සහරාව කියන එකට වඩා කතර කියලා කිව්ව නම් මං කැමති...!!!!
ReplyDeleteහ්ම්ම්..........එහෙමත් ලස්සනයි
Deleteස්තුතියී වර්ෂා
දරා ගන්න බැරිලු දුක, ඔහු දුර වැඩි හන්දා
ReplyDeleteඇගේ නෙතු ඉකිබිඳි.. ආදරෙ වැඩි හන්දා
................................................................................
හිතේ දුක කවි කරල නේ ?
( මට මොකටද ඒකෙ වගක් .. නේ ? )
ලස්සන නිර්මාණයක් ...!