ලා දම් අහසට පායන උදවිය ..

Friday, November 30, 2012

ගැහැණු ළමයෙක් ..............

ගැහැණු ළමයෙක් ..............
රෝස මලක් වගේ
ලස්සන වෙන්නත් ඕන
පිච්ච මලක් වගේ
අහිංසක වෙන්නත් ඕන
උඩ වැඩියා  මලක් වගේ
 ආඩම්බර  වෙන්නත් ඕන
නමුත් ...
සුරියකාන්ත මලක් වගේ
ඉර හැරෙන හැරෙන අතට නොහැරිය යුතුයි

Tuesday, November 27, 2012

"කොක්කු ජෝඩුවයි ඉබ්බයි "නෑ ...ඒක නෙවෙයි හලෝ

එකමත් එක   රටක හිටියලු ඉබ්බෙකුයි කොක්කු ජෝඩුවකුයි ! :) දවසක් මේ කොක්කු ජෝඩුව පියාසර කරගෙන කරගෙන යනකොට දැක්කලු වතුර හිඳිලා ගියපු වලක යන්තම් මඩ ගොහොරකට වෙලා පණ ගැටගහන්  ඉන්න ඉබ්බෙක්ව .අනේ ඉතින් මේත් ජීවිතයක්නේ කියල හිතපු කොක්කු ජෝඩුවට අනුකම්පා හිතිලා ඉබ්බා ලඟට ගියා.(හෑ ...මේ මොකැයි මොන්ටිසෝලි ස්ටෝරියක් ඇදබාන්නේ :D හා හා කියවන් යමුකෝ)                                                                             
                                                                                                              "මචන් ,මචන් (යාලුවේ, යාලුවේ වෙනුවට වර්තමානයේදී )උඹට ආතල් එකේ ඉන්න පුළුවන් වතුර පුරෝලා තියන පට්ට වලක් තියනවා අපි දන්නා.උඹට ඕනිනම් අපි ලිෆ්ට් එක දෙනවා එකෙන්ම !මොකෝ කියන්නේ " කොක්කු දෙන්නා ඇහුවා .                                                
                                                                                                            අනේ මටත් එපාවෙලා හිටියේ ...උඹල දෙන්නට කරන්න පුලුවන්නම් ලොකු පිනක්....!ඉබ්බා කිවුවා                                                              
                                                                                                             අපි දෙන්න කොහොමහරි උඹව ඒ වලට ගිහින් දාන්නම් ..හැබැයි ඉස්සර උඹලගේ සීයා  කරා වගේ  උඩින් යද්දී කෑ ගහල කට පරිස්සම් කරගත්තේ නැත්තන් උඹේ මරණෙට අපි වග කියන්නේ නෑ හරිද...! කොක්කු ජෝඩුව කියලා පොරොන්දු කරගත්තා.                                    
                                                                                                             හරි හරි ..මන් පොරොන්දු වෙනවා මන් එහෙම මෝඩ වැඩ කරන්නේ නැහැ කියලා "ඉබ්බා කිවුව..                                                                  
                                                                                                             ඔන්න දැන් සියල්ල පොරොන්දු පිට කොක්කු දෙන්නා ඉබ්බව උඩින් අරන් ගියා.ඔන්න ටිකක් දුර යද්දී ඉබි සීයට උනා වගේම ඉස්කෝලයක් ලඟදි ළමයි හිනාවෙන්න ගත්තා ,"අන්න ඉබ්බෙක් අහසින් යනෝ" කියලා !උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇදේ ඇරෙන්නේ නැහැ වගේ මේ ඉබ්බත් ඉබි පරපුරේ ගති පෙන්වමින් ළමයින්ට පෙරලා බනින්න කට ඇරියා. ඔන්න එතකොට මේ කොක්කු දෙන්නට නුවණ  පහල  වෙලා   ඉක්මනින් පහලට පියාඹල ඇවිත් ආපහු ඉබ්බව අල්ල ගත්තා                  
                                                                                                              ඉතින් ඊට පස්සේ ...........................ඉබ්බා කිවුවා   "තෑන්ක් යු මචන්ස් "කියලා:D           :D               :D 
                                       
                                          

Wednesday, November 21, 2012

ජීවිතේ හීනයක්....!නැහැ හැබෑවක් කරගත හැකි හීනයක් එය...!

වෙලාවකට සත්තකයි මට හිතෙනවා ජීවිතේ හීනයක්....!
ඒත් ඇත්තටම ඒක හැබෑ කරගත හැකි හීනයක් ..
සමහරවිටක කෙනෙක් කියාවි..
ජීවිතේ හැබෑ කරගත නොහැකි හීනත් ඇති බව
මන් පිලිගන්නවා.
ජීවිතේ හැමදේම හැමකෙනෙකුටම එක හා සමානව ලබෙන්නේ නැහැ
සතුට ලැබෙනකොට දුකකුත් අතළඟ..    හැමදාම හිනාවෙලා ඉන්න ආස උනත්
හැමදාම හිනාවෙලා ඉන්න හැමෝටම බැහැ
ඊයේ ගොඩක් සතුටින් හිටපු මම ,,
අද ගොඩක් දුකින්..
ඔයාටත් එහෙම වෙලා ඇති අනන්තවත්..
එහෙම කියල ඔයා හදාවි මගේ හිත...
ඒත් ...කොහොම උහුලන්නද මං
රත්තරං  ඔයා වෙන්ව ගිය හැටි..
කටුනායක වීදුරු බැල්කනියෙන්
එපිටින් ඔයාගේ කඳුළු දැකපු හැටි..
මතකෙට එන වරක් පාසා
තවමත් කඳුළු සලමි මම..
.......................................
තවමත් ඉන්නට පුළුවන් මට..
ලාමක උනත් මගේ හිත සවි කරගෙන..
ජීවිත ගඟුලෙන් එතෙර වන්නට
ඔරුව නුඹ නම්....
ශක්තිමත් හබලක් විය හැකි ගැහැනියක්මි මම..
ඉතින් ඉදිරියටම ඔරුව පදවමු
පසෙකලා මේ දුක...!