ගුරු නිවාසය පැත්තට හනි හනිකේ දිව ආව සශ්මිකත් දීපාලුත් සැඟවෙන්නට තැනක් සොයා වටපිට බැලුවේ කලබලයෙන්.
ෂ්........ෂ්......ෂ්.....................!
දිලීප ගුරු නිවාසය ඇතුලේ සිට ජනේලයකින් ඔලුව දමා ශබ්ද කලේ දෙදෙනාට ඇහෙන්න.
රිංගහං ඇතුලට..." මිල්හාන් ඇතුලට එන්නට දෙදෙනාටම අත දුන්නා.තත්පර ගානකින් ජේමිස් ජනේලය අසළ හක්කලං කරමින් පිරිස කොහි ගියාදැයි සූක්ෂම බැල්මක් හෙලන අයුරු වැසූ ජනෙල් කවුළු තුලින් පිරිස බලා උන්නේ දහඩිය පෙරමින්..
"ජේමිස්කාරයා යන්නේ ඔෆිස් එකටද කොහෙද බං.." මිල්හාන් කිවුවේ බියපත් ස්වරයකින්...
"ඉවරයි.........."එසේ කියා ඔලුවේ අත ගහගත් සශ්මික වහා ජනේලය හැර එළියට පැන්නා..
"ජේමිස් අංකල්..........!' සශ්මික ඔහුට කතා කළා.
"මොනාද බූරුවො උඹ කරන්නේ? " උදාන් ඇහුවේ කේන්තියෙන්..
අංකල් ඔෆිස් එකට ගියොත් අපි ආයේ ඉස්කෝලෙ ඇවිල්ලත් ඉවරයි... තේරෙන්නෙ නැද්ද උඹට ඒක...? සශ්මික ඇහුවේ එවැනිම කේන්තියකින්.
ඒ වන විටත් ජේමිස් පුපුර පුපුරා ආපසු හැරී පිරිස වෙත ඇවිත්..
'මේ ඉන්නේ අලුගුත්තේරුවො ටික....., අලුගුත්තේරුවො නෙවෙයි මුං වතු පාලුවෝ.." ඉඳහං අද උඹලට මං හොඳ කෙලියක් කොරලා තමා පස්ස බලන්නේ..." ජේමිස් ඒ ටික කිවුවේ සශ්මිකගේ කනකුත් මිරිකගෙන...
"කියන්ඩ එපා...! තව කියන ලස්සන විතරක්...හැමදාම පොල්, කුරුම්බා නැති වෙනකොට මොන බහිරවයද ගිලින්නෙ කියලා හොයාගන්ඩ බැරුව තමයි මම හිටියේ....! හිටපල්ලා තොපිට මන් කරන වැඩේ බලන්ඩ......යමව් පින්සිබෙල් ලඟට..." ජේමිස්ගේ බුරුලක් පේන මානෙක නෑ
මොකාගේ නෑයෝ කීවා? " ජේමිස් පුපුරමින් ඇහුවා,
"මේ මෙයාගේ..." දීපාල් උදාන්ව පෙන්නුවා...
"මේ පුබ්බඩයෙක්ගේ නෑයො මං...? කව්ද බොට කිවුවේ... ?ජේමිස් ඇහුවේ උදාන් දිහාවට අතකුත් දික් කරන්...උදාන් ඔලුව කසමින් හොර පූස් බැල්ම දාගෙන නොදන්නා ළදරුවෙක් ගානට රංගනයක යෙදිලයි හිටියේ..
"ඇයි උදාන් උඹ කිවුවේ.............කියහංකෝ ඉතිං ...දිලීප උදාන්ට බල කලා.." උදාන් ඇද බා ඇත්තේ තඩි බොරුවක් බව සශ්මිකට නම් ඒ වන විට තේරිලා තිබුණේ..
උදාන් නිශ්ශබ්ද නිසා ඔහු කියා ඇත්තේ බොරු බව හැමෝටම වැටහුණා...
"එව්වා වැඩක් නෑ....මට මගේ අලාබෙ ගන්න ඕනේ...තොපිලටත් හොඳ පාඩමක් උගන්නලා...ආයේ මෙව්ව නොකරන්ඩ....යමල්ලා දැන් ඔපීසියට...."
ජේමිස් දැඩි තීරණයක් හිටියා...
"එහෙම නෙවෙයි අංකල් අදට අපිට සමාව දෙන්ඩ ...අපි මීට කලිං කුරුම්බා කඩලා නෑ..ඇත්තමයි අංකල්...අපි අංකල් කියන ඕනි දෙයක් කරන්නම්...ප්‍රින්සිපල්ට කියන්න එපා අංකල්....ප්ලීස් අංකල්..." සශ්මික නැවත වරක් ඉල්ලුවා...
මද වේලාවක් කල්පනා කළ ජේමිස් "හොඳයි, මං පින්සිබෙල්ට කියන්නෑ...., හැබැයි තොපි පස්දෙනා අද ගෙදර යන්ඩ කලියෙං මේ පොල් වත්ත එළි පෙහෙළි කරලා යන්ඩ ඕනි... "ජේමිස් කොන්දේසියක් දැමුවා..
"අනේ අංකල්...අක්කරේකටත් වැඩී වගේනෙ...අපි ටිකක් එළි කරලා දෙන්නද? බොහොම සාවදානව උදාන් ඇහුවා .
"මොකද්ද?..............එහෙනං යමල්ල ඔපීසියට..!" ජේමිස් එය කීවේ තීරණයේ කිසිම වෙනසක් නොවන බව තරයේ දැනුම් දෙමින්...
"නෑ නෑ අංකල්......, අපි එළි කරන්නම් ඕක මොකද්ද.....? දීපාල් උදාන්ගේ කකුල පාගන ගමන් කිවුවා..
"අපි ඉස්කෝලෙ ඇරුන ගමන් ඇවිල්ල කරනවා අංකල්....එහෙනං අංකල් කියන්නෑ නේද? සශ්මික චාටුවෙන් මෙන් ඇසුවා..
උඹලා එළි නොකර කට්ටි පැන්නොත් හෙට උදේම මං කියනවා ඕක...."
නෑ අංකල් එහෙම වෙන්නෑ..."
කලින්ම කට්ටි පනින්නට සිතා පාසල ඇරුන විගස ගේට්ටුවෙන් පිටමං වන්නට ගිය උදාන් දුටු දෙයින් හද ගැස්ම වැඩිවෙලා මදක් එක තැන නැවති බලා සිට්යා..ජේමිස් ඔහුගේ පුතා සමග ගේට්ටුව ඉදිරියට වී පාර බලන්නේ තමන් ඇතුළු කල්ලිය පනිනවාදැයි බැලීමට බව උදාන්ට තේරුණා..ඒ නිසාවෙන් පනින අදහස අතැර දැමූ උදාන් සශ්මික වෙත ගියා.පොරොන්දු වූ අයුරින් පිරිස උඩ කමිස ගලවා බැනියම් පිටිං වත්ත සුද්ද කළා..
"උදානයා....උඹ අරක දෙය්යන්ට ඇරපු ගහක් කිවුවෙත් බොරුද එතකොට?" දීපාල් ඇසුවේ උස ගස් වලට කැත්තෙන් පහර දෙන ගමං....
"ඕක අහන්නත් දෙයක්ද බං........මූ බොරු මවන්නෙක්....! " සශ්මික කීවේ කට කොනකින් හිනාවෙන ගමන්...
***************************************************
"මේ සශ්මිකයා...ඔන්න කිවුවා , අද නම් මට බෑ කටු කන්න එන්න උඹත් එක්ක.." මිල්හාන් පාසල නිමාවේ ගාථා කියන අතරතුරේ මිමිනුවා..
"අනේ මොකද්ද බං අද විතරයි.....අද ඒකි ස්ටෑන්ඩ් එකේ නොහිටියොත් අපි මේක අතෑරලා දාමු..." සශ්මික කිවුවේ මිල්හාන්ව කොහොම හරි නතර කරගන්නට ඕන නිසා...
පාසල් ගේට්ටුවෙන් පිටතට ආ සශ්මිකත් මිලහානුත් ඉක්මනින් බස් නැවතුම්පල වෙත ආවා..
"බලපන් දැන් ඒකි හම්බවෙලා සතියකුත් උනා...මෙච්චර දවසක් ඒකි නැතිවෙන්න හේතුවක් නෑනේ,එග්සෑම්වලටත් තව සති දෙකයි දැන් දවස් කීයක් නං රස්තියාදුවේද?" මිල්හාන් මැසිවිලි නගන්නට උනා...
"ඒක තමයි බං මටත් තියන ප්‍රශ්නේ...අඩුම තරමේ ඒකිත් එක්ක එකට හිටපු අනිත් උන් තුන් දෙනාගෙන් එකෙක්වත් නෑනේ..." සශ්මික කීවේ අවිනිශ්චිත බවකින් හිත පුරෝගෙන.
"එතකොට මචං අපිට තොරතුරක් ගන්න විදියක් ඇත්තෙම නැද්ද?" මිල්හාන් ඇසුවේ යමක් කල්පනාවට ගන්න උත්සහා දරමින්..
"අපි කාගෙන් කියලා අහන්නද බං....අනික කෂිනි කිවුවම හැමෝම අඳුරන්න එයා ඇක්ට්‍රස් කෙනෙක්යෑ...." සශ්මික කීවා
මද වෙලාවක් නිහඬව සිටි සශ්මික කහවත්ත නැවතුම දෙස හැරී බැලුවා.කෂිනිගේම වයසේ කිව හැකි ගැහැණු දරුවෙක් කහවත්ත නැවතුමේ බසයක් එනතුරු රැඳී සිටින අයුරු සශ්මික දුටුවේ එවිටමයි."සමහර විට මෙයත් එදා මෙතන හිටියද දන්නෑ" සශ්මික හිත යටින් හිතමින් උත්තර හොයන්න උනා.."ඒත්..........කොහොමද එකපාර මෙයාගෙන් කෂිනි ගැන අහන්නේ?," " අනික ඉතිං ෂෙඩ් එක ලඟට වෙන බස්වලත් යන්න පුලුවන්නේ" සශ්මික දිගටම හිතුවා...
"ඒ මිල්හානයා..........අතන ඉන්න කෙල්ලට අපි ටෝකක් දාලා බලමුද....සමහරවිට අපිට අරකි ගැන තොරතුරක් එයි.... " සශ්මික මිල්හාන්ට අදහස යෝජනා කරලා බැලුවා..
"උඹට පිස්සුද?........එක ඉස්කෝලෙ හිටපු පලියට ඒකි කෂිනිව දන්නැතිව ඇති...." මිල්හාන් අදහස ප්‍රතික්ෂේප කලා...
"හරි ඉතිං......ඇහුවා කියලා කට ගෙවෙනවයෑ....වරෙන්කෝ....' සශ්මික මිල්හාන්වත් ඇදගෙන කහවත්ත නැවතුමට ගියා...
"මේ නංගි..... අද කෂිනි ආවේ නැද්ද? " මිල්හාන් ඇය වෙත ගොස් ඇසුවේ කෂිනි බොහෝම හොඳින් අඳුරන වග පෙන්නලා.....
"ආ....අද කෂිනි ආවා....එයා ඉතිං යන්නේ ස්කූල් වෑන් එකේනේ ... ඇය පිළිතුරු දුන්නා..
ඒ වනවිටම නැවතුමට ආ ලංගමයකට ඇය ගොඩ උනේ මිල්හාන්ට 'යන්නම්" කියා කියනා ගමන්මයි.
"ඒකි කිවුවේ අපේ කෂිනි ගැන වෙන්නැතිද බං?" මිල්හාන් නිශ්චිත යමක් සිතාගත නොහැකිව ඇසුවා..
"අනිවා ඒකි ගැන තමයි.....කල්පනා කරලා බලහං.. අපි දවස් කීයක් නං කට්ට කාගෙන ඕකිව හෙව්වද?අපිට හම්බුනේ නෑනේ..ෂුවර් එකට එදා මේකි යන වෑන් එක කැඩෙන්න ඇති බං...ඒකනෙ හෙන සෙට් එකක් බස් එකේ ගියේ.....අනික මෙච්චර ස්ටෑන්ඩ් එකේ රස්තියාදු පාර දාන අපිට ඕකිව එදා වෙනකං අපේ ඇහැ ගැහුනේ නැති හේතුවත් ඕකයි...." සශ්මික කියාගෙන ගියා...
හ්ම්ම්....වෙන්ඩ පුළුවන්...!' හැබැයි සශ්මිකයා මේ සති දෙකේ අපි විභාගේ ගැන විතරක් හිතමු....විභාගෙන් පස්සෙ කෙල්ලව ෆලෝ කරමු...අනික ඒකිත් අපේ වයසේ මං හිතන්නේ ...දැන් යමං....." මිල්හාන් සශ්මික සමග කලවාන බසයක් වෙත ඇදුණේ සශ්මිකට කොන්දට තට්ටුවක් දාන ගමන්..
සශ්මික හිස වනා මිල්හාන් කී දේ පිළිගත්තා...මිල්හාන් වැනි යහළුවෙක් තමන්ට ලැබුණේ පෙර පිනකට යැයි සශ්මික හිතුවා...අම්මා තාත්තාට අක්කලාට නැති කැක්කුමක් මිල්හාන්ට තමන් ගැන ඇති බව සශ්මික දැනන් උන්නා..පව්ලේ බැඳීම් වලට වඩා බලවත් වූ සහෝදර බැඳීමක් සශ්මිකගේ හිතේ පතුලේම මිල්හාන් ගැන මුල් බැසගෙන තිබුණා..
හව්හරණක් නැති තමන්ගේ ජීවිතේට කවදා හෝ පිළිසරණක් වන්නේ ඉගෙනීම පමණක් බව සශ්මික දැනන් සිටි නිසාම ඔහු තීරණය කළා මේ දින ටික පසු වන තුරු ඉගෙනීම ගැන පමණක්ම සිතන්නට.අක්කලා සා.පෙළ විභගයට මුහුණ දෙන කාලේ අම්මා අක්කලාගේ පස්සෙන් ඇවිදලා , ගෙදරදීත් පස්සෙන්ම ඉඳලා , අමතර පංතිවලට යවලා කොයිතරම් උද්යෝගිමත්ව එයාලා ඉගෙනගන්න එක ගැන හිතුවද? ඒත්.... තමන්ව එක දවසක් පාඩම් කරවන්නට උනන්දු උනේවත් , කවදාවත් අමතර පංතියකට යවන්නවත් අම්මාට තාත්තාට දෙන්නගෙන් කෙනෙකුටවත් උනන්දුවක් නැත්තේ ඇයි කියලා සශ්මික නිතරම හිතුවා...නමුත් පව්ලේ හැමදෙනාගෙම වෙනස්කම් මැද සශ්මික කවදාවත් පරදින්න කැමති උනේ නෑ...සශ්මික හොඳින් ඉගෙනගන්න හිතට පුළුවන් තරම් දිරිය ගෙන කටයුතු කළා..
පාසලේ සා.පෙළ කඩයිමේ ගතවන අන්තිම සතියත් තරමක් දුක්බරව සශ්මික ගෙවා දැමුවා.පාසල් අවසාන වාර විභාගයටත් සශ්මිකට බොහොම හොඳින් මුහුණ දෙන්නට හැකි වුනා..සෙනසුරාදා ඉරිදා දිනයන්හි සශ්මික බොහෝ වෙලාවට නිවිතිගල මහජන පුස්තකාලය වෙත තනිවම ගොස් පාඩම් කරන්නට පෙළඹුනේ මිල්හානුත් ඒ දින දෙකේ අමතර පංති වලට යන නිසාමයි..
සශ්මික සහ මිල්හාන් රත්නපුර මහජන පුස්තකාලයේ පාඩම් කරමින් සිටියා..ගහැණු ළමුන් තුන් දෙනෙකු පොත් අතැතිව මේසයක් සොයා එන අයුරු මිල්හාන් පොතට උඩින් බලාගෙන.ගහැණු ළමෝ තිදෙනගේ හුරුපුරුදු ගතියක් දැනුන නිසා මිල්හාන් තවත් උනන්දුවෙන් ඒ දෙස බලාන උන්නා.සශ්මික අසුන් ගෙන උන්නේ මිල්හාන් ඉදිරියෙන් මුහුණට මුහුණලාගෙන..
මිල්හාන් සශ්මිකගේ කකුලට ගසා සංඥාවක් දී ඔලුවෙන් ගැහැණු ළමයි තිදෙනාව පෙන්නුවා...සශ්මික පාඩම් කිරීමට බාධා කල නිසා අකමැත්තෙන් මෙන් ඒ දෙස බැලුවා...ඒ ගැහැණු ළමයි තුන් දෙනා කෂිනිගේ යෙහෙළියෝ බව අඳුනගන්නට සශ්මිකට අපහසු උනේ නෑ...
"කෂිනිත් ඇතිද බං"...සශ්මික ඇසුවේ රහසින්..
ඉන්නවනම් ඉන්නෙපැයි ඉතිං..." මිල්හාන් රහසින්ම පිළිතුරු දුන්නා..
පැයක් දෙකක් අකුරු මනසට දා ගන්න තැත් කළත් සශ්මිකට එය කිරීම අපහසු උනා.කෂිනිගේ යෙහෙළියන් දැකීමෙන් සශ්මිකගේ මනස ඒ වනවිට ව්‍යාකූල වී තිබුණා.ඒ වනවිටත් කෂිනිගේ යෙහෙළියෝ ද සිටියේ පාඩම් කරමින්..
"අපිව මතකද?" මිල්හාන් කෂිනිගේ යෙහෙළියෝ පාඩම් කර අවසාන වී පුස්තකාලයෙන් එලියට එන විටම කතාවට අල්ලා ගත්තා..
නෑ........" එක යෙහෙළියක් කතා කලේ 'මේ කවුදෝ'යි කියා මතක් කරන්නට වෑයම් කරන්නට මෙන්,...
එවිටම අනෙක් ගැහැණු ළමෝ දෙදෙන මුහුණට මුහුණ බලාගත් ලෙසින්ම මිල්හාන් ඔහුව හැඳින ගත් බව දැනගත්තා..මිල්හාන් ගැහැණු ළමෝ දෙදෙන සමග සිනාසුනේ එදා උන දේට සමාවෙන්නැයි කියන්න වගේ....
'ඔයාලට මතකයි නේද අපිව,,...!' මිල්හාන් ගැහැණු ළමයි දෙපලගෙන් ඇසුවා..
'ආ.........මොකද අමතක....! අර ඔයාටනේ ගෑණු ළමයින්ගේ නැටි පේන ලෙඩක් තියෙන්නේ නේද? ....' ගැහැණු ළමයෙක් ඇසුවේ ඔච්චමට...
'ඒක පොඩි විහිළුවක්නේ..., ගණන් ගන්නෙපා...' මිල්හාන් කිවුවේ පැණි හිනාවකින් මූණ පුරෝගෙන..
"මේ......අර ඔයාලගෙ යාළුවා කෂිනි ආවේ නැද්ද?' සශ්මික නිහඬතාවය බිඳිමින් ඇසුවා..
'ආ...එයා නම් ආවෙ නෑ...' ගැහැණු ළමෙක් නෝන්ඩි හිනාවකුත් එක්ක සශ්මිකට කීවා..
'පහුගිය දවස්වල එයා ඉස්කෝලේ ආවෙත් නැද්ද...?' සශ්මික ඇසුවේ හරියටම යමක් දැනගන්නට තිබූ අවශ්‍යතාවය නිසා..
"නෑ....ආවේ නෑ...." කෂිනිගේ යෙහෙළිය එය කීවේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියන වැහි වලාවක් වගේ මූණ අඳුරු කරගනිමින් කියලා සශ්මිකට පෙනෙන්නට තිබුණා..

ඇයි ඇයි යෙහෙළියට අවුල් ? අන්න ප්‍රශ්නේ කියන්න රෙහානියෝ?
ReplyDeleteඊළඟ කොටසින් අපි බලමු නේද මදාරා?
Deleteඅනෙයියෝ රෙහානි අක්කා මේක ගැටගහනවනෙ හොඳටම!! මොකද කෂිනිට වෙලා තියෙන්නෙ???
ReplyDelete(සශ්මික කියන නම මාර ලස්සනයි. ඒත් කෂිනි කියන නමට නං මම ආස නෑ අයියො...)
නිකන් හිරන්ති යෝනිකා ශිෂ්ණකාන්ති වගේ නේද ?
Deleteඅපි බලමු නේද ඉස්සරහට?
Deleteඒ නමට මගෙත් ලොකු කැමැත්තක් නෑ....ඒක වෙනස් නමක් නිසා හිතුවා කතාවට ගන්න. (ඇත්තටම කෂිනි කියලා කෙනෙක් ඉන්නවා )
@සහන් : .... :D :D
අපි බලමු ඊළඟ කොටස .......... මටත් ඒ ලෙවල් කාලේ මතක් වෙනවා...
ReplyDeleteබලමු බලමු
Deleteඇයි මේ අපේ කට්ටිය ලියන මෙගා කතා වලට දෙමළ ෆිල්ම් වල කෙල්ලන්ගෙම ෆොටෝ ගන්නේ?
ReplyDeleteමම නම් පෞද්ගලිකව මෙයාට ආසයි...:)
Deleteආආ.... දැන් කුට්ටි කොරල කතා දාන්නත් අරන් නේ. පහු ගිය දොහේ බ්ලොග්වල සැරිසැරුවත් මේ පැත්තෙයි, නදිනියගේ පැත්තෙයි ගියේම නෑ. මොකද ඔය සර්ව පිත්තල ගැජට් එල්ලන් ඉන්න කෙල්ලෝ මට පේන්න බෑ... දැන්වත් මොබයිල් විව් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කොරහන්. ඒක ලෝඩ් කරන්න ට්‍රයි කොරනවට වඩා හොඳයි නොකර ඉන්න එක.
ReplyDelete@ about කතාව ගැන,
මේකේ කොල්ලයි කෙල්ලයි ගැන මට ඇත්තටම දුකත් හිතෙනවා. ඇත්තටම තාත්තා මහ දුෂ්ඨ වැඩක් නේද කරන්නේ. කමක් නෑ. මගේ මුළු හදින්ම කොල්ලටයි කෙල්ලටයි සුභ පතනවා.
මම මොබයිල් තීම් එකක් දාලනේ තීන්නේ අයියෝ.,ඉතිං මොකෑ කරන්නෙ හිටුකෝ ආයෙම බලන්න... (මන් හිතුවා වනගත වෙලාවත්ද පේන්න නැත්තේ කියලා )
Deleteස්තුතියි කාලෙකින් ඇවිත් මාව කියවලා අදහසකුත් දීලා ගියාට
ඉතිරි කොටස එනකං හුල්ලන්න තමා වෙන්නේ...
ReplyDeleteඉහි ඉහි.... බලමු ඉතිං :D
Deleteකෝවිල ගාවට දැන්මම පණිවිඩයක් යවලා හොයන්න ඕන .
ReplyDeleteහැක හැක හකා හකා
ඊළඟ කොටසත් ඉක්මනට දාන්න මෙයා . :)
හොයන්ට හොයන්ට.. :D :D හික්ස්
Deleteදාන්නම් මෙයා....
කතාව ලස්සනයි.බලමු මොකො වෙන්නෙ කියල
ReplyDeleteහය හතර
බලමු නේද?
Deleteබලමු මොකද වෙන්නෙ කියලා. පව් අනේ සශ්මික!
ReplyDeleteදැනට සශ්මික විතරයි පව් ; )
Deleteකෂිනි මට නම් ඒ නම ටිකක් අප්සෙට් වගේ. ......කොහොම වුනත් ඔය පාඩම් කරන කාලේ ලව් එකක් ආවාම කන්නත් බෑ. දකින දකින වෙලාවට බඩ පපුව උණු වෙනවා . අයියෝ එහෙම දුකක්.
ReplyDeleteකෂිලි බිෂිලි කියල දැම්මොත් නරකද?? ඉවාන්
Deleteමටත් ඒ නම කියවනකොට මතක් වෙන්නෙම කෂිලි තමයි දේශා
Deleteනම ගැන එච්චර හිතන්න එපා අලී...
Deleteහා හා ...........ඔය කියලා තියෙන්නේ අත්දැකීම් :D
@දේශ්... මගේ ඊලඟ කතාවට ඒ නම ගන්නම් :D
ශශ්මිකට මොනවා වෙයිද?බලමු එහෙනම් මොකෝ වෙන්නෙ කියල.
ReplyDeleteබලමු බලමු :)
Deleteකෂිනිට මොකද උනේ :/
ReplyDeleteබලමු ඊලඟ කොටසින්??
Deleteජේම්ස් බෝන්ඩ් මාර බුවෙක්නෙ. කොහොම උනත් ශශ්මිකගේ පවුල නම් ලොකු අවුලක් නෙ. කුතුහලය එන්න එන්නම වැඩි වෙත්දි එක එක ඒවා හිතෙනවා. කමක් නෑ ඊළග කතාව එනකම් ඉවසන්නම්.
ReplyDeleteඅවුලක් අවුලක්..! ඔය හිතෙන එව්වා හරිද කියලා බලමු ඊලඟ කොටසින් ප්‍රියා
Deleteමේකත් මෙගා නාට්‍යක්ද?
ReplyDeleteතා කොටස් හතරයි අනේ තියෙන්නෙ.... :)
Deleteඔය පැත්ත පසුබිම් කරගෙන ලියපු කතාවක් කියවපු මතකයක් නැති හන්දා කහවත්ත, කලවාන බස් ගැන කියන කොට වෙනසක් දැනෙනවා.
ReplyDeleteඑහෙනං සෝ........................යි
Deleteහ්ම්ම්ම්ම්ම්ම් මටත් එක සීන් එකක් මත වුනා සෑහෙන්න ඉස්සරින් කරපු මේ කතාව නිසා
ReplyDeleteහා හා ලියමු එහෙනං අපිටත් බලන්ට..
Deleteඇත්ත එකකක් නෙවයිලු නේ අපරාදේ කෙල්ලව ට්‍රක් කරන්න හැදුවේ :D
ReplyDeleteනෙවෙයිලු තමයි.. :D
Deleteකොහ් ඒ ගියත් අවිස්සාවේල්ල පහුකරන්න ඕනේ අරිද....කශිනිට කශානි කිව්වනම් හරි රෙහානි වගේ..
ReplyDeleteඅවිස්සාවේල්ල පහුකරන්න කීවා?
Deleteකෂානි...හික්ස් ..............නරකම නෑනේ :D
දිගට යන මෙගා කතා..එක දිගට බලන්න බැරි වෙනව...ඉස්සර වගේ කනගාටුයි ඒ ගැන.
ReplyDeleteඒත් ගොඩවැදුන බව සටහන්කරමි..!
කමක් නැහැ වී පොකුර...අමනාපයක් නෑ බිංදුවක්වත්,
Deleteඇවිත් බලලා යනවට ස්තුතියි ගොඩක්
කෂිනි කියන නම ටිකක් අස්වාභාවිකයි කියල මටත් හිතෙනව ඊටමත් ඒ නමේ එච්චර ලස්සනකුත් නෑනෙ,තව කොච්චර දුර ඇදගෙන යන්න තියෙනවද
ReplyDeleteබොහොම ටිකයි...කොටස් හතරක් වගේ :D
Deleteමමත් ඔය වගේම අපේ බෑන්ඩ් එකේ කිප දෙනෙක් එක්ක අපේ බාහිර ක්‍රියාකාරකමක නියැලෙන තවත් පිරිසකගෙ කාමරයක් කැඩුවා ඉස්කෝලෙ ඒකෙ අයිස් ක්‍රීම් තියෙනවා කියලා ඒවා කන්න...මට ඔය සිද්ධිය බ්ලොගේ ලියන්න බෑ...මොකද ඒ කාමරේ හිටියෙත් මගේ යාලුවො...උන් අදත් දන්නෙ නෑ මේ වැඩේ කලේ අපි කියලා... වැඩ වැඩ වැඩ....ඒකයි එන්න පරක්කු.... කෂිනි අර උඩින් කියලා තියෙනවා වගේ මහ කැත නමක්නෙ...ඊට නරකද මන්දාකිනී / හඩන කිංකිණි / කලු රංජනී වගේ නමක් දැම්මා නම්...
ReplyDeleteහොඳ වැඩේ යාලුවෝ මේක දැක්කොත් :D
Delete// වැඩ වැඩ වැඩ....ඒකයි එන්න පරක්කු....//
දුක් වින්ඳොත් දවසක සැප විඳින්න පුලුවන් කියන්වනේ...සිරා අය්යට කවදා හරි උත්සාහයේ ප්‍රතිඵල තියේවි...
ඒ නම් තුනත් නරක නෑ ඉතිං... :D
ඇයි ඒ මුළු පවුලම එයාට වෙනස්කම් කරන්නේ? මහ අසාධාරනයි අප්පා......
ReplyDeleteමොකක්ද ඒ පාර කෂිනිට වෙලා තියෙන්නේ? එයාටත් අවුලක්ද? :(
අසාදාරණකම් කරන හේතුව ඉස්සරහදී දැනගන්න බැරියැයි
Deleteසදරයෙන් පිළිගන්නවා ඔයාව මේ පැත්තට
කොල්ලා අරං හදාගත්ත ළමයෙක්ද...??? මටත් කෂිනි නම නම් හරිම කැතයි....
ReplyDelete