මිදුල පුරාම විසිරිලා තියෙන කොළ අතරේ වැඩිපුරම තියෙන්නෙ කොස් කොළ...සීතල පින්නෙන් මිදෙන්න හිතාන කන් පෙති වැහෙන්න වූල් තොප්පිය දාගත්තු මම ඒ කොළ එකින් එක ඈතට තල්ලු කරගෙන ගියේ ඉදලෙන්...එහෙම ටික දුරක් අරං ගිහිං ආපහු හැරිලා බලද්දී මහ පොළව පෑදිලා ගෙවත්තට නැවුම් බවක් එකතු වෙලා තිබුණා..
නැවත ආපසු නොහැරුණු මම ඉස්සරහට පොළව ඇමදගෙන ගියා .මට ඕනෑ වුණේ කෙළවරටම ගිහින් ආසානයේ ආපසු හැරී සුන්දරත්වය විඳින්න...එකින් එක එහාට ගෙනියන කොළයක් ගානේ මගේ ඒ ආශාව තවත් වැඩි වුණා.ඒත්...........මම ඉවසාන ඉදිරියටම ගියා...
ආසානය කරා ළඟා වූ මම ආපසු හැරී බැලුවේ ලොකුම ලොකු බලාපොරොත්තුවකුත් එක්ක...
හිතපු, බලාපොරොත්තු වුණ ලස්සන ඒ මිදුළ පුරා තියනවා වෙනුවට...මිදුළ පුරා මම දුටුවේ.... අළුත් කොළම කොළ පාට මොනවදෝ ගහකින් කඩාගත්තු කොළ ගොඩක්...ඔවු........මිදුළ පුරාම.
මට ආවේ කියාගන්න බැරි කෝපයක්...චූටි දූ මගේ....ඒ කොළ ටික නොපාගා දත් පෙන්නාගෙන හිනා වෙවී මා දිහා බලාන...ඒ හිනාවත් එක්ක කෝපය මදක් අඩු වෙද්දී මම දැක්කේ හදවත ඇතුළෙන් ඉඳිකටු අනිනා තරම් වේදනාබර දෙයක්...
.
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
මම ඔයාට ආදරෙයි....
කියලා ඒ කොළ වලින් ලස්සනට හදලා මගේ පුංචි දූ....
ප.ලි. - සංකල්පනාවක් පමණි.
