ලා දම් අහසට පායන උදවිය ..

Sunday, August 17, 2014

නිසල සිත් මල 11




පසුගිය කොටස්..

1  2  3  4  5  6   7  8  9   10  

විශ්මිත් විරංගත් ඉරිදා උදෑසනින් පැල්මඩුල්ල නගරය කරා යෑමට නිවිතිගලින් බසයකට ගොඩවී තිරිවානකැටිය හන්දියෙන් බැසගත්තෝය.

"ඔයා උදේට කාලද ?" විරංග විශ්මිගෙන් ඇසුවේ මොනවා හෝ බඩට දමාගන්නට උවමනා වී තිබුණ නිසාවෙනි.

"ඔයාට බඩගිනී නේද?මාත් අම්මගේ වදේට තේ එක යන්තම් බීපු ගමන්"


"මොනාහරි කමු...යං "  විරංග කීවේ "රුසිරු" අවන්හල පැත්තට ඇවිද යමින්.

පුංචි අවන්හලේ කොනක තිබූ මේසයක අසුන්ගත් දෙපල කට්ට සම්බල් සමග උණු උණු ආප්පත්,බිත්තර ආප්පත් රස විඳිමින් උන්නෝය.

"දිලංකලගේ ගෙදරත් යනවද ...?" විශ්මි ඇසීය 

"නෑ ....දිලංකයත්  හසිනිලගේ ගෙදරට ඒවි.."


"හ්ම්ම්...." උණු කෝපි  කෝප්පයක් තොලගාමින් උන්  විශ්මිට අහම්බෙන් මෙන් යාබද අසුනේ උන් තරුණයා දෙස බැලුණි.විරංගට සමාන්තරව යාබද මේසයේ අසුනක උන් ඔහුගේ දෙනෙත විශ්මිගේ දෙනෙත හා ගැටුනේ ඇසිල්ලකිනි.හදවතට දැනුන අමුතු ,වෙනස් හැගීමක් එක්ක ඇය, ඇයට දැනුණ මහා අපහසුතාවයකින් මිදෙන්නට බොහෝ වෑයම් කලාය.

නැවත ඒ දෙස දෑස් යොමු නොකරවා ගන්නට ඇය වග බලා ගත්තේ තම සිතට තරවටු කරගනිමිනි.

"මොකද මැඩම් ...කොෆී කප් එක  දිහා බලාගෙන භාවනා කරනවද?" විරංග ඇසුවේ දඟකාර විශ්මිගේ නිහඬ බව නිසාය.

"නෑ ....ඔයා බීලා ඉවර වෙනකම් හිටියේ..." 


අවන්හලේ බිල ගෙවූ විරංග විශ්මිත් සමග ඉන් පිට වෙන්නට සැරසුණි.තවත් වරක් හැරී ඔහු දෙස බලන්නට සිත් වු නමුත්  විශ්මි ඔහුගේ සොඳුරු සිනහව හිතේ ඇඳගනිමින් පිටව ගියේ ඔහු දෙස නොබලාමය.

තිරිවානකැටියේ සිට පැල්මඩුල්ලට යන තෙක්ම විශ්මිත් විරංගත් අතර වැඩි කතා බහක් නොවීය.

"මේ නිහඬ බව බිඳින්න - තව මොනවහරි කියන්න"

විරංග කීවේ  විශ්මි බසය තුළ කතාවක් නැතිව වීදුරුවෙන් එපිට බලා යන විටකය.සිනාසුන විශ්මි කතාවකට මුල පිරීය .

"ඔයාට මතකද අර රුසිරු එකේ හිටපු බෝයි?"

"ම්ම්....මොන බෝයිද..... අ..අ...අ ...??? " විරංග ඇසුවේ සැහැල්ලුවෙන් හිනා වෙලා.

"අර එහා ටේබල් එකේ ඔයා හිටපු පැත්තේ වාඩිවෙලා හිටියේ...."

"අර.....ස්කයි බ්ලු ටී එක ඇඳලා හිටියේ...එයාද ?"

"හ්ම්ම්..."

"ඉතිං ....?"

"එයා මගේ දිහා අමුතුවට බැලුවනේ  ..."

"හෑ .....එවෙලේ කියන්න එපැයි ,දෙනවනේ හොම්බට..." විරංග කීවේ හිනාවෙන ගමන්.

ඊට සිනාසී ප්‍රතිචාර දැක්වූ විශ්මි ඉන් එහා දෙයක් විරංග සමග නොකියා උන්නාය.පැල්මඩුල්ල නගරයෙන් බැසගත් දෙදෙනා රජමහා විහාරයට ඉතා ලඟින් පිහිටි හසිනිගේ නිවසට ගොඩ වුවෝය.දෙදෙනාව සෙනෙහසින් පිළිගත් හසිනිත් ඇගේ මවත් ආගන්තුක සත්කාර අඩුවක් නොමැතිව ඉටු කළෝය.දිලංකගේ පැමිණීමෙන් පසුව පිරිස රජමහා විහාරය වන්දනා කර දිවා අහාරය සඳහා නැවත හසිනිගේ නිවසට පැමිණියෝය.

"අයියලා දෙන්නා ඉන්න තිබ්බේ....එහෙනම් අමුණේ යන්න තිබ්බා" හසිනි කීවේ කෑම කන අතරවාරයේ.විශ්මිට මතක් උනේ වැරදී ගිය ඇමතුම.ඔහු සිටියා නම් තමන්ට අපහසුතාවයක් දැනෙන්න තිබුණා යැයි ඇයට සිතුණා .

"ගොඩක් දුරද මෙහෙ ඉඳන්? " විරංග ඇසුවේ අමුණ ගැන කලින් අසා තිබුණත් එතැනට නොගිහින් තිබු බැවින්.

"එච්චර දුරක් නෑ ....අයියලා හිටියා නම්නේ ඉතිං හොඳ මේ ගමනට.." හසිනි කීවාය.

"මෙයා මොකද අද ටිකක් සයිලන්ට් වෙලා ඉන්නේ..?" දිලංක ඇසුවේ විශ්මිගේ වෙනසක් දුටු නිසාවෙන්.

"ආ ...එයාට එද්දී මගදි  හොල්මං වෙලා..කොල්ලෙක් දැකලා ...." විරංග කීවේ ඔච්චමට සිනාසෙන ගමන්


"හෑ ...මොකද්ද මොකද්ද ඒ කතාව?" දිලංක අසද්දී විශ්මි කට කොනකින් ලැජ්ජාශීලීව සිනාසෙන්නට වුණා.

"ඔය බොරු බං ..." විශ්මි කීවේ නෝන්ඩියෙන් මිදෙන්නටය.

"දැන් කෝ මේ පොඩි අයියා ...?" විරංග ඇසුවේ විශ්මිගේ හිතේ ඇති ගැටලුව හඳුනාගත් නිසා.


"එයාට අද ඕඩර් එකක් ....අද නැකත් දවසක්නේ...රත්නපුරේ ගියා.." 

"එයා ....මොනාද කරන්නේ?" විරංග ඇසීය.

"එයා කරන්නේ ඩෙකරේෂන්..පෝරු සෙටිබැක් එහෙම.." 


"ශා ....කලාකාරයෙක්.....,හොඳයි හොඳයි අපටත් ඕන වෙයිනෙ ඉස්සරහට.."   දිලංක කතාව අසා හිඳ මැද්දෙන් පැන්නේය.

තවත් සුළු වේලාවක් හසිනිගේ නිවසේ රැඳුණු දෙදෙනා නිවසින් පිටව ආවේ හසිනිටත් ,ඇගේ මවටත් ආගන්තුක සත්කාරවලට ස්තුති කරමිනි.





36 comments:

  1. මේ බොග කියවන්න පටන් ගන්නකොට මේකෙ කොටස් හතරක් පහක් ද කොහෙද දාල..
    දැන් නිකං කරකෝල ඇතෑරිය වගේ..
    දවසක් අල්ලල මුල ඉඳංම බලන්නංකො ඈ... :D

    ReplyDelete
    Replies
    1. හොඳමයි....එහෙම කරමු සංචාරකයෝ ..

      Delete
  2. එතෝට කඩේ හිටියෙ පොඩි අයියද?! ආ හා.....

    ReplyDelete
  3. ඔව් ඔව් මෙකි අර කඩේදී විශ්මිට පෙන්නුවේ පොඩි අයියව තමා . හිටු අහිංසක විරංගයට ටිකක් හයිය දිග සාරියක් හොයලා දෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. මේ බස්සි නංග ට ඉවාන් අයියා උත්තර දීලා තීන්නේ ...හික් ;)

      ආ හා මේ උයා මිනී මරවන්නේ නැතිව ඉන්ට :D

      Delete
  4. අද නං ඩිංගයි වගේ.. කෝපි බිව්වා බස් එකේ ආවා..

    ReplyDelete
  5. කොල්ලෙක් බැලුවහැටිය මොකද මෙ වුනේ?

    ReplyDelete
  6. අඩේ මට මේක ඊටේ මිසින් වෙලානේ කියවද්දී.. දැන් මේ අහම්බෙන් වගේ දැක්කේ...

    අම්මපා මෙයත් කෝපි බීලා, සංතෝසේ බෑ.. අද ටිකයි. හොදයි..

    ReplyDelete
  7. රජමහා විහාරේ කිව්වේ ගල්පොත්තාවලද????????????????
    අමුණ කිව්වේ ????? ටිකක් දුරයි නං කිරිඳි ඇල්ලද????

    කණගාටුවට කරුණ නං තිරිවානාකැටිය හංදියේ ඔය පන්නයේ අවන්හල් නැතිවීමයි..

    කමක්නෑ මචෝ.. රසය මැරෙන්නෑනේ...

    යම් යම් දිගටම යමු...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  8. කඩේ හිටියෙ පොඩි අයියද කියලයි මාත් මේ කල්පනා කරන්නේ...බලමුකෝ...

    ReplyDelete
  9. විශ්මි වගේද බං ගොඩක් කෙල්ලෝ කොල්ලෝ දිහා බලන්නත් ඕනේ එත් බලන්නෙත් නැහැ නිකං ගණන් උස්සනවා..:D කොහොමින් හරි රෙහෝ විශ්මිට හසිනිගේ අයියා කාරයා සෙට් කරහන්කෝ එහෙනම්.

    ReplyDelete
  10. නිවිතිගල කිව්වාම මට මතක් වුනේ අපේ සිංහරාජ චාරිකාව. එතකොට මේ ආදර කථාව ගලාගෙන ගිය පරිසරය හරහා මමත් ගිහිල්ලා තියෙනවා.

    ReplyDelete
  11. කතාව බැලුවේ නැති උනාට ඔන්න රව්මක් ගහල යනෝ මේ පැත්තේ..... :D

    ReplyDelete
  12. ඇදෙ හොඳ කතාවක්, හොඳ බ්ලොගක් මග ඇරිලා, බලමුකෝ හිමීට කියවලා.

    ReplyDelete
  13. කෝ ඉතින් දොලහ.... ? :)

    ReplyDelete
  14. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  15. ශා මරුනේ ඔක්කොම ටික කියවන්න ඕනා.........

    ReplyDelete
  16. ෙරහානී............................

    අැයි පේන්න නැත්තේ........ කලින් හිටපු යාලුවෝ ඒක ඒක්කෙනා නැතිවෙලා යනවා....... අැයි කට්ටිය හිමින් බ්ලොග් වලින් අයින් වෙන්නේ.......... ඒහෙම නොකර අාපහු ඒන්න......... අපි අායෙමත් ලියමු

    මොකක් ද මේ අමුතු අකුරු ජාතිය............ අනික් අය පක්ෂ මාරු කරනවා වගේ ජාතියත් මාරු කරාද??

    ReplyDelete
  17. හුටා මොනවද බන් මේ චීන අකුරු වගයක් තියෙන්නේ

    ReplyDelete
  18. රෙහානි................... ඉන්නවාදෝ...............

    ReplyDelete
  19. අයියෝ සංසාරේ මොකද මේ

    ReplyDelete
  20. මං මේ ආවේ රෙහානි අක්කා කෝ බලන්න.. ඉන්නවා නම් කමෙන්ට් එකක්වත් දාපියෝ :'(

    ReplyDelete
  21. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  22. මං ආයේ ආවේ මේක ලියපු එකී කෝ බලන්න.. බැලුවාම මං මීට අවුරුදු තුනකට කලිනුත් ඇවිල්ල හොයල ගිහිල්ල මේ කමෙන්ට් ඒකට තව කමෙන්ට් දෙකක් උඩින් තව කමෙන්ට් එකකුත් දාලා..

    ReplyDelete
  23. මාව හොයල ගිය හැමෝටම ගොඩක් thanks.. :)
    පාලු දැනුනම අදටත් එන්නෙ බ්ලොග් බලලා යන්න කට්ටියගේ.. comments දැම්මෙ නැති උනාට ඉඩ තියන වෙලාවට කියවන්න එනවා මං ඔයාලව.
    චූටි බබෙක් එක්ක දැන් ටිකක් busy වෙලා ඉන්නෙ.
    බුදුසරණයි මගෙ බ්ලොග් යාලුවො හැමෝටම..!

    --රෙහානි--

    ReplyDelete
  24. මාව හොයල ගිය හැමෝටම ගොඩක් thanks.. :)
    පාලු දැනුනම අදටත් එන්නෙ බ්ලොග් බලලා යන්න කට්ටියගේ.. comments දැම්මෙ නැති උනාට ඉඩ තියන වෙලාවට කියවන්න එනවා මං ඔයාලව.
    චූටි බබෙක් එක්ක දැන් ටිකක් busy වෙලා ඉන්නෙ.
    බුදුසරණයි මගෙ බ්ලොග් යාලුවො හැමෝටම..!

    --රෙහානි--

    ReplyDelete
  25. අනේ වාසනාවන් . පහුවෙලා හරි ලියන්න පටන් ගන්න. මමත් ලිපි ටිකක් ලියල තියාගෙන ඉන්නවා පොස්ට් කරන්න හිතාගෙන.

    ReplyDelete