ලා දම් අහසට පායන උදවිය ..

Showing posts with label හිතන්න යමක්. Show all posts
Showing posts with label හිතන්න යමක්. Show all posts

Friday, September 6, 2013

The Black Hole සහ අපි

නිර්මල බුදු දහමට අනුව උතුම් මනුශ්යත්වයක් ලැබීමට බොහෝ පින් පෙර ආත්ම වල රැස් කර තිබිය යුතුයි.එසේ ලබාගන්නා මිනිස් ආත්මය සමහර  මිනිසුන් ගත කරන්නේ තුච්ඡ අධම අවිනීත ආකාරයෙන්ය.මිනිසා ජීවත් කරවන බලාපොරොත්තු , සිතුවිලි දැන් දැන් නොමගට යන ආකාරයක් පෙනේ. කරුණාව දයාව මිනිසුන්ගේ සිත් වලින් බොහෝ දුර ගොස් ඇත.ධනයෙන් යැපෙන සමාජයක් නිර්මාණය වීමෙන් එය එසේ වන්නට ඇතැයි විටෙක මට සිතේ.

ගමේත් නගරයේත් එක සේම දුක කඳුළ හඳුනන මිනිසුන්  සේම සියල්ල ධනය මත යැයි සිතන කරුණාව දයාව නොහඳුනන මිනිසුන්ද වෙති.සමාජ විෂමතාවය යැයි කියන්නේ ඒ වෙනස්කම් මිනිසුන්ගේ විවිධ සිතුවිලි අතරින් සමාජය තුල ඇති කරන පෙරළියන් වන්නට ඇත.

කෙන කෙනාගේ ජීවිතවලට  කාලයෙන් කාලයට අලුත්  අලුත් අත්දැකීම් එකතු වේ.හිතන්න ඔබට ජීවිතේ වරමක් දෙනවා කියලා...ඔබ ඒ වරමෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට දන්නවා ද ?

දවසක් ජීවිතය ගැන කලකිරුණු කෙනෙක් කල්පනාවේ ඉද්දී දෙවි කෙනෙක් ඇවිත් ඒ පුද්ගලයාට වරම් දෙකක් දෙන්නට පොරොන්දු උනා.

දෙවියන් :::: මම ඔබට වරම් දෙකක් ලබා දෙනවා , ඔබේ වරම් දෙකෙන් පලමු වරය ලෙස ඔබට අවශ්ය කුමක්ද?

මිනිසා  ::::දෙවියනි ,මට සුව නින්දකදී මිය යාමට පලමු වරය දෙන්න

දෙවියන්::::  හොඳයි,මම ඔබට එම වරය දෙනවා. දැන් දෙවැනි වරය ලෙස අවශ්ය වන්නේ කුමක්ද?

මිනිසා::::  දෙවියනි , කිසිදා මිය නොයන ලෙස මට දෙවැනි වරය දෙන්න.

එම මිනිසා ඔබ හෝ මා වූයේ නම් අප ඉල්ලාවි , සැප සම්පත්, යාන වාහන, ඉඩ කඩම් , ගේ දොර වැනි දේ. යථාර්තය තේරුම් ගෙන යථාර්තයට යථාර්තවාදීව මුහුණ දීමට අපේ පෘතග්ජන හිත් තවම නොනැමෙන සුලුයි.



මට මේ සියලු සිතිවිලි උපද්දන්නට සමත් වූ කෙටි චිත්‍රපටය The Black Hole(කලු සිදුර).විනාඩි 2ක් වැනි කෙටි කාලසීමාවක් තුල මේ චිත්‍රපටය අපට කොයිතරම් ලොකු පාඩමක් කියා දෙනවාද? ඔබට හැකිනම් ඇසිපිය නොහෙලා හෝ බලා සිටින්න.මක් නිසාද යත් මෙම චිත්‍රපටය තුල තප්පරය පවා බොහෝ වටිනා හෙයිනි.





හ්ම්ම්.........මොහුට ලැබුන වරම මොහු නිවැරදිව පාවිච්චි කලානම් , කාර්ය බහුලත්වයෙන් පීඩිතව සිටි ඔහුගේ සිතුවිලි ක්‍රියාත්මක වූ අයුරු පුදුමයක් නොවේ. නමුත් ඔහුගේ වැඩි තණ්හාව ඔහුගේ ඉරණමට හේතු උනා.මේ වරය ඔබට  ලැබුනා නම් ?

Friday, July 26, 2013

මෑන් පවර් .....!

"මෑන් පවර් " කියපු ගමන් මෑන් පවර් මගින් රැකියාවකට යොමු වෙච්ච කෙනෙක් නං දැනටමත් දන්නවා ඇති ඒකෙ ක්‍රියා පටිපාටිය ! මෑන් පවර් එකක් කියන්නේ රැකියා අපේක්ෂිත අයවලුන් රැකියා වල නිරත කරවන එක්තරා සමාගම් විශේෂයක් .මේක මම දන්නා තරමින් වැඩිපුරම ආරක්ෂක අංශ සඳහා යොදාගන්නවා .ඔය ගාර්මන්ට් ෆැක්ටරි ,පෞද්ගලික සමාගම් වලට  ආරක්ෂක නිලධාරින් සපයන්නේ මේ මෑන් පවර් වලින් තමයි .මෑන් පවර් වලින් එහෙම සේවයට යෙදෙව්වහම වැටුප ,දීමනා , වැනි දේවල් අදාළ ආයතනයෙන් නෙවෙයි ලැබෙන්නේ ,මෑන් පවර් ඔස්සේ තමයි ලැබෙන්නේ .මේ විදියට සේවකයන් සැපයීමෙන් සේවකයන්ගේ ප්‍රමාණය අනුව ඔවුන්ගේ වැටුපෙන්  යම්කිසි ප්‍රමාණයක් මෑන් පවර් ආයතනය වෙනුවෙන් ලබා ගන්නවා .ඒකෙන් මෑන් පවර් ආයතනයකට  ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්                                                                                                              වැටුප 22,000-25,000 ,
නවාතැන් පහසුකම් ඇත,
ආහාර සමග,
බිස්කට් ,බීම , පාවහන් ,වැනි සමාගම් රැසක අනගි රැකියා අවස්ථා
අදම පැමිණෙන්න
විමසන්න TP - 0000000000                                                                                                                                                                                                                                                දැන්වීම දැක්කහම මොකද හිතෙන්නේ ?උසස් පෙළ කරලා ගෙදර ඉන්නවනං හොඳ අවස්තාවක් කියල හිතෙනවා නේද ?  ඔව් අපේ මල්ලිත් එහෙමම හිතුවා .ඒ විතරක් නෙවෙයි එයා ඒ රැකියාවට ගියා .මේ දැන්වීම ලංකාදීප ලහිපිටේ පළවුන එකක් .සමහරවිට තවමත් ඒ ඇඩ් එක යනවා ඇති .ආ .............තව ඔය  දැන්වීමේ තිබුණා දුර පළාත්වලින් විශේෂයි කියලා .මේ මෑන් පවර් ඒජන්සිය තියෙන්නේ මහනුවර .අපේ මල්ලිත් මහා මෙරක් දේවල් හිතේ තියාගෙන ඔය රස්සාවට ගියා .කෝල් කරහම ඉස්සෙල්ලම මහනුවර ඒජන්සියට ඇවිල්ල රැකියාවට ඇතුලත් කරනවට රු.1000ක් ගෙවන්න අවශ්‍ය බව කිවුවලු .ඉතිං රත්නපුරේ ඉඳන් නුවර ගියා සල්ලි ගෙවන්න .ඊට පස්සේ එයාව ජොබ් එකට යවන තැන "අමල්  " කියලා ඒජන්සියට සම්බන්ධ කෙනෙකුගේ දුරකථන අංකෙත් දීල කඩවත ට යන්න කිවුවලු .දැන් නුවර ඉඳලා ආපහු කඩවතට !ඉතිං මල්ලි එහෙමම කඩවතට ඇවිත් කෝල් කරලා අර දීපු දුරකථන අංකයට !ඊට පස්සේ කඩවත ගෝනහේනේ තියන ඔයාල අපි කවුරුත් දන්නා "මයි කෝලා " සමාගම ලඟින් බහින්න කියලා .මල්ලි බැහැල යද්දී තව ළමයි 20-25ක් එක්ක "අමල් " ඉන්නවලු .ඒ ඔක්කොම මයි කෝලා එකේ වැඩට ආපු ළමයි .අර විදියට පත්තරෙන් බලලා .                                                                                                                                                                                                                                              මුලින්ම අමල් ළමයින්ව මයි කෝලා සමාගම ඇතුලේ පෙන්නන්න එක්කං ගිහිං .තේ පැන් සංග්‍රහයකුත් ලැබිලා .ඊට පස්සේ නවාතැන් පහසුකම් දෙන්න එපැයි .ඉතින් ඒ තැන් පෙන්නන්න ඊට පස්සේ එක්කං ගිහිං .අඩි 10-12 විතර කාමර කෑල්ලක් පෙන්නලා කිවුවලු මේක තමයි ඔයාලට නවතින්න තියන තැන කියලා . :D "ඈ එතකොට අපි ඔ ක්කොටම ඉන්න තියෙන්නේ මේ රුම් එකේද " එක කොල්ලෙක් හොඳටම කේන්තියෙන් ඇහුවලු . නෑ කට්ටියක් මේකේ ඉන්න අනිත් කට්ටිය අරකෙ ඉන්න කියලා පැත්තක් ටකරන් ගහපු කුකුල් කොටුවක් වගේ එකක් පෙන්නුවලු . කොල්ලන්ට කේන්ති උනත් නොපෙන්නා හිටියලු මොකද ඒ වගේ යෑ රු 25000 පඩිය ! :D ඔයාලට තුන් වේලටම කෑම හම්බුවෙයි මේ කාමරේ අයිති අර එහා පැත්තේ තියන ගෙදරින් අඩු මුදලකට .:D " යකෝ ....අඩු මුදලකට " දැන් කොල්ලන්ට ඒ කතාවට තව ටිකක් කේන්තියි ලු .ඒකත් ඉවසගෙන හිටියලු ඔන්නොහෙ ආපු එකේ දවසක් දෙකක් ඉඳලා බලලා හරියන්නේ නැත්නං යනවා කියලා .නාන්න යන්න පුළුවන් පාරෙන් එහා පැත්තේ මීටර් දෙසීයක් විතර ගියහම ලිඳක් තියනවා :D.දැන් අමල්  කාරයාගේ වචනේ වචනේ එලියට එනකොට බඩ බොකු එලියට අදින්න තරන් කේන්තියක් ඇවිත් . ඒත් රස්සාවට යනකන් කාගෙන ඉඳලා .                                                                                                                                                                                                                         ඔන්න දැන් හා හා පුරා කියලා රස් සාවට ගියා .මෑන් පවර් එකෙත් කොටස් දෙකයි .එකක් "ටෂ්මා " අනික "ටෝජා ".මල්ලි හිටියේ ටෂ්මා .එකේ වැඩ කටයුතු ටික කරන්නේ අමල් කාරයා .අනිකේ හිටපු කෙනා මට මතක විදියට ගුණවර්ධන වගේ නමක් තමයි කිවුවේ .ගෑනු ලමයිතුත් වැඩට ඇවිත් හිටියලු .ඒ අයවත් වෙනම කාමරවලට දාල .මයි  කෝලා කියන්නේ බීම ෆැක්ටරි එකක් (දන්නේ නැති අයට කිවුවේ : ), ඉතිං මල්ලි එහෙම වැටිලා තියෙන්නේ බෝතල් නිෂ්පාදන අංශයට ! ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරන්නේ පී කෝන් මගින් . පී කෝන් කියලා කියන්නේ ප්ලාස්ටික් පව්ඩර් වර්ගයක් යන්ත්‍රයකට (පී කොන් මැෂිමකට ) දැමීම මගින් යන්ත්‍රය මගින් අයිස් කෝන් එකක හැඩයට නිපදවාගන්න ප්ලාස්ටික් කෝන් එකක් .ඉතිං මල්ලිට ඉස්සෙල්ලාම තිබුනේ මැෂින් එකෙන් එලියට එන පී කොන් වල ඩැමේජ් බලන්න .ඩැමේජ් ඒවා වෙන මත් හොඳ ඒවා වෙනමත් වෙන් කරලා දාන්න .ඔහොම පැය දෙකක් විතර ඉන්නකොට මල්ලිව එක්කන් ගිහින් ඇසුරුම් අංශයට දාලා .ඒ කියන්නේ අර පී කෝන් වලින් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් බෝතල් පොලිතීන් බෑග් වල අසුරන එක .ඉතිං පලවෙනි දවසේ ඔහොම වැඩ කරලා .                                                                                                                                                                                                                                        දෙවැනි දවසේ පාන්දර ආපු කොල්ලන්ගෙන් බාගයක්ම ආපහු ගිහිං හොරෙන්ම .නැත්තං කාපු බීපුවයේ සල්ලි ගෙවන්න වෙනවනේ .මල්ලි ඇතුලේ හිටපු කෙනෙක්ව හිතවත් උනාට පස්සේ එයාගේ කාමරේ  නතරවෙලා වැඩට ගියා .ඒ උනාට කෑම තුන් වේලම සල්ලි වලට තමයි කාල තියෙන්නේ .ඒ කෑම එකත් කොල්ලෙකුට ගැවෙන්න මදිලු .ඒත් වැඩ කරපු එකේ ඔහේ වැඩ කරගෙන ගිහිං ..ගිය පයින්ම ආපහු ගෙදර එන එකත් නොන්ඩි වැඩේනේ .ඒ හින්දා .දවසින් දවස එක එක වැඩ වලට  දානවලු .කෑමට දෙන්නේ පැය බාගයයි .ටී ටයිම් එක විනාඩි 10 යි .එක විනාඩියක් නිදහසක් නැතිලු .ඇයි මැෂින් එක්කනේ වැඩ කරන්න තියෙන්නේ .ඔහොම සතියක් විතර වැඩ කරලා , ඊළඟ සතියේ ඉඳන් දවස් දෙක තුන වැඩ නෑ ලු . සමහර සතියට එක දවසලු වැඩ .එහෙමයි කියලා ඉතින් තුන් වේල නොකා ඉන්න යෑ .වැඩත් නැතුව කන බොන ඒවාට අතින් ගෙවාගෙන රු .3500කුත් අරගෙන දෙය්යනේ කියලා මල්ලියා මාසෙකිං ගෙදරට සැපත් උනා .ඔය 3500 ගන්නත් දවස් තුනක්ම මයි කෝලා එකට යන්න උනාලු .ඔන්න මෑන් පවර් එකේ පවර් එක !                                                                                                                                                                                                                                                   මේ වගේ හොර මෑන් පවර් වලින් කරන්නේ මිනිස්සුන්ට විශේෂයෙන්ම අහිංසක ළමයින්ට බොරු කරලා ඒ අයගේ ශ්‍රමය හුරගෙන කන එක ! ඒ අහිංසකයෝ හම්බකරන එක ගසාගෙන කන එක .. ඇයි අර ඒජන්සියෙන් මුලින් ගන්න රු.1000 . එතනිනුත් ගසාගෙන කනවා .මම හිතන්නේ මේ දැන්වීම තවමත් පත්තරවල යනවා .තවමත් අහිංසක ළමයි මේවට අහු වෙනවා ඇති .පව් ඒ අහිංසක ළමයි .,මේ වගේ ලිපියකින් වත් ඒ අහිංසක ළමයි දැනුවත් වෙනවනං මට ඒ ගැන සතුටුයි . මේවට විරුද්දව නීතිමය පියවර ගන්නත් බෑ .මොකද මේ රස්සාවට යද්දී මෑන් පවර් එකේ ගිවිසුම් වලට යටත්ව අත්සන් කරනවනේ .ඒ නිසා .ඒවා අත්සන් කරද්දී මේ තරං දේවල් ටිකක් වෙයි කියලා හිතන්නෙත් නෑනේ .මේ වගේ නැති හොඳ මෑන් පවර් ආයතනත්  සමහරවිට ඇති .හැබැයි මෑන් පවර් වලින් හොඳක් වෙනවා ඇති කියලා මගේ නං පෞද්ගලික විශ්වාසයක් නෑ .

Wednesday, July 24, 2013

ඔව් කෝට්ටේ විතරක් නෙවෙයි රත්නපුරෙත් කුඩු තියනවා . :D

ගමනක් බිමනක් යන එන අතර මගදී අපි කොයිතරම් දේ දකිනවද අහනවද ? ඒ දේවල් වලින් අපේ ජීවිතවලට ගන්න තියන දේ අඩුයි .අහක් කරලා දාන්න තියන දේ වැඩියි .දවසක් මම රත්නපුරේ අක්කලාගේ ගෙදර ගිහිං ගෙදර එන්න  තිරිවානකැටිය කෝවිල ළඟ පාර අයිනේ ඉන්නවා ,බස් එක  එනකං .දෝණි ත් මාව පාරට ඇරලවන්න මගෙත් එක්ක ආවා .දෝණි මාව බස් එකට නග්ගවලා ම තමයි ගෙදර යන්නේ .හැමදාම එහෙමයි .ඉතිං පාරේ යන කවුරුහරි ගැන ඇද කියව කියවා හිනාවෙන එක තමයි දෝණි කරන්නේ .ඒක නරක වැඩක් කියලා කියල දුන්නට ඒ වැඩ පිළිවෙල නං වෙනස් වෙන එකක් නෙවෙයි .ඔය උපදෙස් දුන්නට මට ත් පුදුම හිනාවක් යන්නේ ඒකි කියන ඒවාට .. මිස්සුන්ගෙන් බැනුම් අහලත්  තියනවා හිනාවෙලා . දවසක්  බස් ස්ටෑන්ඩ් එකේදී හිනාවෙලා මනුස්සයෙක් ඒ මනුස්සයට කියලා හිතලා  අපි දෙන්නට බැන්නා . "පංති ඇරුනානං පලයල්ල ගෙවල්වලට මෙතන හුකු හුකු ගාන්නේ නැතුව "කිවුවා  :D..ඒ මනුස්සයගේ හිතේ අපි පන්ති යන  අය කියලා                                                                                                                                                                                                                                                                                                                                                                                                                               ඉතිං ඔහොම සුපුරුදු විදියට හිනා වීගෙන පාර අයිනේ ඉන්නකොට හාදයෙක් ෆෝන් එකත් කනේ ගහගෙන අපි පහුකරගෙන ගියා . අපි දෙන්නගේ දිහාත් හොඳට බලාගෙන ගියේ .ඇඳලා හිටියේ සරමක් .උඩට මුකුත් නෑ .වයස අවු : 28 -30 වගේ ඇති ..අපි ගණන් නොගෙන දැන් අපේ කතාව .ටිකකින් ෆෝන් එකත් කනේ ගහන් ගිය මිනිහා ආපහු යනවා .ආයෙත් අපි දෙන්නා දිහා   හොඳට බලන් යනවා ..දැන් ඔහොම තුන් හතර පාරක් එහාට මෙහාට ගියා ආවා. දැන් අපි දෙන්නට සැකයි .කැරකෙන්නේ මොකද කියලා කල්පනා කළා .අපි ඉන්න තැනම වතුසුදු මල් ගහක් තියනවා .දැන් හාදයා මල් ගහෙන් එහා පැත්තේ නැවතිලා කෝල් කරනවා .     "කෝ බං නෑ නේ "  හාදයා කියන ඒවා දැන් අපිට ඇහෙනවා . එයා මොනවා හරි හොයන වග අපිට තේරුනා .හැබැයි අපි එයාගේ කථාව  අහගෙන ඉන්න බව  ඇඟේව්වේ නෑ . "මොන වගේ කොලයක්ද  ?" දැන් එයා අහන ගමන් අපි ඉන්න පැත්තට ටික ටික එනවා . "ආ සිගරට් පෙට්ටියක්ද '' හාදයා එහෙම අහන ගමන් අපි දෙන්නගේ කකුල් දෙක මුල තිබුන පොඩි කරලා වීසිකරලා තිබුණ සිගරට් පෙට්ටියක් ඇහිඳගෙන ගියා .අපි දෙන්න චුට්ටක් බයත් උනා අපි ළඟටම එනකොට නං :D                                                                                                                                               දැන් ප්‍රශ්නයක් එනවා නේ ? සිගරට් පෙට්ටිය ඇතුලේ මොනවද තිබුනේ ..තිබුනේ ඇත්තටම කුඩු . ඔව් කෝට්ටේ විතරක් නෙවෙයි රත්නපුරෙත් කුඩු තියනවා . :Dහැබැයි නිශ්චිත වශයෙන් අන්න අතන කුඩු තියනවා ..මෙන්න මෙතන කුඩු තියනවා නොකිවුවට රත්නපුරේ කුඩු තියනවා කියල නං කියන්න දන්නවා .බලන්න ඒගොල්ලෝ කුඩු හුවමාරුවට යොදා ගත්තු ක්‍රමය ! කවුද හිතන්නේ වීසිකරල  තියන සිගරට් පැකට්ටුවක් ඇතුලේ කුඩු තියේවි කියලා .පාරේ තියන කුණු ගොඩවල් කවුරුවත් අදින්න යන්නේ නෑනේ.අපේ ලංකාවේ මිනිස්සුන්ට බුද්ධිය නෑ කියනවා නේද ? අපේ වැඩිමනක් එවුන්ට බුද්ධිය තියෙන්නේ මත් වෙළඳාම් කරන්න ,හොරකං කරන්න ,මිනී මරන්න , ස්ත්‍රී දුෂණය කරන්න ඒ වගේ ජරා වැඩ කරන්න තමයි. මේ මිනිස්සුන්ගේ     බුද්ධිය යහපත් දේකට යොදවා ගත්තොත් දවසක අඟහරු ලෝකෙත් පදිංචියට යාවි .                                                                                                                                                            ඇත්තටම කුඩු කොහොමද ලංකාවට ලැබෙන්නේ ? විදේශයෙන් ගෙන්වීම මගින් .එවැනි දෙයක් රට ඇතුලට එන්නේ කොහොමද ? මම දන්නා තරමින් නං ලංකාවේ කුඩු නිෂ්පාදනය කරන්නේ නැහැ .ගෙන්වන්නේ පිට රටවලින් . හැමෝගෙම ඇස්  වහලා එවැනි දෙයක් පිට රටකින් ගෙන්වන්න නං ලොකු හය්ය කකුලක උදව් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ .ඒ කියන්නේ අනිවාර්යෙන්ම දේශපාලනික ලොකු පුටුවක හය්යක් .එහෙම  කරලා මහා පරිමාණයෙන් ජාවාරම කරගෙන යද්දී පොලීසියෙන් වටලපු ගමන් කොහේ  හරි ඉන්න මිනිහෙක් අහු කරලා ලොකු පුටුවල ඉන්න අය හොඳ මිනිස්සු වෙනවා තමන් බේරිලා .ඒකත් අර මත්ස්‍ය න්‍යාය තමයි .හැමදාම ඇත්ත තියෙන්නේ ඇතුලේ හැංගිලා ..හැමවිටම වෙන්නේ බොරුව උලුප්පා පෙන්වන එක !                                                                                                                                                                      ප ලි   :::::::::::: මෙහෙම පෝස්ටුවක් ලිව්වේ හිරු අක්කගේ ලිපිය කියෙව්වට පස්සේ  methanin   එකත් බලලම එන්න .