ගමේත් නගරයේත් එක සේම දුක කඳුළ හඳුනන මිනිසුන් සේම සියල්ල ධනය මත යැයි සිතන කරුණාව දයාව නොහඳුනන මිනිසුන්ද වෙති.සමාජ විෂමතාවය යැයි කියන්නේ ඒ වෙනස්කම් මිනිසුන්ගේ විවිධ සිතුවිලි අතරින් සමාජය තුල ඇති කරන පෙරළියන් වන්නට ඇත.
කෙන කෙනාගේ ජීවිතවලට කාලයෙන් කාලයට අලුත් අලුත් අත්දැකීම් එකතු වේ.හිතන්න ඔබට ජීවිතේ වරමක් දෙනවා කියලා...ඔබ ඒ වරමෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට දන්නවා ද ?
දවසක් ජීවිතය ගැන කලකිරුණු කෙනෙක් කල්පනාවේ ඉද්දී දෙවි කෙනෙක් ඇවිත් ඒ පුද්ගලයාට වරම් දෙකක් දෙන්නට පොරොන්දු උනා.
දෙවියන් :::: මම ඔබට වරම් දෙකක් ලබා දෙනවා , ඔබේ වරම් දෙකෙන් පලමු වරය ලෙස ඔබට අවශ්ය කුමක්ද?
මිනිසා ::::දෙවියනි ,මට සුව නින්දකදී මිය යාමට පලමු වරය දෙන්න
දෙවියන්:::: හොඳයි,මම ඔබට එම වරය දෙනවා. දැන් දෙවැනි වරය ලෙස අවශ්ය වන්නේ කුමක්ද?
මිනිසා:::: දෙවියනි , කිසිදා මිය නොයන ලෙස මට දෙවැනි වරය දෙන්න.
එම මිනිසා ඔබ හෝ මා වූයේ නම් අප ඉල්ලාවි , සැප සම්පත්, යාන වාහන, ඉඩ කඩම් , ගේ දොර වැනි දේ. යථාර්තය තේරුම් ගෙන යථාර්තයට යථාර්තවාදීව මුහුණ දීමට අපේ පෘතග්ජන හිත් තවම නොනැමෙන සුලුයි.
හ්ම්ම්.........මොහුට ලැබුන වරම මොහු නිවැරදිව පාවිච්චි කලානම් , කාර්ය බහුලත්වයෙන් පීඩිතව සිටි ඔහුගේ සිතුවිලි ක්‍රියාත්මක වූ අයුරු පුදුමයක් නොවේ. නමුත් ඔහුගේ වැඩි තණ්හාව ඔහුගේ ඉරණමට හේතු උනා.මේ වරය ඔබට ලැබුනා නම් ?
මට ඔහොම වරයක් දුන්නොත් නම් පළවෙනි එක විතරක් ඉල්ලනවා.
ReplyDeleteම්ම් එතකොට වීඩියෝවේ තියන වරය හම්බුනොත්....
Deleteඒක නං පෙරේත කම. ඌට ඕකේ එබිල බලන්න ඕනයැ.. මරු අයිඩියා එකක්... තැන්කුයි රෙහානියෝ
ReplyDeleteඅනිවාර්යෙන්ම තණ්හාව මතුවෙලා ඇවිත් තියෙන්නේ ...
Deleteහොඳ වැඩේ අරූ ඕනවට වඩා පෙරේත වෙන්න ගියාට....
ReplyDeleteමට වරයක් ඉල්ලන්න කිව්වොත් මං ඉල්ලන්නේ හත්පෙති මලක්.
ඒකනේ..
Deleteහත්පෙති මලක් ... නරකම නෑ..
ඔව්. එතකොට මට එක පෙත්තට එක ගානේ වර ඉල්ලන්න පුළුවන්නේ. හත්වෙනි පෙත්ත කඩලා මං ඉල්ලනවා තව හත් පෙති මලක්...
Deleteකොහොමද ටිකිරි මොලේ?
එකපාරක් ඉල්ලපු එකක් ආයේ ඉල්ලන්න බෑලු :D
Deleteකවුද කියන්නේ...? බොලු...
Deleteපට්ට වීඩියෝව. වැඩි තණ්හාවට ගිහින් වුණු දෙයක්? එතැනදී ඒ බල තණ්හාවට මනුස්සකම කියන උතුම් ගුණය යට යනවා. මූට ඔච්චර වුවමනා වුනා නම් හොරකම් කරන්න තමන්ට ඇති තරම් අරන් මාරු වෙන් නැතුව ඇතුලටම යන්න ගිහින් වෙච්ච දේ. ඒත් මං හිතන්නේ මම වුනත් ඔය විදිහටම කටයුතු කරයි ඔය වගේ අවස්ථාවක් ආවොත් නම්.
ReplyDeleteඇත්ත රතී.. අපි උනත් ඔය වගේ අවස්තාවක ඔය ටික ඔය වගේම කරයි.
Deleteඒකතමයි ඇත්ත...
අප්පට බොල...දැන් ඊ ලනගට එන එකාට කොලේ හම්බවෙයි නේද..?
ReplyDeleteමම නම් දවසට එක මිටිය ගානේ අරං ගිහින් දහමෙන් සෙමින් ජීවත් වෙනවා....
ඔය කිව්වට ඔය වගේ දෙයක් එක සැරේම වුනොත් අපි හමෝම කරන්නේ ඔහොම වැඩක් තමයි......ඒ වගේ දේවල් දරාගන්න පෘථක්ජන මිනිස්සු හැටියට අපිට අමාරුයි.
අනේ අනේ ... දැහමෙන් ජීවත් වෙයි.එක මිටියක් ගත්තට පස්සෙ අනේ තව මිටියක්, අනේ තව මිටියක් ,අනේ තව මිටියක් ,අනේ තව මිටියක් කිය කියා හිතෙයි.හිකිස් :D
Deleteහරියට හරි...අපි උනත් එක පාරින් ගොඩ යන්න හිතන් ඔය ටික කරනවා
ඔහොම කොලයක් හම්බවුනෝත් මටත් කියහන්කෝ..
ReplyDeleteහාකො :D
Deleteආ....ඕක පස්ට කෙටි පිලුම් එකක්. මං ගාවත් හෑව්..
ReplyDeleteThe black hole කෙටි චිත්‍රපටය 2008 සැප්තැම්බර් නිපද වූවක්.මෙම කෙටි චිත්‍රපටය හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තා සේම හොඳම කෙටි චිත්‍රපට නලුවා වුයේ ද මෙහි රඟපෑ Napoleon Ryan.. මෙහි පිටපත් රචනය සහ අධ්යකෂනය Philip Sanson , Olly Williams යන දෙපල විසින් සිදු කර ඇත.
Deleteමේ තියෙන්නේ ඒ ගැන් විස්තරයක්.
ස්තුතියි තරුවො
ෂඃ සුපිරියි රෙහානි.. කියන්න වචන නැහැ.. නියමයි... කී දෙනෙක් මේ විදිහට තමන්ට අයිති නැති ලෝක වල හිර වෙලා ඇත්ද ... සමහරු මේ වෙද්දීත් මැරිලා , සමහරු පණ අදිනවා..
ReplyDeleteඔය වගේ වරයක් ලැබුණොත් නම් මම කරන්නේ කොළෙත් අරන් පොළේ යන එක..
ස්තුතියි සහන් අය්යේ, ඔයා කියන දේ හරියටම හරි.අපිත් ඉන්නේ මුලා වෙලා කියලා වෙලාවකට හිතෙනවා
Deleteහා හා පොළෙන් බඩු උස්සන්න හිත නේද.. :D
සූදානම් ශරීරේ කියලා, මෙහෙම චාන්ස් එකක් හම්බවුනොත් ඉල්ලන්න ඕනේ දේවල් ගැන ලැයිස්තුවක් දැන්ම ඉඳන්ම හදලා තියන්න ඕනේ.
ReplyDeleteහික් හික්! ටයින් අවුට් මෙව්වා එකක් එක්ක වරේ ඉල්ලන්න දුන්නොත් කොරොස් කටෙත් අතදාගන්න බැරි වෙනවා!
Deleteහෙක් හෙක් ඒක හොඳයි....
Deleteඒක නිසා අල්තයීරුත් දැන්මම ලිස්ට් එකක් හදාගන්න. :D
මම දන්නවා රෙහානි ට ඔය වගේ වරමක් ලැබුනොත් එකයි ඉල්ලන්නෙ කියල.
ReplyDelete>>අනේ මගෙ හබියට තනි ඔෆිස් කාමරයක් ඇතුලේ වැඩ කරන ජොබක් ලබල දෙන්න<<කියල තමයි ඉල්ලන්නෙ.
එතකොට මල් කඩල,මාල ගොතන්නත් පුලුවන්නෙ.
(මම ඉදල හිටල "සමකය වටේ"ට බයිල ලියනව.වෙලාවක් තිබේනම් ගොඩ වෙලා යන්න.)
හී හී... මට හම්බුනොත් මම ඕකෙ හැංගිලා කොරියා යනවා.... :D
Deleteමම බලලා ආවා ඒ පැත්තට ගිහින්
නියමයිනේ රෙහානි.......බලන්නකෝ පණිවිඩය කොච්චර ප්‍රභලයිද කියලා නේද?
ReplyDeleteඒකනේ අරූ
Deleteඔන්න මමත් ආවා ..
ReplyDeleteලස්සන පනිවිඩයක්නේ දීලා තියෙන්නේ ... ඕනවට වඩා ඕනෑම දෙකට බැදුනම ඔහොම වෙනවා .. මේ මට වගේ ...
මගෙත් අතීතය කල කි දේ දැන් පස්සෙන් එලොනවා ..
කරන කලට පවු මිහිරිය මි සේ .. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ...
ගොඩාක් ආදරයෙන් පිලිගන්නවා සුළඟ මෙහෙට
Delete//ලස්සන පනිවිඩයක්නේ දීලා තියෙන්නේ ... ඕනවට වඩා ඕනෑම දෙකට බැදුනම ඔහොම වෙනවා .. මේ මට වගේ ... //කාටත් එහෙමයි
කරන කලට පවු මිහිරිය මි සේ .. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ...
ඒක නම් ඇත්ත.
ආයෙත් හමන්න හුළඟ මේ පැත්තට හොඳේ
මාරයි.. මට ඔහොම එකක් හම්බ උනොත් වැඩි තන්හාවට යන්නෙ නෑ... හැම බැංකු සේප්පුවකින්ම පොඩ්ඩ පොඩ්ඩ ගන්නවා :ප්
ReplyDeleteඑතකොට පොඩ්ඩ පොඩ්ඩ ගන්නේ ජොලියටද ඈ?
Deleteදෑන් ඔය කොලේ කොහෙද දන්නෙ නෑ නෙ.(කලින් ආව.විඩියො එක බලන්න බෑරිඋනා නෙට්වර්ක් ප්‍රශ්නයක් නිසා)
ReplyDeleteහොයාගන්න තිබුනනම් හොඳයි නෙහ් :D
Deleteමමනම් මුකුත් ඉල්ලන්නේ නෑ . බල කරලම කිව්වොත් ඉල්ලන්න කියලා අලුත් එළකිරි වයලීන් එකක් ඉල්ලනවා . එකත් ආතල් එකට වගේ . පස්සේ කාලෙකදී රෙහානි අක්කටවත් විකුණගන්න බැරිය . :p
ReplyDeleteමමනම් මුකුත් ඉල්ලන්නේ නෑ . බල කරලම කිව්වොත් ඉල්ලන්න කියලා අලුත් එළකිරි වයලීන් එකක් ඉල්ලනවා . එකත් ආතල් එකට වගේ . පස්සේ කාලෙකදී රෙහානි අක්කටවත් විකුණගන්න බැරිය . :p
ReplyDeleteමම හිතුවෙ ගෑල්ලමෙක්ව ඉල්ලයි කියලා...හික් :D
Deleteමට විකුණන්න....ඊට ලේසි වෙයි අයිස්ලන්තෙට ෆ්‍රිජ් එකක් විකුණන එක..
තණ්හාය ජායතී සෝකෝ
ReplyDeleteතණ්හාය ජායතී බයං
විනාඩි දෙකහමාරකදි මොන තරම් දෙයක් කියන්න පුලුවන්ද නේද ?
ඒකනේ සමී
Deleteකාලෙකට කලින් මේ රූපරාමු කීපය දැකලා තියෙනවා...මෙන්න මේවට තමයි නිර්මාණ කියන්නෙ...
ReplyDeleteඇත්තටම සිරා අය්යේ ,.... මේවා තමයි සුපිරිම නිර්මාණ
Deleteමට නම් වර දෙකම ඉල්ලන්න වෙන්නෙ අනුන් වෙනුවෙන්..
ReplyDeleteම්ම්ම්....ඒ කිවුවේ දරුවෝ වෙනුවෙන් වෙන්න ඕන..?
Deleteනියමයි, වැඩි තන්නවට ගියාම මේ දේ තමයි වෙන්නේ.
ReplyDeleteඅනිවාර්යෙන්..
Deleteඒක මාත් බැලුවා අහම්බෙන්. අධික තණ්හාව හින්දා තියන ටිකත් නැති වෙනවා. අර වරය ගැන කියන කතාව පැටලිලා නැද්ද..? මට හිතෙන්නේ එකෙ මොකක් හරි පැටලිල්ලක් තියේ කියලා
ReplyDeleteනෑ ඒ කතාව එහෙම තමයි කියන්නේ මම දන්න තරමින්...ඒ කියන්නේ එයා ඒ වරයෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා කියන එක...
Deleteහ්ම්ම් ඇත්ත කතාව.
ReplyDeleteමාත් අද තමා මේ පැත්තට පය තිබ්බේ....
ReplyDeleteඔය කෙටි චිත්‍ර පටිය මමත් නම් බැලුවා ....ඕනට වැඩියේ ඕනම දෙයක් ඕනෙම නෑ කියනවානේ..
දිගටම ලියන්න ජයෙන් ජය !
තන්හාය විප්පමුත්තස්ස...නත්ති සෝකෝ කුතෝ භයං කිව්වලු :) නියම වීඩියෝව
ReplyDeleteසුපිරි ඈ... තණ්හාව කියන්නේ ඕකට තමා..
ReplyDelete