සංසාරගත මගේ ප්‍රේමය
දෑත් විහිදුවා මට මගේ
පෙන්විය නොහැකි මුත්....
විසිතුරුම මල නුඹය
මා හද මඩළ තුල පිපුණ
පර නොවෙනා කිසි දිනෙක
ලියා දෙනවද සින්නක්කරව ම
ඒ සුවඳ මල මට....
මල් පරවී යාවි
සඳ පායා බැස යාවි
ගං දෑල සිඳී ඉවුරු තනි වේවි
ඉතිං කුමට ... මේ උපමා
මගේ ආදරය හදවතේ රැඳේවි
නුඹ වෙනුවෙන්ම
දිවිතුරාවට....!
ටයිටල් එක දැක්කම නම් හිතුනේ වෙන දෙයක්... ඇවිල්ලා කවිය කියෙව්වම අර හිතිච්ච දේ හොඳටම වෙනස උනා.....
ReplyDeleteඑල කවිය.....
එහෙමද? :)
Deleteස්තුතියි සඳුනිමා
ඔව් ඒක තමා කරන්න තියේනේ. හදවතේ ඕන මලක් සුරුකියි මියෙන තුරුම...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් :)
Deleteලස්සණ යි! අදනේ දන්නේ රෙහානි අක්කා කවි ලියනවා කියලා.
ReplyDeleteස්තුතියි ධාරා..
Deleteගොඩ කාලෙකිං තමයි නිසඳැසක් ලිවුවේ
හරිම හැඟීම්බර ලියමනක්.. ලස්සනයි.. මම ගිම්හානයට එන්න එපා කිව්වෙත් මේ නිසාමයි.. http://karuugesithroo.blogspot.com/2013/08/aging-you-arent-welcome.html
ReplyDeleteස්තුතියි..අල්තයීර් ...
Deleteඒ පැත්තෙ එන්නම්කො මන් බලන්න
මරුනේ රෙහානි......! හැබැයි ආදරේ වැඩි කමට ඔයාගේ වටලප්පන් එහෙම හදලා දෙන්න එපා
ReplyDeleteස්තුතියි ඉවාන්
Deleteඅනේ වටලප්පන් කාලා කාටවත් මුකුත් උනේ නෑ... :D
කවුද දන්නේ හැදුවට කෑවද කියලා...නේද ඉවාන්?
Deleteකෑවා අනේ.... :D
Deleteඑක තමයි දිලිනි මෙයා අනික් අයට කවන්න ඇති.
Deleteඑසේම වෙවා
ReplyDeleteමක්කැයි ? :D
Deleteමගේ ආදරය හදවතේ රැඳේවි
Deleteනුඹ වෙනුවෙන්ම
දිවිතුරාවට....!
සිංදුවක් මතක් උනා..කවි දැකල..
ReplyDelete"මහද පෙම් විලේ..
නිඹද නුරා රැඟුම් රඟා
සුසුම් රැලි නගාලා
පොපියෙන පියුමි පිය කතේ..!
සිංදු කිය කියා ඉන්න ගමන් ... නරකද පෝස්ට් එකක් එහෙම ලිව්වනං :D
Deleteලස්සනයි රෙහානි...:)
ReplyDeleteනරකද කවි කොලටිකක් ගහලා කොරියවට යැව්වොත්...:P
ස්තුතියි ඈ
Deleteකොරියාවට නං ලොට් ගණං යවලා තියෙන්නේ :D
ආ එහෙනම් ඒවා වෙන්න ඕනා කොරියාවේ බෝතල් පත්තර කඩවල ටොන් ගණන් විකුනන්න තියෙන්නේ..:D
Deleteනෑ... ඒවා තියෙන්නේ ඉතා සුරක්ෂිතව මගේ හබී ලඟ විතරයි :)
Deleteමට පේන්නෙ ඉඩම් හොයන්න/බලන්න යද්දි ගස් කපල,ඇළ වේලි සිදිල තියෙනව දැක්කම සිතට දැනුන සිතිවිල්ලක්ද කොහෙද ඉදගෙන....!!!
ReplyDeleteහී හී එහෙමද හිතුනේ ඉඳගෙන :D
Deleteසමනළයෙක් මලකට කියන සින්දුවක් :)
ReplyDelete(බ්ලොග් එකට මොබයිල් තීම් එකකුත් දාන්නකෝ.. ෆෝන් වලින් බලන්න බෑ.. Template යටතේ mobile theme කියල වෙනම ඇති. එතනින් කැමති එකක් දාගන්න)
හ්ම්ම් සමනළියක් :D
Deleteස්තුතියි කිවුවට..එහෙම කරන්නම්
ඔහේ තනිවු ආදර අන්දර කොතෙක් නම් සිත් තුල ඇද්ද සිරගතව..........!!!
ReplyDeleteඒ කියන්නේ ඒකපාර්ශවික ආදරය ද?
Deleteහදවතේ හිරවුණු හැඟුම්ද මේ කවියෙන් කියවෙන්නෙ
ReplyDeleteඔවුනේ................ :)
Deleteඅපේ අප්පේ... විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා!!
ReplyDeleteඅර මක්කැයි
Deleteඅප්පටසිලි...මෙන්න කවිත් ලියනවා
ReplyDeleteඔවුනේ...හොඳයි නේද? :D
Deleteඔව්..මල් පරවී යාවි...ඒත්..මේ දැනෙන සුවඳ එහෙමමයි...
ReplyDeleteහරිම ලස්සනයි රෙහානි....
ගොඩක් ස්තුතියි
Deleteසඳුද අවදියෙන් තරුද අවදියෙන් හින්දා මුකුත් ලියන්න විදියක් නෑ . උන් දැක්කොත් ඉවරයි . කවි ටික එලම එල
ReplyDeleteසඳුද අවදියෙන් තරුද අවදියෙන් හින්දා මුකුත් ලියන්න විදියක් නෑ ./// හෑ..... :D
Deleteස්තුතියි වයලීනෝ
වැස්සේ තෙමිලා හෙම්බිරිස්සා හදාගන්න හදනවට අමතරව කවිත් කියනවා.:D
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteහරිම ලස්සනයි රෙහානි. ඔයාට ලස්සනට ලියන්න හැකියිනෙ. ආසිරි පැතුම්!
ReplyDeleteගොඩාක් ස්තුතියි චාන්දි ආන්ටි
Deleteරෙහානිගෙ ලා දම් අහසට ආවගමන් දැක්කෙ බූවල්ලෙක්.. උගේ වැඩ විනාඩි 5ක් විතර බලං ඉදල තමයි නිර්මානේ බැලුවෙ :D
ReplyDelete//මගේ ආදරය හදවතේ රැඳේවි
නුඹ වෙනුවෙන්ම
දිවිතුරාවට....!//
මේම ඉන්නෑ අප්ප කවුරුවත් :D
හොඳයි නෙහ් බූවල්ලා :D
Deleteඇයි එහෙම කියන්නේ
ලස්සනයි රෙහානි.
ReplyDeleteස්තුතියි ගයනි
Deleteආදරේ කියන්නේ මම වැඩිය කතා කරන මාතෘකාවක් නෙවේ.. එත් කවි ටික නම් ලස්සනයි...
ReplyDeleteස්තුතියි අඟහරුවෝ
Deleteසොදුරු සිතුවිලි හිතේ පුරවන
ReplyDeleteමිහිරි කවිකම් මේ වගේ
ජීවිතේ ගැන කවි කියයි
වාසනාවන් මේ ආදරේ..
ස්තුතියි ගොඩාක් වර්ෂා
Deleteආදරේ උතුරලා යනව වගේ....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්....
Deleteදෝරේ යයි ආදරේ...සුභ පැතුම් කෙල්ලේ.හැමදාම ආදරෙන් ඉන්න.
ReplyDeleteස්තුතියි මගේ අක්කෝ
Delete