ලා දම් අහසට පායන උදවිය ..

Thursday, September 27, 2012

මා සිතට අහම්බෙන් - 3

පළමු කොටසට මෙතනින්     සහ   දෙවන කොටසට මෙතනින් යන්න...                                                                                                                                                                                                                                
ආදරේ කියල කියන්නේ නිදහස නැති කරගන්න එකටද කියල  සෙනලිට  හිතුනා..  හැම  වැඩක්ම  කරද්දී   මධුෂගෙන්  අවසර  ගන්න  එක  විහිළුවක්   වගේ කියල  සෙනලිට  හිතුනා.. සමහරවිට " මම මධුෂගෙන් ට්‍රිප්  එක  යන්නද ඇහුවනම්..!  එයා එපා කිවුවොත් මගේ සතුට පැත්තකින්  තියන්න   ඕන නේද " කියලත්  සෙනලිට කල්පනා උනා... ආදරේ  කියන අකුරු අතරේ   එහෙම සීමා  මායිම් තියනවා නේද කියල , ඒ සීමා  මායිම්  නිසා සතුටු වෙන්න  පුළුවන්කම අඩුයි නේද කියලත්  සෙනලි   හිතුවා..  
                                                                                                                                                                     ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~         
                                                                                                               සෙනලි  චාරිකාව  යන්න සුදානම්  උනේ ලොකු සතුටකින්.. චාරිකාවට දර්ශි  එකතු උනේ  නැති එක  ගැනනම්  සෙනලිට පොඩි කනගාටුවක් තිබුණ.. ඒත්..දිල්කි  නිසා සෙනලිට   දර්ශිගේ අඩුව  දැනුනේ නැහැ..ඒ තරම්   දුරට ආශ්‍රය  කරලා  තිබුනේ  නැති උනත් දිල්කිත්  සමග ගත වුන පළමු  පැයේදී  දෙකේදීම  දිල්කි සෙනලිට  ගොඩක් ලං වුණා.. දිල්කි සෙනලිව  එයාගේ පැත්තට  නම්මගත්තා..  පිටින්  සුන්දර  පෙනුමක්  තිබුනට   දිල්කිගේ   ඇතුලේ  තිබුනේ  ගින්දර.. සෙනලිගේ ජීවිතේ  ගොඩක්  වෙනස්කම්   සිද්දවුණා මේ  චාරිකාවේදී..  ඒවාට  ගොඩක්ම  වග  කියන්න  ඕනේ   දිල්කි..                                                                                                                                                                                           සෙනලිගේ පාසල මිශ්‍ර පාසලක්. ඒ නිසා පිරිමි  සහ ගැහැණු ළමයි දෙගොල්ලම  ඉන්න නිසා චාරිකාව  ගොඩක් රසවත් උනා.. චාරිකාව යන්න  ඉස්කෝලෙන්  සංවිධානය කරද්දී  ගුරුවරුන්ට  විශ්වාසී කියල කියන්න   පුළුවන්  ආදී ශිෂ්‍යයෝ   දෙන්නෙක්ව   චාරිකාවට  සහභාගී  කරවාගෙන   තිබුණා..  මේ  දෙන්නගෙන්   එක්කෙනෙක්  තමයි  ගයාන්. ගයාන්  සෙනලිව  දැකපු  මුල්ම  වතාවේ  ඉඳලම  සෙනලි  දිහාව   උවමනාවට  වඩා  බලන  බව  සෙනලිට  තේරුණා.. ඒත් සෙනලි  නොදන්නා  ගානට  හිටියා..                                                                                                                                          සෙනලි දිඹුලාගල පන්සල නැග්ගේ දිල්කිත් එක්ක..ඒ වෙනකොට  එකට  බස්  එකේ   ආපු ඉස්කෝලේ  සෙට්  එක  කණ්ඩායම්  දෙක  තුනකට  වෙන්  වෙලා.. සෙනලි  දෙතුන්  වරක් දැක්ක  තමන්ගේ  පිටිපස්සෙන්ම    ගයාන්ලා  එනවා. සෙනලි ඒ ගැනඑතරම් ගණන් නොගෙන  අමාරුවෙන්  ගල් පොත්ත දිගේ  ඉහලට ගියා.. වාරු නොගෙන  ඉහලට  යන්න බැරි  හැම අවස්ථාවකම  දිල්කි සෙනලිට සහයෝගය  දැක්වුවා..                                                                                                                සෙනලි පොඩ්ඩක් හිටහන්කෝ..!  ඈතින් අසුන හඬ දිහා සෙනලි හැරිලා බැලුවා..
"මේ සමීර නේද?" අනික අර කොල්ලත් එක්ක.., සෙනලි හිතුවා.."ඇයි " අසන්නාක් මෙන් සෙනලි සමීර දිහාව බලන් හිටියා.,
මොකෝ බෙරිහන් දෙන්නේ? දිල්කි ඇහුවේ කෑගහල වගේ..
සමීර දුවගෙන වගේ දෙන්නා හිටපු තැනට ආවා.."පොඩි සීන් එකක් තියේ කියන්න.." සමීර ද  ගල්පොත්ත  නගිමින්  කතාකලා... සෙනලි දැනගත්ත කියන්න යන්නේ ගයාන් ගැන බව..ඒත් සෙනලි  වෙනසක්  නොපෙන්වා  හිටියා..                                                                        දැන් කියහන් තටමන්නැතුව  මොකද්ද දාන්න ආපු ලෙඩේ?දිල්කි ඇහුවා..
අපේ සෙනලියගෙන් පොරක් අහන්න කිවුව බන්...
අඩේ කවූද බන් ඒ?
අය්යෝ මේ දිල්කිට කට පියන් ඉන්න බැහැ නේ.. සෙනලි හිතුවේ යටින් බනිනගමන්...
අර පිටිපස්සෙන් එන්නේ... සමීර දිල්කිට ගයාන්ව පෙන්නුවා..ඒත් සෙනලි නම් හැරිලාවත් බැලුවේ නැහැ..
 උස කොල්ලද   මිටි කොල්ලද..? දිල්කි ඇහුවේ හොඳහැටි හැරිලා විපරම් කරමින්..
මිටි පොර...
උබ බලල මොකටද ...දිල්කිට කියන ගමන්, "සෙනලි බලහන්කො පොඩ්ඩක්..".සමීර කියන දේවල් කනකටවත් නොගෙන යන සෙනලි ට සමීර කිවුවා..                                                                                     මට ඕනි නැහැ බන්...අනික මට කොල්ලෙක් ඉන්නවා...
"හා...අපිවත් දන්නේ නැතුව උඹට කොල්ලෙක් ඉන්නවා..අනේ මේ නිකන් හිටහන් බන්.."සමීර සෙනලිගේ කතාව පිළිගත්තේ නැහැ..
 ඉන්නවා තමයි බන්..නොහිටියත් මන් මේ ගල් ගෙම්බට කැමති නැහැ කියහන්.." සෙනලි හිතේ කේන්තියෙන් කිවුවා..
යකෝ ගයානය හොඳ එකා..! පොඩි කාලේ ඉඳලම අපිත් එක්ක එකට හිටියේ..අපි දන්නවනේ..ඔන්නොහෙ කැමතිවෙයන් බන්.."දැන් සමීර නහයෙන් අඩනවා  ..
ගොඩක් දේවල් කියල සෙනලිව කැමති කරගන්න හිතුවත් එහෙම බැරි බව සමීරට අන්තිමේ තේරුනා.. දිල්කි  සමීර ගිය වෙලේ ඉඳන් පටන් ගත්ත සෙනලිට බනින්න.දොස් කියන්න...
මොකද්ද හරකියේ ඒ කරපු වැඩේ..බලහන් ඇත්තටම ඌ හොඳ කොල්ලෙක් පාටයි..!
මොනවද ඔයා කියවන්නේ දිල්කි..මට මධුශ ඉන්න බව ඔයාට මතක නැද්ද..?සෙනලි පුදුමයෙන් වගේ ඇහුවා..
මධුෂ වගේද බලහන් මේ කොල්ල.. හෙන අහිංසකයි..පව් බන්..ඌ හෙන හොඳ පාටයි.."දිල්කි සෙනලිගේ හිත වෙනස් කරන්න ලොකු උත්සහයක් ගත්ත..
මෙතන ටිකක් ඉමු..!සෙනලි චෛත්‍ය රාජයා පෙනෙන මානයේ ටිකක් ගිමන් හැරියා..  ගයාන්ලා  සෙනලිලව  පහු කරගෙන චෛත්‍යට නැග්ගා..                                                                                           

      ඒක සෙනලිගේ හිතට ලොකු සහනයක් වුණා  .. "මන් මෙතන ඉන්නම් අපේ සෙට් එකේ එවුන් උඩ ඉන්නවනේ ඔයා ගිහින් එන්න දිල්කි..මට බැහැ.." සෙනලි යන්නට අදි මදි කළේ හේතු 2 ක් නිසා.. එකක් ගයාන්..අනික සුළඟට අකීකරු ඇයගේ ගවුම..!                                        

එහෙම ටිකක්  වෙලා හිටපු  සෙනලි  ඉන්න පැත්තට  පිරිමි ළමයෙක්   එනවා  ඇය  දැක්කා..  මේ ගයාන් නේද?..." සෙනලි ඔහුව අදුනගත්තා..එත් ඇය නොහඳුනන ගානට හිටියා...
ඔයාට සමීර දෙයක් කිවුවද?" ගයාන් ඇහුවේ ලැජ්ජවෙන්දෝ කියල සෙනලිට හිතුනා..
                                                                                                          
ප.ලි_   =ඉතුරු ටික පස්සේ දාන්නම්ලා හය්යු...මේ දවස්වල රෙහානිව පොඩ්ඩක් කාර්යබහුලවෙලා ඒකයි...
                                                                                                                                                                     ප.ප.ලි. =ඔබේ අවධානයට   යොමු විය යුතුම කරුණකි මේ..ඔබත් යහපත් සිතක් ඇත්තෙක් නම් මේ සත්කාර්යයට දායක වන්න.. මාලි වෙනුවෙන්  ඔබේ යුතුකම  ඉටුකරන්න  කාරුණික වෙන්න..මුලින්ම මේ  පොස්ටුව බලන්න...මාලි වෙනුවෙන් අත්සන් කරන්න මෙතනින්   යන්න..
  
                                       

Friday, September 21, 2012

සාම්ප්‍රදායික කවීන්ට අභියෝගයක්..!


පුළුල් උකුළු තල ගැන
මිටින් ගත හැකි ඉඟ සුඟ ගැන
රණ හංස යුවලවන් පයෝධර ගැන
අතීතයේ මදන කවියන්...
සන්තර්පයෙන් උද්දාමව..
ලියුවද බොහෝ කවි
................................
ඔවුන් ලියුවාද සිතුවාද කිසි දිනක..
...............................
පිරුණු දිය කලයට
රිදුම් දෙන උකුල් තල ගැන
දවස පුරා හිස්ව රැළි වැටුණු
බඳ වටා එතුණු.......
වැරහැලි චීත්ත පට ගැන
ලොටව වැහැරෙන තුරා
ලේ කිරි කර පෙවූ
           පයෝධර ගැන ..........!         
                                                                                                                                                                             (හදිස්සියෙන් වගේ පොතක් කියවද්දී මන් මේ නිසඳස දැක්කේ..!මේකේ හැබෑ අයිතිකාරිය "දමයන්ති මුතුකුමාරගේ" කියල කෙනෙක්ලු. මන් මේ නිසදැසේ වෙනසක් දැක්ක..බලන්න එක ඔයාලටත් පේනවද කියල..! අහ් ..මා සිතට අහම්බෙන් ඉතිරි කොටස ඉක්මනින් දාන්නම් යාලුවනේ..   :) )

Sunday, September 16, 2012

මා සිතට අහම්බෙන් - 2

පළමු කොටසට මෙතනින් යන්න..
                                                                                                                                                                                                                                                           ඔයාට දුක හිතෙන්නේ මොන උත්තරේට ද ?
මට ඔයාව නැතිවෙන විදිහේ උත්තරේකට...
මම ආදරේ ගැන දන්නේ නැහැ ..මන් ආදරේ කරලත් නැහැ..මන් ඔයාට කැමතියි...!
ඔය කියන්නේ ඇත්තමද..! එහෙම අහද්දී මධුෂ ගේ සතුට ඉහ වහා ගියා කියල සෙනලිට හිතුනා..
හ්ම්ම්....
                                                                                                                                                    සෙනලි  ගොඩක් දේවල්  හිතුවේ නැහැ.. මධුෂ ලස්සනයි අහිංසකයි කියල සෙනලිට දැනුනා.. සෙනලි දර්ශිගෙනුයි  මධුෂ එක්ක  පරණ  ඉස්කෝලේ එකට හිටපු නදීගෙනුයි මධුෂ ගැන තොරතුරු ටිකක් දැනගත්ත.. දර්ශි හැම වෙලාවකම  කිවුවේ මධුෂගේ  හොඳ! සෙනලි ගෙදර  ඇවිත් කල්පනා කලා තමන් අද කරපු දේ හරිද කියලා.."අපේ පන්තියේ ගොඩක් කෙල්ලන්ට කොල්ලෝ ඉන්නවා,මමත් එහෙමදෙයක්  කලා  කියල  ඒක  වරදක්  වෙන්න බැහැනේ.." ..මධුෂ මගේ නම් ගම් පවා හොයාගෙන..! පුදුම  කොල්ලෙක්..!     
                                                                                                                                        ඒ හැම  දෙයක්ම හිතන  ගමන් සෙනලිට මතක් උනා  බස් එකේදී  මධුෂ  අහපු කියපු දේවල් . ..                                                                                      කවදද ඔයාගේ උපන් දිනේ?
සැප්තැම්බර් නවය...  සෙනලි පිළිතුරු දුන්නා..
ලබන සතියෙනේ..!
හ්ම්ම්..
එහෙනම් අව්ලක් නැහැ..
ඇයි එහෙම කිව්වේ..
මන් බයේ හිටියේ..
අර මොකෝ...(හිනාවෙලා)
මට වඩා වැඩිමල්ද දන්නේ නැහැනේ ඒකයි...
ඉතින් වැඩිමල්ද?
වැඩිමල් ..මාස 7 ක් ම... ඔයා නෙවේ මම ... "    
අර අහිංසක හිනාවත් එක්ක මධුෂ පිළිතුරු දුන්නා..
                                                                                                           
ඉන් පස්සේ හැමදාම උදේට ඉස්කෝලේ  යනකොටයි එනකොටයි හැමදාම වගේ සෙනලිට  මධුෂව  හම්බ  වුණා.. සෙනලියි  මධුෂයි  කතා බහ කලේ ඔය අතරවාරේ හම්බවෙන මිනිත්තු  කිහිපයක  විතරයි... මධුෂගේ  පාසල තිබුනේ සෙනලිගේ පාසලට වඩා දුරින් නිසා සමහර වෙලාවල් වලදී මධුෂට සෙනලිලගේ ගමේ බස් එකටම එන්න බැරිවෙන අවස්ථා තිබුන.එත් ඒ  වෙලාවට සෙනලි මධුෂ එනකන් බලන් ඉන්නේ නැතුව යනවා.යනවාටත් වඩා දර්ශි තනියම නිසා දර්ශි එක්කගෙන යනවා.."මන් මධුෂ එනකන් ඉන්නම්..!"එහෙම වෙලාවට සෙනලි කියනවා..එත්.."ඒකා කොයිවෙලේ එයිද දන්නේ නැහැ  බන් අපි යමු " කියල ඇදගෙන යනවා.පහුවදාට මධුෂ උදේට බස් එකට  නගින්නේ  මුණ  කොරහක් කරගෙන."මොකද්ද සෙනලි ඔයාට එක විනාඩියක් මන් එනකන් ඉන්න බැරිද?"එහෙම වෙලාවට මධුෂ කියනවා..සෙනලි නිදහසට  කාරණා කියන්නේ නැහැ.සෙනලි තරහ  වෙන්නෙත්  නැහැ .. ඒ වගේම සෙනලිලොකු බැඳීමක් ඇති විදිහට හැසිරෙන්නෙත් නැහැ.සෙනලිට මධුෂව හිටියත් නැතත් ගානක් නැති ගානයි.."අපි දෙන්න කතාකරන්නේ හරියට කපුටෝ නානවා වගේ..!"දවසක් මධුෂ සෙනලිට කිවුවා..  එත්.. සෙනලි  ඒ වගේ දේවල් වලට උත්තර දෙන්නේ නැහැ..මධුෂට සෙනලිව තේරුම්ගන්න ටිකක් අමාරු වුණා..                  
                                                                                                            මධුෂ කොයි තරම් තේරුම් කලත් සෙනලි ආදරේ කරන්නේ කොහොමද  කියල තේරුම්ගත්තේ නැහැ.. ඇත්තටම  ආදරේ කියන්නේ මොන වගේ හැගීමක්ද කියල තේරුම්ගන්න ඒ මොහොතේ සෙනලිට  හැකියාවක්  තිබුනේ නැතිදෝ මන්දා...දවසක් උදේ ඉස්කෝලේ යද්දී "අපි දෙන්න බත් දෙක මාරු කරගමුද?" මධුෂ අහිංසකව ඇහුවා..මධුෂට තිබුනේ හරි අහිංසක ආශාවන්!එත් ඒ දේවල් සෙනලි තේරුම්ගත්තේ නැහැ ..එදා ඒ ඉල්ලීම කරද්දීත් සෙනලි  නිහඩව  හිටියා..සෙනලිට  මධුෂ නොදැක්කා කියල කිසි වෙනසක් තිබුනේ නැහැ..මධුෂ  හදිස්සියේ  වත් පාසල්  නාවොත්  ඇයි කියල හොයන්න සෙනලිට උවමනාවක්  තිබුනේ  නැහැ.. ඇත්තටම සෙනලිට එහෙම ගානක් නැහැ..තව දවසක්  දර්ශි සෙනලිට ඉස්කෝලේ ඇරිලා  ඇඳුම්  වගයක්  ගන්න යන්න  කතා කළා..  "දැන් මධුෂ ආවොත් මග හැරේවි " ඒ වෙලාවේ සෙනලි කිවුවා.."ආවොත් එයා යයි උඹ වරෙන් මාත් එක්ක"දර්ශි බලෙන්ම වගේ සෙනලිව ඇදන් ගියා..එකේ ප්‍රථිපලය උනේ මධුෂ සෙනලි යන්න ඇති කියල හිතාන වෙන බස් එකක ගෙදර ගිහින් පහුවදා සෙනලිට බැනුම් අහන්න උන එක.මේ දේවල් නිසා මධුෂට සෙනලිව  ටික ටික එපා  වෙන්න   ඇති..                                 
                                                                                                              සෙනලි පන්ති යන්න සුදානම් උනේ ගෙදර හදපු කිරිබත් කෑල්ලකුත් කාල..,අද සෙනලිගේ උපන් දිනේ...සෙනලිට අද මධුෂගෙන් තෑග්ගක් ලැබෙන බව සෙනලි දැනගෙන හිටියා..                                                                                                               පන්ති ඉවරවෙලා සුපුරුදු විදිහට සෙනලි ගමේ බස් එකේ  වාඩිවෙලා හිටියා.. ඒ වෙලාවේ මධුෂ මධුෂගේ යාලුවෙකුත් එක්ක බස් එකට  නැග්ග   ..බස් එක යන්නවෙලා තිබුණනිසා ඒක  නතරකරලයි තිබුනේ..!                                                                                                                මන් චුට්ටක් පරක්කු උනා නේද බබා..!මධුෂ හිනාවෙලා   කියන ගමන් සෙනලි ලඟින් වාඩි  උනා..
පරක්කු නැහැ..
මගේ පුංචි කෙල්ලට මන් ප්‍රසන්ට් එකක් ගන්න ගියා...
සෙනලි මධුෂගේ අහිංසක මුණ දිහා බලල හිනා උනා..
හැපී බර්ත් දේ මගේ බබීට..!
මොනවද මේ?සෙනලි මධුෂගේ ප්‍රසන්ට් එක අතට ගන්න ගමන් ඇහුවා..!
පුංචි දෙයක්..මට සල්ලි තියන විදිහට ගත්තේ..ඔයාම බලන්නකෝ..
තැනක් යු .........! සෙනලි කිවුවේ හරිම සතුටින්                                     
                                                                                                              "අද අපි වෙන බස් එකක යමු..මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි..!" මධුෂ යෝජනා කලා..එත් සෙනලි ඒකට කැමති උනේ නැහැ.."අපි  මේ බස් එකේම යමු!  මේක  යනකන්  අපි  එලියට  වෙලා  කතාකරමු.සෙනලි එහෙම යෝජනා කලා..කතාකරන්න තිබුන උවමනාව නිසා වට පිටේ අදුරන උදවිය   ගැන නොහිතාම මධුෂ ස්ටෑන්ඩ් එකට වෙලා සෙනලි එක්ක කතා කලා..
                                                                                                        මට මෙහෙම නෙවෙයි සෙනලි..නිදහසේ කතාකරන්න ඕනි..
ඉතින් කතාකරන්නකෝ
ඔයාට පුලුවන්ද අපේ අම්මවත් ආදරෙන් බලාගෙන මාවත් බලාගන්න?
මධුෂ ඇහුවේ අවන්කවම දුර දිග හිතල..එත්..සෙනලි උත්තර දෙන්නේ ඒ තරම් හිතලා නෙවෙයි..
මට පුළුවන්...
අපේ අම්ම කැමති නැහැ කොටට අඳින ,කලිසම් අඳින ගෑනු ළමයින්ට..ඔයා හැමදාම   ඇඳගෙන එන විදිහ දැක්කහම මට තේරුනා ඔයාට නීති දාන්න මට ඕන නැහැ කියල!
හ්ම්ම්...තව මොනවද?
ඒ දේවල් තමයි..!                                                                                

                                                                                                               සෙනලි හවස් අතේ ලොකු වැඩක් නොතිබුන නිසා වත්ත වටේ ඇවිද්දා..සෙනලිගේ හිතට  වරා මලක් වගේ පාවෙලා පාවෙලා යනව වගේ හැගීමක් දැනුනා.හිත එකලස් කරගෙන ඉන්න අමාරු ගතියක් දැනුණා.. මධුෂ දීල තිබ්බ ප්‍රසන්ට් එක හරි ලස්සනයි..හුරුබුහුටියි..!එත් එක්ක ම තිබුන චොකලට් එකෙන් කෑල්ලක් කන ගමන් මිදුලේ තිබුන  බංකුවක  වාඩිවෙලා සෙනලි ගොඩක් දේවල් කල්පනා කලා..සෙනලිගේ හිතට ආවේ මධුෂගේ වචන..සෙනලිගේ පාසලෙන් සංවිදානය කරලා තිබුන දින දෙකේ චාරිකාව යන සල්ලි දුන්න කිවුවහම මධුෂගේ මුණ කලුවෙලා ගියා.."ඔක්කොම කරගෙන ඉවරවෙලා මාත් එක්ක කියන්නේ!"මධුෂ කේන්තියෙන් කියපු හැටි සෙනලිට මතකයි. "අපේ ගෙදරින්   මට යන්න අවසර දුන්නනේ!මන් එතකොට මධුෂගෙනුත් අවසර ගන්න ඕනද?"එහෙම හිතුනත් සෙනලි එක ඇහුවේ නැහැ.. එතනදිත් හිනාවෙලා නිකන් හිටියා...
                                                                                                                                       
ප.ලි =හිතුවට වඩා කතාව දිග වැඩියි...තව එකකොටසකින්  කතාව  නිම කරනවා  කියල  පොරොන්දු  වෙනවා.. ! අනිවාර්යෙන්ම!
                                                                                                                    

Friday, September 14, 2012

මා සිතට අහම්බෙන්...

සෙනලි  යාන්තමින් ඇස් හැරලා බැලුවා ..කුරුල්ලෝ  ලේන්නු  අවදිවෙලා.. වෙලාවකට  කිචි බිචිය, තවත් වෙලාවකට ටින් ටින්  නාදේ.. ඒ  අතරින් හිරි  ගැට කඩමින් අවදි උන  සෙනලි පාසල් යන්න සුදානම් උනා..                                                                                              
                                                                                                              "සෙනලි ...පුතේ බස් එක එන්න ලඟයි පාරට යන්න.."කුස්සියේ වැඩ කරන ගමන් සෙනලිගේ අම්මා මදක් උස් හඬින් කිවුවා ..                      

                                                                                                              සෙනලි පාසල් යන්නේ පාරේ බස් එකේ.අ.පො.ස.(සා./පෙ.)  සමත්  වෙලා නගරයේ  පාසලට යන්න  වරම් ලැබුන  සෙනලි පාසල්  ගියේ  හරිම    ආසාවකින්.. උනන්දුවකින්.. ඒකට   සෙනලිට  ලැබිල  ඉන්න  හොඳම   යාළුවා  දර්ශිත් හේතුවක්  උනා.සෙනලිගේ  ගමේ ඉඳන්  පාසලට දුර  තිබුනේ  (  බස් එකක)  පැය  බාගයක  පමණ   දුරක් .. සෙනලි අලුත් ඉස්කෝලේ  යන්න පටන්  අරන් මාස 3  ක් නිදහසේ  ගෙවිල ගියා.  ඒ කාල  සීමාව තුල සෙනලි   පෙන්වූ දක්ෂතා  ගැන  ගුරුවරු   හිටියේ ලොකු  පැහැදීමකින්.. දිනපතා  පාසල්  යන  බස්  රිය  සෙනලිගේ  ජීවිතයේ  වෙනසක ආරම්භයක් උනා..                                                                                                                                                                                                                                 "ගුඩ් මෝර්නින්.." දිනක් බස් එක ඇතුලෙදි  පාසල් ශිෂයෙක්  ඇයට ලයාන්විත  සුබ පැතුමක්  කළා. එත්.. ඇය ඔහුව  හඳුනන්නේ  නැහැ.   නමුත්  ඔහුව සුපුරුදු බවක්  ඇයට දැනුණා. දෙවරක් නොසිතා  ඇය ඇගේ  ප්‍රතිචාරය දැක්වුවා..ගුඩ් මෝර්නින්"ඇයද සිනාසී කිවුවා,    "මෙයා අපේ  ඉස්කෝලේ  කෙනෙකුත්  නෙවෙයි.  ඇයි එත්  මාත් එක්ක  මෙයා කතා  කරන්නේ? හරියට  කාලෙක ඉඳල මාව  දන්නවා වගේ. කිසිම  වෙනසක්  නැහැ. "සෙනග අතර  සිටගෙන  උන් සෙනලි  තනිව කල්පනා කලා.                                                        
                                                                                                              පාසලේදීත් සෙනලිට කල්පනා උනේ  අර පිරිමි ළමයා ගැන  .."  මන්  මේක  දර්ශිට  කියනවද?එක අතකට   කොල්ලෙක්  ගුඩ් මෝර්නින්   කිවුව  පලියට ඒක දර්ශිට  කියන්න  තරම් අමුතු  දෙයක්  නෙමේනේ" සෙනලි  එහෙම  හිතලා  කර බා  ගත්තා.සෙනලි පාසල ඇරිලා ගමට යන බස් එනකන් දර්ශිත් එක්ක  නොයෙකුත්  දේ කතා  කරමින් හිටියා.. සෙනලිගේ ගමේ බස් එක යන්නේ පාසල ඇරිලා  හරියටම  පැයකින්.. ඉතින් අනිත් ළමයි ගෙවල්වලට ගිහින් නාල කාල නින්දකුත් නිදාගෙන ඇති  ඒ වෙද්දී.. සෙනලි ,  දර්ශියි හැරුනහම ඒ ගමේ බස් එකට තව ළමයි හිටියේ 4-5 දෙනෙක්. ඒ අතරේ  හිටිය  13 වසරේ  අය්ය  කෙනෙක්.එයා තමයි  සඳුන්. එයත් ඉතින් සෙනලි දර්ශියි එක්ක කතා කරමින්  ඉන්නේ..  ඔහොම  ඉන්නකොට ඈතින් මතු වුණා සෙනලිට සුපුරුදු රුවක්.."මේ අර බෝයි නේද?"සෙනලි යටින් හිතුවා.  ඒත් සෙනලි  නොදැක්ක  ගානට සුපුරුදු  කතාබහේ යෙදුනා..                                                        
                                                                                                                ඔයා දන්නවද සෙනලි මෙයාට බුද්ධිකා කියල නම දාල තියෙන්නේ ඇයි කියල?එතන හිටපු නංගියෙක්  පෙන්නලා    එහෙම ඇහුවේ සඳුන් අය්යා.                                                                                                                                                                                                            ම්හ්...ඇයි ?සෙනලි ඇහුවා..                                                                                                              
මෙයා බුද්ධිය කාල ඉන්නේ..එකයි..බුද්ධි+කා බුද්ධිකා..
                                                                                                           
                                                                                                               අනේ යනවා යන්න "කිරි   ගෙම්බා"  .. පුංචි  කෙල්ලට  කේන්ති ඇවිත්  කිවුවා..දර්ශියි සෙනලි හිනා උනා.. සඳුන් ගේ කතාවට නෙවෙයි.බුද්ධිගේ කතාවට ..                                                                                            
                                                                                                               අහ් මෙයාට කියන්නේ කිරි ගෙම්බද?හොඳයි හොඳයි දැනගත්තු එක.අපි මෙයාට නමක් හොයා හොයා හිටියේ.." දර්ශි කිවුවේ හිනහා වෙවී.                                                                                                     
සෙනලි ඒ අතරේ බැලුවේ අර බෝයි දිහාව.එයා අහිංසක විදිහට හිනාවෙලා සෙනලි දිහා බැලුවා. ඇත්තටම  එයා සෙනලි දිහාම බලන්  ඉන්නට ඇති බව සෙනලිට  තේරුණා.                                                                                                                                                                                                                                  බස් හෝල්ට් එකේ කණුවකට හේත්තු වෙලා පොත් ටික අතින් අතට  මාරු  කරමින් බලන් ඉන්න අයුරු  දුටු සෙනලිට  හිතුනේ  ඔහු තම  ඉදිරිපිටදී යම් අපහසුතාවයට පත් වෙනවා නේද කියල.
                                                                                                             අන්න බස් එක... දර්ශි කිවුවේ සෙනලි ඉවත බලන් හිටපු නිසා..                                                                                            
                                                                                                                                 රත්නපුර නගරයේ සිට නිවිතිගලට පැමිණි බස් රියෙහි  සිටි පිරිසෙන්  වැඩි පිරිසක්  නිවිතිගල  නගරයෙන්   බැසගත්  නිසා සෙනලිටයි  දර්ශිටයි එක  ළඟ වාඩිවෙන්න පුළුවන් උනා.සෙනග නංවා ගත බස් රිය  ඉදිරියට  ඇදෙන්නට වුණා.එකවර දර්ශි සෙනලි  ලඟින් නැගිටලා  වෙන  ආසනයකට  ගියා..අර පිරිමි ළමයා සෙනලි  ලඟින් වාඩි වුණා."මේ මොකද්ද  බොල මේ වෙන්නේ?"සෙනලිට හිතාගන්න බැරි උනා. සෙනලි  දර්ශි  දිහාව බැලුවත් දර්ශි හිටියේ ඉවත බලන්.                                                                                                  
මට ඔයත් එක්ක  කතා කරන්න ඕනේ..
මොනවද?
"මන් ඔයාට ආදරෙයි..." 
මොකක් ?
"මන් මාස ගානක් තිස්සේ ඔයා ගැන හොයන්නේ"
ඇයි ඒ?
ඔයා ගැන දැනගන්න..
ඉතින් දැනගත්තද  ?
ඔව් ටිකක් ..
මොනවද?
ඔයා අහිංසක කෙල්ලෙක් කියල...!
කවුද කිවුවේ?
කවුරුත් නැහැ..
එහෙනම්..
දැක්කම මට හිතුනා..

විකාර..!
ඇයි එහෙම කියන්නේ?
මට එහෙම හිතෙන නිසා..
මට ඉක්මනට උත්තරයක් ඕනේ..හාද?                   
   
සෙනලි ඉන් එහාට කතා කලේ නැහැ,මන් ගැන මොනවා හරි දැනගන්න ඕනද?ඔහු ඇසුවා..සෙනලි ඒ ඇස් දිහා කෙලින්  බැලුවා..මුකුත් නොකියාම. ඔහු ඇගේ නෙත් වලින් තම ඇස් ඉවතට ගෙන කතා කලා. මගේ නම "මධුෂ.."..මගේ ඉස්කෝලේ ඔයා දන්නවනේ..ඔයාලගේ බස් එකට මන් නගින්නේ අතුරු පාරකින්. එතනින් ඇතුලට යන්න ඕන අපේ ගෙදරට..මධුෂ   ඒ ටික  කියාගෙන  ගියේ ඉස්සරහ  අසුනේ ඉරී  ගිය  තැනක් කඩාලන ගමන්..  
                                                                                                              ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~          සෙනලි හවස වරුවේ මගහැරුණ නෝට් වගයක් ලියන්න ගත්තා.. සෙනලිගේ    හිතට හෙමින් ආවේ මධුෂ.. නම වගේම එයත් ලස්සනයි. එයාගේ හිතත් ලස්සන ඇත්ද..හිටපු ගමන් කඩන් පාත්වෙලා ආදරෙයි කියපු කොල්ලෙක් විශ්වාස කරන්න පුලුවන්ද...?ඒ මදිවට ඉක්මනට උත්තරත්  ඕනිලු..මට එයාව  මතකයි   වගේ.. ඒ කොහෙදිද?මටත්  පිස්සු  මන්  මීට කලින් එයාව දැකල නැහැ නේ..!මේ වගේ  ගොඩක්  ප්‍රශ්න  සෙනලිගේ  හිතට ආවා..                                                                     
                                                                                                              එදා සෙනසුරාදාවක්.පොලිටිකල්  පන්ති ඉවරවෙලා සෙනලි දර්ශිත් එක්ක  බස් නැවතුමේ     කතාවක්  දාගෙන  හිටියේ ..  එතකොටම තරිදුත්   එක්ක   (සෙනලිගේ පරණ ඉස්කෝලේ යාලුවෙක්)  සෙනලිලා ඉන්න පැත්තට මධුෂ  එනවා. "තරිදුත් මධුෂව දන්නවද" සෙනලි හිතුවා..         
                                                                                                               ආ..සෙනලියෝ...! ඒ තරිදුවා...                                                              
                                                                                                                   සෙනලි අහිංසක විදිහට හිනාවුණා.."ඔයා මධුෂව දන්නේ  නැද්ද?" තරිදු  ඇහුවා..   සෙනලි නිහඩවම උන්නා.. ඔයා මන් කියපු දේ හිතුවද?මධුෂ  ඇහුවේ  සෙනලි  නිහඩ  නිසා..                                                                "හිතුවා.." 
මොකද්ද?
මන් ඔයා ගැන මුකුත් දන්නේ නැහැ..
ඉතින් දැනගන්නකො..
ඒකට මට තව කල් ඕන..
කොච්චර දවසක්ද?
මම ලබන සතියේ ඔයාට   කියන්නම්..
සතියක් ................!ඇතිද?මධුෂ ඇහුවේ හිනාවෙන ගමන්..
දන්නේ නැහැ..එත්...බලමු................
කල් ගත්තට කමක් නැහැ..එත්..මන් ආසයි ඉක්මනට පිළිතුරක් දැනගන්න..                                                                                                  හිතුවටත් වඩා ඉක්මනින් සතිය ගෙවිල ගියා..අද සෙනසුරාද..අද හවසට අනිවාර්යෙන් මධුෂව හම්බවෙනවා..ඒ විතරක් නෙවෙයි..මධුෂට පොරොන්දුව  ඉටු කරන්නත් ඕනේ..සෙනලි පන්ති යන්න ඇඳගෙන  කන්නාඩියෙන්  තමන්ගේම ප්‍රතිරූපය දිහා බැලුවා.. එයා ගැන  හොයන්න  සතියක් ඇතිද ඇහුවේ  ඇයිද  කියල දැන්  සෙනලිට  තේරෙනවා.. සෙනලි  මේ සතිය පුරාවට  හොයාගත්තේ  මධුෂගේ  වට  පිටාව,පව්ල් පසුබිම , ඉගෙනීම වගේ දේවල් ගැන තොරතුරු ටිකක්..මධුෂ  හොඳ චරිතවත්  කොල්ලෙක් කියල තමයි  හැමෝම  කිවුවේ.. එත්.. ආදරේ   කියන්නේ  මොන  වගේ හැගීමක්ද කියල සෙනලිගේ හිතට  කවදාවත්  දැනුනේ  නැහැ..  දැනටත්  දැනෙන්නේ නැහැ.. එන  විදිහකට  මුණ  දෙනවා කියල  හිතාගෙන  සෙනලි  එලියට  බැස්සා...                    

                                                                                                              සෙනලි පන්ති ඇරිලා හෝල්ට් එකට ඇවිත් ගමට  යන බස්  එකේ  වාඩි  උනා.. දර්ශිත් සෙනලි එක්කමයි හිටියේ.මධුෂලට පන්ති ඇරෙන්නෙත්  දැන්.. සෙනලි හිතුවා විතරයි..,අර සුපුරුදු අහිංසක හිනාවත් එක්ක මධුෂ බස් එකට නැග්ගා... දර්ශි වාඩිවෙලා උන් තැනින් නැගිටලා මධුෂට සීට්  ඒක  දුන්න..                                                                                       කොහොමද?
හොඳයි....................!සෙනලි පිළිතුරු දුන්න..
 දන්නවද....දෙයක්...........?
 මොකද්ද?
 මට දැන් එක්කෙනෙක්ව දකින්නේ නැතුව ඉන්න බැහැ නේ..
කවුද?
කවුද ඉතින් ළඟ ඉන්න කෙනා මිසක්...
සෙනලි හිනා වුණා...
 දැන් කියන්න.....................
මොනවද?................
පොරොන්දු උනේ අද මට උත්තරයක් දෙනවා කියල..................!
එහෙනම් කියන්නද?
මට දුක හිතෙන උත්තරයක් නෙවෙයි නේද?මධුෂ එහෙම කියද්දී ලොකු දුකක් මුහුණට ආවා.. සෙනලි හිටියේ ඒ ඇස් දිහා බලාගෙනමයි..            

                                                                                                              ප.ලි.=  කතාව දිග වැඩි උනා..ඉතිරිය පසුවට ලියමි..දැන් ඉතින් දෙස් දෙවොල් සේරම තියන්න එපා හෆ්ෆා..සමාවෙලා බලල යන්ටකෝ..