ලා දම් අහසට පායන උදවිය ..

2012년 9월 16일 일요일

මා සිතට අහම්බෙන් - 2

පළමු කොටසට මෙතනින් යන්න..
                                                                                                                                                                                                                                                           ඔයාට දුක හිතෙන්නේ මොන උත්තරේට ද ?
මට ඔයාව නැතිවෙන විදිහේ උත්තරේකට...
මම ආදරේ ගැන දන්නේ නැහැ ..මන් ආදරේ කරලත් නැහැ..මන් ඔයාට කැමතියි...!
ඔය කියන්නේ ඇත්තමද..! එහෙම අහද්දී මධුෂ ගේ සතුට ඉහ වහා ගියා කියල සෙනලිට හිතුනා..
හ්ම්ම්....
                                                                                                                                                    සෙනලි  ගොඩක් දේවල්  හිතුවේ නැහැ.. මධුෂ ලස්සනයි අහිංසකයි කියල සෙනලිට දැනුනා.. සෙනලි දර්ශිගෙනුයි  මධුෂ එක්ක  පරණ  ඉස්කෝලේ එකට හිටපු නදීගෙනුයි මධුෂ ගැන තොරතුරු ටිකක් දැනගත්ත.. දර්ශි හැම වෙලාවකම  කිවුවේ මධුෂගේ  හොඳ! සෙනලි ගෙදර  ඇවිත් කල්පනා කලා තමන් අද කරපු දේ හරිද කියලා.."අපේ පන්තියේ ගොඩක් කෙල්ලන්ට කොල්ලෝ ඉන්නවා,මමත් එහෙමදෙයක්  කලා  කියල  ඒක  වරදක්  වෙන්න බැහැනේ.." ..මධුෂ මගේ නම් ගම් පවා හොයාගෙන..! පුදුම  කොල්ලෙක්..!     
                                                                                                                                        ඒ හැම  දෙයක්ම හිතන  ගමන් සෙනලිට මතක් උනා  බස් එකේදී  මධුෂ  අහපු කියපු දේවල් . ..                                                                                      කවදද ඔයාගේ උපන් දිනේ?
සැප්තැම්බර් නවය...  සෙනලි පිළිතුරු දුන්නා..
ලබන සතියෙනේ..!
හ්ම්ම්..
එහෙනම් අව්ලක් නැහැ..
ඇයි එහෙම කිව්වේ..
මන් බයේ හිටියේ..
අර මොකෝ...(හිනාවෙලා)
මට වඩා වැඩිමල්ද දන්නේ නැහැනේ ඒකයි...
ඉතින් වැඩිමල්ද?
වැඩිමල් ..මාස 7 ක් ම... ඔයා නෙවේ මම ... "    
අර අහිංසක හිනාවත් එක්ක මධුෂ පිළිතුරු දුන්නා..
                                                                                                           
ඉන් පස්සේ හැමදාම උදේට ඉස්කෝලේ  යනකොටයි එනකොටයි හැමදාම වගේ සෙනලිට  මධුෂව  හම්බ  වුණා.. සෙනලියි  මධුෂයි  කතා බහ කලේ ඔය අතරවාරේ හම්බවෙන මිනිත්තු  කිහිපයක  විතරයි... මධුෂගේ  පාසල තිබුනේ සෙනලිගේ පාසලට වඩා දුරින් නිසා සමහර වෙලාවල් වලදී මධුෂට සෙනලිලගේ ගමේ බස් එකටම එන්න බැරිවෙන අවස්ථා තිබුන.එත් ඒ  වෙලාවට සෙනලි මධුෂ එනකන් බලන් ඉන්නේ නැතුව යනවා.යනවාටත් වඩා දර්ශි තනියම නිසා දර්ශි එක්කගෙන යනවා.."මන් මධුෂ එනකන් ඉන්නම්..!"එහෙම වෙලාවට සෙනලි කියනවා..එත්.."ඒකා කොයිවෙලේ එයිද දන්නේ නැහැ  බන් අපි යමු " කියල ඇදගෙන යනවා.පහුවදාට මධුෂ උදේට බස් එකට  නගින්නේ  මුණ  කොරහක් කරගෙන."මොකද්ද සෙනලි ඔයාට එක විනාඩියක් මන් එනකන් ඉන්න බැරිද?"එහෙම වෙලාවට මධුෂ කියනවා..සෙනලි නිදහසට  කාරණා කියන්නේ නැහැ.සෙනලි තරහ  වෙන්නෙත්  නැහැ .. ඒ වගේම සෙනලිලොකු බැඳීමක් ඇති විදිහට හැසිරෙන්නෙත් නැහැ.සෙනලිට මධුෂව හිටියත් නැතත් ගානක් නැති ගානයි.."අපි දෙන්න කතාකරන්නේ හරියට කපුටෝ නානවා වගේ..!"දවසක් මධුෂ සෙනලිට කිවුවා..  එත්.. සෙනලි  ඒ වගේ දේවල් වලට උත්තර දෙන්නේ නැහැ..මධුෂට සෙනලිව තේරුම්ගන්න ටිකක් අමාරු වුණා..                  
                                                                                                            මධුෂ කොයි තරම් තේරුම් කලත් සෙනලි ආදරේ කරන්නේ කොහොමද  කියල තේරුම්ගත්තේ නැහැ.. ඇත්තටම  ආදරේ කියන්නේ මොන වගේ හැගීමක්ද කියල තේරුම්ගන්න ඒ මොහොතේ සෙනලිට  හැකියාවක්  තිබුනේ නැතිදෝ මන්දා...දවසක් උදේ ඉස්කෝලේ යද්දී "අපි දෙන්න බත් දෙක මාරු කරගමුද?" මධුෂ අහිංසකව ඇහුවා..මධුෂට තිබුනේ හරි අහිංසක ආශාවන්!එත් ඒ දේවල් සෙනලි තේරුම්ගත්තේ නැහැ ..එදා ඒ ඉල්ලීම කරද්දීත් සෙනලි  නිහඩව  හිටියා..සෙනලිට  මධුෂ නොදැක්කා කියල කිසි වෙනසක් තිබුනේ නැහැ..මධුෂ  හදිස්සියේ  වත් පාසල්  නාවොත්  ඇයි කියල හොයන්න සෙනලිට උවමනාවක්  තිබුනේ  නැහැ.. ඇත්තටම සෙනලිට එහෙම ගානක් නැහැ..තව දවසක්  දර්ශි සෙනලිට ඉස්කෝලේ ඇරිලා  ඇඳුම්  වගයක්  ගන්න යන්න  කතා කළා..  "දැන් මධුෂ ආවොත් මග හැරේවි " ඒ වෙලාවේ සෙනලි කිවුවා.."ආවොත් එයා යයි උඹ වරෙන් මාත් එක්ක"දර්ශි බලෙන්ම වගේ සෙනලිව ඇදන් ගියා..එකේ ප්‍රථිපලය උනේ මධුෂ සෙනලි යන්න ඇති කියල හිතාන වෙන බස් එකක ගෙදර ගිහින් පහුවදා සෙනලිට බැනුම් අහන්න උන එක.මේ දේවල් නිසා මධුෂට සෙනලිව  ටික ටික එපා  වෙන්න   ඇති..                                 
                                                                                                              සෙනලි පන්ති යන්න සුදානම් උනේ ගෙදර හදපු කිරිබත් කෑල්ලකුත් කාල..,අද සෙනලිගේ උපන් දිනේ...සෙනලිට අද මධුෂගෙන් තෑග්ගක් ලැබෙන බව සෙනලි දැනගෙන හිටියා..                                                                                                               පන්ති ඉවරවෙලා සුපුරුදු විදිහට සෙනලි ගමේ බස් එකේ  වාඩිවෙලා හිටියා.. ඒ වෙලාවේ මධුෂ මධුෂගේ යාලුවෙකුත් එක්ක බස් එකට  නැග්ග   ..බස් එක යන්නවෙලා තිබුණනිසා ඒක  නතරකරලයි තිබුනේ..!                                                                                                                මන් චුට්ටක් පරක්කු උනා නේද බබා..!මධුෂ හිනාවෙලා   කියන ගමන් සෙනලි ලඟින් වාඩි  උනා..
පරක්කු නැහැ..
මගේ පුංචි කෙල්ලට මන් ප්‍රසන්ට් එකක් ගන්න ගියා...
සෙනලි මධුෂගේ අහිංසක මුණ දිහා බලල හිනා උනා..
හැපී බර්ත් දේ මගේ බබීට..!
මොනවද මේ?සෙනලි මධුෂගේ ප්‍රසන්ට් එක අතට ගන්න ගමන් ඇහුවා..!
පුංචි දෙයක්..මට සල්ලි තියන විදිහට ගත්තේ..ඔයාම බලන්නකෝ..
තැනක් යු .........! සෙනලි කිවුවේ හරිම සතුටින්                                     
                                                                                                              "අද අපි වෙන බස් එකක යමු..මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි..!" මධුෂ යෝජනා කලා..එත් සෙනලි ඒකට කැමති උනේ නැහැ.."අපි  මේ බස් එකේම යමු!  මේක  යනකන්  අපි  එලියට  වෙලා  කතාකරමු.සෙනලි එහෙම යෝජනා කලා..කතාකරන්න තිබුන උවමනාව නිසා වට පිටේ අදුරන උදවිය   ගැන නොහිතාම මධුෂ ස්ටෑන්ඩ් එකට වෙලා සෙනලි එක්ක කතා කලා..
                                                                                                        මට මෙහෙම නෙවෙයි සෙනලි..නිදහසේ කතාකරන්න ඕනි..
ඉතින් කතාකරන්නකෝ
ඔයාට පුලුවන්ද අපේ අම්මවත් ආදරෙන් බලාගෙන මාවත් බලාගන්න?
මධුෂ ඇහුවේ අවන්කවම දුර දිග හිතල..එත්..සෙනලි උත්තර දෙන්නේ ඒ තරම් හිතලා නෙවෙයි..
මට පුළුවන්...
අපේ අම්ම කැමති නැහැ කොටට අඳින ,කලිසම් අඳින ගෑනු ළමයින්ට..ඔයා හැමදාම   ඇඳගෙන එන විදිහ දැක්කහම මට තේරුනා ඔයාට නීති දාන්න මට ඕන නැහැ කියල!
හ්ම්ම්...තව මොනවද?
ඒ දේවල් තමයි..!                                                                                

                                                                                                               සෙනලි හවස් අතේ ලොකු වැඩක් නොතිබුන නිසා වත්ත වටේ ඇවිද්දා..සෙනලිගේ හිතට  වරා මලක් වගේ පාවෙලා පාවෙලා යනව වගේ හැගීමක් දැනුනා.හිත එකලස් කරගෙන ඉන්න අමාරු ගතියක් දැනුණා.. මධුෂ දීල තිබ්බ ප්‍රසන්ට් එක හරි ලස්සනයි..හුරුබුහුටියි..!එත් එක්ක ම තිබුන චොකලට් එකෙන් කෑල්ලක් කන ගමන් මිදුලේ තිබුන  බංකුවක  වාඩිවෙලා සෙනලි ගොඩක් දේවල් කල්පනා කලා..සෙනලිගේ හිතට ආවේ මධුෂගේ වචන..සෙනලිගේ පාසලෙන් සංවිදානය කරලා තිබුන දින දෙකේ චාරිකාව යන සල්ලි දුන්න කිවුවහම මධුෂගේ මුණ කලුවෙලා ගියා.."ඔක්කොම කරගෙන ඉවරවෙලා මාත් එක්ක කියන්නේ!"මධුෂ කේන්තියෙන් කියපු හැටි සෙනලිට මතකයි. "අපේ ගෙදරින්   මට යන්න අවසර දුන්නනේ!මන් එතකොට මධුෂගෙනුත් අවසර ගන්න ඕනද?"එහෙම හිතුනත් සෙනලි එක ඇහුවේ නැහැ.. එතනදිත් හිනාවෙලා නිකන් හිටියා...
                                                                                                                                       
ප.ලි =හිතුවට වඩා කතාව දිග වැඩියි...තව එකකොටසකින්  කතාව  නිම කරනවා  කියල  පොරොන්දු  වෙනවා.. ! අනිවාර්යෙන්ම!
                                                                                                                    

댓글 35개:

  1. කතාව හරිම රසවත්.තවදුරටත් පාඨක කුතුහලය රැක ගන්න උත්සාහ කරන්න.එවිට ඔබ වඩාත් සාර්ථකයි

    답글삭제
  2. රෙහානි කතාව ඉවර කරන්න එපා.ගොඩනගන්න උත්සාහ කරන්න.

    답글삭제
    답글
    1. ඔබේ වචන මාව හැමදාමත් දිරිමත් කරනවා!ඇත්තටම එකට ගොඩක් ස්තුතියි..! කතාව මෙගා සයිස් අදෙනකොට අපේ යාලුවෝ කියවන්න අකමැතියිනේ ..ඒකයි කෙටියෙන් ඉවර කරන්න ගියේ..බලමුකෝ සමහර විට නොදැනීම දිගට ලියවෙයිද මන්ද ! :D

      삭제
  3. ලස්සනට ගලාගෙන යනවා යාලු. ගොඩක් රසවත්. ජය වේවා....!

    답글삭제
    답글
    1. ස්තුතියි ගොඩක් මධු..!
      ඔබටත් ජය!

      삭제
  4. මේක එක ගම්මට කියවගෙන යන්න තිබුනානම් තමයි රසය වැඩි!අව්ලක් නෑ දිග නිසා!
    එත් මගේ කෘතුහලය දැන් ඇවිස්සිලා තියෙන්නේ!ඉක්මනට ඉතුරු කෑල්ලත් දාන්න!

    답글삭제
    답글
    1. හි හි...අපේ යාළුවො නම් කියන්නේ ඉවර කරන එක ගැන නොහිත ලියන්න කියල..!ස්තුතියි අදහසට!

      삭제
  5. මදුෂට සෙනලි මහා අසාධාරණ වැඩක් කරන්නේ :/
    කතාව බලෙන් ඉවර කරන්න යන්න එපා හිතෙන විදිහට ලියල ලස්සනට ඉවර කරන්න
    ඊලග කොටසෙන් කතාව ඉවර කරනවා කියල හිතන් ලියන්න ගියොත් කතාව චොර වෙයි

    답글삭제
    답글
    1. අනේ මන්ද සෙනලියනම්..........!
      ඔයා කියන කතාව හරි යාලු..කතාවට ඔහේ ගලාගෙන යන්න දෙන්න ඕන..එතකොට තම සාර්ථක ..හරි ..බලමුකෝ..!
      ස්තුතියි යාලු..

      삭제
  6. කොල්ලගෙ පෞර්ෂය අඩුම කරලනේද..?

    답글삭제
    답글
    1. හි හි...කියල වැඩක් නැහැ..!
      :D

      삭제
  7. නියමයි! පටන් ගනිද්දි සාමාන්‍ය ලව් ස්ටෝරියක් කියල හිතුනත් දැන් නම් මෙක අමුතුම ශෛලියකට යනවා. දිගටම ලියමු!

    답글삭제
    답글
    1. ස්තුතියි ගිමන් ඔයාටත්..!බලමු ඉදිරියටත්..

      삭제
  8. කථාව හොදින් ගලාගෙන යනවා... මම මේක කියවන්නෙ මම මධූෂ කියලා හිතාගෙන ඔය ආකාරයේ සිදුවීම් මටත් වෙලා තියෙනවා... දහසක් බලාපොරොත්තු තියාගෙන ඉස්කෝලෙන් පස්සෙ තියෙන අතිරේක පන්තියට යනකොට කෙල්ල පාසල් ඇවිල්ලා පන්ති එන්නෙ නැතුව ගෙදර ගිහින් ඒ වගේ දවස්වලට එපාම වුනා අයියෝ ලව් කිරිල්ල.. දැන් මතක් වෙද්දි හිතෙනවා අපි ලව් කියලා කලේ මොනවද කියලා...

    답글삭제
    답글
    1. අහ්...මෙයා මදුෂද දන්නෙත් නැහැ...හි හි..
      ඔය අහුවෙන්නේ හොර ටික...ඇත්තටම ලව් කියල මොනවද කලේ ඇ...!
      ස්තුතියි සිරා ඔබටත්!

      삭제
  9. නියමයි රෙහානි. කතාව හරිම ලස්සනයි :) :) :) :) :)

    ඇත්තටම අපි තවම ආදරේ තියන දේ හරියට අදුරන් නෑ. අපි අදුරන්නේ අම්මාගේ තාත්තාගේ ආදරේ විතරයි. ඇත්තම කියනවනම් සමහර වේලාවකට අපිට ඒ ආදරේ අදුන ගන්න බැරිවෙන වෙලාවලුත් තියෙනවා. ගෙදරින් ලැබෙන ආ‍දරේ ඒ තරමටම සංකීර්ණයි. ඒක තමයි නියම ආදරේ.....

    මගේ තියන අත්දැකීම් අනුව ඔය වයසෙදි සෙනලි ආදරේ තරපු විදිහ හරි. ඕනිවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕනිත් නෑ ඕනිවට වඩා බලාපොරොත්තු දෙන්න ඕනිත් නෑ.

    답글삭제
    답글
    1. ආ.... කලින් පෝසට් එකේදි ඇහුවනේ මමත් මේ පළාතෙද කියලා. ඉස්කෝලේ ආවේ ඔය පළාතට තමයි. ඉන්නෙත් ඒ පළාතට ටිකක් ළගින් :)

      //මෙයාල දැන් කියයිද දන්නෑ මම සෙනලි කියලා// LoL :D

      삭제
    2. අහ්-හා අත්දැකීමුත් තිබිල තියෙන්නේ..ගෙදරින් ලැබෙන ආදරේනම් මාරයි..එත් ඉතින් කොල්ලෙක් කෙල්ලෙක්ට කරන ආදරේ ඊට වැඩිය වෙනස්නේ!මේ සෙනලිය ඕක තමයි තේරුම්ගන් නැත්තේ ..හැබෑටම මේ සෙනලියවත්ද?
      අපිට ලඟයි කිවුව නේද!සතුටක් අඳුනගන්න ලැබීම!

      삭제
    3. අමා ගේ මුල් කමෙන්ටුවට.....
      ආදරය ගැන මගේ පුද්ගලික මතයනම් ආදරය කියා දෙයක් නොපවතී යන්නයි. ඇත්තේ ගනුදෙනු පමණි.
      තරහා අවසර කට්ටිය මාව වළඳන්න නම් එපා...මේ මගේ මතය.පස්සේ වෙලාවක මේ ගැන දිර්ගව මං පොස්ට් එකක් ලියන්නම්.

      삭제
  10. නියමයි..මම හෙනම ආසයි මේකට.
    බත් එක මාරු කරමුද අහපු එකට පව් හිතුනා අප්පා.....
    ම්ම්..මධුෂ පව්.....:(
    මේක හිතුමතේ ඉවර කරන්නනම් එපා.

    ජය!

    답글삭제
    답글
    1. මධුෂ පව් තමයි..හ්ම්...! ස්තුතියි හිරු...ඉවර කරන්නේ නෙවෙයි ඉවර වෙන්නේ කොහොමද කියල බලමුකෝ නේ?
      :D

      삭제
  11. හිතුවට වඩා වෙනස් විදියට කතාව ලියාගෙන යන්නෙ...බලමු ඊ ලඟ කොටස...

    답글삭제
    답글
    1. බලමු බලමු...ස්තුතියි ලිහිණි අදහසට!

      삭제
  12. අහම්බෙන් ගොඩවැදුනෙ. කතාව ලස්සනයි. ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා.

    답글삭제
    답글
    1. ශා...සාදරයෙන් පිලිගන්නව යාලු මේ පැත්තට!එහෙනම් ඒ කලේ මේ වැඩ කරන්න ඇති නේ?
      :D

      삭제
  13. හ්ම්ම්... අන්තිමට මොකද වෙන්න යන්නේ?

    답글삭제
    답글
    1. බලමු නේද?ස්තුතියි නැවත පැමිණියාට!
      :)

      삭제
  14. ගැහැණු ළමයෙක් සංවරව ඉන්නකොට කවුරුත් නීති දාන්නේ නැහැ. ලස්සනයි ඉක්මනට ඉතිරිය ලියන්නෝ................

    답글삭제
    답글
    1. ඒකනේ...
      ලියනවෝ..................ස්තුතියි කෝරලේ...

      삭제
  15. ලස්සන කතාවක් දිගටම ලියමුකෝ ..බලන් ඉන්නවා ඊලග කොටස බලන්න :)

    답글삭제
    답글
    1. බොහොම ස්තුතියි නිශී..............
      ඉක්මනින් ඊලග කොටස දෙන්නම්...
      :)

      삭제