ලා දම් අහසට පායන උදවිය ..

Friday, September 14, 2012

මා සිතට අහම්බෙන්...

සෙනලි  යාන්තමින් ඇස් හැරලා බැලුවා ..කුරුල්ලෝ  ලේන්නු  අවදිවෙලා.. වෙලාවකට  කිචි බිචිය, තවත් වෙලාවකට ටින් ටින්  නාදේ.. ඒ  අතරින් හිරි  ගැට කඩමින් අවදි උන  සෙනලි පාසල් යන්න සුදානම් උනා..                                                                                              
                                                                                                              "සෙනලි ...පුතේ බස් එක එන්න ලඟයි පාරට යන්න.."කුස්සියේ වැඩ කරන ගමන් සෙනලිගේ අම්මා මදක් උස් හඬින් කිවුවා ..                      

                                                                                                              සෙනලි පාසල් යන්නේ පාරේ බස් එකේ.අ.පො.ස.(සා./පෙ.)  සමත්  වෙලා නගරයේ  පාසලට යන්න  වරම් ලැබුන  සෙනලි පාසල්  ගියේ  හරිම    ආසාවකින්.. උනන්දුවකින්.. ඒකට   සෙනලිට  ලැබිල  ඉන්න  හොඳම   යාළුවා  දර්ශිත් හේතුවක්  උනා.සෙනලිගේ  ගමේ ඉඳන්  පාසලට දුර  තිබුනේ  (  බස් එකක)  පැය  බාගයක  පමණ   දුරක් .. සෙනලි අලුත් ඉස්කෝලේ  යන්න පටන්  අරන් මාස 3  ක් නිදහසේ  ගෙවිල ගියා.  ඒ කාල  සීමාව තුල සෙනලි   පෙන්වූ දක්ෂතා  ගැන  ගුරුවරු   හිටියේ ලොකු  පැහැදීමකින්.. දිනපතා  පාසල්  යන  බස්  රිය  සෙනලිගේ  ජීවිතයේ  වෙනසක ආරම්භයක් උනා..                                                                                                                                                                                                                                 "ගුඩ් මෝර්නින්.." දිනක් බස් එක ඇතුලෙදි  පාසල් ශිෂයෙක්  ඇයට ලයාන්විත  සුබ පැතුමක්  කළා. එත්.. ඇය ඔහුව  හඳුනන්නේ  නැහැ.   නමුත්  ඔහුව සුපුරුදු බවක්  ඇයට දැනුණා. දෙවරක් නොසිතා  ඇය ඇගේ  ප්‍රතිචාරය දැක්වුවා..ගුඩ් මෝර්නින්"ඇයද සිනාසී කිවුවා,    "මෙයා අපේ  ඉස්කෝලේ  කෙනෙකුත්  නෙවෙයි.  ඇයි එත්  මාත් එක්ක  මෙයා කතා  කරන්නේ? හරියට  කාලෙක ඉඳල මාව  දන්නවා වගේ. කිසිම  වෙනසක්  නැහැ. "සෙනග අතර  සිටගෙන  උන් සෙනලි  තනිව කල්පනා කලා.                                                        
                                                                                                              පාසලේදීත් සෙනලිට කල්පනා උනේ  අර පිරිමි ළමයා ගැන  .."  මන්  මේක  දර්ශිට  කියනවද?එක අතකට   කොල්ලෙක්  ගුඩ් මෝර්නින්   කිවුව  පලියට ඒක දර්ශිට  කියන්න  තරම් අමුතු  දෙයක්  නෙමේනේ" සෙනලි  එහෙම  හිතලා  කර බා  ගත්තා.සෙනලි පාසල ඇරිලා ගමට යන බස් එනකන් දර්ශිත් එක්ක  නොයෙකුත්  දේ කතා  කරමින් හිටියා.. සෙනලිගේ ගමේ බස් එක යන්නේ පාසල ඇරිලා  හරියටම  පැයකින්.. ඉතින් අනිත් ළමයි ගෙවල්වලට ගිහින් නාල කාල නින්දකුත් නිදාගෙන ඇති  ඒ වෙද්දී.. සෙනලි ,  දර්ශියි හැරුනහම ඒ ගමේ බස් එකට තව ළමයි හිටියේ 4-5 දෙනෙක්. ඒ අතරේ  හිටිය  13 වසරේ  අය්ය  කෙනෙක්.එයා තමයි  සඳුන්. එයත් ඉතින් සෙනලි දර්ශියි එක්ක කතා කරමින්  ඉන්නේ..  ඔහොම  ඉන්නකොට ඈතින් මතු වුණා සෙනලිට සුපුරුදු රුවක්.."මේ අර බෝයි නේද?"සෙනලි යටින් හිතුවා.  ඒත් සෙනලි  නොදැක්ක  ගානට සුපුරුදු  කතාබහේ යෙදුනා..                                                        
                                                                                                                ඔයා දන්නවද සෙනලි මෙයාට බුද්ධිකා කියල නම දාල තියෙන්නේ ඇයි කියල?එතන හිටපු නංගියෙක්  පෙන්නලා    එහෙම ඇහුවේ සඳුන් අය්යා.                                                                                                                                                                                                            ම්හ්...ඇයි ?සෙනලි ඇහුවා..                                                                                                              
මෙයා බුද්ධිය කාල ඉන්නේ..එකයි..බුද්ධි+කා බුද්ධිකා..
                                                                                                           
                                                                                                               අනේ යනවා යන්න "කිරි   ගෙම්බා"  .. පුංචි  කෙල්ලට  කේන්ති ඇවිත්  කිවුවා..දර්ශියි සෙනලි හිනා උනා.. සඳුන් ගේ කතාවට නෙවෙයි.බුද්ධිගේ කතාවට ..                                                                                            
                                                                                                               අහ් මෙයාට කියන්නේ කිරි ගෙම්බද?හොඳයි හොඳයි දැනගත්තු එක.අපි මෙයාට නමක් හොයා හොයා හිටියේ.." දර්ශි කිවුවේ හිනහා වෙවී.                                                                                                     
සෙනලි ඒ අතරේ බැලුවේ අර බෝයි දිහාව.එයා අහිංසක විදිහට හිනාවෙලා සෙනලි දිහා බැලුවා. ඇත්තටම  එයා සෙනලි දිහාම බලන්  ඉන්නට ඇති බව සෙනලිට  තේරුණා.                                                                                                                                                                                                                                  බස් හෝල්ට් එකේ කණුවකට හේත්තු වෙලා පොත් ටික අතින් අතට  මාරු  කරමින් බලන් ඉන්න අයුරු  දුටු සෙනලිට  හිතුනේ  ඔහු තම  ඉදිරිපිටදී යම් අපහසුතාවයට පත් වෙනවා නේද කියල.
                                                                                                             අන්න බස් එක... දර්ශි කිවුවේ සෙනලි ඉවත බලන් හිටපු නිසා..                                                                                            
                                                                                                                                 රත්නපුර නගරයේ සිට නිවිතිගලට පැමිණි බස් රියෙහි  සිටි පිරිසෙන්  වැඩි පිරිසක්  නිවිතිගල  නගරයෙන්   බැසගත්  නිසා සෙනලිටයි  දර්ශිටයි එක  ළඟ වාඩිවෙන්න පුළුවන් උනා.සෙනග නංවා ගත බස් රිය  ඉදිරියට  ඇදෙන්නට වුණා.එකවර දර්ශි සෙනලි  ලඟින් නැගිටලා  වෙන  ආසනයකට  ගියා..අර පිරිමි ළමයා සෙනලි  ලඟින් වාඩි වුණා."මේ මොකද්ද  බොල මේ වෙන්නේ?"සෙනලිට හිතාගන්න බැරි උනා. සෙනලි  දර්ශි  දිහාව බැලුවත් දර්ශි හිටියේ ඉවත බලන්.                                                                                                  
මට ඔයත් එක්ක  කතා කරන්න ඕනේ..
මොනවද?
"මන් ඔයාට ආදරෙයි..." 
මොකක් ?
"මන් මාස ගානක් තිස්සේ ඔයා ගැන හොයන්නේ"
ඇයි ඒ?
ඔයා ගැන දැනගන්න..
ඉතින් දැනගත්තද  ?
ඔව් ටිකක් ..
මොනවද?
ඔයා අහිංසක කෙල්ලෙක් කියල...!
කවුද කිවුවේ?
කවුරුත් නැහැ..
එහෙනම්..
දැක්කම මට හිතුනා..

විකාර..!
ඇයි එහෙම කියන්නේ?
මට එහෙම හිතෙන නිසා..
මට ඉක්මනට උත්තරයක් ඕනේ..හාද?                   
   
සෙනලි ඉන් එහාට කතා කලේ නැහැ,මන් ගැන මොනවා හරි දැනගන්න ඕනද?ඔහු ඇසුවා..සෙනලි ඒ ඇස් දිහා කෙලින්  බැලුවා..මුකුත් නොකියාම. ඔහු ඇගේ නෙත් වලින් තම ඇස් ඉවතට ගෙන කතා කලා. මගේ නම "මධුෂ.."..මගේ ඉස්කෝලේ ඔයා දන්නවනේ..ඔයාලගේ බස් එකට මන් නගින්නේ අතුරු පාරකින්. එතනින් ඇතුලට යන්න ඕන අපේ ගෙදරට..මධුෂ   ඒ ටික  කියාගෙන  ගියේ ඉස්සරහ  අසුනේ ඉරී  ගිය  තැනක් කඩාලන ගමන්..  
                                                                                                              ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~          සෙනලි හවස වරුවේ මගහැරුණ නෝට් වගයක් ලියන්න ගත්තා.. සෙනලිගේ    හිතට හෙමින් ආවේ මධුෂ.. නම වගේම එයත් ලස්සනයි. එයාගේ හිතත් ලස්සන ඇත්ද..හිටපු ගමන් කඩන් පාත්වෙලා ආදරෙයි කියපු කොල්ලෙක් විශ්වාස කරන්න පුලුවන්ද...?ඒ මදිවට ඉක්මනට උත්තරත්  ඕනිලු..මට එයාව  මතකයි   වගේ.. ඒ කොහෙදිද?මටත්  පිස්සු  මන්  මීට කලින් එයාව දැකල නැහැ නේ..!මේ වගේ  ගොඩක්  ප්‍රශ්න  සෙනලිගේ  හිතට ආවා..                                                                     
                                                                                                              එදා සෙනසුරාදාවක්.පොලිටිකල්  පන්ති ඉවරවෙලා සෙනලි දර්ශිත් එක්ක  බස් නැවතුමේ     කතාවක්  දාගෙන  හිටියේ ..  එතකොටම තරිදුත්   එක්ක   (සෙනලිගේ පරණ ඉස්කෝලේ යාලුවෙක්)  සෙනලිලා ඉන්න පැත්තට මධුෂ  එනවා. "තරිදුත් මධුෂව දන්නවද" සෙනලි හිතුවා..         
                                                                                                               ආ..සෙනලියෝ...! ඒ තරිදුවා...                                                              
                                                                                                                   සෙනලි අහිංසක විදිහට හිනාවුණා.."ඔයා මධුෂව දන්නේ  නැද්ද?" තරිදු  ඇහුවා..   සෙනලි නිහඩවම උන්නා.. ඔයා මන් කියපු දේ හිතුවද?මධුෂ  ඇහුවේ  සෙනලි  නිහඩ  නිසා..                                                                "හිතුවා.." 
මොකද්ද?
මන් ඔයා ගැන මුකුත් දන්නේ නැහැ..
ඉතින් දැනගන්නකො..
ඒකට මට තව කල් ඕන..
කොච්චර දවසක්ද?
මම ලබන සතියේ ඔයාට   කියන්නම්..
සතියක් ................!ඇතිද?මධුෂ ඇහුවේ හිනාවෙන ගමන්..
දන්නේ නැහැ..එත්...බලමු................
කල් ගත්තට කමක් නැහැ..එත්..මන් ආසයි ඉක්මනට පිළිතුරක් දැනගන්න..                                                                                                  හිතුවටත් වඩා ඉක්මනින් සතිය ගෙවිල ගියා..අද සෙනසුරාද..අද හවසට අනිවාර්යෙන් මධුෂව හම්බවෙනවා..ඒ විතරක් නෙවෙයි..මධුෂට පොරොන්දුව  ඉටු කරන්නත් ඕනේ..සෙනලි පන්ති යන්න ඇඳගෙන  කන්නාඩියෙන්  තමන්ගේම ප්‍රතිරූපය දිහා බැලුවා.. එයා ගැන  හොයන්න  සතියක් ඇතිද ඇහුවේ  ඇයිද  කියල දැන්  සෙනලිට  තේරෙනවා.. සෙනලි  මේ සතිය පුරාවට  හොයාගත්තේ  මධුෂගේ  වට  පිටාව,පව්ල් පසුබිම , ඉගෙනීම වගේ දේවල් ගැන තොරතුරු ටිකක්..මධුෂ  හොඳ චරිතවත්  කොල්ලෙක් කියල තමයි  හැමෝම  කිවුවේ.. එත්.. ආදරේ   කියන්නේ  මොන  වගේ හැගීමක්ද කියල සෙනලිගේ හිතට  කවදාවත්  දැනුනේ  නැහැ..  දැනටත්  දැනෙන්නේ නැහැ.. එන  විදිහකට  මුණ  දෙනවා කියල  හිතාගෙන  සෙනලි  එලියට  බැස්සා...                    

                                                                                                              සෙනලි පන්ති ඇරිලා හෝල්ට් එකට ඇවිත් ගමට  යන බස්  එකේ  වාඩි  උනා.. දර්ශිත් සෙනලි එක්කමයි හිටියේ.මධුෂලට පන්ති ඇරෙන්නෙත්  දැන්.. සෙනලි හිතුවා විතරයි..,අර සුපුරුදු අහිංසක හිනාවත් එක්ක මධුෂ බස් එකට නැග්ගා... දර්ශි වාඩිවෙලා උන් තැනින් නැගිටලා මධුෂට සීට්  ඒක  දුන්න..                                                                                       කොහොමද?
හොඳයි....................!සෙනලි පිළිතුරු දුන්න..
 දන්නවද....දෙයක්...........?
 මොකද්ද?
 මට දැන් එක්කෙනෙක්ව දකින්නේ නැතුව ඉන්න බැහැ නේ..
කවුද?
කවුද ඉතින් ළඟ ඉන්න කෙනා මිසක්...
සෙනලි හිනා වුණා...
 දැන් කියන්න.....................
මොනවද?................
පොරොන්දු උනේ අද මට උත්තරයක් දෙනවා කියල..................!
එහෙනම් කියන්නද?
මට දුක හිතෙන උත්තරයක් නෙවෙයි නේද?මධුෂ එහෙම කියද්දී ලොකු දුකක් මුහුණට ආවා.. සෙනලි හිටියේ ඒ ඇස් දිහා බලාගෙනමයි..            

                                                                                                              ප.ලි.=  කතාව දිග වැඩි උනා..ඉතිරිය පසුවට ලියමි..දැන් ඉතින් දෙස් දෙවොල් සේරම තියන්න එපා හෆ්ෆා..සමාවෙලා බලල යන්ටකෝ..
                                                                                                                                                                                                                    
                                                                                                  

36 comments:

  1. ඔක්කොම හොදයි අන්තිමට හෆ්ෆා කිව්වේ? මොකක්ද ඒකේ තේරුම? ඒක තමා මට තේරුනේ නැත්තේ

    ReplyDelete
  2. බොහොම සංයමයකින් කතාව ගොඩනගන්න උත්සාහ කොට තිබීම පැසසුමට ලක්විය යුතුයි. හොදයි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහසට..මෙවැනි කතාවක් ලියන පළමු උත්සාහය..ඔබේ දිරිමත් කිරීම මට වටිනවා..!

      Delete
  3. මල පනිනවනේ!
    මගින් කතාව නැවතතුවම!:p
    ඉක්මනටම ඊළඟ කොටස දාන්න!

    ReplyDelete
    Replies
    1. ඕන් ඉතින් බනිනෝ...:\ ඉක්මනට අනිත් කොටස දාන්නම් යාලු...ස්තුතියි...!:)

      Delete
  4. අපූරුවට නිර්මාණය කරලා තියෙනවා.. අර දෙබස්වල තියෙන කෙටි වචනවලට මම ආසයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලු අදහසට...
      :D

      Delete
  5. මන් ආසම නෑ කතාවක් මැද්දේ නවතිනවට
    ඔක්කොම හොදයි මැද්දෙන් නතර කලේ නැත්නම්
    දැන් ඉතින් බලන් ඉන්න වෙනවා නේ ඉතුරු ටික කියවන්න

    ReplyDelete
    Replies
    1. හෆොයි...:( ඔන්න බැනුම්... :\ අලි ඉතින් ඉක්මනට අනිත් කොටස දානෝ...නේ මන්.. :)

      Delete
  6. ලස්සන කතාවක් වගේ. ඔයා ලියන ක්‍රමයට කියවන්න ආස හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන ඔයාටත්.. :)

      Delete
  7. අනේ දෙවියනේ කැමති වෙන්න.......................................................................................මාරම ආසාවෙන් කියෙව්වේ,,ඉස්කෝලේ කාලේ ආදරේ නියමයි..හී හී.....

    ලස්සනට,ආස හිතෙන්න ලියල..
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්...ඉස්කෝලේ කාලේ ආදරේ මරු තමයි...
      ස්තුතියි හිරු....!ඔබටත් ජය...!

      Delete
  8. මතු සම්බන්ධයි එකක් නේ...

    ReplyDelete
  9. අයියෝ ඕනම එක අහගන්න බැරි වුනෙනෙ. :)
    ලස්සනට ලියල තියනවා. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. ළඟදීම අහගත්තහැකි...ඉන්නකෝ..
      ස්තුතියි ඔබටත්...

      Delete
  10. කතාව නම් හරිම ලස්සනයි. යාලු මං සුභපතනවා. ජය ......!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්...අදහසට යාලු..

      Delete
  11. පිළෛවෙලකට හෙමින් හෙමින් අපූරුවට කථාව ගොඩනගල තියෙනවා... සුන්දර පාසැල් ප්‍රෙමයක්...

    ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට යාලු..ඉක්මනින් ලියන්නම්..!

      Delete
  12. බ්ලොග් ලෝකයේ පිළුණු වෙච්ච ආදර කථා අතර රහට ලියපු කථාවක් විදියට මම මේ ලිපිය ගැන කියන්න කැමතියි... අපි හැමෝම මේ වකවාණුව පසුකරගෙන ආපු අය විදියට කථාව අතරතුරදි මගේ හිතත් ඈතට දිව ගියා... ඒ දවස්වල කෙලින්ම ඩිරෙක්ට් කෙල්ලෙක්ගෙන් ඇහුවෙ එහෙමත් කොල්ලෙක්... නැත්නම් ඉතිං ලව් ලෙටර් පිහිට තමයි...අපේ එක යාලුවෙක්ගෙ ලව් ලෙටර් එක ගෑණු දරුවට දෙන්න ඌට ගට තිබ්බෙ නැති නිසා යාලුවො 20 ක් විතර එකතු වුනා සහයෝගයට....ඉතිරියත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා.... ජය!

    ළගකදි ඔය ඉසව්වට ආවා නොවැ... එතකොට සෙනලි පාර අයිනෙ හිටියද දන්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. දෙය්යනේ 20 ක්...........!හි හි හිතාගන්න පුළුවන් එයාගේ ගට්ස් ගැන..
      හිත ඈතට දිව ගියා කිවුවේ පාසල් ප්‍රේම පුරාණයක් වෙන්න ඇති .. :D
      ගොඩක් ස්තුතියි සිරා ඔයාගේ අදහසට..මේ අදහස් මට ලොකු ශක්තියක්...!
      හි හි...සමහරවිට ඉන්න ඇති..(ඔය කොහේ හරි ඉදන් ගැණු ලමෙක් විරිත්තුවේ එහෙම නැද්ද ?)
      :D

      Delete
  13. සුපිරියි පංකාදු විසි පහයි හරිය මදි නොකියන්න දුන්නා

    ReplyDelete
    Replies
    1. හා හා..ඔහොම කියල බැහැ.. ගම්වරයක් වත් ඕන.. :D බොහොම ස්තුතියි අදහසට..

      Delete
  14. කතාව ලස්සනයි රෙහානි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලු...
      සාදරයෙන් පිළිගන්නවා මදාරාවත් ලා දම් අහස යටට..දිගටම එන්න කියලා ආරාධනා කරනවා..

      Delete
  15. niyamai...ithiri tikath ikmanata oniiiii:D

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දෙන්නම් අනිවා...ස්තුතියි ඔයාටත්..!

      Delete
  16. හ්ම්ම්ම් මම අසාම ජතියෙ කතාවක් වගෙ ... ජය

    ReplyDelete
  17. කතාව නම් කියවන්න ආස හිතෙනවා. ඒත් ඉතිං හොදම තැනින් නවත්තපු එක තමා ප්‍රශ්නේ. මොකෝ වෙන්නේ ඒ ටිකත් කියලම හිටියනම්

    ReplyDelete
  18. ඒ ටික කීන්නම් අලී ඉක්මනට...
    ස්තුතියි..!

    ReplyDelete
  19. මං මේ කම්පනා කළේ ඉස්කෝල 3 මොකක්ද කියලා :O
    1) සෙනාලිගේ
    2) මධුෂ ගේ
    3) අනික අපේ රෙහානි ගේ :)

    රත්කපුර කිව්ව නිසා හිතට වැදිලම ගියා වගේ.
    ලස්සනයි කතාව. ඉතිරියත් ඉක්මනටම දාන්න :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ම්ම්...ඒ කියන්නේ ඔයා මේ පළාතේද?කියවගෙන යනකොට ඉස්කෝල 3 දැනගන්න පුළුවන් ..හි හි..
      ගොඩක් ස්තුතියි අදහසට ..!

      Delete