ලා දම් අහසට පායන උදවිය ..
Wednesday, August 6, 2014
නියඟය සහ රජයේ සේවකයෝ...
අප්පච්චි කුසගිනි නිවෙවුවේ
කුඹුරු හාලේ බත් එක්ක
කට්ටා කරවල හොද්ද
කන්න දී අපට
අඳේට ලැබුණු
කුඹුරට පිං සිද්ද වෙන්ට..
රබර් සෙරෙප්පුවෙන්
විලුඹේ ඇනෙන ගල්
කතා කරන්න ඇති
අපි වින්ද දුක්
ඉස්කෝලේ මහතත්තෑන්
කිස්කන්න දුන් කෝටු පාරේ
අප්පච්චි තෙල් ගෑවේ ,
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."
මං දහදුක් විඳලා
උනා රජයේ සේවකයෙක්...
යන්තං අට පාස් මගේ අයියණ්ඩිත්
දැන් සොල්දාදුවෙක්.
රජයේ සේවකයෙක්...
"අද ඉදන් ජනසවි නෑ
සමෘද්දී නෑ ...."
"අනේ ඇයි රාලහාමි..."
"ඇයි අහන්නේ...?
ගෙදර රජයේ සේවකයෝ දෙන්නයි..."
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."
කියපු අප්පච්චිගේ කට
යතුරු වැටිලා වාගෙයි අද..
අපට කන්න දීපු අප්පච්චිගේ
අඳ කුඹුරත් නෑ අද..
නියං සායට ඉරිතලා ඇත
සේ ජිවිත අපගේ....
බොන්න වතුරත් කඳුකරෙන්ලු..
අර සංවිධාන
මේ සංවිධාන
දෙයි සහනාධාර සිමයියලාට,රෝසක්කලාට...
අප්පද බොල ....
කෝ අපට සහනාධාර ?
එහෙම නෑ සහනාධාර...
රජයේ සේවකයන්ට...
උගේ ආච්චිට හාල් ගරන්ඩ
ඇයි යකෝ........
නියඟේ පොදු නැද්ද අපට...
රජයේ සේවකයෝ!!
අපි ඔටුවොද
කාන්තාරේ ලගින..?
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."
අනේ එහෙම කියපු මගේ අප්පච්චිගේ කට,
කජු ලෙල්ල වාගේ අද හරියට...!
ලියපු ජාති
කවි වගේ ඒවා
Subscribe to:
Post Comments (Atom)
වෙලාවකට මටත් හිතෙනව ඇත්තටම රජයෙ සේවකයො කියන්නෙ ඔටුවොද කියල.ලියවිල්ල නම් පට්ට රෙහානියො
ReplyDeleteබොහොම ස්තුතියි ලිහිණි...
Deleteඅනේ මන්දා බන් මොනා වෙන්න යනවද කියලා.
ReplyDeleteඋපරිමයි ලියවිල්ල.
කමක් නෑ පැන්සොන් එකවත් ඉතිරිවෙයි නොවැ...! හිත හදාගනින් මචන්. ජය....!!!
ඇයි බං පැන්සොන් එක ලැබෙද්දි ඔය මිනිස්සු ජීවත් වෙලා ඉදිද
Deleteනැත්තන් නැත්තන්... ඒ මනුස්සයා නැතත් දරු මුණපුරෝ හරි ඉන්නේ නැතැ.......
Deleteහිත හදාගන්න පුළුවන් ඇතිද නිමෝ...?( මම් රජයේ සේවකයෙක් නෙමේ ;)
Deleteසාදරයෙන් පිළිගන්නවා ඔයාව අහස යටට නිමෝ..
ස්තුතියි...
නියගෙන් බේරෙන්ට එපැයි ඔක්කොටම කලිං ....නේද ශානුවෝ.
Deleteදරු මුණුපුරෝ ඉතිරි වෙලා උන්නොත් බැරියැ නෙහ් නිමෝ :D
Deleteහයියෝ...
ReplyDeleteමොනව කියන්න ද කියල හිතාගන්න බෑ.. ඇත්තම නේන්නං...
ජ ය වේ වා !!!
හයියෝ....
Deleteඒක නොවැ ...
ජ ය වේ වා !!!
, රජයේ සෙවකයින් නොවන යමක් කමක් කරගන්න පුළුවන් උනුත් සහනාදාර වලට අයිතිය කියද්දි රජයේ සේවකයෝ ඔටුවෝ ගානට වට්ටලා බං ...නියමට ලියලා මචෝ
ReplyDeleteසහනාධාර ටිකත් කොල්ල කා ගනී බං පුලුවන්නං ....එහෙව් රටක් මේක..
Deleteස්තුතියි...
හ්ම්ම්....... අපිත් මඟ බලාන උන්නේ ? @තාමත් මඟ බලාන ! පැනගන්න ^_^
ReplyDeleteපැනගන්න එක හොඳා වගේ තමයි... ^_^
Deleteඒකත් එහෙමයි නෙ...
ReplyDeleteමොනා කරන්නද ඉතිං.
ඒකනේ සංචාරක.....
Deleteදුක තමා
මේක නියමයි !!
ReplyDeleteඅප්පේ ...දැක්ක කල්
Deleteස්තුතියි
රජය බල්ලට ගිහින් තියෙන එකේ බලු කූඩුවේ ඉඳන් මොන සේවයක් කරන්නද ?
ReplyDeleteපට්ට පෝස්ට් එක ආ....... (y)
අම්මපා වයලෝ
Deleteතැන්කිව් ඈ
රජය බල්ලට ගිහින් නෙවෙයි පුතා බල්ලන්ට බාර දීලා
Deleteමසුරමක් දාන්ට ඕන ඒ කියපු කතාවට නම්
Deleteහරිම අනර්ඝයි නංගියෙ...අපේ ලංකාවෙ ඈත පළාත් වල අහිංසක මිනිසුන් එදිනෙදා ජීවිතයේදී ලබන කටුක අත්දැකීම් ඉතාම හොදට ගොනු කරලා තියෙනවා...කාලීන ලියවිල්ලක් කිව්වත් වරදක් නෑ.
ReplyDeleteගොඩක් ස්තුතියි අදහසට අයියේ...
Deleteහැම පැත්තෙන්ම තැලෙන්නේ අසරණ මිනිස්සු..
ReplyDeleteහිතට දැනෙන්න ලියලා තියෙනවා ...
ස්තුතියි තුශා අදහසට...
Deleteඅපූරුයි...
ReplyDeleteආජයසේවකයො වුණාම සමහර වරප්රසාද තියෙනව වගේම සමහර වරප්රසාද අහිමි වෙනව...
ජයවේවා
හ්ම්ම්.....හරියට හරි
Deleteඒත් ..... නියං සහනාධාර වගේ දෙයක් ?
ජයවේවා
විශිෂ්ටයි ...කොහොම උනත් හැම පැත්තකින්ම තැලෙන්නෙ මිනිස්සුම තමයි ...
ReplyDeleteස්තුතියි සහෝ අදහසට....
Deleteරජයේ සේවකයන්ට බොහෝ දේවල් අහිමියි. නමුත් වැඩේ තියෙන්නෙ සමහර මුට්ටි වල හැඳි තියෙන්නෙ රජයේ සේවකයන් අතේ නෙව. ඉතිං අවස්ථාවක් ලැබුන ගමන් ඉස්සෙල්ල බෙදාගන්නෙ තමුන්ට නිසා තමයි මේ කප්පාදුව කරල තියෙන්නෙ. නියං සහනාධාර නං පැත්තක තියමු. ඔය ඉඩම් කියන සබ්ජෙක්ට් එකේදි රජයේ සේවකයන්ට රජයේ ඉඩම් නොමිලේ ලබාගන්න හිමිකම් නෑ. (අනෙක් අයට තමයි තියෙන්නෙ)
ReplyDeleteඔවු රාජ්....ඒකනේ හුඟක් අය රජයේ රස්සා ගන්න දත කන්නේ....
Deleteහැබැයි කොයි දේ වෙතත් මෙහෙම අවස්ථාවක එහෙම කරපු එක හරි කියන්න බෑ
ඉඩම් කතන්දරෙත් සාධාරණ නෑ තමයි.මොකෝ රජයේ රස්සා කරන ඔක්කොමල්ලා ලක්ෂපතියෝ යෑ
ස්තුතියි රාජ් අදහසට...
හාපෝ අවංකව රාජ්ය සේවය කලොත් ලැබෙන දෙයක් නෑ අන්තිමේ... අපෙත් අම්මයි තාත්තයි දෙන්නම රාජ්ය සේවකයෝනෙ. ඒ නිසාමයි මටනම් රාජ්ය සේවය එපා උනේ.
ReplyDeleteඑහෙනම් ෂුවර් ....බස්සිට අම්මයි තාත්ත යි කවදාවත් කියලා නැතුව ඇති රජයේ රස්සාවක් කරන්න කියලා :D
Deleteඋඹේ කවිය පට්ටයි බකටුල්ලියේ..:)
ReplyDeleteහොඳ වෙලාවට අපේ එකෙක්වත් ඔය රජ්ය සේවයේ නැහැ..:D
ඒ නම කියන්න ඔට්ටු නෑ අලී ...
Deleteතැන්කිව්
මේක සුපිරි පොස්ට් එකක් ! රජයේ සේවකයෝ මේ වගේ වෙලාවට කාටත් ඔටුවෝ වගේ තමයි පේන්නේ... හිතන් ඉන්නේ අනිත් අයට නියඟය වුනාට රජයේ සේවකයන්ගේ ඔලුව උඩ වැහිවලාකුලක් ඉඳලා යන යන තැන වහිනවා කියලා.
ReplyDeleteහැමතැනම අදෝනා මැසිවිලි...
සකල සිරින් පිරි සිරිම ලංකාව අනේ....මටනම් පිස්සු වගේ අයියෝ !
අම්මපා තමයි... :D
Deleteමැසිවිලි ඇහිලා තමයි මේක ලියවුනේ.....තැන්කිව් ගොඩක් අදහසට.....
//මටනම් පිස්සු වගේ අයියෝ//
ඇත්තද .....මේ එහෙනම් කාටවත් කියන්ට එපා වැඩිය...බේතක් හේතක් කරගමු...
:D
අම්මගෙ රට!
ReplyDeleteඇඟේ ලේ කෝපවෙනව බං මතක්වෙන මතක්වෙන සැරේට. ලිවිල්ල ඒ තරම්ම හිතට දැනුනා. හැමෝම මෙහෙම හිතනවානම්...
මගෙත් මාලු නැටුවා මනොෂ් ...ඒකනේ මෙහෙම ලියවුනේ...
Deleteලිවිල්ල දැනුණා නම් ඒක තමයි මගෙත් සතුට...
අනේ මන්දා ඉතිං
ස්තුතියි අදහසට.....
අඩේ මොනවා උනත් ඇත්ත කතාව බං.. දැන් වැඩි හරියක් රජයේ සේවකයන්ට වෙලා තියෙන්නේ ලොක්කෝ කියන ඒවා අකමැත්තෙන් හරි කරන්න..
ReplyDeleteයේස් යේස්.....
Deleteතැන්කිව් අදහසට ඉඳි....දිනේෂ් ;)
දැනෙනවා මචෝ නියමෙට.මොකෝ අපෙත් රජයේ සේවකයො 2යි ගෙදර.සිසත්තෙ පාස් වෙලා කොලඹ ගිහින් මුදලාලි මහත්තුරුන්ගෙ පුතාලා සිස්සාදාර අරන් පිස්සු කෙලින හැටි දැකලා තිත්ත වෙලා තිබ්බෙ.අපිට ඇල්ටොත් නෑ.මං හිතන්නේ ඔය සහනාදාර දෙන්න ඕනි රජයේ සේවකයන්ට කියලා.පෙන්සොන් පෙරේත කමට ඔව්වට ගියාට මොකෝ.දැන් කාලේ ඒ වැටුපට වැඩි වැටුපක් බස් වල සින්දු කිව්වත් හෙව්වැකි.ඉතින් ගොඩක් අය ගෙවල් දොරවල් හදන්නෙ ලෝන් ගහලා ඊට පස්සෙ ඒකටත් පඩියෙන් කැපෙනකොට හදාගත්ත ගෙපැලට වෙලා.බඩගින්නේ හූල්ල හූල්ල ඉන්නවා.මරු බං පට්ට ආතල්
ReplyDeleteඇත්තටම පෙන්ෂන් ගැන හිතලම තමයි කට්ටිය ර ජයේ රස්සාවල් වලට පොර කන්නේ....පියන් ජොබ් එක හරි කමක් නෑ රජයේ නම්...ඔය ලෝන් කතන්දරේ මං හිතන්නේ රජයේ රස්සා කරන හැමෝටම වගේ පොදුයි...අන්තිමේ බලද්දී මාර හිරවීමක් හිර වෙලා තියෙන්නේ...ජිවත් වෙන්නේ මානසික පිඩනෙකුත් එක්ක ....ඔන්න තත්වේ
Deleteස්තුතියි මල්ලියෝ....
ඕං ඇත්ත අම්මාපල්ල.!! අපේ කාලේ ජනකයියක් හරිම සරුයි පද පෙළ....
ReplyDeleteහෙහ් හෙහ්....ස්තුතියි රාජ්...
Deleteකාලෙකින් දැක්කේ....
කාලින කවියක් හිතට දැනෙන්න අකුරැ කරලා එල ද බ්රා
ReplyDeleteගොඩක් ආදරෙන් පිළිගන්නවා අහස යටට මෙන්ඩි අයියේ...
Deleteසතුටුයි අපේ පැත්තේ ආපු එක ගැන.
ස්තුතියි අදහසට....ආයෙත් එන්න....
එල ද බ්රා
සුපිරියි!!!!
ReplyDeleteකියලා වැඩක් නෑ රජයේ සේවේ ගැන. කැම්පස් ගියාම ආදාර දෙන්නෙත් නෑ රජයේ සේවකයෝ කියලා.
ReplyDelete