ලා දම් අහසට පායන උදවිය ..

Sunday, December 2, 2012

මෝහිණී දකින්න ආ............... සයි !

ඔයාල දන්නවද මෝහිණී ?[රෝහිණිගේ නංගි නෙවෙයි අර රෑට හොල්මන්   කරනවා කියන්නේ අන්න එයා හොඳේ :)]අනේ මම නං දැකල නැහැ ඕන් ..දැකල නැත්තන් බලාගන්න කියලා අද රෑට එයිද දන්නේ නෑ ;) හැබැයි මම නම් කරුවලට බය නෑලු :) හොල්මන් කතාවක් කියෝලා හරි බලලා හරි ගියොත්නම් බයලු . හරි ,දැන් කියන්න ආවේ වෙන කතාවක් .අපේ ගමේ ඉන්නවා කොලු ඩබලක් .එක්කෙනෙක් ධනුක ,අනිත් කෙනා කුමාර ! හරියට රයිගමයයි ගම්පොලයයි වගේ :)මේ දෙන්න  ළඟ ඒ දවස්වල(මේ කතාව  උන  දවස්වල)   තිබුනේ අමුතු වැඩ .. අලුත ඉලන්දාරි උනහම ටිකක්  රැඩිකල් ගති පෙන්නන්න ගන්නවනේ .. මේකත් හරියට අමුතු කතාවක් ! දැන්නම් ධනුක පව්ල් පන්සලුත් වෙලා ;)                                                                                
                                                                                                              ඔන්න එක දවසක් ධනුක කුමාරත් එක්ක කතාවක් දාගෙන ඉද්දි ධනුක කියලා ධනුක බට නලා පිඹින්න ඉගෙන ගන්න ආසයි කියලා ,එතකොට කුමාර කියලා එයාටත් ආසයි කියලා බට නලා පිඹින්න ඉගෙනගන්න.මේ දෙන්න හැම දේකදිම වගේ තකට තක !ඉතින් දැන් ධනුක අඳුනන ටවුන් එකේ සංගීත භාණ්ඩ කඩේකට ගොඩ වැදිලා දෙන්න බට නලා 2 කුත්  අරන්  ගෙදර ඇවිත් ;)මේ  වෙද්දී  දෙන්නගෙන්  එක්කෙනෙක්වත්  රැකියා  කරන්නෙත් නෑ .ඉතින් දෙන්න කොහොම හරි මේක පිම්බින්නත්   ඉගෙන ගනිමින් තමයි හිටියේ , එක දවසක් රෑ 7.00 විතර වෙද්දී ධනුක  ගෙදර බට නලාව පිඹින්න අරන් . එතකොට ධනුකගේ අම්මා කියලා "මෝහිණී ගෙට වද්දගන්නද හදන්නේ , මහා රෑ නලා පිඹලා "කියලා ..  ඔන්න  ඔතන  තමයි  කතාවේ ආරම්භය :)                  
                                                                                                              ධනුක මේ කතාව කඩේ ළඟ සංගමේදී (ලිඳ ළඟ සංගමේ අනික ) :D විසංවාදයට  ලක් කරලා .දැන් කොල්ලෝ මේක ගැන එක එක විදිහේ කතා කියනවලු .මෝහිණී පෙන්නේ පිරිමින්ට  විතරලු ,ලස්සනම ලස්සනයිලු , දිග කොණ්ඩයක් තියනවලු ,ඇඳගෙන ඉන්නේ සුදු ඇඳුමක්ලු ,  ඉස්සරහින් ලස්සනට පෙනුනට පිටිපස්සෙන් පෙන්නේ කුණු වෙච්ච ඇඟක් ලු ,ඉස්සෙල්ලාම ළමය අතේ නැහැලු ,ටික වෙලාවකින් ළමය අතේ ඉන්නවා පේනවලු .,විශේෂයෙන් සංගීතයට ආසයිලු ,නලා හඬට එහෙම ඇදිලා එනවලු ,හප්පේ....... කතා කෝටියයි :) ඒ මේ අස්සේ තව කොල්ලෙක් කියපි "අඩේ මම නං දැකලත් තියේ බන් ..ලස්සනේ බෑ "කියලා.  ඉතින් දැන් දැකල තියනවා කියපු කොල්ලගෙන් කට්ටිය වට කරගෙන ප්‍රශ්න අහනවලු.අහ්  කියන්න අමතක උනානේ ,මේ කඩේ ළග සංගමේ අපේ සඳුන් අය්යත් ඉඳලා, සඳුන්  අය්යව  දන්නේ  නැති  අය    methanin  බලලා එන්ටකෝ. සඳුන් අය්යටත් මුකුත් නොකියා  කට  කහනවා  වගේලු . ඉතිං  සඳුන්  අය්ය කියලා "බං ඕකිව මට හීනෙනුත් පේනවා "කියලා . :Dඇයි වදේ ..ඊට පස්සේ සඳුන් අය්යත් අමාරුවෙන් පල් බොරු ටිකක් කියල එතනින් මාරු උනාලු.එතන හිටපු ඔක්කොම බැලින්නම් කියල තියෙන්නේ බොරු ;)                                                                                                                       දැන් ඉතින් මේ සේරම කතා අහගෙන ඉඳල ධනුකයි කුමාරයි කතා වෙනවලු එක එක දේවල් ."ඒ ඇත්තටම රෑට බටනලා පිම්බොත් මෝහිණී එයිද බන් ?"කුමාර ධනුකගෙන් අහනකොට "එනව ඇති බන් නැත්තං කියයියෑ "කුමාර උත්තර දෙනවා ."මට ආසයි මොහිණිව බලන්ඩ !ඇත්තටම එනවද නැද්ද බලන්න අපි රෑ වෙලා බටනලාව පිබිමුද රබර් වත්තේ ගලක් උඩට ගිහින්?(කුමාරලගේ ගේ පල්ලෙහා තමයි ඒ රබර් වත්ත තියෙන්නේ )ධනුක කුමාරට යෝජනා කළා ."ඉතින් බන් රෑ 9 න්  පස්සෙලුනේ එන්නේ "කුමාර ටිකක් අදිමදි කරලා කිවුව .කුමාරගේ හිත යට බය තිබුනට කුමාර ඒක පෙන්නුවේ නැහැ !"කමන්නෑ බන් අපි 9 න් පස්සේ යමු !"ධනුකට මෝහිණී දකින්න පුදුම ආසාවක්ලු තිබුනේ ඇ !:)"හරි හරි ඒනම් යංකෝ" බැරිම  තැන  ඔන්න  කුමාරත්  කැමති  උනාලු  වැඩේට :D                                                                             
                                                                                                               මේ දෙන්නගේ මේ මෝහිණී බලන්න යන වැඩේ ගැන සඳුන් අය්යටත් ආරංචි වෙලාලු දැන් ."මොන මෝහිණී ද බන් මෙන්න මේ ගෙදරට වෙලා නිදාගන්නැතුව" කියලා සඳුන් අය්ය වැඩේ බ්රේක් කරන්න ගියා . ම්හු ...වැඩක් උන්නෑ.(සඳුන් අය්යා  ඉන්නේ  කුමාරලගේ  අල්ලපු  ගෙදර   ඈ !)                                                                                         
                                                                                                             දෙන්න රෑට කාල එහෙම ඔන්න වැඩේට යන්න පිටත් උනා ,ටික වෙලාවකින්  සඳුන් අය්යලගේ ගෙදරට ඇහෙනවලු බට නලා පිඹින සද්දේ :) දැන් අපේ ගේත් ඔය ලඟම තමයි .මටත් දැන් සද්දේ ඇහෙනවා ඈ !ඇහෙනවා මිසක් දෙන්නව පේන්නේ නැතිලු.මොකද පරණ රබර් වත්තක් නිසා කැලේ මනුස්සයෙකුට වඩා උසට වැවිලා .දෙන්නා ගිහින් තියෙන්නේ 9.00ට ,දැන් 10.00 උනා , තවත්  නලා  පිඹිනවා  ඇහෙනවා !  "ඒ  කීන්නේ  තාමත් මෝහිණී  ඇවිල්ල නෑ "දැන්  රෙහානිත් ඇඳේ ගුලිවෙලා  ඉන්න ගමන්  නිගමන  වලට   එළඹුණා :D 11.00 වුණා ,ම්හු ...ඒත් පිඹිනවා !12.00 වුණා ...ම්ම් .... ටික වෙලාවක් නලා පිඹිනවා ඇහිලා එක පාරටම නලා හඬ නතර උණා !                       
                                                                                                              "බුදු අම්මෝ ............................"                                                                                                                                                                                              
                                                                                                              "හෑ ......මෝහිණී  ආවද ?"රෙහානිට නිකන්ම නැගිට්ටුනා:)  හොඳට වකුටු  වෙලා නිදන් උන්න රෙහානි මෙන්න ඇඳ උඩ ඉඳගෙන !:D රෙහානි තාත්තවත් ඇහැරවල  ඇහුන සද්දේ ගැන කියල මිදුලට ආව ,  (මිදුලට රබර් වත්ත පේනවා ඒ උනාට අරගොල්ලෝ හිටපු ගල පෙන්නේ නෑ )මෙන්න  රෙහානිලගේ  මිදුලේ සඳුන් අයියෑ අක්කයි බබාලා දෙන්නයි තාත්තයි මේ මහා රෑ :D! "මොකද්ද දන්නෑ උනේ අරගොල්ලෝ  කෑගහනවා   ඇහුණා නේද?" රෙහානි සඳුන්ගේ  අක්කාගෙන්  ඇහුවා .  මේං  බොලේ අක්ක හිනාවෙනවා හෝ ගාල .                                                  
                                                                                                              බලන්ඩකෝ නංගි මේ සඳුන්ගේ වැඩ !,මගේ කළු අන්ඩර් -ස්කර්ට් එකක් ඔලුවට දාගෙන අම්මගේ සුදු සාරියකුත් ඇඳගෙන "මෝහිණී එන පාටක් නෑ ඉඳහන් කෝ මන් මෝහිණී පෙන්නන්ඩ උඹලට , නිදාගන්නත් නෑ අපිට "කියලා ඔන්න රබර් වත්තට ගියා" කියලා  සඳුන්  අය්යාගේ  අක්ක  මාත් එක්ක කියපි :D "අනේ පව් ඒක තමයි කෑ ගහන්න ඇත්තේ !  "  රෙහානි ශෝක ප්‍රකාශ කරහම අර අක්කා ආයේ කියපි ., ඉතින් මෝහිණී  එන්නේ නැත්තං හෙටත් අපිට නිදාගන්න නැහැ නේ ! දැන් අමාරුව එකෙන්ම සනීප නැතැයි ,මෝහිණී ව ළඟටම දකින්න ඇති මයේ හිතේ ටෝච් එකක් එළියත් එක්ක උඩින් යනවා දැක්ක " කියලා :D
                                                                                                              ධනුකගේ පසු වදන =අපි අත ඇරියේ නැහැ රෙහානි අක්කේ වැඩේ !කොහොමහරි මෝහිණී බලන්න ඕනි කියල තමයි වැඩේට බැස්සේ ,මේ සඳුනා අපිව බය කරානේ නිකං .එදා අපි නලාව පිඹ පිඹ ඉන්නකොට අඩි සද්ද ඇහෙන්න ගත්තා ඉස්සෙල්ලම .පස්සේ මන් කුමාට කිවුවා ඕන එකක් කියලා අපි නවත්තන්නේ නැතුව පිඹිමු කියලා !ඔහොම පිඹගෙන යනකොට කුමා රහසින් මට කිවුවා කවුරු හරි මේ පැත්තට එනවා බන් කියලා .මන් කිවුව ඉතින් ඒ මෝහිණී නම් නලා සද්දේ නැවත්තුවොත් ආපහු යාවි .ඒ නිසා දිගටම පිඹිමු කියලා .ටික වෙලාවකින් මම දැක්කා රබර් ගස් අතරින් සුදු සාරියක් ඇඳගත්තු ගැහැණියෙක් එනවා !ඒ ගෑණි කොන්ඩේ  කඩන් හිටියේ ,කොන්ඩෙන් මුණත් වහගෙන !අපි නලා පිම්බේ මාරුවෙන් මාරුවට ,ඒ වෙලාවේ නලාව පිම්බේ කුමා .මං හොඳටම බය වුණා .ඒ ආවේ මෝහිණී කියලයි මට හිතුනේ .මාව ඒ ගල උඩ  ඇදගෙන වැටුණා.මගේ අතේ තිබුන ටෝච් එකත් අත හැරිලා තිබිලා කුමා ඇහිඳගෙන .කුමාත් බය උනාට කුමා මන් තරම් බය උන්නෑ.එතකොටම සඳුන් අය්ය ඇඳගෙන හිටපු  සාරියත්  ගලෝලා  මගේ ලඟට දුවගෙන ඇවිත් කිවුවා ."ඒ ධනුකයා මම බන් ආවේ !මම කියලා :Dඒ උනත් මට සාමාන්‍ය තත්වෙට එන්න ටිකක් වෙලා ගියා
    
                        
                                                                                 

Friday, November 30, 2012

ගැහැණු ළමයෙක් ..............

ගැහැණු ළමයෙක් ..............
රෝස මලක් වගේ
ලස්සන වෙන්නත් ඕන
පිච්ච මලක් වගේ
අහිංසක වෙන්නත් ඕන
උඩ වැඩියා  මලක් වගේ
 ආඩම්බර  වෙන්නත් ඕන
නමුත් ...
සුරියකාන්ත මලක් වගේ
ඉර හැරෙන හැරෙන අතට නොහැරිය යුතුයි

Tuesday, November 27, 2012

"කොක්කු ජෝඩුවයි ඉබ්බයි "නෑ ...ඒක නෙවෙයි හලෝ

එකමත් එක   රටක හිටියලු ඉබ්බෙකුයි කොක්කු ජෝඩුවකුයි ! :) දවසක් මේ කොක්කු ජෝඩුව පියාසර කරගෙන කරගෙන යනකොට දැක්කලු වතුර හිඳිලා ගියපු වලක යන්තම් මඩ ගොහොරකට වෙලා පණ ගැටගහන්  ඉන්න ඉබ්බෙක්ව .අනේ ඉතින් මේත් ජීවිතයක්නේ කියල හිතපු කොක්කු ජෝඩුවට අනුකම්පා හිතිලා ඉබ්බා ලඟට ගියා.(හෑ ...මේ මොකැයි මොන්ටිසෝලි ස්ටෝරියක් ඇදබාන්නේ :D හා හා කියවන් යමුකෝ)                                                                             
                                                                                                              "මචන් ,මචන් (යාලුවේ, යාලුවේ වෙනුවට වර්තමානයේදී )උඹට ආතල් එකේ ඉන්න පුළුවන් වතුර පුරෝලා තියන පට්ට වලක් තියනවා අපි දන්නා.උඹට ඕනිනම් අපි ලිෆ්ට් එක දෙනවා එකෙන්ම !මොකෝ කියන්නේ " කොක්කු දෙන්නා ඇහුවා .                                                
                                                                                                            අනේ මටත් එපාවෙලා හිටියේ ...උඹල දෙන්නට කරන්න පුලුවන්නම් ලොකු පිනක්....!ඉබ්බා කිවුවා                                                              
                                                                                                             අපි දෙන්න කොහොමහරි උඹව ඒ වලට ගිහින් දාන්නම් ..හැබැයි ඉස්සර උඹලගේ සීයා  කරා වගේ  උඩින් යද්දී කෑ ගහල කට පරිස්සම් කරගත්තේ නැත්තන් උඹේ මරණෙට අපි වග කියන්නේ නෑ හරිද...! කොක්කු ජෝඩුව කියලා පොරොන්දු කරගත්තා.                                    
                                                                                                             හරි හරි ..මන් පොරොන්දු වෙනවා මන් එහෙම මෝඩ වැඩ කරන්නේ නැහැ කියලා "ඉබ්බා කිවුව..                                                                  
                                                                                                             ඔන්න දැන් සියල්ල පොරොන්දු පිට කොක්කු දෙන්නා ඉබ්බව උඩින් අරන් ගියා.ඔන්න ටිකක් දුර යද්දී ඉබි සීයට උනා වගේම ඉස්කෝලයක් ලඟදි ළමයි හිනාවෙන්න ගත්තා ,"අන්න ඉබ්බෙක් අහසින් යනෝ" කියලා !උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇදේ ඇරෙන්නේ නැහැ වගේ මේ ඉබ්බත් ඉබි පරපුරේ ගති පෙන්වමින් ළමයින්ට පෙරලා බනින්න කට ඇරියා. ඔන්න එතකොට මේ කොක්කු දෙන්නට නුවණ  පහල  වෙලා   ඉක්මනින් පහලට පියාඹල ඇවිත් ආපහු ඉබ්බව අල්ල ගත්තා                  
                                                                                                              ඉතින් ඊට පස්සේ ...........................ඉබ්බා කිවුවා   "තෑන්ක් යු මචන්ස් "කියලා:D           :D               :D 
                                       
                                          

Wednesday, November 21, 2012

ජීවිතේ හීනයක්....!නැහැ හැබෑවක් කරගත හැකි හීනයක් එය...!

වෙලාවකට සත්තකයි මට හිතෙනවා ජීවිතේ හීනයක්....!
ඒත් ඇත්තටම ඒක හැබෑ කරගත හැකි හීනයක් ..
සමහරවිටක කෙනෙක් කියාවි..
ජීවිතේ හැබෑ කරගත නොහැකි හීනත් ඇති බව
මන් පිලිගන්නවා.
ජීවිතේ හැමදේම හැමකෙනෙකුටම එක හා සමානව ලබෙන්නේ නැහැ
සතුට ලැබෙනකොට දුකකුත් අතළඟ..    හැමදාම හිනාවෙලා ඉන්න ආස උනත්
හැමදාම හිනාවෙලා ඉන්න හැමෝටම බැහැ
ඊයේ ගොඩක් සතුටින් හිටපු මම ,,
අද ගොඩක් දුකින්..
ඔයාටත් එහෙම වෙලා ඇති අනන්තවත්..
එහෙම කියල ඔයා හදාවි මගේ හිත...
ඒත් ...කොහොම උහුලන්නද මං
රත්තරං  ඔයා වෙන්ව ගිය හැටි..
කටුනායක වීදුරු බැල්කනියෙන්
එපිටින් ඔයාගේ කඳුළු දැකපු හැටි..
මතකෙට එන වරක් පාසා
තවමත් කඳුළු සලමි මම..
.......................................
තවමත් ඉන්නට පුළුවන් මට..
ලාමක උනත් මගේ හිත සවි කරගෙන..
ජීවිත ගඟුලෙන් එතෙර වන්නට
ඔරුව නුඹ නම්....
ශක්තිමත් හබලක් විය හැකි ගැහැනියක්මි මම..
ඉතින් ඉදිරියටම ඔරුව පදවමු
පසෙකලා මේ දුක...!