ඔන්න යාලුවනේ අද මම රස රහසක් කියන්නයි යන්නේ ඔයාලට.රෙහානි අවුරුදු ගානක් දුක් වින්දා.. ආදරේ වෙනුවෙන්!ඒ ආදරේට තිබුන බාධක අපමණයි!මුලින්ම රෙහානි ආදරේ කරන්න පටන් ගද්දි ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියල හරියටම දැනගෙන හිටියේ නැහැ.එතකොට ඉස්කෝලේ යන වයස.ඒත් කාලයක් යද්දී ඒ හැමදේම රෙහානි හොඳට තේරුම් ගත්තා.මුලින්ම ගෙවල් දෙකෙන්ම මේ සම්බන්දෙට තදින්ම විරුද්ද උනත් පස්සේ ගෙවල් දෙකෙන්ම කැමති උනා.කැමති උනා කියනවට වඩා කැමති කරවගත්ත කිවුවනම් තමයි හරි.රෙහානිගේ ගෙදර නම් ගෝරි ඇද්දේ අම්ම තමයි,ඒත් වැඩක් උනේ නැහැ.අම්ම කියන දේවල් අහන තත්වෙක නෙවෙයි රෙහානි හිටියේ ........ඒකයි. අපේ ආදරේට අවුරුදු 8 ක්..හ්ම්.....ලේසි පහසු කාලයක් නෙවෙයි නේද?ඒත් ඒ කාලය නිසා අපි අපිව හොඳට තේරුම් ගත්තා..
රෙහානි කිවුවනේ රෙහානි ආදරේ වෙනුවෙන් ගොඩක් දුක් වින්දා කියලා..ඒ දුක වැඩිපුරම වින්දේ ගිය අවරුදු තුනේ..රෙහානි ආදරේ කරන රෙහනිගේ අහිංසක කොල්ල අවුරුදු තුනක් තිස්සේ රෙහානිගෙන් ඈතක දුරස්වෙලා හිටියා..ඒ එයා කොරියාවේ ගතකරපු පහුගිය අවුරුදු තුනක කාලය..! ඒ කාලය රෙහානි ගත කලේ හරිම කටුක විදිහට..ඒ වින්ද දුක ගැනනම් කියලා වැඩක් නැහැ..අවාසනාවට දැන් රෙහානිට ඒ ඉරණමට තව අවුරුදු 2 ක් මුහුණ දෙන්න වෙනවා..ඒත්..අපේම අනාගතේ ගැන හිතලා රෙහානි ඒ දුකට මුහුණ දෙන්න තීරණය කලා.එයාගේ නිවාඩුව මාස එකහමාරයි. දැන් මාසයක්ම ගතවෙලා ඉවරයි..ලබන මාසේ 17 එයා ආයෙම යනවා.. රෙහානිට දුකයි.. දරාගන්න බැරි තරම් දුකයි. :( ඒත්..ඒ දුක විඳින්න රෙහානි සුදානම් :' ( ..එයා ඉන්න මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ ඇවිත් උනත් කාලය නාස්ති කරන්න මට ලෝබයි.. මන් දැනුත් ටයිප් කරන්න ගත්තේ එයා බණ ගෙදරක ගිය නිසා.. මන් හිතනවා මගේ යාලුවෝ මව තේරුම් ගනීවි කියලා..ඒ නිසා මන් මගහැරුණ ලිපි පසුව කියවන්නම්.. මන් පුළුවන් වෙලාවල් වල ඔයාලගේ ලිපි කියවනවා කොමෙන්ට් නොකලට යාලුවනේ..
රෙහානි මේ හැම දෙයක්ම යලුවන්ට කිවුවේ ඇයි දන්නවද?2012 . 10. 05 රෙහානි රෙහානිගේ ආදරේ සින්නක්කර කරගත්තා..අවුරුදු 8 ක ආදරයක්..ඒ කාලය තුල අපි අපිව තේරුම්ගත්තා පුදුම විදිහට..දැන් රෙහානි සතුටින්..ඒ උනත් රෙහානිව දාල මේ කොල්ල ආයෙත් යනවනේ.. ඒ ඉතින් අපේ අනාගතේ වෙනුවෙන්ම තමයි.. ඒ වුනත් හිතට දුකයි.. ළඟ නැතිවෙනවා නේද කියලා දැනෙද්දී.
ප.ලි. = රෙහානිගේ සැබෑ චායාරුපය අවසාන චායාරුපය පමණක් බව කරුණාවෙන් සලකන්න..! :D
ඔන්න රෙහානි ඔයාගේ බ්ලොගේට මුල ඉඳලම යන එන කෙනෙක් විදියට මගෙන් උණුසුම් සුභපැතුම්. මමත් ඔය විදියම තමයි අපමණ කටු කෑවා. දැනටත් කනවා නමුත් මගේ ආදරේ මගේ ලඟට ගෙන්න ගත්තා. දුක් වෙන්න එපා ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට ඒවාට හිත ශක්තිමත් කරන මුහුණ දෙන්න.
ReplyDeleteගොඩක් ස්තුතියි කෝරලේ ...කටු කන්න වෙන්නේ තව අවුරුදු 2 නේ.., හිත හදන කට්ට කනවා..වචනවලින් දෙන ශක්තියට ස්තුතියි ඔබට..!
Deleteආදරේ සින්නක්කර කර ගැනීම වෙනුවෙන් මං සුබ පතනවා!! තිබ්බ ප්‍රශ්න ජය ගත්තා වගේ ඔය ලතැවුල් ඉක්මනින්ම විසදෙයි. ජයවේවා දෙන්නටම!!
ReplyDeleteඅඩේ මට උඹල දෙන්නම දැකල පුරුදුයි වගේ බං. රත්නපුරේ නිසා සමහර විට කොහේදී හරි දැකලත් ඇති.
ගොඩක් ස්තුතියි ඔයාටත්..
Deleteඔව් ..සමහරවිට දැකල ඇති නේද?දැන් ආය දැක්කොත් කතා කරන්න පුළුවන්නේ නේ?
උණුසුම් සුබ පැතුම් රෙහානි. ඒ අවුරුදු දෙකත් ඉක්මනට ගෙවිලා දෙන්නට එක වහලක් යටට එන්න ලැබේවා කියලා පතනවා...
ReplyDeleteමමත් ඔය ප්‍රාර්තනාවම තමයි කර න්නේ සයුරි...ස්තුතියි ගොඩක්...
Deleteමුළු හදවතින්ම සුභ පතනවා දෙන්නටම !!!!
ReplyDeleteස්තුතියි ගොඩක්...
Deleteකෙල්ලෙක් විදියට තවත් කෙල්ලෙක්ගෙ සතුට මට හොඳින්ම දැනෙනවා...හරිම සතුටුයි රෙහානි...
ReplyDeleteවාසනාවන්...වාසනාවන්...ඔබේ දිවිමඟ වාසනාවේ...සුවහසක් මල් පිපේවා...!
ඔයාගේ ජීවිතය සතුටම විතරක් රැඳේවා...!
මගේ හදවතින්ම සුබ පැතුම් !
අනිවා ඒ කතාව ඇත්ත ලිහිණියෝ..ස්තුතියි පැතුමට..!
Deleteසුබ පැතුම් අක්කෝ... :)
ReplyDeleteජයෙන් ජය!
හීන ගොඩක් මැද ජීවත් වන රෙහානිගේ ළොකුම සිහිනය සැබෑ වෙලා..
ReplyDeleteඋනුසුම් සුභ පැතුම් පුතේ....!!!
හ්ම්..හ්ම්...ස්තුතියි ප්‍රාර්ථනාවට..!
Delete(පුතේ කිවුව නේද?)
යකඩේ මේකිව උල තියන්නයි වටින්නේ..නිකමට මේල් කට්ටක් දැම්මද ආ..වෙඩින් කේක් කෑල්ලක් දෙන්න වෙයි කියලා නේ..ඉන්නවා මෙව්වට මම පොලියත් එක්ක අල්ල ගන්නම් හරිද?
ReplyDeleteසුභ පැතුම් නංගෝ..ඔයා පහුගිය කාලෙම හිටියේ දුකෙන්නේ එයා ලග නැති නිසා..මට විශ්වාසයි ඔයා හොදම හොද බිරිදක් වෙනවා කියලා එයාට. ඒ ඔයා එක්ක කතා කරලා ඔයා එයාට කොයි තරම් ආදරේ කරනවද කියලා මම දන්න නිසා. සුභ පැතුම් කෙල්ලේ...අවුරුදු දෙක මේ බලලා මේ බලද්දි ගෙවිල යයි. මොකට දුක් වෙනවද ස්කයිප් එකෙන් ඒ අවුරුදු දෙකේ මූණ බල බල ඉන්න පුළුවන් නේ.
හපුච්චියේ..ඕන් දෙහි කපනෝ..
Delete..............................
බ්ලොග්වල මන් ගැන දැනන් උන්නේ උයා විතරනේ..ස්කයිප් එකේ බැලුවට ඉතින් ළඟ ඉන්නවා වගේ නැනේ අක්කියෝ..වැඩ ඉවරවෙලා එනකන් පිච්චෙනවනේ අපි..ස්තුතියි මගේ අක්කියටත්..
සිතේ තියෙන බලාපොරොත්තු සියල්ලක්ම ඉටුවේවා...!
ReplyDeleteවිවාහවෙනවා කියන්නෙ...ජීවිතය මත ලොකු බරක් පැටවෙනවා කියන එකයි...
සමබරව,සතුටින්,සිනහවෙන් ,ඉවසීමෙන්,මේ සියල්ලක්ම ජයගන්න උත්සාහ ගන්න.
ජීවිතය කියන්නෙ දුක,කඳුළ , සතුට කියන මේ හැම දෙයකම එකතුවක් කියල දැනගෙන ජීවිතය ගෙවන්න එතකොට අපිට සිත සතුටින් දිවිගෙවන්න ඇහැකි.
විවාහ දිවියේ අත්දැකීම් ඇත්තෙක් විදිහට වීපොකුර කියන දේ හිස නමා පිලිගන්නවා..ස්තුතියි..!
Deleteමේ පැත්තෙ ඇවිල්ල බැලුවෙ රෙහානිට ..ඉස්පාසුවක් ලැබිලද කියල.
Deleteහැමෝම ප්‍රාර්ථනා කරල විතරයිනෙ.....ඔන්න මමනම් කිව්වා හොඳේ...
ජෝඩුව හරිම ලස්සනයි ...!
ඔබේ යුග දිවිටය උනුසුම් සුබපැතුම් රෙහානි
ReplyDeleteනැගී සොමි සඳ කිරණ විහිදා ල'දම් පාටින් අහසේ
ReplyDeleteතිලෝගුරු බුදුරදුන් මෙත් බල දැනී දෙසිතක් සැනසේ
ගෙවා ආ මග නොයෙක් බාධක පරදවා ජය ගත්සේ
තවත් බෝ දුර යන්න දිරි-නැණ පතමි පෙම් මල් වැස්සේ
ස්තුතියි ..කවියෙන් සුභ පැතුමට..!දිගටම එන්න මේ පැත්තේ..
Deleteසුභ පැතුම් රෙහානි නංගි... කාලය ඉක්මනටම ගෙවිලා අරුන්දෑත් එක්ක එකටම වාසය කොරන කාලය උදා වේවා..!
ReplyDeleteහි හි..ස්තුතියි..දිගටම මේ පැත්තෙත් මාරයා සැරිසරමු..!
Deleteමාතලන් කිව්ව පාරෙන් අදමයි ආවෙ. වාසනාවන්ත යුග දිවියක් ප්‍රාර්ථනා කරනව ජෝඩුවට!
ReplyDeleteස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට ඔබවත්..!එහෙනම් දිගටම එන්නකෝ..
Deleteබොහොම සංතෝෂයි... අකලංක ආදරය දිනේවා ! සුභ විවාහ මංගල්‍යයක්ම වේවා !
ReplyDeleteඅපිටත් කේක් කෑල්ලක් වත් එව්වොතින් තමා හොද...
ස්තුතියි ඔබටත්...!
Deleteස්කුටරේ දුන්නෙත් නැහැනේ කේක් දෙන්න.....!
:)
කලින් පෝස්ට් එකේ කවියෙන් වනල තියනකොට හිතුනා මොකක් හරි වෙනසක් වෙලා කියල.
ReplyDeleteයකෝ අවුරුදු අටක් හිටපු එකේ තව අවුරුදු දෙකක් ඉවසන්න බැරි හැටියක්. දැං ඉතිං බ්ලොගේට යන එන කට්ටියට සළකන්න වෙයි.
සුභ මංගලම්..
හි හි අවදානයෙන් කවිය කියෙව්වොත් වැඩේ තේරෙනවා තමයි..!
Deleteතව අවු:2ක් මන් ඉවසනවා යාලු..(සලකන්න කිවුවේ ගල් බෝතලයක් වගේද?)
ස්තුතියි ඔබටත්...!
සුභම සුභ ආදරෙන් පිරුණ විවාහ දිවියකට සුභ පතනවා මාත්!
ReplyDeleteජීවිතේ දුක් විඳින්න වෙන කාලවල් එනවා. ඒත් ඒ ටික කාලෙ නිසා මුලු අනාගතයම සතුටෙන් ගත කල හැකි. ඉතින් ඉතුරු ටික දවසත් මේ හිටිය වගේ ගෙවිල යන්න අරින්න.
මේ දවස් ටිකේ සම්පූර්ණයෙන්ම එයා වෙනුවෙන් වෙන් කරන්න!
ජය වේවා!
ස්තුතියි ගිමන්...මේ ඔවදන් මට ශක්තියක්
Deleteමගේත් හදපිරි සුභ පැතුම් පිලිගන්න . . . සුභ අනාගතයක් . . !
ReplyDeleteස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට ඔබවත්..!
Deleteසුභ පැතුම්.. සුභ අනාගතයක් . . ! :)
ReplyDeleteස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteජයම වේවා !
ReplyDeleteඅනේ මගේ ආදරණීය සහෝදරී....කවදාකම හෝ දිනාගත්ත ආදරේ වටිනාකම ගැන ඔයා දන්නව ඇති....
ReplyDeleteමුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබෙන්න කියල සිත්තමී එක සිත්න් සුභ පතනවා.....
මෙහෙමවත් කාලය විඩංගු කරන්න එපා කෙල්ලේ
Deleteඅනිවාර්යෙන්ම සිත්තමී..ගොඩක් ස්තුති....දැනුත් එයා නැති නිසා ආවේ මන්..
Deleteමතක තියාගන්න ඊයෙට වඩා අද අමාරුයි අදට වඩා හෙට අමාරුයි.ඒත් ඒ අමාරුකම් සියල්ල ජයගෙන ජීවන ගමන සාර්තක කරගන්න ලැබේවායි හදවතින්ම පතනවා!
ReplyDelete..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
ස්තුතියි ඔබටත්..ඔබේ ඔවදන් මට වැදගත්..
Deleteසුභ පැතුම්.. සුභ අනාගතයක් . .
ReplyDeleteස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteඋණුසුම් සුභ පැතුම් රෙහානි!...
ReplyDeleteස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteහයිශෝ ........... මෙච්චර දවසක් රහසක් විදිහට තියාන හිටියේ අපිට කේක් දෙන්න වෙයි කියලද දන්නෑ ........
ReplyDeleteකොහොම වෙතත් එක ගෙයි කුරුල්ලෝ වෙන ඒ දවස ඉක්මනට උදාවෙයි කියලා ප්‍රාර්ථනාවක් එක්ක තිතක්
හපුයි නැහැ අලී..ස්තුතියි දිනේල්ක..!
Deleteමගෙනුත් උනුසුම් සුබ පැතුම් දිවි මගෙ වසන්තයක්ම උදා වෙවා!!!!
ReplyDeleteස්තුතියි ගොඩක්...
Deleteඅදමයි මේ දිහාවට ආවේ. ඔන්න එහෙනම් මගෙන් සුබ පැතුම්!!! මෙතැනින්ම පටන් ගන්නම්කො මේ වැයික්කියේ කරක් ගහල බලන්න...
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා..ස්තුතියි....දිගටම එන්න ආරාධනා කරනවා..
Deleteසුබ පැතුම්නංගි,ඔයාල දෙන්නටම...
ReplyDelete(මහත්තයගෙ මුණ මෙහෙදි දැකල තියෙන ගානයි,කොහෙදිද කියල මතක් කළේ)
මොන කට්ට කෑවත් මොකෝ,ඕව සුන්දර අතීත සැමරුම් වේවිනෙ ඉස්සරහට...ජයශ්‍රී...
ස්තුතියි විමුක්ති..(ඔහේදී දැකල ඇති..)ඔව් නේද?ඔබටත් ජය..!
Deleteසුබම සුබ පැතුම් ඔයාලට!
ReplyDeleteස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteජය මංගලම් අක්කෝ..ඔන්න අමතක නොකර Stereo Hearts 2012 වැඩසටහන අහන්න ඕන සෙනසුරාදට හ්ම්ම්,, ඔයත් නිර්මාණයක් එව්වනේ :)
ReplyDeleteස්තුතියි හිරු..අද අහන්නම්..
Deleteආදරවන්තයාට ඉක්මනින් ලගටවි ඉන්නට ලැබේවා
ReplyDelete"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ
subhama subha anagathayakata magenuth subha pathum :)
ReplyDeleteමංගලම් ජය මංගලම්!!!! :D
ReplyDeleteසියලු බලාපොරොත්තු ඉටුවන, දුක නැතිව, සතුට උතුරන, වාසනාවන්ත විවාහ ජීවිතයකට, මගෙනුත් සුභ ප්‍රාර්ථනා රෙහානි... :)
ස්තුතියි ගොඩක් හිතු..!
Delete:D
වාසනා වේවා............! වාසනා වේවා............! වාසනා වේවා............!
ReplyDeleteස්තුති වේවා......!
Deleteස්තුති වේවා......!
ස්තුති වේවා......!
වාසනාවන්ත යුග දිවියකට අයිස්ගෙනුත් සුභපැතුම් අක්කියෝ! :D
ReplyDeleteස්තුතියි ඔබටත්...!ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteසිතේ ඇති ආදරය
ReplyDeleteදහස් ගුණයෙන් ඉතිරී යන
සුන්දර යුග දිවියකට සුපැතුම්..
ස්තුතියි ඔබටත්...! රු
Deleteරෙහානි අස්වැන්නට නිතර ආගිය කෙනෙක්. ඒත් මම ලාදම් අහසට ආව මුල්ම දවස අද.ඒනිසා වඩාත්ම සතුටක් දැනුනෙ මේ පොස්ට් එක නිසා. හැමදාම ගිතයෙන් කතාකරන මම ඒ නිසාම මගේ සුබ පැතුම ගීයකින් මේසමග එකතු කරනවා..
ReplyDelete"තුන් රුවනේ සරණයි
හැදූ වැඩු දෙමාපියන් සරණයි
යුවතිපතින් හට සතර වරම් දෙවි
සරණයි රැකවරණයි....."
මුලින්ම ඔබේ ගීතමය ප්‍රාර්ථනාවට ස්තුති කරනවා..අස්වැන්නට මන් ගී යේ ගොඩක් සතුටින්..ඔබතුමා අද මෙහි පැමිණීමත් මට ගෞරවනීය සතුටක්..දිගටම එන්න ආරාදනයකුත් කරනවා මේ සමගම...!
Deleteමගෙනුත් හඳ පිරි සුභ පැතුම්........ :)
ReplyDeleteස්තුතියි ගොඩක්...
Deleteවාසනාවන්ත විවාහ ජිවීතයක් ඔබ දෙදෙනාටම හිමිවේවා. රටට වැඩදායී දූ දරුවන් ලැබේවා :)
ReplyDeleteස්තුතියි ගොඩක්...
Deleteරෙහානි අක්කි සුබ පැතුම් විවාහ දිවියට යි ස්ටීරියෝ හාර්ටිස් ජයග්‍රහණයට යි!!!
ReplyDeleteස්තුතියි ගොඩක්...
Deleteගොඩක් ආදරෙන් පිලිගන්නවා..ඒ වගේම නැවත එන්න ආරාදනා කරනවා..
රෙහානි අක්කේ http://www.facebook.com/Hiruhimawi මෙන්න මෙතනින් අපිව සම්බන්ධ කරගන්නවද තරහ නැතුව හ්ම්ම්..
ReplyDeleteහ්ම්ම්..
Delete:D
wish u Rehani..........පරක්කු වුණත් ඔයාගෙ යුග දිවියට මගෙන් ආසිරි.......!!!!!
ReplyDeleteස්තුතියි ගොඩක්...
Deleteappachchiye.. parakku una neda enna.... subam suba patum akkee aa ,,, :D
ReplyDeleteස්තුතියි ගොඩක්...
Delete..දිගටම එන්න
සුබ පැතුම් අක්කේ.හැමදාම දෙන්නා හිනාවෙලා ඉන්න!
ReplyDeleteස්තුතියි...අනිවාර්යෙන්ම හිනාවෙලා ඉන්නවා හැමදාම ...!දිගටම මේ පැත්තේ එන්නකෝ..
Deleteඅලේ...මං දැන්නේ දැක්කේ මේ පෝස්ටුව...ඔන්න රෙහානිට මගෙනුත් උණුසුම් සුභ පැතුම්....දුක් වින්දට මොකෝ අනාගතේ සතුටු වෙන්න පුලුවන්නම්...
ReplyDeleteස්තුතියි හිමා...එහෙම හිතල තමයි මේ හිත හදන ඉන්නේ
Deleteඉතුරු වෙච්චි කේක් කෑල්ලක් වත් නැද්ද ? මන් කියන්නේ
ReplyDeleteපුස් කාගෙන එන එකක් වත් ?
සුබ පැතුම් , හොද විවාහ ජීවිතෙකට ලස්සන හුරතල් පඩි පෙළක් එක්ක... හි හි
පඩි පෙළක් !එකටනම් තව අවු:2ක් යාවි...කේක් නම් දැන් හොයාගන්නවත් නැහැ..ස්තුතියි!
Deleteසුභ පැතුම්
ReplyDeleteකේක් දුන්නොත් අපිටත් සුභයි.
ස්තුතියි අසාර් !ඔයිටත් කේක් ඕනද? :D
Deleteප්‍රීතිමත් යුග දිවියකට උණුසුම් සුභ පැතුම් :)
ReplyDeleteස්තුතියි සමී
Deleteආවේ නැත් කාලෙට ගොඩක් දේවල් වෙලානේ..
ReplyDeleteපරක්කු උනාට ගනං ගන්න එපා. අද සුබ පතන්නම්කෝ........
එහෙනම් රෙහානි අක්කට සුබම සුබ යුග දිවියක් ප්‍රාර්තනා කරනවා.
ස්තුතියි හිරු කුමරු!
Deleteජය ශ්‍රී !!!!
ReplyDeleteජය ශ්‍රී !!!!!!!! :)
Deleteප්‍රමාද වුනා එන්න. ඒකට සමාවෙන්න ඕනෙ.
ReplyDeleteඉක්මනින්ම එක වහලක් යට ජීවත් වෙන දිනය උදා වේවා.
ලස්සන, එකිනෙකාට ගැලපෙන ජෝඩුවක් බව දැක්කගමන් හිතට ආපු සිතුවිල්ලයි. එතකොට ප්‍රොෆයිල් පික් එකේ ඉන්නෙත් රෙහානිම තමයි නේ?
ඔබ දෙපලට වාසනාවන්ත යුග දිවියක් ඉත සිතින්ම පතන්නේ,
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔබේ ප්‍රාර්ථනාවට ස්තුතියි ගොඩක් !ප්‍රොෆයිල් එකේ ඉන්නේ නම් මම නෙමෙයි ..ඒ ඉන්නේ රාණි අක්කා හි හි ..!
Delete:)
ආදරයට කොහේදෝ බාධා නැත්තේ.. දුක් විඳින,වින්ද තරමට ආදරය රසවත් විදියට විඳින්න පුළුවන් වෙනවා.. ඒක තමයි කරූගේ අත්දැකීම. තව කාලෙකට පස්සේ මේ කටු කාපු යුගය ගැන ඔබට ආදරයෙන් සිහි වේවි රෙහානි. ඔබ දෙපලට මමත් සුභ පතනවා..
ReplyDeleteඔවු............අපේ දරු පැටවුන්ට කියන්න පුළුවන්නේ අම්මියි තාත්තියි වින්ද දුක නේද /?:D ස්තුතියි පැතුමට කරූ
Deleteඅළුතෙන් එකතු වෙච්ච මගෙනුත් ඔන්න උණුසුම් සුභ පැතුම්>
ReplyDeleteතව අවුරුද්දනේ....
ඒකනේ ...තව ටික දවසකින් එන්නකෝ පලවෙනි අනිවසරියට කේක් කන්න ..හි හි :D
Deleteස්තුතියි සඳුන් !
දන්නේ නැති වග ඇත්තයි නුඹ කවුරුද
ReplyDeleteපිරිසිදු පැතුමක් ගෙනෙන්න ඒ වග කුමටද
සිනහා ඉහිරේවා, නුඹේ දිවියෙහි නිබඳ
පතනෙමි නුඹේ විවහා දිවියට ආශිර්වාද