'චමියෝ....උඹ හිතන්නේ මේ ගින්න දුන්නේ කවුරු කියලද? මොකද්ද එහෙම කරලා ඒකා බලාපොරොත්තු වෙන්න ඇත්තේ?' විරංග පොපිට් ඇට අහුරක් කටේ හලාගනිමින් ඇසුවේය.
'අනේ මංදා බං.......අපිත් එක්ක නයි වෛරෙන් ඉන්න එකෙක් හිටියා නං අන්න ඌව සැක කරන්න තිබුණා....දැන් කාව කියලා සැක කරන්නද..., ඔක්කොම බොක්කෙ ෆිට් වගේනේ ඉන්නේ...' චමිලා කීවේ මද කෝපයෙනි.
'අපි ඔන්නෝක අතෑරලා දාමු විරංග.....ඕන කෙනෙක් ඕන එකක් හිතාගත්තුදෙන්....අපි අපේ පාඩුවේ ඉමු...' විශ්මි කීවාය.
'අනේ මේ....ඔයා ඉන්න පාඩුවේ...මම එහෙම ඉන්නෑ...මට ඕකාගේ බෙල්ලෙන් අල්ලනකන් නින්ද යන්නෑ....' විරංග එසේ කියමින් යෙහෙළියන්ගෙන් වෙන්ව ගියේය.
**************************************
නිවසට පැමිණි වහා විශ්මි කළේ මව සමග සියළු විස්තරය පැවසීමය.මව සියල්ල සාවදානව අසා සිටියාය.
'සුදු දූ.........., මාත් ඕක ඔයාට කියන්න කියලා හිත හිතමයි හිටියේ..,ඔයායි විරංගයි ගැන අපි දන්නවා, ඒත් රටේ ලෝකේ මිනිස්සු දන්නෙ නෑනේ...ඒ නිසා කතා හදාගන්නැතුව ඉන්න ඕනේ....ඔයා ගෑණු ළමයෙක්නේ...'සුභද්‍රා කියවාගෙන ගියාය.
'අනේ අම්මා..........මට ඔය කතාව නොකියා වෙන ඕන දෙයක් කියන්න...විරංග මගේ යාළුවා..ඒක වෙනස් කරන්න බෑ...'විශ්මි කීවේ ආයාචනාත්මක ස්වරූපයෙනි.
'මම ඉස්කෝලෙට ඇවිත් හෙට ප්‍රින්සිපල් එක්ක කතා කරන්නංකො...,දැන් ඔයා ඇඳුම් මාරු කරගන්න' සුභද්‍රා කීවේ ඈ චාරිකාවේ සියලු තොරතුරු තමන්ට කියා තිබුණු නිසාවෙනි.
'අම්මා....සුදු අයියා කතා කලේ නැද්ද? ' විශ්මි ඇසුවේ කාමරයට යන ගමන්ය.
'නෑ..............ඇයි දූට කතා කරනවා කිව්වද?'
හ්ම්ම්.....' විශ්මි කීවේ එපමණකි.
සුපුරුදු ලෙස විරංග ,විශ්මි, චමිලා , දිමුත් මේසයක වට සාකච්චාවක යෙදී සිටියේ, එම කාල පරිච්ඡේදයට අදාල ගුරුවරයා වෙනත් වැඩකට ගොස් සිටි නිසාවෙනි.
විරංග....'
විරංගට කතා කළේ විරංගට හිතවත්ව සිටි නමුත් විශ්මිලා තරම් සමීප නොවුනු ගැහැණු ළමයෙකි.ඈ වෙනුරිය.ඇය පන්තියේ වෙනම කල්ලියක සාමාජිකාවක් යැයි හැඳින්වීම නිවැරදිය.හදිසියේ ඇය කතා කිරීම පිළිබඳව සිතමින් විරංග පුටුවෙන් නැගිට්ටේය.
'මට.........මට ඔයත් එක්ක පොඩ්ඩක් තනියම කතා කරන්න පුළුවන්ද...? වෙනුරි ඇසුවේ තරමක් නොසන්සුන්ව බව විරංගට වැටහුණේය.
'ඇයි වෙනුරි.......?' විරංග ඇසුවේ අසුන් ගෙන සිටිනා තිදෙනා දෙස බලමින් , නැවත ඈ දෙසට හැරෙමිනි.
'අපි ටිකක් එහාට යමුද..? ' වෙනුරි යෝජනා කලේ තිදෙනාගේ මුහුණ දෙස නොරිස්සුම් බැල්මක් හෙලමිනි.ඒ අනුව විරංග පන්ති කාමරයෙන් පිටත කොරිඩෝවට පැමිනියේය.ඒ අනුව වෙනුරිද පැමිණියාය.
'විරංග දැන් ඉස්සර වගේ නෑ.....විශ්මියි ,චමිලයි අපේ ඉස්කෝලෙට ආවට පස්සේ තමයි ඔයා වෙනස් උනේ...ඉස්සර උදේට 'ගුඩ් මොර්නින්' හරි කියනවා,දැන් ඒකත් නෑ.....ඔය අලුත් උන්ව එච්චර කරට ගන්න එපා විරංග...' වෙනුරි කියවාගෙන ගියාය.

'මට ඉතිං මුලු ඉස්කෝලෙම ළමයින්ට 'ගුඩ් මොර්නින් කියන්න බෑනේ වෙනුරි...,ප්‍රායෝගික දෙයක්ද කියන්නකෝ ඒක...ආ.....' විරංග කරුණාවෙන් කීවේය.'හරි මීට පස්සෙ එහෙම වෙන්නෙ නෑ ...ඕ කේ....... ' ඔහු නිහතමානිව පැවසුවේය.' දැන් මට මොකටද කතා කරන්න ඕනෙයි කීවේ?
'නිකං............අර සෙට් එක එක්කම ඉන්න ඕන නෑනේ ඉතිං...අපි පරණ එව්වෝ...ඉතිං අපිත් එක්කනේ ඉන්නම ඕන..' වෙනුරි කියෙව්වාය.
'හ්ම්ම්....හරි හරි............දැන් මට පොඩි වැඩක් තියේ....යන්න අවසරද මැඩම්... ' විරංග ඇසුවේ සිනාසෙමිනි.ඔහු කාගේවත් හිත රිද්දන්නට කැමති නැත.
'අවසරයි .............හැබැයි මේක බලලා....' වෙනුරි පුංචි කොල කැබැල්ලක් විරංග අත තැබීය.
'මොකද්ද මේ...?' විරංග ඇසුවේ චකිතයෙනි...
'හරි දැන් යන්න ඉතිං....ඕක තනියම බලන්න....මම යනවා...' වෙනුරි එසේ කියමින් ඇගේ පන්ති කාමරය වෙත දිව ගියේ ලැජ්ජාවෙන් සිනාසෙමිනි.
විරංග කොල කැබැල්ල දිග හැර බැලුවේය. 'මම ඔයාට ආදරෙයි' මුතු වන් අකුරින් එහි සටහන් වී තිබුණි. 'මල දෙයියනයි........!' විරංගගේ මුවින් ඒ වචන පිටවුණේ ඉබේටමය. ඔහු එය වහා කලිසම් සාක්කුවට ඔබා ගත්තේය.වෙනුරි ගිය දෙස බැලුවත් ඈ පේන මානයේ නොවීය.විරංග නැවත විශ්මි ඇතුලු කල්ලියට වැටුණි.
බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවීම නිසා විරංගගේ මදක් කලබලකාරී ස්වරූපයක් දිස් විය.
'මොකෝ උනේ..........?' චමිලා ඇසූ පසු විරංග සිනාසුනා පමණි.
'ඇයි .......වෙනුරි උඹට මොනාද කිව්වේ ඔය තරං කලු වෙන්න...' විශ්මි කීවේ ලැජ්ජවෙන් මිරිකෙන විරංගගේ මුහුණ දෙස බලාය.විරංග වෙනුරි දුන් කොළ කැබැල්ල තිදෙනා වෙත පෑවාය.'උඹලා කාටවත් මේ ගැන කියන්න එපා...,ඒකි පව්නේ' විරංග කියද්දී චමිලා කට කොනින් සිනා සුනාය.දිමුත්ද සමච්චල් සිනහවක් පෑවේය.
'මං දැන් මොකද බං කරන්නෙ........මට එහෙම අයිඩියා තියනව නං ඒකි කියනකං බලං ඉන්නවයෑ,...අනේ මංදා..........' විරංග කීවේ කාගේවත් හිත රිදවන්නට අකමැති නිසාවෙනි..
විශ්මි හා විරංග අතර ඇති දැඩි සහෝදරත්වය වෙනුරිගේ ඇහේ කටු අනින්නට මෙන් විය.ඒ හේතුවෙන් ඈ විනය කමිටුව වෙත දැන්වූ දේවලින් ද පලක් නොවූ බව ඈ දැනගත්තේ දහවල සුභද්‍රා පාසලට පැමිනි ආරංචියත් සමගිනි..ඉන් තවත් කෝප වූ වෙනුරි අලුතින් කරන්නට යමක් කල්පනා කළේ විරංගට තම ආදරය ප්‍රකාශ කළත් තවමත් ප්‍රතිචාරයක් නොමැති නිසාවෙනි.වෙනුරි තරයේම විශ්වාස කළ කරුණ නම්., තමන්ට විරංගව ලබා ගැනීමට ඇති එකම බාධාව විශ්මි බවයි.ඒ නිසා තවත් ගින්නක් අවුලුවාලීමට ඈ ඉටාගත්තාය.
විරංග තම කාමරයේ කෙටි සටහන් වගයක් සකසමින් උන්නේය.එදින පාසල් නොගිය ඔහු නිවසේ එවෙලෙහි සිටියේ, මව නගරයට ගොස් සිටීම සහ පියා රැකියාවට ගොස් සිටීම හේතු කොටගෙන තනිවමය.එකම ඉරියව්වෙන් සිට කම්මැලි වූ විරංග උයන ගෙට පියමැන්නේ කමලා ට කියා තේ එකක් සාදවා ගැනීමටය.කමලාට පණිවිඩය දුන් විරංග සාලයේ සැටිය මත අසුන්ගෙන මදකට රූපවාහිනිය ක්‍රියාත්මක කළේය.ගේට්ටුව අසලින් නාදවන බෙල් හඬ නිසා අවධානය ඒ වෙත යොමු කළ විරංග ගේට්ටුව දෙසට ඇදෙද්දී , කුඩා ලියුම් පෙට්ටියට ලියුමක් දමා පියුම් යන අයුරු ඔහුට පෙනුණි.
ලියුම් පෙට්ටියේ ලියුම් තුන හතරක්ම විය.ඒවා කලින් ඒවා වන්නට ඇතැයි,කමලාට ලියුම් ගන්නට අමතක වෙන්නට ඇතැයි සිතමින් විරංග එකින් එක ලියුම් කාටදැයි බැලුවේය.සියල්ල පියාගේ නමට ආ ඒවාය.ඉන් එකක් හැර අනෙක් සියල්ල බැංකු ලිපි,අන්තර්ජාල බිල් පත්,ඉන්ෂුවරන්ස් සමාගම් වලින් ආ ඒවා විය.කුඩා ලියුම් කවරයක තිබුණ අනෙක් ලියුම ගැන විරංගට සැක පහළ වූයේ ප්‍රමාණයෙන් කුඩා ලියුම් කවරයක බොහොම අපිළිවෙලට ලියූ ලිපිනය දැකීමෙනි.මක් නිසාද යත් පියාට එසේ ලියුම් එවන්නට නෑදෑයෙකු හෝ නොමැති නිසාවෙනි.ඔවුන්ට අවශ්‍යතාවයක් තිබේනම් ඔවුන් කරන්නේ දුරකථන ඇමතුමක් දීමයි.මේ සියල්ල කල්පනා කළ විරංග ලියුම කඩා බලන්නට තීරණය කළේය.
විවෘත කල ලිපිය ඔහු සාවදානව කියවාගෙන ගියේය.එහි අකුරින් අකුර විරංගගේ සිතේ ඇති කලේ කෝපයකි.ඔහුට ඇස් අදහාගත නොහැකි විය.මෙය පියා අතට ගියා නම් ලොකු ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබුණි.වරක් පාසල තුළ ඇති වන්නට ගිය එම ප්‍රශ්නයම තම නිවස තුළත් ඇති කරවන්නට කවුරුන් හෝ වෑයම් කරන බව දැන් ඔහුට පැහැදිළිය.ඔහු කල්පනා කලේ විශ්මිට මෙය කියනවාද යන්නයි.හඳුනා ගැනීමට අපහසු අයුරින් තඩිස්සි අකුරින් ලියූ එම ලිපියේ අන්තර්ගත බොහෝ දෑ ,ඇයට කියන්නට තරම් සුදුසු මට්ටමක නොවීය.මේ ලිපිය තුළ විරංග හා විශ්මි යන චරිත දෙක එතරම් පහත් අයුරින් නිර්වචනය කර තිබේ.මේ මොහොතේ විරංග සිතුවේ විශ්මිගේ පැත්තෙනි.නිශ්ශබ්දව සිට මේ ගැන විශ්මිට පමණක් කියන්නට ඔහු සිතාගත්තේය.
'හෙලෝ..............' විරංගගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නේ විශ්මිමය.
'හෙලෝ........විරංග.., ඇයි ඉස්කෝලේ ආවේ නැත්තේ අසනීප වෙලාද? ' විශ්මි ඇසුවාය.ඔහුගේ කටහඬ ඈට හුරුය.මෙවන් දුක සැප සොයනා යෙහෙළියක් නැති කරගන්නට විරංගට ලෝබ කමක් ඇත.අහිංසක ඈගේ චරිතය ඝාතනයට කවුරුන් හෝ සැරසේ,මෙය ඈට කියනවාදැයි විරංග නැවත කල්පනා කළේය.
'විරංග.........ඇයි කතා නැත්තේ..? ප්‍රශ්නයක්ද?' ඔහුගේ නිහඬ බව නිසා ඇය ඇසුවාය.
'අද කම්මැලි හිතුණා එන්න....' විරංග කීවේ ය.
'උඹේ කටහඬ අමුතුයි..........ඇයි කියපන්....ප්‍රශ්නයක් නේද? '
'නෑ.........මම හෙට කියන්නම් මෙහෙම කතා කරන්න බෑ..'විරංග කීවේ ඇයට මෙය ඇඟවීම මෝඩකමකැයි කියා සිතමිනි.
'මේ මේ............දැන් නම් මට දැනගන්නම ඕන...දන්නවනේ ඕක අහගන්නකම් මට දැන් නින්ද යන්නෑ...අනේ විරංග ප්ලීස්......කියන්න.....'
ඔයා කලබල වෙන්න එපා....මම කියන්නම්..අපි දෙන්නගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉවසන්න බැරි එකෙක් ඉන්නවා විශ්මි...' විරංග කීවේ විශ්මිගේ පෙරැත්තයෙන් බේරෙන්නට දැන් නොහැකි බව දන්නා නිසාවෙනි.
'දැන් මොකද වෙලා තියෙන්නේ?' විශ්මි කීවේ ඔහු කී ගැටපදය හරි හැටි ලෙහාගන්නට නොහැකිවය.
අද මං වෙලාවට ගෙදර හිටියේ...අපේ තාත්තගෙ නමට ලියුමක් ආවා...මට සැක හිතිලා මම කඩලා බැලුවා..දෙයියො පෙන්නුවා වගේ, ඒ ලියුම අපි දෙන්නා ගැන හරිම පහත් විදියට ලියලා අපේ තාත්තගේ නමට තැපැල් කරලා..."එතැන් සිට කියන්නට හැකි ලියුමේ ඇති දෑ ඔහු විශ්මිට කීවේය.ඈ අසා උන්නේ කලකිරීමෙනි.
'අපි කාට වරදක් කලාටද විරංග මේවා මෙහෙම වෙන්නේ...?'
අනේ මන්දා විශ්මි..අද මගේ අතට ලියුම ආපු හන්දා හොඳයි....තව දවසක තාත්තා අතට මේ වගේ එකක් අවොත්...විශ්මී................ඔයා අම්මලාට කියලා තියන්න.ඔයාලගෙ ගෙදරටත් මේ වගේ ලියුමක් එවන්න බැරි නෑ...ගිනි තියන්න ඕන එකා කෝමහරි ගිනි තියාවි...මමත් අම්මට මේ ගැන කියනවා...ලියුම නම් පෙන්නන්න බෑ....ඒ තරම් අසික්කිතයි..,ඔයාට හෙට බලන්න මම ඒක ගේන්නම්කො....
විරංග සියල්ල විශ්මි හා පැවසුවේය.විරංග දුරකථනය තැබුවේ ලොකු කතා බහකින් අනතුරුවය.විරංග මව නිවසට ආ විගස සියල්ල ඈ හට පැවසුවේය.විරංග කීවේ නිකරුණේ පියාගේ ඔලුවට මේ දේවල් දාන්නට අවශ්‍ය නැති බවයි.එය පියාගේ නමට ආ ලියුමක් බව විරංග නොපවසා උන්නේ එය තමන් අතින් සිදු වූ විශාල වරදක් බව දන්නා නිසාවෙනි.එය කීවානම් තමන්ට අම්මාගෙන් විසුමක් නොවන බව ඔහු දැන සිටියේය.
විරංගට උදෙන්ම ඇමතුමක් දුන් විශ්මි ඉක්මනින් පාසලට එන ලෙස කීවාය.ඇය ද පාන්දරින්ම පාසලට ගියේ මේ පිලිබඳ ඉක්මනින් දැනගන්නට තිබූ අවශ්‍යතාවය නිසාවෙනි.චමිලාවද උදෙන්ම ගෙන්වාගත් විශ්මි විරංග පැමිණෙන්නට මත්තෙන් සියලු විස්තරය චමිලාට කීවාය.ගේට්ටුව දෙසම උවමනාවෙන් බලා උන් විශ්මී විරංගගේ රුව දුටුවාත් සමගම ඔහු දෙසට දිව ගියාය.ඔහුගේ අඳුරු මුහුණ ඈ හොඳින් හැඳින්නීය.ඔහු සිනා සුනත් එය ව්‍යාජ යැයි විශ්මිට සිතුණි.
'ගුඩ් මොර්නින්....' විරංග අමාරුවෙන් මෙන් වචන ගලපා කීවේය.
'ගුඩ් මොර්නින්.....' විශ්මි කියද්දී විරංග පාර දෙසට හැරී මුහුණ සඟවාගත්තේය.
'කෝ.........දෙන්න.........' විශ්මි කීය.
විශ්මි ඉල්ලනා දේ දන්නා නිසාවෙන් විරංග අනෙක් පසට හැරී එහෙමම පොත් අතරින් ලියුම ගෙන ඈ අත තැබුවේය.තබා පංති කාමරය වෙත ගියේ විශ්මි දෙස නොබලාමය.
'දෙය්යනේ..........කවුද මේ තරම් මගේ ආත්මෙම පහළට දැම්මේ...?' විශ්මි කීවේ හැඬුම් අතරින් ලිපිය කියවාගෙන යන අතරතුරය.විරංග නොකියූ යමක් ඈ මෙම ලිපියෙන් දැනගත්තාය.එය සිත් පිත් නැති අමනයෙකු ලියූවක් බව ඇය යටින් සිතුවාය.මෙම ලිපිය විරංගගේ පියා අතට නොගියේ වාසනාවට යැයි විශ්මි සිතීය.
'අපි හෙමින් සැරේ මේ බලු වැඩ කරන එකා හොයාගමු...දැන් උඹලා කලබල නොවී ඉඳහල්ලා...මේක පිටට ගියොත් එක හත වෙලා විශ්මිට පාරට බහින්නත් බැරිවෙයි..' චමිලා ද කීවේ හිතේ අමාරුවෙනි..ඒ අතර විරංගද සෙමින් යෙහෙළියන් දෙපල වෙත ආවේය.
'විශ්මි ................වැඩිය හිතන්න එපා...කලබල නොවී අපි මේක විසඳගමු..' විරංග කීවේ හඬමින් උන් විශ්මිගේ ඔලුව අතගාමිනි.විශ්මි බිම බලාගෙන හඬමින්ම උන්නාය.
එකවරම පාසල් ගේට්ටුවෙන් ඇතුළ් වූයේ වෙනුරිය.විරංගගේ අත විශ්මිගේ ඔලුව මත තිබෙනු දුටු ඈ කෝපයෙන් උන්නාය."තාම ගින්දර ඇවිලිලා නෑ වගේ........උඹලා තව කී දවසද ඔහොම ඉන්නේ' වෙනුරි යටින් සිතමින් පිරිස පසුකර යන්නට සැරසුනාය.
'ගුඩ් මොර්නින් විරංග' වෙනුරි තාලයකට කීවාය.
ගුඩ් මොර්නින්' විරංග ඈව කනකට නොගෙන කීවේය. 'ඔක්කොටම මුල මෙන්න මේකි' වෙනුරි විශ්මි දෙස යටැසින් බලා සිතීය.බොරු හිතවත් කමක් පාමින් වෙනුරි විශ්මි හා චමිලාටද ගුඩ් මොර්නින් කියා පන්ති කාමරය වෙත ඇදුනාය.
බිඳකට සියල්ල අමතක කර දමා විශ්මි ඇතුළු පිරිස විවේක කාලයේදී අරලිය යාය යට පුටු තබාගෙන උන්නෝය.එතැනට කලවාන නිවිතිගල මාර්ගය මනාවට දිස් වේ..පාරේ යන ගෑණු ළමයින්ට වට පිට බලා උසුලු විසුලු කිරීම පිරිමි ළමුන්ගේ විනෝදාංශයයි.
'මොකද මේ පාරට සේල් දාලා වගේ....යනවලා ඔය පුටුත් අරගෙන පන්තිවලට...' නුවණි මිස් යක්ෂාවේසයෙන් කෑගැසුවාය.ඒ අනුව පිරිස පුටුද රැගෙන පන්තිය ඇතුළට රිංගුවේ නුවණි මිස්ට යටින් හොඳහැටි දෙහි කපමිනි.
'විශ්මි...........විරංගත් එක්ක යනවා ඔෆිස් එකට....' නුවණි මිස් කීවේ තරහෙන් පුපුරමිනි.
'ඒ ගමන මොන ගිනි ගෙඩියක්ද..........? ' විරංග තමන්ටම කියා ගත්තේය,
විශ්මිගේ දෑත් ගැහෙන්නට විය. 'අනේ..විරංග....' විශ්මි කීවේ හැඬුම්බරවය.
'බය වෙන්න එපා...එන දේකට මූණ දෙමු... අපි වැරදි කරලා නෑනේ විශ්මී..' විරංග ස්ථිර ස්වරයෙන් කියද්දී විශ්මිගේ සිතට හයියක් දැනුණි.
දෙදෙනා කාර්යාලය තුලට පිවිසියේ බියෙනි.මේ දිනවල තමන්ට සිදුවෙන දේවල් නිසාම ඒ බිය දෙගුණ වී තිබුණි.විදුහල්පතිවරයාගේ තියුණු දෙනෙත දුටු විරංගත් විශ්මිත් ප්‍රශ්නයක් ඇති වී ඇතැයි අනුමාන කළෝය.
එමු එමු මෙහාට..........' විදුහල්පතිවරයාගේ හඬ ද වෙනදාට වඩා තියුණු බව දෙදෙනාට වැටහුණි.

මම හිතන්නෙ නැ දැඩි දඬුවමක් ලැබෙයි කියලා. ඔන්න මම අද එක!!!
ReplyDeleteහ්ම්ම්...අපි බලමුකො නේද...
Deleteඅද තමයි ඉස්සෙල්ලම මේ පැත්තට ආවෙ. කොටස් 5ම කියෙව්ව. ලස්සන වැඩක්. මමත් දිගටම කියවනව. නියමයි... (y)
ReplyDeleteඔයාව ගොඩක් ආදරෙන් පිලිගන්නවා අහස යටට යාලු...
Deleteස්තුතියි මාව කියවලා දිරිමත් කරනවට
දිගටම එන්න ආරාධනාවකුත් කරනවා ඒත් එක්කම.
වෙනුරිට සුදු අයියාව සෙට් කරලා දෙමුකො රෙහානි. පවුනෙ කෙල්ල.
ReplyDeleteහි හී........සෙට් කරලා දුන්නොත් සුදු අයියා පව්නේ ඊගාවට :D
Delete//.විරංගගේ අත විශ්මිගේ ඔලුව මත තිබෙනු දුටු ඈ කෝපයෙන් උන්නාය."/// මේක කියන්න ඇති දෙක කරලා..
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්????
Deleteඋයාගේ බ්ලොගේට යන්ට බෑනේ අපූ....මුකෝ ඒ...?
අනේ මන්ද කීපදෙනෙක් කිවා මොකද දැනෙන නැහැ රෙහානි
Deleteලිපිය කියවගත්තා...කොමෙන්ටුව කොටලා පබ්ලිෂ් කරද්දි ආයේ ලෙඩේ ආවා :(
Deleteඉතා හොදට කතාව ලියැවෙනවා රෙහානි බලමු ලොකූ සෑර් මොනව කරයිද කියලා අපි..
ReplyDeleteබෝම ස්තුතියි..........
Deleteබලමුකො නේද? ;)
මතක මන්දිර තනා
ReplyDeleteකිව්වා ඒ රස කතා...
හෙහ් හෙහ් කොයි ප්‍රේමයටද නැත්තේ බාධා කිව්වලු.
ඔහොම යන්කො ඔහොම යන්කො
හී හී .........
Deleteහාකො හාකො ;)
මම ඔයාගෙන් අහන්න ආව ප්‍රශ්නෙට උත්තරේ මගදී හම්බ වුණා. ඒ ඔයා රත්නපුර පැත්තේද කියලා. මරු කතාවක්නේ. කොල්ලෙක් බෙදා ගන්න බැරිව කෙල්ලෝ සටන් කරනවා කිව්වම ඉතිං පොඩි සතුටක් එනවනේ. ලස්සනයි. දිගටම එන්නම්. මේ සී කල්හාරි කියපු එකෙන් පැටලුනේ.
ReplyDeleteමම මේ කම්පනා කොලේ මොකද ඒ පුරස්නේ මුලදි ආවේ කියලා..
Deleteස්තුතියි කියවන්න ආවට..
දිගටම එන්නකෝ..
ඒ මගේ G පොෆයිලය නෙව..
:)
දැන්නම් එන්න එන්න රසවත්.ඊලග එකත් දාන්න ඉක්මනට.කුතුහලේ තියලයි නවත්තලා තියෙන්නෙ.මරු හොදේ
ReplyDeleteතැන්කිව් තැන්කිව්
Deleteන්‍යශ්ටික යුද්දෙ පටන් අරගෙන වගෙ
ReplyDeleteහි හී
Deleteඅයියූ... දුෂ්ඨියෙකුත් දැම්ම නේද කතාව මැද්දට! නියමෙට ගලාගෙන යනවා කතාව. හැබැයි ඉතින් ඔයා ලියන විදියට ඔය දුෂ්ඨයන්ගෙ වැඩ මැවිලා පේන නිසා ලේ පිච්චෙනවා ඒක තමයි අවුල. කතාව සුපිරියි අක්කෝ. සුභපැතුම්!!
ReplyDeleteතැන්කිව් බස්සියෝ..........ඕම කියනකොට ලියන්න ආස හිතෙනවා
Deleteඅනේ ප්ලීස් සුදු අයියට සෙට් කරල දෙන්න. අරුට සෙට් උනොත් නම් ආයෙත් මේ කතාව කියවන්නෙ නෑ නෑ නෑමයි. කෙල්ලෙක්ගෙ හොඳම යාලුවා කොල්ලෙක් කරන්න එපා අක්කියෝ.
ReplyDeleteහි හී....ඇයි එහෙම අවුල්ද? ඒම හොඳයිනේ
Deleteඒ උනාට එතකොට සුදු අයියගෙ හිතට දැනෙන හඝීම ගොඩාආආඅක් දුක් මුසුයි.
Deleteනියමයි ඔන්න දැන් තමා හොදම හරිය, වෙනුරි කියන නම දැම්මේ නපුරි කියන එක වෙනස් කරලද?
ReplyDeleteතැන්කිව් හොඳේ
Deleteනෑ යකෝ.......... :D
නියමයි නියමයි දැන්නම් හින්දි ෆිල්ම් එකක් වගේ කතාව නැගලම යනවා..බලමුකො ඒ පාර පාත්වුනු බාල්දිය මොකක්ද කියල..
ReplyDeleteහින්දි ෆිලුම් එකක් වගේද........? :(
Deleteබලමු බලමු
වෙනුරි සෑහෙන භයානකයි වගේ නේද ... විශ්මි පව්..
ReplyDeleteකතාව ලස්සනට ගලාගෙන යනවා...
භයානකයිදත් අහනවා....
Deleteස්තුතියි තුශා
වැඩේ නැගලා යනවා වගේ. මේ ටික කියවද්දීනම් own experience එකක් ඔළුවට ආවා.
ReplyDeleteහෑ.............උයාටත් එහෙම ඒවා තිබුණයි ඒ කාලේ ;)
Deleteකෙල්ලොත් පුදුමාකාර ජාතියක්.... එක්කෙනෙක්ට එක්කෙනෙක් ඊර්ශ්යයා කරනවා..
ReplyDeleteඑත් අර අහිංසක කෙල්ලයි කොල්ලයි...
ඇත්තටම ඉස්කෝලෙට ආපු ආරංචිය මොකක්ද?
කීලා වැඩක් නෑ සුද්දෝ
Deleteබලමු නේද ආරංචිය ගැන
කියෙව්වේ නැත රෙහානි.පසුව කියවමි.
ReplyDeleteකට්ටිය මාව නාවන නිසා හෙම්බලිස්සා හැදිලාය....
පුරුද්දට ආවෙමි.
කමක් නැහැ හැකි විටෙක කියවන්න..
Deleteස්තුතියි අපේ පැත්ත ගැන ඇහැ ගහගෙන ඉන්නවට
අෆොයි ඔහොමත් කෙල්ලෝ ඉන්නවානේ -_-
ReplyDeleteහ්ම්ම්...
Deleteඒක නෙමේ දිනේෂ්ට දැන් කෝමෙයි?
කොළුවා ආවා.. ^_^
Deleteනිදහසේ කලින් එකත් එක්කම කියවන්නම් ඈ.. අපි ඉද්දි මුං කොටසක් දාන්නෙත් හඳ දකින්න වගේ.. නැති උන ටිකට දෙකක් දාලා..
ආ........මතකෙයි........මම මේ මතක් කරල දෙන්න හැදුවේ... :D
Deleteහෙමීට කියවමු
කෙල්ලෝ ඔච්චර දරුණු වැඩ කරනවද..? ඉස්කෝලේ ඔහොම දේවල් නැතත් කාඩ් වැදුනම සර්ලා මිස්ලා හිතන්නේ මුන් දහඅට පාලියම නටලා ඉන්නේ කියලා තමයි.
ReplyDeleteකෙල්ලො කියලා නෑ යක්කු තමයි......... :D
Deleteඒක නම් අනිවා
මන් හිතන්නෙ ලියුමෙ තිබ්බ කුණු කතාවම පිනාට කියල ඇති අර කෙල්ල..ඉක්මනින් 6වෙනි කොටසත් ඕනේ :)
ReplyDeleteහ්ම්ම් ........බලමු එහෙමද කීලා
Deleteඉක්මනින් දාන්නම්
කෙල්ලො ඔහොම්මමයි.. දියයටින්මයි ගින්දර :/
ReplyDeleteමග ඇරුනු එකත් කියෝගෙනමයි ආවෙ :)
හැමෝම නොවේය.. :)
Deleteස්තුතියි සමියා
ඔන්න දැන් නම් ඇඟ කිලිපොලා යන ජවනිකාව
ReplyDeleteආයෙ එන්නෑ කීවා නෙහ්... :D
Delete(තැන්කිව් වැඩ අස්සෙත් මේ පැත්තේ එනවට )
මේ උයාද අර කලු ටී ෂර්ට් ඇඳලා තොප්පි දාගෙන ඉස්සරහම ඉන්නෙ බීච් පාටි පොටෝවේ?
කතාවට ඉන්නෙ දුෂ්ටයෙක් විතරයි කියල හිතුවට දැන් දුෂ්ටියෙකුත් ඇවිදිල්ලනෙ.බැරිද ජෝඩු දෙක බෙදල දාන්න.
ReplyDeleteහි හී බලමුකෝ ටිකක් හිතලා..
Deleteකොටස් 5ම කියෙව්වා. නියමයි... දිගටම ලියන්න.. :)
ReplyDeleteඔයාවත් ආදරයෙන් පිලිගන්නවා අහස යටට යාලු........
Deleteදිගටම එන්න ස්තුතියි
අනිවාර්යයෙන්ම එන්නම්... :)
Deleteඇත්තටම නංගි මිශ්‍ර පාසල් වල ගෑණු දැරිවියො කොල්ලන්ට මේ වගේ කොළ වල ලියලා ආදරය ප්‍රකාශ කරපු අවස්ථා තිබුනද ? නැත්තං මේ වගේ කෙල්ලො දෙන්නෙක් එක කොල්ලෙක් බෙදා ගන්න මරා ගත්ත අවස්ථාත් ඇත්තටම තිබුනද....මේක මගුල් සක්වලක් නොවැ...වෙනුරි තමා ගින්න දෙන්නෙ....අපි එයාට සුදු අයියව සැට් කොරමු.
ReplyDeleteමිශ්‍ර පාසල් වල ගෑණු දැරිවියො කොල්ලන්ට මේ වගේ කොළ වල ලියලා ආදරය ප්‍රකාශ කරපු අවස්ථා තිබුනද ?
Deleteඑමටයි..............පටන් ගැම්ම සමහර විට තුනේ හතරේ පංති වලදී....ඔයාට මතකද ඌදි..මම වතාවක් එයා ගැන ලීවේ ..එයා තුනේ පංතියේදී එයාගේ හොඳම යාලුවා ලියපු ලියුම දීලා තිබුණේ ඌදි.ඒ කියන්නෙ එයා බ්‍රෝකර්. :D දෙමපියන් ගෙන්නුව නිසා අපි විස්තරේ දැනගත්තා.ඒකේ ලියලා තිබුණේ "නොදැක ඉන්න බෑ' සිංදුවලු. :D ලොකු පංතිවල නම් මේ වගේ කතා සුලභයි.
නැත්තං මේ වගේ කෙල්ලො දෙන්නෙක් එක කොල්ලෙක් බෙදා ගන්න මරා ගත්ත අවස්ථාත් ඇත්තටම තිබුනද....
මේ තරම් දරුණුවට නැතත් කේලාම් කීම තිබුණා.
සුදු අයියා පව් නේද...ඒ නපුරි එයාට මැච් වෙන්නෙ නෑ
මම හිතුවෙ කතාවෙ දුශ්ටයා සුදු අයියා කියල..බලනකොට වෙන කෙනෙක්නෙ. :O
ReplyDeleteහි හී
Deleteබෝම සන්තෝසයි මොකද මේ වගේ කතාවක ගලපාගැනීම අසීරු දෙයක්..
ReplyDeleteස්තුතියි දේශකයෝ
Deleteදුෂ්ටයන් වැඩි කතාවකි @හිටගෙන
ReplyDeleteහෙක් හෙක්....... @ ඉඳගෙන
Deleteඔන්න දුෂ්ඨියෙකුත් ඇවිත්.. රෙහානිට පොඩි යෝජනාවක් කරන්න හිතුවා. වෙන මොකුත් යෝජනාවක් එහෙම නොවෙයි දුෂ්ඨයගේ පැත්තෙනුත් බලලා කතාව ටිකක් ලියන්න එතකොට තව ලස්සන වේවි
ReplyDeleteමාත් කැමති ඕං ඒ වැඩේට නම්.... ;)
Deleteදුෂ්ඨයෙක් නැතිනම් වැඩක් නැහැ.
ReplyDeleteවිශ්මි සුදු අයියට ආදරේ නැත්තම් ඇයි සුදු අයියා කථා කෙරුවද අහන්නේ? හ්ම්... :O කෙල්ලගේ හිතේ මොකක් නමුත් තියෙනවා වගේ.
ReplyDeleteවෙනුරි ද ඒ කියන්නේ දුෂ්ටයා? හැබැයි ආදරේ කරන කොල්ලව කොහොම හරි ලබා ගන්න කරපු එකක් නිසා, බනින්න හිතකුත් නැහැ. කව්ද දන්නේ... මං වෙනුරි උනා නම්... මං එහෙම එකක් නොකරාවි කියල. ;)
හැබැයි වෙනුරිගේ වැඩේන් විශ්මි, විරංගටම සෙට් වෙයිද දන්නේ නැහැ. :D
හි හී
Deleteහම්බෝ.......උයත් නපුරු වෙනවද එහෙම උනොත්?
බලමු මුකෝ වෙන්නෙ කීලා
මග ඇරුන කොටසත් බලාගෙනම ආවා ඕං...... දුෂ්ඨයෙකුත් දැම්මා එහෙනම් බලමු ඊලග කොටසත්.....ඉක්මනින් ලියහන් රෙහානියෝ
ReplyDeleteස්තුතියි ශානු
Deleteකොයි අතුරුදහන් වෙලා උන්නේ?
ලියන්නම් ඉක්මනට ශානුවෝ
ගොඩාක් ස්තුතියි ඔයාගේ ප්‍රාර්ථනාවට..
ReplyDeleteඔයාටත් එසේම වේවා කියලා පතනවා
සුභ නව වසරක් වේවා !!!
ReplyDeleteහප්පේ...මෙහෙමත් දුෂ්ටියක්...
ඊලග කොටසත් දානකම් මග බලන් ඉන්නවෝ....