ලා දම් අහසට පායන උදවිය ..

2014년 1월 18일 토요일

කොණ්ඩලීසා රයිස්



රයින් , බ්‍රයන් , සහ මයික් රජ තුන් කට්ටුව දවසක් නිවසින් පිටතට ගියා වෙනසකටත් එක්ක.තැන් තැන්වල ඇවිදලා විනෝද උන තුන් දෙනා අවසානයේ අවන්හලකට ගොඩ උනේ කෑම සප්පායම් වෙන්ට.

වේටර්වරයා පැමිණ අවශ්‍ය මොනවාදැයි විමසුවා,

රයින් - මොනවද අපි කන්නේ...

බ්‍රයන් - මට නම් මික්ස් රයිස් එකක් හොඳයි.

මයික් - මට කොණ්ඩලීසා රයිස් එකකුයි , චිකන් පොක්ස් එකකුයි හොඳයි..








ප.ලි. - හිනා ගියාද මංදා

2014년 1월 12일 일요일

නිසල සිත් මල - 6

1  2  3  4  5 



විශ්මිත් විරංගත් කාර්යාල මේසය ඉදිරිපිට නිහඬව බලා උන්නෝය.

වාඩිවෙන්න...' ගුරුවරයා ඉදිරි අසුන් පෙන්වා කීවේය.


ඉස්සෙල්ලාම මේක බලන්න..'  ගුරුවරයා තුනට හතරට නැවූ කොලයක් විරංගට දුන්නේය.විරංග කොලය දිග හැර බැලුවේය.විශ්මිද උන්නේ ඒ දෙස දෙනෙත් යොමු කරවාගෙනය.විරංග  දුටුවහා එය හඳුනා ගත්තේය.තම නිවසට ආ ලියුමත් මෙයත් දෙකම එක සමානය.එය දුටු දෙදෙනාගේ සිත් නැවත කම්පා විය.


'මට දැන් විනය පිළිබඳ තීරණයක් ගන්න වෙනවා.ඔය ළමයින්ගේ දෙමව්පියන්ට හෙට ඉස්කෝලෙට  එන්න කියන්න..දැන් යන්න,එක අතකට මේවා ඔය ළමයි එක්ක කතා කරලා තේරුමක් නෑ...' විදුහල්පතිවරයා ලිපිගොනුවක් අතට ගනිමින්  කීවේය.ඒ වන විටත් විශ්මිගේ දෙනෙත් කඳුලින් තෙත් වී තිබුණාය.

සර්.................පොඩ්ඩක් මේකත් බලන්න...' විරංග නිවසට ආ ලිපිය විදුහල්පතිවරයා අත තැබීය.විශ්මිට තදින් හැඬුම් එන්නට ආවත් ඈ අමාරුවෙන් එය නවතාගත්තාය.ලිපිය කියවා කවරය දෙස නෙත් යොමු කළ විදුහල්පතිවරයා විරංග දෙස එක එල්ලේ බැලීය.

'විරංගගේ තාත්තා මේක දන්නවා එහෙනම්..?' විදුහල්පතිවරයා ඇසුවේය.

'නෑ සර්.....අම්මා දන්නවා....' විරංග කණගාටුවෙන් පැවසීය.

එතකොට විශ්මිලගෙ ගෙදරටත් මෙහෙම ලියුමක් ආවද?' 

'නැහැ සර්.....' විශ්මි කඳුලු පිසදමමින් කීවාය.

'දැන් ඔය ළමයින්ගෙ ගෙවල් දෙකේම  අය මේක දන්නවද?' 


ඔවු සර්.....' විරංග පිළිතුරු දුන්නේය.

කවුද මේ ඔය ළමයින්ට කරදර කරන්නේ...? මේක මහා විකාරයක් උනානේ..මේක මම පොලිසියට බාර දෙනවා...' ගුරුවරයා ලියුම් දෙක ලාච්චුවට දමා ගනිමින් කීවේය.

'අනේ එපා සර්....අපිට ඉස්කෝලේ එන්න තියා පාරේ බැහැලා යන්නත් බැරිවෙයි..' විරංග ආයාචනාත්මකව කීවේය.


'ඊළඟට තව මොනවා වෙයිද කවුද දන්නේ?මමත් කැමති නෑ ඉස්කෝලේ නම කැත කරගන්න.ඒ උනත් මේක සුලුවෙන් තකන්නත් බැහැ...කොහොම උනත් ඔය ළමයින්ගෙ දෙමපියන්ට හෙට ඉස්කෝලෙට එන්න කියන්න.'

'ඔය ළමයි දෙන්නා ඔය තමන්ට ගැලපෙන යාලුවො හොයාගත්ත නම් ඔය ප්‍රශ්න නෑනේ...' ඔහු  අවසානයේ කීවේය.

විරංගත් විශ්මිත් ශාලාවට එන තෙක්ම කතා නොකළෝය.


'මොනාද විරංග අපට මේ වෙන්නෙ...? ' විශ්මි ඇසුවේ ශාලාවේ කොනේ තිබූ පුටුවක් ඇද අසුන් ගමිනි.විරංග කතාවක් නොමැතිවම ඒ ඉදිරියෙන් අසුන් ගෙන මේසය මත හිස තබාගත්තේය.

'විරංග.............' විශ්මි ඔහුට කතා කළේ කතාවක් නොමැතිව හිස ගසාගෙනම ඉන්නා නිසාවෙනි.එකම මේසයේ දෙපැත්තේ දෙදෙනා උන් නිසා විශ්මිගේ කකුලට වැටුණ උණුසුම් කඳුලු බිංදුව විරංගගේ සියලු හැඟීම් කියා පෑවේය..ඇයට එය අදහාගත නොහැකි කරුණක් විය.

ශාලාව කොනේ උන් දෙදෙනා දුටු වෙනුරි අනෙක්පසින් ගොස් කන්දීගෙන සිටියාය.දෙදෙනාම ඉන්නේ සිත් තැවුල්න් බව ඔවුන්ගේ ඉරියව් වලින් ඈ හැඳින්නීය.

විශ්මී............අපි අපිට ගැලපෙන යාලුවො හොයාගමු සර් කිව්වා වගේ...' විරංග හිස ඔසවා කීවේය.විශ්මිට තව තවත් හැඬුණි.

'අද ඔයා එසේ මෙසේ අපහාසයක් නෙවේ ඔය විඳින්නෙ....ඔයා කෙල්ලෙක් විශ්මි.....කෙල්ලෙක් ....මට කොහොමත් එකයි මම කොල්ලෙක්...ඔයාගෙ ජීවිතේට කැලලක් ඇති කරගෙන අපි දෙන්නා මේ අරන් යන යාලුකමේ තේරුම මොකද්ද විශ්මි...අපේ යාලුකම තියෙන්නෙ අපේ හිත්වලනෙ....ඒක කවදාවත් මැරෙන්නෙ නෑ....අපි ගතින් විතරක් ඈත් වෙලා ඉමු...ප්ලීස් විශ්මි...මුකුත් කියන්නෙපා.....අපිට ඈත්වෙන්න කාලෙ හරි.... අඩුම තරමේ මේක කරපු එකා  හොයාගන්නකං  හරි..'

'ඔවු විරංග...........අපහාස විඳින්නෙ මම විතරක් නෙවෙයිනේ ..ඒ නිසා අපි ඈත්වෙලා ඉමු..මෙන්න මේ වගේ අපි ළඟින් ඉදීවි හිතින්..' විශ්මි කීවේ අතේ ගැටගැසූ ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එක පෙන්වමිනි.

සියල්ල අසා සිටි වෙනුරිට තමා පිහිටා උන් වැරදි මතය පැහැදිලි විය.ගැහැණු ළමයෙක් හැටියට තමා අතින් ගැහැණු ළමයෙකුටම උන වරද සුලු පටු නොවේ යැයි ඇයට හැඟිණි.වෙනුරි දෙදෙනා අතරට ආවාය.

ඔයාලා දෙන්නගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉස්සරහට කවදාවත් නැතිවෙන්නෙ නෑ...' වෙනුරි කීවේ දෙදෙනාම දෙස බලමිනි.වෙනුරි කතා කරනා අයුරු විශ්මිත් විරංගත් පුදුමයෙන් අසා සිටියෝය.


'මං ආවේ ඔයාලා දෙන්නගෙන් සමාව ගන්න..' වෙනුරි කියනා විට ඇගේ දෑස් කඳුලින් තෙත් වෙනු දෙදෙනාටම පෙනුණි. 'මම........මම සමාව ගන්න තරම් වත් වටින්නෑ....ඒත් ....දැන් මට මේක කියන්න ඕනේ..'ඇය කියවාගෙන ගියාය.දෙදෙනා නිශ්ශබ්දව අසා උන්නෝය.

මම තමයි ගෙදරටයි ඉස්කෝලෙටයි ලියුම් එව්වේ විරංග...'වාර්තා පොතෙන් ඔයාගේ ගෙදර එඩ්ඩ්‍රස් එක ගත්තා....'වෙනුරි කීවේ බයාදු හඬකිනි.විරංගගේ දෑත් කේන්තියෙන් වෙව්ලන්නට විය.


පට්ට බැල්ලි...' විරංග උන් තැනින් ඉබේම නැගිට්ටුනේය.'වාඩිවෙන්න විරංග' විශ්මි ඔහුව බලෙන්ම වාඩි කරවීය.වෙනුරි සියල්ල පැහැදිළි කළාය.වෙනුරිගේ කතාව විරංග කේන්තියෙන් අසා උන්නත් විශ්මි සාවදානව කන් දීගෙන උන්නාය. අවසානයේ විශ්මිට සිතුණේ ඇය පව් කියාය.

වෙනුරි......මොනවා උනත් ඔයා අන්තිමේ ඇත්ත තේරුම් ගත්තා.., අපෙන් සමාව ගත්තා...මොනවා නැතත් ඇත්ත තේරුම් ගත්ත එක වටිනවා.වැරදි කා අතිනුත් වෙනවනේ...දැන් ඔයා ඒ හැම දෙයක්ම අමතක කරන්න.ඊට පස්සෙ හොඳින් ඉන්න...ඔයා මේ ගැන කාටවත් කියන්න ඕන්නෑ...අපි කියන්නෙත් නෑ..අපිත් ඒක අමතක කරලා දාන්නම්...'විශ්මි කියවගෙන ගියාය.විරංග විශ්මි දෙස රවාගෙනම සිටියේය.වෙනුරි හනිකට ඉවත්ව ගියේ හඬමිනි.

'මොනවද ඒ කියෙව්වේ.....ආ.........සමාව දෙන්න ඕකිට......, මම හොඳ ගේමක් සෙට් කරලා තමයි පස්ස බලන්නේ...' විරංග කේන්තියෙන් කීවේය.

'මට පේන්නෙ ඒකි ඔයාට සීරියස් ලව්....ඒකනෙ හලෝ ඔයාව ලබාගන්න එයා එච්චර ටිකක් කලේ...' විශ්මි සියල්ල අමතක කර මනමාල සිනහවක් පා කීවාය.

'බම්බුව.........' විරංග තව තවත් කෝපයෙන් පිපිරුවේය.

'අපි එයාට සමාව දෙමු......කෙල්ල ඇත්ත කීවනේ අපිට.....' විශ්මි කීවාය.


'ඔයා ඉතිං අර පැනගෙන දුන්නේ.....තව දෙන්න දෙයක් නෑනේ.....' විරංග අසුනින් නැගිට පංති කාමරය දෙසට යමින් කීවේය.

විශ්මි පංති කාමරයට ආ වහා සෙව්වේ චමිලාවය.ඈ පෙනෙන්නට නැත.චමිලා විශ්මි නැති විට එකට සිටිනා යෙහෙළිය මිලානි පංතියේ වාඩිවී මොනවාදෝ ලියමින් උන්නාය.

කෝ මිලානි චමිලා?' විශ්මි ඇගෙන් විමසුවාය.

ඇයි ඔයා දන්නෙ නැද්ද.....? මිලානි කී ආකාරයෙන් විශ්මිගේ හදගැස්ම වේගවත් වූවාය.

මොකද්ද...? විශ්මි ඇසුවේ කලබලයෙනි.


එයාව හදිසියේම අසනීප උනානේ.....හිටිගමන් නහයෙනුයි කටිනුයි ලේ ආවා....ලොකු කැස්සකුත් එක්ක...' මිලානි කීවාය.

බලන්න විරංග......අපි නැති තප්පරේටමනෙ ඒකත් වෙලා තියෙන්නේ...' මිලානිගේ කතාව ඇසී එතැනට ආ විරංග දෙස බලා විශ්මි කීවේ හැඬුම් ස්වරයෙනි.

'අපි හවස හොස්පිටල් යමු විරංග.....' විශ්මි කීවේ චමිලාගේ හිතවත්කම් සියල්ල එක පෙළට සිතට නැගුණු නිසාවෙනි.

විරංගත් විශ්මිත් කතා කරගත් ලෙසින්ම සවස් කාලයේ රෝහල වෙත ගොස් චමිලාගේ තොරතුරු විමසා බැලුවෝය.වෛද්‍යවරු ද නිශ්චිත වචනයක් ඈ ගැන කියා තිබුණේ නැත.චමිලාගේ මව සහ අයියලා දෙදෙනා රෝහලේ සිටිනු දෙදෙනා දුටුවෝය. ඔවුන් කියනා ආකාරයට චමිලා හදිසි උවටැන් ඒකකය වෙත යොමු කර තිබුණි.විශ්මිටත් විරංගටත් චමිලාව බලන්නට හැකි වුනේ නැති නිසා ඔවුහු කනගාටුවෙන් නැවත නිවෙස් කරා පැමිණුනහ.

විශ්මි ඇඟ සෝදාගෙන රාත්‍රී ඇඳුමට මාරු වී තේ එකක් හදාගෙන බීවේ කෑම කන්නට පිරියක් නැති නිසාය.ඇය රූපවාහිනිය ඉදිරියේ වාඩි උනේ දුරස්ථපාලකය අතට ගනිමිනි..

අර ළමයා හිටපු ගමන් අයි සී යූ දාන්න තරම් ඒ ළමයාට මොකද උනේ සුදු දූ....' සුභද්‍රා යාබද අසුනකින් අසුන්ගන්නා ගමන් ඇසුවාය.


'මම දන්නෑ අම්මෙ....කාටවත් කරදරයක් නැති අහිංසක   කෙල්ල......ඒකයි මට දුක....' විශ්මි කීවේ අරමුණක් නැතිව දුරස්ථ පාලකය ඔබන ගමන්ය.එක වර ඈ දුටුවේ හමුදා පිරිසකගේ කලබලයකි.ඇය කලබලයෙන් නැවත එම චැනලය හමුවනතුරු දුරස්ථපාලකය එබුවාය.

ඇයට අවශ්‍ය චැනලයට මරු වුන පසු ඈ මුව අයාගෙන පුවත නැරඹීය.නිහඬ රූපරාමු වලින් පසු එම ප්‍රවෘතිය නැවත විකාශය විය.ප්‍රහාරවලට ලක් වී තිබුණේ පුඩුකුඩි ඉරිප්පු ප්‍රදේශයයි.විශ්මිගේ හද ගැහෙන්නට වූයෙන් ඉබේම ඇගේ අත පපුව මත රැඳුණි.'අනේ අම්මෙ සුදු අයියා....' විශ්මිට ඉබේටම කියවිණි.

'සුදු අයියා එහේ හිටියට කෑම්ප් වෙනස් ඇතිනේ ළමයෝ.....අපි කෝල් කරලා බලමු..,බය නැතිව ඉන්න..' සුභද්‍රා දුරකතනය වෙත ළං විණි.

'වැඩක් නෑ අම්මා.....කොහොමත් සුදු අයියගේ ෆෝන් එකට සිග්නල් නෑ......' එයා පුලුවන් වෙලාවට  තමයි මට ගන්නෙ...' විශ්මි කීවාය.


අපි නැන්දලා අරගෙන බලමු...එතකොට තොරතුරක් දැනගත්තැහැකිනෙ....' සුභද්‍රා ඇමතුමක් ගත්තාය.

ඇයි...?' විශ්මි ඇසුවේ රිසිවරය කනේ තබාගෙන මව පමණට වඩා වෙලා ගත් හෙයිනි.


'රින් වෙනවා....ආන්ස්වර් කරන්නෑනෙ.....' සුභද්‍රා කීවේ නැවත ඇමතුම සම්බන්ධ කරගැනීමට උත්සහා ගනිමින්ය.එම උත්සාහයද පෙර පරිදි විය.සුභද්‍රා නැවත අසුන්ගත්තාය.එවිටම නිවසේ දුරකථනය නාද විණි.

'අරං බලන්න....' සුභද්‍රා කීවේ විශ්මිටය.

'මට බෑ....අම්මා ගන්න..' විශ්මි එය කීවේ බිය මුසු ස්වරයකිනි..

'විකාර........' එසේ කී සුභද්‍රා ඇමතුමට පිළිතුරු දුන්නාය.

''ආ පුතා....
ඔව් ඔව්
හා ඒකට නම් කමක් නෑ,
හැබැයි රෑ වෙන්නෙ නැතුව ගෙදර එන්න..
සුදු පුතාලගෙ කෑම්ප් එක පැත්තෙ කලබලයක්ලු..
පුලුවන්නම් තොරතුරක් දැනගන්න බලන්න..''

අම්මා මේ කතා කරන්නේ තමන්ගේ අයියා සමග බව විශ්මිට පැහැදිලි විය.සුසුමක් හෙලූ ඈ කාමරයට ගොස් ඇඳට වැටුණි.

බොහෝ වේලාවක් නිදිවර්ජිතව උන් විශ්මිගේ දෙනෙත් පියවී ආවා පමණි.නිවසේ දුරකථනය බොහෝ වේලාවක් නාද වෙනු ඇයට ඇසිණි.ඇය කාමරයෙන් පිට වන විට මවද සාලයට විත් තිබුණි.විශ්මි වහා ඇමතුමට පිළිතුරු දුන්නාය.

හෙලෝ...............සුදු දූ...........' කතා කළ විලාශයෙන්ම ඒ ලොකු නැන්දා බව විශ්මි හැඳින්නීය.

ඇ.....ඇයි ලොකු නැන්දේ මේ පාන්දර....' ඇය ඇසුවේ බියපත්වය.ඒ සුදු අයියා ගැන තොරතුරක් විශ්මිගේ හිත බලාපොරොත්තුවෙන් උන් නිසාය.

පුතේ............සුදු අයියා....' ඇයට කතා කරගැනීමට අපහසු බව විශ්මිට තේරුම් ගියාය.විශ්මි තව තවත් බියපත් වීය.ඇගේ හිත අස්සෙන් ආ සියුම් වේදනාවක් ඉක්මනින් හිත පුරා පැතිර ගියාය.

'ලොකු නැන්දේ අයියට මොකද....' විශ්මිගේ දෑත් වෙව්ලුවාය.මේ පාන්දරත් ඇගේ නළලතෙහි සිහින් ඩහදිය බිඳු මතු විය.


'කියන්නකො ලොකු නැන්දේ.....' ඇය නැවත ඇසුවේ ලොකු නැන්දා ගේ සිහින් ඉකිබිඳුම ඈව තවත් කලබල කළ නිසාවෙනි.

මගෙ කොල්ලට වෙඩි වැදිලා පුතේ.........' ලොකු නැන්දාගේ වචන කන් පසාරු කරගෙන යනවා දෝයි ඇයට හැඟිණි..ඒ වචන කන වැටුණේ මහත් වේදනාවක්ද සමගිනි.විශ්මි ඒ ළඟම අසුනින් අසුන්ගත්තේ රිසිවරය අතහැර දමමිනි.






2014년 1월 4일 토요일

වටු නන්දෙ




"වටු නන්දෙ" කීවම කස්ටිය බලනවා ඇති ඒ මොකාද කියලා.හික්ස්..........වටු නන්දෙ කියලා කියන්නෙ අපේ ගමේ ඉන්න එක්තරා මානසික රෝගියෙක්..එයාගේ පොඩි පොඩි වැඩ ටිකක් තමයි අද කියන්න යන්නේ.මෙයාට "වටු " කෑල්ල එකතුවෙලා තියෙන්නේ ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙක් හන්දා.උස අඩි 4ක් වගේ තමයි.මම සමහර පෝස්ට් වල කොමෙන්ටු වලට මේ වටු නන්දෙ ගැන දාලා ඇති.අද නම් පඳුර වටේට තලලා නවතින්ට තමයි අදහස.

(හැලපස්ටයිල්) මේ වටු නන්දෙගෙ දෛනික චරියාවේ කොටසක් තමයි කාන්තාවන් නාන තොටුපලක ලැගුම් ගන්න එක.කොහේ හරි පඳුරක් ඇතුළේ ඉඳන් ගෑණු උදවිය නාන දිහාව බලාගෙන ඉන්න උන්නැහේ හරි කැමතියි.උන්නැහේ ඔහොම බලාන ඉන්න ගිහින් අහුවෙලා ගුටි කාලා ඇති අනන්තවත්..නන්දෙ ගං ඉවුර ලඟින් යන්නෙ ගං ඉවුරෙ නාන ගැටිස්සියො දිහා බලලා ඒ අය එක්කලා කතා කරගෙන එහෙම තමයි.ඔය යන්නෙ පඳුරු අස්සෙ ඉඳන් බලා ඉන්න කියලා ගැණු නන්දෙ යනකොටම දන්න..සමහර ගෑණුන්ගෙ කටවල් හරියට වක්කඩ කැඩුවා වාගෙ තමයි.."නන්දෙ මාමෙ ඔය පැත්තට ගියාට කමක් නෑ පඳුරු අස්සෙ ඉඳන් බලා ඉන්නවා එහෙම නෙවෙයි කියලා මූණටම කියනව..නන්දෙටත් එව්වයෙ ගානක් නෑ....ඕනතරං ඔය කතාවම ගෑණුන්ගෙන් අහලා තියන හන්දා.

(දේශකස්ටයිල්) දවසක් නන්දේ දොළපාරක ගෑණු නාන දිහාව බලං ඉන්න ගිහිං.ඒකා ගල් දෙබොක්කාවක් අස්සෙ ඉඳන් එබෙනකොට නාන ගෑණියෙකුට මීටර් වෙලා වැඩේ.ගෑණිට දැන් හොඳ එකෙන්ම මල.වටේ උන්නු ගෑණු ටිකට හිමීට සීන් එක කියලා කට්ටිය එක්ක හොඳ ගල් පාරවල් ටිකක් දීලා.'පොන්න &%$#@#" කියලා හොඳවයින් කතා කරලත් තිබුණා.මිනිහට නෙවෙයි ගානක්වත් වෙන්නෙ ඔව්වා..පණ කඩාගෙන දුවලා තිබුණා එවෙලේ නම් ඔලුව බේරාගෙන.....හැක්

(සිංදුවාස්ටයිල්) නන්දෙ තවත් ප්‍රිය කරන පොට් එකක් තමයි ගෑලු ලමයි නාන ගෙවල්.ඔය බාතෲම්  එහෙම නැති (ගමේ කොහොමත් එලිමහනේනෙ ටැංකි හදලා තියෙන්නෙ නාන්න.)තැන්වල.ඔහොම නානකොට බලං ඉද්දි ඉතිං ගෑලු ළමයිට අතේ මාට්ටු වෙලා  සුට්ටක් බය උනාට මොකද  සින්දු කෑලිත් හදලා තියනවා "නන්දේ .....ලන්දේ.....මොකද කරන්නේ" කියලා..මිනිහා අතුරුදහන් වෙනවා ඒ වෙලාවට. 

(ඉවාන්ස්ටයිල්) මේ සීන් එක ගමේ "බ්‍රැන්ඩික්ස්" එකේ වෙච්චි වැඩක්..මේ ආයතනයේ ලන්ච් එක අරන් ගැණු ළමයි හැමදාම කොන්ක්‍රීට් බැම්මක් උඩ වාඩිවෙලා ඉන්න පුරුදුවෙලා තිබුණා...බ්‍රැන්ඩික්ස් එක පිහිටලා තිබුණේ කන්දක් උඩ.මෙහෙම චෑන්ස් එකක් එන්නේ කල්පෙකට එකයි කියලා නන්දේ කන්දෙන් පල්ලෙහා තියන පොල් ගස් උඩ නැගගෙන උඩ බැම්ම දිගේ වාඩිවෙලා ඉන්න ගෑණු ළමයි දිහා බලන් හිටියා...දවසක් කෙල්ලෙක් ඒක දැකලා තිබුණා..කෙල්ලො කොල්ලන්ට කියලා කොල්ලො ඇවිත් බලනකොට මූ ගහෙන් සුරුස් ගාලා ලිස්සලා.

පස්සෙ ලන්ච් ටයිම් එකේදි කොල්ලෝ කෙල්ලන්ට අනතුරු ඇඟවීමක් කරනවලු "මේ රුක් දෙයියෝ වඩින වෙලාව...උඹලා බැම්ම පැත්තෙ යනවා නෙවෙයි" කියලා.. 

(සිරාස්ටයිල්) නන්දෙගෙ පව්ලේ බිරිඳ,දූලා දෙන්නා සහ පුතා තමයි හිටියේ.ගමේ මිනිස්සු නොයෙක්වර දැක තිබෙනවා තමන්ගේම ලෙයින් ජාතක වෙච්ච දූලා නාන දිහාත් නන්දෙ බලන් ඉන්න හැටි.ඒ විතරක් නෙවෙයි තමන්ගේම බිරිඳ නාන දිහාත්.එය නම් ඉතාම ශෝචනීයයි.නන්දෙගෙ පුතායි මායි ඉගෙනගත්තේ එක කැලෑසියේ.පුතාට නම් එවැනි ගති පිහිටලා තිබුණේ නෑ වාසනාවකට.බොලාට කියන්න ඒ ගෑණු දැරිවියො දෙන්නගෙන් එක්කෙනෙක් පව්ලත් කඩා ඉහිරවගෙන කොහේදෝ රටකට ගියා දරුවෙකුත් දාලා.අනිත් දැරිවිට ඇගේ සැමියා අලුත් අවුරුද්දට බුලත් දෙන්න වත් ගෙදරට එන්න තහංචි පනවලයි තියෙන්නේ..බිරිඳත් කොහේදෝ රටක ගියා ගියාමයි.දෙමව්පියෝ කොරන වැරදි බලපාන්නෙ දරුවන්ට කියලා කියන්නෙ ඔන්න ඕකයි.

(රයිටර්ස්ටයිල්) කොරන්ඩ පුලුවන් කුප්පකම් ටික ඔක්කොට කොරාට මොකද නන්දෙ පාරෙ යන්නේ හරියට 365 දවසෙම උතුරු සලුව කරේ ඔතාගෙන හකු පයිනකං බුදුහාමුදුරුවෝ ඉස්සරහ ගාථා කියන ගානට.ඊට වඩා කුප්ප කට කැඩිච්චි එකා වෙච්චි හන්දද මන්දා රෙහානියා දවසක් දා ගිනි මද්දහනේ මහ සෙනගක් මැද්දේ ගිරිය පුප්පලා "ඈ නන්දෙ මාමේ දොළ පැත්තෙ ගියෙ නැතෙයි " කියලා නන්දෙ ගෙන් අහන්ඩ උනහම උණ්ඩුක පුච්චෙ ඇඹරිලා ,කට අක්කරේට ඇදකොරගෙන යන උන්දැ දිහාව දකිනකොට රෙහානියට අනුවේදනීය හැඟිමක්ද මොකද්ද එක දැණුනේ නැතුවමත් නෙවේ.ඕකාට කොරන්ඩ ඕන ඔය වගේ ඒවා මයි කියලා හිත යටින් හැපි හැපි අමුතු සුවයකුත් වින්ඳා.

(රජාස්ටයිල්) නන්දේගේ මානසික රෝගයේ තරම විදහා පාන ඉටිකිරිස් සිදුවීමක් උනේය.එනම් දවසක් මේ ඩයල් එක දුරු කතර ගෙවාගෙන වෙනත් ගමකට සේන්දු වී තිබුණේය.ඒ තම එකම අභිප්‍රාය ඉටු කර ගැනීමටය.ඩයල් එක එන්ටර් වී තිබුණේ නාන තොටුපලකටය.එතරම් කැලෑබද නොවූ නිසා අවාසනාවට ඇත්ත කතාවක් සිදු වුනේය.ගැණුන්ට නන්දෙව මීටර් වෙලාය.ගෑණු හුනුහබ්බෙන් දෙසන ගමන් නන්දෙව අල්ලාගෙන තඩිබාලාය.ඒ මදිවට ගහකත් ගැට ගහලාය.ගෑනුන්ගෙන් මදිවට පිරිමින්ගෙන්ද ගුටි මාලාවක් ලැබිලාය.අනේ සාදුය.එහෙම හිතුවාට වැඩක් නැත.ආයෙත් පොර පෙර සේම වැඩට බැස ඇත.

(හිරූස්ටයිල්) වටු නන්දෙගෙ බිරිඳට කියමු කමලා කියලා...  කමලා ලංකාවේ ඉන්නවට වඩා හිටියේ සෞදි අරාබියේ..  ළමයි බලාගත්තේ කමලාගෙ අම්ම...  නන්දෙ පතල්වල වැඩ කරනව...  කමලා එක පාරක් ඔහොම ඉඳලා ලංකාවට ආවා...අම්මපා මේ ගෑණි ලංකාවෙ ඉන්න ටිකට (මාසයක් වගේ හිටියේ) වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා...  හී හී ..........ඒ ගියාට පස්සෙ ආපහු ආවෙ නෑ...  ආයෙත් රට ගියා කියලා තමයි ආරංචිය... කමලාගෙ ලොකු දූ කසාදෙ අතෑරලා ළමයෙකුත් දාලා ජෝර්දාන් ගියා... එයත් ආපහු ආවෙ නෑ... මට හිතෙන්නෙ එහෙම පව්ල් පසුබිමක් හැදුනෙ එකට ප්‍රධානම හේතුව තාත්තගෙ ක්‍රියා කලාපය කියල...කොහොම උනත් ඒ පවුලෙන් ගන්න දෙයක් නෑ දැන්...

(බස්සිස්ටයිල්)මේ නන්දේ හුරතලේට ගෙදර ඇති කරා මයිනෙක්.උදේ හවස ශුද්ධ සිංහලෙන් කතා කොරන ඒවා මයිනට ඉතිං කටපාඩම් නෙව.ඔය වටු නන්දෙට වට්ටා කියලා කියන තරම් කේන්තියක් යන්නෑ වෙන මොහොකටවත්.ගෙදර මිනිස්සු එක්ක ජල්ලි අල්ලලා අන්තිමේ නන්දෙ මයිනාටත් සත්තම දාන්ට තමයි ට්‍රයි එක.සූටි මයිනා වේලිලා ගිය කෝටුවක් උඩ සැපට දොයියගෙන ඉන්නකොට නන්දේ මයිනාට බැනගෙන බැනගෙන යන්ට පටන්ගන්නවා.මාරාවේෂ මයිනා අතාරින්ට සූදානමකුත් නෑ...වට්ටගෙම මයිනා නෙව.


නන්දේ  :  තෝ දැනගං මට තෝ ලොකුත් නෑ..
මයිනා  :  තෝ දෑගං මට තෝකුත් නෑ

නන්දේ :  ඈ........කාටද යකෝ උඹ තෝ කිව්වෙ?
මයිනා   : ඈ කාටකෝ ඹ ඕකිව්වෙ

නන්දේ :තෝ එකට එක කියන්ඩ මට...! ගහනව අල්ලල පොළවේ දැනගං..
මයිනා :තෝ කට කීන්ඩ මට..ගානාල්ලාපොලේ දැන්ගං

නන්දේ : වර &^%$#$ එළියට....
මයිනා : ගෙරි වට්ටෝ.....ගෙරි වට්ටෝ......


ප.ලි. ::: ඔන්න වටු නන්දෙගෙ කතාව දැනට අහවරයි...අලුත් දෑ ආරංචි උනහම කියන්නම්කො.කාටවත් කාගෙවත් ආරකින් ලියන්න කොච්චර අමාරුද කියලා තේරුණේ මේ පෝස්ටුව ලියන්ට ගිහිං.අවන්කවම කියන්න ඕනේ මට මේ කාගේත් ආරකින් හරියට ලියාගන්න බැරිඋනා.ඒ කීන්නේ මගේ උත්සාහය අසාර්ථකයි.බොලල්ලා ඇවිදින් මට බනින්ට එහෙම එපා ඕං.යන්තං වචනයක් දෙකක් අල්ලගෙන තමයි ලීවේ.වැඩියෙන්ම කට්ට කෑවේ පැතුම්ගෙ ස්ටයිල් එක ලියන්ට ගිහින් ...අපෙ අප්පේ........ඔන්න අලුත් අවුරුද්දෙ අලුත් වෙනසක් කොරන්ටයි උත්සහා කොළේ හොඳේ...එකිනෙකට වෙනස් ආරවල් ටිකක් තමයි තෝරගත්තේ...තව ආරවල් ලියන්ට ගියානම් මඥ්ඥං වෙන හන්දා නිකන් හිටියා...හික්ස්..

පින්තූරය ගූගල් වෙතිනි