'දෝණි.........., අපේ පංතියේ එකට හිටපු බෝයි කෙනෙක් එනවා මේ පැත්තට............මාව දකීද.............? 'කියලා කියනකොටම එයා මාව දැක්කා..
පස්සෙ එයා අපි ඉන්න තැනටම ආවා...
'කොහොමද ඉතිං........' එයා කතා කරන්නත් කලින් ඇහුවේ මම.
'හොඳයි...බස් එකක් එනකන්ද ඉන්නේ?' එයා ඇහුවා.
'ඔවු.........දැං කැම්පස් එකෙන් නම් අවුට් ඇතිනේ?'
'ඔවු........දැන් ජොබක් කරගෙන ඉන්නවා..'
'එහෙමද?'
ඔහොම කතා කර කර ඉඳලා අපේ පරණ යාලුවො ගැන මම අහන්න ගත්තම හැමෝගෙම වගේ විස්තර කියාගෙන ගියා.
'අසිතයි ,ලසන්තයයි , නාලකයයි පොලිසියේ..තිළිණ කොතලාවල එකේ, දතා ඩිග්රියක් ගැහුවා...අනිත් සමහර උන් බැඳලා, ඊයේ පෙරේදා එකෙක් මැරිලා ගියා විහින්...........'
'මැරුණා? ඒ කවුද...?'
'දන්නවද දන්නෙ නෑ...අපේ බැජ්වල නෙවෙයි හිටියේ ..සහනා...'
'හෑ.......සහන්? ඇලෝසියස් ගිය සහන්?'
'ඔවු.......මතකද ඌව?'
'මට මතකයි...'
ඉන් පස්සට කතාව බොහෝ දුර ඇදුනා..කතාව අහපු මට මහා කළකිරීමක් ඇති වුණා.
සහන් අපේ ඉස්කෝලෙන් ඉවත් වෙලා ඇලෝසියස් එකට මාරු වෙලා තිබුණේ 9 පංතියේදී.ඒ නිසා මට සහන්ව අඳුරගන්න අවස්ථාවක් හම්බුනේ නෑ..නමුත් හවුස් මීට් දවස්වල එක දවසක් සහන් අපේ ඉස්කෝලෙ ඇතුළට ඇවිත් හිටියා.එදා එයා හිටියේ මගේ යාළුවෙක් (පිරිමි ) එක්ක.එයාල දෙන්නා ළඟින් පංති කමරයට යද්දී මම මගේ යාළුවා එක්ක කතා කරලා තමයි එතනින් ආවේ.එතකොට සහන් මගේ මූණ දිහා බැලුවත් හිනා උනේ නෑ...ආඩම්බරකාරයා!
පස්සේ මගේ යාළුවා පංතියට ආවම මම ඇහුවා ඒ කවුද කියලා.එතකොට මට සහන්ගේ විස්තර ටිකක් එයා කිවුවා.ඊට පස්සේ තමයි මම දැනගත්තේ එයා ආදී ශිෂ්‍යයෙක් කියලා.
පස්සේ බස් ස්ටෑන්ඩ් එකකදී ,ටවුන් එකේදි වගේ දැක්කම මාත් එක්ක හිනා උනා.ඒත් කවදාවත් කතා කරලා නෑ..
ඊටත් අවුරුදු ගානකට පස්සෙ මෙහෙම අහන්න ලැබෙයි කියලා කීයටවත් හිතුවෙ නෑ.අනික බුද්ධිමත් කෙනෙක් වෙලත් සහන් ඒ වගේ තීරණයක් ගහ්තු එක ගැන මට හරිම කනගාටුයි.ඒත් එක්කම මට දැනගන්න ලැබුණා සහන් සියදිවි නසාගන්න තැත් කරපු සිව් වෙනි අවස්ථාව තමයි මේ විදිහට සාර්ථක වෙලා තියෙන්නේ කියලා.
සහන්ට විෂාදය වැනි රෝගී තත්ත්වයක් තිබුණාවත්ද කියලා මට වෙලාවකට හිතෙනවා.මොකද මීට් පෙර තුන් වතාවක් එයා සියදිවි නසාගන්න උත්සාහා කරලා තියනවා.කතාවේ හොඳම හරිය තමයි මැරෙන්න ටික වෙලාවකට කලින් එයා කළු ජැකට් ඇඳලා මූණට කලු මූණු දාගෙන එක එක විදිහට පින්තූර දාල බුකියේ.එයා සියදිවි නසාගන්න බවත් කියලා.බුකියේ ඒ වෙලාවේ හිටපු කෙනෙක් එක්ක චැට් කරලා.එයා ඒ දේ කරන්න එපා කියලා සහන්ට කියලා තියනවා.සහන්ට තිබුණේ බුකියත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්ද කියන්න මම දන්නෙ නෑ.නමුත් එයා කරපු මෝඩ වැඩේ ගැන දුක් වෙනවා ඇරෙන්න දැන් වෙන කරන්න දේකුත් නෑ...කෙසේ නමුත් වටිනා තරුණ ජීවිතයක් නැතිවුණා..
ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක්.ඒ ප්‍රශ්න එකින් එක ලිහාගෙන ඉස්සරහට යන එක තමයි අපි කරන්න ඕනේ.අපිට බුද්ධිය කියල දෙයක් තියෙන්නේ කල්පනා කරලා නිවැරදි තීරණය ගන්න.ජීවිතේට හිතුවක්කාර වෙන්න දෙන්න නරකයි.අපේ ජීවිත අපිට ඕන විදිහට මට්ටු කරලා හදාගන්න ඕනත් අපිමයි.ප්‍රශ්න වලින් පැනලා යන එක ලොකු දෙයක් නෙවේ.ඕනෑම ප්‍රශ්නයකට අභියෝගාත්මකව මුහුණ දෙන එකයි හපන්කම.! මේ ලියන මටත් "අනේ මැරිලවත් යන්නෙ නෑනේ " කියලා හිතුණු වාර අනන්තයි.මම හිතනවා කියවන ඔයාටත් එහෙම ඇති.ඒත් ඒ වෙලාවට තමයි අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ..කවදාවත් අපේ අම්මා දුක් විඳගෙන අපිට අරන් දුන්නු මේ ජීවිතේ හෑල්ලු වෙන විදිහට මරලා දාන්න එපා.ඒ ජීවිතේට පුලුවන් උපරිම වටිනාකම අරගෙන දෙන්න උත්සාහා කරන්න.
කෙනෙක් සිය දිවි නසා ගැනීමට පෙළඹෙන්නට හේතු මොනවද?
ප්‍රධාන වශයෙන්
1. ආර්ථික දුෂ්කරතා
2. අන්තර් පුද්ගල සබඳතා බිඳ වැටීම.
හැඳින්විය හැක.
පුළුල් ලෙස කරුණු රැස් කළ විට..
* හින්නොන්මාදය
* මානසික ආතතිය
* බලාපොරොත්තු නැතිවූ අවස්ථාවල
* අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදී
* ඖෂධ අනිසි ලෙස භාවිතා කරන අවස්ථාවලදී
* අධික මානසික පීඩවක් වූ වෙනත් ඕනෑම අවස්ථාවක
මේ අවුරුද්ද තුළ මගේ ගම් ප්‍රදේශයේ සියදිවි නසා ගැනීම හා සම්බන්ධ මට අසන්නට ලැබුණ තෙවන මරණය තමයි සහන්ගේ මරණය.ඊට කලින් අවු : 27 ක එක් දරු පියෙක් ගෙල වැල ලා ගත්තා.තවත් පාසල් යන සිසුවෙකු ගෙල වැල ලා ගත්තා.මේ මට අහන්න දකින්න් ලැබුණ ඒවා.එහෙම බලද්දී ලංකාව ඇතුළෙම මේ වගේ මරණ කොයි තරම් සිදු වෙනවා ඇත්ද?ලෝකයේ මාරක නොවෙන නමුත් සියදිවි නසාගැනීමේ උත්සාහයන් වාර්ෂිකව මිලියන 10-20 ත් අතර ප්‍රමාණයක් සිදුවන බවට ඇස්තමේන්තු ගතකර තිබෙනවාලු.සියදිවි නසා ගැනීමට හේතු, ඒවා අවම කරගන්නේ කොහොමද?, කියන කරුණු සහ තවත් වැදගත් කරුණු රැසක් සහිත වටිනා ලිපියක් විකිපීඩියා වේ තිබුණා,ඒකත් බලන්න.ජීවිතයට ගොඩක් වැදගත් වේවි.
![]() |
අප අතරින් වියෝ වුන සහන් |
ප.ලි. - සහන් යනු මන: කල්පිත නමකි.සහන් කොහොම ලෝකෙක මොන විදියකට උපදීද කියලා මම දන්නෙ නෑ...නිවන් සුව ලබන්න සහන්ට බෑ කියලා මම දන්නවා.නමුත්...ඉක්මනින් යහපත් අයෙකු ලෙස , යහපත් ආත්මයක උපදීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඔව් ඔය ලෙඩ ටික තමා කරුමේ... මාත් යනවා සියදිවි නසාගන්න.. බේරෙන්න බෑ බං... හොද ලිපියක්..
කාගෙන්ද ඈ.........බේරෙන්න බැරි?
Deleteදේශකයගෙ සෙංකෝප්ප වෙලා කියලනෙ ඔය මැරෙන්න හදන්නෙ :D
Deleteඑහෙමද..........හ්ම්ම්
Deleteසෙනසුරාදා ඉරිදා දානේ වැටෙන්න දින බලලා කොරගන්න දෙයක් ඈ :D
Deleteඋයා නම්................ :D :D :D
Deleteඇති යන්තම් මේ පෝස්ට් එකට කලින් ආව. සමාජයට වැදගත් පනිවිඩයක් දෙන පෝස්ට් එකක්. ඒ උනත් අපිටත් දැඩි කලකිරීමක් ආවම ඔහොම හිතෙනව නේද?
ReplyDeleteඔවු..........කොච්චර කළකිරුණත් මේ තීරණේ නම් කවදාවත් ගන්න එපා..
Deleteෂාහ් හොඳ කොල්ලෙක්නෙ මේ සියදිවි නසාගෙන තියෙන්නෙ අපරාදෙ
ReplyDeleteඒකනේ හැලප තුමා බලන්නකෝ අපරාදේ ජීවිතේ.. මෙයා බුද්ධිමත් නැතිනම් තව කමක් නෑ...ඉගෙනත් ගත්තා...සමාජෙටත් විවෘතව හිටියා..ඒ ඉඳලත් ඉතිං අනේ මංදා...
Deleteඅපරාදයක්. මගේ නෝන ලඟදි කිව්ව එයාගෙ වාට්ටුවෙ ඉන්නවලු දිවිනසාගන්න හිතන හමුදා (හිටපු) සාමාජිකයෙක්. එයාගෙ යාළුවො සියළුදෙනා එයා ඉදිරියෙදිම මියගිහිල්ල. එයාගෙත් කකුලක්ද කොහෙද කපලලු. ඇෙඳේ ශීට් 1ක් ජනේලයෙන් එල්ලල මැරෙනවලු. එයා ගැන බොහොම සෝදිසියෙන් ඉන්නව කියලයි කිව්වෙ.
ReplyDeleteඑතනත් තියෙන්නෙ මානසික බලපෑමක් නේද? එයාගේ ළඟින්ම හිටපු අය එයා ඉදිරියේම මැරුණ එක එයාට දරාගන්න අමාරු කාරණාවක්නේ..ඔය වගේ අය ගැන අනිවාර්යෙන්ම සෝදිසියෙන් ඉන්න ඕනේ..
Deleteදැන් සහනුත් කලින් තුන් පාරක් සිය දිවි හානිකරගන්න හදපු කෙනෙක්නේ..මුල්ම වතාව 9 වසරේ ඉන්නකොටලු..මෙයා බෙල්ලේ වැල ලාගෙන තියෙන්නේ 6.05 ට විතර.මෙයා යාලුවෝ ඔක්කොටම කෝල් කරලා කියලා 7.00 වෙද්දි එයාලගේ ගෙදරට එන්න කියලා.
සහන්ට එහෙනම් පොඩි කාලේ ඉදන් තියන මානසික පසුබෑමක් තමයි තිබිලා තියෙන්නේ.ගෙදර මනුස්සයෝ තමයි මේ වගේ ඒවට ගොඩක්ම වග කියන්න ඕන.පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන ප්‍රශ්න වලින් පැනලා යන දිවිනසාගන්න,විවිධාකාර ඇබ්බැහිවීම් වගේ වැඩ කරලා වැඩක් නෑ කියලා/මගේ නම් අදහස ඒකයි.පත්තරේක මන් දැක්ක සිරි ලංකාව ලෝකයේ දිවිනසාගැනීම්වලින් මුල් 5 අතරෙ තියනවා කියලා
ReplyDeleteඔයාගේ අදහසට මාත් එකඟයි මල්...........අනික එයා කලින් ඒ දේට උත්සාහ කරපු වතාවෙදිම මානසික වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් අරගෙන ඒ ළමයව නැවත ඒ වගේ දේකට පෙළඹෙන එක වලක්වගන්නත් තිබුණා..
Deleteඕවට නම් මට මොනවා කියන්නද මන්ද.
ReplyDeleteඅවුරුදු පතා සිය දිවි නසාගැනීම් ගැන දැනුවත් කිරීමේ වැඩ සටහන් ලෝකේ පුරා තිබෙනවා.
ලංකාවෙනුත් සම හරක් යනවා.
ඇවිල්ල මොනවා කරනවද මන්ද.
යමක් දරාගන්න බැරි කොල්ලෙක්ගේ මුණක්,
හ්ම්ම්..........සහන් ගොඩක් සංවේදී කෙනෙක්...
Deleteඕවා ගැන නම් කතා කරලා පලක් නෑ කෙන්ජි තුමා
සියදිවිනසාගත්තත් එහෙම වෙන්නෙ ගෙනාපු ආයුෂ ඉවර හින්දනෙ..සියදිවිහානිකරගත්තෙ නැතත් ආයුෂ ඉවරනම් ඒ වෙලාවෙ වෙන ක්‍රමයකින් හරි මැරෙන්න පුලුවන්නෙ..මට හිතුනෙ ඕමයි :D
ReplyDeleteඒත් විහින් මැරෙන එක අපරාදයක් නෙව...මැරෙන වෙලාවට මැරෙන එක වෙනම දෙයක්..මෙහෙම උනාම හැමෝටම දුකයිනෙ
Deleteමට හිතා ගන්න බැරි මෙච්චර අමාරැවෙන් ලබා ගන්නා මනුෂ්‍ය ආත්මයක් නැති කරගන්නේ ඇයි කියලා. ඒත් අපිට කියන්න ලේසියි. නමුත් ඒ තත්වයට පත්වුන කෙනා තමයි ඒකේ රඟේ දන්නේ.
ReplyDeleteඒත් මැරෙන්න යන කෙනාට තව අවස්ථාවක් ලැබුනොත් එයා ජීවත් වෙන්න හිතයි.
// ඒත් අපිට කියන්න ලේසියි. නමුත් ඒ තත්වයට පත්වුන කෙනා තමයි ඒකේ රඟේ දන්නේ. //හ්ම්ම්............ඒ උනත් තව එක වතාවක් බුද්ධිමත්ව හිතුවා නම්
Deleteඒත් මැරෙන්න යන කෙනාට තව අවස්ථාවක් ලැබුනොත් එයා ජීවත් වෙන්න හිතයි.//අනිවාර්යෙන්ම
ඔය සහන්ගේ කතාව වෙබ් සයිට් වල එහෙම තිබුනා පින්තූරත් එක්කම , බැට් මෑන් වගේ ඇඳගෙන , කලයුතු දේ නම් නොතේරේ.
ReplyDeleteමටත් දිවිනහගන්න හිතෙනවා අද වහින නිසා බෑ පස්සේ වෙලාවක බලමු
එහෙනම් එයාගේ ඇත්ත නම දකින්න් ඇතිනේ... :) මම නම් එහෙම කොහෙවත් තියනවා දැක්කෙ නෑ හැබැයි...බුකියේ විතරයි දැක්කේ...පිස්සා .........කේන්තිත් යනවා මූ එක්ක අම්මපා..
Deleteහා හා වැස්සේ ඕවා කරන්ට යනවා නෙවෙයි...අන්තිමට හෙණයක් ගැහුවොත් වැඩේ කරගන්ට වෙන්නෙ නෑ නෙව
අත්තෙන්ම පවු. ඉක්මනින්ම හොද තැනක ඉපදීමටත් නැවතත් මෙවන් අකල් මරණ නොවීමටත් පතනවා.
ReplyDeleteඅපිට දැන් කරන්න පුළුවන් එච්චරනේ ප්‍රියා
Deleteමොකෝ රෙහානියෝ අන්වර්ත නමක් දාලා කොලුවාගේ පින්තුරයක් දැම්මේ.
ReplyDeleteකොහොම වුනත් ප්‍රශ්න වලට විසදුම මේක කියලා මමනම් කියකටවත් හිතන්නේ නැහැ.
පින්තූරෙං ඉතිං කවුද කියලා හොයන්ට බෑනේ නම නැතිව...මම කිවුවේ බුකියේ..
Deleteසිය දිවි නසාගන්න අය ගැන මටනම් තියෙන්නේ කේන්තියක්.
ReplyDeleteඅපි දන්න කෙනෙක් එල්ලෙන්න ගිහිල්ලා ලණුව කඩන් වැටිලා බේරුනා.. කාලයක් යනකම් බෙල්ල වටේ ලණුවට කැපුනු පාර තිබුනා මාලයක් වගේ. කරුමේ කියන්නේ උගේ නම මුතුමාල...කොල්ලෝ ඌට ලණුමාල කියලා කියන්න ගත්තා.ඒ සිද්ධියෙන් පස්සේ ඌ මාර ෆිට් එකේ හිටියා. දෛවය කියන්නේ ....මට යාළුවෙක් කිව්වා ඉන් කාලයකට පස්සේ කොහෙද යන එකෙක් කෝච්චියට පනින්න ගිහිල්ලා ලණුමාලයා තමයි අතින් ඇදලා බේරලා තියෙන්නේ.
මටත්,..
Deleteහි හී.........මරු සීන් එක
විවිධ හේතු නිසා මිනිස්සු මෙහෙම තීරණ ගන්න එකට මුකුත් කියන්න බෑ.අපි කරන්න ඕන දේ තමයි මෙහෙම අවස්ථා පුළුවන් තරමින් වළක්වලා මිනිස්සුන්ව ආයෙත් ජීවිතයට ඇදලා ගන්න එක!
ReplyDeleteමිනිස්සු මෙහෙම තත්ත්වෙට වැටෙන්න ඉඩ දෙන්න හොඳ නෑ ...ඒක දෙමාපිය ගුරුවර වැඩිහිටි මේ ඔක්කොම එකතු වෙලා කරන්න ඕන දෙයක්...උනාට පස්සේ කතා කරලා වැඩක් නෑ
Deleteමම ඔය කතාව දැක්ක බුකිය ඇතුලෙ අපේ එකෙක් දාල තියෙනව.රෙහානි කියනව වගේ අපිටත් කොච්චරනම් හිතිලා තියෙනවද මැරෙන්න.ප්‍රශ්න වලින් මිදෙන්න සමහර මිනිස්සු කරන ලේසිම දේ තමයි සියදිවි හානි කරගන්න එක.ඊට පස්සෙ ජීවත් වෙන මිනිස්සුන්ට තව කොච්චරනම් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවද කියන එක ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ.
ReplyDeleteඒ කියන්නේ බුකියේ උණුසුම් පුවතක් වෙන්න ඇති මේක මේ දවස්වල..
Deleteජීවත්වෙන මිනිස්සු දුක් වෙන්න ඕනේ, දොස් අහන්න ඕනේ සමාජයෙන්...කාලයක් යනකං හර්ද සාක්ෂියත් වද දෙනවා...මැරුණා කියලා ප්‍රශ්නේ විසඳෙන්නෙත් නෑ...අන්තිමට මුකුත්ම නෑ ,ඔක්කොම එහෙම්මයි
ලව් කතාවක් වෙන්න ඇති;;;
ReplyDeleteආදරය මිනිසා දුර්වලයෙක් කරයිලුනේ
සමහරවිට...
Deleteනෑ.... සෑමවිටම....
Delete//මේ ලියන මටත් "අනේ මැරිලවත් යන්නෙ නෑනේ " කියලා හිතුණු වාර අනන්තයි.මම හිතනවා කියවන ඔයාටත් එහෙම ඇති.ඒත් ඒ වෙලාවට තමයි අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ..කවදාවත් අපේ අම්මා දුක් විඳගෙන අපිට අරන් දුන්නු මේ ජීවිතේ හෑල්ලු වෙන විදිහට මරලා දාන්න එපා.ඒ ජීවිතේට පුලුවන් උපරිම වටිනාකම අරගෙන දෙන්න උත්සාහා කරන්න.//
ReplyDeleteහැමෝටම වටින උපදෙසක් අක්කෝ. ඇත්තටම මැරිල ගියානම් හොඳයි කියලා හිතෙන වාර අනන්තයි. මම හිතන්නෙ අපි හැමෝටම ජීවිතේ එක පාරක් හරි එහෙම වෙලා ඇති. ඒත් ඒ හැඟීමට ඉඩ දෙන උන් නම් රට හරක් තමයි ඉතින්.
විශාදය නිසා සියදිවි හානි කරගන්න rate එක වැඩිවෙලා කියලත් අහන්න ලැබුනා මෑතකදි. ඒකනම් වෙන්නෙ මේ කාර්යබහුල ජීවනරටාවත් එක්ක වෙන්න ඕනෙ. අපිත් ඇහැ කන ඇරගෙන එහෙම උදවිය ගැනත් අවධානයෙන් ඉඳලා නිසි ප්‍රතිකාර වලට යොමු කලානම් අකාලයේ අහිමි වෙන ජීවිත ගනනාවක් බේර ගන්න පුලුවන් වේවි නේද?
ස්තුතියි බස්සි..........
Deleteනිවසේ, පාසලේ , කාර් යාලයේ ..ඔය සමාජයේ හැම තැනකදීම හැමෝටම වගකීමක් තියනවා ඒ ගැන බස්සි
ප්‍රශ්න වලින් කාටවත් පැනලා යන්න බෑ.. මුහුණ දෙනවා මිසක්..
ReplyDeleteඔවු නාඩියෝ..........ඒත් මෙහෙම තීරණ ගන්නවානේ
Deleteමේ කොල්ලාගේ ගෙදරත් ප්‍රශ්නලු. අම්මා සහ තාත්තා, ඇන්ඩ් කොල්ලා අහන්න හිටපු ගෑලු ළමයෙක් වෙන කෙනෙක් එක්ක යාලු වෙලාලු. කාලයක් රත්නපුර බැංකුවක වැඩ කළා :D ඒ දවස් වල ඒ බැංකුවේ කට්ටිය එක්ක මමත් ට්‍රිප් එකක් ගියා, මේ කොල්ලත් ආවා.
ReplyDeleteආපෝ එල්ලෙන්න කලින් කොච්චර වැඩ තියෙයිද අප්පා කොරන්න...කසාදයක් කොරගන්නද... ගෙයක් දොරක් හදන්නද... හැක්ක හැක හැක... :D
කාගේ ගෙවල්වලද ප්‍රශ්න නැත්තේ සිංදුවෝ.....හැමෝගෙම ජීවිත ඇතුළේ ප්‍රශ්න තියනවා පිටට නොපෙන්නුවට, මේ පිස්සට ඒක තේරුම්ගන්න බැරි උනානේ සිංදුවෝ..එයා ගෑණු ළමයෙක් ගැන ප්‍රශ්නෙක හිටියා කියලා මම දන්නවා,ඒ මොනා උනත් දැන් ජීවිතේ නැති උනා කියලා ඒ එක ප්‍රශ්නයක්වත් විසඳුනේ නෑනේ
Deleteඔවු ඔවු ඒ ටික කරගෙන හිටු හොඳද... :D
සින්දුවෝ ඒක නම් ඇත්ත. තව කොච්චර වැඩ තියනවද මැරෙන්න කලින්. මම මිනිහ ගැන දන්නේ නෑ.එත් කොල්ලගේ තාත්ත අපේ පියාගේ එල ෆිට් එකක්. ඒ හින්ද විස්තරේ දන්නව. ගෙදර අම්ම තාත්ත දෙපැත්තක ජිවත් වීමත් සෑහෙන්න හිතට බරක් වෙන්න ඇති. පලවෙනි පාර ඔහොම කරගන්න හදපු දවසේ ඉඳන් බෙහෙත් කරනවලු. එදා උදේ මේකව බලාගන්න ඉන්න මනුස්සයට සද්දේ දාල ගෙදර එළවලා. ඊට පස්සෙ තමයි ඔහොම කරගෙන තියෙන්නෙ.
Deleteඅන්තිමට ඇඳගෙන ඉන්න ඇඳුම naruto කියන cartoon series ඒකෙ එන ඇඳුමක්.
(අඩේ අප්පා මම කාටුන් බලන හැටියට මටත් මෙහෙමම හිතෙයිද දන්නේ නෑ. :O)
ඇපලුත් ඇවිත් තියෙන්නේ මේ පැත්තේ...
Deleteඅප්පේ ඒක කාටුන් ඇඳුමක්ද...? මට පේන්නේ ඒක හොම්මං ඇඳුමක් වගේ..
(හා හා එව්වා කොරගන්න ඕනි නෑ ඇපල් ගෙඩි )
සහන් ගැන මට දුක යි. මේක කියවනකොට මට මතක් වුණේ කාලෙකට කලින් මනෝ විද්‍යා උපදේශකයෙක් සිය දිවි නසා ගැනීම ගැන කියපු දෙයක්. මානසික පීඩනය උපරිම වුණා ම අපිත් නොදැනුවත් ව ම ඒ තීරණේට යනව ලු. එහෙම අවස්ථාවක සාමාන්‍ය බුද්ධිය පීඩනයට යටත් වෙන නිසා මැරෙන එක හොඳයි කියල ලු මොළේ වටහා ගන්නේ. ඒ නිසා විකල්ප ගැන හිතන්නේ නැතු ව සිය දිවි නසා ගන්න යොමු වෙනව ලු. ඔන්න ඕක යි ඇත්ත කතාව! අපි කොච්චර කිව්වත් විඳනව එක දන්නේ ඒ මනුස්සය ම විතර යි. කවුරු මොනවා කිව්වත් එයාගේ හිතේ වදදෙන දුක අපිට ඒ ආකාරයෙන් ම විඳින්න බැහැ.
ReplyDeleteහැබැයි, මගේ පෞද්ගලික අදහස නං හැම ප්‍රශ්නෙකට විසඳුමක් තියෙනවා කියන එක යි. ඒත් මෙහෙම කියන මමත් කවදා හරි දවසක සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ජීවිතේට මූණ දෙන්න. තනි වුණාමත් පීඩනේ වැඩි යි. මොකද මිනිස්සු හැමෝම ආදරේ කියන දේ උපරිමෙන් බලාපොරොත්තු වෙනවනේ.
ඔයා කියන කතාව ඇත්ත ධාරෝ..එයාගේ හිතේ වද දුන්නු දේවල් එයාට දරාගන්න බැරිවෙන්න ඇති.ඒ උනත් මට නම් සියදිවි නසා ගන්නවා කියන දේ සාධාරණීයකරණය කරන්න බෑ...අපි හැම වෙලාවකම ජීවිතේට තව අවස්ථාවක් දෙන්න පුරුදු වෙන්න ඕනේ..
Deleteඅනේ මංදා කොහොම උනත් අපරාදේ මේ කොල්ලගේ ජීවිතේ..
//මානසික පීඩනය උපරිම වුණා ම අපිත් නොදැනුවත් ව ම ඒ තීරණේට යනව ලු. එහෙම අවස්ථාවක සාමාන්‍ය බුද්ධිය පීඩනයට යටත් වෙන නිසා මැරෙන එක හොඳයි කියල ලු මොළේ වටහා ගන්නේ.// එහෙම වෙන්න ඇති. මොකද මට නම් අනන්ත වත් හිතිල තියනවා මෙහෙම.
Deleteහිතුණා උනත් අපි ඒ දේවල් කරන්න උත්සාහ නොකර ඉන්න ඕනේ නේද
Deleteසමහරවිට එයා කාටවත් කියපු නැති ලොකු ප්‍රශ්ණයක් එයාට තිබුනද කියලකියන්න බෑනෙ. මැරෙණ එක ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි තමයි. ඒත් සමහර වෙලාවට මිනිස්සු එක්තරා මානසිකත්වයකට ආවට පස්සෙ එයාලට මරණය කියන එකෙන් එහාට විකල්පයක් පේන්නෙ නෑ. එයාව ඒ මානසිකත්වයෙන් එළියට ගන්න එක එයා වටේ ඉන්න අයගෙ වගකීමක්.
ReplyDeleteඇත්ත චාම්ස්
Deleteමේ ඔයා කියන කෙනා මම හොදට අදුරනවා. පණගම ගෙවල් තිබුනේ... මෙයාගේ මල්ලි මගේත් එක්ක එක පන්තියේ හිටියේ.
ReplyDeleteඇත්තටම මෙයාගේ කතාව ගොඩක් දුක හිතෙනවා
DeleteDj මුලින්ම ඔයාව සාදරයෙන් පිළිගන්නවා අහස යටට..
Deleteඒ දුක හිතෙන කතාවෙන් බාගයයි මම දන්නේ...අපරාදේ නේද මේ ජීවිතේ
ඔයාත් රත්නපුරේ එහෙනම් ඈ.....සතුටුයි අඳුනගන්න ලැබීම
හරිම අපරාධයක්.. එන ඕනෙම විදිහකට ජීවිතේට මුහුණ දෙන එකයි වටින්නේ...
ReplyDeleteඅනිවාර්යෙන්ම තුශානි
Deleteමිනිස්සුන්ගේ හිත් කියන දේවල් මහා පුදුමාකාර ඉක්මනින් වෙනස් වෙනවා. හැම දේකටම හොදම විසදුම මේකයි කියලා ජිවිතේ නැති කරගන්නවා. එයා ළගින් ඉන්න අයට තමයි එකේ වේදනාව විදින්න වෙන්නේ
ReplyDeleteමුලින්ම ඔයාව ස්දරයෙන් පිළිගන්නවා අහස යටට..!
Deleteඒකනේ යකෝ.......හ්ම්ම් :(
කියන්න තියන හැමදේම කියල තියනව නේ...... :)
ReplyDeleteමැරෙන එකත් පණ යන වැඩක්!
//මැරෙන එකත් පණ යන වැඩක්!//
Deleteඑහෙනම් අලි මැරෙන්නෙ නැට්ට පිටින් කියන්නේ? :D
සියදිවි නසා ගැනීම ප්‍රශ්නවලට විසඳුමක්නම් මාද මරණයට පත්වී අවසන්. නමුත්, සියදිවි නසා ගත් අයට අනුකාපාවක් ඇත. ඒ සැබවින්ම ඔහුට ජීවත්වීමේ ගැටලුවක් ඇතිවූ බැවිනි. තවද සියදිවි නසා ගැනීමට එක් වරකදී හෝ නොසිතුන පුද්ගලයෙකු සොයා ගැනීමට අපහසුය. සමහරවිට එවැන්නෙක් සොයා ගත නොහැක. හදවතට තට්ටු කර බලන්න.
ReplyDeleteඇත්ත නිර්මලා...මටත් මැරෙනවනම් කියලා හිතිලා තියනවා.ඒක හැමෝටම හිතිලා ඇති...හැබැයි ඉතිං ඒ දේ කරගන්න උත්සහ කරලා නෑනේ අපි එහෙමයි කියලා....
Deleteසහන් 15 දිවි නසාගන්නකොට...නාවික හමුදාවෙ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි මගේ අල්ලපු පන්තියේ හිටිය ජනක කෝච්චියට පැන්නා 16 වෙනිදා...පළමු වතාවෙම උසස් ප්‍රතිඵල අරන් සරසවි ගිහින් උපාධියකුත් අරගෙන නාවික හමුදාවට ගිය මෙයා ජීවිතේ තොර කරගෙන තියෙන්නෙ නෝනා තරහා වෙලා එයාගෙ ගෙදර ගිය වෙලේ එක්කන් එන්න ගියාම ජනකත් එක්ක ආවෙ නෑ කියලා...මට හිතාගන්න බැරි උනා...සාමාන්‍යයෙන් අපේ පාසල ඇතුලෙ තියෙන උප සංස්කෘතිය තුලත් කොල්ලො විතරක් ඉන්න නිසාත් සෑහෙන ආත්ම විශ්වාසයක් තියෙන මිනිස්සු තමයි එතනින් පිට වෙන්නෙ...ඒත් ජනක ඒ වෙලාවෙ ගත්ත තීරණය ගැන මට පුදුම දුකක් තියෙන්නෙ...පවුලට හිටිය එකම කොල්ලා එයා...මා එක්ක නොවැම්බර් මාසෙත් මූණු පොතෙන් කථා කරලා දුක සැප අහපු ලෙංගතු මිතුරෙක්...
ReplyDeleteඒකනේ මම කිව්වේ අපි නොදන්න අය කී දෙනෙක් මැරෙනවා ඇත්ද ඔය විදිහට..අනේ මන්දා මට කනගාටුයි ඇත්තටම එයා ගැනත්. හොඳ පෞර්ෂත්වයක් තියන කෙනෙක්නේ නේවි එකේ හිටියාත් කියන්නේ ඉතින්....හිත දුර්වල උනාම ඔය කොයි දේත් හිතට යට වෙනවා ඇති නේද අයියේ....හ්ම්ම් :(
Deleteඅප්පේ කාලෙකින් බ්ලොග් එකක් කියෙවුවෙ..
ReplyDeleteනියමයි ඈ...
පට්ට කාලෙකින් ආවේ නෑ බ්ලොග් එක ලියන්නවත් අද ඉඳං ලියනවා අප්පා
මම..
... උමා(දසුන්) ...
බොරු නොකියා හිටු....
Deleteකියෙව්වා නම් නියමයි කීනවද?
හා හා ලියමු ආයෙත්...අපි එන්නම්කො ඒ පැත්තේ
මැරෙනකොට එයාට වයස කීයද රෙහානි...? මිනිහෙක් මැරුණට පස්සේ නම් උපදෙස් දෙන්න ඉන්නවා ගමකට..හැබැයි බඩගින්නට පාන් කෑල්ලක් දෙන්න කෙනෙක් නැහැ.. ඔයාට මට අපි හැමෝටම පොදු දෙයක් රෙහානි මේ...
ReplyDeleteඅහ්හ්හ්හ් තව දෙයක් ..ඔහු නිවන් දැක්කේ නැහැ කියලා කියන්න බැහැ.. මොකද තමා විසින්ම ජීවිතය තොර කරගත් භික්ෂුවක් ගැන සඳහන්. අවසන් හුස්ම හෙළුවේ රහතන්වහන්සේ නමක් විදිහට .... ඒ නිසා ඔහු නිවන් දකින්නේ නැහැ කියලා කියන්න බැහැ රෙහානි...
( සියදිවි නසා ගත්තම රහත් වෙනවා කියලා එහෙම හිතන්න එපා..එවැනි මානසික රෝගීනුත් ඉන්නවනේ අපි අතරේ... )
මැරෙනකොට එයාට වයස කීයද රෙහානි...?// අවුරුදු 25
Deleteඔයා හිතනවද මෙයා මැරෙන්න ඇත්තේ එහෙම යහපත් චේතනාවකින් කියලා සහන් අයියේ....අනේ මන්දා ඉතිං...හ්ම්ම් :(
සියදිවි නසාගෙන ප්‍රශ්න වලින් පැනල ගියත් තමුන්ගේ සමීප උදවිය ප්‍රශ්න වල දාලා තමයි මැරෙන්නේ මැරිලත් නිදහසක් නැති වෙන වැඩක් තමයි Suicide කරනවා කියන්නේ
ReplyDeleteඅනිවාර්යෙන්ම කෝරලේ
Deleteතුන් පාරක් උත්සහ කරල නම් ඉතින් එයාගේ ලඟින් ඉන්න අයට ඔයිට වඩා බලන්න තිබ්බා එයා ගැන. ගෙවල් වල අයට හරි, අඩුම ගානේ හොඳම යාළුවෙක්ට හරි.
ReplyDeleteඔවු බුද්ධි...එයාගේ හිතේ ප්‍රශ්න දැනෙන කවුරුම හරි ඉන්න ඇතිනේ
Deleteප්‍රශ්ණ වලට මුහුණ දීම හෝ ප්‍රශ්ණයකදී ඇතිවන කම්පනය විදගැනීමට ඇති නොහැකියාව නිසා සියදිවි හානි කරගන්නන් හට නැවත ඉපදීමක් තුල එවැනිම ප්‍රශ්ණ වලට චක්රාකාරව මුහුණ දීමට සිදුවේ.එනිසා කිසිවෙකුට ප්‍රශ්ණ වලින් මිදීමට හෝ එහි කම්පනයන්ට සිය දිවි හානි කරගැණීම පිළිතුරක් නොවන අතර මුහුණ දීම හෝ මග හැරීම උපදෙස් පැතීම තුල අනවබෝධය ජය ගැනීම නුවනැති ක්‍රියාවකි.
ReplyDeleteමුලින්ම සාදරයෙන් පිළිගන්නවා යාලු ඔයාව මෙහෙට..
Deleteඅදහසට එකඟයි...
දිගටම මේ පැත්තේ එන්න ආරාධනාවකුත් කරනවා ඔන්න..
එන ප්‍රශ්න වලට මූණ දීගන්න බැරුව ගියාම මොකද කරන්නෙ කියල හිතාගන්න බැරි වෙද්දි අපිටත් මැරෙන්න හිතෙනව තමා. ඇත්තම කිව්වොත් මටත් හිතිල තියනව මැරෙන්න. ඒත් ජීවිතේ ඊට වඩා වටිනවනෙ. මට නං මැරෙන්න හිතෙන කොට මතක් කර ගන්න එක චරිතයක් තියනව. ජීවිතේ කවදාවත් හිනාවක් අහලකවත් නැතුව ජීවිතේට ධෛර්යයන් මූණ දෙන සුදු අම්මා. මං නං මොකක් හරි ප්‍රශ්නයක් ආවම කරන්නෙ එයා ගැන මතක් කර ගන්න එක. එයා ගැන හිතද්දි මට තියෙන්නෙ ප්‍රශ්න නෙවෙයිනෙ කියල මට හිත හදා ගන්න පුළුවන්.
ReplyDeleteඒ වගේ ජීවිතේ ප්‍රශ්න එනකොට අපිට වඩා අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන ඉදිරියට යන කෙනෙක් මතක් කර ගන්න පුළුවන් නං සිය දිවි නසා ගැනීමේ අදහස නිකංම නැති වෙනව.
එකඟයි ඔයාගේ අදහසට සිඟිත්තෝ
Deleteසමහර මිනිස්සු ජීවිතේ ඉල්ලලා ඉස්පිරිතාලවල ඇඳවල් උඩ දෙවියන්ට යදිනවා.. ජීවිතේ ගැන මේලෝකේ බරක් පතලක් නොතේරෙන එවුන් ජීවිතේ විහින් විනාස කරගන්නවා.
ReplyDeleteඒකනේ පැතුම්.. :(
Delete