ලා දම් අහසට පායන උදවිය ..

2014년 8월 6일 수요일

නියඟය සහ රජයේ සේවකයෝ...





අප්පච්චි කුසගිනි නිවෙවුවේ
කුඹුරු හාලේ  බත් එක්ක
කට්ටා කරවල හොද්ද
කන්න දී අපට
අඳේට ලැබුණු  
කුඹුරට පිං සිද්ද වෙන්ට..

රබර් සෙරෙප්පුවෙන්
විලුඹේ ඇනෙන ගල්
කතා කරන්න ඇති
අපි වින්ද දුක් 


ඉස්කෝලේ මහතත්තෑන්
කිස්කන්න දුන් කෝටු පාරේ
අප්පච්චි තෙල් ගෑවේ ,
"පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්

කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."


මං දහදුක් විඳලා
උනා රජයේ සේවකයෙක්...
යන්තං අට පාස් මගේ අයියණ්ඩිත්
දැන් සොල්දාදුවෙක්.
රජයේ සේවකයෙක්...


"අද ඉදන් ජනසවි නෑ
සමෘද්දී නෑ ...."

"අනේ ඇයි රාලහාමි..."

"ඇයි  අහන්නේ...?
ගෙදර රජයේ සේවකයෝ දෙන්නයි..."


 "පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."

 කියපු අප්පච්චිගේ කට
යතුරු වැටිලා වාගෙයි අද..


අපට කන්න දීපු අප්පච්චිගේ
අඳ කුඹුරත් නෑ අද..
නියං සායට ඉරිතලා ඇත
සේ ජිවිත අපගේ....
බොන්න වතුරත් කඳුකරෙන්ලු..
අර සංවිධාන
මේ සංවිධාන
දෙයි සහනාධාර සිමයියලාට,රෝසක්කලාට...

අප්පද බොල ....
කෝ අපට සහනාධාර ?


එහෙම නෑ සහනාධාර...
රජයේ සේවකයන්ට...

උගේ ආච්චිට හාල් ගරන්ඩ
ඇයි යකෝ........
නියඟේ පොදු නැද්ද අපට...
රජයේ සේවකයෝ!!
අපි ඔටුවොද
කාන්තාරේ ලගින..?  


 "පුතේ ඉගෙන ගං
ලොකු රස්සාවක් කොරහං
රජයේ සේවකයෙක් වියන්
කකුල් දෙකටම කලිසමක් ඇදන්
උඹ රස්සාවට යන දාට
මට ආඩම්බරයි හරියට.."

අනේ එහෙම කියපු මගේ අප්පච්චිගේ කට,
කජු ලෙල්ල වාගේ අද හරියට...!



댓글 50개:

  1. වෙලාවකට මටත් හිතෙනව ඇත්තටම රජයෙ සේවකයො කියන්නෙ ඔටුවොද කියල.ලියවිල්ල නම් පට්ට රෙහානියො

    답글삭제
    답글
    1. බොහොම ස්තුතියි ලිහිණි...

      삭제
  2. අනේ මන්දා බන් මොනා වෙන්න යනවද කියලා.
    උපරිමයි ලියවිල්ල.

    කමක් නෑ පැන්සොන් එකවත් ඉතිරිවෙයි නොවැ...! හිත හදාගනින් මචන්. ජය....!!!

    답글삭제
    답글
    1. ඇයි බං පැන්සොන් එක ලැබෙද්දි ඔය මිනිස්සු ජීවත් වෙලා ඉදිද

      삭제
    2. නැත්තන් නැත්තන්... ඒ මනුස්සයා නැතත් දරු මුණපුරෝ හරි ඉන්නේ නැතැ.......

      삭제
    3. හිත හදාගන්න පුළුවන් ඇතිද නිමෝ...?( මම් රජයේ සේවකයෙක් නෙමේ ;)

      සාදරයෙන් පිළිගන්නවා ඔයාව අහස යටට නිමෝ..
      ස්තුතියි...

      삭제
    4. නියගෙන් බේරෙන්ට එපැයි ඔක්කොටම කලිං ....නේද ශානුවෝ.

      삭제
    5. දරු මුණුපුරෝ ඉතිරි වෙලා උන්නොත් බැරියැ නෙහ් නිමෝ :D

      삭제
  3. හයියෝ...
    මොනව කියන්න ද කියල හිතාගන්න බෑ.. ඇත්තම නේන්නං...

    ජ ය වේ වා !!!

    답글삭제
    답글
    1. හයියෝ....
      ඒක නොවැ ...

      ජ ය වේ වා !!!

      삭제
  4. , රජයේ සෙවකයින් නොවන යමක් කමක් කරගන්න පුළුවන් උනුත් සහනාදාර වලට අයිතිය කියද්දි රජයේ සේවකයෝ ඔටුවෝ ගානට වට්ටලා බං ...නියමට ලියලා මචෝ

    답글삭제
    답글
    1. සහනාධාර ටිකත් කොල්ල කා ගනී බං පුලුවන්නං ....එහෙව් රටක් මේක..
      ස්තුතියි...

      삭제
  5. හ්ම්ම්....... අපිත් මඟ බලාන උන්නේ ? @තාමත් මඟ බලාන ! පැනගන්න ^_^ 

    답글삭제
    답글
    1. පැනගන්න එක හොඳා වගේ තමයි... ^_^

      삭제
  6. ඒකත් එහෙමයි නෙ...
    මොනා කරන්නද ඉතිං.

    답글삭제
    답글
    1. ඒකනේ සංචාරක.....
      දුක තමා

      삭제
  7. 답글
    1. අප්පේ ...දැක්ක කල්
      ස්තුතියි

      삭제
  8. රජය බල්ලට ගිහින් තියෙන එකේ බලු කූඩුවේ ඉඳන් මොන සේවයක් කරන්නද ?
    පට්ට පෝස්ට් එක ආ....... (y)

    답글삭제
    답글
    1. අම්මපා වයලෝ
      තැන්කිව් ඈ

      삭제
    2. රජය බල්ලට ගිහින් නෙවෙයි පුතා බල්ලන්ට බාර දීලා

      삭제
    3. මසුරමක් දාන්ට ඕන ඒ කියපු කතාවට නම්

      삭제
  9. හරිම අනර්ඝයි නංගියෙ...අපේ ලංකාවෙ ඈත පළාත් වල අහිංසක මිනිසුන් එදිනෙදා ජීවිතයේදී ලබන කටුක අත්දැකීම් ඉතාම හොදට ගොනු කරලා තියෙනවා...කාලීන ලියවිල්ලක් කිව්වත් වරදක් නෑ.

    답글삭제
    답글
    1. ගොඩක් ස්තුතියි අදහසට අයියේ...

      삭제
  10. හැම පැත්තෙන්ම තැලෙන්නේ අසරණ මිනිස්සු..
    හිතට දැනෙන්න ලියලා තියෙනවා ...

    답글삭제
    답글
    1. ස්තුතියි තුශා අදහසට...

      삭제
  11. අපූරුයි...
    ආජයසේවකයො වුණාම සමහර වරප්‍රසාද තියෙනව වගේම සමහර වරප්‍රසාද අහිමි වෙනව...
    ජයවේවා

    답글삭제
    답글
    1. හ්ම්ම්.....හරියට හරි
      ඒත් ..... නියං සහනාධාර වගේ දෙයක් ?

      ජයවේවා

      삭제
  12. විශිෂ්ටයි ...කොහොම උනත් හැම පැත්තකින්ම තැලෙන්නෙ මිනිස්සුම තමයි ...

    답글삭제
    답글
    1. ස්තුතියි සහෝ අදහසට....

      삭제
  13. රජයේ සේවකයන්ට බොහෝ දේවල් අහිමියි. නමුත් වැඩේ තියෙන්නෙ සමහර මුට්ටි වල හැඳි තියෙන්නෙ රජයේ සේවකයන් අතේ නෙව. ඉතිං අවස්ථාවක් ලැබුන ගමන් ඉස්සෙල්ල බෙදාගන්නෙ තමුන්ට නිසා තමයි මේ කප්පාදුව කරල තියෙන්නෙ. නියං සහනාධාර නං පැත්තක තියමු. ඔය ඉඩම් කියන සබ්ජෙක්ට් එකේදි රජයේ සේවකයන්ට රජයේ ඉඩම් නොමිලේ ලබාගන්න හිමිකම් නෑ. (අනෙක් අයට තමයි තියෙන්නෙ)

    답글삭제
    답글
    1. ඔවු රාජ්....ඒකනේ හුඟක් අය රජයේ රස්සා ගන්න දත කන්නේ....

      හැබැයි කොයි දේ වෙතත් මෙහෙම අවස්ථාවක එහෙම කරපු එක හරි කියන්න බෑ

      ඉඩම් කතන්දරෙත් සාධාරණ නෑ තමයි.මොකෝ රජයේ රස්සා කරන ඔක්කොමල්ලා ලක්ෂපතියෝ යෑ

      ස්තුතියි රාජ් අදහසට...

      삭제
  14. හාපෝ අවංකව රාජ්‍ය සේවය කලොත් ලැබෙන දෙයක් නෑ අන්තිමේ... අපෙත් අම්මයි තාත්තයි දෙන්නම රාජ්‍ය සේවකයෝනෙ. ඒ නිසාමයි මටනම් රාජ්‍ය සේවය එපා උනේ.

    답글삭제
    답글
    1. එහෙනම් ෂුවර් ....බස්සිට අම්මයි තාත්ත යි කවදාවත් කියලා නැතුව ඇති රජයේ රස්සාවක් කරන්න කියලා :D

      삭제
  15. උඹේ කවිය පට්ටයි බකටුල්ලියේ..:)
    හොඳ වෙලාවට අපේ එකෙක්වත් ඔය රජ්‍ය සේවයේ නැහැ..:D

    답글삭제
    답글
    1. ඒ නම කියන්න ඔට්ටු නෑ අලී ...
      තැන්කිව්

      삭제
  16. මේක සුපිරි පොස්ට් එකක් ! රජයේ සේවකයෝ මේ වගේ වෙලාවට කාටත් ඔටුවෝ වගේ තමයි පේන්නේ... හිතන් ඉන්නේ අනිත් අයට නියඟය වුනාට රජයේ සේවකයන්ගේ ඔලුව උඩ වැහිවලාකුලක් ඉඳලා යන යන තැන වහිනවා කියලා.
    හැමතැනම අදෝනා මැසිවිලි...
    සකල සිරින් පිරි සිරිම ලංකාව අනේ....මටනම් පිස්සු වගේ අයියෝ !

    답글삭제
    답글
    1. අම්මපා තමයි... :D
      මැසිවිලි ඇහිලා තමයි මේක ලියවුනේ.....තැන්කිව් ගොඩක් අදහසට.....

      //මටනම් පිස්සු වගේ අයියෝ//
      ඇත්තද .....මේ එහෙනම් කාටවත් කියන්ට එපා වැඩිය...බේතක් හේතක් කරගමු...
      :D

      삭제
  17. අම්මගෙ රට!

    ඇඟේ ලේ කෝපවෙනව බං මතක්වෙන මතක්වෙන සැරේට. ලිවිල්ල ඒ තරම්ම හිතට දැනුනා. හැමෝම මෙහෙම හිතනවානම්...

    답글삭제
    답글
    1. මගෙත් මාලු නැටුවා මනොෂ් ...ඒකනේ මෙහෙම ලියවුනේ...
      ලිවිල්ල දැනුණා නම් ඒක තමයි මගෙත් සතුට...
      අනේ මන්දා ඉතිං

      ස්තුතියි අදහසට.....

      삭제
  18. අඩේ මොනවා උනත් ඇත්ත කතාව බං.. දැන් වැඩි හරියක් රජයේ සේවකයන්ට වෙලා තියෙන්නේ ලොක්කෝ කියන ඒවා අකමැත්තෙන් හරි කරන්න..

    답글삭제
    답글
    1. යේස් යේස්.....

      තැන්කිව් අදහසට ඉඳි....දිනේෂ් ;)

      삭제
  19. දැනෙනවා මචෝ නියමෙට.මොකෝ අපෙත් රජයේ සේවකයො 2යි ගෙදර.සිසත්තෙ පාස් වෙලා කොලඹ ගිහින් මුදලාලි මහත්තුරුන්ගෙ පුතාලා සිස්සාදාර අරන් පිස්සු කෙලින හැටි දැකලා තිත්ත වෙලා තිබ්බෙ.අපිට ඇල්ටොත් නෑ.මං හිතන්නේ ඔය සහනාදාර දෙන්න ඕනි රජයේ සේවකයන්ට කියලා.පෙන්සොන් පෙරේත කමට ඔව්වට ගියාට මොකෝ.දැන් කාලේ ඒ වැටුපට වැඩි වැටුපක් බස් වල සින්දු කිව්වත් හෙව්වැකි.ඉතින් ගොඩක් අය ගෙවල් දොරවල් හදන්නෙ ලෝන් ගහලා ඊට පස්සෙ ඒකටත් පඩියෙන් කැපෙනකොට හදාගත්ත ගෙපැලට වෙලා.බඩගින්නේ හූල්ල හූල්ල ඉන්නවා.මරු බං පට්ට ආතල්

    답글삭제
    답글
    1. ඇත්තටම පෙන්ෂන් ගැන හිතලම තමයි කට්ටිය ර ජයේ රස්සාවල් වලට පොර කන්නේ....පියන් ජොබ් එක හරි කමක් නෑ රජයේ නම්...ඔය ලෝන් කතන්දරේ මං හිතන්නේ රජයේ රස්සා කරන හැමෝටම වගේ පොදුයි...අන්තිමේ බලද්දී මාර හිරවීමක් හිර වෙලා තියෙන්නේ...ජිවත් වෙන්නේ මානසික පිඩනෙකුත් එක්ක ....ඔන්න තත්වේ

      ස්තුතියි මල්ලියෝ....

      삭제
  20. ඕං ඇත්ත අම්මාපල්ල.!! අපේ කාලේ ජනකයියක් හරිම සරුයි පද පෙළ....

    답글삭제
    답글
    1. හෙහ් හෙහ්....ස්තුතියි රාජ්...

      කාලෙකින් දැක්කේ....

      삭제
  21. කාලින කවියක් හිතට දැනෙන්න අකුරැ කරලා එල ද බ්‍රා

    답글삭제
    답글
    1. ගොඩක් ආදරෙන් පිළිගන්නවා අහස යටට මෙන්ඩි අයියේ...
      සතුටුයි අපේ පැත්තේ ආපු එක ගැන.

      ස්තුතියි අදහසට....ආයෙත් එන්න....
      එල ද බ්‍රා

      삭제
  22. කියලා වැඩක් නෑ රජයේ සේවේ ගැන. කැම්පස් ගියාම ආදාර දෙන්නෙත් නෑ රජයේ සේවකයෝ කියලා.

    답글삭제