ලා දම් අහසට පායන උදවිය ..

2013년 12월 24일 화요일

නිසල සිත් මල - 4



1  2  3 

'ඇත්තද...........ඔයා බඳින්න ඕන මාවනෙ බබා..මං වෙලාව ආවහම ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අවසර ගන්නම් ...'

කවුරු කැමති වුණත්.....මම කැමති නැත්තං..'

ඔයා මට කැමති නැද්ද? ' එවර නම් නිර්මලගේ හඬ වෙනස් විය.නිර්මල විශ්මිට ආදරය කරන්නේ හදවතින්මය.

'සුදු අයියේ ..........ම.....මං...........ඔ..'

'ඇති ඇති........මං දන්නවා ඔයා කියන්න යන දේ..මාව තවත් අප්සෙට් කරන්න.මුකුත් කියන්න එපා.ඔයා මට ආදරෙයි,මං දන්නවා.

විශ්මි ඉන් එහාට ඒ ගැන කතා නොකළාය.ඔහු ඔහොමමය.යමක් කියන්නට උත්සාහ ගද්දී නවතා දමයි,පසුව වැරදි වැටහීම් ඇති කර ගනී.අවසන අසරණ වන්නේ විශ්මිය.

ඔයා කවදාද ගෙදර එන්නේ?කතාව වෙනතකට හරවා විශ්මි ඇසීය.

තව මාසෙකින් විතර තමයි.. සමහරවිට එන්නම බැරිවෙයි....'

ඒ ඇයි?

ඇයි ක්ලේමෝ එකකට අහුවෙලා ඩෝං ගාලා පණ ගියොත්..


මොනවද සුදු අයියේ මූසල කතා කියන්නේ... තරහයි...මං...ඔයත් එක්ක.. විශ්මි කීවේ අවංක හැඟීමෙනි.

'සොරි සොරි.......සුදු නංගි...,ඒක නෙමේ ඔයාලා ට්‍රිපක් ගියා කියලා ආරංචීයි...කෝ.....මොනාද මට ගෙනාවේ?'

'ම්ම්......පොඩි බඩුවක් ගෙනාව ආවම දෙන්නම්...' විශ්මි බොරුවක් ගොතා කීවාය.ඔහු අසනා තෙක් එවැනි දෙයක් ඇයට සිතුණේ නැත.එසෙ නොකීවනම් ඔහුගේ හිත සවුත්තු වන බව ඈ දැන සිටියාය.නිර්මල යහපත් ගති ඇත්තෙකු වූයේය.රූ සපුවෙන් ද අඩුවක් නොවූ ඔහු කඩව්සම් තරුණයෙකු ද වීය.නිර්මල "සුදු  අයියා"  වූයේ කුඩා කල සිටම  පැහැපත් වූ බැවිනි.


'සුදු නංගී.......අපි පස්සෙ කතා කරමු..මං පොඩ්ඩක් බිසී...ඒත් ඉතිං කතා කළා, කතා නොකර බැරි නිසා කතා කළේ..වෙලාවට කාලා පරිස්සමින් ඉන්න ඕන හොඳද?ආ...පාඩම් කරන්න හරිද..බුදුසරණයි එහෙනම්.........' ඔහු කියවාගෙන යන විට සත්තකින්ම ඈට දුක සිතිණි.


'හරි ....සුදු අයියේ.......ඔයත් ගොඩා..........ක් පරිස්සමින් ඉන්න හොඳද?; මං තියන්නම්.බුදු සරණයි..!



දුරකථනය තබා විත් ඇය  කල්පනාවට වැටුණාය.සුදු අයියා "පව්" කියා ඇය සිතුවාය.ඇය ඔහුට කතා කළා එච්චර හරි නැතැයි කියා ඇය සිතුවාය.ඒ පිලිබඳ ඈ තුළ වූයේ කණගාටුවකි.



පසුදින උදෑසන විශ්මි ,චමිලා ද සමගින් පාසල වෙත ළඟා වෙමින් උන්නෝය.දෙදෙනාම පාසල වෙත එන්නේ බස් වල එකටමය.


ගුඩ් මෝර්නින් විශ්මී.........' ඈත සිට යම් කෙනෙකු කෑ ගසනවා ඇසුන නමුදු ඒ දිසාව හොයාගන්නට ඇයට සුළු වෑයමක් දරන්නට සිදු විය.තම පංති ශාලාවට ශාලා දෙකකට ඉහළින් කණ්ඩිය මත පිහිටි තුන් මහල් ගොඩ නැගිල්ලේ තුන්වන තට්ටුවේ බැම්මක් මත සිට කෑ ගසන විරංග හඳුනාගැනීමට ඇයට අපහසු වූයේ නොවේ.ඔහුට අත වැනූ ඈ පහළට එන ලෙස අතින් සංඥා කර පංති කාමරය කරා ඇදුනේ චමිලාද සමගිනි.


මුල් කාළ පරිච්ඡේද දෙක අවසන් වූවාට පසු තුන් වැනි හා සිව් වැනි කාල පරිච්ඡේද තොරතුරු තාක්ෂණ විෂය වෙනුවෙන් වෙන් වී තිබුණි.කවදත් මග හරින එම කාල පරිච්ඡේද දෙකෙහි විශ්මි ,චමිලා යෙහෙළියන් හා කල්ලි ගැසී කියවන්නට වූවෝය.විශ්මි චමිලා සමග බර කතාවක පැටලී ඉද්දී විරංග අතරමැදට පැන්නේය.කන් වල ඇබ ගසාගන්නට වෙලාව පැමිණ ඇතැයි සිතූ චමිලා එය විශ්මිට කීවේ විරංගටද ඇසෙන සේය.විශ්මිගේ මේසය ඉදිරිපසට පුටුවක් හරවාගත් විරංග චමිලාට රැව්වේය....


'මේ.......මං කියන්නද කතාවක්............' ඔහු දෙදෙනා දෙසම බලා කීවේය.

'හා කියන්න'.........චමිලා කීවාය.

'අනේ මට බෑ......මම දන්නේ හාවගෙයි ඉබ්බගෙයි කතාව විතරයි..' විශ්මි කීවෙන් විරංග සමච්චල් සිනහවක් පෑවේය.

'අනේ මේ.........ඔයා බබා........!'  විරංග කීවේ විශ්මිටය.

අනේ විරංග ..........උඹම කියහං....' චමිලා කීවාය.


'ම්ම්ම්? හිනා කතාවක් නම් මතක් වෙන්නෑ මේ වෙලාවේ.........ආ..........හරි' ඔන්න අහගන්න...විරංග කතාවට මුල පිරුවේය.

'ඔන්න කොල්ලෙක් ඉන්නවලු..මූට හොඳට සල්ලි තියේලු.මෙයා ගත්තලු බස් එකක්..අරන් තමන්ගේ නම එහෙම දාගෙන හොඳ ඩ්‍රයිවර් කෙනෙකුත් ගත්තලු., මෙයාම තමයි කොන්දොස්තර.'

'මෙයාම තමයි කිව්වේ? 'චමිලා අතරමැදින් ප්‍රශ්නයක් යොමු කළාය.


'ඒ කිව්වේ බස් එක ගත්ත කොල්ලා බං......අනේ.......උඹත්..!  හරි ආපහු කතාවට..........දැන් දවස ගානේ බස් එක දුවනවලු.ඔහොම යද්දී දවසක් ඩ්‍රයිවර්ට මොකද්දෝ හේතුවකට වැඩට එන්න බැරිවෙලා.උදේ පාන්දර වෙන ඩ්‍රයිවර්ලා හොයන්නත් බැරිලු.කොල්ලගේ තාත්ත කියලා 'අද මම වැඩ කරන්නම් ' කියලා.

'වෙන පිළියමකුත් නැති නිසා පුතාත් කැමති වෙලා.ඔහොම වැඩ කරද්දි, මනුස්සයෙක් බැස්සට පස්සේ කොල්ලට කියවිලා "හරි මචං යං" කියලා.කොල්ලට අමතක වෙලා අද ඉන්නෙ තාත්තා බව.පස්සේ හරි තාත්තෙ යං" කීවලු.

'අපෝ.........ඉවරද? ඕක කතාවක්ද? විශ්මි මාව කුචිකවපන්කෝ...." චමිලා කීවේ සරදමටය.


'මං කිව්වනේ....හිනා කතාවක් නෙමේ කියලා එච්චර..! ඉතිං ඊට පස්සේ ගමේ මිනිස්සු එදා ඉඳන් කොල්ලට කියන්නේ "හරි මචාං යං තාත්තෙ " කියලලු.

උඹලාට හොඳ කතා නම් තියනව...මට කියන්න විදිහක් නෑ..' විරංග කීවේ චමිලාට වැලමිට උලුක් කරන ගමන්ය.තවත් මොන මොනවාදෝ කියමින් පිරිස හිනා වෙමින් ඉන්න අතරට විත් "විශ්මි" කියන්නේ කවුදැයි පාසල් කාර් ‍යාල සේවිකාවක් ඇසුවාය.

'ඇයි?.........' විශ්මි අසනාවිට පිරිස නිහඬව සේවිකාව දෙස බලා සිටියෝය.

'ඔයාට ප්‍රින්සිපල් සර් ඔෆිස් එකට එන්න කීවා.." එසේ කියූ ඈ පිටව ගියාය.


'ඇයි දන්නෑ........' විශ්මි කීවේ දෙගෙඩියාවෙනි...මම බලලා එන්නම්.." කියූ විශ්මි කාර්යාල කාමරය වෙත ගියාය.

ලිපි ගොනුවක් වෙත අවධානය යොමු කරගෙන උන් විදුහල්පතිවරයා තමන්ව දකිනා තුරු ඈ සිටගෙන සිටියාය.

'ආ...විශ්මි.......වාඩිවෙන්න...' විදුහල්පති තුමා ඉදිරි අසුන පෙන්වා කීවේ ලිපි ගොනුව හකුළා මේස ලාච්චුවට දමමිනි.

"විශ්මි වෙනත් පාසලකින් ආපු දරුවෙක් උනත්...විශ්මිට ප්‍රිෆෙක්ට් බැජ් එක අපි දුන්නේ ඔය දරුවගේ දක්ෂතා වලට සලකලා.ඒ විතරක් නෙවේ , බොහොම අඩු කාලෙකින් විශ්මි කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුන නිසා.

විශ්මි සාවදානව අසා සිටියේ මේ විදුහල්පති තුමා මුල පුරන්නේ කුමකට දැයි අවිනිශ්චිතවය.


මම ඔය දරුවට එන්න කීවේ..........අවවාදයක් කරන්න.ඔය ළමයා ප්‍රිෆෙක්ට් කෙනෙක් නිසයි මෙහෙම ගෙන්නුවේ, මොකද මට අනිත් ළමයි ටික හදාගන්න ඕනේ...ඔයාලත් මෙහෙම කරද්දී මම කොහොමද වෙන දරුවෙකුට අවවාදයක් දෙන්නේ?

'ස...සර්............මොනා ගැනද මේ ...'

ඇයට කතා කරන්නට ඉඩ නොදීම ඔහු නැවත කතා කළේය.

මම කෙළින්ම කියන්නම් විශ්මි....මම කියන්නෙ ඔයාගෙයි විරංගගෙයි සම්බන්ධේ ගැන.මං පාසලේ විනය ගැන ආයේ ඔයාට කියලා දෙන්න ඕනේ නෑනේ..මොකද කියන්නේ මම මේ ගැන ගෙවල් වලට දන්වලා ඇක්ෂන් එකක් ගන්නද?ඔය ළමයා මේක මෙතනින්ම ඉවර කරනවද?

'සර්...........ම..........'

'විශ්මී...........මම ආයෙමත් කියන්නේ මම ඔය ළමයා නිසයි මෙහෙම කතා කරන්නේ' ගුරුවරයා කතා කරනා ස්ථිර බව විශ්මිව කම්පනය කරන්නට සමත් විය.

'සර් අපි හොඳ යාළුවෝ............එ......එච්චරයි...' විශ්මි බිඳුණු හඬින් කීවාය.

'ඔයා ට්‍රිප් එක ගිහින් හැසිරිලා තියන විදිහ අන්තිමයි...අනික පංතියේ දෙන්නා උගන්නන වෙලාවටත් ඉන්නෙ එකටලු නේද?මීට පස්සේ ඒ වගේ දේවල් අපිට ආරංචි වෙන්න බෑ ...ඕකේ..." විදුහල්පති තුමා කතා කරනා අතරතුර, අංශ භාර ගුරුවරියද එතැනට පැමිණ විශ්මි දෙස හෙළු බැල්මෙන්ම ඈද මෙය දන්නා වග විශ්මිට තේරුම් ගියාය.


විශ්මි නිහඬව සිටියාය.හිත ඇතුළේ කකියන්නට වූ වේදනාව ඇගේ දෑස් දෙකොණින් බේරෙන්නට විය.

මේ වෙලෙහි නිහඬ වනවාට වඩා වැඩි යමක් තමන්ට කළ නොහැකි බව ඈ සිතුවාය.

'ඔය ළමයා දැන් යන්න.... ' දෙනෙත් බිමට හරවා කඳුලු සලන ඈ දෙස මදක් බලා සිටි විදුහල්පතිවරයා කීවේය.

කාර්යාලයෙන් ඉවතට බට ඈ හනි හනිකේ කඳුළු සලමින් ශාලාව වෙත දිව ආවේ පුස්තකාලය පසු කරමිනි.පංති කාමරයේ තම අසුනින් අසුන් ගත් ඈ හිස මේසයට ගසා ගත්තාය.ඉන් පිටත උන් චමිලා ඈ දැක කාමරය තුළට ආවේ මොන යම් හෝ දෙයක් වී ඇතැයි සැක සිතමිනි. 

ඇයි උඹ අඬන්නේ? මොකද උනේ?මූණත් හොඳටම රතු වෙලා, සර් බැන්නද?' චමිලා ඇසුවේ කරුණාවෙනි.

සර් විරංගටත් එන්න කියලා....ඔන්න ගියා....' චමිලා කී විගසින් විශ්මිගේ හිස ඉබේටම එසවුණි.විරංග තමාව මග හැරී ගියේ අපරාදේ යැයි විශ්මිට සිතුණේ චමිලා එය කීවාට පසුවය.

'මොනාද බං උනේ....................කියපං..' චමිලා ඇසුවෙන් විශ්මි සිදුවීම චමිලාට කීවේ හැඬුම් අතරිනි.

'හරි.....දැන් උඹ අඬලා වැඩක් නෑනේ කෙල්ලේ...අපි බලමුකො මොකක් හරි .., මට බය විරංග කලබල වෙලා අනාගනීද කියලා...ඕකාට මූලග්ගින්නනේ..'

මට තේරෙන්නෑ මොකක් කරන්නද කියලා....එක්කෝ මම විරංග එක්ක වැඩි බජනෙට නොයා ඉන්නවා.....' විශ්මි කීවේ කම්මුල පිසදමමිනි.

 'උඹ මේ මල ඉලව් කතාවක් හින්දා විරංග එක්ක කතා නොකර ඉන්නද යන්නේ?විකාර නැතුව හිටපං...' චමිලා කීවේ ඔවුන් දෙදෙනා අතර ඇත්තේ තමාගේ සහ විරංගගේ අතර ඇති සබඳතාවය මෙන් ම සබඳතාවයක් බව දන්නා නිසාවෙනි.

විදුහල්පතිවරයා ඉදිරියේදී විරංගගේ කන වැටුණේ ද එම කතාවමය.ඔහු ද පහදා දෙන්නට උත්සාහ කළ නමුත් එය පලක් නොවීය.ඔහුට ලැබුණේද විශ්මිට ලැබුණ අනතුරු ඇඟවීම සහ අවවාදයන්මය.විරංගද විශ්මි මෙන්ම ගුරුවරයා ඉදිරියේදී ඉවසා සියල්ලට සවන් දුන්නේය.විරංග පරාජිත පෙනුමෙන් පංති කාමරය වෙත සෙමින් ඇදෙද්දී ,චමිලා ඔහු වෙත දිව ගියාය.

'උඹ සර් එක්ක කට ගහගෙන ගියෙ නෑ නේද....?' චමිලා මුලින්ම ඇසුවේ එයයි.

විරංග නැතැයි කියා කීවේ හිස වනමිනි..ඉන් චමිලාගේ සිතට අස්වැසිල්ලක් ලැබුණි.ඔහුගේ මුහුණේ දගකාර සිනා රැල්ල අතුරුදහන් වී පාළු සොහොනක මූසල පෙනුමක් දිස් වෙන්නට තිබුණි.දෙදෙනාම පව් කියා චමිලාට සිතුණි.


විශ්මිට විරංගගේත්,විරංගට විශ්මිගේත් මුහුණ බැලීම අපහසු වී තිබුණි.දෙදෙනාම එක වර දෙදෙනා දෙස බැලීය.ඇස්වල තිබුණ මැලවුණ ස්වභාවය දෙදෙනාගේම යටි සිත කියා පෑවා මෙන් විය.

'මට සමාවෙන්න විශ්මී...........මම නිසා ඔයාට කතන්දරත් හැදුණා...' විරංග දැඩි කනස්සල්ලෙන් කීවේය.ඔහුගේ දෑස් යන්තමින් තෙත් වී ඇති අයුරු විශ්මි හොඳින්ම දුටුවාය.

'නෑ..........විරංග....ඔයා තව දුරටත් මගෙ බෙස්ට් එක..දාන්න පහක්..!' විශ්මි කඳුලු අතරින් සිනාසී අත පෑවාය.විරංග පහක් දමා ඇගේ අත හදින් අල්වාගත්තේය.සියල්ලටම වඩා සතුටු චමිලාටය."මුං දෙන්නව මේ කපේදි කඩන්න හම්බෙන්නෑ" චමිලා යටින් සිතුවේ දෙදෙනා දෙස බලා සිනාසෙමිනි.

'හා හා .....ඇති තොඳොලේ.......අත ඇරපන් ඔය අත..ඊළඟට තව ගින්නක්....දැන් කතා හදාගෙනනේ ඉන්නේ..පරිස්සමෙන්" චමිලා විරංගගේ අත ඇද දමා කීවාය.

'විරංග...අපි ටික දවසක් යනකං වැඩිය කතා නොකර ඉමු...' විශ්මි යෝජනා කලාය.


'පිස්සුද....එතකොට හැමෝම හිතයි ඒ කතාව ඇත්තක්..අපි බයට තමයි මෙහෙම ඉන්නෙ කියලා..මේ කේලම සර්ගේ කනේ තියපු එකා අපි වටේම ඉන්න එකෙක්...ඌට වාසි තියන්න ඕන නෑනේ නිකං.....' විරංග කියවාගෙන ගියේ මද කෝපයකිනි.

'ඔයා ඇයි එහෙම කීවේ...?' චමිලා විරංගගෙන් ඇසුවේ චකිතයෙනි.

'මේක කියලා තියෙන්නේ අපිත් එක්ක ට්‍රිප් එක ගිය එකෙක්....නැත්තං කොහොමද ට්‍රිප් එකේ විස්තර දන්නේ.....මම ලෙඩ උන වෙලාවෙවත් වචනයක් නොකියපු මිස්ලා ,සර්ලා මේක කියන්න ඇති කියලා ඔයාලා හිතනවද.....මේක ළමෙක්ගේ වැඩක්.....අනිවා....මට ෂුව.....' විරංග කියවාගෙන ගියේය.


'හරි හරි...........බැරෑරුම් ප්‍රශ්න පැත්තකින් තියලා අපි යං පොපිට් කන්න.....' එසේ යෝජනා කළ චමිලා විරංග විශ්මි සමගින් ආපන ශාලාව දෙසට ඇදුනෝය.




댓글 69개:

  1. මේ පැත්තේ එන්න බැරි උන හින්දා පරණ ටිකත් කියවන්න වුණා. ඒත් ඉතිං ආපහු එන්න වෙන්නේ නෑ කාලයක් යනකල්.

    답글삭제
    답글
    1. ඉගෙන ගන්න වැඩ නිසා නේද? කමක් නෑ මල්ලෝ ඒ ටික කරගෙන ආපහු එන්නකෝ

      삭제
  2. අපි නම් ඉස්කෝලේ කාලේ ලව් කලේ නෑ , ගුරුවරු කියන විදිහට ඉඳලා ඉගෙන ගත්තා. කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. පන්තියේ ඉද්දි බිම බලාගේනමයි හිටියේ. ඔලුව ඉස්සුවේ කළු ලෑල්ල දිහා බලන්න විතරයි

    답글삭제
    답글
    1. හා....මේ යක්ෂයා දීලා තියෙන්නෙ උත්තරේ...
      හූ හූ :D

      삭제
    2. ඉවාන් මට තව සැරයක් කියපන්,මට ඇහුනේ නැහැ....

      삭제
    3. නෑ කෙන්ජයියේ මම කිව්වේ මේ අපේ මේ..... නෑ මුකුත් නෑ ....:D

      삭제
    4. කලබල වෙන්න එපා ඔය පවුලූෂා Irony භාවිතා කොරන හැටි ඉගෙනගන්නවා එයාගෙ අලුත් කෙටිකතාවට දාන්න. :P

      삭제
    5. මේ බස්සිත් මොකද්ද කියනෝ.....අලේ මංදා ඇත්තද කීලා :D

      삭제
  3. අපො රෙහානි ඔහොම සිද්ධියකට නම් මටත් සජීවී අත්දැකීමක්ම තියෙනවා. ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    විරංගට තියෙන්නෙ කේලම් කාරයව අල්ලගත්ත ගමන් හොම්බට දෙකක් අනින්න.

    답글삭제
    답글
    1. අන්න ප්‍රියා එහෙනම් දන්නවා ඇතිනේ ගින්න කොහොමද කියලා..

      බලමු හොම්බට අනීද කියලා

      삭제
    2. බලන්න දෙයක් නෑ වචන දෙකයි. "හොම්බට ඇන්නා" ඔහොම කියලා ලියන්න විතරයිනේ තියෙන්නේ :D

      삭제
  4. දැන් දෙන්නටම කේන්ති ගිහිං එපාවෙලානෙ තියෙන්නෙ,ඔය දෙන්න තාම යාලුවෙලත් නෑ නේද.ඊට පස්සෙ ඒ තැනටද එන්නෙ.

    답글삭제
    답글
    1. ම්ම්ම්........තාම යාලු වෙලා නම් නෑ...බලමුකෝ

      삭제
  5. වේලාවට කොල්ලෝ ඉන්න ඉස්කෝලෙකට ගියේ. නැත්තම් ඉතිං අපිත් මේ වගේ පිස්සු කෙළියි වගේ

    답글삭제
    답글
    1. ඒ ඒම කීන්නේ උඩ හිතින්...යටින් කියන්නේ "අපරාදේ සැක්...." කියලා :D

      삭제
  6. අනේ මන්දා කිසි අද්දැකීමක් නෑ ඔය වගේ දේවල් ගැන ඈ
    @ඉදගෙන

    답글삭제
    답글
    1. හි හී .......ඇත්තද....පව් බබා.... :D

      삭제
  7. ඔන්න අදනම් ගොඩක් ලස්සනයි අක්කේ කතාව.අනික් කොටසත් ඉක්මනටම දාන්න හොදේ

    답글삭제
    답글
    1. මල්ලිලා කෝටු පාර දුන්නම අක්කා හැදුනා... ;)

      ඉක්මනට දාන්නම්කෝ

      삭제
  8. ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි හොඳම යාලුවො විදිහට ඉන්නවා බලන්න මේ සමාජෙ මිනිස්සු කැමති නැද්ද මංදා. එහෙම යාලුවො දෙන්නෙක් දැක්කොත් හිතන්නෙම ඒ දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනව කියල. හැබැයි මට හිතෙන්නෙ සමාජයට බයේ ඒ වගේ යාලුකම් අතැරගන්න ඒක මෝඩ කමක්

    답글삭제
    답글
    1. ගෑණු ළමයෙකුටයි පිරිමි ළමයෙකුටයි එහෙම ඉන්න බෑ කියලා තමයි හැමෝම හිතන්නේ...මම ඉස්සර හරි ආසයි පිරිමි යාළුවෙක්ට...හැබැයි මට එහෙම මේ තරමට හොඳ යාළුවෙක් හම්බුනේ නෑ ඉතිං...

      ඇත්තටම සමාජයට බයේ නම් එහෙම යාලුකමක් නැතිකරගන්න හොඳ නෑ.....හ්ම්ම්

      삭제
    2. Chams සමග එකඟ යි. ලියන්නකො අපි බලමු මොකෝ වෙන්නෙ කියලා.

      삭제
  9. හැ චමිලා නෙමෙයි නේද ඒ ළමයා -_- ???

    답글삭제
    답글
    1. ම්ම්.........? බලමු නේද?

      삭제
  10. මමත් අර ඉවාන් මල්ලි වගේ තමා.හැබැයි තුනේ පන්තියේදී නම් ගෑල්ලමයි ළමයි දෙන්නෙක්ට Kiss දීල ඒ ළමයි ටීචර්ට කියපු අවස්ථා දෙක නම් තාමත් මතකයි.

    답글삭제
    답글
    1. හික්ස්...........පේනවා නෙහ්............තුනේ පංතියේ ඉඳන්ම කෙල්ලන්ට ඉන දීලා නෑ...පුදුමයි මොන්ටිසෝරියෙදි එහෙම උන් නෑ :D

      삭제
  11. අදනම් වැඩිය දෙයක් කියන්න අමාරුයි..බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල.

    답글삭제
    답글
    1. හ්ම්ම්.............බලමු නෙහ්?

      삭제
  12. දෙන්නම ප්‍රින්සිපල් ඉස්සරහ වැඩිය මුකුත් කියන්න නොගිය එක නම් හොඳයි.. කොහොම වුනත් විශ්මි පව්...

    답글삭제
    답글
    1. හ්ම්ම් හ්ම්ම් තුශා

      삭제
  13. ෂුවර් එකටම විශ්මි ගැන හිතේ හිතින කෙනෙක් කේලම් කියන්න ඇති...

    답글삭제
  14. 'ම්ම්......පොඩි බඩුවක් ගෙනාව ආවම දෙන්නම්...' විශ්මි බොරුවක් ගොතා කීවාය.ඔහු අසනා තෙක් එවැනි දෙයක් ඇයට සිතුණේ නැත.එසෙ නොකීවනම් ඔහුගේ හිත සවුත්තු වන බව ඈ දැන සිටියාය.//// හි හි මේකනම් හරිම තාත්විකයි රෙහානියෝ හි හි .. ඇයි බුදු පිළිමේ අයින් කලේ ? ඒක තියෙද්දී බ්ලොග් එකේ හරිම ශාන්ත ගතියක් දැනුනා :(

    답글삭제
    답글
    1. ස්තුතියි අපූ.........

      ඒක ආයෙමත් හදලා දාන්නම්..පින්තූරේ මාරු කරන්න හිතුණා...කොහොමත් හදන්න හිටියේ ඒක මම කෙල්ලේ ;)

      삭제
    2. රෙහානි.....ආගම සහ විශ්වාසය තමන් තුල තියාගන්න එක තමයි හොඳම දේ. ප්‍රදර්ශනාත්මක විශ්වාසය සහ ඇදහීම කියන්නේ තවත් මෝඩ චූන් එකක්. පේනවානේ රට ඇතුලේ වෙන දේවල්..මේක මගේ අදහස.

      삭제
    3. ඒක ඇත්ත...ඒ අදහසට මාත් එකඟයි..

      මම ලොග් එක පටන්ගත්තු දා ඉඳලා ඒ පින්තූරේ තිබුණා...ඒක ඇහැට හුරු නිසා තමයි අපූට ඒ අඩුව දැනුනේ...කොහොම උනත් ඒක ආයෙම දාන්න ඕන.

      삭제
    4. @ අරූ අයියා.

      මමත් එකඟයි ඔබේ අදහසත් සමගින්.

      삭제
  15. හික්ස්. මටත් දවසක් ඕම සීන් එකක් උනා. ඉක්කෝලෙ කෙල්ලෙක් මාවයි, මගෙ හොඳම යාලුවගෙ බෝයි ෆ්‍රෙන්ඩ්වයි ජෝඩු කරලා ඉක්කෝලෙට ගින්න දීල. සෙක්ෂනල් හෙඩ් හිටපු මැඩම් එන්ට කියල මට කිවුවෙ නැතෙයි පුතේ මම වරදක් කියනව නෙමෙයි, ඒත් ඕව ගුරුවරු අතරට ගියාම ඔයාගෙ නමට හොඳ නැතිය" කියල. අන්තිමේදි ඇත්ත සීන් එක ආරංචි වෙලා කේලම් කාරිත් අම්බානක පච වෙලා තිවුන.

    답글삭제
    답글
    1. අන්තිමට වෙන්නේ ඒක තමයි බස්සියෝ

      삭제

  16. ගරු අධ්‍යාපන ඇමතිතුමනි,
    මික්ස් ස්කූල්ස්වල ප්‍රින්සිපල්ලාට අනිත් ඉස්කෝලවල අයට වඩා වැඩි පඩියක් ගෙවීමට යෝජනා කරමි.

    답글삭제
  17. මොනා කියනවද බොලං...අරූ ගොයියා කියනවා වගේ මිශ්‍ර පාසල් වල මේ තරම් සැපක් තියෙනවා කියලා දන්නවා නම් මමත් ඒවායින් එකකට යනවා....ඒ උනාට කොල්ලො විතරක් ඉද්දි තියෙන නිදහස නම් උපරිමයි...

    답글삭제
    답글
    1. නිදහස පැත්තෙන් බලද්දි නම් මිශ්‍ර පාසල් වල අවුල් තමයි...ඒ උනාට ඉතිං කොලුවෝ කෙල්ලො එකට ඉද්දි මාරයි. ;)

      삭제
  18. පාසල් ප්‍රේමය මෙහෙම තමයි රෙහානි.. දැන් හිතද්දී නම් ඇඟත් හිරි වැටෙනවා... දිගටම ලියන්න..කතාව ලස්සනයි......

    답글삭제
    답글
    1. ස්තුතියි.....

      උයාටනම් හොඳ අත්දැකීමක් තීන පාටයි ;)

      삭제
  19. අපි නම් ඔව්වා දන්නේ නෑ. අපි අහිංසකව ඉගනගත්ත ළමයි.

    답글삭제
  20. හ්ම්.... කවුරු කාට සෙට් වෙයිද මන්ද. :O ඉක්මණට ඉතුරු ටිකත් දාන්න.

    ඕන්න විරංග විශ්මිට ආදරේ කරන්න පටන් ගන්නවා. දෙන්නට දෙන්නා ලව්. එත් සුදු අයියා පව් නිසා නංඟි එයාව බඳිනව. පස්සේ යුද්ධෙන් සුදු අයියා මැරෙනවා. ඊට පස්සේ විශ්මි, විරංගව කසාඳ බඳිනවා. (My Version) ;)

    답글삭제
    답글
    1. ඉක්මනින් ලියන්නම්..

      ඒ වර්ෂන් එකත් නරකම නෑ........ඔයත් ලියමුද එකක් ;)

      삭제
    2. අපොයි..... කතාන්දර ලියන්න දන්නේ නැහැ නෙව. ඔයා ලියන්න, මං එන්නම් කියවන්න :D

      삭제
    3. හාකො එහෙනම්... ;)

      삭제
  21. අත්දැකීම් නැහැ ගිය ස්කෝලේ බලිකාවෝ වුන්නේ නැති නිසා.

    답글삭제
    답글
    1. හ්ම්ම්...ඒ උනාට ක්ලාස් යන්න ඇතිනේ නෙහ් ;)

      삭제
  22. //ඕන්න විරංග විශ්මිට ආදරේ කරන්න පටන් ගන්නවා. දෙන්නට දෙන්නා ලව්. එත් සුදු අයියා පව් නිසා නංඟි එයාව බඳිනව. පස්සේ යුද්ධෙන් සුදු අයියා මැරෙනවා. ඊට පස්සේ විශ්මි, විරංගව කසාඳ බඳිනවා//
    මම හිතන්නේ නෑ එහෙම වේවි කියලා
    විශ්මියි විරන්ගයි ආදරේ කරාවි... එත් පස්සේ ඒ සම්බන්දෙට සුදු අය්යගෙන් විරුද්ධත්වයක් එනවා... එහෙම වෙත්දී විරංගගේ පැත්තෙන් විශ්මිට අකැමති වෙනවා.... අවසානේ සුදු අය්ය එක්ක විශ්මි අකමැත්තෙන් විවාහ වෙනවා...
    මේ මට හිතුනු විදියක් ...
    :p

    답글삭제
    답글
    1. එහෙම වෙනවා කියල නෙවි අනේ කිව්වේ. මගේ version එක කියල කිව්වේ. ඕකත් නරකම නැහැ. ;)

      삭제
    2. I-Vision මුලින්ම ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අහස යටට...

      ඔයත් හොඳ කතා නිර්මාණ ශිල්පියෙක්නේ ආ...බලමුකො මොකක් වෙයිද කියලා ඉස්සරහට හොඳේ..

      삭제
    3. ගොඩක් ස්තුතියි...
      බලමු බලමු :D

      삭제
  23. ඉක්මනට මේකේ ඉතුරු ටික දාන්න මම තාම හිතනව මොකද වෙන්නෙ කියලා..
    ජය වේවා!!

    답글삭제
    답글
    1. අද දවස ඇතුලත දෙන්නම් ඩී ජේ
      ස්තුතියි මාව කියවනවට

      삭제
  24. මම කතා දිගට කියවන්න තවම වෙලාවක් හම්බ වුණේ නෑ ,හැබයි කතා ටික නිවාඩු වෙලාවක් අපු ගමන්ම කියවනවා ..

    답글삭제
  25. හිත හොද කෙල්ල හැමදාම බඩින් :D

    අර සුදු අයියාට හිත හොදකම් පෙන්නන්න ගිහින් පාඩමක් ඉගෙන ගනී වගේ

    පරක්කු උනා අයියෝ.. අනිකත් දාල හින්දා ඒකත් කියෝල එන්නම්

    답글삭제
  26. ඔය වගේ අහක යන ගින්නක් මටත් වැටිලා තියෙනවා

    답글삭제