කල්පනා කර බලන්න..ඔබට හොදම යහළුවන් කී දෙනෙක් සිටිනවාද?ඇත්තට ම ඔවුන් හොදම යහළුවන්ද?මෙවැනි ගති ගුණ ඔබේ යහළුවා ලග තිබේද බලන්න.ඔබට ඔබේ හොදම යහළුවා ගැන තීරණය ක් හරියට ම උවමනා නම්,මේතෙක් එය ගන්නට බැරි උනා නම් අද එය ඔබ ගනීවි.එය ට මේ ලිපිය උපකාරී වේවි..දවසක් දෙකක් කතා කරපු කෙනෙක්..එකට බස් එකේ යන කෙනෙක්.. එකට රැකියාව කරන කෙනෙක්..එකට කන කෙනෙක්..ඔය එක්ක හෙමදම චැට් කරන කෙනෙක්..ඔයා යාලුවෙක් කියන්නේ මේ වගේ කෙනෙකුටද?දන අදුනුම් කමයි මිතුරු කමයි 2 ක් කියල ඔයා පිළිගන්න වද ?ඔයාට යාලුවෝ ගොඩ ක් ඉන්න පුළුවන්..එත්...හොදම යාලුවෝ ?හිතන්න ඕන කාරණාවක් නේද?මන් දැකල තියනවා වෙබ් අඩවි වල ආදරේ මනින මීටරයක්.. නමුත් අදරෙවත් මිතුරුකමවත් මනින්න මීටරයක් තවම හොයාගෙන නැහැ.මතක් කරලා බලන්න.කාලයක් හොදම යාලුවෝ කියල හිතාගෙන ඔයා ආශ්‍රය කරපු උදවිය දැන් පැත්ත පළාතක වත් නැහැ නේද?යාලුවෝ කියන්නේ එහෙම අන්තරස් ධාන වෙන අයට නෙවෙයි. ඇත්තටම හොද යහළුවෙක් ...මන් හිතන්නේ මේ වගේ...
1. විශ්වයේ හැම බැඳීමකට මෙන්ම මිතුරුකමටත් ආදරය තමයි මුල් වෙන්නේ.ඔබ අවදානයෙන් බැලුවොත් ඔබට ඒක දැනේවි.එයා ඔයාට ආදරේ නැතිනම් ඒක දැන හැඳුනුම් කමක් ම විතරයි. 2. එයා ගේ ආදරේ එක්ක ඔයත් එයා ට ආදරේ වෙන්න ඕන.එතකොට තමයි මිතුරු කම සම්පුර්ණ වෙන්නේ. 3.ඔයා එක්ක කන කෙනෙක් ට වඩා..ඔයාව මතක් වෙලා ගෙදර හදපු විශේෂ දෙයක් ගෙනත් දෙන කෙනෙක් ලග විශේෂ හැගීමක් තියනවා.
4. එකට ඉස්කෝලේ යන එක,එකට කන එක ,එකට රස්සාව ට යන එක වගේ කොන් දේසියක් උඩ යාළුකමක් ඇති වෙනවා උනත්...,ඒ සාදකය නැතිවෙලා ගියහමත් ඔයාගේ යාළුවා ඔයා එක්ක ඉන්න ව නම් එක විශේෂයි. 5. ඔබේ යහළුවා විශේෂ අවස්ථාවල වගේම ඔයාගේ ජීවිතේ හැම කරණයකදිම ඔබේ ලග ඉන්න ව . එයා එක තැනකට කොටු වෙන්නේ නැහැ.මොකද එයා ට ඔයාව අති විශේෂ නිසා
6. හොද යාලුවෙක් හැම වෙලාවක ම හිතන්නේ ඔයාගෙන් ගන්න තියන දේවල් ගැන නෙවෙයි . ඔයාට දෙන්න තියන දේවල් ගැන.බැරිම උනා අවස්ථාවක හැර එයා ඔයාගෙන් දෙයක් ඉල්ලන්නේ නැහැ.කොටින්ම එයා "ඉලලල කන්නෙක්" වෙන්නේ නැහැ.(ඔබෙන් යැපෙන්නේ නැහැ.)
7.හොද යාලුවෙක් කවදාවත් ඔයාගේ අතිශය පුද්ගලික දේවල් වෙන උදවිය ඉදිරියේ විවේචන ය කරන්නේ නැහැ. ඒ ඔයාව එයා ට ගොඩක් වටිනා නි සා .
8.හොද යාලුවෙක් ඔයා රිදවන්නේ නැහැ.යමක් තේරුම් කල යුතු නම් ආදරයෙන් කරුණු පහදා දෙනවා..ඔබව යහ මගට ගන්නවා.
9.හොද මිතුරෙක් හීනෙකින් වත් ඔයාට ඉර්ෂ්‍ය කරන්නේ නැහැ.ඔයාගේ දියුණුව පතනවා හැර.ඇත්තෙන්ම ඒක එයා ගේ ප්‍රතිපත්තියක්.
10.හොද යාලුවෙක් හරියට දෙවියෙක් වගේ..ඔයාගේ දුකේදී එක පාරටම ඔයා ලගට කඩන් පාත් වෙනවා..එකයි දෙවි කෙනෙක් වගේ කියන්නේ. එත්... සමහාර ඔයාගේ සතුටේ දී එයාව ඒ තරම් ඉක්මන ට හොයාගන්න බැරි වේවි.ඒක එයා ගේ ගතිය.එයා ට වඩා වැදගත් ඔයාගේ කඳුළු ලගදි එයා ඉන්න එක.
"ඔයාව මතක් වෙලා ගෙදර හදපු විශේෂ දෙයක් ගෙනත් දෙන කෙනෙක් ලග විශේෂ හැගීමක්" මෙන්න මේකනම් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.. මොකද කොල්ලො ගාව ඔය කෑම බීම උස්සගෙන ඇවිදින පුරුද්ද නෑ....
ReplyDeleteඅනිත් එව්වානම් ඇත්ත...
මම කෙල්ලෙක් නිසා වෙන්න ඇති එහෙනම් එහෙම දෙයක් හිතුනේ. එහෙම නොකලත් ගෙදරට හරි ආරාධනා කරනවනේ එන්න කියල විශේෂ කැමකදී නේද ?
Deleteමම නම් හිතන්නෙ හොද යාළුවට කොන්දේසි විරහිතව ආදරේ කල යුතුයි කියලා..
ReplyDeleteරෙහානි ඊයක් එවන්න මට මේල් එක කමෙන්ට් බොක්ස් එකට දාන්නෝ......
මන් ඔයාට ඊයක් එව්වා...බලන්න.
Deleteඇත්තටම හොද යාලුවෙක් වෙනුවෙන් කොන්දේසි විරහිතව ආදරේ කරන්න පුළුවන්.
මොකේටද දැම්මේ..බිමටද?මේල් එකට දාන්න ඔයා මේල් එක දන්නෑනේ.මේල් ඇඩ් එක මගේ කමෙන්ට් බොක්ස් එකට දාන්න.
Deleteබට්ටිට ඩෝO ගිහිල්ල(ද?). ඉක්මනට එයාට මේල් එක දෙන්නෝ..:P
Deleteපිස්සුවක් ඇතැයි.. එහෙම කේන්ති ගන්නවද මේ රෙහානි එක්ක.
Deleteසුට්ටක් විතර ගර්ර්ර්ර් කියනවා විතරයි
අලි.. මන් ඇත්තටම මේල් එක දන්නේ නැහැ නේ..මන් එතකොට මොකේටද දැම්මේ අර..
Deleteඅද පෝය දවසෙ රෙහානි හැමදාටම වලoගු වටිනා මාතෘකාවකින් පෝස්ට් එකක් දාලනෙ. රෙහානිගෙ අත්දැකීම් වලින්ම දාපු එකක් වෙන්න ඕනෙ. හොඳ නිරීක්ශනයක් කියලයි මට හිතෙන්නෙ. පෝය දවස නිසාම මමත් කියවපු වටිනා කරුණු ටිකක් එකතු කලාට කමක් නැද්ද? බලන්න රෙහානි කියන සේරම මේ පහලින් ටියෙන ටිකේ තියෙනවද කියල
ReplyDeleteමිත්‍ර ප්‍රතිරූපකයෝ (මිතුරු වෙසින් සිටින සතුරෝ)- 4
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
1.අඤ්ඤදත්තුහර මිත්‍රයා
අනුන්ට යහපත කිරීම පිණිස නොව. අනුන්ගෙන් ගැනීප පිණිසම මිතුරුවන පුද්ගලයා
2.වචීපරම මිත්‍රයා
ක්‍රියාවෙන් කිසිත් නොකර වචනයෙන් පමණක් සOග්රහකරන පුද්ගලයා
3.අනුප්පියභානී මිත්‍රයා
යුක්තිය අයුක්තිය, හොඳ නරක ආදී කිසිවක් නොසලකා හැමවිටම අනෙකා සතුටු කිරීමට කතා කරන පුද්ගලයා
4.අපාය සහායක මිත්‍රයා
පුද්ගලයාටත් සමාජයටත් අහිතකර (පව් )කම් කිරීමට එකතුවන පුද්ගලයා
කල්යාන මිත්‍රයා (නිතර ඇසුරු කලයුතු සැබෑ මිතුරෝ) - 4
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
1.උපකාරක මිත්‍රයා
අවැසි විටෙක මෙත් සිතින් උපකාර කරන පුද්ගලයා
2.සමාන සුක දුක්ඛ මිත්‍රයා
මිතුරාගේ සැප දුක තමාගේ සැප දුක සෙල සලකා ක්‍රියා කරන පුද්ගලයා
3.අර්ථක්ඛායි මිත්‍රයා
දෙලොව යහපත පිණිසම සහයෝගය දක්වන සත්පුරුශයා
4.අනුකම්පක මිත්‍රයා
සිය මිතුරාට මවක මෙන් අනුකම්පාසහගතව සලකන පුද්ගලයා
ආ ....සෝයි නේ ......දැන් නම් අනිවාර්යෙන්ම පුළුවන් හොද යාලුවෙක් තෝරාගන්න.
Deleteස්තුති වේවා සඳු...කොමෙන්ට් එකට බඩත් පිරුණා..අද කන්න ඕන වෙන එකක් නැහැ මගේ හිතේ..හේ හේ..
ඔය උඩින් තියෙන අතිම හතරදෙනාගෙන් කෙනෙක් හොයාගන්නනම් ඒහැටි ලේසිවෙන්නෙ නෑ කෙල්ලෙ. මුලින් තමන් ඇසුරු කරන අයට තමා ඒ විදියෙ යාලුවෙක් වෙන්න ඕනෙලු.
Deleteඅනිවාර්යෙන්ම..
Deleteසහතික ඇත්ත. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න කියල බුදුහාමුදුරුවොත් කියල තියනවනේ....
ReplyDeleteඑකනේ..ඔයාටත් හොද යාලුවෙක් තෝරාගන්න පුළුවනි දැන්.
Deleteතැන්ක්ස් මේ පැත්තේ ආවට යාළුවා..
ඒ මොකද දැන් තෝරාගන්න පුළුවන් වෙන්නේ ? :O :O :P
Deleteහයියෝ....අලී දැන් ඔයාට යාලුවෝ ගැන හොදට තේරුම් ගත්තහැකි නේ.. :)
Deleteම්...ම්.. හිතන්න ඕන කාරනයක්...!!
ReplyDeleteහිතුයවටකමක් නෑ යාළු හැබැයි හිතන්න නම් බොන්න වෙනවා කියල එහෙම කියන්න බෑ අලී...
Deleteඔව් ඔව් අපේ කස්ටිය ට නොබී හිතන්නම බැහැ නේ..හිකිස්..
Deleteසාදරයෙන් පිළිගන්නවා වී පොකුර මේ පැත්තට
This comment has been removed by the author.
Deleteසාමාන්‍යයෙන් මං මේ වගේ හැගීම් මනින මීටර් ගැන පිළිගන්නෙ නෑ රෙහානි.ඒත් මේකෙන් කියැවෙච්ච දේවල්වලට සමාන ඇතැම් ගතිගුණ තියෙන කෙල්ලො දෙන්නෙක් මගෙ යාළුවො අකර ඉන්නව.එක්කෙනෙක්ගෙන් හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න බෑනෙ.anyway I feel those 2 r best friends..
ReplyDeleteඔය කියන දේ ප්‍රායෝගිකව බැලුවම ඇත්ත පුංචි එකී..නමුත් මේ හැමදේම තියන යාළුවොත් ඉන්නවා..කලාතුරකින් තමයි හම්බවෙන්නේ..
ReplyDeleteඒ වගේම පුංචි එකී ව ආදරයෙන් පිලිගන්නවා ලා දම් අහසට..ආරාධනා කරනවා එන්න කියල හැමදාම
යාළුවො නම් ඕනි තරම් නමුත් ඔයා කියන්න වගේ ගතිගුණ තියෙන යාළුවො 3 දෙනෙක් ඉන්නවා ඒ ජීවිතේට හොදටම ඇති වටින පෝස්ට් එකක්...
ReplyDeleteආවමයි මේ පැත්තට ආයෙමත් එන්නම්කෝ...
ඒ වගේ යාලුවෝ 3 ක් ඉන්නවා කියන්නේ ලොකු වාසනාවක්...
Deleteආදරයෙන් පිලිගන්නවා ලා දම් අහසට..අනිවාර්යෙන්ම එන්න..
පෝස්ට් එකේ අකුරු ලොකු කරන්න බලන්න දිග පෝසට් එකක් වුනොත් කියවන්න කම්මැලි වෙයි.අකුරු පොඩි වුනාම ඇහැට කරදරයි...
Deleteහපොයි යාලුවො ගොඩක් හිටියට හොඳම යාලුවො නම් ඉන්නෙ ටිකයි වගේ.
ReplyDeleteයාලුකමත් ආදරේ වගේ තමා දෙන්න මිසක් බලාපොරොත්තු තබා ගත යුතු හෝ බලෙන් ලබා ගත හැකි දෙයක් නෙවෙයිනෙ.
අනිවාර්යෙන්ම ............ ආදරයෙන් පිලිගන්නවා ලා දම් අහසට..
Deleteඔන්න මමත් ආවා ලා දම් අහස බලන්න...
ReplyDeleteඔව් යාලුවෙක් නම් ඒ වගේ කෙනෙක්ම තමයි මමත් හිතන්නේ....
හ්ම්..මටත් ඉන්නවා ඒ වගේ ලගම යාලුවෙක්..ඇත්තටම ඒක හිතට ලොකු හයියක්....
ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...එහෙම යාලුවෝ ඉන්න එක වාසනවක් /...
ReplyDelete// එකට ඉස්කෝලේ යන එක,එකට කන එක ,එකට රස්සාව ට යන එක වගේ කොන් දේසියක් උඩ යාළුකමක් ඇති වෙනවා!
ReplyDelete…එහෙම යාළුවො නම් කොයිතරම් ඉන්නවද? බලාගෙන ගියා ම කොයිදෙත් වගේ ම යාළුකමත් ස්ථිර නැහැ. නියම ලිපියක්!
එකනේ යාලු...යාලුවෝ ගොඩක් හිටියට හොදම යාලුවෝ ගොඩක් හොයාගන්න අමාරුයි..
Deleteකොහේකොතැනක හිටියත් හොද යාලුවෙක් යාළුකම අමතක කරන්නේ නැහැ..
බොහොම ස්තුති යාලු අදහසට..
බුදු හාමුදුරුවොත් දේශනා කරල තියනවනෙ හොඳ මිතුරෙක් වෙන්නේ කොහොමද කියලා.. නේද ? නමට පමණක් ඉන්න යාලුවෝ ගොඩකට වඩා හොඳ යාළුවො කෙනෙක් හිටියාම ඇති..
ReplyDeleteඅනිවාර්යෙන්ම යාලු...
Deleteඅගෙයි දරුවා අගෙයි. මේ පොස්ට් ඒක වෙනුවෙන් තෑග්ගක් හැටියට. ඔයාගේ ගේ ළඟ තියෙන වලව්වට අයිති කුඹුරු කට්ටියම ඔය ළමයාගේ නමට ලියල දෙනවා.
ReplyDeleteප.ලි. කුඹුරක් එහෙම නැත්නම් හදාගන්නකෝ වත්තේ අයිති කාරය ඇවිත් ලාවට වගේ කනපලුවට මම වග කියන්නේ නෑ ඕන් හිකිස්
ඔය මට කොළ නැති ගැහෙ යන්ට වැඩේ කොරන්න වගේ හදන්නේ නේද?හපෝ...යි....,
ReplyDeleteස්තුති වේවා කොමෙන්ටුවට...
හ්ම්ම්ම්ම්ම්ම්... යාලුවො ගැන දැනගන්න හොද ලිපියක් නගො!!!
ReplyDeleteහුටා.. මෙහෙම එවුන් අද හොයන්න නැහැනේ.
ReplyDeleteමමත් මෙහෙම නෙවෙයිනේ..
හෆෝයි...