ලා දම් අහසට පායන උදවිය ..

2012년 6월 30일 토요일

~ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ කොරියානු ජීවිතය ~

දකුණු කොරියාව ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට රැකියා ලබා දී ඇති රටකි..දකුණු කොරියාව  යනු  ඇමෙරිකානු  තාක්ෂණය යොදා ගනීමින්   ශීඝ්‍රයෙන්  දියුණුවට  පත්  වූ  රාජ්‍යයකි.. අවුරුදු  40 ක්  තරම්  කෙටි කාල සීමාවකදී       ආර්ථික   මට්ටම   පහල     වැටී  තිබු  රජයක්  පුදුම  සහගත  අයුරින්  දියුණුවට පත් වී ඇත.. උතුරු හා දකුණු කොරියානු  යුද්ධය  නිසා    එම පහල  වැටීම  සිදු  උන  බව  කියවේ..  මේම   යුධ වතාවරණ කාලය තුල කොරියානු රාජ්‍ය තුල ජීවත් වූ සිවිල්  ජනතාව  තම  ඥාතීන්ගෙන්  සහෝදර  සහෝදරයින්ගෙන් වෙන් වී  උතුරු කොරියාවේ හා දකුණු කොරියාවේ  තවමත්   ජීවත් වනවා ඇත..  ඔවුන් අවු:40 ක්  පුරාවට  වෙන්වූ.. එම  මවු  පිය  සහෝදරයින්  දැක  නැති බව කියවේ..                                  
                                                                               මේ යුධ  වාතාවරණයෙන්  පසු ඉතා විශිෂ්ට  දියුණුවකට  පත් විය හැකි වුයේ..දකුණු කොරියාවට පමණි.උතුරු කොරියා රාජ්‍යය න්‍යෂ්ටික අවි හා අවි  යුධ  තාක්ෂණයෙන්  ඉදිරියෙන්  සිටියත්  දකුණු කොරියාව  මෙන්  ඉහල  නිෂ්පාදන  ආර්ථික  මට්ටමක්  හෝ  ඉහල  සංවර්ධන   මට්ටමකට  ළගා  වී   නැත.                                                     
                                                                                      කෙසේ  වෙතත්  ,ඉහල  නිෂ්පාදන  කර්මාන්ත ශාලා  ඇති දකුණු කොරියාව  විසින්    දැනට රටවල්  18 කින් ශ්‍රමිකයන්  ගෙන්වනු ලබති..ඒ අතර ශ්‍රී ලංකාවද වේ..ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ නිෂ්පාදන කර්මාන්ත ශාලා මෙන්ම නැව් ආශ්‍රිතව  ,ධීවර කර්මාන්තයන්හි සේවයට බඳවා ගනිති..ශ්‍රී ලාංකිකයෝ 30,000 කට අධික  පිරිසක්  දකුණු කොරෙයාවේ දැනට සේවයේ  නිරත  වේ .ශ්‍රී ලාංකික තරුණයන්ගේ ශ්‍රමික පිරිසට වැඩ තරුණියන්ගේ ශ්‍රමික පිරිස අඩුය..තම අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා වෙහෙසවන ඔවුන් විශාල විදේශ විනිමයක් රටට දායාද කර දෙන්නෝය.නමුත්...අවාසනාවන්ත ලෙස එම රට තුලදී ජීවිතයෙන් සමුගන්නට ද  සමහර විටෙක ඔවුනට සිදු  වනු ඇත..එමෙන්ම කෙමිකල් වර්ග යොදාගන්න කර්මාන්ත ශාලා , බිහිසුණු  යන්ත්‍ර   උපකරණ  සහිත  කර්මාන්ත ශාලා තුල දී ඔවුනට සිදුවන අනතුරු වේදනාකාරී ය.ඇස් අන්ධ   වූ ,අතැගිලි අත් පා අහිමි වූ සහ විවිධ    අනතුරුවලට ලක් වූ පිරිස ද ඒ අතර  වෙති.. කොරියා  රාජ්‍යයේ  සේවය   කරන  ශ්‍රී ලාංකිකයින් අතරින් පමණක්  අවුරුද්දක්  තුල 7 දෙනකුගේ පමණ   මිය යාමේ සම්භාවිතාව ක්  ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රකාශ කරයි.. කර්මාන්ත ශාලා තුලදී මිය ගිය හෝ අත් පා ආදී  කොටස් අහිමි වූ..විදෙස්  සේවකයන් හට වන්දි මුදලක් ගෙවීමට කර්මාන්ත ශාලා හිමියෝ බැඳී සිටිති.තවද සේවකයින් සදහා රක්ෂණාවරණ ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ..
                                                                                                                                 තමාගේම කියා නිවසක්..ඉඩමක්..වහනයක්..ව්‍යාපාරයක්,මෙවැනි  හීන බලාපොරොත්තු රාශියක් කර පින්නාගෙන මොන දුකක් හෝ විඳ ඒ බලාපොරොත්තු   සඵල කර ගැනීමට වෙහෙස වන   අහිංසකයින්ගේ මවුපිය, සහෝදර, බිරින්දෑවරු  ..,ඥාති හිතවතුන් ආදී.. සියල්ලෝම දින සති ගනිමින් තම ආදරණීය හිතවතා එන තුරු  බලා  හිඳින්නේ  ඔහු ගෙන ගිය බලාපොරොත්තුද රැගෙන නැවත තම රටට පිය නග න   තුරුය.. එහෙත්..ඒ අදරනීයයා   අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ජීවිත යාත්‍රාවට සමු දෙවි කියා ඔවුන් සිහිනෙකින් හෝ නොසිතන්නට ඇති.දසමසක් කුස දරා අනේක දුක් විඳ ඒ ජීවිතය ලොවට දායාද  කළ  මෑණියන්ටත්   .. සංසාරගත ප්‍රාර්ථනාවක් සේ ජීවිතයට ඈදුණු දයාබර බිරිඳ ටත් ,ආදර  දරුවන්ටත් ඒ මිනිස් ප්‍රාණය වෙනුවට ලක්ෂ ගණන් කෝටි ගණන් දෙන වන්දි මුදල කුමටද..තම ආදරණීයය අවසාන   ගමන් ගොසින්....මුදල්මය වටිනාකමක් ජීවිතයකට දිය හැකිද..?ඒ අහිංසක ජීවිත නැවත පණ ලබන්නේද නැත.                  
         
මේ ඉන්නේ  සොනාලි සහ බන්දුල..කොරියාවේ දහසක් බලාපොරොත්තු මැද සේවය කරපු දෙන්නෙක්.එත් එයාලට එකට ජීවත් වෙන්න වාසනාව තිබුනේ බොහොම ටික කාලයයි.සොනලිත් බන්දුලත් හිටපු  කන්ටේනර්  පෙට්ටිය ගිනි අරගෙන එයාල වගේම එයාලගේ බලාපොරොත්තුත් අළු දුවිලි වෙලා ගියා.කොරියාවේ ගෑස් ටැංකි   පුපුරලා ගිනි ගැනීම් බහුලව සිද්ද වෙනවා.බන්දුල අවසන් ගමන් යනවිට, සොනලිත් සමග එකට ජීවත් වෙන්න හිතාගෙන හදපු පුංචි මාලිගාව  වත් දැකල තිබුනේ නැහැ.අවාසනාවන්ත උනත් මෙවැනි සිදුවීම් අසන්නට ලැබෙනවා.
                                                                                                         එපමණක් නොවේ.. කොරියාවේ  මාස 06 ක් පවතින  ශීත කාලගුනයෙනුත්   , ඉතුරු    මාස තුල පවතින  අධික රස්නය සහිත දේශගුනයෙනුත් පීඩිතව මාස ගණන්, අවුරුදු ගණන් පුරාවට සේවයේ යෙදෙන අපේ මිනිසුන් විදින්නේ පුදුමාකාර දහා   දුකකි.ඒ අතින් බලනා කල ශ්‍රී ලංකාව දිව්‍ය විමානයකි.කොයි තරම් මිනිසුන්  මිය  ගියද , අනතුරු වලට ලක් වුවද ,මෙම සේවක සේවකාදීන් ගේ බලාපොරොත්තු මේ කටුක ඉරණමට මුහුණ දීමට  ශක්තියක් වේ.                                                                                    

2012년 6월 27일 수요일

රෙහානිගේ මතකයන් අත රින් ..

හා හා පුරා කියල රෙහානි ලියන පලවෙනි ලිපිය තමයි මේ..මන් හිතුව මුලින්ම  මගේ සුන්දර වූ මතකයන් අත රින්  ලිපියක් ඉදිරිපත්   කරන්න.. රෙහානි පාසල් ගියේ මුලින්ම ගමේ  ඉස්කෝලෙට  ඕලෙවල්  යන්තම්  පස් කර  ගෙන රෙහානිට වාසනාව ලැබුන නගරේ ඉස්කෝලෙකට  යන්න..ඔන්න ඉතින් සම්මුඛ පරික්ෂනෙන් පස්සේ මුල්ම වතාවට පාසලට ගියාට පස්සේ 13 වසරේ අය්යලගේ  කනෙන් රිංගගන්න  ටිකක් අමාරු උණා ..කවුරු ත් දන්නා කාරණයක්නේ අය්යලගේ රැග් එක කොහොමද කියල..මිස්ල සර්ලා එහාට මෙහා ට  යනකන් ඉදල  මාවයි අලුතෙන් ඉස්කෝලෙට අපු තව දෙතුන් දෙනෙකුයි  එයාලගේ උකුසු ඇස් වලට අහු උණා..අපි සෙට් එක පන්ති කාමරයකට බලෙන් එක්කරගෙන ගිහින් ,මන් ලගට ආව උස මහතා අය්යා කෙනෙක්..ඇවිත් කිව්වා පුටුවක් තිය ල  ඩෙස්ක්   එක උඩට නගින්න කියල..  කරන්න දෙයක් නැතිකමට මන් කලේ ලේන්සුවේපිහිට පතපු එක..

  "දැන් බැරිද නගින්න ඔය ළමයට.".   

  එයා ඇහුවේ හරියට එයා ප්‍රින්සිපල් වගේ ඉස්කෝලේ..     මාත් ඉතින්  බයටම අහන අහන එකට උත්තර දුන්න..      "කියනවා ඔය ළමයාගේ නම.."    
මෙයා එහෙම කිව් වේ  නිකන් මගේ අඩන මුණ දැකල  දුක හිතිලා මගේ හිතේ..


ඊළගට එයා ඇහුවේ එක.. මන් ඉතින් අඩ අඩම කිව්වා..නම  "ඔය ළමයට එක කරන්න බැනේ..,එහෙම නම් කියනවා ත්‍රී විල් එක ගැන වාක්‍ය 10ක්... ඔන්න  නගෝ "ත්‍රී විල් එක" කියන වචනේ තහනම්..ඒ වෙනුවට මහත්තය කියන වචනේ කියන්ඩ  ඕනේ..

ඕන් අය්යා ඊළගට දීපු ටොපිය.. ඉතින් මේකටත් බැහැ කියන්ඩ ද ..මට මේක කරන්නම උනා..    මම ටික වෙලාවක් සද්ද නොකර ඉන්න  කොට  මට බැනගෙන බැනගෙන ගියා.. මන් ඉතින් බයටම වාක්‍ය 2-ක් 3-ක් කිව්වා ..කියන්නම්කො දැනගන්න   කට්ටියට..
"           
1.  මහත්තයා රතු කොළ වගේ  පාටවලින් තියනවා.

2.   මහත්තයට දුවන්න පෙට්‍රල් ඕන..                                                                                                                                                         3. මහත්තයාගේ වාඩිවෙලා යන්න සීට් තියනවා..      

4.   මහත්තයට රෝද තුනක් තියනවා..  

    ඔන්න ඔය වගේ වාක්‍ය ටිකක්..මේ ටික කියද්දී මන් දැක්ක   කට්ටිය හොදටම හිනා වෙනවා..මන් ඉතින් ලැජ්ජාවේ මුණ රතු කරන් හිටිය...වෙන මොනා කරන්නද නේද...?  කොහොම කොහොම හරි එතනින් එදා අමාරුවෙන් ගැලවිලා ගියා..පස්සේ ඉතින් අපි 13 වසරට ඇවිත් ලොකු අක්කල උනහම අලුතෙන් ඉස්කෝලෙට එන බැජ්වල නංගිලා මල්ලිලාටත් අපිට ලැබුන රැග් ත්‍යාගය දෙන්න අමතක කරේ නැහැ ඔන්න..ඉස්කෝලේ හිටපු පරණම ශිෂ්‍ය යෝ ත් අන්තිමේදී අපේ හොදම යාලුවෝ උනා..එක ඉතින් හැම ඉස්කෝලෙම හැටියක්නේ නේද..    

   කියන්නම වටිනා තව වැඩක්   තමයි රෙහානි කරපු මේ හොර වැඩෙත්..කෘෂිකර්ම සෙට් එකට පින් සිද්ද වෙන්න අපේ ඉස්කෝලේ වත්තේ වැටේ තිබුන අඹ ගස් පේලියක්.. තියනවා හොදට පැහිල ඉදිලා අඹ..  ,ඒවා තිබුනේ ඉස්කෝලේ උනාට මොකෝ ඒවාට පොලු ගහන්න අපිට අවසර නැහැ..ඕෆ් පීරියඩ් එකක් ආපු ගමන් අපි කරන්නේ හොරාට ඔය ගස් වැටේ කැරකෙන එක තමයි  ,අපි ඉතින් කෙලි පොඩ්ඩෝ හින්ද අපිට උදව්වට අජියයි විමුක්තියි දෙන්නත් එනවා..එයාල පොලු ගහනවා..අපි මුරට ඉන්නවා..කොහොමහරි දවසක් වැඩේ අහුවෙලා ලයිබ්රි එක වටේ සුද්ද කරන්න උනා..ඒ මදිවට ගුටි හම්බ උනා..   

     
පාසලේදී උන රසවත් සිදුවීම් නම් අනන්තයි..පාසල් කාලය කාටත් එහෙමයි..ඒ කලේ මතකවෙනකොට අයෙත් ඉස්කෝලේ යන්න තියේනම් කිය ල   හිතෙනවා..   පාසල් ජීවිතේට සමුදෙන දවසේ රෙහානි ගොඩක් ඇඩුවා..රෙහානිට හිතුන මෙන්න මෙහෙම.."අද අවරුදු  13 කට පස්සේ ඉස්කෝලේ දාල යනවා..හෙට රස්සාව දාල යනවා..ඊළගට ජීවිතෙත් දාල යාවි..." කිය ල ..ඇත්තටම හැමදෙයක්ම තාවකාලිකයි..විශ්වය කිය ල  කිය න්නේ  නවාතැනක්     විතරයි..අපිට එහි ඉන්න තියෙන්නේ බොහෝ ම  ටික  කාලයයි.."ඒ නිසා ජීවත්වන තෙක් ආපසු හැරිලා බලන විට..සතුටු  විය හැකි දේ පමණක් කල යුතුයි..."                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             
                                                                       

  1.