ලා දම් අහසට පායන උදවිය ..

2014년 8월 10일 일요일

නිසල සිත් මල 10



පසුගිය කොටස්..

1  2  3  4  5  6   7  8  9  

විශ්මිත් විරංගත් පාඨමාලාව ඉදිරියට කරගෙන ගියේ මහත් උනන්දුවකිනි.ආශාවකිනි.ඔවුන්ට ඉගැන්වූයේ ගුරුවරියක් බැවින් ඇය වඩාත් මිත්‍රශීලි වූවාය.පරිඝණක පාඨමාලාවේදී දෙදෙනාට හමු වුන යහළුවන් අතරින් හසිනිත්, දිලංකත් වඩාත් සමීප විය.විවේකී දිනයක තම නිවසට පැමිණෙන මෙන් හසිනි දෙදෙනාටම ආරාධනා කළාය.පැල්මඩුල්ලේ පිහිටි හසිනිගේ නිවසට යනවා නම් ඉතිරි පුංචි දුර කහවත්තට විත් තමන්ගේ නිවසටත් ගොඩවී යන්න 'යි දිලංක ද ආරාධනා කළේය.ඒ අනුව විවේකී දිනයක පැමිණෙන්නට දෙදෙනා පොරොන්දු වුවෝය. 

කෑම පැයේදී සිව්දෙනා ආහාර ගත්තේ එකටමය...කන වෙලාවේදීත් දිලංකගේ කටකාර කමේ අඩුවක් නැත.

"බත් එක ලෙහන්නත් නෑ ....අරකි සුදු ළුණු කෑල්ලට පනිනවා, මේකි තා මොහොකට හරි පනිනවා.., මූ බිත්තරේට පනිනවා..යකෝ මං මොනාද කන්නේ?" දිලංක කියවන්නේ බත් අහුරක් කටේ පුරවගන්නා ගමන්මය.

"තෝ ඔය කට පුරවන් ගලින්නේ මොනාද එතකොට...අනේ මේ කට වහගෙන කාපන්කෝ" විරංග මැසිවිලි නගද්දී විශ්මිටත් හසිනිත් සිනාසෙයි.

"කට වහගෙන කන්නේ කොහොමද බොල ? මගුලක් කියනවා මෙතන..."

"තොට ඉඳුල් කට ගාල තියෙන්නේ  සවලකින්ද කොහෙද..නැත්තං බඩේ අළුහුණු ද බලහං ..."

"පල පල යන්න...විශ්මි උඹේ බත් එක ගනිං ...මේක ඉවරයි..." දිලංක කියන්නේ  අන්තිම බත් කටත් ගිලින ගමන්. 

"දැන් කියහල්ලා .....මේ ඉරිදා අපේ ගෙදර එනවද උඹලා ?" හසිනි ඇසුවේ කතාව වෙනතකට හරවමින්.

"මං ඕන දවසක රෙඩි ...විශ්මි තමයි තීරණේ ගන්න ඕන.." විරංග කිවේ විශ්මි දෙස බලමින්.

"මං අම්මගෙනුයි තාත්තගෙනුයි අහන්න ඕනනේ බං ..." විශ්මි හසිනිට කීවාය.

"මොනාද බං ...පැල්මඩුල්ල කියන්නේ මහ ලොකු දුරක්යෑ ..උඹට එන්න දෙයිනේ ?" ඒ දිලංක ය.

"දුර නෙවේනේ බං ප්‍රශ්නේ...අපි උඹලා අඳුරනවා උනාට අම්මලා උඹලා ගැන දන්නෑනේ බං " විශ්මි කීවේ ගමන ගැන අවිනිශ්චිත තීරණයක හිඳය.

"එහෙනම් මොකෝ කරන්නේ?" හසිනි දුකෙන් කීවාය.

"මං ගෙදර ගිහිං අම්මව ශේප් කරගන්න බලන්නම්...ඔක්කොමත් හරි...අපේ අයියා ශේප් කරගන්න තමයි අමාරු.." විශ්මි කිවේ දමිත්ගේ හැටි හොඳින්ම දන්නා නිසාය.

"එහෙම උනොත් දමිත් අයියට මං කතා කරන්නම්..." විරංග කීවේ ඔහු ගැන විශ්වාසයක් දමිත් තුළ ඇති බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.

"අපි ඉස්සෙල්ලා කියලා බලමුකෝ..." විශ්මි කීවාය. 


සවස් කාලයේම විශ්මි කල්පනා කලේ හසිනිගේ නිවසට යාමට අම්මාගෙන් අවසර ගන්නේ කෙසේද යන්නයි.අම්මා තමන්ව නොදන්නා තැනක මෙතෙක් කල් යවා නැත.විරංගගේ ,චමිලාගේ නිවෙස්වල යන්න අවසර දුන්නේද ඒ දෙමව්පියන් සමග ඔවුන් තම නිවසට ආ පසුය.විශ්මිගේ දුරකථනය සංඥා දුන් හඬින් ඈ කල්පනාවෙන් මිදුණාය. දුරකථන තිරයේ කෙටි පණිවුඩයකි.  


"විශ්මි ...උඹ පරිස්සමට ගෙදර ගියා නේද?
අම්මගෙන් පර්මිෂන් ගත්තද?
මේ අයියගේ ෆෝන් එක  
මගේ  බැට්‍රිලෝව් "
~හසිනි~

කෙටි පණිවිඩය හසිනිගෙන් නමුත් විශ්මිට එය පුදුමයට කරුණක් විය.මක් නිසාද යත් එම පණිවුඩය ආ අංකය තම දුරකතනයේ සේව් වී ඇති නිසාවෙනි.එය පෙර දිනෙක සුදු අයියාට ඇමතුම් කරන්නට ගොස් වැරදී ගිය අංකයයි.මෙය අහම්බයකි...නමුත් එය විශ්වාස කිරීමට විශ්මිට මද වේලාවක් ගතවුනි.විශ්මි ඉක්මනින් මවගෙන් තීරණයක් ගැනීමට සිතුවාය.එසේ නොහැකි වුවොත් හසිනි නැවත අයියගේ දුරකතනයෙන් ඇමතුම් කරන්නට ඉඩ තිබේ.ඔහුට අංකය මතක  තිබුණොත් තමන් ගැන වැරදි වැටහීමක් නිසැකවම ඇති කරගනු ඇත.


"ඔයා ඔය දවසට දෙකට යාළුවො ගැන කියන්නේ කොහොමද සුදු දූ ...?" සුභාද්‍ර ඇසුවේ විශ්මි හසිනිගේ නිවැසියන් ගේ පවා හොඳ කියා යන්නට අවශ්‍ය උපරිම වෑයමත් දැරුවාට පසුය.

"අම්මා මං කියනවට විරංගගෙන් අහලා බලන්න... විරංග ඉතිං අම්මගේ සුදු පුතා තරම්ම විශ්වාසනේ " විශ්මි අන්තිම තුරුම්පුව ද ගැසුවාය.

"මං දන්නෑ ඕවා ....තාත්තා ආපුවහම අහගන්න ඔයාම..." සුභද්‍රා දැඩි තීරණයක ඇති බව වචනවලින්ම විශ්මිට තේරුම් ගියාය.

විශ්මි විරංග ට ඇමතුමක් ගෙන විස්තරය කීවාය


"මං අම්මට කතා කරන්නද..." විරංග ඇසුවේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය.මවගේ හිතේ කැමැත්තක් ඇති කරගතහොත් තාත්තාව කැමති කරවා ගැනීම එතරම් අපහසු නොවේ.

"හ්ම්....දැන්ම ගන්න...මාත් එක්ක කතා කරපු බවක් අඟවන්න එපා හොඳේ.."

"කපටිච්චි "

විරංග අනෙක් අතට නිවසේ දුරකතනයට ගත්තේය.ඇමතුමට පිළිතුරු දුන්නේ සුභද්‍රා ය.

"ආන්ටි  මං විරංග..කෝ විශ්මි?"

"කාමරේ ඇති පුතේ....ඉන්න දෙන්නම්...."

"නෑ ..එපා...ආන්ටි , මේ....ඉරිදා හසිනිලගේ ගෙදර යන්න එයා ඒවිද දන්නෑ නේද ආන්ටි " විරංග එය අසද්දී සුභද්‍රාගේ කට කොනකට සිනහවක් නැගුණේ දෙදෙනාගේ කපටිකම් හැඟුන නිසාවෙනි.


" අනේ මන්දා පුතා....ඔය කොහෙද,කවුද  කියලා හරියට දන්නෙත් නැතුව...!" සුභද්‍රා කීවේ හිත රිද්දන්නට බැරි තැනය.

"එයාලා අපි වගේ තමයි ආන්ටි ...අනික මාත් යනවනේ..."

"හ්ම්...බලමුකෝ පුතා..අංකලුත් ආවහම අහලා ..."සුභද්‍රා කීවෙන් විරංගට යම් බලාපොරොත්තුවක් තියාගැනීමට හැකි විය.

"පුතා මං විශ්මිට දෙන්නද..." සුභද්‍රා ඇසුවේ හොරගල් අහුලමින් උන් විශ්මිව දැක්කාට පසුය.

"හෙලෝ..." විශ්මි කතා කලේ අම්මා මදක් ඈතට ගියායින් පසුවය.

"මටත් කීවේ බොසාගෙන් අවසර නැතුව බෑ කියලා ..." විරංග කීවේය

"ඒ උනාට ඉස්සර තරම් තදේට නෙවෙයිනේ ඒක කිවුවේ..., ඒකත් ඇති..."


"ඔයාට එන්න දෙනවා අනිවාර්යෙන්...බය නැතුව ඉන්න..." විරංග ස්ථිරත්වයෙන් කිවේය.

විශ්මිගේ හැඟීම් හඳුනාගත් සුභද්‍රා රාත්‍රී කෑම මේසයේදී සමරවික්‍රම සමග  කතාවට වැටුනේ විශ්මිගේ ගමන ගැන ඔහුත් සමග කතිකාවකට මුල පුරන්නටය.

"දූගේ කොම්පියුටර් ස්කූල් එකේදී අලුත් යාලුවෝ දෙන්නක් හම්බවෙලානේ සමරේ ...." සුභද්‍රා කීවාය.

"ආ....අහන්නත් බැරිඋනානේ ඒ ගැන....කොහොමද සුදු දු කෝස් එක?"

"කරගෙන යනවා තාත්තේ....හොඳයි...." විශ්මි කීවාය.

"හ්ම් .....මං දන්නවනේ මයේ කෙල්ල ගැන..." සමරවික්‍රම කීවේ ආඩම්බරය මුසු හැගිමකිනි.විශ්මි මිහිරි සිනහවක් පා දමිත් දෙස බලා ඇහි බැමි උඩ යැවුවාය.

"රිසාට්ස් එන්නත් තව වැඩි කාලයක් නෑ නේද සුදු දු ?"ඒ  සමරවික්‍රම ය .
 

"ඔවු තාත්තේ ...තව මාස එකහමාරක් වගේ තියෙන්නේ..."

"කැම්පස් ෂුවර් නේ?" සමරවික්‍රම ඇසුවේ සිනාමුසුවය. විශ්මි පිළිතුරු දෙනු වෙනුවට සිනාසුනාය.


"සමරේ ....දුලගෙ කොම්පියුටර් ස්කූල් එකේ යාලුවෙක්ගෙ ගෙදරක දූ යන්න අහනවා..." සුභද්‍රා කී විට විශ්මි හොරැහින් දමිත් දෙස බැලුවේ ඔහුගේ ඉරියව් තුලින් අදහසක් ගන්නටය.

"කවුද සුදු දූ යාළුවා?" සමරවික්‍රම ඇසුවේ මදක් නිහඬව හිඳය.

"මේ....හසිනි කියලා තාත්තේ....විරංගත් යනවා..." ඈ විරංග ව ඈඳා  ගත්තේ එවිට බුරුලක් ඇති බැව් දන්නා නිසාවෙනි.

"කොහේ ඉන්න යාලුවෙක්ද ඔය?" දමිත් ඇසුවේ නුරුස්නා ස්වරයකිනි.

"පැල්මඩුල්ලේ ...." විශ්මි කීවේ දමිත්ගේ අකමැත්ත ඒ වචන ටිකෙන්ම හැඳිනගෙනය.


ඉන්පසු කෑම කා අවසන් වන තෙක්ම දමිත්ගේ කෙළවරක් නැති ප්‍රශ්නවලට පිළිතුරු දුන් විශ්මි ඉරිදා ගමන යාමේ අදහස සිතින් අත්හැරගෙන උන්නාය.අත සෝදාගෙන පැපොල් කෑල්ලක් කෑ සමරවික්‍රම මේසයෙන් නැගිට්ටේ විශ්මිට ගමන යන්නට අවසර දී ය. සතුටින් ඉපිල ගිය විශ්මි විරංගට සහ හසිනිට එය එවෙලේහිම දැන්වුවාය.






 
 

댓글 39개:

  1. ඒ ගමන හසිනිගෙ අයිය කාරයත් කතාවට එන්ටර් වෙයි වගේ...
    අයියෝ ඉක්කනට ඉක්කනට ලියන්ඩ අෆ්ෆා.... හදිස්සියි කියවන්න

    답글삭제
    답글
    1. ඇන්ටර් වෙයි වෙයි :D
      හා අප්පා ....ඉක්කනට තමයි මේ....

      삭제
  2. වැාඩේ හරි එහෙනං.. දැං ඉතිං යන එකයි ඇත්තේ..

    답글삭제
    답글
    1. හිකිස්.....ඔවු ඔවු :D

      삭제
  3. රයිට් ........................................ ඉදිරියටම යං..

    බු දු ස ර ණ යි !!!

    답글삭제
    답글
    1. එලස් යං..යං..

      බු දු ස ර ණ යි !!!

      삭제
  4. හා එහෙනං පැල්මඩුල්ලෙදි හම්බෙමුකො...
    හැක් හැක්

    답글삭제
    답글
    1. හා හමුවෙමුකො
      හැක් හැක්

      삭제
    2. අඩෝව් පැල්මඩුල්ල හතර මායිමේ එන්න එපා ඒක දැං මගේ ඒරියා එක හරිය.............

      삭제
    3. හෑ ......මේ බොලා පැල්මඩුල්ලේද ?

      삭제
  5. හරි ඊළඟට ගමන නේද.

    답글삭제
  6. කොටස් ටිකම මුල ඉදලා කියවන්නම් නගා නිවාඩු පාඩුවේ. නගාගෙ බ්ලොග් එක දැන් හරිම ලස්සනයි. ගොඩාක් ලස්සනට ලියනවා. සතුටුයි නගා.
    සඳ බ්ලොග් නොලිව්වට හොරෙන් ඇවිත් බලලා සතුටු වෙනවා ඇති නේද නගා.

    답글삭제
    답글
    1. අප්පේ....දෙයියෝ බුදුන් දැක්කා වගේ...:)

      //කොටස් ටිකම මුල ඉදලා කියවන්නම් නගා නිවාඩු පාඩුවේ//හා ....පුළුවන් වෙලාවට කියවන්නකෝ සුදු අක්කෝ...ඇවිත් මෙහෙම ඔලුව දාල යන එකත් හයියක්...

      // නගාගෙ බ්ලොග් එක දැන් හරිම ලස්සනයි.//ඒ ඉතිං සුදු අක්කෝ ඔයා හින්දනේ.. ;)

      //ගොඩාක් ලස්සනට ලියනවා. සතුටුයි නගා. //ඒකෙ ගෞරවෙත් මං ඔයාටම දෙනෝ.... ස්තුතියි ගොඩක්

      //සඳ බ්ලොග් නොලිව්වට හොරෙන් ඇවිත් බලලා සතුටු වෙනවා ඇති නේද නගා//මටත් එහෙම හිතෙනවා අක්කෝ ...ඒ නැතත් සඳ වගේම ඔයත් මට කවදාවත් අමතක වෙන්නෑ


      삭제
  7. පරණ කොටස් කියවලම එන්නම් කියල හිතාගෙන හිටියොත් මේ කොටස් ආයෙ මඟ ඇරෙනවා. ඔන්න ඒ නිසා මෙතනින්ම පටන්ගත්තා.

    답글삭제
    답글
    1. එලස්....කියවගෙන යමු ඉදිරියට එහෙනම්....

      ගැටලුවක් ආවොත් ඔය උඩ ඉන්න පික්සු බස්සි ඇතුළු පිරිස එවරෙඩි උත්තර දෙයි...හික්....

      삭제
  8. මට මගැරිලාද? නැත්තන් කියවලාම නැද්ද කියලා මේ කම්පනා කලේ o.O

    답글삭제
    답글
    1. මටත් ඕකම වෙනෝ වෙලාවකට....හික්ස්

      삭제
  9. බලමු බලමු තවත් ඉදිරියට මොනවැයි වෙන්වේ කියලා.

    답글삭제
  10. අපිත් පැල්මඩුල්ලෙ යමු එහෙනම්!! :)

    답글삭제
    답글
    1. හාකෝ යමු එහෙනම්!! :)

      삭제
  11. මොනවා වෙලාද කියලා බලන්න තියෙන හදිස්සියට ඔ‍ෆිස් එකේදි කතාව කියෙව්වට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් තිබුනේ නෑ... :)

    බලමුකො බලමුකො මොකද වෙන්නේ කියලා ...

    답글삭제
    답글
    1. එහෙමද තුෂානි ...

      බලමුකෝ නේද?

      삭제
  12. ඒ... නිදිමතයි බන්ස්.....!
    හෙට කියවන්නම්....... ජයවේවා.

    (අනං මනං කොටලා තියහන් බලන්න මේ කොමෙන්ටුව යටින්, එකා එකා ගානේ.....ZZZZZZ)

    답글삭제
    답글
    1. නිදිමතයි??? හපුයි....බන්ස් ලංකාවේ නෙවේද ඉන්නේ...
      එලස් ....ජයවේවා !

      මේ නිමෝ පෙරේතකමට ගිලලා වැඩිවෙලා නිදිමතලු ....සැක් ලද්දාවේ බෑ අම්මපා
      (ඔන්න මං මුකුත් කිවුවේ නෑ ලු ) :D

      삭제
    2. ගිලලා තමා බන්. ඇල්කොහොල්.

      යකු මේකේ කොටස් 10 තියෙනවානෙව... හිටු කියවලා එන්න.

      삭제
    3. ඇල්කොහොල්.??

      ඒ උඹ බොනවද බං ??? :D :D

      "දුම්කොළ ,මත් ද්‍රව්‍ය රගපෑම් නිසා ඔබේ දරුවා ඊට යොමු විය හැක..ඔබේ අහිංසක දරුවාට එය කියා දෙන්න "
      හොකිස්....

      삭제
  13. හෑ දමිත් එන්ටර් උනා නේ කතාවට ඈ බං රෙහානියෝ මේ එක එකාව කතාවට එන්ට කරලා උඹ හදන්නේ පාඨක අපිව මිනිමරුවෝ කරන්නද? ඈ ......අනී ඉක්මනට ලියපම් ඉතුරු ටිකත්...

    답글삭제
    답글
    1. දමිත් හිටියේ බං කලිනූත් ඒ විශ්මිගේ අයියනේ...

      අලුත් පොරක් එන්ටර් වීගෙන එනවා තමයි ඉතිං ..
      ඉක්මනට ලියන්නම්කො....මේ කිඹුලි ට තීන හදිස්සිය :D

      삭제
  14. මේකට තව හෝතම්බුවෝ එන්ටර් වෙන්න තියෙනවද කියහං.. එහෙනම් මම කෙලිනම අන්තිම කොටස දැම්මම ඇවිත් ඔක්කොම කියවන්නම්.. නැත්නම් ඔය කිඹුලි උඩින් කියලා තියෙනවා වගේ අපි මිනීමරුවෝ වෙනවා..

    답글삭제
    답글
    1. යකෝ මුංගේ සැර ..... :D

      සංසුන් වෙන්න අයියණ්ඩි ....දැන් චරිත ඔක්කොම එන්ටර් වෙලා ඉවරයි.....ඔච්චරයි...

      삭제
  15. අම්මට ශ්‍රී ඒ ගමන කලින් මිස් කෝල් කාරයා ගේමට එන්ටර් වෙයි වගේ. උඹත් මහා අපරාද කොරන්න් හදන්නේ , අහිංසක ලව් කඩ කඩා .

    දැන් විරන්ගයාට හින්දි ෆිල්ම් එකක වගේ අභියෝග බාරගන්න් වෙනවා . අර තනිතරුවා මේ කතාවට ෆිල්ම් එකක් හදයි ඔන්න කිව්වොත්

    답글삭제
    답글
    1. //අහිංසක ලව් කඩ කඩා .//

      හෑ .......දැන් මේ කතාවේ කොහෙද ලව් එකක් තීන්නේ ...? :D

      තනිතරුවා ෆිල්ම් කරනවැයි ? ඒනම් කියමුද? ;)

      ආ අයියණ්ඩි ....දැන් මොනාහරි ලියන්ට කාලෙ හරි...අඩුම තරමේ කයියක් වත් ??
      තැන්කිව් වේවා කර්යබහුලත්වය මැද්දේ ඇවිත් කියෝනවට...

      삭제
  16. බඩේ අළුහුණු තිබ්බාම මොකොද වෙන්නේ බං..?
    එහෙනම් එක මිස් කෝල් එකක්මත් නෙමේ වගේ.

    답글삭제
    답글
    1. හෙහ් .....මෙයාටත් තීන ප්‍රශ්න....
      මිස් කෝල් නොවේ විශ්මිටනේ ඒ නම්බර් එකට වැරදිලා කෝල් ගියේ....පස්සේ එහෙන් විශ්මිට ගත්තම විශ්මි කතා කලා ...මතක නැහැයි ? :(

      삭제
    2. අයියෝ මට මේකේ ඔක්කොම චරිත පටලවිලා තියෙන්නේ..:(

      삭제
  17. විභාගෙ ලියලා ප්‍රතිඵල එනකං මම ගියේ ඉංග්‍රීසි පන්ති....හරි සුන්දර කාලයක් නේද නගා...ඔබේ කථාවෙන් ආයෙත් ඒ අතීතය මතක් උනා...

    답글삭제
  18. ඔහොම යං රෙහානියෝ.................... කතාව කියවන්න කියවන්න ලස්සන වෙනවානේ..... එළස්.......................

    답글삭제