ලා දම් අහසට පායන උදවිය ..

2012년 8월 20일 월요일

ජෑම් පාස් ..

අහ්...කට්ටිය...ඉතින් කොහොමද?මගේ සහෘද  අඩවි ඔක්කොම හොඳින් නේද ? ඔන්න  මම අද කියන්න  යන්නේ අපේ පැත්තේ  අය්යා   කෙනෙකුට   උන   වැඩක්  ගැන.මේකත් ඉතින්  සත්‍ය  කතාවක්  තමයි. මේ  කියන  අය්යා අපි සඳුන්  කියල හඳුන්වමුකෝ. මොකෝ  ඇත්ත  නම කියන එක හරි නැහැනේ.(එයත්  ඉදහිට   මගේ  බ්ලොගිය  පැත්තේ  එන  එකේ)  සඳුන් අය්යා  දැනට අවරුදු 3 කට 4 කට කලින් එයාටම කියල  ත්‍රී විල්  එකක් ගත්තා. ඉතින් මෙයාගේ පන  වගේ රැකගෙන  ඉන්න  මේ  ත්‍රී විල් එකට  දුම් එහෙම අල්ලලා, හඳුන් කුරක් එහෙම  ගහල,  මාර ලස්සනට  ත්‍රීවිල් එක තියන්  හිටියේ. ටික දවසක්  ගිහින්  ගමේ  ත්‍රීවිල්  පාර්ක් එකට  ත්‍රීවිල් එක  දාගෙන හයර් කරන්න  ගත්තා. අපේ  සඳුන්   අය්යත් හිත  හොඳ කොල්ල  නිසා   හයර්  වැහි වැහැල   තිබුනේ.                                                                                                        
                                                                                                                                                                        ටික  දවසක්  යද්දී  සඳුන් අය්යට  අලුත් හයර් එකක්  සෙට්  උනා. ඒක  තමයි    බේකරියක   පාන් සහ අනිත්  කෑම  වර්ග අරගෙන  ගිහින් කඩවල්   වලට  දාන එක.  මේ වැඩේට   එයාට ගෝලයෙකුත්  ලැබුන. හුඟක් දුර  යන්න    තිබුනෙත් නැහැ .ගමේ  අවට  දන්නා කියන  කඩවල් වලට.  ඉතින්  සඳුන්  අය්යත්  හරි කැමැත්තෙන්   වැඩේ බාර   ගත්ත.. ටික  දවසක්   යනකන් වැඩේ   හොදට කරගෙන  ගියා  දෙය්යනේ කියල. පහු  පහු   වෙනකොට   කොහු කොහු  වෙනවා  කියන්නා වගේ  දෙන කෑම වර්ග  වල තියන සුපිරි බව ටික ටික  අඩු  වෙලා  යනවලු.වැඩේ කියන්නේ   කඩ මුන්දලාලිලා   සඳුන්   අය්යගෙන්  බඩු ගන්නේ  බේකරියේ   ඇඳුනුම්   කමට        වඩා   සඳුන්    අය්යාගේ   ඇඳුනුම්  කමට .  ඔහොම   යනකොට කඩේ  මුන්දලාලිලා කියන්න  පටන් අරන්  සඳුන් අය්යට   "දැන් නම්  කෑම සවුත්තුයි කොල්ලෝ,  මුලදී තිබ්බ  වගේ හොඳට නැහැ . " කියල.   සඳුන් අය්යත්  කට කාරය  නිසා  මොනවා  හරි  කියල  ශේප්  එකක්   දාගෙන  ඇවිත්. මොකෝ  ඉතින්  සඳුන්  අය්ය   බේකරියේ  වැඩ     කරන්නේ   නැහැ නේ. එයා යන්නේ  එයාගේ හයර් එක කරගන්නනෙ. කොහොම කොහොම හරි ඔහොම යද්දී  දවසක් එක  මුන්දලාලි කෙනෙක් කියනවලු  "සඳුනා,   මේ මාළු  බනිස් මැද්දේ  ළුණු විතරනේ බන්  කෝ මාළු කියල,   තව කෙනෙක්  කියනවලු  පහුවදා  උදේට  " බනිස් ඉතුරු වුණා..   ආපහු ගෙනියන්න"  කියල , ඔය විදිහට  දැන් හැමදාම මිනිස්සු අනන්  මනං කියනවලු... සඳුන් අය්යටත්  දැන් ඇති වෙලා.  සඳුන් අය්ය  බේකරියේ  අයිති අයට දන්වල තිබුනත්  තත්ත්වය  වෙනස් වෙලා  තිබුනේ නැතිලු.                                                                                                                                                                                                                                                 ඔය විදිහට   දවසක්  සඳුන්  අය්ය උදේම  කඩේකට ගිහින්  පාන් දාන්න. මුන්දලාලිගේ   බැල්මත්   එච්චර හොඳ නැතිලු   ඒ වෙලාවේ. සඳුන් අය්යට  වැඩේ තේරිලා  වාහනෙන්  බහිද්දිම.                                          
     
මුන්දලාලි අද මොනවද දාන්නේ ?
                                                                                                                                                                                                                                                                      
                                                                                                                               මොනවද ඕයි තමුසෙලගෙ කෑම...?                                                                                                                                                                                                                                                                                      ඒවා අරන් ගිය   මිනිස්සු     මට   බනිනවා   කඩේටම  ඇවිත්.. මන්  කොහොමද   වෙළඳාමක්   කරගන්නේ?මීටපස්සේ    මේ  කඩේට  තමුසෙලගෙ    බඩු ඕන  නැහැ.  (මුන්දලාලිට හොඳටම කේන්ති ගිහින්ලු.)              
      
ඇයි මුන්දලාලි මොකද වෙලා තියෙන්නේ?
                                                                                                                                                                                                                                                                                     
                                                                                                                                                         මොකද   වෙලා  තියෙන්නේ? අහන  හැටි විතරක්.. බලනවා   මේ ජෑම්  පාස්   එක    දිහා..   .කෝ   අයිසේ    මේකේ  ජෑම්?     (මුන්දලාලි ජෑම් පාස් එක  දෙකට    කඩල   පෙන්නලා   ඇහුවා.)                                             
                                                                                                                                                           
   
අය්යෝ මුන්දලාලි එකනේ ඕවට ජෑම් පාස් කියන්නේ...
                                            

2012년 8월 10일 금요일

බහිරව බස් කොල්ලෝ...

රෙහානි කිවුව   මතක ඇතිනේ...රෙහානි දුර  ගමනක් ගියා කියල...ඒ ගියේ තිස්සමහාරාමේ අක්කලාගේ ගෙදර..රත්නපුරේ ඉදන් තිස්සමහාරමෙට යනකොට කොහොමද තෙහෙට්ටුව.. කියල  වැඩක්  නැහැ  ඒ ගැන.  මේ  ඒ යද්දී වෙච්ච දෙයක්..  මන් හිතනවා බස්  වල යන ගැහැණු  ළමයි ඔක්කොම මට  එකඟ වෙයි කියල...
රෙහානි කෙලින්ම  කතරගම  කොළඹ බස්  එකකට තමයි  නැග්ගේ රත්නපුරෙන්.. බස් එකේ තිබුනේ සීට් දෙකයි  තුනයි..මාත්  එක්කම තව  දෙතුන්  දෙනෙක්  බස් එකට නැග්ග   .දන්නවනේ  අපේ කට්ටිය  බස් වලට  නගින්න  ගියහම  පෙරලගෙන  මී හරක් වගේ.. මාත් ඔය  අස්සෙන්  අමාරුවෙන්  රින්ගගත්ත. .මොකද  තිස්සටම  යන්න ඕනනේ..හිටගෙන යන්න පුලුවන්ද ඔච්චර දුරක්..!දෙවියනේ..., මන් නගිද්දී හිස් තිබුනේ එකම එක සීට් එකයි.අකමැත්තෙන් උනත් ඉදගන්න ඕනනේ.හ්ම්...ඒ මදිවට එතන ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් .තුන් දෙනාට ඉදගන්න පුළුවන් සීට් තියන  බස් එකක් ඒක.මන් ඉතින් ඔතනින් ඉදගත්තා. පැල්මඩුල්ලට  යනකන්  ගානක්  නැතුව  ගියා.පැල්මඩුල්ලේ  බස් එක  නැවැත්තුව  තේ බොන්න. කොළඹ  ඉදන්නේ  බස් එක එන්නේ.   මගේ ලග  හිටපු ඩබල  බැස්ස.මගේ  ලගම හිටපු කොල්ල  කොර ගහනවා. බලද්දී  කකුල  මොකක් හරි වෙලා. බෙහෙත් දාල තිබුන.
ඔන්න  තේ  බීල  ආපහු ආව කට්ටිය  බස් එකට.අර කොලු  ගැටයත්  ඇවිල්ල අමාරුවෙන් ඉදගත්තා.මෙයා ෆෝන් එකේ ඉයර් ෆෝන් එක කනේ ගහගෙන යනවා..සින්දු අහ අහා..ටික දුරක් යනකොට මෙයා සින්දු අහනවා විතරක් නෙවෙයි..මුමුණනවා...කියන්න දන්නෙත් නැහැ .ගිරියෙන් කෑගහනවා  වගේ..මට තනියම හිනා යන්නත් එනවා  .හිනා වෙන්නත් බැහැ.මම කාගෙන හිටියා. ඔහොම ටිකක් යනකොට මෙයාට නින්ද යනවා.ඒ මදිවට බර වෙන්නේ මගේ පැත්තට.මන් ඇඟට එයි කියල බයට අයිනට  අයිනට ආව. හපෝ... එපාම  වෙලා  හිටියේ.බස් එක බ්රේක් කරන කොට උඩ ගිහින් ඇහැරෙනවා.ආයෙත්   සින්දු   කෑලි   කියනවා. ඒගොල්ලෝ  හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ විතරයි බස් එකේ යන්න  ඕනි   කියල. ළඟ  ඉ න්න  කෙනාට  කරදරයක්ද  කියල  නිකමටවත් හිතන්නේ නැහැ. හැබැයි සමහරු විතරයි මෙහෙම වෙන්නේ  හැමෝමත්  නෙවෙයි.  
       අනිත්  එක  තමයි (ඔය උඩ පින්තුරේ තියනවා වගේ )පිරිමි ළමයි බස් වල ඉදගන්නේ සීට් එකම බදු අරගෙන වගේ..බහිරවය  අරක් ගත්ත වගේ.එතකොට දෙන්නෙකුට ඉදගන්න තියන  සීට් එකෙන් තුන් කාලක්ම ඒගොල්ලන්ට ඕනි.පොඩ්ඩක් මහත කොල්ලෙක් ඉදගත්තොත් එහෙම ඔය  විදිහට  අපි  වගේ  ඇගෙන්   පතෙන් පොඩි එකෙකුට නම් ගානක් නැහැ.ඒ උනත් සීට් එක  අයිනේ මොකා ද එකා  වගේ  එල්ලිලා  තමයි  යන්න වෙන්නේ.. කොහොමද එහෙම දුර   ගමනක් යන්න ගි යහම .. හපොයි  රෙහානි  කාපු කට්ටක්...   වෙලාවට  ඒ  දෙන්න මගින් බැස්ස.  එත්... හරියටම   බැස්සේ  තැන  මතක  නැහැ. රෙහානිට  ඉතින්   නිවන්  ගියා  වගේ  තමයි... 
මෙන්න  මේ  වගේ  තැන්වල  කොච්චර  නිදාගත්තත්  කමක් නැහැ.. කාටවත් එකෙන්  කරදරයක් නැහැනේ. ඔය උඩම   පින්තුරේ  බලන්නකෝ...  කෙල්ල  ඉදගෙන  ඉන්න  හැටි... පොඩි  ඉඩක්  ඇති  ගැහැණු ළමයින්ට...  මේ වගේ  බස්වල   යන  පිරිමි ළමයි   අනිත් වටේ  පිටේ ඉන්න   පුද්ගලයෝ  ගැනත්  සැලකිලිමත්  උනොත්   හොඳයි  ඔන්න....

2012년 8월 1일 수요일

පසේ බුදුන්.....

යාලුවනේ...ඔන්න මේක අපේ ගම් පළාතේ කතන්දරයක් හොඳද?මේ කතාව  මයේ  හිතේ  අපේ  ලාබයි  ඇපල්    යාලු  එහෙම   සමහරවිට   
අහලත්  
 ඇති.    මොකෝ    ඉතින් අපේ ගම්   පලාතෙනේ ...  ඔන්න  දන්නා  නොදන්නා   හැමෝම  අහගන්නකෝ..  
අපේ  පළාතේ   හිටිය  ස්වාමින්වහන්සේ  කෙනෙක්... මේ  ස්වාමින්වහන්සේගේ   ඔලුව   ටිකක්   හොඳ මදි... ටිකක්මත් නෙවෙයි  ඉතින් හොඳටම  හොඳ නැහැ වගේ. ..ඉස්සෙල්ල  මේ ස්වාමින්  වහන්සේගේ  හැටි  තේරුම්  ගන්නකො... මේ ස්වාමින් වහන්සේ  පිස්සු උනාට  චීවරය දරාගෙනමයි  හිටියේ..   ඒ නිසා  මිනිස්සු  මේ  ස්වාමින්  වහන්සේට හාමුදුරුවනේ  කියලම තමයි  කතා කලෙත්..හාමුදුරුවෝ රාත්‍රිය ගත  කරන්නේ  උන් වහන්සේට හිතුන හිතුන තැන  . ගස්  ගල් පල්ලේ ..,  ගල් ගුහාවල්වල,  ටවුන්වල   පේමන්ට්  එකේ  ඔය වගේ තැන්   ..හාමුදුරුවෝ වළඳන්නේ  කුණු බක්කිවල තියන දේවල්.. . එත්...  හාමුදුරුවෝ   පොළ  දවසට පොලෙන්  බඩුත් අරන්  යනවා..ඒවත් උයාගෙන  වළඳන  වෙලාවල් තියනවා..( මේ  හාමුදුරුවෝ වැඩිපුර වාසය  කලේ කුරුවිට ප්‍රදේශයේ..) හාමුදුරුවෝ  පොළ දවසට  පොලට ඇවිත් ...                                                                                                                                              
  
මට බෝංචි කිලෝ එකක් දෙන්න...
  
මට කැරට් කිලෝ එකක් දෙන්න..
                                                                                                   
                                                                                                                        
 ඔය  විදිහට  එළවලු  හාල් ඉල්ලනවලු... මිනිස්සුත් ඉල්ලන  විදිහට දෙනවලු... (සල්ලිවලට  නෙවෙයි නිකන්) මොකද  පිස්සු උනත් හාමුදුරු  නමක් නේ....ඒකයි.    හාමුදුරුවෝ ටවුන්  එකේ ඉන්න  දවස්වලට උදේට නැගිටලා හොඳට දත්  ටික එහෙම  මැදගෙන ටවුන් එකේ තියන හොඳ කුණු කාණුවක් බලල හොදට සොලවල  කට  සොදගන්නවලු.මන්  මේ ටික කිවුවේ  මේ ස්වාමින් වහන්සේගේ  හැටි හරියටම තේරුම් ගන්න  පුළුවන්  වෙන්න..
                                                                                                                                                    
 දවසක් මේ හාමුදුරුවෝ  හොඳ මැණික් ඉල්ලමක්  මතුවෙලා ගරන පතලක  ලගින් යනකොට හාමුදුරුවන්ටත්  හිතිලා  මේ ඉල්ලම් ගොඩ  හාරලා බලන්න. පතලේ ඒ  වෙලාවේ වැඩ  කර කර හිටපු මිනිස්සුත් මේක දැක්කට පිස්සු හමුදුරුවොනේ කියල හිතල ඔහේ ඉන්න දීල .. (නැතුව ඉතින් අනුන්ගේ ඉල්ලමකට  අපි වගේ අත  ගහන්න ගියොත්  ඉතින් ඉල්ලම් කූරු පාර  කාල තමයි  එන්න වෙන්නේ  ...හිකිස්...) හාමුදුරුවන්ටත්  හරි වැඩේ  තමයි උනේ..මේ  වෙලාවේම  මෙතනට අපේ  පොලිස්  මාමලා  පැනල. පතලේ  ඒ වෙලාවේ වැඩ කර  කර හිටපු උදවිය  හතේ අතේ දුවලා... හාමුදුරුවන් ට  තේරුම් ගන්න  බැහැ නේ  වෙන්න යන දේ...  හාමුදුරුවෝ  හාමුදුරුවන්ගේ  වැඩේ අත හැරල  නැහැ.මෙතනට ආපු පොලිස්  මාමලා දෙතුන්  දෙනෙක් ගෙන්  කෙනෙක් හාමුදුරුවන්ගෙන්  අහලා..,                                       
     
          
මොකෝ හාමුදුරුවනේ කරන්නේ?
                                                                                                              
 
                මම   මේ පසේ බුදුන් හොයනවා...
                                                                                                                                                                 
                                                                                                                                                                                                        
                                                                                                                                                               ප.ලි.    =  බුදු දහමට  නිගා කිරීමට  සිතා පොස්ටුව  නොලියු  බව කරුණාවෙන්  සලකන්න. මෙය  සත්‍ය කතාවකි. පින්තුර  ගුගල්  වෙතිනි.