ඔයාල දන්නවද දෙන්නෙක් විවාහ වෙද්දී එකම ඇඟිල්ලට මුද්ද දාන්නේ ඇයි කියලා ,
විවාහ වෙද්දී මුදුව දාන්නේ වෙදගිල්ල නැත්නම් මුදුගිල්ල්ටනේ . පිරිමියෙක් දකුණු අතේ වෙදගිල්ලටත් ගැහැණු කෙනෙක් වම් අතේ වෙදගිල්ලටත් තමයි විවාහය සලකුණු කරන මුදුව පලඳින්නේ !නිකමට හරි හිතිලා තියනවද ඇයි ඒ ඇගිල්ලටම මුද්ද දාන්නේ කියලා ..(සමහරු නම් දැනටමත් මේ ගැන දන්නවා ඇති , නොදන්නා අයත් දැනගන්නකෝ අද )
මේ වගේ මැද ඇගිල්ල නවාගෙන වැඳගන්න |
විවාහයක් කියන්නේ කිසිදා නොබිඳෙන ප්‍රර්ථනාවකින් සිද්ද වෙන දෙයක් !දෙන්නෙක් ආවාහ විවාහ වෙන්නේ දිවි ඇති තෙක් එකට දුක සැප බෙදාගෙන ජීවත් වෙන්න .මේ මුද්ද පැලඳීමෙනුත් සංකේතවත් කරන්නේ ඒ දේම තමයි .ඉහත රුපයේ දිස්වෙන ආකාරයට මැදගිල්ල නවාගෙන වැඳගන්න !දැන් පිළිවෙලට මහපටගිල්ල , දබරගිල්ල , වෙදගිල්ල ,සුලගිල්ල වෙන්කර බලන්න .මහපටගිල්ල ,දබරගිල්ල , සුලගිල්ල පහසුවෙන් වෙන්කළ හැකි බව ඔබට වැටහේවි !නමුත් වෙදගිල්ල වෙන් කල නොහැකියි .විවාහය එවැනි තද බැඳීමක් ලෙස සංකේතවත් කිරීමට තමයි වෙදගිල්ලේ මුදුව පළඳින්නේ .
appata siriyanaga kiwwalu. Aeththa nennam.
ReplyDeleteMan me kalpana kale aththatama api angellata mudda daanawada nethnam muddata angilla daanawada kiyala.
හි හි ...එච්චර ඒ ගැන කල්පනා කරන්න එපා
Delete:D
අඩේ රෙහානිත් දන්න දේවල්..! නියමයි
ReplyDeleteඑතකොට කාගෙද මේ අත්දෙක..?
අත්දෙක අපේ දෝණිගේ ! දෝණිව කලින් පොස්ට් කියවපු අය දන්නවනේ :)
Deleteඅත්දෙක ඔහොම තියලා ෆොටෝ එක ගන්න මං වින්ද දුකක් ...හෆොයි
කෝ මේ අත් අයිතිකාරිඟෙ ඇඟිල්ලෙ මුද්දක් නෑනේ....
ReplyDelete(Y)
Deleteඑයා තාම පොඩි ළමයෙක් අලී ...
Delete;)
මගේ නම් ඒ ඇඟිලි දෙකත් අමාරුවක් නැතුවම වෙන්වුනා... දැන් මොකද ඉතිං කොරන්නෙ :)
ReplyDeleteහේ හේ .......කසාදයක් කරගන්ට අමාරුවෙයි මයේ හිතේ
Delete:D
හි හි :D
Deleteහැබෑ නේන්නම්. මමත් ටැස් කොරල බැලුවා. වෙන් කරන්න බෑ. ඒ වගේ චාරිත්‍ර උනත් අර්ථයක් ඇතුවයි හැදිලා තියන්නේ.
ReplyDeleteඒකනේ .......අනාධිමත් කාලෙක ඉඳන් පැවත එන චාරිත්තර ඕවා ,අපිට වඩා මුතුන් මිත්තෝ හොඳ බුද්ධිමත්ව ඉඳලා තියනවා !
Deleteමම මේක අහලා තියනවා..හැබැයි මෙහෙම කියවනකොට තවත් රසවත්... මගේ ඒ ඇගිලි දෙක වෙන්කරද්දි සුළැගිල්ලත් වෙන්වෙනවා.:D
ReplyDeleteහෑ ........................කොයි ඇඟිලි දෙක වෙන් කරද්දීද ?
Delete:D
මගේ ඕක වෙන් කරද්දී මූණත් ඇද වෙනවා..බලන්න
ReplyDeleteමේ කතාවේ මොකද වෙන්නේ කියල...
අහිංසක ආදර කතාවක්!සියල්ල හැර යාමට මත්තෙන් ( කැපකිරීම් , පරිත්‍යාගය සමග තව මෙව්වා ගොඩක් )
හේ හේ ...මුනත් ඇද වෙනවා??????? :D
Deleteඅදමයි ඔයගැන දැන ගත්තේ ,,,,මම නම් ඔය රත්තරන් පාවිච්චියක් නැහැ...
ReplyDeleteසමහරු රත්තරං වලට කැමති නැනේ ....ඒ වුනාට ඉතිං පවුම් හතරක් පහක් ළඟ තිබුණ කියල පාඩුවකුත් නෑ !
Deleteහ්ම්ම්..එහෙනම් ඒකයි ඒ නේද?
ReplyDeleteහ්ම් ...හ්ම් .... :)
Deleteමම ඔය කතාව දැක්කා ඊ මේල් එකක. මුද්ද නම් පාවිච්චියක් නෑ ඉතින් :)
ReplyDeleteඒ කීන්නේ ආස නැතුවද නැත්නම් තාම මැරී කරලා නැද්ද ?
Delete:)
මැද ඇඟිල්ල නමන්නේ නැතුව උනත් ඕක හරියනවා... මම ටැස් කොලා.... හොඳයි හොඳයි.. දැනගෙන හිටියෙ නෑ
ReplyDeleteහෑ ..ඒ කොහොමෙයි ????????
Delete:)
නියම ආදරයක් වෙන් කරන්න බෑ කියලා ඇඟිල්ලත් දන්නවා එහෙනම්.
ReplyDeleteසම‘හරක්ට ඇඟිල්ලට තේරෙන දේ තේරුම් ගන්න බෑනේ..
මම මේ නිකමට අහන්නේ..
ඇයි ඔය ඇඟිල්ලටම වෙදඟිල්ල කියන්නේ :D
නියම ආදරයක් වෙන් කරන්න බෑ !හරියටම හරි ......................
Deleteඒ ඇඟිල්ලටම වෙදගිල්ල කියන්නේ මම දන්නා තරමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී සහ තවත් තෙල් සම්බාහන ප්‍රතිකාර වලදී නිල උද්දීප නය කරන්න ප්‍රධානවම යොදාගන්නේ ඒ ඇගිල්ල නිසා ..
ඔය ඇගිලි හුටපටේ චීන කථාවක්, ඔවුන්ට අනුව අනෙකුත් ඇගිලි මිතුරන්, සහෝදරයන්, දෙමාපියන් සහ ඤාතීන් නියෝජනය කරනවා...මුදුව පලදින ඇගිල්ල සංඛේතවත් කරන්නෙ සහකරුවා/සහකාරිය
ReplyDeleteඅනෙකුත් ඇගිලි වෙන් කරන්නට හැකි වුවත් සහකරුවා නියෝජනය කරන ඇගිලි දෙක වෙන් කරන්න බැරි නිසා තමයි ඒ ඇගිල්ලට මුදව පලදින්නෙ.
මුදුව යන්නෙන් අදහස් කරන්නෙ සීමා රහිත ආදරය...මුදුව රවුම් හැඩයක් ගෙන තියෙන නිසා එහි කෙළවරක් කාටවත් පෙන්නන්න බෑ...
මගේ පෝස්ටුව තවත් අර්ථවත් කලාට ඔබට ස්තුතියි යාලු
Delete:)
මට වෙඩින් එකට මුදු හදවද්දි අම්මි කිව්ව මෑදට ගල් අල්ලන්නේ නෑතුව, මුකුත් මෑද ඩිසයින් එකක් නෑති රින්ග්ස් හදවන්න කියල.... ඈයි කියල ඈහුවහම කිව්වෙ රින්ග් එකෙන් ආදරේ සන්කෙතවත් වෙනවලු.... එහෙම රින්ග්ස් වල කෙලවරක් නෑහෑනේ ඒකෙන් කියන්නේ ආදරේ කෙලවරක් නෑ කියලලු.. සිරා කියල තිබුනෙත් ඒක උඩ කමෙන්ට් එකෙන්..හොද වෙලාවට ඒ කාලේ ඩිසයින් එක වෙලා තිබුනෙත් බෑන්ඩ් රින්ග් එකනෙ.. හෑදෙව්වට දෑමෙනව නම් අඩුයි... විවාහය කියන වචනයෙ තේරුමත් කියල දුන්න අම්මි.. වි - විශ්වාසය, වා- වාසනාව, හ- හරි මග, ය- යහපත් පෑවෑත්ම...
ReplyDeleteවිවාහය කියන එකටත් එහෙම අරුතක් තියනවද?අර මුදුවේ කෙළවරක් නැති එක ගැන මාත් දැනන් හිටියා ,හැමදේකටම ඉතින් අරුතක් තියනවා බැලුවහම !
Deleteමුද්ද වම් අතේ පළඳින්නෙත් හදවත හා සම්බන්ධ ධමනියක් වම් මුදු ඇඟිල්ලෙ තියන නිසා කියලත් කියනවා..
ReplyDeleteඑතකොට පිරිමි අය පළඳින්නේ දකුණු අතේනේ
Deleteඒකත් එහෙමද! රෙහානිත් හොයා ගන්න දේවල්.
ReplyDeleteඑහෙමලු එහෙමලු .......!
Delete:)
කලින් අහල තියේ මම නං ... ආහ්හ් රෙහානි එහෙනං ඔය කලා වගේ වෙදැඟිලි දෙකත් නමාගෙන වැඳගන්නකෝ.... දැං වෙදැගිලිදෙක හොදින් ස්පර්ශව තියනකොට මැද ඇඟිලි දෙක වෙන් කරන්න ට්‍රයි එකක් දෙන්න.. හි හි බෑ නේද? එ නං මං යෝජනා කරනව මුද්ද මැද ඇඟිල්ලටත් දාන්න ඔට්ටුයි කියල :P
ReplyDeleteඔයා කියන දේ හරි ඇති ..එත් එතකොට තුලනයක් නෑනේ යාලු ...හැමදේකටම පිළිවෙලක් තියෙනවනේ
Delete:)
තවම මට නම් ඕවා ගැන තේරුමක් නෑ
ReplyDeleteඅනේ තූති බබා
Delete:) :D
මමනම් මේ ගැන දැන ගත්තේ අද තමා...රෙහානි ඔබත් මුදු දාන්න දින ලගයිද.මේ වගේ පොස්ට් එකක් එක පාරට මතක් උනේ...
ReplyDeleteහි හි මාත් මුදුව පලදලා තමයි ඉන්නේ
Delete:D
මාත් ඕක දැම්මා කාලෙකට ඉහතදී.. ඒත් මේවගේ තෙරුමක් ඇතිබව දැනගත්තේ අද තමයි
ReplyDeleteඒකනේ ...අපි නොහිතන තේරුම් තියනවා නේද?
Deleteචඃ මරු නේ
ReplyDeleteමාත් මේක ගැන හොය හොයා හිටියේ :)
අද ඕන් දැනගත්ත නොවැ !
DeleteThis comment has been removed by the author.
ReplyDeleteරෙහානි අක්කා ඔන්න මමත් කමෙන්ටුවක් දිගේ හොයා ගෙන ආවා.. මුදු ගැන නම් ටිකක් දැනන් හිටියා. ඒත් මෙච්චර දෙයක් දැන ගත්තෙ අදයි..:)
ReplyDeleteඔයාව සාදරයෙන් පිලිගන්නවා ලාදම් අහස යටට !
Deleteඒ අක්කේ,මගේ ඇගිල්ල වෙන් කරන්න පුළුවන්නේ.. මාර කේස් එක..!
ReplyDeleteපිස්සු කෙල්ල හරියට කරන්න නැතුව ඇති .මැද ඇඟිල්ල නවලා හොඳට තදින් අත්දෙක ස්පර්ශ කරලයි වැඳගන්න ඕනේ ..ආයෙත් කරලා බලන්නකෝ
Deleteහා.. බෑ තමයි.මං හරියට වැදගන්නැතුව ඇති.
Deleteඇත්තටම කිව්වොත් මං බය වුණා..)))
अपने हाथ बहुत अर्थपूर्ण हैं
ReplyDeleteහා .....ඒකට කමක් නෑ :D :D (කුණුහරපෙන් බැනලද දන්නෙත් නෑ )
DeleteHI friend..!, I don't understand this languvage! can U pls use English?..
බලන්නකො ඒකෙත් හැටි නේද :) කාලෙකට කලින් පෝරුවෙ චාරිත්‍ර වලින් අර්ථවත් වෙන දේවල් යාලුවෙක් කිව්ව...ඒත් ඒව දැන් නම් මතක නෑ :(
ReplyDeleteගොඩක් චාරිත්‍ර හැදිලා තියෙන්නේ අර්ථයක් ඇතුව ...අපි නොදන්නවා වුනාට :)
Deleteඅර්ථවත් අරුතක්..! ස්තූතියි බෙදාගත්තට..
ReplyDeleteකෝ එතකොට මේ අත්දෙක අයිතිකාරියගෙ මුදුව.. :D
අත් අයිතිකාරි තවම පොඩියි නන්දු !
Delete:)
මේක නම් කලින් අහල තිබුනා.... ඒ වුනාට නොදන්නා අය ගොඩක් ඉදල තියෙනවා කියල කමෙන්ට්ස් බලන කොට තේරුනා. හොද වැඩක් රෙහානි....
ReplyDeleteස්තුතියි පොස්ටුව බලන්න ආවනේ :)
Deleteඒක දැනගත්ත එක හොඳා ..මාත් ළඟදීම මුද්දක් දාගන්න ඉන්නේ ! :))
ReplyDeleteඕන් මනමාලි ඇහුවොත් දැන් උත්තර දෙන්න පුළුවනි
Deleteමම කලින් මේ විදියට කරන්න ට්‍රය් කළා එත් මොන ඇඟිල්ලද කියල මතක නැතුව හිටියේ..
ReplyDeleteඒ කියන්නේ දැනන් හිටිය ?
Deleteදවස් හයකට පස්සේ මුද්ද දැක්කා. සොරි වෙන්නට ඕන මිස් උනාට.
ReplyDeleteකමක් නැහැ දැන් දැක්කනේ :)
Deleteஉங்கள் மிகவும் அழகான மற்றும் ஊக்கத்தால் தான்.
ReplyDeleteஉங்கள் கைகளில் பெற தெரியும் நீங்கள் ஒரு சிறந்த சைகை என்று பார்க்க
Esattamente non so cosa ho scritto ma volevo dire che il tuo blog è bello e che anche le foto sono belle e anche il loro contenuto è bello e anche i gesti sono belli. ciao
කවුරු හරි දෙමල හරි මේ භාෂාව හරි දන්නවනම් කියන්නකෝ
Deleteමුද්ද දාන්න ඇඟිල්ලක් හොයා හොයා හිටියේ. අදනම් අහු උණා. නියපොතු ටිකත් කැපුවනම් වඩාත්ම ගැලපෙනවා.. :D
ReplyDeleteහ්ම් ...නියපොතුනං කෙල්ල දැන් කපල ..හැබැයි අකම් ට නං ගැලපෙන එකක් නෑ ඒ අත තවම ලාබාලයි :D
Delete