මිදුල පුරාම විසිරිලා තියෙන කොළ අතරේ වැඩිපුරම තියෙන්නෙ කොස් කොළ...සීතල පින්නෙන් මිදෙන්න හිතාන කන් පෙති වැහෙන්න වූල් තොප්පිය දාගත්තු මම ඒ කොළ එකින් එක ඈතට තල්ලු කරගෙන ගියේ ඉදලෙන්...එහෙම ටික දුරක් අරං ගිහිං ආපහු හැරිලා බලද්දී මහ පොළව පෑදිලා ගෙවත්තට නැවුම් බවක් එකතු වෙලා තිබුණා..
නැවත ආපසු නොහැරුණු මම ඉස්සරහට පොළව ඇමදගෙන ගියා .මට ඕනෑ වුණේ කෙළවරටම ගිහින් ආසානයේ ආපසු හැරී සුන්දරත්වය විඳින්න...එකින් එක එහාට ගෙනියන කොළයක් ගානේ මගේ ඒ ආශාව තවත් වැඩි වුණා.ඒත්...........මම ඉවසාන ඉදිරියටම ගියා...
ආසානය කරා ළඟා වූ මම ආපසු හැරී බැලුවේ ලොකුම ලොකු බලාපොරොත්තුවකුත් එක්ක...
හිතපු, බලාපොරොත්තු වුණ ලස්සන ඒ මිදුළ පුරා තියනවා වෙනුවට...මිදුළ පුරා මම දුටුවේ.... අළුත් කොළම කොළ පාට මොනවදෝ ගහකින් කඩාගත්තු කොළ ගොඩක්...ඔවු........මිදුළ පුරාම.
මට ආවේ කියාගන්න බැරි කෝපයක්...චූටි දූ මගේ....ඒ කොළ ටික නොපාගා දත් පෙන්නාගෙන හිනා වෙවී මා දිහා බලාන...ඒ හිනාවත් එක්ක කෝපය මදක් අඩු වෙද්දී මම දැක්කේ හදවත ඇතුළෙන් ඉඳිකටු අනිනා තරම් වේදනාබර දෙයක්...
.
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
මම ඔයාට ආදරෙයි....
කියලා ඒ කොළ වලින් ලස්සනට හදලා මගේ පුංචි දූ....
ප.ලි. - සංකල්පනාවක් පමණි.
රෙහානි තාම අම්ම කෙනෙක් නෙමේ මන් හිතන්නෙ .. ?
ReplyDeleteබලාපොරොත්තුවක්ද මන්දා ;)
Deleteඒක එහෙම නම් සුභ පැතුම්!! :D
බලාපොරොත්තුවක් තමයි....හැබැයි තව අවුරුදු 3 කින් විතර හෙහ් හෙහ්
Delete:D
මේක නිකන් ලීවේ අනේ ;)
ඔයාට හිතෙනකල් පව් පොඩි එකී බලන් ඉන්න එපැයි සුරංගනා ලෝකෙට වෙලා,,, අම්මගේ ආර්ථිකේ හරි ගිහින් ගෙවල් දොරවල් හදනකල් ඉන්න පැටියෝ ..මොනා කරන්නද අශ්චර්ය පැටියෝ ..
Deleteලස්සන නිර්මාණයක් රෙහානි
හ්ම්ම්..........ඒකනේ ඔමා..එයත් පව් මාත් පව්..
Deleteස්තුතියි ඔමා
සංකල්පනාව ලස්සනයි රෙහානි.
ReplyDeleteසංකල්පනාව බලාපොරොත්තුවක් නම් එය ඉක්මනින්ම ඉටු වේවා කියලා හදවත පතුලෙන්ම පතනවා රෙහානි
ගොඩක් ස්තුතියි ප්‍රියා අදහසට
Deleteඔයටත් ඒ වගේ දවසක් එයි කවදහරි, ඒ දවස ඉක්මනින් උදාවෙන්න කියල මාත් විශ් කලා ඔන්න...
ReplyDeleteගොඩක් ස්තුතියි සසිඳු...
Deleteසුබ පැතුම් රෙහානි .............!
ReplyDeleteහී...........අනේ මං දන්නෑ....දැම්මම සුභ පතලා නේ ;)
Deleteසංකල්පනාව බලාපොරොත්තුවක් නම් හදවතින්ම සුභපතනවා අක්කේ...!!!
ReplyDeleteතව කල් තියනෝ බස්සි
Deleteමේ දවස්වල කවුරු කවුරුත් මවු පදවිය පිය පදවිය ගැන සිහින දකිනව වගේ මට පේන්නෙ,උඳුවප් සීතල හින්දද මං දන්නෙ නෑ...
ReplyDeleteහි හී...............හැලපතුමාත් කියන කතා :D
Deleteපොඩි කාලෙ අපි කොච්ච්රක් නම් ඔහොම දෙවල් කරල තියේද? අම්මලා මුකුත් කියන්නෙ නෑ නෙ ඒත්, එක වැඩේම දෙපාරක්... තුන්පාරක් කරන්න වුනා කියලා...
ReplyDeleteඒකනේ අසෙනි...මටත් ඒකම මතක් උනා අද උදේ මිදුල අතුගාද්දී.....ඒකම තමයි මේ සංකල්පනාවට මුල් උනේ
Deleteලස්සන කතාවක්! :) :) :) :)
ReplyDeleteස්තුතියි
Deleteඔය කෙල්ලො ඔහොම්මයි ...:)))) මටත් ඉන්නවා දෙන්නෙක්.. ආසාවට අයි ලව් යූ තාත්තෙ කියන්නෑනෙ...? ඔක්කොම අම්මලාට තමයි..( දත්මිටි කමින්)
ReplyDeleteඅනේ පවු වීයා. මමයි නංගියි නම් කියන්නෙම තාත්තට.
Deleteවීයෝ - ම්ම්? එහෙනම් කට කහනවටෙයි කියන්නෙ තාත්තලාට ගොඩාක් ආදරේ දූලා කියලා
Deleteබස්සි - ඒකනේ
අපිත් හීනයක් ගැන ලිවුවම මෙයාලත් ලියනවා.. කොප්පේ ගහන්න එපා හලිද..
ReplyDeleteකෝම වුනත් ලස්සනයි හොදේ..
හීනයක්...............අනේ මේ ඒක මට මිස් වෙලත් එක්ක... හුම් :D
Deleteතැන්කිව් හොඳේ ;)
කොළ වේලෙන්න ඉස්සෙල්ලා........ඕන දෙයක්.....
ReplyDeleteසොඳුරු අදහසක්!!!!
ස්තුතියි
Deleteමොනව වුනත් ලස්සන හීනයක් ලස්සනට ගෙත්තම් කරලා තියෙනව.
ReplyDeleteස්තුතියි රජ වීදිය
Deleteපෙර නිමිති වෙන්න ඇති...
ReplyDeleteහි හී............තව කල් තියේ
Deleteඅඩේ! අනාගතේ අපේ පොඩි එකත් මෙහෙම කරයිද දන්නේ නෑ.. මහේ වයර් කෑලි... ගැජට් බැජට් ඔක්කොම බිමට හලලා I Love You Dad! කියලා හැදුවොත්! මල් හතයි ඈ!
ReplyDeleteඉහි ඉහි............... සෝ................යි එහෙනම්
Deleteමට ආපු ඊයක තිබුනා තාත්තගෙ අලුත්ම කාර් එකේ I love you dad කියල ඇණයකින් පොඩි එකෙක් ලියල, ඒ නොදැක තාත්තා දඬුවම් කරපු කතාවක්. ඒක මතක් උනා ඔයාගෙ පෝස්ට් එක දැකලා.
ReplyDeleteකොහොම උනත් පොඩි අය තමන්ගෙ ආදරය පෙන්නන්න කරන දේවල් කොයි තරම් සරල වුනත් ඒ ඇතුලෙ ලොකු ආදරයක් දැනෙනවා
අනිවාර්යෙන්ම චාම්ස්....සමහර වෙලාවට අම්මලට තාත්තලාට ඒ අවස්තාව අඳුරගන්න බෑ
Deleteහා හා හොරේ දැනුනා දැනුනා ! :D ලත්තනයි කියන්න කිව්වා වයලා. මම උගේ මාධ්‍ය ප්‍රකාශක.
ReplyDeleteඔන්න ඉතිං ... ප.ලි. ය කියවලා නෑනේ........
Deleteස්තුතියි
වයලාටත් කියන්ට ස්තුතියි කියලා ..හැබෑට කෝ වයලා
// මම උගේ මාධ්‍ය ප්‍රකාශක.// :D
අපේ එක්කෙනා ආවම බලාපොරොත්තුව ඉෂ්ඨ වේවි...සුභ පැතුම්...
ReplyDeleteස්තුතියි අයියේ
Deleteඋසස් පෙළ වගේ පන්ති වල ඉන්න කාලෙදිත් කෙල්ලො දරුවන්ට ආසයි නේද....මම දැකලා තියෙනවා බොහෝ වෙලාවට පොඩි එකෙක් දැක්කොත් හුරතල් කරන්න පොර කන්නෙ ගෑල්ලමයි මිස කොල්ලො නෙවෙයි...
Deleteඒ ඇවිල්ල මායං 64න් එකක්.
Deleteසිරා- සමහර අය ඊටත් කලින්ම ඉඳන් දරුවන්ට ආසයි.මුකෝ මංදා ඉතිං..මාත් ඒම තමයි ඒ කාලේ ඉඳන්.. ;)
Deleteසිංදුවා- මං කීන්නෑ බොට ඉතිං :D
ගෑල්ලමයි කවදා හෝ මවක් වන නිසා...ජාන වල තියෙන්න එපැයැ මුල ඉදන්ම...
Deleteඅන්න ඒකයි......... :D
Deleteසුභ පැතුම්.... දෝනිගෙ වයස කීයද?
ReplyDeleteප.ලි. කියවල නැද්ද මන්දා :-D ලස්සණ සිතුවිල්ලක්.
Deleteයසිත්- අලී මට දෝණියෙක් නෑ තාම :D
Deleteදිලිනි- හ්ම්ම් ඒක තමයි දිලිනි ස්තුතියි
බලාපොරොත්තු නෙව මිනිස්සු ජීවත් කරන්නේ රෙහානියෝ..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් දේශා
Deleteජය වේවා, එසේම වේවා .තව අවුරුදු තුනක් ඉන්න එපා ,ආයේ මොකටද පස්සට දාන්නේ ඔය වැදගත් දේවල්
ReplyDeleteපස්සට දාන්නෙ ඇයි කීලත් අහනවා ඉතිං :P
Deleteඑකත් හරි බොල, මොකද ඉතින් කොරියාවේ ඉඳන් තැපැල් කොරන්ටයැ...නේද? හික් හික්
Deleteහික්ස්...........
Deleteපලිය ඉක්මනින්ම යථාර්තයක්ම වේවා රෙහානියෝ.
ReplyDeleteස්තුතියි
Deleteමාර හැගීමක් දැනෙයි නේද ඇත්තටම මෙහෙම වෙනකොට...
ReplyDeleteඉක්මනටම හැබැහින් මෙලෙසින් වේවා !!!
ස්තුතියි දමිත්............කාලෙකට පස්සෙ නේද මේ පැත්තේ? කොහොමද ඉතිං?
Deleteසමාවෙන්ට පරක්කු උනානෙ මේ පත්තට ගොඩ වෙන්ට. 4n එකේ credit තිබුනෙ නෑ.
ReplyDeleteඒකට කාරි නෑ...........දැන් ආවා නෙව..
ReplyDeleteකසකාරයා එනවා වගේ... :D
ReplyDeleteහි හී.........තාම නෑ
Delete