පෙර දින විනෝද චාරිකාවෙන් පසු ඇය නිවසට පැමිණියේ රාත්‍රී 12.30 පමණ බව ඇයට යාන්තමට මතක තිබිණ.ඇස් පොඩි කරමින් ඇය බිත්තිය මත ඇති ඔරලෝසුව වෙත දෙනෙත් යොමු කරවීය.ඇය නිදා උන් වෙලෙහි මව තුන් හතර වරක්ම ඇයගේ කාමරයට එබී බලාගිය බව ඇය දැන සිටියේ නැත.සුභද්‍රා නැවත තම දියණියගේ කාමරය වෙත පැමිණියේ මෙවර නම් ඇයව ඇහැරවාගහ යුතු යැයි සිතමිනි.
'සුදු දූ .....................නැගිටින්න....දැන් ඇති ඔය.............'
සුභද්‍රා පැමිණ දියණිය කිති කැව්වාය.
'අනේ අම්මා........'
ඇය එවර මැසිවිලි නගමින් නැගිට්ටේය.
'මමනේ ට්‍රිප් එක ගියේ........මටනෙ අමාරු..! අම්මා හරි නරකයි ..., අයියට නම් ගෙදර ඉන්න දවසට දවසම උනත් නිදියන්න දෙනවා..'
ඇය නලවමින් කියන ආකාරය දෙස බලා සුභද්‍රාගේ මුවගට සිනහවක් නැගුණේය.සුභද්‍රා ඉවත බලා සිනාසෙමින් බොරු තරහක් මැවීය.
'ඒ උනාට ගෑනු ළමයි එහෙම නිදියන්න හොඳ නෑ..'
සුභද්‍රා කී දෙය අසා ඇයට ඇද කරමින් විශ්මි ළිඳ දෙසට දිව යන්නට විය.ඇය යන දෙස බලා සුභද්‍රා සතුටු වීය.මෙතරම් සුන්දර දියණියක් සිටීම පිලිබඳව එක අතකින් සතුටු වූ සුභද්‍රා තවත් විටෙක ඇය පරෙස්සම් කරගැනීම පිලිබඳව බියපත් විය.
පෙර දින චාරිකවේ දී සිදුවූ සිදුවීම් ගැන සිතමින් විශ්මි ළිඳ ළඟ වාඩි විය.ඇය සාමාන්‍ය පෙළ සමත් වූයේ ගමේ පාසලෙනි.එයින් උසස් ලෙස සමත් වීමට හැකියාව තිබූ ඇය නගරබද පාසලකට යාමට වරම් හිමි කරගත්තේය.එයින් ඇය ආශා කළපාසලකට යාමට ඇයට හැකි විණි.ඉතාමත් ජනප්‍රිය පාසල් රැසක් මධ්‍යයේ ඇය ආශා කලේ තම ගමේ පාසලෙන් පසු සුමන විද්‍යාලයට ඇතුළත් වීමටය.මෙයට මුලදී සුභද්‍රා අකමැති විය.තම දියණිය ජාතික පාසලකට යොමු කරවා ගැනීමට තිබියදී මේම පාසලට මෙතරම් ආශාවෙන් යන්නට තනන්නේ කුමක් නිසාදැයි ඇය තම පියා සමග කියනු විශ්මිගේ කනට වැටුණේ වරෙක නොවේ..එහෙත් තම දියණිය ආශාවෙන් යන්නට උත්සහ කරන තැනට යන්නට දීම හොඳ යැයි තාත්තා කී විට විශ්මිගේ සිතේ මලක් පිපුණි.
ඉන් පසුව පාසලට ඇතුළත් වූ දා පටන් ගෙවුන අවුරුදු එකහමාර කල්ප කාලයක් සේ ඇයට දැණින.ඇය සිතුවාටත් වඩා ඇයව ආදර්යෙන් පසලේ යෙහෙළියන් පිළිගත්තේය.එහෙත් පිරිමිළමුන්ගෙන් නම් බේරී සිටීමට ඇයට නුපුළුවන් වීය.නම ,ගම අසමින් සිංදු කියන්නට නටන්නට කියා ඇය වටා කොල්ලන් බුරුතු පිටින් රොක් වෙද්දී ඇයට ඉබේම හැඬිණ.එවිට වටේ සිටි කොල්ලන් එක එක දේ කියුවේ කරන්නට දෙයක් සිතාගත නොහැකිවය.
'අනේ.........මෙයා දැන්ම අඬනවනේ .......'
'ඒක තමයි අපි මුකුත් කිවුවෙත් නෑ....'
'අනේ පලයං බං යන්න ....ගෑණු ඔහොම තමයි..,දැං අහිංසාක පාට්.. තව ටික දවසකින් අඩි දහයක් උඩින්..ඇඬුවට අපිට කමක් නෑ කියනවා තමුසෙගෙ නම..?'
උසට සරිලන මහතකින් හෙබි කඩවසම් තරුණ ළමයා උණ බටයක් අතේ තියාගෙන එසේ කියද්දී ඇයට ඉබේම නම කියවිණ.
'විශ්මි චමුදිකා..'
'මොකක්? ඒක යස නම..! මේක නම් ගොම සෙන්ට්‍රල් ගිය බඩ්ඩක් මචං....පේන්නැද්ද නමවත් හරියට කියාගන්න බෑ..හරියට නම් කියනවා, මුල අකුරුවල තේරුමයි එක්ක..!'
එවර නම් ඇය බොහෝ බිය විණි.මෙතරම් කඩවසම් කොල්ලෙකුට මෙතරම් රළු වචන නොගැලපෙන බව ඇය සිතින් සිතීය.අනෙක් කොල්ලන් වටවී සිටිනවා මිස හිනා වෙනවා මිස මොනවත් කියන්නේ නැත.මොහු පමණක් මෙතරම් දරුණු ඇයි දැයි ඇය සිතුවේය.ඇය සම්පූර්ණ නම කීවේය.
'සමරවික්‍රම ආරච්චිලාගේ විශ්මි චමුදිකා සමරවික්‍රම...'
'ඇ.................ත්............තද?මම ඇහුවෙ නෑනේ....නෑ නේද මචං..? මෙයාගේ මහා ලොකු නම! '
එක අතකට මෙයාගේ ගොන් පාට් වැඩියැයි විශ්මි යටින් සිතුවේය.
'මෙහෙ එනවා.....මෙහාට එනවා. ...' ඔහු නැවත ගෝරනාඩුවකය.එසේ ඈ කළු ලෑල්ල වෙත රැගෙන ගියේය.ඒ පසුපස කොල්ලන් බුරුත්තද විත් ඩෙස් පුටුවලට තට්ටු කරමින් වාඩි විය.විශ්මිගේ යෙහෙළියක් හා තවත් යෙහෙළියන් පිරිසක් දැලේ එල්ලී බලා සිටිනු විශ්මි අහම්බෙන් දුටුවේය. 'අනේ අපිටත් කරන්න දෙයක් නැහැනේ ' වැනි හැඟීමක් ඔවුන්ගේ දෙනෙත්වල විය.ඇයගේ දෙනෙත් යොමු වී ඇති ඉසව්වට තරුණයාගේ නෙත් යොමු විය.
"උඹලා මොනවද ඔතන කරන්නේ ........? පලයල්ලා පංතියට.." තරුණයා කී සැණින් කෙල්ලන් අතුරුදහන් විය.
'ඒයි කෙල්ලේ..............'
ඉවත බලා සිටි විශ්මිට ඔහු කතා කලේ එලෙසිනි..
'තෝ හරි වදයක්..! මෙහෙ වරෙං..........." එවර ඇයට පෙරටත් වඩා සැර දැමුවේය.ඔහු කළු ලැල්ලේ යමක් ඇන්ඳේය.ඒ කුරුල්ලෙකු සහ ඉටි පන්දමකි.දැන් තරුණයා කියවාගෙන යයි.
'මේ මොකාද...........? කපුටෙක්..ඔහුම උච්ඡාරණය කරයි..
මොකාද?' ඇයගෙන් අසයි...
'ක....පු....ටෙ...ක්...' ඇය කී ආකාරයට වටේ උන් පිරිස එක වර සිනාසෙන්නට විය.ඒ සිනා හඬින් ඇය ගැස්සී ගියේය.
'හරි.....කපුටෙක් තමා... ක.....පු.....ටෙ.....ක්.... නෙවේ හරිද....
මේ මොකද්ද......ඉටි පන්දමක්......'
'පත්තුකරපු ඉටිපන්දමක්..........මොකද්ද?' යලි ඔහු ඇසීය.
' පත්තුකරපු ඉටිපන්දමක්...........'ඇය එවර ඉක්මනින් කියාගෙන ගියේය.
'රයිට්....දැන් තියනව ඔයාට කරන්න වැඩක්......හරිද...?
හරිද?' ඇය නිහඬව සිටි බැවින් ඔහු නැවත ඇසීය.තදින් ඇසීය.
'හරි...........'ඇය අසරණව කීවේය..
'මේකයි......මේ ඉටිපන්දම නිවලා ....මේ කපුටාව එළවන්න ඕනේ..'
'දෙයියනේ කොහොමද ඒක කරන්නේ....? කරන්න පුළුවන් දෙයක්ද මේක...ඇය සිතුවේ ඉතා බියපත්වය.
දෙකෙන් එකක්වත් අල්ලන්න බෑ ...මැකෙයි...ඔහොමම කරන්න ඕනි..හරි ...දැන් පටන්ගන්න.'
ඇයට කරකියා ගත හැකි දෙයක් නොවීය.ඇය අසරණව බලා සිටියේය.නොදැනිම දෙනෙතෙන් කඳුලු කැට කිහිපයක් කඩා හැලුණි.ඒ කඳුලු පිස දා ගත් ඇය අසරණව ඔහු දෙස බැලීය.
'ඇයි නංගී........ ඔයා තොත්ත බබාද ආ...දන්නැද්ද ඉටි පන්දම් නිවන්නයි කාක්කො එලවන්නයි....ඒකත් කියලා දෙන්න ඕනද......කියලා දෙන්නද කියන්නේ..........'
ඇයට තවත් හැඬිණ.
'අනේ පව් විරංග මේ කෙල්ල..අපි යවමු....මේකි අහිංසකයි බං....පව් බං...පිරිස අතර සිටි එක් කොල්ලෙකු කීවේය.
'පව්.......? තෝව රැග් කරනව මං....තොට බලං ඉන්න දුක ඇති..සුදු මූණක්නේ.....ඔය අඬන්නෙ කපටිකමට... අහිංසක පාටට හිටියට මුංම තමයි උඩ යන්නේ...'
'හ්ම්...දැන් කරනව.....! ආයේ මාව තරහා ගස්සගන්න එපා තමුසෙ...'
දෙයියනේ දැන් මෙහෙමනං මෙයාට තරහා ගියාම කොහොම ඇද්ද....ඇය යටින් සිතුවේය..දැන් කරන්නේ කුමක්දැයි ඇයට සිතා ගත නොහැකි විය.ඇය අසරණව බලා සිටියේය.
'මේකිටනම් හරියන්නෑ.....ඊළඟට කියන්නෙ කුණුහරප...ඉටිපන්දම නිවනවා...කියලා දෙන්න ඕන නෑනේ පිඹිනවා...'
මේ මොනවද මේ කියන්නේ , පින්තූරෙකට පිඹින්න මට පිස්සුයෑ..." එසේ සිතූ විශ්මිට සිනහවක් නැගිණි..
'නංගී....මං තමුසෙට ආයේ කියන්නෑ...ඉටි පන්දමට පිඹලා ෂෝ ෂෝ... කියලා කපුටාව එලවනවා..හිනා උනොත් රැග් එක වැඩි වෙයි..ආ.....මේ බොහොම හොඳින් කියන්නේ නංගි....'
ඇය ඉටි පන්දමට පිඹ කපුටාට ෂෝ ෂෝ ....කීවේ බැරිම තැනය.එවිට වටේ සිටි පිරිස මහා හඬින් සිනා සීය.
එක්වරම සිනා හඬ නැවතී මහා නිහඬතාවයක් ඇති විය.සිදු වූයේ කුමක්දැයි වටහාගත නොහැකිව විරංග වට පිට බැලුවේය....
'දෙවියනේ..................පිනා.........!' විරංග සිතුවේ කරගන්න්ට දෙයක් සිතාගත නොහැකිවය.
පසු සටහන = මේක මම ටිකක් දිගට ලියන්න ඉන්න කතාවක්....ඉතිං මෙගා වලට අකමැති අය අමාරුවේ දාන්න අදහසක් නැති නිසයි කීවේ කලින්ම..කැමති අය ඉස්සරහට කියවගෙන යමු..අනිත් පෝස්ට් අතරේ සමබරව කතාවත් අරගෙන යන්න තමයි අදහස...එහෙනම් ස්තුතියි මාව කියවන ඔයාලා හැමෝටම...පටා...........න් ගමු :D

මෙගා වුනාට කමක් නැ පට්ටගහපු කතාවක් නෙමෙනම්.බලමු නේ
ReplyDeleteහිතනවා එහෙම නොවේය කියලා ............බලමු.
Deleteඅනේ චුට්ටයිනෙ ලියල තීන්නේ... මෙගා උනාට කමක් නෑ අක්කා දවසක් ඇර දවසක් හරි කොටසක් දාන්න. මටත් ඉස්කෝලෙ කාලෙ මතක් උනා.
ReplyDeleteඇයි ඔයත් කපුටෝ එලෙව්වද? ආ නෑ බස්සෝ එලෙව්වද?
Deleteහොඳයි බස්සි.....මේක වේගයෙන් ඉදිරියට යාවි...
Deleteඉවාන් =ඒක නම් ෂුව නෑ හැබැයි :D
ඒ කියන්නේ රැග් කරලා තියනවද
Deleteමේකනම් සිරාවටම පට්ටම පට්ට කතාවක් වෙයි වගේ, 2නි කොටසත් ඉක්මනට දාන්ඩ අක්කෙ...
ReplyDeleteඅනිවා දාන්නම් සසිඳු...
Deleteහරි! බලමු මේක කොහොම කතාවක් වෙයිද කියලා.. මතක් කරලා මේක හින්දි පිචාර් එකක් නම් කරන්නෙපා!!
ReplyDeleteහින්දි පිචාර් එකක් නෙහ්? හ්ම්ම්ම්.... එහෙම වෙන එකක් නෑ කියලා හිතෙනවා..බලමු..
Deleteමොකුත් කියන්න ඕනෑ නෑ ලියාගෙන යන්න,කොච්චර දිග උනත් අපි කියවනවනෙ,හැබැයි ඕනවට වඩා පරක්කු කරන්න එපා.
ReplyDeleteඕනවට වඩා පරක්කු කරන්නෑ...ෂුව..මට කරදරයක් උන් නැත්තං
Deletemaru maru...mega kiwwa neda. balamuko pulu puluwan hatiyata kiyawanna
ReplyDeleteස්තුතියි සයුරි....පුලුවන් විදිහට බලන්නකෝ
Deleteසුපිරි ආරම්භයක් :D මට යෞවන සමීන්ද්‍රගෙ පොතක් මතක් උනා :)
ReplyDeleteමම නම් කැමතියි මෙගා වලට.. ඒත් මුල ඉදන් කියවන්න ඕනි.. හොද වෙලාවට පහු නොවුනේ.. ඕම යං ඕම යං :)
සතුටුයි ඈ ...එහෙනම්
Deleteඑළකිරි ඒනම් :)
මොකක්ද පොත
Deleteමේ මලවිකාර රැග් එක ඉස්කෝල වලටත් ඇවිල්ලද ? හපෝයි !!
ReplyDeleteඇවිල්ලා නේන්නං...
Deleteඅපේ ඉස්කෝලේ නැතෝ අපි හෙන හොද උන්.එකක්ට වත් රැග් කලේ නෑ.හැබැයි දයාබර ඉල්ලීම් මත සමහරු කේක් හෙම ගෙනාවා
Deleteහෙහ් හෙහ්.....ඇයි අපෙනුත් ඉල්ලුවා බිස්කට්..අපි ගෙනිච්චෙ නෑ... :D
Deleteකැතයි හොදේ
Deleteලස්සන කතාවක් නම් ඉදලා හිටලා කියවන්න පුළුවන් කොච්චර දිග උණත්
ReplyDeleteඋත්සාහ කරලා බලමු නේද...අවසානයේ කියන්න රහසකුහ් තියනවා :D
Deleteඅනිවා විශ්මි..අර කොල්ලට සෙට් වෙනවා. (හැබැයි අපිනම් කෙල්ලොන්ට රග කලෙත් නෑ ,රග කරපු කෙල්ලෝ එක්ක යාලුවුනෙත් නෑ හරිද?..:D)
ReplyDeleteඔයාගේ අනාවැකිය............? ඊඊඊ.........කට කහනවා හලෝ....
Deleteබලමුකො ඉස්සරහට නෙහ්...
(අපි නොදන්න චෙෆ් ) :D
මට හිතන්නේ ඉවාන් අයියා කිව්ව කතාව හරියෝ :) මමත් දැන් ම තීරණය කරලා ඉවර යි මුල සිට අග දක්වා ම කතාව සමග රුඳී සිටින්න. ඒක නෙමෙයි, මේකේ කොටස් නම් කරා නං හරි. නැත්තං අපිට ටැපලෙන්න පුළුවන්. අහන්නමයි හිටියේ, මොකෑ මේ කොරියන් මොකද්ද එකක් බ්ලොග් එකේ එල්ලගෙන?
ReplyDeleteකියවලම බලමු නේද?..දෙවනි කොටසේ ඉඳන් නම් කරන්නම්...
Deleteඒ දෙන්නා මාත් එක්ක ඉන්න ඕනේ කියලා ඇවිල්ලා ඔය ඉන්නේ... :D
ඕන මගුලක් ලියමු රෙහානියෝ
ReplyDeleteඑහෙමද කියන්නේ...? එහෙනම් මම රෙඩී ;)
Deleteබලමුකෝ ඉස්සරහට මොකද වෙන්න කියලා. කලින් කතාවෙ වගේ වෙනස් අවසානයක් තියෙයි කියල හිතනවා.
ReplyDeleteඋත්සාහ කරනවා...බලමුකො දිලිනි..
Deleteගෑණු ළමයින්ට තමයි ටිකක් පරක්කුවෙනකන් නිදාගන්න හොඳ නැත්තේ ...
ReplyDeleteහරිම ශෝක් කතාව.. අපි එනවා කියවන්න. දිගටම ලියමු හොඳේ...
කියලා වැඩක් නෑ ...නේද තුශානි...:D
Deleteඔයාලා එනවනම් මම ලියනවා ඈ ;)
හෙන ප්‍රශ්නේ මේකේ අවසානේ මොන වගේ වේවිද ඈ
ReplyDeleteතව එකක් ඔය ලස්සන් අක්කලා නැගිලා කවුරුත් අපේ ඉස්කෝලේ ආවානම් රැග් කන්න වෙන්නේ නෑ.(ලස්සන නත්තත් රැග් කරන්නේ නෑ ලොකු talk දුන්නේ නැත්තම්. ලස්සන උනත් වැඩක් නෑ ලොකු talk නම්.ෆිට් නම් ෆිට්. වලි නම් රැග්.science එකේ විතරයි ඈ)
Deleteහ්ම්ම්..බලමුකො නේද?
Deleteහුඟක් අය එහෙම තමා...උඩින් යන්න බලන එකාට රැග් එක වැඩීයි :D
අලුතින් ඇවිත් ලොකු ලයින් ඕනි නෑ නේ නේද එහෙම ලොකු ලයින් දුන්න එකම එකයි හිටියේ
Deleteඅනේ රෙහානි මේ කියවන්න එපා කිවුවත් හොරෙන් හරි ඇවිත් කියවනවා අපි.
ReplyDeleteමේ අර රැග් සීන් එක ඔයාගෙම අත්දැකීමක්ද?
ස්තුතියි ඈ...වචනෙන් දෙන සප් එකට..
Deleteනෑ... මගේ ඇත්ත එක මම ලීවා...මේ... http://laadamahasa.blogspot.com/2012/06/blog-post_27.html
(මේක රෙහානිගේ පලවෙනි ලිපිය..පේනවනෙ ඇද කුද.. ) :D
මෙගා නාට්‍ය නැතුව ඕනේ දෙයක්.
ReplyDeleteහේ හේ...ඒක නං ඇත්ත....
Deleteරෙහානි......ඔයා ගාව අරිෂ්ඨ බෝතල් වලට දාන්න හොඳ නම් සෙට් එකක් තියෙනවා...විශ්මි සමුදිකා...ඊට ඉස්සෙල්ලා එකේ කෂිනි.....අපේ නංගිගේ දුවලාත් එහෙමයි...ශකිඳි විහඟනා......සෙමුනි තව මොකක්ද......
ReplyDeleteමම මේ ලඟදි කෝල් කරලා ඇහුවා ඔයාගේ අරිෂ්ඨ බෝතල් දෙක සනීපෙන් ඉන්නවාද කියලා....පස්සේ තමයි ගෑණිට මීටර් උනේ...හෙන ටියුබ් ලයිට්...
අයියෝ මට තාමත් හිනා අනේ.....කඳුලුත් ආවා...ඔන්න..!
Deleteමේ කථාවෙ මේ රැග් කරන කොටස තාත්විකද කියලයි මම කල්පනා කලේ...මෙතන තියෙන රැග් එක හරියට විශ්ව විද්‍යාලයක එකක් වගෙයි...කථාව ලස්සනයි..ඔයා හොදට ලියලා තියෙනවා...ඒත් සිදුවීම් වල විශ්වාසනීයත්වය අඩු උනාම ඒ අගය මතු වෙන්නෙ නෑ...මේ මගේ අවංක අදහස...
ReplyDeleteවිරංග කියන්නේ අතිශය දඩ්බ්බර වැඩ කරන කොල්ලෙක්නේ ....ඉස්සරහට මීට වඩා අතාත්වික ඒවා තියේවි එහෙනං..
Deleteගොඩක් ස්තුතියි අවංක අදහස් කීවාට ....ඊළඟ කතාව ලියද්දි අඩුපාඩු හදාගන්න පුලුවන්නේ
මෙදා පාර කතාවේ මොකද වෙන්නේ කියලා බලමු...මෙගා නොවේ නම් මරේ මරු
ReplyDeleteමෙගා තමා මෙයා...මම කලින්ම කීවේ ;)
Deleteහොඳයි වගේ....බලමු ඉස්සරහටත් කියවලා.....
ReplyDeleteස්තුතියි බලමු..............
Deleteරෙහානිත් මෙගාවක් පටන් අරන්... මගේ නමත් ලකුණු කරගන්න කියවන කට්ටියට
ReplyDeleteකෝ ඉතිං ඔයාගේ ඉතිරි කොටස් ටික..?
Deleteආසාවෙන් කියෙව්වා රෙහානි. පොඩි අඩුපාඩුවක් දැක්කා. කිව්වට කමක් නෑනේ. ඔයා ස්ත්‍රී ලිංගික පද වල ක්‍රියා පදත් දාලා තියෙන්නේ පුරැෂ ලිංගයෙන්මයි. ඒක කලාවකටද කලේ නැත්නම් අතපසු වීමක් උනාද කියලා බැලුවේ.. නැවත එන්නම්. ඔබට ජය!!
ReplyDeleteඅලේ තවත් කතාවක්..... ඉන්න කියවන් යන්න මුල ඉඳන් :)
ReplyDeleteමේ සමබරව බෑ . අපිට ඉක්මනට කතාව ඕන . ඔයා අපේ හදවතට ගින්දර දීලා කතාව පරක්කු කරනවා . :(
ReplyDeleteගින්දර දුන්නා මම ??
Deleteබුලු කීන්න එපා...
හෙහ් හෙහ් අර ඉටි පන්දම් සීන් එක අපිත් ඉස්කෝලේ ගෑලු ළමයින්ට කොලා :D
ReplyDeleteරත්නපුරේ ඉක්කෝලවල කොල්ලොනේ ඉතිං :D
Deleteඔන්න මමත් කියවන්න පටන්ගත්තා.. බලමුකෝ....
ReplyDelete