ඉස්කෝලේ කාලේ කොහොමද ? පුංචිම පුංචි කාලේ ඒ කාලේ වැඩිපුරම මතකයන් තියෙන්නේ රණ්ඩු ගැන තමයි . චුට්ට එහා මෙහා උන ගමන් බලන්නේ කොක්කක් ඇදගන්න .ඕ ලෙවල් කරන කාලේ එහෙම නෑ ගෑනු පිරිමි භේද නෑ ,එකමුතුයි !මට මතකයි ඔය කාලෙත් අපි හැංගි මුත්තං තිබ්බා . අර අඩි අඩි පොල්ල කියන්නේ .ආං ඒක , නැත්තං ගුඩු පනිනවා ඒවටනං කොල්ලෝ නෑ .එල්ලේ ගහනකොට ආය කොල්ලොත් ඉන්නවා .ඒ කාලේදී තිබුනේ දාංගලේ තමයි .හැබැයි ඔය හැම කාලෙකටම වඩා වෙනස් ඒ ලෙවල් කරන කාලේ ...මේ කාලෙට කියන්නේ ගුස්පී අදින කාලේ කියලා .මේ කාලේදී කාට හරි ගිනි දීල සතුටු වෙන කාලේ ,නැත්තං කාවහරි මඩවල සතුටු වෙන කාලේ .අපිත් ඉතිං ඔය කාලේදී ඔව්වට සහභාගී උනාලු ඇ . ඒ විතරක් යෑ ඇයි සම වයස් ප්‍රේමය නැගලා යන කාලේ .කොල්ලන්ගේ වැඩේ ඉතින් කෙල්ලන්ට රබර් ඇහැ දාන එක තමයි .අපේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ එකතු උනහම හරි අමුතු මාතෘකා තමයි ඇදල ගන්නේ .ඒවා සාකච්චා කරලා බඩ පැලෙන්න හිනා වෙනවා .ඔන්න අපේ හෙඩ් ෆ්‍රිෆෙක්ට් බෝයි දවසක් ඇදල ගත්තු මාතෘකාවක් !"මචන්ස් මිනිස්සුන්ට නැටි තිබුනනං කොහොම වෙයිද ?" ඕං පුරස්නේ දීපන්කො උත්තර ! අනේ දෙය්යනේ කියලා මුළු පන්තියම වාගේ කට ඇති දුවරු පුත්තු තමයි උන්නේ . "එහෙනං බං කෙල්ලන්ගේ සුදු ගව්මේ හිලක් හදන්න වෙනවා " එක අහපු අපෙ කට ඇති දුවෙක් කියපි 'ඉතිං උඹලගේ හිල් හදන්න වෙන්නේ නැද්ද එතකොට "හොඳම කතාව කිවුවේ සමනා "එහෙම උනානං ඒකෙනුත් හුප්පේ අපිට තමයි ,බලහං මේ කාන්තා පාර්ශවේ කේශ කල්‍යාණය
හින්දා බස් එකක් ඇතුලෙදි කොච්චර කට්ටක්ද අපි කන්නේ ? මුන්ට තව නැටිත් තියෙන්ඩ තිබුණේ ..එහෙනං හෙන කචල් ටිකක් බලාගන්න තිබුනා කට්ටියගේ නැටි පැටලිලා " අම්බෝ .. ඒ කතාවටනං රෙහානියා චිත්ත රූප මවාගෙන උණ්ඩුකපුච්චයෙනුත් හිනා උනා ."ඇයි මචං කෙල්ලෝ පස්සේ ටෝක් දදා යන කොල්ලෝ "නංගි පොඩ්ඩක් ඉන්ඩකෝ " , "නංගි ඔයාගේ නම මොකද්ද" කියල එහෙම නැට්ටෙන් ඇදල ටෝක්ස් දෙයිනේ බං "...මේවා ඔක්කොම අහන් ඉඳපු අපේ කටකාර කෙල්ලෙක් කියනවා"ඇයි බං නැට්ට අගිස්සෙන් ස්ට්‍රේට් කරලා ,කලර් කරලා , කටු ගහල එහෙම ස්ටයිලුත් කරයි එහෙනං " කියලා .ඊට පස්සේ මේ කතාව ඔහොම ඔහොම බොහෝ දුර ඇදුනලු !
 |
රබර් ඇහැ දාන කොල්ලෝ :D |
ඉතිං මේ සමනල රෑනක් සේ ඉගිලී අකුරට යන පාසල් කාලේ ගැන වදනක් විතරයි මේ .අම්බෝ තවනං කොච්චරද ?ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් සමුගන්න කාලේ වෙනකොට මාර දුකක් හිතේ තියෙන්නේ ..සුදු ගව්ම ඇඳලා අන්තිමට ඉස්කෝලේ ගිය දවසේ ගේට්ටුවෙන් එලියට ඇවිත් තව තවත් ඉස්කෝලේ දිහා හැරිලා බැලුව ..ඇත්තටම ඒ දුක දැනුත් මගේ හිතට දැනෙනවා .අර මොරටුවේ වේල්ස් කුමරේ කරනවා වගේ ආයෙත් ඉස්කෝලේ යන්න දවසක් එනවනං කියලා බොළඳ සිතුවිල්ලකුත් මට ඇතිවෙනවා .දැනුත් ඉස්කෝලේ ඉස්සරහින් යද්දී අපි හිටපු තැන්වල වෙන අය ඉන්නවා දැක්කහම පුංචි ඉරිසියාවකුත් එක්ක පුංචි දුකක් එනවා .ඒ ඉස්කෝලේ කාලේ අන්තිම දවස් ටිකේ හැමෝම වගේ කරන වැඩක් තමයි සමරු පොත් ෂෙයාර් කරලා අත්සන් ගන්න එක .මේ වැඩේ කරන්නේ හුඟක්ම ගැහැණු ළමයි තමයි .පිරිමි ළමයිනුත් ටික දෙනෙක් කරනවා .මට අද අල්මාරියේ තිබිල මගේ සමරු පොත හම්බ උනා ..එකේ දුක හිතෙන ලියමන් ,හිනා යන ලියමන් ඔය වගේ අපුරු දේවල් ගොඩයි .බලන්නකෝ ඇත්තද කියලා
 |
මේ මගේ හොඳම යාලුවා
|
මෙයා කෙටි කතාවක් වගේ හුඟාක් දේවල් ලියලා තියනවා මගේ සමරු පොතේ .පිටු හතක විතර .අපේ
සෙට් එකේ හිටපු එක කට කාරියෙක් තමයි මේකි ,නැති දවසට පන්තිය පාලුයි .

මෙයා ටිකක් විතර අහිංසක පාර්ට් එකෙන් ඉන්නේ .ඒ උනාට යටින් හොඳ හොඳ ගේම් දෙන්නේ
.මෙයා අපි එක්ක හිටියේ පොඩි කාලයයි .ඒ උනාට යාළුවන්ට පණ උනත් දෙන මනුස්සකම තියන
කෙල්ලෙක් .
මෙයා තමයි අපේ සෙට් එකේ ඇත්තටම අහිංසක කෙල්ල .වැඩිය කතාවක් නෑ .නපුරුත් නෑ .නූලෙන්
කැම්පස් යා ගන්න බැරි උනා අපරාදේ ..කෙල්ල දක්ෂයි .
 |
මෙයත් කටකාරියක් ..රචනාවක්ම ලියල තිබුණා
|
ඔන්න අන්තිමට තියෙන්නේ පිස්සු පිටු ලු ඇ ...මුං පිස්සු පිටුවල ලියල තියන සමහර
එව්වා මේකේ දාන්න බැරි නිසා බලධාරියා විසින් කපා හරින ලදී . තවත් ලියපුවා නම්
බොහොමයි . අප්ලෝඩ් කරන්න ගියාම පන යනවා අනේ . ඒ නිසා ඔය මදැයි,
වැඩියෙන්ම පන්තිය පාලු කටකාරිගේ ලියමන පොස්ටුවට එකතු කරන්න බැරිව ගියා .ඒකිගේ තරම
කියනවනං ඉස්කෝලේ ලොකු හාමුදුරුවොත් විහිලුවට අල්ලගන්න ජාතියේ එකියක් !වක්කඩ කැඩුවා
වගේ කියවිල්ල.රසබර කතා එහෙම එමට දන්නවා .අපිත් ඕව අහන්නේ කටවල් ඇරගෙන . මෙයාල දැන්
තැන් තැන්වල .සමහරු අලුත් ජීවිත ගත කරනවා .සමහරු රස්සාවල් වල .තවත් සමහරු තවමත්
ඉගෙන ගන්නවා .මෙතන සමරු නැති මගේ ජීවිතේට සමීප ගොඩක් ය ඉන්නවා .එයාල ගැන තොරතුරක්
දැනගන්න මං ආසාවෙන් බලන් ඉන්නවා .
ප ලි ::::::::::ඔන්න දැන් මේ පොස්ට් එක බලලා අද ඉඳන් මට හාවා කියන්න ඔට්ටු නෑ
හරිද ?ඒක සම්පුර්ණයෙන්ම ඉස්කෝලෙට විතරක් අයිති නමක් ! පිටදී පාවිච්චිය තහනං .
ඉස්කෝලෙදි අපේ සෙක්ෂන් ටීචර් ,ලොකු හාමුදුරුවෝ එහෙම ප්‍රශ්න අහද්දී "ආ
හා පැටියා කියන්න බලන්න උත්තරේ " කියල එහෙම කිවුවේ නෑලු .
හරි හා පැටියෙක් තමයි... හැබෑට අපේ උන් දැන් කොයි ලෝක වලද දන්නෙ නෑ.. නම්බරයක් වත් වැඩ නෑ පරණ
ReplyDeleteකොහොමද කට්ටිය සෙට් උනොත් ...නියමයි නේ ? හවුස් මීට් එකකදී උනත් දැන් කට්ටිය සෙට් වෙන් නෑ අප්පා
Deleteමම නම් හාව කියනෑ නෑ මයි හාවො!
ReplyDeleteඉස්කෝලෙ කාලෙ තමා මාරම කාලෙ නේද රෙහානි.
මගේ ඉස්කොලෙ නම් O/L අවසාන වෙනව කියන්නෙ ගොඩක් පිරිමි ළමයින්ගෙ පාසල් ජීවිතේ අවසන් දවස..
ඔය දවස් වල හිටිය මගේ පෙම්බරියගේ අණ නිසා ගත්ත ඔටෝ එකේ, ඔය වගේ මතක පිරිල..
එදා අකමැත්තෙන් දුන්නත් දැන් ඒ ඔටෝ එක පුදුම විදිහට වටිනව.
අම්බෝ ...උයාගෙ කොමෙන්ටුව ස්පෑම් ගොඩේ තිබිලා හොයාගත්තේ සිතුම් , එහෙනං මොකද්ද ඔය කිවුවේ ? ;D ඒකනේ කියන්නේ අර සහන්ටත් ඔය වගේ පෙම්බරියක් හිටියනං බලෙන් හරි අරන් දෙන්න මොකෝ ..ඒ මතක දැන් හරිම සුන්දරයි
Deleteඉස්සර නම් මට ඕව ගැන තේරුමක් නැහැ..එක එක්කෙනා නෝට් පෑඩ් කෑලි උස්සන් ඉන්නවා දැකලා තිබ්බට ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා තේරුමක් තිබුණේ නැහැ..
ReplyDeleteපාසල් ප්‍රේමය ගැන මතක් වෙද්දී නම් හිනා වෙන්නද අඬන්නද කියලා තේරෙන්නේ නැහැ රෙහානි...!
හෙහ්.... මේකිට ඉස්කෝලේදි කියල තියෙන්නේ හාවී කියලනේ......
ReplyDeleteහාවී දැන්ම පෝස්ට් එක නිසා මටත් ආයෙත් ඉස්කෝලේ යන්න හිතුනා.... අනික තමයි මගෙත් සමරු පොත බලන්න ආසාවක් ආවා.... බලන්ඩ ඕනි ඒක....
සමරු පොත බලන්ටකෝ එහෙනං ...ඔන්න හාවා කියන්න ඔට්ටු නෑ කිවුව මං
Deleteසමරු පොතේ නෙවෙයි අත්සන් කරවගත්තෙ මම. ඕලෙවල් අන්තිම දවසෙ මම අත්සන් කරව ගත්තේ සුදු කලිසමෙ...
ReplyDeleteපෝස්ට් එකක් ලියන්න ඉන්නෙ ඒ ගැන. වෙලාවක් නෑ.
දැන් නම් කට්ටිය සුනේ සුන්. සෙට් වෙන්නෙ බොහොම ටික දෙනයි. :'(
එහෙම සයින් කරවගත්තු එව්වෝ අපේ සෙට් එකෙත් හිටියා ..ඒකත් මාරු තමයි ඉතිං , ලියමුකො පෝස්ටුවක් අපිටත් බලන්න
Deleteමගේ ඔටෝ එකේ ඉස්කෝලේ එවුන්ට වඩා ඉන්නේ පන්තිවල උන්... සමහර කවි තාම කටපාඩම්... ඒත් මෙහෙම දාන්න නම් බෑ ඉතිං.. හි හි....
ReplyDeleteමාත් මේ ටිකයි දැම්මේ ...මෙහෙම දාන්න බෑ කිවුවේ මොකෝ ඒ තරං එපා කොරපුවා ලියලද ඈ , :D කවි නං බොහොමයි මයෙත් අප්ලෝඩ් කොරන්න කම්මැලියි ඕවා අප්පා :)
Deleteමගෙත් ඔහොම පොතක් තියෙනවා හැබැයි ලියන්නේ මං විතරයි !!! පන්තියේ අන්තිම දවසේ කරන්නේ ඇඳන් ඉන්න ටීශර්ට් එකේ හිටතෙන හැම දේම ලියන්න , එච්චර කාලයක් වටේ හිටපු හැමෝම අවස්ථාව ලබාදෙන එක !!!!
ReplyDeleteකාලෙකින් මේ පැත්තේ .... :) හ්ම්ම් හ්ම්ම් ....කොල්ලන්ට තමයි ඔය වැඩේ වැඩිපුර මැච් වෙන්නේ මයේ හිතේ ..උයා විතරයි නං ලියන්නේ ඒක ඩයරි එකක් වගේ වෙන්ඩ ඕනේ නේද ?
Deleteරෙහානි මගේ කමෙන්ටුවක් ස්පෑම් වෙලා වගේ..ඩිංගක් බලන්න..
ReplyDeleteතියනවා ස්පෑම් වෙලා ..එක පාරක් ඒවා පබ්ලිෂ් කරන්න ගිහිං ඩිලීට් වෙලාම ගියා ..කොහොමද පබ්ලිෂ් කරන්නේ ආ
Delete(එහෙනම් මම ආයේ ඒක දාන්නම්...)
Deleteඉස්සර නම් මට ඕව ගැන තේරුමක් නැහැ..එක එක්කෙනා නෝට් පෑඩ් කෑලි උස්සන් ඉන්නවා දැකලා තිබ්බට ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා තේරුමක් තිබුණේ නැහැ..
පාසල් ප්‍රේමය ගැන මතක් වෙද්දී නම් හිනා වෙන්නද අඬන්නද කියලා තේරෙන්නේ නැහැ රෙහානි...!
සුට්ටක් හොයල බැලුවනං ඔයාටත් සමරුවක් ඉතුරු වෙලානේ ...පාසල් ප්‍රේමය නං මාරම මාර එකක් ! හැබැයි ඉතිං රඳා පවතින්නේ අඩුවෙන් තමයි ඒවා .දුක හිතෙන අතීතයක් ගැන අමතක කරලා දාන්න සහන්
Delete:D හඃ හඃ හඃ මගේ ෂර්ට් එකයි ඔය පොතයි හොයාගන්න ඕනි ! මාරම ගතිම කාලේ !
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් හොයලා රස බලන්නකෝ
Deleteහපොයි! අපිට උසස් පෙළ කාලේ සමරු පොත් ගැන මතක් වුණේවත් නැතෝ. අන්තිම මොහොතෙනේ පාඩම් කරන්න සෙට් වුණේ. ඕ ලෙවල් කාලේ එක තමයි ඉතින් තියෙන්නේ.
ReplyDeleteමගෙත් ඕ ලෙවල් ඒ ලෙවල් දෙකේම සමරු පොත් දෙකක් තියනවා .ඉස්කෝල දෙකක ගිය නිසා .වැඩිපුරම පිස්සු තියෙන්නේ ඒ ලෙවල් එකේ තමයි .
Deleteවල්ගයක් තිබ්බා නම් වාහනේ එලවන ගමන් කෝල්ස් ගන්න ලේසියි කියලා හිතෙන්නේ නැද්ද?
ReplyDeleteනැට්ටේ දිග අනුව තමයිනේ එක තීරණය වෙන්නේ..:D
Deleteමගේ ඔලුවට නම් ආවේ ඔය ලේන් වල්ගයක්, නරි වල්ගයක් නෙවෙයි, මනෝජ්. කෙලින්ම වඳුරෙකුගේ රිලවෙකුගේ වගේ එකක්. :D
Deleteකෝ දෙන්නගෙම වලිග දෙක මේසේ උඩින් තියන්න ..මම සමීක්ෂණයක් කරන්න යන්නේ...
Deleteකෝ දෙන්නගෙම වලිග දෙක මේසේ උඩින් තියන්න ..මම සමීක්ෂණයක් කරන්න යන්නේ...
Delete@ dude ඔවු නේ ...එහෙනං හෑන්ඩ් ෆ්‍රී ඕන් නෑ :D
Deleteමචං ඩුඩ්...මේ දවස්වල දඟර වලිග ලපවානර කියල කාටූන් කතාවක් යනව ටී.වී එකේ ..සමහර විට ඉංග්‍රීසි ඔරිජිනල් එක උඹ බලල ඇති..ඒක දැක්කනම් කරන වැඩ වලිගෙන්..වලිගයක් තිබ්බ නම් කියල හිතෙනව නේ..!
Deleteඅනික ලේන්නුන්ට තියෙන්නෙ නැට්ට නේබං...වලිග කියන්නෙ වඳුරන්ට නේද..?
දිග කොට කියලා නෑ අපි නං නැට්ට කියන්නෙත් වලිගේටම තමයි වීයෝ
Deleteඔව් රෙහානි. වල්ගෙට තමයි ඔය කට වචනෙං නැට්ට කියන්නේ අපිත්.
Deleteවීයා. මම ඔය දඟර වලිග ලප වානර බලලා තියෙනවා. ඇත්තටම කිව්වොත් අර පංසලේ සප්පිල් වල විරිඳු කියන තාලෙට නේ ඕක කියන්නේ. මට නම් ඒක එච්චර ඇල්ලුවේ නෑ බං.
සුන්දරම මතකයන්.මගේ ළඟත් තියෙනවා ඒ කාලේ සමරු පොතක්.ඒවායි ලියලා තියෙන ඒවා දැක්කම දැන් ළමයි කරන ඒවා ලියන ඒවා ගැන පුදුම හිතෙනවා.
ReplyDeleteඑහෙනං ගයනිගේ සමරුවේ ඇත්තේ වටිනා අදහස් වෙන්න ඇති ..
Deleteසිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැදී සමරු පොතේ...:D
ReplyDeleteසිතුවිලි ඔක්කොම හිතේ තියාගෙන අත්සන තිබ්බා ඔන්න හොඳේ :D
Deleteහා හා හරි හාවා....
ReplyDeleteඕවා ඔට්ටු නෑ නෑ නෑ ... :p
Deleteවලිගයක් තිබ්බ නං අල්ලල ගහනව ෙතාපි ඔක්ෙකා්ම ෙපාලෙව්.
ReplyDeleteහෑ ... :D
Deleteසමරු පොත ඉස්කෝලේ යන කාලෙනම් හරිම අවුල් . ඒත් ඒකෙ ෆන් එක තියෙන්නේ දැන් තමයි .
ReplyDeleteඒ කාලේ කරපු කියපු පිස්සු වැඩ මතක් වෙනවා සමරු පොත දැක්කම .
හඃ හඃ හ්හ්
පොස්ට් එක එල ආ .
ඇත්තටම වයලිනෝ පිස්සු හැදෙනවා ඒ කාලේ මතක් වෙද්දී ...මට නං මගේ සමරු පොත ගොඩක් වටිනවා ඇත්තමයි ...ස්තුතියි
Deleteදැන් මොනවටද ඔය සුදු පාටින් කොටු කොටු දාලා තියෙන්නේ?
ReplyDeleteඒ පොඩි ළමයින්ට හොඳ නැති බලධාරියා විසින් කපා හරින ලද ඒවා ....හි හි :D
Deleteසමරු පොතේ පිටු ගැලවී සුළගේ දුවනවා...
ReplyDeleteමට මතක් උනේ ඔය සින්දුව :)
අපේ පන්ති වල ගෑණු ළමයි හිටපු නැති හින්දා ඕවා නෑ වැඩිය. අපි කලේ අන්තිම දවසේ ඇදන් ආප් ෂර්ට් එකේ සයින් කරපු එක. ඔටෝ ආවා ඉදලා හිටලා. හැබැයි ඒවා මේ වගේ පෙන්නන්න පුළුවන් තත්වෙකනං නෑ කොහොමටවත් ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කොල්ලෝ අතට ඔටෝ එක ගියා කියන්නේ ඒකේ ගන්ඩම දෙයක් නෑ ආයිබෝවන් ....සමාවෙන්න රජතුමණි ! :D අපේ එකෙක් දීල ඒකට වෙච්ච සන්තෑසිය දැකපු මං කොල්ලන්ටනං දුන්නේ නෑ ඔටෝ එක .දුන්නොත් ආයේ වෙන කාටවත් දෙන්න කියලයෑ .. :p ෂර්ට් එකේ සයින් කරන එකත් මරු තමයි ඉතිං
Deleteමටත් තිබුණා පොතක් හැබැයි සමරු පොතක් නෙමේ නිකම් මේ එක්ස්සයිස් පොතක්.ඒක තමා ගුරුවරු යාළුවෝ ඔක්කොම ලිව්වෙ.එක්කෙනෙක් ලියල තිබුණා...
ReplyDeleteනුවන්...
ඔබ ......
වසර 11ක් ......පංතියේ,පාසලේ.....හිටියත්...
උන්නා...නොඋන්නා ගානය.........................ඔය මට මතක හැටියටය . වසර 14ක මතකයක් ඇති නේද?
//වසර 11ක් ......පංතියේ,පාසලේ.....හිටියත්...
Deleteඋන්නා...නොඋන්නා ගානය........................//එහෙනං උයා අහිංසකම කෙනා වෙන්ට ඇති පන්තියේ නේද ? සාදරයෙන් පිලිගන්නවා අහස යටට යාලු !
හාවි හාවි හාවි හාවි :DDD
ReplyDeleteදිලිනියෝ .... බොට කිවුවා නේද මං ... :D
Deleteකෙල්ලොන්ට මෙච්චර පිස්සු කියල දන්නෑනෙ..:)))
ReplyDeleteඅර බෝ කොලයක් ඇඳල තියෙන්නෙ ඇයි හැමපිටුවකම..! දැන්නම් ෆෙස්බුක් කියල දාවි නේ..!
ඒ බෝ කොලේ පොතේ තියන ප්‍රින්ට් එකක් !// දැන්නම් ෆෙස්බුක් කියල දාවි නේ..!//ඇයි මෙහෙම කිවුවේ /?
ReplyDeleteහික්ස්!! අලේ මන්දා.....
ReplyDeleteශිෂ්‍යත්වෙ, ඕලෙවල් ඉවර වෙලා ඉස්කෝල මාරු කරපු නිසා මට සමරු පොත් තුනක් තිබ්බා (ඒලෙවල් ඉවර වෙලා ගත්ත පොතත් එක්ක )... හැබැයි ශිෂ්‍යත්වෙට ගත්ත එක පස්සෙ කාලෙක වේයෝ කාලා නැති වුනා. මම සෑහෙන දුක්වෙච්ච දවසක්. ඒ සටහන් කියවද්දි හිතෙනවා දැන් එයාලා කොහේ ඇද්ද කියලා. සමහරු ගැන නම් ආරංචියක්වත් නෑ, මූණු පොතෙත් නෑ. හැබැයි මගේ ශිෂ්‍යත්ව පංතියේ දෙන්නෙක්ව මම නම මතක තිබිලා මූණුපොතේ හොයා ගත්තා, අවුරුදු 20 පස්සේ.
ReplyDeleteඑහෙම කාලෙකට පස්සේ යාලුවෝ හම්බුනහම මාර සතුටක් නේද තියෙන්නේ තිසර .මගේ යාළුවොත් ඇති නේද මුණු පොතේ ..ඒත් මම නැහැනේ :D ඒකනේ වැඩේ ..වෙලාවක යාලුවෙකුගේ එකකින්වත් සර්ච් කරලා බලන්න ඕනේ :)
ReplyDeleteමටත් ඔය සමරු පොත ගැන හරිම රසවත් මතකයක් තියෙන්නෙ. බ්ලොග් එකෙත් ලිව්වා ඒ ගැන. අදටත් ඔටෝ එක කියවද්දි ඒ ලස්සන අතීතය ආයෙ ආයෙ මතක් වෙනවා.
ReplyDeleteඒකනේ චාම්ස් ...සමරු පොත කියන්නේ ලස්සන සුන්දර අතීතයක්
Deleteකල්හාරි කියන්නේ කාටද ඔබටම ද/
ReplyDeleteමටම නේන්නං ...කවුදැයි ඒක කිවුවේ :)
Deleteහා හා හරි හාවා කැලේ මැදින් ආපු හැටි අපි දැක්කේ නෑලු "හා අක්කේ" :D
ReplyDeleteඉහි ඉහි ඊහි .... උයා හලි නලකයි අලී .... ;D
Deleteවලිග කතාවට හිනාවෙලා පණ යනව බං තව පොඩ්ඩෙන්. :D
ReplyDeleteමටත් එහෙමම උනා චන්දන අය්යේ ..හි හි ..! මොකෝ මේ දවස්වල වැඩිය පේන්න නැත්තේ අය්යේ :)
Deleteහොකිස්....අඩේ මටත් ඒ කාලේ මතක් උනාලු..
ReplyDeletehaaaawaaaaa....!!!!!!!!!!!
ReplyDeleteසුපිරි ඈ
ReplyDelete