ලා දම් අහසට පායන උදවිය ..

2013년 12월 30일 월요일

2014 නව වසර



ඇදෙන විට ඉදිරියට වේගයෙන්
මිනිත්තු තත්පර
පා නගයි දහස්වර අප
ගෙන්දගම් පොළොව මත
එකතුවෙයි තව තව 
අවැසි දෑ කෙරුමට

වගුරුවයි ඩහදිය
කඳුළු ලුණු රස
නිතර නැහැ ඵල
හැල්මේ දිව්වට

දහසකුත් පැතුමන්
එකට කැටි කොට
පතමි පැතුමක් 
නොදුටු නුඹ හට
සඵල වන්නට 
සියළු පැතුමන්
උදා වන හෙට 
නවුමු වසරට
සුභම වේවා..!
උදා වන හෙට දවස 




ඔබ සැමට සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවා..!සියලු යහපත් සිතුම් පැතුම් ඉටු කරගැනීමට හැකි වේවා..!

2013년 12월 28일 토요일

නිසල සිත් මල - 5


1  2  3  4



ආපන ශාලාවේ බංකුවක් මත එක පෙළට අසුන්ගත් තිදෙනා පොපිට් කමින් සිටියෝය.

'චමියෝ....උඹ හිතන්නේ මේ ගින්න දුන්නේ කවුරු කියලද? මොකද්ද එහෙම කරලා ඒකා බලාපොරොත්තු වෙන්න ඇත්තේ?' විරංග පොපිට් ඇට අහුරක් කටේ හලාගනිමින් ඇසුවේය.

'අනේ මංදා බං.......අපිත් එක්ක නයි වෛරෙන් ඉන්න එකෙක් හිටියා නං අන්න ඌව සැක කරන්න තිබුණා....දැන් කාව කියලා සැක කරන්නද..., ඔක්කොම බොක්කෙ ෆිට් වගේනේ ඉන්නේ...' චමිලා කීවේ මද කෝපයෙනි. 

'අපි ඔන්නෝක අතෑරලා දාමු විරංග.....ඕන කෙනෙක් ඕන එකක් හිතාගත්තුදෙන්....අපි අපේ පාඩුවේ ඉමු...' විශ්මි කීවාය.

'අනේ මේ....ඔයා ඉන්න පාඩුවේ...මම එහෙම ඉන්නෑ...මට ඕකාගේ බෙල්ලෙන් අල්ලනකන් නින්ද යන්නෑ....' විරංග එසේ කියමින් යෙහෙළියන්ගෙන් වෙන්ව ගියේය. 

**************************************

නිවසට පැමිණි වහා විශ්මි කළේ මව සමග සියළු විස්තරය පැවසීමය.මව සියල්ල සාවදානව අසා සිටියාය.

'සුදු දූ.........., මාත් ඕක ඔයාට කියන්න කියලා හිත හිතමයි හිටියේ..,ඔයායි විරංගයි ගැන අපි දන්නවා, ඒත් රටේ ලෝකේ මිනිස්සු දන්නෙ නෑනේ...ඒ නිසා කතා හදාගන්නැතුව ඉන්න ඕනේ....ඔයා ගෑණු ළමයෙක්නේ...'සුභද්‍රා කියවාගෙන ගියාය.

'අනේ අම්මා..........මට ඔය කතාව නොකියා වෙන ඕන දෙයක් කියන්න...විරංග මගේ යාළුවා..ඒක වෙනස් කරන්න බෑ...'විශ්මි කීවේ ආයාචනාත්මක ස්වරූපයෙනි.

'මම ඉස්කෝලෙට ඇවිත් හෙට ප්‍රින්සිපල් එක්ක කතා කරන්නංකො...,දැන් ඔයා ඇඳුම් මාරු කරගන්න' සුභද්‍රා කීවේ ඈ චාරිකාවේ සියලු තොරතුරු තමන්ට කියා තිබුණු නිසාවෙනි.

'අම්මා....සුදු අයියා කතා කලේ නැද්ද? ' විශ්මි ඇසුවේ කාමරයට යන ගමන්ය.

'නෑ..............ඇයි දූට කතා කරනවා කිව්වද?'


හ්ම්ම්.....' විශ්මි කීවේ එපමණකි.

සුපුරුදු ලෙස විරංග ,විශ්මි, චමිලා , දිමුත් මේසයක වට සාකච්චාවක යෙදී සිටියේ, එම කාල පරිච්ඡේදයට අදාල ගුරුවරයා වෙනත් වැඩකට ගොස් සිටි නිසාවෙනි.

විරංග....'

විරංගට කතා කළේ විරංගට හිතවත්ව සිටි නමුත් විශ්මිලා තරම් සමීප නොවුනු ගැහැණු ළමයෙකි.ඈ වෙනුරිය.ඇය පන්තියේ වෙනම කල්ලියක සාමාජිකාවක් යැයි හැඳින්වීම නිවැරදිය.හදිසියේ ඇය කතා කිරීම පිළිබඳව සිතමින් විරංග පුටුවෙන් නැගිට්ටේය.

'මට.........මට ඔයත් එක්ක පොඩ්ඩක් තනියම කතා කරන්න පුළුවන්ද...? වෙනුරි ඇසුවේ තරමක් නොසන්සුන්ව බව විරංගට වැටහුණේය.

'ඇයි වෙනුරි.......?' විරංග ඇසුවේ අසුන් ගෙන සිටිනා තිදෙනා දෙස බලමින් , නැවත ඈ දෙසට හැරෙමිනි.

'අපි ටිකක් එහාට යමුද..? ' වෙනුරි යෝජනා කලේ තිදෙනාගේ මුහුණ දෙස නොරිස්සුම් බැල්මක් හෙලමිනි.ඒ අනුව විරංග පන්ති කාමරයෙන් පිටත කොරිඩෝවට පැමිනියේය.ඒ අනුව වෙනුරිද පැමිණියාය.


'විරංග දැන් ඉස්සර වගේ නෑ.....විශ්මියි ,චමිලයි අපේ ඉස්කෝලෙට ආවට පස්සේ තමයි ඔයා වෙනස් උනේ...ඉස්සර උදේට 'ගුඩ් මොර්නින්' හරි කියනවා,දැන් ඒකත් නෑ.....ඔය අලුත් උන්ව එච්චර කරට ගන්න එපා විරංග...' වෙනුරි කියවාගෙන ගියාය.

'මට ඉතිං මුලු ඉස්කෝලෙම ළමයින්ට 'ගුඩ් මොර්නින් කියන්න බෑනේ වෙනුරි...,ප්‍රායෝගික දෙයක්ද කියන්නකෝ ඒක...ආ.....' විරංග කරුණාවෙන් කීවේය.'හරි මීට පස්සෙ එහෙම වෙන්නෙ නෑ ...ඕ කේ....... ' ඔහු නිහතමානිව පැවසුවේය.' දැන් මට මොකටද කතා කරන්න ඕනෙයි කීවේ?

'නිකං............අර සෙට් එක එක්කම ඉන්න ඕන නෑනේ ඉතිං...අපි පරණ එව්වෝ...ඉතිං අපිත් එක්කනේ ඉන්නම ඕන..' වෙනුරි කියෙව්වාය.

'හ්ම්ම්....හරි හරි............දැන් මට පොඩි වැඩක් තියේ....යන්න අවසරද මැඩම්... ' විරංග ඇසුවේ සිනාසෙමිනි.ඔහු කාගේවත් හිත රිද්දන්නට කැමති නැත.

'අවසරයි .............හැබැයි මේක බලලා....' වෙනුරි පුංචි කොල කැබැල්ලක් විරංග අත තැබීය.

'මොකද්ද මේ...?' විරංග ඇසුවේ චකිතයෙනි...

'හරි දැන් යන්න ඉතිං....ඕක තනියම බලන්න....මම යනවා...' වෙනුරි එසේ කියමින් ඇගේ පන්ති කාමරය වෙත දිව ගියේ ලැජ්ජාවෙන් සිනාසෙමිනි. 

විරංග කොල කැබැල්ල දිග හැර බැලුවේය. 'මම ඔයාට ආදරෙයි' මුතු වන් අකුරින් එහි සටහන් වී තිබුණි. 'මල දෙයියනයි........!' විරංගගේ මුවින් ඒ වචන පිටවුණේ ඉබේටමය. ඔහු එය වහා කලිසම් සාක්කුවට ඔබා ගත්තේය.වෙනුරි ගිය දෙස බැලුවත් ඈ පේන මානයේ නොවීය.විරංග නැවත විශ්මි ඇතුලු කල්ලියට වැටුණි.

බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවීම නිසා විරංගගේ මදක් කලබලකාරී ස්වරූපයක් දිස් විය.

'මොකෝ උනේ..........?' චමිලා ඇසූ පසු විරංග සිනාසුනා පමණි.

'ඇයි .......වෙනුරි උඹට මොනාද කිව්වේ ඔය තරං කලු වෙන්න...' විශ්මි කීවේ ලැජ්ජවෙන් මිරිකෙන විරංගගේ මුහුණ දෙස බලාය.විරංග වෙනුරි දුන් කොළ කැබැල්ල තිදෙනා වෙත පෑවාය.'උඹලා කාටවත් මේ ගැන කියන්න එපා...,ඒකි පව්නේ' විරංග කියද්දී චමිලා කට කොනින් සිනා සුනාය.දිමුත්ද සමච්චල් සිනහවක් පෑවේය.

'මං දැන් මොකද බං කරන්නෙ........මට එහෙම අයිඩියා තියනව නං ඒකි කියනකං බලං ඉන්නවයෑ,...අනේ මංදා..........' විරංග කීවේ කාගේවත් හිත රිදවන්නට අකමැති නිසාවෙනි..

විශ්මි හා විරංග අතර ඇති දැඩි සහෝදරත්වය වෙනුරිගේ ඇහේ කටු අනින්නට මෙන් විය.ඒ හේතුවෙන් ඈ විනය කමිටුව වෙත දැන්වූ දේවලින් ද පලක් නොවූ බව ඈ දැනගත්තේ දහවල සුභද්‍රා පාසලට පැමිනි ආරංචියත් සමගිනි..ඉන් තවත් කෝප වූ වෙනුරි අලුතින් කරන්නට යමක් කල්පනා කළේ විරංගට තම ආදරය ප්‍රකාශ කළත් තවමත් ප්‍රතිචාරයක් නොමැති නිසාවෙනි.වෙනුරි තරයේම විශ්වාස කළ කරුණ නම්., තමන්ට විරංගව ලබා ගැනීමට ඇති එකම බාධාව විශ්මි බවයි.ඒ නිසා තවත් ගින්නක් අවුලුවාලීමට ඈ ඉටාගත්තාය.

විරංග තම කාමරයේ කෙටි සටහන් වගයක් සකසමින් උන්නේය.එදින පාසල් නොගිය ඔහු නිවසේ එවෙලෙහි සිටියේ, මව නගරයට ගොස් සිටීම සහ පියා රැකියාවට ගොස් සිටීම හේතු කොටගෙන තනිවමය.එකම ඉරියව්වෙන් සිට කම්මැලි වූ විරංග උයන ගෙට පියමැන්නේ කමලා ට කියා තේ එකක් සාදවා ගැනීමටය.කමලාට පණිවිඩය දුන් විරංග සාලයේ සැටිය මත අසුන්ගෙන මදකට රූපවාහිනිය ක්‍රියාත්මක කළේය.ගේට්ටුව අසලින් නාදවන බෙල් හඬ නිසා අවධානය ඒ වෙත යොමු කළ විරංග ගේට්ටුව දෙසට ඇදෙද්දී , කුඩා ලියුම් පෙට්ටියට ලියුමක් දමා පියුම් යන අයුරු ඔහුට පෙනුණි. 

ලියුම් පෙට්ටියේ ලියුම් තුන හතරක්ම විය.ඒවා කලින් ඒවා වන්නට ඇතැයි,කමලාට ලියුම් ගන්නට අමතක වෙන්නට ඇතැයි සිතමින් විරංග එකින් එක ලියුම් කාටදැයි බැලුවේය.සියල්ල පියාගේ නමට ආ ඒවාය.ඉන් එකක් හැර අනෙක් සියල්ල බැංකු ලිපි,අන්තර්ජාල බිල් පත්,ඉන්ෂුවරන්ස් සමාගම් වලින් ආ ඒවා විය.කුඩා ලියුම් කවරයක තිබුණ අනෙක් ලියුම ගැන විරංගට සැක පහළ වූයේ ප්‍රමාණයෙන් කුඩා ලියුම් කවරයක බොහොම අපිළිවෙලට ලියූ ලිපිනය දැකීමෙනි.මක් නිසාද යත් පියාට එසේ ලියුම් එවන්නට නෑදෑයෙකු හෝ නොමැති නිසාවෙනි.ඔවුන්ට අවශ්‍යතාවයක් තිබේනම් ඔවුන් කරන්නේ දුරකථන ඇමතුමක් දීමයි.මේ සියල්ල කල්පනා කළ විරංග ලියුම කඩා බලන්නට තීරණය කළේය.

විවෘත කල ලිපිය ඔහු සාවදානව කියවාගෙන ගියේය.එහි අකුරින් අකුර විරංගගේ සිතේ ඇති කලේ කෝපයකි.ඔහුට ඇස් අදහාගත නොහැකි විය.මෙය පියා අතට ගියා නම් ලොකු ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබුණි.වරක් පාසල තුළ ඇති වන්නට ගිය එම ප්‍රශ්නයම තම නිවස තුළත් ඇති කරවන්නට කවුරුන් හෝ වෑයම් කරන බව දැන් ඔහුට පැහැදිළිය.ඔහු කල්පනා කලේ විශ්මිට මෙය කියනවාද යන්නයි.හඳුනා ගැනීමට අපහසු අයුරින් තඩිස්සි අකුරින් ලියූ එම ලිපියේ අන්තර්ගත බොහෝ දෑ ,ඇයට කියන්නට තරම් සුදුසු මට්ටමක නොවීය.මේ ලිපිය තුළ විරංග හා විශ්මි යන චරිත දෙක එතරම් පහත් අයුරින් නිර්වචනය කර තිබේ.මේ මොහොතේ විරංග සිතුවේ විශ්මිගේ පැත්තෙනි.නිශ්ශබ්දව සිට මේ ගැන විශ්මිට පමණක් කියන්නට ඔහු සිතාගත්තේය.

'හෙලෝ..............' විරංගගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නේ විශ්මිමය.

'හෙලෝ........විරංග.., ඇයි ඉස්කෝලේ ආවේ නැත්තේ අසනීප වෙලාද? ' විශ්මි ඇසුවාය.ඔහුගේ කටහඬ ඈට හුරුය.මෙවන් දුක සැප සොයනා යෙහෙළියක් නැති කරගන්නට විරංගට ලෝබ කමක් ඇත.අහිංසක ඈගේ චරිතය ඝාතනයට කවුරුන් හෝ සැරසේ,මෙය ඈට කියනවාදැයි විරංග නැවත කල්පනා කළේය.

'විරංග.........ඇයි කතා නැත්තේ..? ප්‍රශ්නයක්ද?' ඔහුගේ නිහඬ බව නිසා ඇය ඇසුවාය.

'අද කම්මැලි හිතුණා එන්න....' විරංග කීවේ ය.

'උඹේ කටහඬ අමුතුයි..........ඇයි කියපන්....ප්‍රශ්නයක් නේද? ' 

'නෑ.........මම හෙට කියන්නම් මෙහෙම කතා කරන්න බෑ..'විරංග කීවේ ඇයට මෙය ඇඟවීම මෝඩකමකැයි කියා සිතමිනි.

'මේ මේ............දැන් නම් මට දැනගන්නම ඕන...දන්නවනේ ඕක අහගන්නකම් මට දැන් නින්ද යන්නෑ...අනේ විරංග ප්ලීස්......කියන්න.....'

ඔයා කලබල වෙන්න එපා....මම කියන්නම්..අපි දෙන්නගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉවසන්න බැරි එකෙක් ඉන්නවා විශ්මි...' විරංග කීවේ විශ්මිගේ පෙරැත්තයෙන් බේරෙන්නට දැන් නොහැකි බව දන්නා නිසාවෙනි.

'දැන් මොකද වෙලා තියෙන්නේ?' විශ්මි කීවේ ඔහු කී ගැටපදය හරි හැටි ලෙහාගන්නට නොහැකිවය.

අද මං වෙලාවට ගෙදර හිටියේ...අපේ තාත්තගෙ නමට ලියුමක් ආවා...මට සැක හිතිලා මම කඩලා බැලුවා..දෙයියො පෙන්නුවා වගේ, ඒ ලියුම අපි දෙන්නා ගැන හරිම පහත් විදියට ලියලා අපේ තාත්තගේ නමට තැපැල් කරලා..."එතැන් සිට කියන්නට හැකි ලියුමේ ඇති දෑ ඔහු විශ්මිට කීවේය.ඈ අසා උන්නේ කලකිරීමෙනි.


'අපි කාට වරදක් කලාටද විරංග මේවා මෙහෙම වෙන්නේ...?'

අනේ මන්දා විශ්මි..අද මගේ අතට ලියුම ආපු හන්දා හොඳයි....තව දවසක තාත්තා අතට මේ වගේ එකක් අවොත්...විශ්මී................ඔයා අම්මලාට කියලා තියන්න.ඔයාලගෙ ගෙදරටත් මේ වගේ ලියුමක් එවන්න බැරි නෑ...ගිනි තියන්න ඕන එකා කෝමහරි ගිනි තියාවි...මමත් අම්මට මේ ගැන කියනවා...ලියුම නම් පෙන්නන්න බෑ....ඒ තරම් අසික්කිතයි..,ඔයාට හෙට බලන්න මම ඒක ගේන්නම්කො....


විරංග සියල්ල විශ්මි හා පැවසුවේය.විරංග දුරකථනය තැබුවේ ලොකු කතා බහකින් අනතුරුවය.විරංග මව නිවසට ආ විගස සියල්ල ඈ හට පැවසුවේය.විරංග කීවේ නිකරුණේ පියාගේ ඔලුවට මේ දේවල් දාන්නට අවශ්‍ය නැති බවයි.එය පියාගේ නමට ආ ලියුමක් බව විරංග නොපවසා උන්නේ එය තමන් අතින් සිදු වූ විශාල වරදක් බව දන්නා නිසාවෙනි.එය කීවානම් තමන්ට අම්මාගෙන් විසුමක් නොවන බව ඔහු දැන සිටියේය. 

විරංගට උදෙන්ම ඇමතුමක් දුන් විශ්මි ඉක්මනින් පාසලට එන ලෙස කීවාය.ඇය ද  පාන්දරින්ම පාසලට ගියේ මේ පිලිබඳ ඉක්මනින් දැනගන්නට තිබූ අවශ්‍යතාවය නිසාවෙනි.චමිලාවද උදෙන්ම ගෙන්වාගත් විශ්මි විරංග පැමිණෙන්නට මත්තෙන් සියලු විස්තරය චමිලාට කීවාය.ගේට්ටුව දෙසම උවමනාවෙන් බලා උන් විශ්මී විරංගගේ රුව දුටුවාත් සමගම ඔහු දෙසට දිව ගියාය.ඔහුගේ අඳුරු මුහුණ ඈ හොඳින් හැඳින්නීය.ඔහු සිනා සුනත් එය ව්‍යාජ යැයි විශ්මිට සිතුණි.

'ගුඩ් මොර්නින්....' විරංග අමාරුවෙන් මෙන් වචන ගලපා කීවේය.

'ගුඩ් මොර්නින්.....' විශ්මි කියද්දී විරංග පාර දෙසට හැරී මුහුණ සඟවාගත්තේය.

'කෝ.........දෙන්න.........' විශ්මි කීය.


විශ්මි ඉල්ලනා දේ දන්නා නිසාවෙන් විරංග අනෙක් පසට හැරී එහෙමම පොත් අතරින් ලියුම ගෙන ඈ අත තැබුවේය.තබා පංති කාමරය වෙත ගියේ විශ්මි දෙස නොබලාමය.

'දෙය්යනේ..........කවුද මේ තරම් මගේ ආත්මෙම පහළට දැම්මේ...?' විශ්මි කීවේ හැඬුම් අතරින් ලිපිය කියවාගෙන යන අතරතුරය.විරංග නොකියූ යමක් ඈ මෙම ලිපියෙන් දැනගත්තාය.එය සිත් පිත් නැති අමනයෙකු ලියූවක් බව ඇය යටින් සිතුවාය.මෙම ලිපිය විරංගගේ පියා අතට නොගියේ වාසනාවට යැයි විශ්මි සිතීය.


'අපි හෙමින් සැරේ මේ බලු වැඩ කරන එකා හොයාගමු...දැන් උඹලා කලබල නොවී ඉඳහල්ලා...මේක පිටට ගියොත් එක හත වෙලා විශ්මිට පාරට බහින්නත් බැරිවෙයි..' චමිලා ද කීවේ හිතේ අමාරුවෙනි..ඒ අතර විරංගද සෙමින් යෙහෙළියන් දෙපල වෙත ආවේය.

'විශ්මි ................වැඩිය හිතන්න එපා...කලබල නොවී අපි මේක විසඳගමු..' විරංග කීවේ හඬමින් උන් විශ්මිගේ ඔලුව අතගාමිනි.විශ්මි බිම බලාගෙන හඬමින්ම උන්නාය.

එකවරම පාසල් ගේට්ටුවෙන් ඇතුළ් වූයේ වෙනුරිය.විරංගගේ අත විශ්මිගේ ඔලුව මත තිබෙනු දුටු ඈ කෝපයෙන් උන්නාය."තාම ගින්දර ඇවිලිලා නෑ වගේ........උඹලා තව කී දවසද ඔහොම ඉන්නේ' වෙනුරි යටින් සිතමින් පිරිස පසුකර යන්නට සැරසුනාය.

'ගුඩ් මොර්නින් විරංග' වෙනුරි තාලයකට කීවාය.


ගුඩ් මොර්නින්' විරංග ඈව කනකට නොගෙන කීවේය. 'ඔක්කොටම මුල මෙන්න මේකි' වෙනුරි විශ්මි දෙස යටැසින් බලා සිතීය.බොරු හිතවත් කමක් පාමින් වෙනුරි විශ්මි හා චමිලාටද ගුඩ් මොර්නින් කියා පන්ති කාමරය වෙත ඇදුනාය.

බිඳකට සියල්ල අමතක කර දමා විශ්මි ඇතුළු පිරිස විවේක කාලයේදී අරලිය යාය යට පුටු තබාගෙන උන්නෝය.එතැනට කලවාන නිවිතිගල මාර්ගය මනාවට දිස් වේ..පාරේ යන ගෑණු ළමයින්ට වට පිට බලා උසුලු විසුලු කිරීම පිරිමි ළමුන්ගේ විනෝදාංශයයි.

'මොකද මේ පාරට සේල් දාලා වගේ....යනවලා ඔය පුටුත් අරගෙන පන්තිවලට...' නුවණි මිස් යක්ෂාවේසයෙන් කෑගැසුවාය.ඒ අනුව පිරිස පුටුද රැගෙන පන්තිය ඇතුළට රිංගුවේ නුවණි මිස්ට යටින් හොඳහැටි දෙහි කපමිනි.

'විශ්මි...........විරංගත් එක්ක යනවා ඔෆිස් එකට....' නුවණි මිස් කීවේ තරහෙන් පුපුරමිනි.

'ඒ ගමන මොන ගිනි ගෙඩියක්ද..........? ' විරංග තමන්ටම කියා ගත්තේය,

විශ්මිගේ දෑත් ගැහෙන්නට විය. 'අනේ..විරංග....' විශ්මි කීවේ හැඬුම්බරවය.

'බය වෙන්න එපා...එන දේකට මූණ දෙමු... අපි වැරදි කරලා නෑනේ විශ්මී..' විරංග ස්ථිර ස්වරයෙන් කියද්දී විශ්මිගේ සිතට හයියක් දැනුණි.

දෙදෙනා කාර්යාලය තුලට පිවිසියේ බියෙනි.මේ දිනවල තමන්ට සිදුවෙන දේවල් නිසාම ඒ බිය දෙගුණ වී තිබුණි.විදුහල්පතිවරයාගේ තියුණු දෙනෙත දුටු විරංගත් විශ්මිත් ප්‍රශ්නයක් ඇති වී ඇතැයි අනුමාන කළෝය.


එමු එමු මෙහාට..........' විදුහල්පතිවරයාගේ හඬ ද වෙනදාට වඩා තියුණු බව දෙදෙනාට වැටහුණි.




2013년 12월 24일 화요일

නිසල සිත් මල - 4



1  2  3 

'ඇත්තද...........ඔයා බඳින්න ඕන මාවනෙ බබා..මං වෙලාව ආවහම ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අවසර ගන්නම් ...'

කවුරු කැමති වුණත්.....මම කැමති නැත්තං..'

ඔයා මට කැමති නැද්ද? ' එවර නම් නිර්මලගේ හඬ වෙනස් විය.නිර්මල විශ්මිට ආදරය කරන්නේ හදවතින්මය.

'සුදු අයියේ ..........ම.....මං...........ඔ..'

'ඇති ඇති........මං දන්නවා ඔයා කියන්න යන දේ..මාව තවත් අප්සෙට් කරන්න.මුකුත් කියන්න එපා.ඔයා මට ආදරෙයි,මං දන්නවා.

විශ්මි ඉන් එහාට ඒ ගැන කතා නොකළාය.ඔහු ඔහොමමය.යමක් කියන්නට උත්සාහ ගද්දී නවතා දමයි,පසුව වැරදි වැටහීම් ඇති කර ගනී.අවසන අසරණ වන්නේ විශ්මිය.

ඔයා කවදාද ගෙදර එන්නේ?කතාව වෙනතකට හරවා විශ්මි ඇසීය.

තව මාසෙකින් විතර තමයි.. සමහරවිට එන්නම බැරිවෙයි....'

ඒ ඇයි?

ඇයි ක්ලේමෝ එකකට අහුවෙලා ඩෝං ගාලා පණ ගියොත්..


මොනවද සුදු අයියේ මූසල කතා කියන්නේ... තරහයි...මං...ඔයත් එක්ක.. විශ්මි කීවේ අවංක හැඟීමෙනි.

'සොරි සොරි.......සුදු නංගි...,ඒක නෙමේ ඔයාලා ට්‍රිපක් ගියා කියලා ආරංචීයි...කෝ.....මොනාද මට ගෙනාවේ?'

'ම්ම්......පොඩි බඩුවක් ගෙනාව ආවම දෙන්නම්...' විශ්මි බොරුවක් ගොතා කීවාය.ඔහු අසනා තෙක් එවැනි දෙයක් ඇයට සිතුණේ නැත.එසෙ නොකීවනම් ඔහුගේ හිත සවුත්තු වන බව ඈ දැන සිටියාය.නිර්මල යහපත් ගති ඇත්තෙකු වූයේය.රූ සපුවෙන් ද අඩුවක් නොවූ ඔහු කඩව්සම් තරුණයෙකු ද වීය.නිර්මල "සුදු  අයියා"  වූයේ කුඩා කල සිටම  පැහැපත් වූ බැවිනි.


'සුදු නංගී.......අපි පස්සෙ කතා කරමු..මං පොඩ්ඩක් බිසී...ඒත් ඉතිං කතා කළා, කතා නොකර බැරි නිසා කතා කළේ..වෙලාවට කාලා පරිස්සමින් ඉන්න ඕන හොඳද?ආ...පාඩම් කරන්න හරිද..බුදුසරණයි එහෙනම්.........' ඔහු කියවාගෙන යන විට සත්තකින්ම ඈට දුක සිතිණි.


'හරි ....සුදු අයියේ.......ඔයත් ගොඩා..........ක් පරිස්සමින් ඉන්න හොඳද?; මං තියන්නම්.බුදු සරණයි..!



දුරකථනය තබා විත් ඇය  කල්පනාවට වැටුණාය.සුදු අයියා "පව්" කියා ඇය සිතුවාය.ඇය ඔහුට කතා කළා එච්චර හරි නැතැයි කියා ඇය සිතුවාය.ඒ පිලිබඳ ඈ තුළ වූයේ කණගාටුවකි.



පසුදින උදෑසන විශ්මි ,චමිලා ද සමගින් පාසල වෙත ළඟා වෙමින් උන්නෝය.දෙදෙනාම පාසල වෙත එන්නේ බස් වල එකටමය.


ගුඩ් මෝර්නින් විශ්මී.........' ඈත සිට යම් කෙනෙකු කෑ ගසනවා ඇසුන නමුදු ඒ දිසාව හොයාගන්නට ඇයට සුළු වෑයමක් දරන්නට සිදු විය.තම පංති ශාලාවට ශාලා දෙකකට ඉහළින් කණ්ඩිය මත පිහිටි තුන් මහල් ගොඩ නැගිල්ලේ තුන්වන තට්ටුවේ බැම්මක් මත සිට කෑ ගසන විරංග හඳුනාගැනීමට ඇයට අපහසු වූයේ නොවේ.ඔහුට අත වැනූ ඈ පහළට එන ලෙස අතින් සංඥා කර පංති කාමරය කරා ඇදුනේ චමිලාද සමගිනි.


මුල් කාළ පරිච්ඡේද දෙක අවසන් වූවාට පසු තුන් වැනි හා සිව් වැනි කාල පරිච්ඡේද තොරතුරු තාක්ෂණ විෂය වෙනුවෙන් වෙන් වී තිබුණි.කවදත් මග හරින එම කාල පරිච්ඡේද දෙකෙහි විශ්මි ,චමිලා යෙහෙළියන් හා කල්ලි ගැසී කියවන්නට වූවෝය.විශ්මි චමිලා සමග බර කතාවක පැටලී ඉද්දී විරංග අතරමැදට පැන්නේය.කන් වල ඇබ ගසාගන්නට වෙලාව පැමිණ ඇතැයි සිතූ චමිලා එය විශ්මිට කීවේ විරංගටද ඇසෙන සේය.විශ්මිගේ මේසය ඉදිරිපසට පුටුවක් හරවාගත් විරංග චමිලාට රැව්වේය....


'මේ.......මං කියන්නද කතාවක්............' ඔහු දෙදෙනා දෙසම බලා කීවේය.

'හා කියන්න'.........චමිලා කීවාය.

'අනේ මට බෑ......මම දන්නේ හාවගෙයි ඉබ්බගෙයි කතාව විතරයි..' විශ්මි කීවෙන් විරංග සමච්චල් සිනහවක් පෑවේය.

'අනේ මේ.........ඔයා බබා........!'  විරංග කීවේ විශ්මිටය.

අනේ විරංග ..........උඹම කියහං....' චමිලා කීවාය.


'ම්ම්ම්? හිනා කතාවක් නම් මතක් වෙන්නෑ මේ වෙලාවේ.........ආ..........හරි' ඔන්න අහගන්න...විරංග කතාවට මුල පිරුවේය.

'ඔන්න කොල්ලෙක් ඉන්නවලු..මූට හොඳට සල්ලි තියේලු.මෙයා ගත්තලු බස් එකක්..අරන් තමන්ගේ නම එහෙම දාගෙන හොඳ ඩ්‍රයිවර් කෙනෙකුත් ගත්තලු., මෙයාම තමයි කොන්දොස්තර.'

'මෙයාම තමයි කිව්වේ? 'චමිලා අතරමැදින් ප්‍රශ්නයක් යොමු කළාය.


'ඒ කිව්වේ බස් එක ගත්ත කොල්ලා බං......අනේ.......උඹත්..!  හරි ආපහු කතාවට..........දැන් දවස ගානේ බස් එක දුවනවලු.ඔහොම යද්දී දවසක් ඩ්‍රයිවර්ට මොකද්දෝ හේතුවකට වැඩට එන්න බැරිවෙලා.උදේ පාන්දර වෙන ඩ්‍රයිවර්ලා හොයන්නත් බැරිලු.කොල්ලගේ තාත්ත කියලා 'අද මම වැඩ කරන්නම් ' කියලා.

'වෙන පිළියමකුත් නැති නිසා පුතාත් කැමති වෙලා.ඔහොම වැඩ කරද්දි, මනුස්සයෙක් බැස්සට පස්සේ කොල්ලට කියවිලා "හරි මචං යං" කියලා.කොල්ලට අමතක වෙලා අද ඉන්නෙ තාත්තා බව.පස්සේ හරි තාත්තෙ යං" කීවලු.

'අපෝ.........ඉවරද? ඕක කතාවක්ද? විශ්මි මාව කුචිකවපන්කෝ...." චමිලා කීවේ සරදමටය.


'මං කිව්වනේ....හිනා කතාවක් නෙමේ කියලා එච්චර..! ඉතිං ඊට පස්සේ ගමේ මිනිස්සු එදා ඉඳන් කොල්ලට කියන්නේ "හරි මචාං යං තාත්තෙ " කියලලු.

උඹලාට හොඳ කතා නම් තියනව...මට කියන්න විදිහක් නෑ..' විරංග කීවේ චමිලාට වැලමිට උලුක් කරන ගමන්ය.තවත් මොන මොනවාදෝ කියමින් පිරිස හිනා වෙමින් ඉන්න අතරට විත් "විශ්මි" කියන්නේ කවුදැයි පාසල් කාර් ‍යාල සේවිකාවක් ඇසුවාය.

'ඇයි?.........' විශ්මි අසනාවිට පිරිස නිහඬව සේවිකාව දෙස බලා සිටියෝය.

'ඔයාට ප්‍රින්සිපල් සර් ඔෆිස් එකට එන්න කීවා.." එසේ කියූ ඈ පිටව ගියාය.


'ඇයි දන්නෑ........' විශ්මි කීවේ දෙගෙඩියාවෙනි...මම බලලා එන්නම්.." කියූ විශ්මි කාර්යාල කාමරය වෙත ගියාය.

ලිපි ගොනුවක් වෙත අවධානය යොමු කරගෙන උන් විදුහල්පතිවරයා තමන්ව දකිනා තුරු ඈ සිටගෙන සිටියාය.

'ආ...විශ්මි.......වාඩිවෙන්න...' විදුහල්පති තුමා ඉදිරි අසුන පෙන්වා කීවේ ලිපි ගොනුව හකුළා මේස ලාච්චුවට දමමිනි.

"විශ්මි වෙනත් පාසලකින් ආපු දරුවෙක් උනත්...විශ්මිට ප්‍රිෆෙක්ට් බැජ් එක අපි දුන්නේ ඔය දරුවගේ දක්ෂතා වලට සලකලා.ඒ විතරක් නෙවේ , බොහොම අඩු කාලෙකින් විශ්මි කැපී පෙනෙන ශිෂ්‍යාවක් වුන නිසා.

විශ්මි සාවදානව අසා සිටියේ මේ විදුහල්පති තුමා මුල පුරන්නේ කුමකට දැයි අවිනිශ්චිතවය.


මම ඔය දරුවට එන්න කීවේ..........අවවාදයක් කරන්න.ඔය ළමයා ප්‍රිෆෙක්ට් කෙනෙක් නිසයි මෙහෙම ගෙන්නුවේ, මොකද මට අනිත් ළමයි ටික හදාගන්න ඕනේ...ඔයාලත් මෙහෙම කරද්දී මම කොහොමද වෙන දරුවෙකුට අවවාදයක් දෙන්නේ?

'ස...සර්............මොනා ගැනද මේ ...'

ඇයට කතා කරන්නට ඉඩ නොදීම ඔහු නැවත කතා කළේය.

මම කෙළින්ම කියන්නම් විශ්මි....මම කියන්නෙ ඔයාගෙයි විරංගගෙයි සම්බන්ධේ ගැන.මං පාසලේ විනය ගැන ආයේ ඔයාට කියලා දෙන්න ඕනේ නෑනේ..මොකද කියන්නේ මම මේ ගැන ගෙවල් වලට දන්වලා ඇක්ෂන් එකක් ගන්නද?ඔය ළමයා මේක මෙතනින්ම ඉවර කරනවද?

'සර්...........ම..........'

'විශ්මී...........මම ආයෙමත් කියන්නේ මම ඔය ළමයා නිසයි මෙහෙම කතා කරන්නේ' ගුරුවරයා කතා කරනා ස්ථිර බව විශ්මිව කම්පනය කරන්නට සමත් විය.

'සර් අපි හොඳ යාළුවෝ............එ......එච්චරයි...' විශ්මි බිඳුණු හඬින් කීවාය.

'ඔයා ට්‍රිප් එක ගිහින් හැසිරිලා තියන විදිහ අන්තිමයි...අනික පංතියේ දෙන්නා උගන්නන වෙලාවටත් ඉන්නෙ එකටලු නේද?මීට පස්සේ ඒ වගේ දේවල් අපිට ආරංචි වෙන්න බෑ ...ඕකේ..." විදුහල්පති තුමා කතා කරනා අතරතුර, අංශ භාර ගුරුවරියද එතැනට පැමිණ විශ්මි දෙස හෙළු බැල්මෙන්ම ඈද මෙය දන්නා වග විශ්මිට තේරුම් ගියාය.


විශ්මි නිහඬව සිටියාය.හිත ඇතුළේ කකියන්නට වූ වේදනාව ඇගේ දෑස් දෙකොණින් බේරෙන්නට විය.

මේ වෙලෙහි නිහඬ වනවාට වඩා වැඩි යමක් තමන්ට කළ නොහැකි බව ඈ සිතුවාය.

'ඔය ළමයා දැන් යන්න.... ' දෙනෙත් බිමට හරවා කඳුලු සලන ඈ දෙස මදක් බලා සිටි විදුහල්පතිවරයා කීවේය.

කාර්යාලයෙන් ඉවතට බට ඈ හනි හනිකේ කඳුළු සලමින් ශාලාව වෙත දිව ආවේ පුස්තකාලය පසු කරමිනි.පංති කාමරයේ තම අසුනින් අසුන් ගත් ඈ හිස මේසයට ගසා ගත්තාය.ඉන් පිටත උන් චමිලා ඈ දැක කාමරය තුළට ආවේ මොන යම් හෝ දෙයක් වී ඇතැයි සැක සිතමිනි. 

ඇයි උඹ අඬන්නේ? මොකද උනේ?මූණත් හොඳටම රතු වෙලා, සර් බැන්නද?' චමිලා ඇසුවේ කරුණාවෙනි.

සර් විරංගටත් එන්න කියලා....ඔන්න ගියා....' චමිලා කී විගසින් විශ්මිගේ හිස ඉබේටම එසවුණි.විරංග තමාව මග හැරී ගියේ අපරාදේ යැයි විශ්මිට සිතුණේ චමිලා එය කීවාට පසුවය.

'මොනාද බං උනේ....................කියපං..' චමිලා ඇසුවෙන් විශ්මි සිදුවීම චමිලාට කීවේ හැඬුම් අතරිනි.

'හරි.....දැන් උඹ අඬලා වැඩක් නෑනේ කෙල්ලේ...අපි බලමුකො මොකක් හරි .., මට බය විරංග කලබල වෙලා අනාගනීද කියලා...ඕකාට මූලග්ගින්නනේ..'

මට තේරෙන්නෑ මොකක් කරන්නද කියලා....එක්කෝ මම විරංග එක්ක වැඩි බජනෙට නොයා ඉන්නවා.....' විශ්මි කීවේ කම්මුල පිසදමමිනි.

 'උඹ මේ මල ඉලව් කතාවක් හින්දා විරංග එක්ක කතා නොකර ඉන්නද යන්නේ?විකාර නැතුව හිටපං...' චමිලා කීවේ ඔවුන් දෙදෙනා අතර ඇත්තේ තමාගේ සහ විරංගගේ අතර ඇති සබඳතාවය මෙන් ම සබඳතාවයක් බව දන්නා නිසාවෙනි.

විදුහල්පතිවරයා ඉදිරියේදී විරංගගේ කන වැටුණේ ද එම කතාවමය.ඔහු ද පහදා දෙන්නට උත්සාහ කළ නමුත් එය පලක් නොවීය.ඔහුට ලැබුණේද විශ්මිට ලැබුණ අනතුරු ඇඟවීම සහ අවවාදයන්මය.විරංගද විශ්මි මෙන්ම ගුරුවරයා ඉදිරියේදී ඉවසා සියල්ලට සවන් දුන්නේය.විරංග පරාජිත පෙනුමෙන් පංති කාමරය වෙත සෙමින් ඇදෙද්දී ,චමිලා ඔහු වෙත දිව ගියාය.

'උඹ සර් එක්ක කට ගහගෙන ගියෙ නෑ නේද....?' චමිලා මුලින්ම ඇසුවේ එයයි.

විරංග නැතැයි කියා කීවේ හිස වනමිනි..ඉන් චමිලාගේ සිතට අස්වැසිල්ලක් ලැබුණි.ඔහුගේ මුහුණේ දගකාර සිනා රැල්ල අතුරුදහන් වී පාළු සොහොනක මූසල පෙනුමක් දිස් වෙන්නට තිබුණි.දෙදෙනාම පව් කියා චමිලාට සිතුණි.


විශ්මිට විරංගගේත්,විරංගට විශ්මිගේත් මුහුණ බැලීම අපහසු වී තිබුණි.දෙදෙනාම එක වර දෙදෙනා දෙස බැලීය.ඇස්වල තිබුණ මැලවුණ ස්වභාවය දෙදෙනාගේම යටි සිත කියා පෑවා මෙන් විය.

'මට සමාවෙන්න විශ්මී...........මම නිසා ඔයාට කතන්දරත් හැදුණා...' විරංග දැඩි කනස්සල්ලෙන් කීවේය.ඔහුගේ දෑස් යන්තමින් තෙත් වී ඇති අයුරු විශ්මි හොඳින්ම දුටුවාය.

'නෑ..........විරංග....ඔයා තව දුරටත් මගෙ බෙස්ට් එක..දාන්න පහක්..!' විශ්මි කඳුලු අතරින් සිනාසී අත පෑවාය.විරංග පහක් දමා ඇගේ අත හදින් අල්වාගත්තේය.සියල්ලටම වඩා සතුටු චමිලාටය."මුං දෙන්නව මේ කපේදි කඩන්න හම්බෙන්නෑ" චමිලා යටින් සිතුවේ දෙදෙනා දෙස බලා සිනාසෙමිනි.

'හා හා .....ඇති තොඳොලේ.......අත ඇරපන් ඔය අත..ඊළඟට තව ගින්නක්....දැන් කතා හදාගෙනනේ ඉන්නේ..පරිස්සමෙන්" චමිලා විරංගගේ අත ඇද දමා කීවාය.

'විරංග...අපි ටික දවසක් යනකං වැඩිය කතා නොකර ඉමු...' විශ්මි යෝජනා කලාය.


'පිස්සුද....එතකොට හැමෝම හිතයි ඒ කතාව ඇත්තක්..අපි බයට තමයි මෙහෙම ඉන්නෙ කියලා..මේ කේලම සර්ගේ කනේ තියපු එකා අපි වටේම ඉන්න එකෙක්...ඌට වාසි තියන්න ඕන නෑනේ නිකං.....' විරංග කියවාගෙන ගියේ මද කෝපයකිනි.

'ඔයා ඇයි එහෙම කීවේ...?' චමිලා විරංගගෙන් ඇසුවේ චකිතයෙනි.

'මේක කියලා තියෙන්නේ අපිත් එක්ක ට්‍රිප් එක ගිය එකෙක්....නැත්තං කොහොමද ට්‍රිප් එකේ විස්තර දන්නේ.....මම ලෙඩ උන වෙලාවෙවත් වචනයක් නොකියපු මිස්ලා ,සර්ලා මේක කියන්න ඇති කියලා ඔයාලා හිතනවද.....මේක ළමෙක්ගේ වැඩක්.....අනිවා....මට ෂුව.....' විරංග කියවාගෙන ගියේය.


'හරි හරි...........බැරෑරුම් ප්‍රශ්න පැත්තකින් තියලා අපි යං පොපිට් කන්න.....' එසේ යෝජනා කළ චමිලා විරංග විශ්මි සමගින් ආපන ශාලාව දෙසට ඇදුනෝය.




2013년 12월 19일 목요일

සියදිවි නසා ගැනීම ප්‍රශ්නවලට උත්තරයක්ද?

මේ මාසේ 15 වෙනිදා මම දෝණිත් (අක්කගේ දූ ) එක්ක නිවිතිගල නගරයට ගියේ පුංචි පුංචි උවමනා ටිකක් සපුරගන්න.ඒ වැඩ ටික හමාර කරගෙන බස් එකක් එනකං කියලා ස්ටෑන්ඩ් එකේ බලාගෙන ඉන්නකොට ඈතින් මතු උනා සුපුරුදු මූණක්...

'දෝණි.........., අපේ පංතියේ එකට හිටපු බෝයි  කෙනෙක් එනවා මේ පැත්තට............මාව දකීද.............? 'කියලා කියනකොටම එයා මාව දැක්කා..

පස්සෙ එයා අපි ඉන්න තැනටම ආවා...

'කොහොමද ඉතිං........' එයා කතා කරන්නත් කලින් ඇහුවේ මම.

'හොඳයි...බස් එකක් එනකන්ද ඉන්නේ?' එයා ඇහුවා.

'ඔවු.........දැං කැම්පස් එකෙන් නම් අවුට් ඇතිනේ?'

'ඔවු........දැන් ජොබක් කරගෙන ඉන්නවා..'

'එහෙමද?'

ඔහොම කතා කර කර ඉඳලා අපේ පරණ යාලුවො ගැන මම අහන්න ගත්තම හැමෝගෙම වගේ විස්තර කියාගෙන ගියා.

'අසිතයි ,ලසන්තයයි , නාලකයයි පොලිසියේ..තිළිණ කොතලාවල එකේ, දතා ඩිග්‍රියක් ගැහුවා...අනිත් සමහර උන් බැඳලා, ඊයේ පෙරේදා එකෙක් මැරිලා ගියා විහින්...........'

'මැරුණා? ඒ කවුද...?'

'දන්නවද දන්නෙ නෑ...අපේ බැජ්වල නෙවෙයි හිටියේ ..සහනා...'

'හෑ.......සහන්? ඇලෝසියස් ගිය සහන්?'

'ඔවු.......මතකද ඌව?'

'මට මතකයි...'

ඉන් පස්සට කතාව බොහෝ දුර ඇදුනා..කතාව අහපු මට මහා කළකිරීමක් ඇති වුණා.

සහන් අපේ ඉස්කෝලෙන් ඉවත් වෙලා ඇලෝසියස් එකට මාරු වෙලා තිබුණේ 9 පංතියේදී.ඒ නිසා මට සහන්ව අඳුරගන්න අවස්ථාවක් හම්බුනේ නෑ..නමුත් හවුස් මීට් දවස්වල එක දවසක් සහන් අපේ ඉස්කෝලෙ ඇතුළට ඇවිත් හිටියා.එදා එයා හිටියේ මගේ යාළුවෙක් (පිරිමි ) එක්ක.එයාල දෙන්නා ළඟින් පංති කමරයට යද්දී මම මගේ යාළුවා එක්ක කතා කරලා තමයි එතනින් ආවේ.එතකොට සහන් මගේ මූණ දිහා බැලුවත් හිනා උනේ නෑ...ආඩම්බරකාරයා! 

පස්සේ මගේ යාළුවා පංතියට ආවම මම ඇහුවා ඒ කවුද කියලා.එතකොට මට සහන්ගේ විස්තර ටිකක් එයා කිවුවා.ඊට පස්සේ තමයි මම දැනගත්තේ එයා ආදී ශිෂ්‍යයෙක් කියලා.

පස්සේ බස් ස්ටෑන්ඩ් එකකදී ,ටවුන් එකේදි වගේ දැක්කම මාත් එක්ක හිනා උනා.ඒත් කවදාවත් කතා කරලා නෑ..

ඊටත් අවුරුදු ගානකට පස්සෙ මෙහෙම අහන්න ලැබෙයි කියලා කීයටවත් හිතුවෙ නෑ.අනික බුද්ධිමත් කෙනෙක් වෙලත් සහන් ඒ වගේ තීරණයක් ගහ්තු එක ගැන මට හරිම කනගාටුයි.ඒත් එක්කම මට දැනගන්න ලැබුණා සහන් සියදිවි නසාගන්න තැත් කරපු සිව් වෙනි අවස්ථාව තමයි මේ විදිහට සාර්ථක වෙලා තියෙන්නේ කියලා.

සහන්ට විෂාදය වැනි රෝගී තත්ත්වයක් තිබුණාවත්ද කියලා මට වෙලාවකට හිතෙනවා.මොකද මීට් පෙර තුන් වතාවක් එයා සියදිවි නසාගන්න උත්සාහා කරලා තියනවා.කතාවේ හොඳම හරිය තමයි මැරෙන්න ටික වෙලාවකට කලින් එයා කළු ජැකට් ඇඳලා මූණට කලු මූණු දාගෙන එක එක විදිහට පින්තූර දාල බුකියේ.එයා සියදිවි නසාගන්න බවත් කියලා.බුකියේ ඒ වෙලාවේ හිටපු කෙනෙක් එක්ක චැට් කරලා.එයා ඒ දේ කරන්න එපා කියලා සහන්ට කියලා තියනවා.සහන්ට තිබුණේ බුකියත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්ද කියන්න මම දන්නෙ නෑ.නමුත් එයා කරපු මෝඩ වැඩේ ගැන දුක් වෙනවා ඇරෙන්න දැන් වෙන කරන්න දේකුත්  නෑ...කෙසේ නමුත් වටිනා තරුණ ජීවිතයක් නැතිවුණා..

ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක්.ඒ ප්‍රශ්න එකින් එක ලිහාගෙන ඉස්සරහට යන එක තමයි අපි කරන්න ඕනේ.අපිට බුද්ධිය කියල දෙයක් තියෙන්නේ කල්පනා කරලා නිවැරදි තීරණය ගන්න.ජීවිතේට හිතුවක්කාර වෙන්න දෙන්න නරකයි.අපේ ජීවිත අපිට ඕන විදිහට මට්ටු කරලා හදාගන්න ඕනත් අපිමයි.ප්‍රශ්න වලින් පැනලා යන එක ලොකු දෙයක් නෙවේ.ඕනෑම ප්‍රශ්නයකට අභියෝගාත්මකව මුහුණ දෙන එකයි හපන්කම.! මේ ලියන මටත් "අනේ මැරිලවත් යන්නෙ නෑනේ " කියලා හිතුණු වාර අනන්තයි.මම හිතනවා කියවන ඔයාටත් එහෙම ඇති.ඒත් ඒ වෙලාවට තමයි අපි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ..කවදාවත් අපේ අම්මා දුක් විඳගෙන අපිට අරන් දුන්නු මේ ජීවිතේ හෑල්ලු වෙන විදිහට මරලා දාන්න එපා.ඒ ජීවිතේට පුලුවන් උපරිම වටිනාකම අරගෙන දෙන්න උත්සාහා කරන්න.

******************************

කෙනෙක් සිය දිවි නසා ගැනීමට පෙළඹෙන්නට හේතු මොනවද?

ප්‍රධාන වශයෙන් 

1.  ආර්ථික දුෂ්කරතා
2.  අන්තර් පුද්ගල සබඳතා බිඳ වැටීම.

හැඳින්විය හැක.

පුළුල් ලෙස කරුණු රැස් කළ විට..



* හින්නොන්මාදය
* මානසික ආතතිය
* බලාපොරොත්තු නැතිවූ අවස්ථාවල
* අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදී 
* ඖෂධ අනිසි ලෙස භාවිතා කරන අවස්ථාවලදී
අධික මානසික පීඩවක් වූ වෙනත් ඕනෑම අවස්ථාවක


මේ අවුරුද්ද තුළ මගේ ගම් ප්‍රදේශයේ සියදිවි නසා ගැනීම හා සම්බන්ධ මට අසන්නට ලැබුණ තෙවන මරණය තමයි සහන්ගේ මරණය.ඊට කලින් අවු : 27 ක එක් දරු පියෙක් ගෙල වැල ලා ගත්තා.තවත් පාසල් යන සිසුවෙකු ගෙල වැල ලා ගත්තා.මේ මට අහන්න දකින්න් ලැබුණ ඒවා.එහෙම බලද්දී ලංකාව ඇතුළෙම මේ වගේ මරණ කොයි තරම් සිදු වෙනවා ඇත්ද?ලෝකයේ මාරක නොවෙන නමුත් සියදිවි නසාගැනීමේ උත්සාහයන් වාර්ෂිකව මිලියන 10-20 ත් අතර ප්‍රමාණයක් සිදුවන බවට ඇස්තමේන්තු ගතකර තිබෙනවාලු.සියදිවි නසා ගැනීමට හේතු, ඒවා අවම කරගන්නේ කොහොමද?, කියන කරුණු සහ තවත් වැදගත් කරුණු රැසක් සහිත වටිනා ලිපියක් විකිපීඩියා වේ තිබුණා,ඒකත් බලන්න.ජීවිතයට ගොඩක් වැදගත් වේවි.

අප අතරින් වියෝ වුන සහන්

ප.ලි. - සහන් යනු මන: කල්පිත නමකි.සහන් කොහොම ලෝකෙක මොන විදියකට උපදීද කියලා මම දන්නෙ නෑ...නිවන් සුව ලබන්න සහන්ට බෑ කියලා මම දන්නවා.නමුත්...ඉක්මනින් යහපත් අයෙකු ලෙස , යහපත් ආත්මයක උපදීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.



2013년 12월 15일 일요일

මම ඔයාට.......

පාන්දර හිරිකඩ පින්න ජනෙල් කවුළුවෙන් ඇතුලට ඇවිත් මගේ නළල් තලයත්, තොල්පෙතිත් කම්මුලත් සිපගත්තා.සියුම් සීතලට ඇහැරුණ මගේ ඇස් ඉස්සරින්ම දැක්කේ කිටි කිටියේ සීතලට ගැහෙන නැට්ට එහා මෙහා කරන් මොන මොනවදෝ කියවන තුන් ඉරි අප්පු...

මිදුල පුරාම විසිරිලා තියෙන කොළ අතරේ වැඩිපුරම තියෙන්නෙ කොස් කොළ...සීතල පින්නෙන් මිදෙන්න හිතාන කන් පෙති වැහෙන්න වූල් තොප්පිය දාගත්තු මම ඒ කොළ එකින් එක ඈතට තල්ලු කරගෙන ගියේ ඉදලෙන්...එහෙම ටික දුරක් අරං ගිහිං ආපහු හැරිලා බලද්දී  මහ පොළව පෑදිලා ගෙවත්තට නැවුම් බවක් එකතු වෙලා තිබුණා..

නැවත ආපසු නොහැරුණු මම ඉස්සරහට පොළව ඇමදගෙන ගියා .මට ඕනෑ වුණේ කෙළවරටම ගිහින් ආසානයේ ආපසු හැරී සුන්දරත්වය විඳින්න...එකින් එක එහාට ගෙනියන කොළයක් ගානේ මගේ ඒ ආශාව තවත් වැඩි වුණා.ඒත්...........මම ඉවසාන ඉදිරියටම ගියා...

ආසානය කරා ළඟා වූ මම ආපසු හැරී බැලුවේ ලොකුම ලොකු බලාපොරොත්තුවකුත් එක්ක...

හිතපු, බලාපොරොත්තු වුණ ලස්සන ඒ මිදුළ පුරා තියනවා වෙනුවට...මිදුළ පුරා මම දුටුවේ.... අළුත් කොළම කොළ පාට මොනවදෝ ගහකින් කඩාගත්තු කොළ ගොඩක්...ඔවු........මිදුළ පුරාම.

මට ආවේ කියාගන්න බැරි කෝපයක්...චූටි දූ මගේ....ඒ කොළ ටික නොපාගා දත් පෙන්නාගෙන හිනා වෙවී මා දිහා බලාන...ඒ හිනාවත් එක්ක කෝපය මදක් අඩු වෙද්දී මම දැක්කේ හදවත ඇතුළෙන් ඉඳිකටු අනිනා තරම් වේදනාබර දෙයක්...


.

*

*

*

*

*

*

*

*

*

*

*

*

*



මම ඔයාට ආදරෙයි.... 

කියලා ඒ කොළ වලින් ලස්සනට හදලා මගේ පුංචි දූ....







ප.ලි. - සංකල්පනාවක් පමණි.

2013년 12월 12일 목요일

නිසල සිත් මල - 3

1  2 





'විශ්මි.....නැගිටපන්...කොල්ලෙක් එහෙම ආවොත් වස ලැජ්ජාව...! ' චමිලා හදිසියේ යමක් මතක් වූ විලසින් කීවාය.

'අනේ බං................උඹත් වදයක් උනානේ....'

'මං වදයක් තමා...කොල්ලෙක් ආවනම් ඊට හපන්..'

දෙදෙනාගේ කතාව අතරතුර අනෙක් අයද එකා දෙන්නා නාගෙන බස් රියට ගොඩ වැදුනි.

'යං මොනාහරි ගන්න...'විශ්මි යෝජනා කළේය.

'හා..." චමිලා එක පයින් කැමති විය.


යෙහෙළියන් දෙදෙනා විවිධාකාර දේවල් තේරුවේය.මේ අතර විශ්මි රතු රෝස මල් කළඹක් තේරුවාය.එහෙත් එය මිල අධික විය.එය ගැනීමට තරම් මුදල් විශ්මි අත තිබුණත්  එය ගැනීමට නොහැකි වූයේ, එයට යට කරන මුදලින්  ඇයට වෙනත් දෑ දෙක තුනක්ම ගතහැකි හෙයිනි.මේ අතර විරංගද නා කියාගෙන මල් තෝරමින් සිටින විශ්මි හා චමිලා වෙත ආවේය.ඔහු බලා සිටියා මිස කිසිවක් මිලට ගත්තේ නැත.විශ්මි ළඟට ගිය ඔහු ඇයගේ කනට පිම්බේය.එයින් විශ්මි ගැස්සී බැලුවාය.විශ්මි ඔරවා බැලීය.චමිලා මල් කලඹකුත් තවත් සැමරුම් කිහිපයකුත් ගත් අතර විශ්මි සැමරුම් කිහිපයක් ගත්තත් මල් කළඹ ගැනීමට නොහැකිවීම පිළිබඳව කනස්සලු වීය.අවසන තිදෙනාම බස් රිය වෙත ගොඩ වුණි.

ඇවිද මහන්සි වූ නිසාම ගැහැණු ළමෝ දෙදෙන අසුන් ගත්තෝය.චාරිකාව ඒමට පෙර සිසුන් ඛාණ්ඩ වෙන් කර ඒ ඒ කණ්ඩායමට නායකයන් පත් කරන ලදී.විශ්මිගේ කණ්ඩායම් නායිකාව වූයේ චමිලා ය. හදිසියේ කණ්ඩායම් නායිකාවන්ව  එක් ගුරුතුමියක් විසින් කැඳවීය.චමිලාද එම රැස්වීමට ගියෙන් විශ්මි තනි විය.

තනි වූ විශ්මි කලපනා කරමින් සිටින්නට විය.විරංග විත් විශ්මි ළඟින් අසුන් ගන්නා ගමන් කනට පිම්බේය.

'ළමයා බර කල්පනාවක වගේ.............'

'අනේ නෑ විරංග .....පාලුයි..........අරකි එනකං හිටියේ...' විශ්මි කියන්නේ චමිලා ගැනය.

'ඔන්න මං ආවා...........දැන් පාළු නෑනේ......'

'අපෝ.........උඹ ඉන්න තැනක මොන පාළුවක්ද..'.

'ඒකනේ...'

විරංගගේ කටහඬේ අමුත්තක් ඇති බව විශ්මිට දැනී ගියේ කතා විලාශයෙනි.

උඹේ කටහඬට මොකක් වෙලාද..? විශ්මි ඇසුවේ පුදුමයෙනි.

'ඊයේ රෑ බාගෙට නාලා බාගෙට හෙම්බිරිස්සාව තිබුණා...අද වැවේ නාලා තව වැඩිවුනා..ඒ මදිවට බෝල් පාස් කරද්දි උගුර කැඩෙනකන් කෑ ගැහුවනේ....' විරංග කියනා විට විශ්මිට දුක ද සිතුණි.විශ්මි ඔහුගේ නළලට අත තබා බැලුවේය.

'අම්මෝ..........රස්නෙ...පැනඩෝල් ඇති දෙන්නම් ..විශ්මිට ඔහුව තවත් අසරණව පෙණින.

එපා විශ්මි....' විරංග කීවේ පරාජිත හැඟීමකිනි.

ඇයි විරංග ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද? මං උඹේ හොඳම යාළුවා කියලා උඹ කියනව ඒ උනාට උඹ මට මුකුත් කියන්නෑ....විශ්මි මැසිවිලි නැගුවේ ඉවත බලා ගනිමිනි.

'මේ බලන්න...විරංග ඇයගේ මුහුණ හැරවීය.මං ඔයාට මෙච්චරකල් මොනාද නොකියා හිටියේ...ආ...කියන්න..' විරංග කී දෙය වැටහුනාක් මෙන් විශ්මි හිස සැලීය.

'මගෙ ඔලුව පුපුරන්න වගේ විශ්මි.....ඉන්න බෑ...'විරංග කීවේ දෑඟිලිවලින් නළල මිරිකමිනි.

'අනේ විරංග ....මේ පැනඩෝල් දෙක බීලා චුට්ටක් ඔලුව තියාගෙන ඉන්න..'විශ්මි කීවේ සැබෑ අනුකම්පා දෑස් ඇතිවය.විරංග අසරණව ඔලුව වැනීය.ඇය පැනඩෝල් දෙක බොන්නට දී ඔහුගේ ඔලුව තම උකුළ මත තබාගෙන අතගෑවේය.

'ඔයා පව් විශ්මි............'විරංග කීවේය.

'මම ඔයාගේ බෙස්ට් එක...ඔයා මගේ බෙස්ට් එක..ඒක නිසා මුකුත් කියන්නෙපා හරිද..' විශ්මි කීවේය.හදිසියේම නායක රැස්වීම අවසාන වී චමිලා දිව ආවේය.ඈ සමග දිමුත් ද විය

'විශ්මි ඇයි මේ විරංගට...?'

චමිලාද නළලට අත තබා බලා " අනේ විරංග ඔයා පව්" යයි කීවේ දෑස්ද යන්තමින් තෙමාගෙනය.

'මට මෙච්චර ආදරේ , මෙච්චර හොඳ යාළුවො ඉඳී කියලා මං හිතුවේ නෑ..විරංග ද දෑස්වල කඳුළු පුරවාගෙන කීවේය.ඒ කඳුලු හිසරදය නිසාද ,සිතේ හැඟීම නිසාද යන්න විරංගටද සිතාගන්නට නොහැකි විය.සිතා සිටි කිසිවක් කරගැනීමට ඔහුට නුපුළුවන් විය.ඔහු කෙල්ලන් කොල්ලන් සමග නටා ගයා අමුතුම විනෝදයක් ලබන්නට සිතීය.ගුරුවරු පවා එයට සම්බන්ද කරගැනීමට ඔහු සිතා සිටියේය.එහෙත් ...ඔහු නොසිතූ පරිදි ගිලන් විය. 

විරංගට එහෙමම විශ්මිගේ උකුළ මත නින්ද ගොස් තිබිණ.ගුරුවරුද විරංගට කුමක් වී දැයි තොරතුරු විමසා සොයා බැලීය.විශ්මි හා විරංග ගැන අහිතක් ගුරුවරු තුළ පවා නොවීය.ඒ ඔවුන්ගේ සහෝදරත්වය ගුරුවරු පවා දන්නා නිසාවෙනි.

විරංගට ඇහැරුණේ තම යහළුවන් සිංදු කියනා ඝෝෂාවටය.ඔහුට කිසිවක් සිතා ගන්නට නොහැකි විය.තමන් විශ්මිගේ උකුළ මත බව වැටහෙන්නට පවා විරංගට මද වේලාවක් ගත විය..ඔහුට සියල්ල මතක් විය.ඔහු නැගිට්ටේය.එය දැක ගුරුවරු දෙතුන් දෙනෙකු විත් ඔහුගේ ඔලුව අත ගා තොරතුරු විමසීය.

'දැන් ඉස්සෙල්ලා තරම් රිදෙන්නෑ සර්........' විරංග කීවේය.

'දැන් නටන්න කරන්න යන්න එපා...' එසේ කීවේ ගුරුතුමාය.විරංග ඔලුව වැනුවේය.ඔහු වෙලාව බැලුවේය,අත් ඔරලෝසුවේ වේලාව 1.00 ලෙස සටහන් වී තිබුණි.එතරම් රෑ වී ඇතැයි ඔහු නොසිතුවේය.

'මේ කොයි හරියද?' විරංග විශ්මිගෙන් ඇසුවේය.

'මේ රත්නපුරේ.........තව ටික දුරයි තියෙන්නෙ විරංග ...' විශ්මි කී පසු ඔහු වීදුරුවෙන් එපිට බැලීය.ඇය නිවැරදිය.ඔහු නගරය හඳුනා ගත්තේය.එසේ නම් තමන් විශ්මිගේ උකුළ මත හොඳ නින්දක් නිදාගෙන ඇත.ඇය පව් කියා ඔහුට සිතුණ නමුදු ඔහු කීවේ නැත.යමක් මතක් වී විශ්මි ලඟින් නැගිට පිටුපසට ගොස් නැවත ඈ වෙත ආ විරංග .....

'මගේ හොඳම යාලුවා වෙනුවෙන් මං බඩුවක් ගත්තා.' 

'ඇත්තද?........එහෙනම් එයාට ඒක දෙන්න..එයා සතුටින් බාරගනී'

'ඔයා දන්නෑ මම මේ කියන්නෙ කවුරු ගැනද කියලා ...එහෙම නේද?'

'ඔව්...විරංග .......කවුද?ඔයාට යලුවො ගොඩක් ඉන්නවනේ..'

'ඒ ඔයා........! '

'මම?'

ඔවු ඉන්න මං ඒක ගෙන්නම්...මම දන්නවා ඔයා ඒකට ආසයි කියලා....' එසෙ කියමින් විරංග එතැනින් ගියේය.


විරංග නැවත ඇවිත් තම උකුළ මත තැබූ දේ දැක විශ්මි පුදුමවුණි.විශ්මිගේ දෑස් යන්තමින් තෙමී ගියේය.

'මං.........මේක ගන්න ගියේ ....ඒත්.......ගාන වැඩි නිසා දාලා ආවේ.." විශ්මි බිඳුණු හඬින් කීවේය.

'මං දැක්කා ඔයා ආසවෙන් බලනවා..' විරංග කීවේය.එහෙත් විශ්මිට දුකක් ඇති විය.මේ යාළුවා තමන් වෙනුවෙන් වටිනා යමක් දී තිබේ.එහෙත් තමා ඔහුට කිසිම දෙයක් ගත්තේ තියා එසේ සිතුවේද නැත.

මං දන්නවා මල් ටික තියාගෙන කල්පනා කරන්නේ මොනවද කියලා...' විරංග කී සැණින් විශ්මි පුදුම වී මෙන් බැලීය.ඔයා මට මුකුත් ගත්තේ නෑ කියලා නේද?' ඔහු ඇසීය.

'කමක් නෑ...මං තරහා නෑ..ඔයා ගොඩක් හොඳයි. ' විරංග කීවේ අවංක සිතිනි.

'මාත් බඩ්ඩක් දෙන්නම්...' ඈ කීවාය.

හ්ම්ම්........' විරංග කීවෙ ආශාවෙනි.

'මං ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් දෙකක් ගත්තා එක ජාතියෙන්...අපි දෙන්නම බඳිමු...ඇය කීවේය.

'ඔයාම මගේ බඳින්න...' විරංග අත පා කීවේය

විශ්මි ඔහුගේ අතේ එය බැන්ඳේය.ලෙහෙන්නෙ නැති ගැටයක් දාන්න ඈ....' විරංග කීවේය.පසුව ඇගේ අතේද ඔහු එය බැන්ඳේය.

අපිට එසෙම්බ්ලියේදි ගලවන්න වෙනවනේ...විශ්මි කීවේය.


මං සඳුදාට පරක්කුවෙලා එන්නම්.ඔයා ලේන්සුව බැඳන් ඉන්න.ඔයත් සඳුදාට පරක්කු වෙලා එන්න...' විරංග විසඳුමක් දුන්නේය.

කපටිකම් කරලා හරි පුරුදුයි වගේ....'

මේ වගේ අහිංසක කපටිකම් තමා..' විරංග සිනා සී කියද්දී 'ඒක නම් ඇත්ත' යැයි ඇය සිතින් සිතුවේය.

නොදැනීම ඔවුන් ආ බස් රිය  පාසල වෙත ළඟා වී තිබිණ.විරංග විශ්මි, චමිලා, දිමුත් ඇතුලු පිරිස වෙන්වී ගියේ පසලේදී හමුවන පොරොන්දුවෙනි.

විශ්මි ළිඳ අසළට් විත් බොහෝ වේලාවකි.මේ කාලය අතරතුර ඈ සෑහෙන දුරකට සිතින් අතීතයට ගියාය.'විරංග ඇත්තටම හොඳ යාළුවෙක්...!' ඈ සිතුවාය.


සුභද්‍රා ළිඳ අසළට පැමිණියේ තම දියණිය නෑමට ගොස් බොහෝ වේලාවක් ගත වූ හෙයිනි. 'සුදු දූ.........මොනවද කරන්නෙ නාන්නෙත් නැතුව..? මං හිතුවේ නාලා ඉවරත් ඇති කියලා.ඉක්මනට නාගෙන එන්න.මං තේත් හැදුවා.සුභද්‍රා කීවේ මදක් සැරෙනි.තමා බොහෝ වේලාවක් කල්පනා කල වග ඇයට වැටහී ගියේ දැන්ය.ඇය වහා නාගෙන ගෙදරට දිව ආවේය.

'අම්මා...............තේ? ' විශ්මි ගෙට ආවේ එසේ කියාගෙනමය.

'තේ තමයි....අන්න සුදු අයියා දැන් තුන් හතර පාරක්ම ඔයාව ඇහුවා.දැන් කීයේ ඉඳන්ද නානවා ,නානවා කියන්නේ?ඔයාට විහිළු කරයි දැන්.....ඒ ළමයා මම බොරු කියනවා කියල හිතුවද දන්නෙත් නෑ..' 

'හරි වැඩේනෙ...එහෙම හිතන්නෙ මොකද...?එයාට ඕන නම් ආයෙම කෝල් කරයිනෙ...'

'සුදු දූ හරි නරකයි....අයියා පව්...පුළුවන් වෙලාවල්වල ඒ ළමයා කතා කරනවා...ඔයාට අගයක් නෑ...'

සුභද්‍රා "සුදු අයියා" යැයි කියන්නේ තම අයියාගේ පුතාටය.එනම් විශ්මිගේ ඇවැස්ස මස්සිනාය.ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළේය.ඔහු මේ වනවිට  අම්පාරේ සේවයේ නියුතු වී සිටි අතර හැකි සෑම විටකම විශ්මි හා  කතා කරන්නට අමතක නොකලාය.

නැවත දුර්ක්ථනය නාද විය.ඔය අනිවාර්යයෙන් "සුදු අයියා" යැයි විශ්මි සිතීය.

"අම්මා ....ආන්ස්වර් කරන්නකෝ..."

'දූ .......ගන්න..සුදු අයියා වෙන්න ඇති...'

'අයියෝ.........මල වදේ...." එසේ සිතූ විශ්මි තරහින් කතා කළේය.

'හෙලෝ....'

'කොහොමද සුදු කෙල්ලේ....අද සුදුවෙලා ඇති මොනවද ඔය තරම් හේදුවේ...? 'විශ්මිගේ කෝපය දෙගුණ විය..

'තමුසෙට මොකද...? '


'අප්පේ සුදු නංගිගේ සැර...!මොකද ට්‍රිප් එක ගිහිං කොල්ලෙක්වත් සෙට් උනාද?' 

'ඔවු........එග්සෑම් ඉවර උනාම මං එයාව බඳිනවා...'

'ඇත්තද...........ඔයා බඳින්න ඕන මාවනෙ බබා..මං වෙලාව ආවහම ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අවසර ගන්නම් ...'









2013년 12월 7일 토요일

නිසල සිත් මල - 2


1කොටස බලලම එන්න.



'දෙවියනේ..................පිනා.........!' විරංග සිතුවේ කරගන්න්ට දෙයක් සිතාගත නොහැකිවය.


කෙල්ල හැඬූ කඳුලින්ම හිටගෙන සිටියේය..විරංග වහා කොල්ලන් ගොඩට පැන්නේය.විරංග පිනා යැයි කියන්නේ පාසලේ විදුහල්පතිතුමාටය.හිටගෙන සිටියේ කවුදැයි විදුහලතිතුමාට වැටහීමක් තිබුණේ නැත.එක්වර විරංග කොල්ලන් ගොඩට පැන සැඟවී ගත් නිසා විදුහල්පති පිරිස අතරට පැමිණියේ හරියටම ඔහු හඳුනාගැනීමටය.එහෙත් ඔහුට එය නුපුළුවන් විය.

කරුණාකරලා දැන් මෙතන ඉඳලා වාඩිවුන ළමයා නැගිටින්න.'විදුහල්පති තුමා එසේ කීවේ සූක්ෂමව පිරිස අතර ඇස් යවමිනි.එහෙත් විරංගව හඳුනා ගැනීමට ඔහුට නොහැකි විය.විරංගද ඔහුව කනකාවත් ගණන් ගත්තේ නැත.පිරිස අතරට වී වෙනසක් නොපෙන්වා සිටියේය.

'දිමුත්................නැගිටින්න..'

පාසලේ යම් තරමක පිළිගැන්මක් තිබූ ශිෂ්‍යයෙකු වූ දිමුත් ට විදුහල්පති තුමා කතා කළේය. ඒ අනුව දිමුත් ගරු සරු ඇතිව නැගිට්ටේය.'දිමුත්..........ඔයා ඇත්ත කියන හොඳ ළමයෙක්..මට කියන්න මේ අහිංසක ළමයට කරදර කළේ කවුද කියලා...?'

අන් කවර දිනකවත් ගුරුවරයෙකුට කිසිඳු බොරුවක් කියා නොතිබුණ දිමුත් මෙවර අසරණ විය.ඔහුට තම යහළුවා පාවා දීම කළ නොහැකිය.බොරුවක් කිසිදින කියා නැති ඔහුට නිහඬව සිටිනවා හැර කළ හැකි දෙයක් නොමැත.ඔහු බිම බලාගෙන අසරණව සිටියේය.

'වැරැද්ද කරලා ඉන්න හැටි විතරක්........මොකුත් දන්නෙ නැති තොත්ත බබා වගේ,,...මගෙන් ඇහුවනම් දනී කරන දේ...' විශ්මි යටින් සිතමින් බිම බලා ඉන්නට විය.මෙතනදී දිමුත් ද කතා නොකිරීම විදුහල්පති තුමාට ප්‍රශ්නයකි.මදක් කල්පනාවේ සිටි ඔහු නැවත දිමුත් වෙත හැරිණ.


'දිමුත්...........ඒ කියන්නේ අද ඔය ළමයා කට අරින්නෙත් නෑ,හරි................මේ වැරැද්ද කරපු කෙනාට මේක පිළිගන්න එක චාන්ස් එකක්  දෙනවා.නැගිටල සමාව ගන්න.'


විරංග ඒ වචන කනකටවත් ගත්තේ නැත.විරංග නොසෙල්වී සිටියේය.


'දැන් දුන්න වෙලාව ඇති.ඒ කියන්නේ චාන්ස් එකත් එපා..?තව එක කෙනෙක් ඉන්නවා මේක් දැනගන්න පුළුවන්..'


දැන් සියළු දෙනාගේම පපුවේ  බිත්තර ආප්ප පුච්චන්නට හැක.එතරම් බියපත් වී බලා උන්නේ තම විදුහල්පතිතුමා ඊළඟට කුමක් කරාවිදැයි යන සැකය සමගිනි.නොසිතූ ලෙස එතුමා විශ්මි දෙස හැරුණි. "අනේ මං " කියා ඇය තමන්ටම කියාගත්තේ රහසින් මෙනි.


'ඔය ළමයාගේ  නම කියන්න....'



'විශ්මි.............' ඇය තෙපලීය..

ඔය ළමයා කියන්න කවුද මෙතනින් ඔයාට කරදර කළේ..?බය වෙන්න එපා, අපි ඔයාව බලාගන්නවා..මෙයාලට බයේ කට පියාගෙන ඉන්න එපා... එතුමා කීවේ ස්ථිරත්වය ඇතිවය.


දිමුත්ගෙන් මෙම ප්‍රශ්නය අසද්දී ඇය සිතුවේ 'මගෙන් ඇහුවොත් දෙන්නම් සේරම ' කියාය.එහෙත් දැන් ඇයගේද මුව ගොලුය.විදුහල්පති තුමා තම තියුණු ඇස්  වලින් ඇය දෙස බලා සිටින්නට විය.ඇය අසරණව යටැසින් විරංග දෙස බැලීය.විරංග තමන්ගේ මුව දෙසම කට ඇරගෙන බලා සිටි නා අයුරු දුටු ඇයට  දුක සිතිණ.ඇයද කිසිවක් කීවේ නැත. 


'හරි..........මේ ප්‍රශ්නේ මම විසඳන හැටි දන්නවා...ඔය ළමයා පංතියට යන්න.' කරුණාබරව විශ්මි දෙස බලා විදුහල්පති තුමා කීවේය.


අසරණ වූ විශ්මි පංතියට ගොස් හොඳටම හැඬූ හැටිත් ,ගෙදර ගොස් අම්මාට කියමින් හැඬූ සැටිත් ඇයට සිහි විය..


'මට බෑ ඒ ඉස්කෝලේ යන්න....' විශ්මි කී විට සුභද්‍රා සිනාසුනාය.



'ඕක ඔය හැටි දෙයක්ද ළමයො..ඕවා තව දවස් දෙකයි..ඊට පස්සේ ඔය කොල්ලෝ ඔයාගේ හොඳම යාළුවෝ වෙයි.........'

සුභද්‍රා කීවාත් මෙන්ම අවසානයේ විරංග දිමුත් විශ්මිගේ හොඳම යහළුවන් බවට පත් විය.විරංග එදා පෙනුන තරමට නපුරු නැති අහිංසක කොල්ලෙකු බව පසුව විශ්මිට වැටහිණ.


පිරිමි යහළුවන් මෙන්ම ඇයට බොහෝ යෙහෙළියන් විය.ඇගේ කරුණාවත් සිරියාවත් , මානයෙන් ඉදිමුණු අයෙකු නොව අහිංසක කෙල්ලෙක් වීමත්  එයට මූලික හේතුව වන්නට ඇත.


ගෙදර අම්මා උදේට හදා දෙන බත් කොල්ලන් කෙල්ලන් වට කරගෙන කද්දී ඇයගේ බඩට වඩා හිත පිරුණි.විමුක්ති, අජිත් , විරංග, දිමුත් සමග එකතු වී අරලිය යාය කොනේ ඇති අඹ ගසට පොලු ගසා  අඹ ගෙඩි කඩා ගුරුවරුන්ටද හොරෙන් කඩයට ගොස් ,උම්බලකඩ සම්බල පැකට්වල ඇති මිරිස් සමග කෑ හැටි..පුස්තකාලයට යාබද සන්නිවේදන කාමරයේ රූපවාහිණියේ  ටෙලි නාට්‍ය  බැලුව හැටි....මේ සියල්ල කොතරම් මිහිරි සොඳුරු මතකයන් වූවාද?


දිනක් විරංග චොකලට් හය හතක් තනිවම කා ඇස් රතු කරගෙන ආවේ තවත් උස බීම බෝතලයක්ද අතැතිවය.කොල්ලන් කෙල්ලන් මැදට එය ගෙනා විරංග ...


'මේකෙන් උගුර උගුර මෙතන හැමෝම බොන්න ඕනේ..එහෙම බොන්නෑ කියන්නේ අපේ සෙට් එකේ ඌ නෑ..'


විරංග කීවේ තීරණාත්මකවය.


ඔහු එසේ කීවද මේ ගැන විශ්මිට සැක සිතිණ.මොනවා හෝ මත්වන යමක් මෙයට එකතු කර ඇති යැයි ඇය සිතුවාය.දෙතුන් දෙනෙකුට බෝතලය පෑ ඔහු ඊළඟට බෝතලය පෑවේ  විශ්මි වෙතය.


'දැන් ඔයාගේ වාරේ ............බොන්න...'


'මට එපා........'


'කියපු එක මතකනේ....මේ විරංග කිවුවොත්..............!'


'හරි හරි.....දෙන්න............'


විශ්මි එය බීවේ කරන්නට දෙයක් නැති තැනය.


එදින ගෙදර ආ විශ්මිට අමුත්තක් දැනිණ.ඇයගේ බඩ බුරුල් වූවා සේ විය.



අම්මා මගේ බඩ දඟලනවා......' ඇය කී විට සුභද්‍රා ඇයට  ජීවක ගුලි දෙහි සමග සාදා දුන්නාය.පසුදා විරංගට මෙය කියද්දී ඔහු මහා හඬින් සිනාසුනි..එහෙත් ඒ කුමක් නිසාදැයි ඔහු කීවේ නැත.ඇයද ඇසුවේ නැත.

හදිසියේම මේ අතර චාරිකාවක් යන්නට සූදානම් විය.චාරිකාව යාම සූදානම් කළේ ගුරුවරුන් සමග සාකච්ඡා කර විරංගය.විරංග දඟ වැඩ කළත් පාසලේ ශිෂ්‍ය නායකයෙකු විය.එමෙන්ම කැඩෙට් සාජන්වරයා ද විය.පාසලේ යම් තැනක ඔහු ද සිටියේය.ගුරුවරුන්ගේ නොමඳ ආදරයට ද ලක් විය ඒ ඔහුගේ දඟකාරකම් නිසාම වන්නට පුලුවන.



චාරිකාව යාමට විශ්මි කැමත්තක් දැක්වූයේ නැත.එහෙත් ඇයගේ හොඳම යෙහෙළිය වූ චමිලාගේ කීමට ඇය මේ ගමන  යාමට තීරණය කළාය. එයට මවගෙන් පියාගෙන් අකමැත්තක්ද නොවීය. ඇය චාරිකාව යන බව නොකියා විරංගව ඇවිස්සීමට  සිතුවාය.

එම නිසා ඇය තම යෙහෙළියන්ට පවා තමා චාරිකාව යන වග කීවේ නැත.එය දැන සිටියේ චමිලා පමණි.චමිලා සැමවිටම ඇගේ කටයුතු වලට හවුල් වන්නීය. විශ්මි චාරිකාව නොයනවා යැයි විරංගගේ කනට ගියේ යහළුවන් හරහාය.පන්තියේ බොහෝ ළමුන් මෙහි යන්නට තීරණය කර තිබියදී ඔහුගේ හොඳම යෙහෙළියක එහි නොයනවා යැයි ඇසූ විට ඔහුට කේන්ති ආවේය.ඔහු වහා විශ්මි සොයා යද්දී ඈ යෙහෙළියන් සමග විහිළු තහලු කර සිනාසෙමින් උන්නාය.


'විශ්මි................තමුසෙ ට්‍රිප් එක යන්නැද්ද...?'


පාසලට ආ මුල්ම දිනයෙන් පසු ඇයට ඔහු මෙසේ ක්තා කලේ පළමු වෙනි වතාවටය.ඇය තුළ පැවති සහෝදරත්වයට මේ කෝපය දරුණු වැඩි විය.ඇයට ඉබේම හැඬිණ.ඇය වහා එතැනින් දිව ගොස් පන්තියේ තම අසුනින් වාඩි වී මේසයට ඔලුව තබාගෙන කඳුළු සලන්නට විය.


මෙයට සිත වඩා රිදුනේ විරංගගේය.විරංග විශ්මි වෙත ආවේ හිතේ කනස්සල්ල නිසාවෙනි.ඇය චාරිකාව යාම නොයාම ඇගේ හීරණයකි.තමා ඇයට බලපෑම් කරන්නට යාම පිලිබඳව ඔහු තුළ ලැජ්ජාවක් ඇති විය.


'මං උඹට කිවුවනේ ....ඔය ඕන නැති විහිළු ඕන නෑ කියලා..'එවර චමිලා කීවේ චාරිකාව නොයනවා යැයි බොරු කීම පිලිබඳව මැසිවිලි නගමිනි.


'මං විරංගට කියනවා උබ ට්‍රිප් එක යනවා කියලා..' චමිලා කීවේය.


'එපා....එපා.....මං ට්‍රිප් එක...ඇත්තටම....යන්නෑ.....' විශ්මි හඬමින් කීවෙය.


'ආ....ඇත්තද? එහෙනම් විරංග විතරක් නෙවෙයි...අපි ඔක්කොම උඹ එක්ක තරහයි...' චමිලා කීවේ මැඩගත් කෝපයෙනි..



එවර විශ්මි බියපත් විය.ඇය නිහාඬ කුමක් කරන්න දැයි සිතුවේය.ඒ අතරතුරේ විරංග ඔලුවද කසමින් විශ්මි වෙත ආවේය.

'සොරි........ඔයා යන්නෑ කිව්වම අප්සට්නෙ අයියෝ.....අපි ඔක්කොම යනවා .....බලන්න ...ඔයා විතරක් නැති උනහම...විරංග කීවේ හදවතින්ම බව විශ්මි දැන සිටියේය.


මමයි සොරි කියන්න ඕනේ....මම ට්‍රිප් එක යනවා...මං ගෙවලත් ඉවරයි....විශ්මි එසේ කීවේ ඔහු දෙස අසරණ බැල්මක් හෙලමිනි..  'බොරු නම් අහන්න චමිලගෙන්...'


'ඇත්තද චමී මේ කියන්නේ ...?'විරංග ඇසූවෙන් ඈ හිස වැනීය.විරංග 'හුරේ'.......කියමින් උඩ පැන්නේය... 'ඔය තියෙන්නේ............දාන්න පහක්...!'  විරංග කීවේ සත්තකින්ම හිතේ ඇති වුන සතුට නිසාවෙනි.. 



චාරිකාව දින දෙකක් වීම කාටත් සුමිහිරි අද්දැකීමක් විය.චාරිකාව ය්න අතරතුර විරංග ඇතුලු පිරිසම ගී කියමින් නැටුවේය.

අනුරාධපුර පොළොන්නරුව නැරඹීමට ගිය මේ චාරිකාවේදී සෑම ස්ථානයක්ම නැරඹීමට විශ්මි විරංග ගියේ එකටමය.විහිළු තහළු මැද්දේ ඒ ගමන මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය.



වැවේ නෑමේදී කොල්ලන් බෝලයක් පාස් කරමින් සෙල්ලමේ යෙදුන අතර කෙල්ලන් කියව කියවා නෑවේය. විශ්මි චමිලා දෙදෙනා කලින්ම නා අවසාන වී , ගමන් ආ බස් රිය වෙත ගියෝය.එහි කිසිඳු කෙනෙකු නොසිටි අතර ආසන මත විශ්මි හා චමිලා ඇල වූයේ ගතට දැනුන තෙහෙට්ටුවත් සමගය.  

'විශ්මි..............නැගිටපන්.....කොල්ලෙක් අවොත් එහෙම වස ලැජ්ජාව...!' චමිලා හදිසියේ යමක් මතක් වූ විලසින් කීවාය.