ලා දම් අහසට පායන උදවිය ..

2012년 12월 31일 월요일

එහෙනං ආයිබෝං කිව්වා ;)

හ්ම්ම් ...........2012 ත් ඉවර වුනා ..කාට කොහොම වුනත් මට නම් 2012 කියන්නේ මගේ ජීවිතේ අමතක නොවෙන වසරක් !ලෝක විනාසේ හින්ද එහෙම නෙවෙයි ඈ ;) මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මගේ ජීවිතේ ලොකුම හීනේ හැබෑ වුන නිසා .ඒ හීනේ ගැන දන්නේ නැති අය methanin   බලන්නකෝ , ඉතිං  මම නම් මොන දේ සිද්ද වුනත් මේ වසරට ආදරෙයිලු හොඳේ ..                                                   
(මේක ගුගල් ගෙන්)
                                                                                                             හැමෝගෙම වගේ ජීවිතවල පුංචි පුංචි බලාපොරොත්තු ටිකක් හරි තියනවනේ ..ලබන අවුරුද්දෙවත් මේ වැඩේ කරලා දාන්න ඕනේ ,මේ වැඩේ කරගන්න ඕනේ කියලා ..අන්න එහෙම තියන හැම බලාපොරොත්තුවකටම   මම හැමෝටම සුභ පතනවා ..ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටුකරගන්න හැකි වේවා කියලා.. එහෙම  ප්‍රාර්ථනා  කරන ගමන් ඕන් 2012ටත් ආයිබෝං කිව්වා එහෙනං !
                                                                                                          
එහෙනම් යාලුවනේ ඔයාල හැමෝටම සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන., කිරියෙන් පැණියෙන් උතුරන සුභ නව වසරක් වේවා !
                

2012년 12월 25일 화요일

පිංකිගේ ජීවිතේ !

මගේ නම පිංකි .ඔයා හිතන්නේ මට වයස කියක් ඇති කියලද ...? තවම දවස් තුනයි .අක්කලා තුන් දෙනෙක් ඉන්න පව්ලේ මං බඩ  පිස්සි :) මට මං ගැනත් මගේ අක්කලා තුන් දෙනා ගැනත් තියෙන්නේ පුදුම දුකක් .. අම්ම අපිව මිනිස්සුන්ගෙන් බේරගන්න විඳින දුකක් ...හපොයි දෙවියනේ ........මටයි මගේ අක්කලා තුන් දෙනාටයි ත් මේ දුකම කවද හරි විඳින්න සිදුවෙන එක නම් විස්වාසයි .අපි හතරදෙනාව ආදරෙන් තුරුල් කරගෙන අම්මා හරි ආදරෙන් අපිට කිරි දී දී හිටියේ .විශාල ගෙදරක පුන්චි අහු මුල්ලක් විතරයි අපිට ඕනි වුනේ .අම්මා කාඩ් බෝඩ් පෙට්ටියක් අමාරුවෙන් හොයාගෙන තිබුණා අපි හතරදෙනාව තියන්න . අම්මා ඒකට රෙදි කෑල්ලකුත් කොහෙන්දෝ ගෙනත් දාල .. අපිට සීතල වේවි කියලා බයට වෙන්නැති .!                                                                                                                                      
                                                                                                             අම්මා අපිව එහෙම තියලා මොහොතකට යන්න යනවා ..ඒ අපිට ආදරේ නැති නිසා නෙවෙයි .අපි  වෙනුවෙන්ම කිරි ටිකක් එරෙන්න මොනවා හරි කාල එන්න .අම්මා එනකං අපි හතරදෙනා එකට ගුලි වෙලා  දොයියගන්නවා, එක දවසක් ඔහොම  දොයියන් ඉද්දි කව්දෝ කෙනෙක් ඇවිත් අපිව දැකල කෑ ගැහුවා . "අම්මේ   අම්මේ .........මෙන්න පුස් පැටව් හතරදෙනෙක් පෙට්ටියේ ඉන්නවා !" එතකොටම සැර පරුෂ නැන්දා කෙනෙක් ඇවිත් "හාපෝ ....මල ජරාව ..ශික් !..මේක ඇතුලේ වල් පුසියෝ පැටව් දාලා " කියලා තව හයියෙන් කෑ ගැහුවා ..එතකොට මාමා කෙනෙකුත් ඇවිත් "කෝ කෝ .. කොහෙද ඉන්නේ පුස්  පැටව් කියලා අපි ඉන්න තැනට ආව .දැන් තුන් දෙනාම වටවෙලා අපි  දිහා බලන් මොනවාද තව කියෝනවා ..අක්කලා තුන් දෙනා බයවෙලා කෑ ගහනකොට මටත් බය හිතුන නිසා තව ටිකක් අක්කලා තුන් දෙනාට තුරුල් වුණා ..මට ඉතින් කෑ ගහන්න  තරමට පණකුත් නෑ තවම  ..අනේ  ඉතින් අර මාමා අපේ  අක්කෙක්ව උස්සලා අක්කගේ නැට්ට උස්සලා   , කකුල්  එහා මෙහා කරලා  මොනාදෝ හෙව්වා . "සේරම  බැලලියෝ .. එක  ගඩ්ඩෙක් නෑ .......මේං මුන් ටික කවරෙකට දාලා වීසිකරහල්ලා , මෙතන මුං බෝ කරගෙන බෑ " අපි හතර  දෙනාවම බලලා මාමා ගත්තු තීරණේ ඕක තමයි .  ගැණු සතෙක්  වෙන  එක වරදක්ද  එතකොට . අනේ අහිංසක මට ඕව ගැන තේරුමක් නෑ :(                        
                                                                                                             "අනේ තාත්තේ අපි මුං ටික තියාගමුකෝ" කියල චුටි බබා කිවුවත් මාමා නෙවෙයි කනකටවත් ගත්තේ .. මාමා මාමගේ තීරනේ අනුව අපිව කවරෙකට දාන් ගිහින් කොහේදෝ ගෙයක් ඉස්සරහට වීසිකරා .අපි ගොඩක් බයෙන් උන්නේ ,අපේ අම්මට ඉව තියන නිසා අම්ම අපිව හොයාගත්තා .ඒ ළඟ ගෙදරකට අපිව අරන් ගිහිං ඇතිවෙන්න කිරි දුන්නා,කිරි දෙන අතරේ අම්මා අපිව ආදරෙන් නෑව්වා .. අපි තව  ටිකක්  උණුහුමට අම්මට තුරුල් වෙලා දොයියන්න හැදුවා  විතරයි .ඒ ගෙදර හිටපු නපුරු සීයා අපිව දැකලා ලොකු කොස්සක් අරගෙන අපේ අම්මගේ පස්සෙන් එලෙව්වා ..අම්මා අපිව දාල දිව්වා .අම්මා දන්නවා අම්මට මුකුත් කරන්න හැදුවට මිනිස්සු අපි හතර දෙනාට අනුකම්පා කරලා මුකුත් නොකරන  වග .ඒ නිසා තමයි අම්ම අපිව දාල බය නැතුව ගියේ ,නපුරු සීය අපේ අක්කලාගේ කනෙන් උස්සලා ලඟට අරං නැට්ට උස්සල කකුල් එහා මෙහා කරලා බැලුවා ,බලලා...... බැලලියෝ බව දැනගත්තම අපිව එළියට වීසි කරා .. "බළලෙක්  උනානං එකෙක් හදා ගන්ඩ තිබුණා "සීය වීසිකරන ගමන් කිවුවා !ඒ කියන්නේ පිරිමි උනත් අපි  හතරදෙනාවම  හදාගන්නේ නෑ 'මගේ පුංචි හිතට එක දැනුණා .                                      
                                                                                                              අම්මා ටික වෙලාවකින් ඇවිත් අපිව ආපහු අරන් ගියා . දැන් අපි ඉන්නේ  කොහේදෝ ගෙදරක දර මඩුවක් ඇතුලේ ...මෙතන  පැය කීයක් ඉන්න   පුළුවන් වේවිද කියලා මට විශ්වාසයක් නෑ .අම්මා අපිව ආදරෙන් නාවනවා ..  මමත් පුළුවන් තරම් වෙලාවක් අම්මට තුරුල් වෙලා දොයියනවා .."අනේ දෙවියනේ .. මාව පුස් පැටියෙක් විදිහට මේ ආත්මෙදි  විතරක් ඉපැද්දුවම හොඳටම ඇති ,මතු උපදින ආත්මයකදී කවදාවත් මාව පුස් පැටියෙක් වෙන්න එපා .."                                         
                                                                                                               ප .ලි . සුභ නත්තලක් වේවා හැමෝටම !
                                       

2012년 12월 16일 일요일

සම්පත් ළඟා කරන තොලබෝ /Crinum asiaticum

ගහ කොළ හා මිනිසා අතර සහ සම්බන්ධතාවය ඈත අතීතයේ මුතුන් මිත්තන්ගේ දිගු කාලීන ඉතිහාසයක පටන් පැවත එන්නකි .සිංහලයාගේ ප්‍රධානම සංස්කෘතික මංගල්‍යය වන සිංහල අලුත් අවුරුදු උත්සවයේදී ශුභ නැකතට හිසට-පයට කොළ තබා කොළ යුෂෙන් සෑදු නානු ගා, තෙල් ගා නිරෝගී බව දීර්ඝායුෂ  පැතීමෙන්ම  ගහ කොළ වලට හෙළයා විසින් ඉහල ස්ථානයක් හිමි කර දී ඇති බව මොනවට ප්‍රකට කරයි . අද මේ කතා කරන්නට යන්නේද එවැනි අතීතයක් හිමි තොලබෝ ශාකය පිළිඹඳවයි. තොලබෝ  ශාකය  ගැන ඔබ අසා ඇතුවාට සැක නැත . තොලබෝ  ශාකය ගැන පැරන්නෙක් ගෙන් විමසු කල ලැබෙන්නේ  ඒවා අණවින , කොඩිවින සඳහා යොදාගන්නා පැලෑටියක් ලෙසයි .එහි සත්‍යක් ඇත . එමෙන්ම මෙම ශාකය ඖෂධීය වශයෙන් විශාල ඔසු ගුණයක් ඇති ශාකයකි . ගුප්ත බලවේගයක් ඇති සේ සලකන මෙම ශාක  වර්ගය  දේශීය ගුප්ත විද්‍යා කටයුතු වලදී භාවිත වෙයි .ශාන්ති කර්ම ,බලි තොවිල් ඇස්වහ කටවහ පිළිඹඳ ගුරුකම් කිරීමට මෙන්ම හදි හූනියම් කිරීමට හා ඒවා කැපීමටත්  තොලබෝ අල භාවිත කරයි .                                       
                                                                                                               තොලබෝ අල ,කඳ ,කොළ, මුල් ,මල් ඇතුළු සෑම  කොටසක්ම   ඖෂධීය  ගුණයෙන් යුක්ත වේ . කාන්තාවගේ  ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්  වන මල්වර වීමේදී මල්වර ලිය නැහැවීමට ඖෂධ ලෙසින්ද තොලබෝ ශාකය යොදා ගනී .දේශීය වෙදකමේ නොයෙක් තෙල් වර්ග සෑදීමටත් ස්ථාවර හා ජංගම විෂ ඇතුළු සකල විෂ නැසීමටත් ග්‍රහ දෝෂ දුරු කිරීමටත්  ආදී ගුප්ත කටයුතු සඳහාත් දේශීය වශයෙන් ප්‍රයෝජනයට ගනී .එමෙන්ම මෙහි අල නිවැරදි ළය විරේකයක් බවද සඳහන් වෙයි .කමත් වල කොළ මැඩීමේදී මෙය 'මුත්තා ' ලෙස යොදා ගනී .                                                                                                    
                                                                                                              තොලබෝ ශාකය නිවාස ඉදිරිපිට හෝ ගෙවත්තේ තිබීම ශුභ බව ජ්‍යෝතිෂ්‍ය  මතයයි .ඊතණ ,හීරුස්ස  පැලෑටි  මෙන් මංගල සම්මත පැළෑටියකි .සියලු ජය ලැබීමට හා ධන ධාන්‍ය සම්පත්  ලැබීමට හා බුද්ධි වර්ධනයට කැමති සියලු දෙනා මෙම ශාකය ගෙවත්තේ වැව්වහොත් මහඟු ප්‍රතිඵල අත් විඳිය හැකි බව විශ්වාසයයි .[විශ්වාස කිරීම නොකිරීම ඔබට භාරයි :)]                                                                                     
                                                                                                              නරි මානෙල් හා ගොඩ මානෙල් යන නම්වලින්ද තොලබෝ හඳුන්වයි . දෙමල භාෂාවෙන් විචාමුන්තිල් ලෙසද ,සංස්කෘත භාෂාවෙන් චක්රාන්ගි , සොමවල්ලි ලෙසද හැඳින්වේ .මෙහි උද්භිද නාමයන් Crinum asiaticum / Crinum toxicarium/ Amaryllis ernosa වේ .තාලමුලි යන ශාක කුලයට අයත්ය .තරමක් කුඩා වූ මෙම මල් පුනීලයක ආකාරයක් දිස් වේ .විශේෂයෙන්ම සවස් කාලයේ මෙම මල් පිපෙන අතර අගෝස්තු සිට පෙබරවාරි දක්වා කාලය තුල හට ගනී .මෙම ශාකය බහුලව ව්‍යාප්තව පවතින්නේ වියලි කලාපයේ ය. නමුත් වැව් හා දිය කඩිති  ආශ්‍රිතව මෙම ශාකය දැක ගත හැක . නැගෙනහිර පළාතේ පළාත් පුෂ්පය ලෙසද තොලබෝ මල යෝජනා වී ඇත .(පළාත් වලට අයත් මල් දන්නේ නැති අය මෙන්න  දැනගන්න .'වයඹ -ඇට්ටේරිය Murraya paniculta(L)jack,උතුරු මැද -ඇහැල/Cassia fistula(L) ,ඌව - ගුරුළු රාජ මල /Rhynchostylis retusa Blume,දකුණ -හීන් බෝවිටියා/Obbeckia octondra  ,බස්නාහිර -සුදු නෙලුම් /Nelumbo nacifera Gaerth,මධ්‍යම -මහා රත්මල /Rhododrendran Arbareum,සබරගමුව - වෙසක් මල/dendrobium Maccarthiae thw ,  උතුරු (යෝජිත)-විෂ්ණු ක්‍රාන්ති/Evalvulus Alsinodes(L)')                                                                                                                    ඇල්කොලයිඩ් හා අනෙක් ජීව ක්‍රියාකාරී  සංයෝග ලෙස ඇම්බෙලීන් ක්‍රිනාමයින් ක්‍රියාස්ඛේටේන් ආදී රසායනිකයන් ඇතුලත්ය .  මැඩ පවත්  විය හැකි රෝග නම් කාස,ශ්වාස ,ගෙඩි ,කෂත ,ව්‍රන,අජර්ණ , අදරිද්මාන,  පණු රෝග ,ප්ලීහ රෝග ,වරින්වර ඇතිවන උණ ,ශාරීරික දුබලතාව , මුත්‍රාකෘච්ච්ඡ, සකල ග්‍රහ දෝෂ , සකලවිධ විෂ , ලුතාදී සර්ප විෂ , රඵක්ශාදී   ග්‍රහ   දෝෂ ,, මේදෝ රෝග , යාකෘත් රෝග , ගුල්ම , ශුල , කන්ඨ   දෝෂ , උදර රෝග ,යෝනි දෝෂ ,ක්‍රිමිඝන ,රක්ත දෝෂ , ප්වර , අධිමාන ,ග්‍රහ පීඩා ,අක්මා රෝග , වාත රෝග .අරුචිය ,ජලෝදර ,ප්‍රමේහ රෝග ,කථිශුලය , ශීර්ෂ රෝග ,ෂෝථ, නක්තාන්ධතාව.,  දන්ත ශුල , ලලාශ්‍රවය, වෘක්ක  රෝග , චර්ම රෝග  වේ .                                                                                      
                                                                                                                 උළුක්කුවට -තොලබෝ  කොළ එඬරු තෙල් සමඟ අඹරා මදක් රත් කර ආලේප කිරීම . කන් කැක්කුමට -මඳ ගින්නෙන්  කකාරා  ගත් කොළ  ඉස්මට ලුණු  ස්වල්පයක්  මුසුකර බින්දු 1-2 දැමීම .කැස්සට -පත්‍ර තැම්බූ කෂාය  දීම ., ගල් තැල්මට -තොලබෝ අලයක් දෙකට පලා ගෙන්දගම් කැබැල්ලක් එයට දමා උණු අළු පල්ලේ පුළුස්සා අඹරා ගෑම .,හන්දි කෙටුම් රිදුම්වලට -තොලබෝ අල ඉඳිබොඩ පුවක්බොඩ අඹරා ආලේප කිරීම .අත් පා ඇඟිලි  අග ඇතිවන කුඩා බිබීලි හා  චර්ම රෝග සඳහා -පොඩි කරන ලද පත්‍ර එඬරු  තෙල් හා මුසු කොට ආලේප කිරීම , ස්ථානී ශෝත සඳහා පොඩි කරන ලද  පත්‍ර ආලේප කිරීම .                                                     
                                                                                                              ප.ලි.  මුලාශ්‍ර ------විකිපීඩියා සහ රිවිරිසි පුවත්පත , අන්තර්ජාලය . ඖෂධීය  ශාක සංග්‍රහය නම් පොතේ  වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය කෙනෙකුට තොරතුරු ඇත .
                                                                                                               (අද මගේ විසිටර්ස්ලා 5000 පන්නලා තියනවා දැකලා පොඩි සතුටකුත් ආව .මාව කියවන්න එන හැමෝටම පොදුවේ  කියනවා ස්තුතියි කියලා .මාව ඔයාල කියවන නිසා තමයි මන් මේ ගමන යන්නේ :)
                                                                           

2012년 12월 10일 월요일

තල් යායට කෝ සඳ මේ රෑ

තල් ගස් යාය අතරේ හැංගිලා තිබුණ බංකරේ වැලි කොට්ට වලට මුවා වෙලා සඳරු අහස දිහා බැලුවේ නිකමට .මුළු අහසම කළුවරයි .මේ අහසත් මගේ හදවත වගේ නේද කියලා සඳරුට හිතුණා .අහසට නම් අද අමාවක .හෙට හඳ පායාවි ,එත් ...මගේ හදවතට !සඳරු හීල්ලුවා විතරයි .ගල් තොප්පියයි ටී පනස් හයයි පැත්තකින් තියාගෙන සඳරු හිතන්න ගත්තා .මේ රාත්‍රියේදී විතරක් නෙවෙයි .මිටලිය නොහැකි රත් වුන  වැලි කැට නලියන ගිනි මද්දහනේ උවද සඳරුගේ හිතට එන්නේ කවි සිතුවිලි .එහෙත් සඳරුට පෑන් තුඩට වඩා තුවක්කු කටට සවි දිය යුතුව තිබුණා .සඳරුට තිබුණේ ලස්සන අතීතයක් !පුංචි කාලේ හුඟක් අයට වගේ සඳරුටත් හීන ,බලාපොරොත්තු තිබුණා .ඒත් ..හැමදෙයක්ම වෙනස් වුණා ක්‍ෂණයකින් :(                                                                   
                                                                                                            සඳරු ඉගෙනගන්න දක්ෂයි .ඒ නිසාම සඳරුගේ අම්මයි තාත්තයි රබර් වත්තේ නමක් අරගෙන වැඩට ගියා . සඳරුටත් ,සඳරුගේ නංගිලා දෙන්නටත් ,මල්ලිටත් ඉගැන්නුවේ කන්න බොන්න දුන්නේ ඒ කල රස්සාවෙන් තමයි .සඳරුගේ හීනේ වෙලා තිබුණේ කවදාහරි ඉංජිනේරුවෙක් වෙන්න .සඳරුලා ජීවත් වුනේ සාමාන්‍ය ගේක .අඩු පාඩු තිබුණට සඳරුලා හොඳට කාල බීල හිටියා .ඒ සඳරුගේ තාත්තා ගෙවත්තේ ඉඩ කඩ තිබුණ හැටියට මොනවා හරි වගා කරපු නිසා .           සඳරු නිවාඩු දවසට තාත්ත වගා කරපු කොරටුවේ පාත්ති සකසනවා . ඒවාට වතුර දාල රැක බලාගන්නවා ,ඒ වගේම අම්මයි තාත්තයි කිරි කපන කට්ටියට ගිහින් කිරි අකුලලා දෙනවා .කිරි බැරල් ඔලුවේ තියාගෙන ඉස්ටෝරුවට යනකන් පයින් යනවා .අම්මයි තාත්තයි දුක් විඳිනකොට පව්ලේ වැඩිමලා වුන සඳරු තමන්ට පුළුවන් හැම අවස්ථාවක  දීම ඒ අයට උදව් කළා .මේ වෙද්දී සඳරු හිටියේ උසස් පෙළ පන්ති වල .                                                                                           
                                                                                                               වාර විභාගයෙන් පස්සේ සඳරුලට පාසල් නිවාඩුව ලැබුණා .සඳරු හැමදාම අම්මයි තාත්තයි කිරි අකුලන වෙලාව වෙනකන් රබර් වත්තේ ගලක් උඩට වෙලා ඉඳගෙන හිටියා .එහෙම ඉන්න ගොඩක් වෙලාවට සඳරු රබර් වත්තේ මැද්දෙන් ගලාගෙන යන දොළ පාරේ නංගිලා දෙන්නයි මල්ලියිත් එක්ක  සරමෙන් තිත්ත කඩයි අල්ලලා පුංචි බාස්කට් එකකට දාගන්නවා .එතකොට නංගිලාගේ ඇස් සතුටින් දිලිසෙන දිහා සඳරු බලන් ඉන්නේ හරි ආසාවෙන් ."අපි යනකොට මුන් ටික ආපහු වතුරට දාලා යං "සඳරු කියනවා .එතකොට නංගිලා දෙන්නා "අනේ අය්යේ අපි මුන් ගෙදර අරන් යමු ,එතකොට අපිට පුළුවන්නේ මුන්ට හොඳට කන්න දෙන්න "කියලා කියනවා ."මේගොල්ලෝ අපි දෙන ඒවා කන්නෑ ..ඒගොල්ලන්ට ඕනි තරම් කෑම වතුරේ තියනවා "එතකොට සඳරු පැහැදිලි කරලා දෙනවා .                                                             
                                                                                                                අනේ අම්මේ ...ඉක්මනට එන්නකෝ අම්මේ ...අ ...අනේ ...අම්මේ ...!    
                                                                                                              කව්දෝ කෙනෙක් කෑ ගහනවා ,ගැහැණු කටහඩක් !සඳරු නංගිලා දෙන්නටයි මල්ලිටයි කොහේටවත් යන්න එපා කියලා ගලක් උඩින් වාඩි කරවලා හඬ ඇහෙන පැත්තට දිව ගියා .රබර් ගස් අතරින් දිව යනකොට සඳරු දැක්කේ ගැහැණු ළමයෙක් !ගලක් උඩට වෙලා අත් දෙකත් ගස ගසා බොහොම බයෙන් කෑ ගහනවා .සඳරු අහලක වැටිලා තිබුණු රබර් ලීයකුත් අතට අරං අර ගැහැණු ළමයා ඉන්න කිට්ටුවට ලං වුණා .                                                                                                                                   ඇයි නංගි මොකෙද්ද ?බය වෙන්න එපා මං ඉන්නවනේ "සඳරු කිවුවා
                                                                                                              යුවතිය ලජ්ජාවෙන් මුහුණ රතු කරගත්තා කියලා සඳරු දැක්කා "අනේ අය්යේ කූඩෑල්ලො  දෙන්නෙක් කකුලේ එල්ලිලා "අනේ උන් දෙන්නව ගන්නකො " යුවතිය හඩමින් කියනවා                                                   

                                                                                                              සඳරුට කෙල්ලගේ කතාවට හොඳටම හිනා .එත් සඳරු හිනාව තද කරගත්තා  ."මන් හිතුවේ සර්පයෙක් වත් දෂ්ට කරලා කියලා කෑ ගහපු විදිහට ."සඳරු කූඩෑල්ලන් ඉවත් කරන ගමන් කිවුවා .                            
                                                                                                               "මං බෑ කියද්දී අම්මා තමයි අරං ආවේ  මාව රබර් වත්තේ  "..යුවතිය  මවට  මැසිවිලි  නැගුවා                                                                            
                                                                                                              බන්ටී ............බන්ටී ...! ඈතින් ගැහැණු කෙනෙක් කතා කරනවා ඇහුණා ,"අපේ අම්මා කතා කරනවා .මං  යන්නං "සඳරුගේ ඇස් දිහා බලාගෙන එහෙම  කියලා නිල් මල් ගවුමේ තුත්තිරි ඇනි ඇනී  කෙල්ල දිව යන දිහා සඳරු බලන් හිටියේ අමුතු හැගීමක් හිතේ කකියද්දි ."බන්ටි " ගෙදරට කියන නම වෙන්නැති 'සඳරු එහෙම හිත හිතා ආපහු දොළ පාර ලගට ගිහින් නංගිත් මල්ලිත් එක්කන් අම්මලාගේ කිරි කට්ටියට ගියා .යනකොට අම්මලා කිරි අකුලලාත් ඉවරයි .                                    
                                                                                                              මෙච්චර වෙලා මොනවා කරාද දොළ පාර ළඟ ?සඳරුගේ අම්මා ඇහුවා ."කිරි බාල්දිය දෙන්න මට අම්මේ " සඳරු පිළිතුරු නොදීම කිවුව .ඒ වෙනුවට නංගිලා දෙන්නා සියල්ල මවගේ කනේ තැබුවා .කිරි බාල්දියත් ඔලුවේ තියන් ඉස්ටෝරුවට යද්දී දර මිටියක් ඔලුවේ තබාගත් ගැහැනියක් සමග බන්ටිත් එනවා ඉස්සරහින් . බන්ටි ආවේ අම්මට පිටිපස්සෙන් .සඳරුත්  අම්මටයි ගෙදර අයටයි පහු වෙලා ආවා .සඳරුට  බන්ටිට මනමාල බැල්මක් දාන්න විතරයි පුළුවන් වුණේ .බන්ටි සඳරුට විරිත්තලා යන්න ගියා .                                                                         
                                                                                                              පාසලොස්වක පෝය දා උදේම සඳරු ගේ අම්මා බුද්ධ පුජාව ඉව්වා ,පන්සල් යන්න ,සඳරුත් නංගිලා දෙන්නත් මල්ලිත් අම්මත් පන්සලට ගොඩ වෙලා බුද්ධ පුජාව දීල ,මල් පහන් පුජ කරලා පිං ලබාගත්තා . සන්දරුගේ අම්මා ගෙදර අයත් එක්ක ලොකු හාමුදුරුවෝ එක්ක කතාබහේ ඉන්න අතරතුර සඳරු තවම අවුරුදු පහක් වෙන  පුංචි මල්ලියත් එක්ක ආවාස ගේ පිටිපස්සේ තියන නාරං ගහේ නාරං ගෙඩි කැඩුවා . මල්ලිගේ වයසට වඩා අවරුදු 3ක් විතර වයසැති පොඩි හාමුදුරුවෝ සඳරු නාරං කඩනවා දැකලා ඒ අහලට වැඩියා .සඳරු පොඩි සාදුටත් නාරං ගෙඩි 2ක් දුන්නා ,"මටත් ගෙඩියක් දෙනවද ?,"හඬ අසුන පැත්තට ඇහැ යොමු කරපු සඳරු දැක්කේ බන්ටිව ."අහ් ....මේ බන්ටිනේ "සඳරු කිවුවා .                                                                                                                  "මේ ... හලෝ ..............මට බන්ටි කියල පිට අය කතා කරන්නෑ,එහෙම කියන්නේ අපේ අය විතරයි " බන්ටි කිවුවේ කටකාරකමට ...                  ඔයා කියන්න හදන්නේ මං පිට මිනිහෙක් කියලනේ ....' සඳරු ඇහුවා
 'ඔවු ඉතිං හරිනේ .......' බන්ටි නාරං ගෙඩියක් සුද්ද කරන  ගමන් කිවුවා
නරක් වෙලා තියෙයි අපිව තමන්ගේ කරගත්තොත් !සඳරු කිවුවේ නාරං කන ගමන්
බන්ටි ලජ්ජාවෙන් වගේ කතාව වෙනතකට හැරෙව්වා ."මේ ඔයාගේ මල්ලිද ?"
ඔව් .......මට තව නංගිලා දෙන්නෙකුත් ඉන්නවා ..ඒක නෙවෙයි කාත් එක්කද පන්සල් ආවේ?
අම්මත් එක්ක !................ඇයි ?
නෑ ......නිකං ...ඒක නෙවෙයි ,ඔයාගේ අර උප්පැන්නේ නම කියන්නකෝ .. ආසයි ඒකත් දැනගන්න .
උප්පැන්නේ නම ...'තරංගා' ..බන්ටි හිනාවෙලා කිවුවා
එතකොට ඔයාගේ නම?බන්ටි පෙරලා ඇසුවා
මගේ නම ද ?............... මගේ නම සඳරු ...ලස්සනයි නේ ?හැබැයි තරංගා කියන එකට වඩා බන්ටි හොඳයි !
පිස්සු ඔයාටනම් ......බන්ටි ලජ්ජාවෙන් හිනාවෙලා අම්මල ඉන්න දිහාට දිව්වා                                                                                                    

                                                                                                               සඳරු ගේ හිත සඳරුටත් හොරා බන්ටි ළඟ නැවතිලා තිබුණා . බන්ටිත් සඳරුට   පන වගේ ආදරේ කළා . දෙන්නම උසස් පෙළ පන්තිවල ඉගෙන ගත්තේ ,ගොඩක් දවසට බන්ටියි සඳරුයි රබර් වත්ත මැද්දෙන් ගලන් යන දොළ පාර ලඟදි තමයි මුණගැහුනේ ..ගොඩක් වෙලාවට සඳරු එන්නේ සඳරුගේ පුංචි මල්ලිත් එක්ක .ඒ නිසා පුංචි මල්ලි අසීමිතව බන්ටිට ලං වුණා ..සඳරු බැරිවෙලාවත් පුංචි  එකාව බන්ටි බලන්න යද්දී එක්ක නොගියොත් ,පුංචි එකා සඳරු ගෙදර ආ වෙලේ ඉඳන්ම අඬන්න ගන්නවා .ඒ නිසා හැමවෙලාවකම මල්ලිව සඳරු එක්ක ගියා .ඒ ගිය වෙලාවට බන්ටිත් එක්ක එකතුවෙලා පුංචි එකාට තිත්ත පැටව් ,අල්ලලා දෙනවා .ආපහු වතුරට දානවා ..ආයෙත් 'හා...කව්ද  බලමු  ඉස්සෙල්ලම  තිත්ත  පැටියෙක් අල්ලන්නේ ' කියලා තරඟෙට  තිත්තයෝ  අල්ලනවා .. සඳරුට තිබුනේ අහිංසක හිතක් .., ඒ වගේම  අහිංසක  ආදරයක් !  
                                                                                                            'සඳරු අපි පල්ලෙහා වලෙන් නාමු ..' එහෙම වෙලාවට බන්ටි යෝජනා කරනවා ,
'අර ඇනිකට් එක වගේ වතුර පිරිලා තියන වලේද ?හාපෝ එතන හැමෝටම නාන්න බෑ !හොඳ ට පිනන්න පුළුවන් වෙන්න ඕනි
'ඉතිං මට පුළුවන් පීනන්න ...' බන්ටි පෙරැත්ත කරනවා
'හරි එහෙනම් පොරොන්දු වෙන්න ඕනේ ගැඹුරට යන්නේ නෑ කියලා ' පෙරැත්තයෙන් බේරෙන්න බැරිම තැන සඳරු කිවුවා                                                                                                                                      
පොරොන්දු කරගෙන සඳරු වලට නාන්න ගියා .මල්ලි පොඩ්ඩත් ඉන්න නිසා සඳරු වලට බැස්සේ නෑ . බන්ටි එහෙම්ම වලට පැන්නා .. 'ඒයි ...බන්ටි ඔය මැද්දට යන්න එපා ..'වල මැදටම  පීනාගෙන යන බන්ටිව දැකල සඳරු කෑ ගැහුවා ..ගියාට වඩා ඉක්මනින් බන්ටි ආපහු පීනලා ආවා . 'කෑ ගහන්න එපා අනේ .. මට හොඳට මේක පුරුදුයි 'බන්ටි එහෙම කියලා වලේ එහා කොනේ ඉඳන් මෙහා කොනට පීනනවා .ඊට පස්සෙනම් සඳරු දැනගත්තා බන්ටි ඇත්තටම පිහිනීමට දක්ෂයි කියලා . බන්ටි පීනගෙන යද්දී බන්ටිගේ දිග ලස්සන කොන්ඩේ වතුරේ පාවෙන හැටි අපුරුයි !හරියට දිය කිඳුරියක් වගේ !සඳරුට හිතුනා . බන්ටි වලේ එහා කොනටම පීනලා ගිහින් අත් දෙක උඩට ඔසවලා වනනවා . එතකොට  පුංචි  එකා අත්පුඩි ගහන්නේ සතුටින් උඩ පැන පැන !
බන්ටි නෑවට පස්සේ පොඩ්ඩා ලඟින් බන්ටිව තියලා සඳරුත් නාගන්නවා .                                                                                            ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
                                                                                                            
"අය්යේ ..අර පාර අයිනේ ලොකු  අඹ ගහේ ගෙඩි වැටෙනවා .. මටයි  බන්ටි  අක්කටයි  අහුලලා දෙන්නකෝ" මල්ලි පොඩ්ඩා සඳරුට කරදර කරන්න ගත්තා .'හරි ඉතිං ..අපි බන්ටි අක්ක බලන්න යනකොට ඇහිඳ ගමු 'සඳරු කිවුවා .'දැන් අපි යන්නැද්ද ?'පොඩ්ඩා මුණ බෙරි කරන් ඇහුවා .'තව සුට්ටි වැඩක් තියනවා අයියට ..,ඊට පස්සේ යං හොඳේ .. ' සඳරු  පොඩ්ඩව සැනසුවා                                                                                                                                                                        'බන්ටි අක්කා ...මං ඔයාට මී අඹ ගෙනාවා ..' පොඩ්ඩා හුරතල් ලෙසින් වචන හසුරවලා අඹ ගෙඩි දෙකක් ඇය වෙත පෑවා .
'හානේ ....ෂෝයි පැටියා ..' අඹ ගෙඩියක් දෝතට ගන්න ගමන් පොඩ්ඩාගේ මුණ ඉම්බා
'අදත් අපි වලේ නාන්න යමු .' බන්ටි සඳරුට යෝජනා කළා .
'හා ..යමු ' සන්දරුත් කැමති වුණා                                                                                                                                             

බන්ටිට නාන්න ඉඩ හැරලා සඳරු පොඩ්ඩවත් තියාගෙන ගලක් උඩින් වාඩි වෙලා බලන් හිටියා .පොඩ්ඩා හොඬපර ගෙඩියක් අහුලන් පොතු ගලව ගලවා වතුරට දානවා .ඒ පොතු වතුරේ පාවෙලා යන අපුරුව දිහා පොඩ්ඩා බලන් ඉන්නේ ආශාවෙන් .බන්ටි එහා කොනට  පීනලා වතුර යටින් ඇවිත් කොහේ හරි තියන ලී කොටයක් අස්සේ හැංගෙනවා .පොඩ්ඩා ආසාවෙන් බලන් ඉන්නවා බන්ටි කොහෙන් මතුවෙයිද කියලා . ටික වෙලාවක් පෙන්න නැති වුනහම පොඩ්ඩා කෑ ගහනවා .එතකොට බන්ටි අර කොටෙන් ඉස්සිලා අත වනනවා . එතකොට   පොඩ්ඩා හරිම සතුටින් උඩ පනිනවා .බන්ටි ඒ සෙල්ලම කරනවට පොඩ්ඩා හරිම ආසයි . සඳරුත් ඒ දිහා බලන් ඉන්නේ ආසාවෙන් .ඔහොම ටික වෙලාවක් සෙල්ලම කර කර ඉද්දි බන්ටි යට ගිහිං ගොඩක් වෙලාවකින් කොහෙන්වත් මතු වුනේ නෑ .පොඩ්ඩා 'බන්ටි අක්කේ එලියට එන්ඩෝ ' කියල කෑ ගහනවා .එත් බන්ටි ආවේ නෑ . 'බන්ටි ඔය ඇති සෙල්ලං කරා ,ඉන්න තැනකින් ගොඩට එන්න' කියලා සඳරුත් කෑ ගහලා කිවුව .ඒත් හැල හොල්මනක් නැති නිසා සඳරු හොඳටම බය වුණා .සඳරු කෑ ගහලා අහල පහල මිනිස්සුන්වත් ගෙන්න ගත්තා .දොළ පාරකින් වතුර එකතු වෙලා විශාල ප්‍රමාණයක ඉඩ පරාසයක  හැදිලා තිබුන ඇනිකට් එකක් වගේ වතුර පිරුණ වතුර  වලක්  ඒක , මිනිස්සු එකා  දෙන්නා වලට  පැනලා බන්ටිව  හොයන්න ගත්තා. ඒ වෙනකොට සඳරුත් වලේ කිමිදිලා බන්ටිව හොයනවා .  
                                                                                                             
සඳරු වල පතුලේ ගල් දෙබොක්කා  ඇතුලේ බල බලා ගියේ ගල් වලට හීරිලා තමන්ට දැනෙන වේදනාවට වඩා හදවතේ වේදනාව වැඩි නිසා .එහෙම පීනාගෙන යනකොට සඳරු දැක්කේ ඇස් අදහාගත නොහැකි දෙයක් .බන්ටි ගල් දෙබොක්කාවක හිරවෙලා නිසොල්මන්ව හිටියා . සඳරු ඇයව උඩට අදින්නට උත්සාහ කළත් සන්දරුට එය තනිව කල නොහැකි වුණා .සඳරු බන්ටිව අත නොහැර අල්ලගෙනම හිටියා .ඒ අවස්ථාවේදී දිය යටින් තවත් කෙනෙක් පීනගෙන එනවා සඳරුට මතකයි . සඳරු පියවි සිහියට එන විට සඳරු හිටියේ රෝහලේ ඇඳක් උඩ .සඳරුට සිහි ආ විගසම බන්ටිව හොයලා කෑ ගැහුවා .ඒ වෙද්දී සඳරුලගේ ගෙදර උදවියත් රෝහලට ඇවිත් හිටියේ ..සඳරුට බන්ටි මියගොස් බව දැනගන්නට ලැබුණා .සඳරු රෝහල දෙවනත් වෙන්නට කෑ ගැහුවා .සේලයින් බට වෛද්‍ය උපකරණ වීසි කරලා දැම්මා .නමුත් බන්ටිට ජීවිතේ ආයෙම ලබා දෙන්න කාටවත්ම බෑ .සඳරු තීරණය කළා බන්ටිගේ අවසන් කටයුතු වලින් පස්සේ ගමෙන් ඈත් වෙලා ඉන්න . ඒකට සඳරු තෝරාගත්තේ යුධ හමුදාව .සඳරු හමුදාවට බැඳුණේ ජීවත්වෙන්න අරමුණක් නැති සඳරුට නිකන්ම මිය යනවාට වඩා රට වෙනුවෙන් මිය යාම හොඳයි කියලා හිතුන නිසා .ඔපරේෂන් වලදී පිස්සෙක් වගේ ඉස්සරහට දුවනවා කියලා සඳරු හැමදාම බැනුම් අහනවා . නමුත් සඳරු ප්‍රර්ථනා කරන්නේ හිතක් පපුවක් නැති වෙඩි උණ්ඩයටවත් තමන්ව බන්ටිගේ ලෝකයට යන්න ඉඩක් හදල දෙන්න කාරුණික වෙන්න කියලා !

2012년 12월 6일 목요일

උදව් කරන්න මට /Pls Help Me

යාළුවනේ ...මම ගොඩක්ම ආස කරන ෆීල්ඩ් එකක් තමයි "studio & photography" කියන්නේ ,නමුත් මන් ඒ ගැන ආසාව අතහැරලා දාල තිබුණේ !දැන් ඒ ආසාව ආපහු මගේ හිතට ඇවිත් ..මට ගොඩක් ආසයි මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න .එත් photography ගැන ඉගෙනගන්න  පාඨමාලා  පැවැත්වෙන  ස්ථාන , පැවැත්වෙන්නේ කොහොමද , මොනවගේ  දිනවලටද , මේ  හැමදෙයක්ම   දැනගන්න  දෙතුන්  වරක්ම  උත්සහ   කල  නමුත්  ඒ  උත්සාහය  ව්‍යර්ථ  උනා :( විශේෂයෙන්  රත්නපුර  නගරය  අවටින්  ඒ වගේ  පාඨමාලා   පැවැත්වෙන   ස්ථානයක්   හොයාගන්න   තියනවනම්  වඩාත්  හොඳයි !නැත්නම් මාතර , හම්බන්තොට හෝ හංවැල්ල  කියන නගර  ආසන්නයෙන් ! මේ ගැන  තොරතුරු සොයා දෙන ලෙස කිහිප දෙනෙකු  ගෙන්ම ඉල්ලු නමුත්  තවමත්  හොඳ ප්‍රතිචාරයක් නොලැබුන නිසා මම මේ ගැන බ්ලොග් යාලුවන්ගෙන්  උදව්වක් ඉල්ලන්න තීරණය කළා .                                                                                                                                   
                                                                                                            එහෙනම් යාලුවනේ ඔයාල කවුරු හරි මේ ෆීල්ඩ් එක ගැන දන්නවනම් , පාඨමාලා පවැත්වෙන ස්ථානයක් ගැන දන්නවනම් මට හැකි තරම් තොරතුරු  (ලිපින ,දුරකථන අංක වැනි )ලබාදෙන මෙන් ඉල්ලනවා .මේ ෆීල්ඩ් එකේම මන්  හඳුනන අය  හිටියත් එයාලගේ ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් එනවට අකමැති නිසා තොරතුරු ලබා දීමට අදි මදි කරනවා . ඔබත්  එසේ නොකරාවි කියල මම විශ්වාස කරනවා :)

2012년 12월 2일 일요일

මෝහිණී දකින්න ආ............... සයි !

ඔයාල දන්නවද මෝහිණී ?[රෝහිණිගේ නංගි නෙවෙයි අර රෑට හොල්මන්   කරනවා කියන්නේ අන්න එයා හොඳේ :)]අනේ මම නං දැකල නැහැ ඕන් ..දැකල නැත්තන් බලාගන්න කියලා අද රෑට එයිද දන්නේ නෑ ;) හැබැයි මම නම් කරුවලට බය නෑලු :) හොල්මන් කතාවක් කියෝලා හරි බලලා හරි ගියොත්නම් බයලු . හරි ,දැන් කියන්න ආවේ වෙන කතාවක් .අපේ ගමේ ඉන්නවා කොලු ඩබලක් .එක්කෙනෙක් ධනුක ,අනිත් කෙනා කුමාර ! හරියට රයිගමයයි ගම්පොලයයි වගේ :)මේ දෙන්න  ළඟ ඒ දවස්වල(මේ කතාව  උන  දවස්වල)   තිබුනේ අමුතු වැඩ .. අලුත ඉලන්දාරි උනහම ටිකක්  රැඩිකල් ගති පෙන්නන්න ගන්නවනේ .. මේකත් හරියට අමුතු කතාවක් ! දැන්නම් ධනුක පව්ල් පන්සලුත් වෙලා ;)                                                                                
                                                                                                              ඔන්න එක දවසක් ධනුක කුමාරත් එක්ක කතාවක් දාගෙන ඉද්දි ධනුක කියලා ධනුක බට නලා පිඹින්න ඉගෙන ගන්න ආසයි කියලා ,එතකොට කුමාර කියලා එයාටත් ආසයි කියලා බට නලා පිඹින්න ඉගෙනගන්න.මේ දෙන්න හැම දේකදිම වගේ තකට තක !ඉතින් දැන් ධනුක අඳුනන ටවුන් එකේ සංගීත භාණ්ඩ කඩේකට ගොඩ වැදිලා දෙන්න බට නලා 2 කුත්  අරන්  ගෙදර ඇවිත් ;)මේ  වෙද්දී  දෙන්නගෙන්  එක්කෙනෙක්වත්  රැකියා  කරන්නෙත් නෑ .ඉතින් දෙන්න කොහොම හරි මේක පිම්බින්නත්   ඉගෙන ගනිමින් තමයි හිටියේ , එක දවසක් රෑ 7.00 විතර වෙද්දී ධනුක  ගෙදර බට නලාව පිඹින්න අරන් . එතකොට ධනුකගේ අම්මා කියලා "මෝහිණී ගෙට වද්දගන්නද හදන්නේ , මහා රෑ නලා පිඹලා "කියලා ..  ඔන්න  ඔතන  තමයි  කතාවේ ආරම්භය :)                  
                                                                                                              ධනුක මේ කතාව කඩේ ළඟ සංගමේදී (ලිඳ ළඟ සංගමේ අනික ) :D විසංවාදයට  ලක් කරලා .දැන් කොල්ලෝ මේක ගැන එක එක විදිහේ කතා කියනවලු .මෝහිණී පෙන්නේ පිරිමින්ට  විතරලු ,ලස්සනම ලස්සනයිලු , දිග කොණ්ඩයක් තියනවලු ,ඇඳගෙන ඉන්නේ සුදු ඇඳුමක්ලු ,  ඉස්සරහින් ලස්සනට පෙනුනට පිටිපස්සෙන් පෙන්නේ කුණු වෙච්ච ඇඟක් ලු ,ඉස්සෙල්ලාම ළමය අතේ නැහැලු ,ටික වෙලාවකින් ළමය අතේ ඉන්නවා පේනවලු .,විශේෂයෙන් සංගීතයට ආසයිලු ,නලා හඬට එහෙම ඇදිලා එනවලු ,හප්පේ....... කතා කෝටියයි :) ඒ මේ අස්සේ තව කොල්ලෙක් කියපි "අඩේ මම නං දැකලත් තියේ බන් ..ලස්සනේ බෑ "කියලා.  ඉතින් දැන් දැකල තියනවා කියපු කොල්ලගෙන් කට්ටිය වට කරගෙන ප්‍රශ්න අහනවලු.අහ්  කියන්න අමතක උනානේ ,මේ කඩේ ළග සංගමේ අපේ සඳුන් අය්යත් ඉඳලා, සඳුන්  අය්යව  දන්නේ  නැති  අය    methanin  බලලා එන්ටකෝ. සඳුන් අය්යටත් මුකුත් නොකියා  කට  කහනවා  වගේලු . ඉතිං  සඳුන්  අය්ය කියලා "බං ඕකිව මට හීනෙනුත් පේනවා "කියලා . :Dඇයි වදේ ..ඊට පස්සේ සඳුන් අය්යත් අමාරුවෙන් පල් බොරු ටිකක් කියල එතනින් මාරු උනාලු.එතන හිටපු ඔක්කොම බැලින්නම් කියල තියෙන්නේ බොරු ;)                                                                                                                       දැන් ඉතින් මේ සේරම කතා අහගෙන ඉඳල ධනුකයි කුමාරයි කතා වෙනවලු එක එක දේවල් ."ඒ ඇත්තටම රෑට බටනලා පිම්බොත් මෝහිණී එයිද බන් ?"කුමාර ධනුකගෙන් අහනකොට "එනව ඇති බන් නැත්තං කියයියෑ "කුමාර උත්තර දෙනවා ."මට ආසයි මොහිණිව බලන්ඩ !ඇත්තටම එනවද නැද්ද බලන්න අපි රෑ වෙලා බටනලාව පිබිමුද රබර් වත්තේ ගලක් උඩට ගිහින්?(කුමාරලගේ ගේ පල්ලෙහා තමයි ඒ රබර් වත්ත තියෙන්නේ )ධනුක කුමාරට යෝජනා කළා ."ඉතින් බන් රෑ 9 න්  පස්සෙලුනේ එන්නේ "කුමාර ටිකක් අදිමදි කරලා කිවුව .කුමාරගේ හිත යට බය තිබුනට කුමාර ඒක පෙන්නුවේ නැහැ !"කමන්නෑ බන් අපි 9 න් පස්සේ යමු !"ධනුකට මෝහිණී දකින්න පුදුම ආසාවක්ලු තිබුනේ ඇ !:)"හරි හරි ඒනම් යංකෝ" බැරිම  තැන  ඔන්න  කුමාරත්  කැමති  උනාලු  වැඩේට :D                                                                             
                                                                                                               මේ දෙන්නගේ මේ මෝහිණී බලන්න යන වැඩේ ගැන සඳුන් අය්යටත් ආරංචි වෙලාලු දැන් ."මොන මෝහිණී ද බන් මෙන්න මේ ගෙදරට වෙලා නිදාගන්නැතුව" කියලා සඳුන් අය්ය වැඩේ බ්රේක් කරන්න ගියා . ම්හු ...වැඩක් උන්නෑ.(සඳුන් අය්යා  ඉන්නේ  කුමාරලගේ  අල්ලපු  ගෙදර   ඈ !)                                                                                         
                                                                                                             දෙන්න රෑට කාල එහෙම ඔන්න වැඩේට යන්න පිටත් උනා ,ටික වෙලාවකින්  සඳුන් අය්යලගේ ගෙදරට ඇහෙනවලු බට නලා පිඹින සද්දේ :) දැන් අපේ ගේත් ඔය ලඟම තමයි .මටත් දැන් සද්දේ ඇහෙනවා ඈ !ඇහෙනවා මිසක් දෙන්නව පේන්නේ නැතිලු.මොකද පරණ රබර් වත්තක් නිසා කැලේ මනුස්සයෙකුට වඩා උසට වැවිලා .දෙන්නා ගිහින් තියෙන්නේ 9.00ට ,දැන් 10.00 උනා , තවත්  නලා  පිඹිනවා  ඇහෙනවා !  "ඒ  කීන්නේ  තාමත් මෝහිණී  ඇවිල්ල නෑ "දැන්  රෙහානිත් ඇඳේ ගුලිවෙලා  ඉන්න ගමන්  නිගමන  වලට   එළඹුණා :D 11.00 වුණා ,ම්හු ...ඒත් පිඹිනවා !12.00 වුණා ...ම්ම් .... ටික වෙලාවක් නලා පිඹිනවා ඇහිලා එක පාරටම නලා හඬ නතර උණා !                       
                                                                                                              "බුදු අම්මෝ ............................"                                                                                                                                                                                              
                                                                                                              "හෑ ......මෝහිණී  ආවද ?"රෙහානිට නිකන්ම නැගිට්ටුනා:)  හොඳට වකුටු  වෙලා නිදන් උන්න රෙහානි මෙන්න ඇඳ උඩ ඉඳගෙන !:D රෙහානි තාත්තවත් ඇහැරවල  ඇහුන සද්දේ ගැන කියල මිදුලට ආව ,  (මිදුලට රබර් වත්ත පේනවා ඒ උනාට අරගොල්ලෝ හිටපු ගල පෙන්නේ නෑ )මෙන්න  රෙහානිලගේ  මිදුලේ සඳුන් අයියෑ අක්කයි බබාලා දෙන්නයි තාත්තයි මේ මහා රෑ :D! "මොකද්ද දන්නෑ උනේ අරගොල්ලෝ  කෑගහනවා   ඇහුණා නේද?" රෙහානි සඳුන්ගේ  අක්කාගෙන්  ඇහුවා .  මේං  බොලේ අක්ක හිනාවෙනවා හෝ ගාල .                                                  
                                                                                                              බලන්ඩකෝ නංගි මේ සඳුන්ගේ වැඩ !,මගේ කළු අන්ඩර් -ස්කර්ට් එකක් ඔලුවට දාගෙන අම්මගේ සුදු සාරියකුත් ඇඳගෙන "මෝහිණී එන පාටක් නෑ ඉඳහන් කෝ මන් මෝහිණී පෙන්නන්ඩ උඹලට , නිදාගන්නත් නෑ අපිට "කියලා ඔන්න රබර් වත්තට ගියා" කියලා  සඳුන්  අය්යාගේ  අක්ක  මාත් එක්ක කියපි :D "අනේ පව් ඒක තමයි කෑ ගහන්න ඇත්තේ !  "  රෙහානි ශෝක ප්‍රකාශ කරහම අර අක්කා ආයේ කියපි ., ඉතින් මෝහිණී  එන්නේ නැත්තං හෙටත් අපිට නිදාගන්න නැහැ නේ ! දැන් අමාරුව එකෙන්ම සනීප නැතැයි ,මෝහිණී ව ළඟටම දකින්න ඇති මයේ හිතේ ටෝච් එකක් එළියත් එක්ක උඩින් යනවා දැක්ක " කියලා :D
                                                                                                              ධනුකගේ පසු වදන =අපි අත ඇරියේ නැහැ රෙහානි අක්කේ වැඩේ !කොහොමහරි මෝහිණී බලන්න ඕනි කියල තමයි වැඩේට බැස්සේ ,මේ සඳුනා අපිව බය කරානේ නිකං .එදා අපි නලාව පිඹ පිඹ ඉන්නකොට අඩි සද්ද ඇහෙන්න ගත්තා ඉස්සෙල්ලම .පස්සේ මන් කුමාට කිවුවා ඕන එකක් කියලා අපි නවත්තන්නේ නැතුව පිඹිමු කියලා !ඔහොම පිඹගෙන යනකොට කුමා රහසින් මට කිවුවා කවුරු හරි මේ පැත්තට එනවා බන් කියලා .මන් කිවුව ඉතින් ඒ මෝහිණී නම් නලා සද්දේ නැවත්තුවොත් ආපහු යාවි .ඒ නිසා දිගටම පිඹිමු කියලා .ටික වෙලාවකින් මම දැක්කා රබර් ගස් අතරින් සුදු සාරියක් ඇඳගත්තු ගැහැණියෙක් එනවා !ඒ ගෑණි කොන්ඩේ  කඩන් හිටියේ ,කොන්ඩෙන් මුණත් වහගෙන !අපි නලා පිම්බේ මාරුවෙන් මාරුවට ,ඒ වෙලාවේ නලාව පිම්බේ කුමා .මං හොඳටම බය වුණා .ඒ ආවේ මෝහිණී කියලයි මට හිතුනේ .මාව ඒ ගල උඩ  ඇදගෙන වැටුණා.මගේ අතේ තිබුන ටෝච් එකත් අත හැරිලා තිබිලා කුමා ඇහිඳගෙන .කුමාත් බය උනාට කුමා මන් තරම් බය උන්නෑ.එතකොටම සඳුන් අය්ය ඇඳගෙන හිටපු  සාරියත්  ගලෝලා  මගේ ලඟට දුවගෙන ඇවිත් කිවුවා ."ඒ ධනුකයා මම බන් ආවේ !මම කියලා :Dඒ උනත් මට සාමාන්‍ය තත්වෙට එන්න ටිකක් වෙලා ගියා
    
                        
                                                                                 

2012년 11월 30일 금요일

ගැහැණු ළමයෙක් ..............

ගැහැණු ළමයෙක් ..............
රෝස මලක් වගේ
ලස්සන වෙන්නත් ඕන
පිච්ච මලක් වගේ
අහිංසක වෙන්නත් ඕන
උඩ වැඩියා  මලක් වගේ
 ආඩම්බර  වෙන්නත් ඕන
නමුත් ...
සුරියකාන්ත මලක් වගේ
ඉර හැරෙන හැරෙන අතට නොහැරිය යුතුයි

2012년 11월 27일 화요일

"කොක්කු ජෝඩුවයි ඉබ්බයි "නෑ ...ඒක නෙවෙයි හලෝ

එකමත් එක   රටක හිටියලු ඉබ්බෙකුයි කොක්කු ජෝඩුවකුයි ! :) දවසක් මේ කොක්කු ජෝඩුව පියාසර කරගෙන කරගෙන යනකොට දැක්කලු වතුර හිඳිලා ගියපු වලක යන්තම් මඩ ගොහොරකට වෙලා පණ ගැටගහන්  ඉන්න ඉබ්බෙක්ව .අනේ ඉතින් මේත් ජීවිතයක්නේ කියල හිතපු කොක්කු ජෝඩුවට අනුකම්පා හිතිලා ඉබ්බා ලඟට ගියා.(හෑ ...මේ මොකැයි මොන්ටිසෝලි ස්ටෝරියක් ඇදබාන්නේ :D හා හා කියවන් යමුකෝ)                                                                             
                                                                                                              "මචන් ,මචන් (යාලුවේ, යාලුවේ වෙනුවට වර්තමානයේදී )උඹට ආතල් එකේ ඉන්න පුළුවන් වතුර පුරෝලා තියන පට්ට වලක් තියනවා අපි දන්නා.උඹට ඕනිනම් අපි ලිෆ්ට් එක දෙනවා එකෙන්ම !මොකෝ කියන්නේ " කොක්කු දෙන්නා ඇහුවා .                                                
                                                                                                            අනේ මටත් එපාවෙලා හිටියේ ...උඹල දෙන්නට කරන්න පුලුවන්නම් ලොකු පිනක්....!ඉබ්බා කිවුවා                                                              
                                                                                                             අපි දෙන්න කොහොමහරි උඹව ඒ වලට ගිහින් දාන්නම් ..හැබැයි ඉස්සර උඹලගේ සීයා  කරා වගේ  උඩින් යද්දී කෑ ගහල කට පරිස්සම් කරගත්තේ නැත්තන් උඹේ මරණෙට අපි වග කියන්නේ නෑ හරිද...! කොක්කු ජෝඩුව කියලා පොරොන්දු කරගත්තා.                                    
                                                                                                             හරි හරි ..මන් පොරොන්දු වෙනවා මන් එහෙම මෝඩ වැඩ කරන්නේ නැහැ කියලා "ඉබ්බා කිවුව..                                                                  
                                                                                                             ඔන්න දැන් සියල්ල පොරොන්දු පිට කොක්කු දෙන්නා ඉබ්බව උඩින් අරන් ගියා.ඔන්න ටිකක් දුර යද්දී ඉබි සීයට උනා වගේම ඉස්කෝලයක් ලඟදි ළමයි හිනාවෙන්න ගත්තා ,"අන්න ඉබ්බෙක් අහසින් යනෝ" කියලා !උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇදේ ඇරෙන්නේ නැහැ වගේ මේ ඉබ්බත් ඉබි පරපුරේ ගති පෙන්වමින් ළමයින්ට පෙරලා බනින්න කට ඇරියා. ඔන්න එතකොට මේ කොක්කු දෙන්නට නුවණ  පහල  වෙලා   ඉක්මනින් පහලට පියාඹල ඇවිත් ආපහු ඉබ්බව අල්ල ගත්තා                  
                                                                                                              ඉතින් ඊට පස්සේ ...........................ඉබ්බා කිවුවා   "තෑන්ක් යු මචන්ස් "කියලා:D           :D               :D 
                                       
                                          

2012년 11월 21일 수요일

ජීවිතේ හීනයක්....!නැහැ හැබෑවක් කරගත හැකි හීනයක් එය...!

වෙලාවකට සත්තකයි මට හිතෙනවා ජීවිතේ හීනයක්....!
ඒත් ඇත්තටම ඒක හැබෑ කරගත හැකි හීනයක් ..
සමහරවිටක කෙනෙක් කියාවි..
ජීවිතේ හැබෑ කරගත නොහැකි හීනත් ඇති බව
මන් පිලිගන්නවා.
ජීවිතේ හැමදේම හැමකෙනෙකුටම එක හා සමානව ලබෙන්නේ නැහැ
සතුට ලැබෙනකොට දුකකුත් අතළඟ..    හැමදාම හිනාවෙලා ඉන්න ආස උනත්
හැමදාම හිනාවෙලා ඉන්න හැමෝටම බැහැ
ඊයේ ගොඩක් සතුටින් හිටපු මම ,,
අද ගොඩක් දුකින්..
ඔයාටත් එහෙම වෙලා ඇති අනන්තවත්..
එහෙම කියල ඔයා හදාවි මගේ හිත...
ඒත් ...කොහොම උහුලන්නද මං
රත්තරං  ඔයා වෙන්ව ගිය හැටි..
කටුනායක වීදුරු බැල්කනියෙන්
එපිටින් ඔයාගේ කඳුළු දැකපු හැටි..
මතකෙට එන වරක් පාසා
තවමත් කඳුළු සලමි මම..
.......................................
තවමත් ඉන්නට පුළුවන් මට..
ලාමක උනත් මගේ හිත සවි කරගෙන..
ජීවිත ගඟුලෙන් එතෙර වන්නට
ඔරුව නුඹ නම්....
ශක්තිමත් හබලක් විය හැකි ගැහැනියක්මි මම..
ඉතින් ඉදිරියටම ඔරුව පදවමු
පසෙකලා මේ දුක...!

2012년 10월 31일 수요일

රෙහානි යුග දිවියට...............!

ඔන්න යාලුවනේ අද මම රස රහසක් කියන්නයි යන්නේ ඔයාලට.රෙහානි අවුරුදු ගානක් දුක් වින්දා.. ආදරේ වෙනුවෙන්!ඒ ආදරේට තිබුන බාධක අපමණයි!මුලින්ම රෙහානි ආදරේ කරන්න පටන් ගද්දි ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියල හරියටම දැනගෙන හිටියේ නැහැ.එතකොට ඉස්කෝලේ යන වයස.ඒත් කාලයක් යද්දී ඒ හැමදේම රෙහානි හොඳට තේරුම් ගත්තා.මුලින්ම ගෙවල් දෙකෙන්ම මේ සම්බන්දෙට තදින්ම විරුද්ද උනත් පස්සේ ගෙවල් දෙකෙන්ම කැමති උනා.කැමති උනා කියනවට වඩා කැමති කරවගත්ත කිවුවනම් තමයි හරි.රෙහානිගේ ගෙදර නම් ගෝරි ඇද්දේ අම්ම තමයි,ඒත් වැඩක් උනේ නැහැ.අම්ම කියන දේවල් අහන තත්වෙක නෙවෙයි රෙහානි හිටියේ ........ඒකයි. අපේ ආදරේට අවුරුදු  8 ක්..හ්ම්.....ලේසි පහසු කාලයක් නෙවෙයි නේද?ඒත් ඒ කාලය නිසා අපි අපිව හොඳට තේරුම් ගත්තා.. 
                                                                                               
                                              රෙහානි කිවුවනේ රෙහානි ආදරේ වෙනුවෙන් ගොඩක් දුක් වින්දා කියලා..ඒ දුක වැඩිපුරම වින්දේ ගිය අවරුදු තුනේ..රෙහානි ආදරේ කරන රෙහනිගේ අහිංසක කොල්ල  අවුරුදු තුනක් තිස්සේ රෙහානිගෙන්     ඈතක දුරස්වෙලා හිටියා..ඒ එයා කොරියාවේ ගතකරපු පහුගිය අවුරුදු තුනක කාලය..! ඒ කාලය රෙහානි  ගත කලේ හරිම කටුක විදිහට..ඒ වින්ද දුක ගැනනම් කියලා වැඩක් නැහැ..අවාසනාවට දැන් රෙහානිට   ඒ ඉරණමට තව අවුරුදු 2 ක් මුහුණ දෙන්න වෙනවා..ඒත්..අපේම අනාගතේ ගැන හිතලා රෙහානි ඒ දුකට මුහුණ දෙන්න තීරණය කලා.එයාගේ නිවාඩුව මාස එකහමාරයි. දැන්  මාසයක්ම  ගතවෙලා ඉවරයි..ලබන  මාසේ 17  එයා ආයෙම  යනවා.. රෙහානිට දුකයි..  දරාගන්න බැරි තරම් දුකයි.  :(  ඒත්..ඒ දුක විඳින්න රෙහානි සුදානම්   :' (  ..එයා ඉන්න මේ දවස් ටිකේ බ්ලොග්  එක  පැත්තේ  ඇවිත් උනත් කාලය නාස්ති කරන්න  මට  ලෝබයි.. මන්  දැනුත්  ටයිප් කරන්න ගත්තේ එයා  බණ  ගෙදරක  ගිය  නිසා.. මන්  හිතනවා  මගේ යාලුවෝ මව තේරුම් ගනීවි කියලා..ඒ නිසා මන්  මගහැරුණ   ලිපි පසුව කියවන්නම්.. මන් පුළුවන් වෙලාවල්  වල  ඔයාලගේ ලිපි කියවනවා  කොමෙන්ට් නොකලට  යාලුවනේ..                                                                  
 
රෙහානි මේ හැම දෙයක්ම යලුවන්ට කිවුවේ ඇයි දන්නවද?2012 . 10. 05  රෙහානි රෙහානිගේ   ආදරේ සින්නක්කර කරගත්තා..අවුරුදු 8 ක ආදරයක්..ඒ කාලය තුල අපි අපිව තේරුම්ගත්තා පුදුම විදිහට..දැන් රෙහානි සතුටින්..ඒ උනත් රෙහානිව   දාල මේ කොල්ල  ආයෙත්   යනවනේ..  ඒ ඉතින් අපේ අනාගතේ වෙනුවෙන්ම තමයි.. ඒ වුනත්  හිතට  දුකයි..  ළඟ නැතිවෙනවා නේද කියලා දැනෙද්දී.   
                                   
ප.ලි.  = රෙහානිගේ  සැබෑ චායාරුපය   අවසාන  චායාරුපය   පමණක්  බව  කරුණාවෙන්  සලකන්න..!  :D

2012년 10월 25일 목요일

මහමෙරකි ඔබ මට...!


පෙරදා නුහුරු  වූ නාදුනන ආදරේ..
කඩා හැලුනා දිය ඇල්ලක් වගේ...
බරක් දැනුනේ නැහැ ජීවිතේ....
තිබුනා ඔය හිතේ ඇති තරම් ආදරේ...!
පිටාර ගැලුවා සොඳුරු ගං දිය වගේ..  
එලෙසින්ම රැඳුනා හෙට දිනෙත් ඔය සෙනේ
මට ඉන්න ලෝබයි නුඹ  නැති තත්පරේ..
වෙන් වෙන්න නම් බැහැ සිහිනයක වත් රැයේ... 
.................................................
සිත්තරෙකු සිතුවම් කරනා පුංචි සිතුවමක් වගේ
පරෙස්සමට  රැක ගනිමු අපි අපේ ආදරේ...!
උරතලය මත ඔබේ සැතපිලා මම සුවෙන්..
මියැදුනත් කම් නොමැත ලැබ නුඹේ ස්නේහයන්........!!!!!!! 

2012년 10월 22일 월요일

මා සිතට අහම්බෙන්.. (අවසන් කොටස..)



     
1      2       3       4     කොටස් වලට යන්න...

                                                                                                                                                        මධුෂගේ මුණේ ලොකු වෙනසක් තියනවා සෙනලි දැක්ක..මධුෂ ආවේ  වෙනද වගේ හිනාවෙන් මුණ  පුරෝගෙන  නෙවෙයි. මධුෂගේ  ඇස්වල  තියන  ආදරේ ටත් වෙනදට  මුණේ තියන   අහිංසකකමටත්  මොනවදෝ   වෙලා  කියල  සෙනලිට  හිතුනා..                                                                                                                                                 මධුෂ තමන් ලගට එනකන් සෙනලි බලාගෙන හිටියත් මධුෂ සෙනලි ලගට ආවේ නැහැ.. සෙනලි  දිහා  බැලුවෙත්  එකම  එක  පාරයි.. මධුෂ  තරිදුත් එක්ක කෙලින්ම ගියේ  හෝල්ට්  එකේ  නවත්තල  තිබුන  ගමේ   බස් එක  ඇතුලට. වෙලා තියෙන්නේ  මොකද්ද  කියල  කිසිම දෙයක්  නොදන්න  සෙනලිගේ ඇස් වලින්  කඳුළු බේරුනා.. " අනේ දර්ශි ඇයි මධුෂ එහෙම යන්න ගියේ..?:" සෙනලි ඇස් වල කඳුළු පිහින ගමන් ඇහුවා.." පොඩ්ඩක්  ඉදහන් මන් අහල එන්න.., දර්ශි  කේන්තියෙන්  කිවුවා..  
                                                                                                             ඒත් එක්කම ගයාන් එහා හෝල්ට් එකේ ඉදන් බලාගෙන ඉන්නවා.නමුත් සෙනලි ලගට ගයාන් ආවේ නැහැ. බලාගෙන ඉන්නවා විතරයි. සෙනලිට  කිසි  දෙයක් හිතාගන්න  බැහැ..දර්ශි බස් එකට ගොඩ  වෙද්දීම  තරිදු  දර්ශිට   ඔරවල  අහක බලා ගත්තා."මොකද බන් ඔරවන්නේ?,   උඹල  දෙන්නට  අද මොන යකා ගහලද ?අරකි  අරෙහෙන්  බයවෙලා..." දර්ශි  මධුෂගෙයි  තරිදුගෙයි හදිස්සි  විපර්යාසයට හේතුව  ඇහුවා.                     
                                                                                                              ඇයි අර ඇවිල්ල ඉන්නේ කෑල්ල...මු මොකටද නිකන් පච වෙන්නේ කතාකරන්න ගිහින්..!  තරිඳු ශටර් එකෙන් එපිට පෙන්නලා කිවුවා.. "එතන ඉන්නේ ගයාන්නේ  .., මුන් කොහොමද  ගයාන් ගැන දන්නේ. ඒ කියන්නේ  මෙකි මටත් බබා පාට්  දාල ගයන්ට කැමතිවත්  වෙලාද?  " දර්ශි  කල්පනා කළා..                                                                           
                                                                                                               යකෝ උඹට ඒ කොල්ල ගැන කියන්න තමයි අද හිටියේ.."දර්ශි මධුෂට කිවුවා..                                                                                                                                 
                                                                                                               අහ්.. හා අද  කියන්නද හිටියේ ..ඇයි දන්නේ නැහැ අද කියන්න හිටියේ..! ට්‍රිප් එක ගිහින් ආව ගමන් කියන්න තිබුනනේ..!මධුෂ නිකන් උපහාසෙට වගේ කතාකරේ...                                                                                 
                                                                                                               "මේ මධුෂය නිකන් මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව හිටහන්.., ගිහින්  අරකි එක්ක  කතාකරලා තියන  ප්‍රශ්නයක් විසදගනින්.."දර්ශි කේන්තියෙන්  කිවුවා.මධුෂ  ලොකු කේන්තියකින්  ඉන්න බව දර්ශිට තේරුණා.                                                                                            
                                                                                                               "මොකක් හරි ලොකු දෙයක් වෙලා...මධුෂය පුපුර පුපුර ඉන්නේ.."දර්ශි කිවුවම සෙනලිගේ කඳුළු අලුත් උනා..                                                                                                 
                                                                                                               "මොනවද එයා කියන්නේ දර්ශි.." සෙනලි ඇහුවා...                                 හරියට දෙයක්  කියන්නේ  නැහැ බන්..හැබැයි  ගයානයව පෙන්නලා කිවුවා " අර ඇවිල්ල  ඉන්නේ  කෑල්ල කියලා..."මන් කිවුවා උඹ අද කියන්න  හිටියේ ඌ ගැන  කියලා...එතකොට කිවුවා දැන්ද  කියන්න  හදන්නේ   කියලා.. අනේ මන්ද  බන් මේවා.. දර්ශි  කියෝගෙන  ගියා...                                                                                                 
                                                                                                              සෙනලි බස් එක ඇතුලට  ගියා..."තරිදු මදුෂත්  එක්ක වාඩිවෙලා හිටියේ.. මධුෂ අහක  බලාගත්තා.."තරිදු පොඩ්ඩක් අහකට  වෙන්න.."සෙනලි කිවුවහම  තරිදු කේන්තියෙන් නැගිටලා ගියා...                                       
සෙනලි මධුෂ  ලඟින් වාඩි වුණා.."ඇයි මේ?"  සෙනලි ඇහුවා...මධුෂ කතා කරේ නැහැ.."කියන්නකෝ ඇයි ඔහොම ඉන්නේ කියලා..., මධුෂ නිහඬව ඉන්න නිසා  සෙනලි ආයෙම ඇහුවා.." මට ඔයත් එක්ක  කතා කරන්න දෙයක් නැහැ  සෙනලි..ඔයා යන්න  මට පව් නොදී  මෙතනින්.." මධුෂ කිවුවේ කෙන්තියකින්ද  දුකකින්ද කියලා  සෙනලිට තේරුනේ  නැහැ...   
                                                                                                              "වෙලා තියන දේ මට කියන්න..,දර්ශි මට කිවුවා ගයාන් ගැන ප්‍රශ්නයක් නේද...?අර ගයානුත්  ස්ටෑන්ඩ්  එකේ ඉන්නේ... අපි එන්න කියමු ගයාන්ට... විසදගමු මේක...ඉස්සෙල්ලම  ඔයාගේ ප්‍රශ්නේ මට කියලා ඉන්නකෝ..." සෙනලි කිවුවා                                                               
                                                                                                              මන් කිවුවේ  මට කතාකරන්න දෙයක් නැහැ කියලා...ඇයි තේරෙන්නේ නැත්තේ?ඔයා යන්නේ නැත්නම් මන් යන්නද මෙතනින්..!මධුෂ සෙනලිට සැරෙන්ම කිවුවා...ඒ වතාවේ සෙනලි බස් එකෙන් බැස්සා...ඒ වෙද්දී බස් එක පුරෝලා සෙනග ..ඒ වගේම සෙනලිගේ ඇස්වල කඳුළුත් පිරිලා ..ගයාන් එහා පැත්තේ හෝල්ට් එකේ ඉදන් මේ දේවල් දිහා බලන් හිටියා..සෙනලිට පුදුමයි... මේ සිද්දවෙන දේවල් වලට ගයාන් වග කියන්න  ඕන බව නම් සෙනලි දැනගෙන හිටියා..බස් එක  අද්දල යන්න ගියා..සෙනලිට දැනුනේ හදවත කඩාගෙන බිමට දැන් වැටෙයි කියලා වගේ හැගීමක් ..සෙනලි දර්ශිත් එක්ක වැඩිය කවුරුත් නැති තේ කඩයක් බලල ඇතුළු වුණා...ගිහින් ඇති තරම් ඇඩුවා...දර්ශි හිත හදන්න ගියේ නැහැ..එහෙම කලානම් සෙනලිට තව දුක වැඩි නේද කියලා දර්ශි හිතුවා..දර්ශිත්  කල්පනා කලේ මධුෂට  එයාගේ ප්‍රශ්නෙවත් අඩුම ගානේ හරියට සෙනලිට කියන්න තිබුන නේද කියලා..මේ ප්‍රශ්නෙට කරන්න පුළුවන් හොඳම දේ තරිදුව තනියම හමුවෙලා විස්තර දැනගන්න එක කියලා හිතුව දර්ශි එහෙම කරන්න තීරණය කරගත්තා...  සෙනලිගේ  හැඬුම්  නතර කරගෙන ඊලග  බස් එකේ දර්ශි  සෙනලිවත් අරන් ගෙදර ආවා...                                                                                                 
                                                                                                                 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~                       
                                                                                                              "උඹ ඇයි ඊයේ ඉස්කෝලේ ආවේ නැත්තේ?" දර්ශි  සෙනලිගෙන්  ඇහුවා...  සෙනලි පිළිතුරු   දුන්නේ  නැහැ... " උඹ ඊයේ ආපු  නැති එක මට හොඳට ගියා... මට තරියව තනියම අල්ලගන්න  පුළුවන් උනා  .. මන් තරියගෙන් වෙලා තියන දේ දැනගත්තා.. දර්ශි කිවුවා.. 
                                                                                                             ඒ මොකද්ද? සෙනලි නොඉවසිල්ලෙන් ඇහුවා.."ගයාන්ලා මහා  කැත  වැඩක්   කරලා සෙනලි,මධුෂට කියලා උඹ ගයාන්ට කැමති උනා..ඒ නිසා මධුෂට වෙන අතක් බලාගන්න  කිවුවා  කියලා..."දර්ශි කිවුවා... "ඉතින් මධුෂ  හරි කෙනෙක්නෙ ..කව්රුවත් දෙයක් කිවුව පලියට එහෙම  පිළිගන්නවද?  සෙනලි කිවුවේ ලොකු හිතේ දුකකින්.. "එක්කෝ එයාට  තිබුනා  ඒක ගයානුයි මායි දෙන්නම  ඉන්න තැන අහන්න.. ඒ මුකුත් නැතුව එයා තීරණයකුත්  අරන්.. මාරයි..."සෙනලි කියෝගෙන ගියා..      
                                                                                                               එහෙම වෙලා තියෙන්නේ දිල්කි නිසා බන්..දිල්කි කියලා ට්‍රිප් එක ගිහින් උඹ ගයාන් එක්ක හෙන ෆිට් එකේ හිටියා කියලා.. දිල්කි හොඳට  කරකවල  දීල තියනව මධුෂයට..  ගයාන්ලත් දිල්කි  කියපු දේවල් ඇත්ත  ගානට  කතා කරලා.. ඒකයි එහෙම වෙලා තියෙන්නේ.. මධුෂලගේ  ඉස්කෝලෙනුත්  ඊයේ ට්‍රිප් එකක් ගිහින්,  මධුෂයත්  ගියා කියලා තමයි  ආරංචි.. "දර්ශි  කියන දේවල් නිහඩවම  සෙනලි අහන් හිටියා.. සෙනලිට දුකයි... සෙනලි මධුෂට ට්‍රිප් එක  යන බව කිවුවම මධුෂගෙන් යන්නද  ඇහුවේ නැහැ කියලා දොස්  කිවුව..ඒත් මදුෂ ඊයේ නොකියම  ට්‍රිප් එකක් ගිහින්.. ඒ නිසා වෙන්න ඇති  උදේ බස් එකේ මධුෂ  නොහිටියේ  කියලා සෙනලි හිතුවා..                                         ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~            
                                                                                                              සෙනලිගේ ආදර කතාවට  එහෙම වෙයි කියලා සෙනලි හිතුවේ නැහැ..සෙනලි සතියක් තිස්සේ මධුෂව  හමුවෙන්න  ලොකු උත්සහයක් ගත්තත් ඒක ව්‍යර්ථ වෙලා ගියා.. ඒත්...ඒ කාල  සීමාව  තුල  මධුෂ  කොයිතරම්  වෙනස් වෙලාද  කියලා  යාලුවන්ගෙන් සෙනලිට ආරංචි   වුනා... කොටින්ම මධුෂ අලුත් ආදර  කතාවකට  මුල  පුරලා  තිබුනා.. සතියක් වැනි කෙටි කාලයක්  තුල  සෙනලිව   අමතක  කරලා අලුත් ආදරයකුත් තමන්ගේ ජීවිතය ට  මධුෂ කොහෝම  ලං කරගත්තද කියලා  සෙනලිට හිතුනා..සෙනලි මධුෂව හමුවෙන්න උතසහ කළා...ඒ..තමන්ට එහෙම කලේ ඇයි,කොහොමද කියලා දැනගන්න.. ඒ වගේම මධුෂගේ අලුත් ජීවිතය ට පැතුම් පතන්න..නමුත් මධුෂ  ආයේ   කවදාවත්  ම  සෙනලි ඉදිවී  කියලා හිතෙන බස් හෝල්ට් එකක වත් හිටියේ නැහැ සෙනලිට දකින්න..                          
                                                                                                                                                                
මධුෂ සෙනලිට  ඇත්තටම ආදරය නොකරන්නට ඇති යැයි සෙනලිට   හැඟුනා .. අමරුවෙන්  හෝ  මධුෂගේ  ලෝකයෙන්  ඈත් වන්නට  සෙනලි  හිත හදාගත්තා... සමහර විට මධුෂ සෙනලිට ආදරය  කරන කාලයේම  තවත් සම්බන්දතා  තිබුනා  වෙන්නට  ඇති..