'විශ්මි.....නැගිටපන්...කොල්ලෙක් එහෙම ආවොත් වස ලැජ්ජාව...! ' චමිලා හදිසියේ යමක් මතක් වූ විලසින් කීවාය.
'අනේ බං................උඹත් වදයක් උනානේ....'
'මං වදයක් තමා...කොල්ලෙක් ආවනම් ඊට හපන්..'
දෙදෙනාගේ කතාව අතරතුර අනෙක් අයද එකා දෙන්නා නාගෙන බස් රියට ගොඩ වැදුනි.
'යං මොනාහරි ගන්න...'විශ්මි යෝජනා කළේය.
'හා..." චමිලා එක පයින් කැමති විය.
යෙහෙළියන් දෙදෙනා විවිධාකාර දේවල් තේරුවේය.මේ අතර විශ්මි රතු රෝස මල් කළඹක් තේරුවාය.එහෙත් එය මිල අධික විය.එය ගැනීමට තරම් මුදල් විශ්මි අත තිබුණත් එය ගැනීමට නොහැකි වූයේ, එයට යට කරන මුදලින් ඇයට වෙනත් දෑ දෙක තුනක්ම ගතහැකි හෙයිනි.මේ අතර විරංගද නා කියාගෙන මල් තෝරමින් සිටින විශ්මි හා චමිලා වෙත ආවේය.ඔහු බලා සිටියා මිස කිසිවක් මිලට ගත්තේ නැත.විශ්මි ළඟට ගිය ඔහු ඇයගේ කනට පිම්බේය.එයින් විශ්මි ගැස්සී බැලුවාය.විශ්මි ඔරවා බැලීය.චමිලා මල් කලඹකුත් තවත් සැමරුම් කිහිපයකුත් ගත් අතර විශ්මි සැමරුම් කිහිපයක් ගත්තත් මල් කළඹ ගැනීමට නොහැකිවීම පිළිබඳව කනස්සලු වීය.අවසන තිදෙනාම බස් රිය වෙත ගොඩ වුණි.
ඇවිද මහන්සි වූ නිසාම ගැහැණු ළමෝ දෙදෙන අසුන් ගත්තෝය.චාරිකාව ඒමට පෙර සිසුන් ඛාණ්ඩ වෙන් කර ඒ ඒ කණ්ඩායමට නායකයන් පත් කරන ලදී.විශ්මිගේ කණ්ඩායම් නායිකාව වූයේ චමිලා ය. හදිසියේ කණ්ඩායම් නායිකාවන්ව එක් ගුරුතුමියක් විසින් කැඳවීය.චමිලාද එම රැස්වීමට ගියෙන් විශ්මි තනි විය.
තනි වූ විශ්මි කලපනා කරමින් සිටින්නට විය.විරංග විත් විශ්මි ළඟින් අසුන් ගන්නා ගමන් කනට පිම්බේය.
'ළමයා බර කල්පනාවක වගේ.............'
'අනේ නෑ විරංග .....පාලුයි..........අරකි එනකං හිටියේ...' විශ්මි කියන්නේ චමිලා ගැනය.
'ඔන්න මං ආවා...........දැන් පාළු නෑනේ......'
'අපෝ.........උඹ ඉන්න තැනක මොන පාළුවක්ද..'.
'ඒකනේ...'
විරංගගේ කටහඬේ අමුත්තක් ඇති බව විශ්මිට දැනී ගියේ කතා විලාශයෙනි.
උඹේ කටහඬට මොකක් වෙලාද..? විශ්මි ඇසුවේ පුදුමයෙනි.
'ඊයේ රෑ බාගෙට නාලා බාගෙට හෙම්බිරිස්සාව තිබුණා...අද වැවේ නාලා තව වැඩිවුනා..ඒ මදිවට බෝල් පාස් කරද්දි උගුර කැඩෙනකන් කෑ ගැහුවනේ....' විරංග කියනා විට විශ්මිට දුක ද සිතුණි.විශ්මි ඔහුගේ නළලට අත තබා බැලුවේය.
'අම්මෝ..........රස්නෙ...පැනඩෝල් ඇති දෙන්නම් ..විශ්මිට ඔහුව තවත් අසරණව පෙණින.
එපා විශ්මි....' විරංග කීවේ පරාජිත හැඟීමකිනි.
ඇයි විරංග ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද? මං උඹේ හොඳම යාළුවා කියලා උඹ කියනව ඒ උනාට උඹ මට මුකුත් කියන්නෑ....විශ්මි මැසිවිලි නැගුවේ ඉවත බලා ගනිමිනි.
'මේ බලන්න...විරංග ඇයගේ මුහුණ හැරවීය.මං ඔයාට මෙච්චරකල් මොනාද නොකියා හිටියේ...ආ...කියන්න..' විරංග කී දෙය වැටහුනාක් මෙන් විශ්මි හිස සැලීය.
'මගෙ ඔලුව පුපුරන්න වගේ විශ්මි.....ඉන්න බෑ...'විරංග කීවේ දෑඟිලිවලින් නළල මිරිකමිනි.
'අනේ විරංග ....මේ පැනඩෝල් දෙක බීලා චුට්ටක් ඔලුව තියාගෙන ඉන්න..'විශ්මි කීවේ සැබෑ අනුකම්පා දෑස් ඇතිවය.විරංග අසරණව ඔලුව වැනීය.ඇය පැනඩෝල් දෙක බොන්නට දී ඔහුගේ ඔලුව තම උකුළ මත තබාගෙන අතගෑවේය.
'ඔයා පව් විශ්මි............'විරංග කීවේය.
'මම ඔයාගේ බෙස්ට් එක...ඔයා මගේ බෙස්ට් එක..ඒක නිසා මුකුත් කියන්නෙපා හරිද..' විශ්මි කීවේය.හදිසියේම නායක රැස්වීම අවසාන වී චමිලා දිව ආවේය.ඈ සමග දිමුත් ද විය
'විශ්මි ඇයි මේ විරංගට...?'
චමිලාද නළලට අත තබා බලා " අනේ විරංග ඔයා පව්" යයි කීවේ දෑස්ද යන්තමින් තෙමාගෙනය.
'මට මෙච්චර ආදරේ , මෙච්චර හොඳ යාළුවො ඉඳී කියලා මං හිතුවේ නෑ..විරංග ද දෑස්වල කඳුළු පුරවාගෙන කීවේය.ඒ කඳුලු හිසරදය නිසාද ,සිතේ හැඟීම නිසාද යන්න විරංගටද සිතාගන්නට නොහැකි විය.සිතා සිටි කිසිවක් කරගැනීමට ඔහුට නුපුළුවන් විය.ඔහු කෙල්ලන් කොල්ලන් සමග නටා ගයා අමුතුම විනෝදයක් ලබන්නට සිතීය.ගුරුවරු පවා එයට සම්බන්ද කරගැනීමට ඔහු සිතා සිටියේය.එහෙත් ...ඔහු නොසිතූ පරිදි ගිලන් විය.
විරංගට එහෙමම විශ්මිගේ උකුළ මත නින්ද ගොස් තිබිණ.ගුරුවරුද විරංගට කුමක් වී දැයි තොරතුරු විමසා සොයා බැලීය.විශ්මි හා විරංග ගැන අහිතක් ගුරුවරු තුළ පවා නොවීය.ඒ ඔවුන්ගේ සහෝදරත්වය ගුරුවරු පවා දන්නා නිසාවෙනි.
විරංගට ඇහැරුණේ තම යහළුවන් සිංදු කියනා ඝෝෂාවටය.ඔහුට කිසිවක් සිතා ගන්නට නොහැකි විය.තමන් විශ්මිගේ උකුළ මත බව වැටහෙන්නට පවා විරංගට මද වේලාවක් ගත විය..ඔහුට සියල්ල මතක් විය.ඔහු නැගිට්ටේය.එය දැක ගුරුවරු දෙතුන් දෙනෙකු විත් ඔහුගේ ඔලුව අත ගා තොරතුරු විමසීය.
'දැන් ඉස්සෙල්ලා තරම් රිදෙන්නෑ සර්........' විරංග කීවේය.
'දැන් නටන්න කරන්න යන්න එපා...' එසේ කීවේ ගුරුතුමාය.විරංග ඔලුව වැනුවේය.ඔහු වෙලාව බැලුවේය,අත් ඔරලෝසුවේ වේලාව 1.00 ලෙස සටහන් වී තිබුණි.එතරම් රෑ වී ඇතැයි ඔහු නොසිතුවේය.
'මේ කොයි හරියද?' විරංග විශ්මිගෙන් ඇසුවේය.
'මේ රත්නපුරේ.........තව ටික දුරයි තියෙන්නෙ විරංග ...' විශ්මි කී පසු ඔහු වීදුරුවෙන් එපිට බැලීය.ඇය නිවැරදිය.ඔහු නගරය හඳුනා ගත්තේය.එසේ නම් තමන් විශ්මිගේ උකුළ මත හොඳ නින්දක් නිදාගෙන ඇත.ඇය පව් කියා ඔහුට සිතුණ නමුදු ඔහු කීවේ නැත.යමක් මතක් වී විශ්මි ලඟින් නැගිට පිටුපසට ගොස් නැවත ඈ වෙත ආ විරංග .....
'මගේ හොඳම යාලුවා වෙනුවෙන් මං බඩුවක් ගත්තා.'
'ඇත්තද?........එහෙනම් එයාට ඒක දෙන්න..එයා සතුටින් බාරගනී'
'ඔයා දන්නෑ මම මේ කියන්නෙ කවුරු ගැනද කියලා ...එහෙම නේද?'
'ඔව්...විරංග .......කවුද?ඔයාට යලුවො ගොඩක් ඉන්නවනේ..'
'ඒ ඔයා........! '
'මම?'
ඔවු ඉන්න මං ඒක ගෙන්නම්...මම දන්නවා ඔයා ඒකට ආසයි කියලා....' එසෙ කියමින් විරංග එතැනින් ගියේය.
විරංග නැවත ඇවිත් තම උකුළ මත තැබූ දේ දැක විශ්මි පුදුමවුණි.විශ්මිගේ දෑස් යන්තමින් තෙමී ගියේය.
'මං.........මේක ගන්න ගියේ ....ඒත්.......ගාන වැඩි නිසා දාලා ආවේ.." විශ්මි බිඳුණු හඬින් කීවේය.
'මං දැක්කා ඔයා ආසවෙන් බලනවා..' විරංග කීවේය.එහෙත් විශ්මිට දුකක් ඇති විය.මේ යාළුවා තමන් වෙනුවෙන් වටිනා යමක් දී තිබේ.එහෙත් තමා ඔහුට කිසිම දෙයක් ගත්තේ තියා එසේ සිතුවේද නැත.
මං දන්නවා මල් ටික තියාගෙන කල්පනා කරන්නේ මොනවද කියලා...' විරංග කී සැණින් විශ්මි පුදුම වී මෙන් බැලීය.ඔයා මට මුකුත් ගත්තේ නෑ කියලා නේද?' ඔහු ඇසීය.
'කමක් නෑ...මං තරහා නෑ..ඔයා ගොඩක් හොඳයි. ' විරංග කීවේ අවංක සිතිනි.
'මාත් බඩ්ඩක් දෙන්නම්...' ඈ කීවාය.
හ්ම්ම්........' විරංග කීවෙ ආශාවෙනි.
'මං ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් දෙකක් ගත්තා එක ජාතියෙන්...අපි දෙන්නම බඳිමු...ඇය කීවේය.
'ඔයාම මගේ බඳින්න...' විරංග අත පා කීවේය
විශ්මි ඔහුගේ අතේ එය බැන්ඳේය.ලෙහෙන්නෙ නැති ගැටයක් දාන්න ඈ....' විරංග කීවේය.පසුව ඇගේ අතේද ඔහු එය බැන්ඳේය.
අපිට එසෙම්බ්ලියේදි ගලවන්න වෙනවනේ...විශ්මි කීවේය.
මං සඳුදාට පරක්කුවෙලා එන්නම්.ඔයා ලේන්සුව බැඳන් ඉන්න.ඔයත් සඳුදාට පරක්කු වෙලා එන්න...' විරංග විසඳුමක් දුන්නේය.
කපටිකම් කරලා හරි පුරුදුයි වගේ....'
මේ වගේ අහිංසක කපටිකම් තමා..' විරංග සිනා සී කියද්දී 'ඒක නම් ඇත්ත' යැයි ඇය සිතින් සිතුවේය.
නොදැනීම ඔවුන් ආ බස් රිය පාසල වෙත ළඟා වී තිබිණ.විරංග විශ්මි, චමිලා, දිමුත් ඇතුලු පිරිස වෙන්වී ගියේ පසලේදී හමුවන පොරොන්දුවෙනි.
විශ්මි ළිඳ අසළට් විත් බොහෝ වේලාවකි.මේ කාලය අතරතුර ඈ සෑහෙන දුරකට සිතින් අතීතයට ගියාය.'විරංග ඇත්තටම හොඳ යාළුවෙක්...!' ඈ සිතුවාය.
සුභද්‍රා ළිඳ අසළට පැමිණියේ තම දියණිය නෑමට ගොස් බොහෝ වේලාවක් ගත වූ හෙයිනි. 'සුදු දූ.........මොනවද කරන්නෙ නාන්නෙත් නැතුව..? මං හිතුවේ නාලා ඉවරත් ඇති කියලා.ඉක්මනට නාගෙන එන්න.මං තේත් හැදුවා.සුභද්‍රා කීවේ මදක් සැරෙනි.තමා බොහෝ වේලාවක් කල්පනා කල වග ඇයට වැටහී ගියේ දැන්ය.ඇය වහා නාගෙන ගෙදරට දිව ආවේය.
'අම්මා...............තේ? ' විශ්මි ගෙට ආවේ එසේ කියාගෙනමය.
'තේ තමයි....අන්න සුදු අයියා දැන් තුන් හතර පාරක්ම ඔයාව ඇහුවා.දැන් කීයේ ඉඳන්ද නානවා ,නානවා කියන්නේ?ඔයාට විහිළු කරයි දැන්.....ඒ ළමයා මම බොරු කියනවා කියල හිතුවද දන්නෙත් නෑ..'
'හරි වැඩේනෙ...එහෙම හිතන්නෙ මොකද...?එයාට ඕන නම් ආයෙම කෝල් කරයිනෙ...'
'සුදු දූ හරි නරකයි....අයියා පව්...පුළුවන් වෙලාවල්වල ඒ ළමයා කතා කරනවා...ඔයාට අගයක් නෑ...'
සුභද්‍රා "සුදු අයියා" යැයි කියන්නේ තම අයියාගේ පුතාටය.එනම් විශ්මිගේ ඇවැස්ස මස්සිනාය.ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළේය.ඔහු මේ වනවිට අම්පාරේ සේවයේ නියුතු වී සිටි අතර හැකි සෑම විටකම විශ්මි හා කතා කරන්නට අමතක නොකලාය.
නැවත දුර්ක්ථනය නාද විය.ඔය අනිවාර්යයෙන් "සුදු අයියා" යැයි විශ්මි සිතීය.
"අම්මා ....ආන්ස්වර් කරන්නකෝ..."
'දූ .......ගන්න..සුදු අයියා වෙන්න ඇති...'
'අයියෝ.........මල වදේ...." එසේ සිතූ විශ්මි තරහින් කතා කළේය.
'හෙලෝ....'
'කොහොමද සුදු කෙල්ලේ....අද සුදුවෙලා ඇති මොනවද ඔය තරම් හේදුවේ...? 'විශ්මිගේ කෝපය දෙගුණ විය..
'තමුසෙට මොකද...? '
'අප්පේ සුදු නංගිගේ සැර...!මොකද ට්‍රිප් එක ගිහිං කොල්ලෙක්වත් සෙට් උනාද?'
'ඔවු........එග්සෑම් ඉවර උනාම මං එයාව බඳිනවා...'
'ඇත්තද...........ඔයා බඳින්න ඕන මාවනෙ බබා..මං වෙලාව ආවහම ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අවසර ගන්නම් ...'

රෙහානි.. මම පස්සේ එන්නං කියවන්න දැං ඩිංගක් හිත අවුල්... හොදේ..
ReplyDeleteහොඳයි..එහෙම කරන්න
Deleteහුටා, කතාවට පැන්න නේද දුෂ්ඨයෙක් :D
ReplyDeleteදුෂ්ඨයෙක්...? බලමු නේද?
Deleteහැබැයි දුෂ්ඨය දැන්ම ම අවසර අරන් වගේ කතා කරන්නේ?
Deleteබලමු නේ දිලිනි
Deleteට්‍රිප් එකේ අර ඔලුව උකුලේ තියන් ගිය කෑල්ල නැතිවුනානම් හොඳයි වගේ ...!
ReplyDeleteඒක අර ගිය පාර සිරා අයියා පෙන්නුවා වගේ අතාත්වික පොයින්ට් එකක් නේද? ඒක මම ඉවත් කරන්නත් හිතලා ආපහු දැම්මා...හ්ම්ම්
Deleteහිමින් සැරේ කියවන්න ඕන..
ReplyDeleteඅයිලාෂ් කාලෙකින්...පුතාට දැන් සුවයිද?
Deleteඔෆිස් එකේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා කතාව කියෙව්වා ... ආපහු ඉස්කෝලෙ කාලෙට ගියා වගේ..
ReplyDeleteහම්මේ...........ගොඩක් ස්තුතියි ඈ
Deleteහයියෝ මේ දුෂ්ටයෝ ඉන්න ඒවා නම් එපා.එපා වෙනවා.කියවන්න හිතෙන්නෙත් නෑ.මේ දුෂ්ටයා අයින් කරමුද
ReplyDeleteඑයා තාම දුෂ්ඨයෙක් නෙවේනේ...බලමු..
Deleteගොඩක් ලස්සනයි රෙහානි ... ඉක්මණට 4 වෙනි කොටසත් ලියන්න ...... පාසල් කාලය මතක් උනා...මම දන්න විශ්මි කෙනෙකුත් ඉන්නවා.. එයාවත් මතක උනා ... ( පුදුම විදිහට වචනය පාවා දීපු කෙල්ලෙක් එයා )
ReplyDeleteස්තුතියි...ඉක්මනට ලියන්නම්...
Deleteපාසලේ වෙන්ට ඇති ඒ විශ්මි උන්නෙ...
(එහෙමද.....හ්ම්ම්....)
නැහැ නැහැ එයා දේවී.....මගේ පෙම්වතියක් එහෙම නෙවේ.... ඉස්සර ඉඳන් මම අන්න කෙනෙක්... කොල්ලෙක් එක්ක යාලු වෙන්නෙත් පඩිය ගැන අහලා ........
Deleteඅන්න නෙවේ දෙවියනේ "දන්න" කෙනෙක්... වැරදි අවබෝදවයක් ගන්නවා එහෙම නෙවේ.......
Deleteහි හි එහෙමද?....................හලේ මංදා ඉතිං
Deleteකතාව මැද්දට දුෂ්ඨයෙකුත් කඩා පාත් උනාම තමා බොක්ක කූල් වෙන්නෙ.
ReplyDeleteමම නම් ඇවැස්ස නෑනා මස්සිනාමඟුල් වලට අකමැතියි.
හ්ම්ම්...හ්ම්ම්.... ;)
Deleteමාත් එහෙමමයි
අද මම කියන්නද අඩුපාඩු කීපයක් .. තරහ ගන්නෙපා. නිකන් දැක්කා.. මගෙ අතිනුත් මේව වෙනවා.. ඒත් ඔයා ලස්සනට ලියන හින්දා එක පාරක් කියවල අඩුපාඩු නැතිකරලම පබ්ලිශ් කරන්න
ReplyDelete//ඇයි විරංග ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද? මං උඹේ හොඳම යාළුවා කියලා උඹ කියනව ඒ උනාට උඹ මට මුකුත් කියන්නෑ....විශ්මි මැසිවිලි නැගුවේ ඉවත බලා ගනිමිනි.//
මෙතනදි විශ්මි දන්නවා විරංගගෙ හොදම යාලුව තමන් කියලා.. ඒත් පස්සෙ එන දෙබසකදි
//'මගේ හොඳම යාලුවා වෙනුවෙන් මං බඩුවක් ගත්තා.'
'ඇත්තද?........එහෙනම් එයාට ඒක දෙන්න..එයා සතුටින් බාරගනී'
'ඔයා දන්නෑ මම මේ කියන්නෙ කවුරු ගැනද කියලා ...එහෙම නේද?'
'ඔව්...විරංග .......කවුද?ඔයාට යලුවො ගොඩක් ඉන්නවනේ..'
'ඒ ඔයා........! '
'මම?'//
විශ්මි ඒක දන්නෙ නෑ ..
ඊලඟට ස්ත්‍රී ලිංග පුරුශලිංග ආඛ්‍යාත වල ගැටලු ගොඩක් තිබුනා..
//'යං මොනාහරි ගන්න...'විශ්මි යෝජනා කළේය.//
//යෙහෙළියන් දෙදෙනා විවිධාකාර දේවල් තේරුවේය//
//විශ්මි බිඳුණු හඬින් කීවේය.//
//විශ්මි ඔහුගේ අතේ එය බැන්ඳේය.//
//අපිට එසෙම්බ්ලියේදි ගලවන්න වෙනවනේ...විශ්මි කීවේය.//
//ඇය වහා නාගෙන ගෙදරට දිව ආවේය.//
//ඔහු මේ වනවිට අම්පාරේ සේවයේ නියුතු වී සිටි අතර හැකි සෑම විටකම විශ්මි හා කතා කරන්නට අමතක නොකලාය.//
//'අයියෝ.........මල වදේ...." එසේ සිතූ විශ්මි තරහින් කතා කළේය.//
මම ඔයාගෙ කතාව ගොඩක් ආසාවෙන් කියවන්නෙ.. ඒ හින්දම අවධානය වැඩියි හලිද ? :)
ඔයාට හදවතින්ම තුති සමී....ආයෙත් හොඳට බලන්නම් පබ්ලිෂ් කරන්න කලින්..
Deleteචුට්ටක්වත් තරහක් නෑ...එහෙම හිතන්නවත් එපා...මට සතුටුයි එහෙම අවධානෙකින් කියවන එකත්...
අර ආඛ්‍යාත ගැටලු එන්නෙ මේක මම කලින් ලියලා ඒක ඔහේ ලියාගෙන යන නිසා...ඊළඟ වතාවේ ඒකටත් අවධානයක් යොමු කරන්නම්...
ගොඩක් ස්තුතියි සමී ආයෙත්....
අයියෝ මොනාද රෙහානි අක්කා... දුෂ්ඨයො ගෙනාවෙ කතාවට! හලි නලකයි ඔයා... අම්මත් මස්සිනාට කැමතී වගේ නේ? :(
ReplyDeleteහ්ම්ම්.............ඉහි ඉහි...එයාලා ඉන්නත් එපැයි නේද? එයා දුෂ්ඨම නෑ ඉතිං...බලමුකෝ :D
Deleteකතාවට සුපුරුදු පරිදි දුෂ්ටයෙකුත් පාත්වුනා නේද,ඉස්සරහට හොඳ සෙල්ලං තියේවි
ReplyDeleteහ්ම්ම්...හ්ම්ම්....තියේවි තියේවි...
Deleteබලමුකෝ ඊළඟට මොකද වෙන්නෙ කියලා... :)
ReplyDeleteහොඳයි බලමු...
Deleteකථාවෙ මැද්දට දුෂ්ඨයා ඔය බැල්ම දාලා තියෙන්නෙ...
ReplyDeleteමේ කථාවෙ කියවෙන කාලෙදි තමයි මම පුද්ගලිකව හිතන විදියට ආදරය හරිම සුන්දර විදියට දැනෙන්නෙ...ඒ කාලෙදි එහෙම අත්දැකීමක් ලබන්න පින් කර නොතිබුනි. ඇත්තටම එහෙම දෙයක් තිබුනා නම් කියලයි මට අද හිතෙන්නෙ...
හ්ම්ම් හ්ම්ම්............
Deleteපුදුමත් හිතෙනවා සංඛ දිනෙත් වගේ ඉඳලා එහෙම අත්දැකීමක් නෑ කිවුවම...හි හී... :D
අ.පො.ස සා/පෙ කරන කාලෙ ලස්සන කෙල්ලෙක් මගෙන් කැමැත්ත ඇහුවා...ඒ කාලෙ මම හරි ලැජ්ජා කාරයා...කොල්ලො විතරක් ඉන්න පාසලක හිටිය නිසාද කොහෙද අපිට ඒ කාලෙ කෙල්ලො එක්ක පයුරු පාසානම් පැවැත්වීම හරිම නුහුරු දෙයක්...මම අදුනන කීප දෙනෙකුටම ඒ ලෙඩේ තිබුනා...දැරිවි මට ලං වෙලා කථා කරපු දවසෙම මම අඩියට දෙකට මාරු වෙච්ච හැටි මට මේක කොටනකොටත් මතක් වෙනවා...අද ඇය විවාහකයි...දිවයිනේ ප්‍රසිද්ධ සමාගමක ශාඛා කළමණාකාර වරියක්
Deleteඑයාගෙ නම නිසංසලා...
Deleteඅයියය්යෝ.............අපරාදේ නෙව..ඒකට දැන් කොල්ලෝ........ඇටෙන් පොත්තෙන් එළියට එන්නත් කලින් හොයාගෙන ඉවරයි...
Deleteමේවා කියෝන කොට මොකද්ද මොකද්ද වගේ අලේ...
ReplyDeleteඅලේ...........ඇයි අලේ...........
Deleteදුශ්ඨයෙක් පැන්න නේද?
ReplyDeleteඅහ් නෑ නෑ.. මම මේක කියෙවුවේ නෑ.. කියවන්නේ නෑ කිවුවනේ..
හි හී හොරාට කලිං කෙහෙල් කැන වැට පැන්නලු. ;)
Deleteමම නම් සාමන්‍යයෙන් මේ වගේ කතාවලට ආස නෑ. ඒ ඔයාගෙ වැරැද්දක් නිසා නොවේ. මගෙ වයසෙ වැරැද්ද!
ReplyDeleteඒත් මම කතාව කියෙව්වා. ගොඩක් උක්ත ආක්‍යාත වැරදි හමුවුනා. සමී පෙන්නල තියෙන්නෙ. මමත් කතාවක් ලිව්වම පුබ්ලිශ් කරන්න තියෙන ආසාවට වැඩිය කියවන්නෙ නෑ. හැබැයි එක සැරයක් දෙසරයක් කියවනවා.ඒත් පස්සෙ සමහරු අඩුපාඩු පෙන්නල දෙනවා.
කතාවෙ අර ගුරුවරු එක්ක ඉද්දි පිරිමි ලමයෙකුට ගෑනු ලමයෙකුගෙ ඔඩොක්කුවෙ හිස තියන්න පුලුවන්ද? මන්ද මම ඉස්කෝලෙ ගියෙ ගොඩක් කාලෙකට කලින්නෙ. දැන් එහෙම ඉඩ දෙන ගුරුවරුත් ඉන්නවද මන් දන්නෙ නෑ. (අවංකවමයි කිව්වෙ.)
ඔයා ඒක සාධාරනීකරනය කරන්න හදල තියෙනවා මෙහෙම.. (ඒ ඔවුන්ගේ සහෝදරත්වය ගුරුවරු පවා දන්නා නිසාවෙනි.) සහෝදරත්වය දැන ගත්තට එහෙම හැසිරෙන්න දෙයිද? මන්ද, මම නම් දෙන්නෙ නෑ.
මගෙ කමෙන්ට් එක සැර වැඩිද මන්ද? ඒත් ඔයා කැමති මම මට හිතෙන දේ කියනවට නේද බොරුවට හැම එකටම ප්‍රසංසා නොකර.
අනිවා මේ කතාවට එකලයි.. මම මේ කියවල දෙකක් කියන්න එනකොට තමා දැක්කේ.. ගුරු වරියන් වලිය දාපු විත්තිය.. රෙහානියෝ ඔන්න අහගනිං දැනමුතුකම්...
Delete//කතාවෙ අර ගුරුවරු එක්ක ඉද්දි පිරිමි ලමයෙකුට ගෑනු ලමයෙකුගෙ ඔඩොක්කුවෙ හිස තියන්න පුලුවන්ද?//ප්‍රශ්නයක් තමයි...
Deleteහී.................කිසිත් නොකියමි...
මේකට උත්තර දෙන්න ගියොත් මගෙ රහස එළිවෙනවා...ඒ හින්දා සද්ද නැතිව ඉන්න එක හොඳා... :D
ආඛ්යාත් වැරදි ටික හෙමිහිට හදන්නම්...
කොමෙන්ටුව සැර මදි වගේ..... ඇත්තටම මට බනිනවට මම ආසයි...හැදෙන්නනෙ කියන්නෙ ;)
@දේශා-එළකිරි............ඒ ආදර්ශෙට මම කැමතී...
හපොයි කෝටු පාරක් දීලා නේද ....... :(
Delete;)
Deleteඅනේ ඉතින් අපි ගිය ස්කොලවල අසාවට එක බලිකාවියක් උන්නේ නැති හැටි විතරක්.
ReplyDeleteහපුයි..............
Deleteසුදු අයිය එන පොට හොද නැහැ වගේ..බලමු බලමු ආදරේට හැමතැනම වගේ මෙතනත් කොක්කක් වගේ.හි හි
ReplyDeleteඒ වගේ................බලමු හි හි
Deleteරෙද්ද :( සුදු අයියගේ කෝල් එකෙන් පස්සේ මට දැන් මළ පැනලා තියෙන්නේ. ඇයි යකෝ ඔහොමත් පුළුවන් ද? අනික නෑනා-මස්සනා කසාද හොඳ නෑ. ළමයින්ට ලෙඩ හැදෙනවා. ඒ නිසා මම විරුද්ධ යි!
ReplyDeleteහි හී..........බලමු ඉස්සරහට ඒම වෙයිද කීලා
Deleteඇයි බන් නංගියේ උඹ දුෂ්ඨයෙක් ගෙනාවේ....ඊ ලග කොටස එනකම් ඉන්නවෝ////
ReplyDeleteස්තුතියි අක්කෝ
Deleteකථාවෙ පළවෙනි කොටස කියෙව්වම නම් විරංග හරි නපුරු චරිතයක් කියල හිතුනෙ..බලනකොට එහෙම නෑ වගේනෙ.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...
Deleteඅපිත් ඉක්කෝලෙ ගියා...ඒත් ගුරුවරු ඉන්න තැන ඔලුව ගහන් හිටපු එක කියෙවුවම කතාව එපා උනා.(තරහා වෙන්න ඔට්ටු නෑ හොදේ)
ReplyDeleteතරහා නෑ............. හැබැයි ඒක ඇත්තටම වුන දෙයක්
Deleteසුදු අයියා විශ්මිව බඳින්නද හිතන් ඉන්නේ?
ReplyDeleteඒ වගේ නේද
Deleteහ්ම්ම් රෙහානි අර උඩ කමෙන්ට්වල කියපු අඩුපාඩු මමත් දැක්කා. කතාව ටිකක් අතාත්වික වීගෙන යනවා වගේ. සුදු අයියා දුෂ්ඨයා කිව්වට රෙහානිගේ ඉදිරිපත් කිරීමෙන් නම් පේන්නේ එහෙමම නෑ වගේ...
ReplyDeleteහ්ම්ම්........ඒකනේ ගන්දරයෝ.........මම සම්පූර්ණයෙන් කතාව වෙනස් කරන්න තීරණය කළා
Deleteසුදු අයියා ඇණයක් වෙයි වගේ..... දුෂ්ටයෙක් නැති ආදර කථාවකින් ඇති වැඩක් නැහැ නේ? :D
ReplyDeleteඅන්න ඒකනේ..........නේද බුද්ධි..
Deleteස්තුතියි මේ කතාවත් කියවනවට ඔයාට
රත්නපුරේ :o :o :o ???
ReplyDeleteඅහ්හ් දුස්ටයා ආවා කතාවට !
ReplyDelete