1කොටස බලලම එන්න.
'දෙවියනේ..................පිනා.........!' විරංග සිතුවේ කරගන්න්ට දෙයක් සිතාගත නොහැකිවය.
කෙල්ල හැඬූ කඳුලින්ම හිටගෙන සිටියේය..විරංග වහා කොල්ලන් ගොඩට පැන්නේය.විරංග පිනා යැයි කියන්නේ පාසලේ විදුහල්පතිතුමාටය.හිටගෙන සිටියේ කවුදැයි විදුහලතිතුමාට වැටහීමක් තිබුණේ නැත.එක්වර විරංග කොල්ලන් ගොඩට පැන සැඟවී ගත් නිසා විදුහල්පති පිරිස අතරට පැමිණියේ හරියටම ඔහු හඳුනාගැනීමටය.එහෙත් ඔහුට එය නුපුළුවන් විය.
කරුණාකරලා දැන් මෙතන ඉඳලා වාඩිවුන ළමයා නැගිටින්න.'විදුහල්පති තුමා එසේ කීවේ සූක්ෂමව පිරිස අතර ඇස් යවමිනි.එහෙත් විරංගව හඳුනා ගැනීමට ඔහුට නොහැකි විය.විරංගද ඔහුව කනකාවත් ගණන් ගත්තේ නැත.පිරිස අතරට වී වෙනසක් නොපෙන්වා සිටියේය.
'දිමුත්................නැගිටින්න..'
පාසලේ යම් තරමක පිළිගැන්මක් තිබූ ශිෂ්‍යයෙකු වූ දිමුත් ට විදුහල්පති තුමා කතා කළේය. ඒ අනුව දිමුත් ගරු සරු ඇතිව නැගිට්ටේය.'දිමුත්..........ඔයා ඇත්ත කියන හොඳ ළමයෙක්..මට කියන්න මේ අහිංසක ළමයට කරදර කළේ කවුද කියලා...?'
අන් කවර දිනකවත් ගුරුවරයෙකුට කිසිඳු බොරුවක් කියා නොතිබුණ දිමුත් මෙවර අසරණ විය.ඔහුට තම යහළුවා පාවා දීම කළ නොහැකිය.බොරුවක් කිසිදින කියා නැති ඔහුට නිහඬව සිටිනවා හැර කළ හැකි දෙයක් නොමැත.ඔහු බිම බලාගෙන අසරණව සිටියේය.
'වැරැද්ද කරලා ඉන්න හැටි විතරක්........මොකුත් දන්නෙ නැති තොත්ත බබා වගේ,,...මගෙන් ඇහුවනම් දනී කරන දේ...' විශ්මි යටින් සිතමින් බිම බලා ඉන්නට විය.මෙතනදී දිමුත් ද කතා නොකිරීම විදුහල්පති තුමාට ප්රශ්නයකි.මදක් කල්පනාවේ සිටි ඔහු නැවත දිමුත් වෙත හැරිණ.
'දිමුත්...........ඒ කියන්නේ අද ඔය ළමයා කට අරින්නෙත් නෑ,හරි................මේ වැරැද්ද කරපු කෙනාට මේක පිළිගන්න එක චාන්ස් එකක් දෙනවා.නැගිටල සමාව ගන්න.'
විරංග ඒ වචන කනකටවත් ගත්තේ නැත.විරංග නොසෙල්වී සිටියේය.
'දැන් දුන්න වෙලාව ඇති.ඒ කියන්නේ චාන්ස් එකත් එපා..?තව එක කෙනෙක් ඉන්නවා මේක් දැනගන්න පුළුවන්..'
දැන් සියළු දෙනාගේම පපුවේ බිත්තර ආප්ප පුච්චන්නට හැක.එතරම් බියපත් වී බලා උන්නේ තම විදුහල්පතිතුමා ඊළඟට කුමක් කරාවිදැයි යන සැකය සමගිනි.නොසිතූ ලෙස එතුමා විශ්මි දෙස හැරුණි. "අනේ මං " කියා ඇය තමන්ටම කියාගත්තේ රහසින් මෙනි.
'ඔය ළමයාගේ නම කියන්න....'
'විශ්මි.............' ඇය තෙපලීය..
ඔය ළමයා කියන්න කවුද මෙතනින් ඔයාට කරදර කළේ..?බය වෙන්න එපා, අපි ඔයාව බලාගන්නවා..මෙයාලට බයේ කට පියාගෙන ඉන්න එපා... එතුමා කීවේ ස්ථිරත්වය ඇතිවය.
දිමුත්ගෙන් මෙම ප්රශ්නය අසද්දී ඇය සිතුවේ 'මගෙන් ඇහුවොත් දෙන්නම් සේරම ' කියාය.එහෙත් දැන් ඇයගේද මුව ගොලුය.විදුහල්පති තුමා තම තියුණු ඇස් වලින් ඇය දෙස බලා සිටින්නට විය.ඇය අසරණව යටැසින් විරංග දෙස බැලීය.විරංග තමන්ගේ මුව දෙසම කට ඇරගෙන බලා සිටි නා අයුරු දුටු ඇයට දුක සිතිණ.ඇයද කිසිවක් කීවේ නැත.
'හරි..........මේ ප්‍රශ්නේ මම විසඳන හැටි දන්නවා...ඔය ළමයා පංතියට යන්න.' කරුණාබරව විශ්මි දෙස බලා විදුහල්පති තුමා කීවේය.
අසරණ වූ විශ්මි පංතියට ගොස් හොඳටම හැඬූ හැටිත් ,ගෙදර ගොස් අම්මාට කියමින් හැඬූ සැටිත් ඇයට සිහි විය..
'මට බෑ ඒ ඉස්කෝලේ යන්න....' විශ්මි කී විට සුභද්‍රා සිනාසුනාය.
'ඕක ඔය හැටි දෙයක්ද ළමයො..ඕවා තව දවස් දෙකයි..ඊට පස්සේ ඔය කොල්ලෝ ඔයාගේ හොඳම යාළුවෝ වෙයි.........'
සුභද්‍රා කීවාත් මෙන්ම අවසානයේ විරංග දිමුත් විශ්මිගේ හොඳම යහළුවන් බවට පත් විය.විරංග එදා පෙනුන තරමට නපුරු නැති අහිංසක කොල්ලෙකු බව පසුව විශ්මිට වැටහිණ.
පිරිමි යහළුවන් මෙන්ම ඇයට බොහෝ යෙහෙළියන් විය.ඇගේ කරුණාවත් සිරියාවත් , මානයෙන් ඉදිමුණු අයෙකු නොව අහිංසක කෙල්ලෙක් වීමත් එයට මූලික හේතුව වන්නට ඇත.
ගෙදර අම්මා උදේට හදා දෙන බත් කොල්ලන් කෙල්ලන් වට කරගෙන කද්දී ඇයගේ බඩට වඩා හිත පිරුණි.විමුක්ති, අජිත් , විරංග, දිමුත් සමග එකතු වී අරලිය යාය කොනේ ඇති අඹ ගසට පොලු ගසා අඹ ගෙඩි කඩා ගුරුවරුන්ටද හොරෙන් කඩයට ගොස් ,උම්බලකඩ සම්බල පැකට්වල ඇති මිරිස් සමග කෑ හැටි..පුස්තකාලයට යාබද සන්නිවේදන කාමරයේ රූපවාහිණියේ ටෙලි නාට්‍ය බැලුව හැටි....මේ සියල්ල කොතරම් මිහිරි සොඳුරු මතකයන් වූවාද?
දිනක් විරංග චොකලට් හය හතක් තනිවම කා ඇස් රතු කරගෙන ආවේ තවත් උස බීම බෝතලයක්ද අතැතිවය.කොල්ලන් කෙල්ලන් මැදට එය ගෙනා විරංග ...
'මේකෙන් උගුර උගුර මෙතන හැමෝම බොන්න ඕනේ..එහෙම බොන්නෑ කියන්නේ අපේ සෙට් එකේ ඌ නෑ..'
විරංග කීවේ තීරණාත්මකවය.
ඔහු එසේ කීවද මේ ගැන විශ්මිට සැක සිතිණ.මොනවා හෝ මත්වන යමක් මෙයට එකතු කර ඇති යැයි ඇය සිතුවාය.දෙතුන් දෙනෙකුට බෝතලය පෑ ඔහු ඊළඟට බෝතලය පෑවේ විශ්මි වෙතය.
'දැන් ඔයාගේ වාරේ ............බොන්න...'
'මට එපා........'
'කියපු එක මතකනේ....මේ විරංග කිවුවොත්..............!'
'හරි හරි.....දෙන්න............'
විශ්මි එය බීවේ කරන්නට දෙයක් නැති තැනය.
එදින ගෙදර ආ විශ්මිට අමුත්තක් දැනිණ.ඇයගේ බඩ බුරුල් වූවා සේ විය.
අම්මා මගේ බඩ දඟලනවා......' ඇය කී විට සුභද්‍රා ඇයට ජීවක ගුලි දෙහි සමග සාදා දුන්නාය.පසුදා විරංගට මෙය කියද්දී ඔහු මහා හඬින් සිනාසුනි..එහෙත් ඒ කුමක් නිසාදැයි ඔහු කීවේ නැත.ඇයද ඇසුවේ නැත.
හදිසියේම මේ අතර චාරිකාවක් යන්නට සූදානම් විය.චාරිකාව යාම සූදානම් කළේ ගුරුවරුන් සමග සාකච්ඡා කර විරංගය.විරංග දඟ වැඩ කළත් පාසලේ ශිෂ්‍ය නායකයෙකු විය.එමෙන්ම කැඩෙට් සාජන්වරයා ද විය.පාසලේ යම් තැනක ඔහු ද සිටියේය.ගුරුවරුන්ගේ නොමඳ ආදරයට ද ලක් විය ඒ ඔහුගේ දඟකාරකම් නිසාම වන්නට පුලුවන.
චාරිකාව යාමට විශ්මි කැමත්තක් දැක්වූයේ නැත.එහෙත් ඇයගේ හොඳම යෙහෙළිය වූ චමිලාගේ කීමට ඇය මේ ගමන යාමට තීරණය කළාය. එයට මවගෙන් පියාගෙන් අකමැත්තක්ද නොවීය. ඇය චාරිකාව යන බව නොකියා විරංගව ඇවිස්සීමට සිතුවාය.
එම නිසා ඇය තම යෙහෙළියන්ට පවා තමා චාරිකාව යන වග කීවේ නැත.එය දැන සිටියේ චමිලා පමණි.චමිලා සැමවිටම ඇගේ කටයුතු වලට හවුල් වන්නීය. විශ්මි චාරිකාව නොයනවා යැයි විරංගගේ කනට ගියේ යහළුවන් හරහාය.පන්තියේ බොහෝ ළමුන් මෙහි යන්නට තීරණය කර තිබියදී ඔහුගේ හොඳම යෙහෙළියක එහි නොයනවා යැයි ඇසූ විට ඔහුට කේන්ති ආවේය.ඔහු වහා විශ්මි සොයා යද්දී ඈ යෙහෙළියන් සමග විහිළු තහලු කර සිනාසෙමින් උන්නාය.
'විශ්මි................තමුසෙ ට්‍රිප් එක යන්නැද්ද...?'
පාසලට ආ මුල්ම දිනයෙන් පසු ඇයට ඔහු මෙසේ ක්තා කලේ පළමු වෙනි වතාවටය.ඇය තුළ පැවති සහෝදරත්වයට මේ කෝපය දරුණු වැඩි විය.ඇයට ඉබේම හැඬිණ.ඇය වහා එතැනින් දිව ගොස් පන්තියේ තම අසුනින් වාඩි වී මේසයට ඔලුව තබාගෙන කඳුළු සලන්නට විය.
මෙයට සිත වඩා රිදුනේ විරංගගේය.විරංග විශ්මි වෙත ආවේ හිතේ කනස්සල්ල නිසාවෙනි.ඇය චාරිකාව යාම නොයාම ඇගේ හීරණයකි.තමා ඇයට බලපෑම් කරන්නට යාම පිලිබඳව ඔහු තුළ ලැජ්ජාවක් ඇති විය.
'මං උඹට කිවුවනේ ....ඔය ඕන නැති විහිළු ඕන නෑ කියලා..'එවර චමිලා කීවේ චාරිකාව නොයනවා යැයි බොරු කීම පිලිබඳව මැසිවිලි නගමිනි.
'මං විරංගට කියනවා උබ ට්‍රිප් එක යනවා කියලා..' චමිලා කීවේය.
'එපා....එපා.....මං ට්‍රිප් එක...ඇත්තටම....යන්නෑ.....' විශ්මි හඬමින් කීවෙය.
'ආ....ඇත්තද? එහෙනම් විරංග විතරක් නෙවෙයි...අපි ඔක්කොම උඹ එක්ක තරහයි...' චමිලා කීවේ මැඩගත් කෝපයෙනි..
එවර විශ්මි බියපත් විය.ඇය නිහාඬ කුමක් කරන්න දැයි සිතුවේය.ඒ අතරතුරේ විරංග ඔලුවද කසමින් විශ්මි වෙත ආවේය.
'සොරි........ඔයා යන්නෑ කිව්වම අප්සට්නෙ අයියෝ.....අපි ඔක්කොම යනවා .....බලන්න ...ඔයා විතරක් නැති උනහම...විරංග කීවේ හදවතින්ම බව විශ්මි දැන සිටියේය.
මමයි සොරි කියන්න ඕනේ....මම ට්‍රිප් එක යනවා...මං ගෙවලත් ඉවරයි....විශ්මි එසේ කීවේ ඔහු දෙස අසරණ බැල්මක් හෙලමිනි.. 'බොරු නම් අහන්න චමිලගෙන්...'
'ඇත්තද චමී මේ කියන්නේ ...?'විරංග ඇසූවෙන් ඈ හිස වැනීය.විරංග 'හුරේ'.......කියමින් උඩ පැන්නේය... 'ඔය තියෙන්නේ............දාන්න පහක්...!' විරංග කීවේ සත්තකින්ම හිතේ ඇති වුන සතුට නිසාවෙනි..
චාරිකාව දින දෙකක් වීම කාටත් සුමිහිරි අද්දැකීමක් විය.චාරිකාව ය්න අතරතුර විරංග ඇතුලු පිරිසම ගී කියමින් නැටුවේය.
අනුරාධපුර පොළොන්නරුව නැරඹීමට ගිය මේ චාරිකාවේදී සෑම ස්ථානයක්ම නැරඹීමට විශ්මි විරංග ගියේ එකටමය.විහිළු තහළු මැද්දේ ඒ ගමන මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය.
වැවේ නෑමේදී කොල්ලන් බෝලයක් පාස් කරමින් සෙල්ලමේ යෙදුන අතර කෙල්ලන් කියව කියවා නෑවේය. විශ්මි චමිලා දෙදෙනා කලින්ම නා අවසාන වී , ගමන් ආ බස් රිය වෙත ගියෝය.එහි කිසිඳු කෙනෙකු නොසිටි අතර ආසන මත විශ්මි හා චමිලා ඇල වූයේ ගතට දැනුන තෙහෙට්ටුවත් සමගය.
'විශ්මි..............නැගිටපන්.....කොල්ලෙක් අවොත් එහෙම වස ලැජ්ජාව...!' චමිලා හදිසියේ යමක් මතක් වූ විලසින් කීවාය.

විරංග කියන නමේ තේරුම දන්නවද
ReplyDeleteහි හි.... කියන්ටකො ඔබතුමාම
Deleteමම මෙතන කියන එක හරි නෑ රෙහානිම හොයාගන්නකො
Deleteඅන්න ඉතින් තේරුම දැන් අපිත් හොයපන්කෝ :(
Deleteහෙ...හෙ... ඔය ලියන්නේ නියමෙටම අන්තිම වචන ටික කියද්දි ඉස්කොලේ කාලේ වෙච්ච වැඩක් මතක් උනා නියමයි රෙහානියෝ......ඊලග කොටසත් ඉක්මනින් ලියමු.....
ReplyDeleteඑළකිරි එහෙනම්....
Deleteඉක්මනට දානවා...
ඔහොම යන්.
ReplyDeleteසෙට් වුනාටත් පස්සෙ අඩන්නෙ මොකද බන්
යමු යමු....
Deleteසෙට් වුනාටත් පස්සෙ අඩන්නෙ මොකද බන්// /
ඇයි එහෙම කීවේ? තේරුන්නෑ
එ කිවුවෙ මෙ බඩ්ඩ සෙට් එකට සෙට් වෙලත් හැම මගුලටම අඩන්නෙ
Deleteමම නිවැරදි නම්....නගා ලියන තුන්වැනි මතු සම්බන්ධයි කථාව තමයි මේ. මේ කථා 3 ටම පාදක වුනේ පාසල් ප්‍රේමය...ඒක නිසා මම කල්පනා කලා ඔබටත් ඒ සමයෙ මීට සමාන අත්දැකීම් ඇති කියලා...මේ කථා වල යෙදෙන සමහර සිදුවීම් ඔබ ඇත්තටම අත්දැකපුවා නේද... ඉතිරි කොටස් කීපයත් කියවලාම බලමු...අවිනිශ්චිත අවසානයක් කරා යයිද ?
ReplyDeleteඔයා හරි...මේ එවැනි තුන්වෙනි කතාව...
Deleteඅනිවාර්යෙන්ම මේකේ අවසානය ඔයාලා හිතන එක නෙවෙයි...
මම කලිනුත් කීවා රහසක් තියේ කියලා...ඔක්කොටම උත්තර අවසාන කොටසත් එක්ක ඉබේම හම්බවෙයි. :D
ඇදිලා ගියා වැඩි ද මන්දා
ReplyDeleteඒ වගේද.....හ්ම්ම් :(
Deleteඅරිශ්ඨ බෝතල් අයින් කරලා....පපඩම් පැකට් ඇවිල්ලා....චමිලා...සුභද්‍රා.....:DDD
ReplyDeleteපපඩම් පැකට් තියේද ඒ නම් වලින්....? :D
Deleteඔව්.....ඉස්සර නාවින්නේ චන්ද්‍රා පපඩම් කියලා තිබුනා....පස්සේ මෑන් ඒකට අලුත් වර්ශන් එකක් ඇඩ් කරා චමිලා පපඩම් කියලා....දෙල්කඳ පොළේ භූමිතෙල් ලිපක් තියාගෙන පොර පපඩම් බැදලා පෙන්නනවා හොඳට පිම්බිලා එන බව පේන්න. ගහක පොඩි අත්තක කොල අයින්කරලා.... ඒක මේසේ මැද හයිකරලා... ඒවගේ බැදපු පපඩම් එල්ලනවා....තට්ටු කරලා පෙන්නනවා හොඳට ක්‍රිස්පි කියලා...පිස්සු පූසෙක්. පරණ මිනිස්සු දන්නවා,
Deleteමාත් අහලා තියනවා පොළේ බදින පපඩම් වගේ කතාවක්. ගෙදර ගිහින් බලද්දී ඒවා අර විදියට පිපින්නේ නෑලු.
Deleteමම නම් ඇහුවමයි මේ කතාව
Deleteඅපේ කාලෙනං මෙහෙම ගොංපාට් තිබ්බෙ නෑ......... දැං තත්වෙ මෙහෙමලුද?
ReplyDeleteඑහෙමලු ;)
Deleteඒ දවස් වල අපිව ආසාවට දවස් දෙකක ට්‍රිපක් යන්න දුන්නෙ නැහැනෙ..යවලත් බැහැ මොකද ?අපෝ ඒව ඉතින් දැන් ප්‍රසිද්ද දේවල්නෙ..හි හි
ReplyDeleteයවයියෑ හැටි දන්නවනෙ ඉතිං :D
Deleteපිරිමි පාසලකට ගියාම තියන ලොකුම හෙණ ගෙඩිය ඕක තමයි. අපිට කොයින්ද බූල් බල්ලෝ
ReplyDeleteබෝට්ටුවට ගොඩවෙමින්
Deleteහේ හේ.........බොලාල්ලා දෙන්න ගැන දුකයි :D
Deleteහා හා ඉක්කෝලෙ යන කාලේ මතක් උනා..ඉක්මනටම 3 වැනි කොටසත් දාන්න...ලස්සනයි කතාව....
ReplyDeleteස්තුතියි කියවන්න ආවාට...
Deleteදිගටම එන්නකො ..ඉක්මනට දානවා
ආ මෙයා දැන් කතා ලියනවනේ..
ReplyDeleteකලින් කතාවත් කමෙන්ට් නොකර කියෙව්වා.. මේ කතාවත් එහෙම කරන්නද?
කොහොම හරි කියෙව්වනේ...මගේ මහන්සිය අපතේ යන්නෑ එහෙනම්....බොහෝ දුරට මේක මගේ අවසාන මතු සම්බන්ධයි කතාව වෙයි..
Deleteකොමෙනු නොදැම්මට කමක් නෑ කියවන්න
මං බලාපොරොත්තු උනේ විරංග හොදටම ගුටිකාලා අන්තිමට විශ්මි ඒකට අනුකම්පාකරලා දුක්වෙලා එව්වවෙලා මෙව්වා වෙලා යාලුකමක් ගොඩ නැගෙයි කියලා. ඒත් එකපාරටම සතිදෙකකින් හොදයාලුවො බවට පත්වුනා කියල ලියලා.. මට නම් ඇදුන මදි කියල හිතෙන්නෙ :D
ReplyDeleteඉහි ඉහි,.... ඒම උනේ නෑ මේකේ... ;) ඉස්සරහට ඒම හිතෙන එකක් නෑ
Deleteඉස්කෝලේ කාලේ කොච්චර ශෝක්ද ... එකදිගට කියවගෙන යන්න පුලුවන් තරමට ලස්සනට ලියලා තියෙනවා .. ඉතුරු ටිකත් ඉක්මනටම ලියමු නේද ...
ReplyDeleteඅනිවාර්යෙන් ඉක්මනින් දෙනවා
Deleteස්තුතියි ඈ
මේ.. මේකේ හින්දි අයිටම් ටික කෝ???
ReplyDeleteහී හී..............එව්වා මිසින් :D
Deleteකතාව එකපාරටම වේගවත් උනාද මන්ද...
ReplyDeleteඅමතක උනාද? විශ්මි තාම ළිඳ ළඟ කල්පනාවේ ඉන්නේ... හික්
Deleteවිරංග විශ්මි , පාසල් කාලේ ප්‍රේමයන් හරිම සොන්දුර්රුයි, හැබැයි වඩාත්ම සොඳුරු වෙන්නේ අප්රකාශිත ප්‍රේමයන්
ReplyDelete// හැබැයි වඩාත්ම සොඳුරු වෙන්නේ අප්රකාශිත ප්‍රේමයන්//හලියත හලි.... :D
Deleteගලයි වේගෙන්... ගලයි වේගෙන්....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteයකෝ මේවා මහ අසාධාරණ වැඩ. අපේ කාලෙ නිකමට දවස් දෙකක ගමනක් කියන්නෙ අවසන් ගමනක් වගේ තමා. චික් අපිත් යමු ආපහු පාසල්.
ReplyDeleteහෙහ් හෙහ්.....ඒ අතින් අපි වාසනාවන්තයිනෙ...අපිව ඉස්කෝලෙන් ඇත්තටම එක්කං ගියා ඒ දවස්වල දවස් දෙක ට්‍රිප්
Deleteයකෝ, ගෑනු ඉස්කෝලයක් වෙලත් අපි ව අරගෙන ගියේ උදේ ගිහින් හවස එන ට්‍රිප් :( මේක මහ අසාධාරණ ලෝකයක්. දැන් කියමු බලන්න, මේකෙන් පස්සේ මතු සම්බන්ධ කතා නොදාන්න හේතුව!
ReplyDeleteහි හී ........
Deleteමට කම්මැලී ලියන්ට :D
අපි ඉතින් ගියේ පිරිමි ඉස්කෝලවලට නොවැ...
ReplyDeleteඅප්පේ
Deleteඅම්මපා අපි නැති වුන ටික දවසට කතාවක කොටස් දෙකක්ම දලා.. අපි ඉන්නකොට ලියන්නේ අගේ කර කර.. කියවන්නෙම නෑ මම මේක..
ReplyDeleteහි හි.....ඒම කරන්නෑ කීලා දන්නවා :D
Deleteඔන්න රෙහා ගර්ල් මං අද තමා මේ පැත්තට ගොඩ උනේ...එක හුස්මට එක දෙක කැලි දෙකම කියෙවුවා..පටන් අරන් තියන විදිහටනම් හරි අපූරු පිස්සු කතාවක් වගෙ..හනි හනිකට අනික් කොටසුත් දාන්ඩෝ..අපි බලාන ඉන්නවෝ
ReplyDeleteඔයාව බොහොම ආදරෙන් පිළිගන්නවා යාලු..
Deleteගොඩක් ස්තුතියි මාව කියවන්න ආවට
ටිකක් විතර පිස්සු කතාවක් වගේ...හිහ්
පහු ගිය ටිකේ හෙන වලියකට මැදි උනා නෙව රෙහානි මම.. දැනුයි ආවේ රිමාන්ඩ් බාරයේ සිට... ඉන්නකෝ 01 කොටස කියවලා එනකම් ....
ReplyDeleteහෙන වලියකට? හම්බෝ ඒ මොකෝ?
Deleteහරි හරි....හෙමින් සීරුවේ කියෝමුකෝ
ෆට්ට කතාව :D
ReplyDeleteතැන්කිව් ;)
Deleteඉස්කෝලෙ ගියපු කාලෙ ආයෙම මතක් වුනා. ලස්සනයි කතාව. දිගටම කියවලා බලමුකෝ... :)
ReplyDeleteබලමු අසෙනි...ස්තුතියි මාව කියවන්න දිගටම එනවට
Deleteඑකයි දෙකයි දෙකම එක හුස්මට කියෙවුවා ,, ඔන්න සිහින සශ්මිත බැරි වුනාට මේක නම් මුල ඉදලම කියෝනව මං, ඔයා ලස්සනට ලියනවා .
ReplyDeleteගොඩාආ............ක් ස්තුතියි අපූ
Deleteකථාවෙ කොටස් දෙකම කියවන්න පුලුවන් උනේ අද. අන්තිම ටිකට කමෙන්ට් නොකරට සිහින සශ්මික කතාවෙත් ඔක්කොම ටික කියවල ඉවර කලා. ලස්සනයි කථාව රෙහානියෝ....දිගටම ලියන්න :)
ReplyDeleteස්තුතියි චාම්ස්.......කියෙව්වනම් ඒක තමයි මගේ සතුට
Deleteවිරංග යාලුවන් අතර හොඳ යාලුවෙක්වගේ..
ReplyDeleteස්තුතියි ඔබතුමාටත් අදහස් දැක්වීමට
Deleteඅපි බලමු නේද?
රෙහානි කතාවේ වේගේ බොහොම වැඩීනේ.... කොටස් තුනකින් විතර ලියන්න ඕන ඒවා එකේම ලියලා නේ...
ReplyDeleteරෙහානි කම්මැලි වෙලාද කොහෙද. එකපාරට කතාව සෑහෙන්න වේගවත් වෙලා.
ReplyDeleteවිරංග ද දිමුත් ද නැත්තම් වෙනම කෙනෙක්ද මෙයාට සෙට් වෙන්නෙ අන්තිමට ;)
ReplyDeleteවිරංග ලයින් පාර දාලා....එක්කෝ ඕනි නෑ බොලාම ලියහල්ලකෝ !
ReplyDelete