ලා දම් අහසට පායන උදවිය ..

2012년 10월 11일 목요일

මා සිතට අහම්බෙන්...4

1           2             3     
කොටස්වලට ගිහින් එන්න....                                                           
                                                                                                                 "කිවුවා...ඒත් මන් ගැන බලාපොරොත්තු තියාගන වැඩක් නැහැ.." සෙනලි  එකපාරටම  කියල දැම්ම..   ගයාන්ගේ   මුණ  කලුවෙලා  ගියා..  ගයාන් පව්  කියල   හැගීමකුත්   සෙනලිගේ   හිතට  ආවත්   සෙනලි   මධුෂට  වරදක්    කරන්න  හිතුවේ  නැහැ. ටික වෙලාවකින්  දිල්කිලා  පහලට  බැස්සා..  දිල්කි   පහලට   එනකොට   සෙනලිගේ   උත්තරේ  ගැන  දැනගෙනමයි   ආවේ..                                                                        
                                                                                                              "මැටි හරකි ..මොනවද ගයාන්ට කිවුවේ?මට සමීරය කිවුවා...අපරාදේ හොඳ කොල්ලෙක් ඌ .. " දිල්කි   දෝෂාරෝපණය  කරන්න ගත්තා.. "අනේ  මේ නිකන්  ඉඳහන් .. මට  මධුෂ  ඉන්න  බව දැන  දැන  ඔහොම   කතාකරන්න එපා.. සෙනලි කිවුවේ  ලොකු  ආවේගයකින් ..  මොන  දේවල් නිසාවත් මධුෂට  වෙනසක්  නොකරන්න  දැඩි තීරණයක සෙනලි  හිටියේ.                                                                             
                                                                                                              චාරිකාව නිම වෙන තෙක්ම සෙනලි එක්ක නැවත මේ ගැන කතා කරන්න  ගයාන් ලොකු  උත්සහායක්    ගත්තත්  ඒක   නිෂ්පල උනා.. දිල්කිත් නිතරම සෙනලිගේ හිත වෙනස් කරන්න හිතාන  මධුෂගේ  වැරදි  හද  හදා කිවුවා..  ඇත්තටම  සෙනලි වෙනස් උනේ නැහැ.. නමුත්  සෙනලිට   ගයාන් පිලිඹද   යම්  අනුකම්පාවක්  දැනුනා..  සෙනලි දිල්කි  ඉස්සරහදිවත්  ඒ  බව  පෙන්නන්න  ගියේ නැහැ..                                                                                                                                    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 
                                                                                                               චාරිකාවෙන් පස්සෙත් දර්ශි එක්ක ඉන්නවට වඩා සෙනලි හිටියේ දිල්කි එක්ක.සෙනලි හිතුවේ චාරිකාවේ  අවසානයත් එක්කම ගයාන්ගේ කරදරෙත්  අවසානයක් වේවි කියල.ඒත් ඒක   එහෙම වුනේ නැහැ.. හැමදාම  ඉස්කෝලේ ඇරෙන වෙලාවට  ගයාන් ගේට්ටුව ලගටම වෙලා බලන් ඉන්නවා.. සමහර දාට ඉස්කෝලේ  ඇතුලටත් එනවා.ඔහොම ඇවිත් පස්සෙන්ම වදයක් වෙවී එනවා..                                                 
                                                                                                               මේ දිනවල  සෙනලිට මධුෂව හැමදාම වගේ උදේට හවසට බස් එකේදී මගහැරුනා.චාරිකාව ගියාට පස්සෙම මධුෂ සෙනලිට මුණගැහුනේ නැහැ.  මධුෂගේ  යාලුවෙක් ට  මධුෂ පණිවිඩයක්  දුන්නා සෙනලිට කොහොම හරි මීට් වෙන්න කියල. සෙනලිත් එදා උදේ බස් එකේ දී මධුෂ ව හම්බවුනේ  නැති නිසා  ගමෙන් එන්න  තියන ඊලග බසය එනකන් හෝල්ට්  එකට වෙලා බලන්  හිටියා.. එදා අමාරුවෙන් දෙන්න මුණගැහුණා...                                                                                      "අම්මෝ...මෙයාව දැක්ක කල්.."  මධුෂ කිවුවේ අතේ  තියන  පුංචි  කොපි පොතේ  කොනක් තොල්  දෙකට  තියාගෙන .. අර  අහිංසක  ලජ්ජාශීලී    හිනාවත්  ඒ තොල්  අතර රැඳිල  තිබුන..                            
                                                                                                              සෙනලි හිනාවුනේ ගොඩාක් ආදරෙන්..........! "මම නම් ඔයාව  දැක්කා.. " සෙනලි කිවුවා.                                                                                  
                                                                                                               මාව දැක්කා...!!!!!! ඒ කොහොමද? මධුෂ ඇහුවා..                                  
                                                                                                               මගේ හිතේ ඇඳිලා තියන රූපෙන්...! සෙනලි කිවුවේ මධුෂගේ ඇස් දිහා බලන්..                                                                                              
                                                                                                             ඇත්තට..!.....මධුෂ  හිනාවෙලා කිවුවා.. "ට්‍රිප් ගිහින් මට මොනාද ගෙනාවේ?

ගෙනාවා බඩ්ඩක්... ! සෙනලි බෑගය ඇරලා බ්‍රවුන් පේපර් කවරෙට දාල තිබුන පුංචි සැමරුම්  දෙක මධුෂට දුන්නා...
     
"මේවා නෙවෙයි..."මධුෂ කිවුවේ කට බෙරි කරගෙන..
  
එහෙනම්...................................?
    
මධුෂගේ ඇහැ ගියේ  නගරය මැද්දේ  තියන ඔරලෝසු  කනුව දිහාවට. "අප්පට  සිරි පරක්කු  වෙනවා මන්  යන්නම්..!  මධුෂ එහෙම  කියාගෙනම  බසයකට දිව ගියා... සෙනලි  හිනාවෙලා ඔහුට සමුදුන්නා..
                                                                                                                සෙනලි ඕෆ්  පීරියඩ් එකක තනිව කල්පනාවක හිටියා..සෙනලි කල්පනා කලේ උදේ මධුෂ මොනවද ඉල්ලන්න ගියේ කියලා..සමහරවිට කන දේවල් වෙන්න ඇති කියල  ඇයට හිතුනා.. ඒ  වෙලාවේදී  එතනට  සමීරත් එක්ක දිල්කි ආව.."ඒ අරූ පව්  යකෝ.., හෙන  අප්සට්  එකේ  ඉන්නේ..."  සමීර ගයාන් ගැන කියවන්න ගත්තා."මට   කරන්න දෙයක් නැහැ සමීර"  සෙනලි සමීරට  තේරුම් කරලා දුන්නා.." තව සැරයක් ඒ ගැන කල්පනා කරලා බලහන්.." සමීර  නහයෙන්  අඩන්න  ගත්තා.. " මට ගයාන් ගැන දුකයි.. ගයාන් මට ඇත්තටම  ආදරේනම්  ගයන් පව්.., සමහරවිට මධුෂ නොහිටියානම්  මම ගයාන් ගැන හිතාවි. ඒත් දැන් මට මධුෂ ඉන්නවා.. මධුෂ ගැන මේ දිල්කි  දන්නවා අහගනින්.." සෙනලි සමීර  ඉදිරියේ  කිවුවා.                                                                                
                                                                                                              සෙනලි සෙනසුරාද උපකාරක පන්ති ඉවරවෙලා බස් හෝල්ට් එකේ හිටියේ  දර්ශිත්  පාසලේ  තවත්  යෙහෙලියන්  කිහිප  දෙනෙකුත්  සමග.  සෙනලි ඇවිත් විනාඩි 10 ක් 15ක්  වෙන්න ඇති.මෙන්න සුපුරුදු රුවක්  බස්  හෝල්ට් එකේ.ගයාන් ඇත ඉදන් සෙනලි දිහාවම බලන් ඉන්නවා. සෙනලිට  බය හිතුනා.. තව පුංචි වෙලාවකින්  මධුෂත්  මෙතනටම  එනවා. ඒක අතකින් හොද  වගේම නරක වෙන්නත්  බැරි නැහැ කියල සෙනලිට හිතුනා.. හිතනකොටම  මධුෂ අනිත්  පැත්තෙන්  තමන් ලඟම. සෙනලිට  ගයාන්  ගැන මධුෂ එක්ක  කියන්න තරම්  වෙලාවකුත් නැති වුණා. එකපාරට ගයාන්  මෙතනට පැන්නොත්  මොකක් වෙයිද?" සෙනලිට  ඒ හැම  දේම  කල්පනා  වුනා... 
                                                               

댓글 32개:

  1. හා හා එක හිතත් තියාගෙන වැඩකරන්න ...

    답글삭제
  2. ම්ම්.... ඊළගට මක් වෙයිද.......?

    답글삭제
  3. අඩේ අඩේ දැන් නම් මේකේ හොද සීන් ටිකක් බලන්න පුළුවන් වගේ.

    답글삭제
    답글
    1. ඒක නොවෙන්නම්...හොද ඒවා ඉදිරියට..

      삭제
  4. නමටම ගැලපෙන කතාවක් ජය......

    답글삭제
    답글
    1. ස්තුතියි..ජය වේවා ඔබටත්..!

      삭제
  5. බොලං කථාව අද ඉවරවෙයි කියලා හිතාගෙන හිටියෙ... ඊළග කොටසේ ත්‍රාසජනක ජවනිකාවක් එන ලකුණු පේනවා... ඒකත් දාන්නකො බලන්න විගහට...

    답글삭제
    답글
    1. ඊලග කොටසින් ඉවර වේවි..බලමුකෝ එහෙනම්...

      삭제
  6. මට ටිකක් වෙලා ගියා මේ අයගේ නම් වෙන් කරලා හදනගන්න.

    එල ඈ

    답글삭제
    답글
    1. හා ඒ මොකෝ අප්පා...
      ස්තුතියි

      삭제
  7. ඔය අනුකම්පාව තමයි පස්සෙ නරකට හිටින්නෙ ඔන්න !

    답글삭제
  8. හොදම හරියෙන් නවත්තලා :((((

    답글삭제
  9. රෙහානි දැන් නම් කතාව නියම පිළිවෙලට ගලාගෙන යනවා.හොඳම තැනින් නවත්තලා තියෙනවා.බොහොම අපූරුයි.මේ විදියටම ඉදිරියට කතාව ගෙනියන්න නිරන්තර ගැටුම් ස්වභාවට රඳවාගන්න.

    답글삭제
    답글
    1. ස්තුතියි ගොඩක් ඔබේ අදහස්වලට...

      삭제
  10. කතාව නම් සුපිරියි. මේක ඉක්මන්ට ඉවර කරනවද?...අවසානය දැනගන්න ඕන. කුතුහලය අවුස්සනව වැඩියි.

    ඒත් ඇයි මේ ෂාහිඩ්ගෙ ෆොටෝම දාන්නෙ..මටත් තියෙන ප්‍රශ්න.

    답글삭제
    답글
    1. හය්යු..ඉවල කරනවා ඉක්මනින්..
      අදහස්වලට ස්තුතියි..
      ....................
      ෂාහිඩ් ගේ ෆොටෝස්නේ මුල ඉදලම යුස් කලේ..වෙනසක් කරන්න හිතුනේ නැහැ .ඒකයි

      삭제
  11. ඊ ළඟ කොටස නම් කියවන්නම වෙනවා..

    답글삭제
    답글
    1. ඔව් ඔව් කියවන්නම ඕන..නැත්තනම් දඩුවම් කරනවා..හි හි... :)

      삭제
  12. අයියෝ ......... මහගෙදර වගේ වෙයිද !

    답글삭제
    답글
    1. (ඉක්මනට ඉවර කරනෝ..)

      삭제
  13. අනික් ටික අමතක වෙන්න කලින් දාන්ඩෝ..!

    답글삭제
    답글
    1. ඇත්තටම මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුලයි..ඒකයි යාලුවන්ගේ බ්ලොග් කියවන්නවත් බැරි උනේ..
      ඉක්මනින් කතාව දාන්නම්...

      삭제
  14. මේකනම් ඇත්තම සීන් එකක්ද කොහෙද??
    එකයි මෙච්චර තාත්විකව ලියන්නේ;)

    답글삭제
    답글
    1. ෂා...කතාව එච්චර තාත්විකද..ස්තුතියි..

      삭제
  15. 작성자가 댓글을 삭제했습니다.

    답글삭제
  16. එන්න පරක්කු වුනානෙ. :(.
    ඊලඟ කොටස ඉක්මනට දාන්න.

    답글삭제
  17. බොහොම කුතුහලාත්මකයි. ඉතින් ඊළඟට????

    답글삭제