ආදරේ කියල කියන්නේ නිදහස නැති කරගන්න එකටද කියල සෙනලිට හිතුනා.. හැම වැඩක්ම කරද්දී මධුෂගෙන් අවසර ගන්න එක විහිළුවක් වගේ කියල සෙනලිට හිතුනා.. සමහරවිට " මම මධුෂගෙන් ට්‍රිප් එක යන්නද ඇහුවනම්..! එයා එපා කිවුවොත් මගේ සතුට පැත්තකින් තියන්න ඕන නේද " කියලත් සෙනලිට කල්පනා උනා... ආදරේ කියන අකුරු අතරේ එහෙම සීමා මායිම් තියනවා නේද කියල , ඒ සීමා මායිම් නිසා සතුටු වෙන්න පුළුවන්කම අඩුයි නේද කියලත් සෙනලි හිතුවා..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සෙනලි චාරිකාව යන්න සුදානම් උනේ ලොකු සතුටකින්.. චාරිකාවට දර්ශි එකතු උනේ නැති එක ගැනනම් සෙනලිට පොඩි කනගාටුවක් තිබුණ.. ඒත්..දිල්කි නිසා සෙනලිට දර්ශිගේ අඩුව දැනුනේ නැහැ..ඒ තරම් දුරට ආශ්‍රය කරලා තිබුනේ නැති උනත් දිල්කිත් සමග ගත වුන පළමු පැයේදී දෙකේදීම දිල්කි සෙනලිට ගොඩක් ලං වුණා.. දිල්කි සෙනලිව එයාගේ පැත්තට නම්මගත්තා.. පිටින් සුන්දර පෙනුමක් තිබුනට දිල්කිගේ ඇතුලේ තිබුනේ ගින්දර.. සෙනලිගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් සිද්දවුණා මේ චාරිකාවේදී.. ඒවාට ගොඩක්ම වග කියන්න ඕනේ දිල්කි.. සෙනලිගේ පාසල මිශ්‍ර පාසලක්. ඒ නිසා පිරිමි සහ ගැහැණු ළමයි දෙගොල්ලම ඉන්න නිසා චාරිකාව ගොඩක් රසවත් උනා.. චාරිකාව යන්න ඉස්කෝලෙන් සංවිධානය කරද්දී ගුරුවරුන්ට විශ්වාසී කියල කියන්න පුළුවන් ආදී ශිෂ්‍යයෝ දෙන්නෙක්ව චාරිකාවට සහභාගී කරවාගෙන තිබුණා.. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ගයාන්. ගයාන් සෙනලිව දැකපු මුල්ම වතාවේ ඉඳලම සෙනලි දිහාව උවමනාවට වඩා බලන බව සෙනලිට තේරුණා.. ඒත් සෙනලි නොදන්නා ගානට හිටියා.. සෙනලි දිඹුලාගල පන්සල නැග්ගේ දිල්කිත් එක්ක..ඒ වෙනකොට එකට බස් එකේ ආපු ඉස්කෝලේ සෙට් එක කණ්ඩායම් දෙක තුනකට වෙන් වෙලා.. සෙනලි දෙතුන් වරක් දැක්ක තමන්ගේ පිටිපස්සෙන්ම ගයාන්ලා එනවා. සෙනලි ඒ ගැනඑතරම් ගණන් නොගෙන අමාරුවෙන් ගල් පොත්ත දිගේ ඉහලට ගියා.. වාරු නොගෙන ඉහලට යන්න බැරි හැම අවස්ථාවකම දිල්කි සෙනලිට සහයෝගය දැක්වුවා.. සෙනලි පොඩ්ඩක් හිටහන්කෝ..! ඈතින් අසුන හඬ දිහා සෙනලි හැරිලා බැලුවා..
"මේ සමීර නේද?" අනික අර කොල්ලත් එක්ක.., සෙනලි හිතුවා.."ඇයි " අසන්නාක් මෙන් සෙනලි සමීර දිහාව බලන් හිටියා.,
මොකෝ බෙරිහන් දෙන්නේ? දිල්කි ඇහුවේ කෑගහල වගේ..
සමීර දුවගෙන වගේ දෙන්නා හිටපු තැනට ආවා.."පොඩි සීන් එකක් තියේ කියන්න.." සමීර ද ගල්පොත්ත නගිමින් කතාකලා... සෙනලි දැනගත්ත කියන්න යන්නේ ගයාන් ගැන බව..ඒත් සෙනලි වෙනසක් නොපෙන්වා හිටියා.. දැන් කියහන් තටමන්නැතුව මොකද්ද දාන්න ආපු ලෙඩේ?දිල්කි ඇහුවා..
අපේ සෙනලියගෙන් පොරක් අහන්න කිවුව බන්...
අඩේ කවූද බන් ඒ?
අය්යෝ මේ දිල්කිට කට පියන් ඉන්න බැහැ නේ.. සෙනලි හිතුවේ යටින් බනිනගමන්...
අර පිටිපස්සෙන් එන්නේ... සමීර දිල්කිට ගයාන්ව පෙන්නුවා..ඒත් සෙනලි නම් හැරිලාවත් බැලුවේ නැහැ..
උස කොල්ලද මිටි කොල්ලද..? දිල්කි ඇහුවේ හොඳහැටි හැරිලා විපරම් කරමින්..
මිටි පොර...
උබ බලල මොකටද ...දිල්කිට කියන ගමන්, "සෙනලි බලහන්කො පොඩ්ඩක්..".සමීර කියන දේවල් කනකටවත් නොගෙන යන සෙනලි ට සමීර කිවුවා.. මට ඕනි නැහැ බන්...අනික මට කොල්ලෙක් ඉන්නවා...
"හා...අපිවත් දන්නේ නැතුව උඹට කොල්ලෙක් ඉන්නවා..අනේ මේ නිකන් හිටහන් බන්.."සමීර සෙනලිගේ කතාව පිළිගත්තේ නැහැ..
ඉන්නවා තමයි බන්..නොහිටියත් මන් මේ ගල් ගෙම්බට කැමති නැහැ කියහන්.." සෙනලි හිතේ කේන්තියෙන් කිවුවා..
යකෝ ගයානය හොඳ එකා..! පොඩි කාලේ ඉඳලම අපිත් එක්ක එකට හිටියේ..අපි දන්නවනේ..ඔන්නොහෙ කැමතිවෙයන් බන්.."දැන් සමීර නහයෙන් අඩනවා ..
ගොඩක් දේවල් කියල සෙනලිව කැමති කරගන්න හිතුවත් එහෙම බැරි බව සමීරට අන්තිමේ තේරුනා.. දිල්කි සමීර ගිය වෙලේ ඉඳන් පටන් ගත්ත සෙනලිට බනින්න.දොස් කියන්න...
මොකද්ද හරකියේ ඒ කරපු වැඩේ..බලහන් ඇත්තටම ඌ හොඳ කොල්ලෙක් පාටයි..!
මොනවද ඔයා කියවන්නේ දිල්කි..මට මධුශ ඉන්න බව ඔයාට මතක නැද්ද..?සෙනලි පුදුමයෙන් වගේ ඇහුවා..
මධුෂ වගේද බලහන් මේ කොල්ල.. හෙන අහිංසකයි..පව් බන්..ඌ හෙන හොඳ පාටයි.."දිල්කි සෙනලිගේ හිත වෙනස් කරන්න ලොකු උත්සහයක් ගත්ත..
මෙතන ටිකක් ඉමු..!සෙනලි චෛත්‍ය රාජයා පෙනෙන මානයේ ටිකක් ගිමන් හැරියා.. ගයාන්ලා සෙනලිලව පහු කරගෙන චෛත්‍යට නැග්ගා..
ඒක සෙනලිගේ හිතට ලොකු සහනයක් වුණා .. "මන් මෙතන ඉන්නම් අපේ සෙට් එකේ එවුන් උඩ ඉන්නවනේ ඔයා ගිහින් එන්න දිල්කි..මට බැහැ.." සෙනලි යන්නට අදි මදි කළේ හේතු 2 ක් නිසා.. එකක් ගයාන්..අනික සුළඟට අකීකරු ඇයගේ ගවුම..!

එහෙම ටිකක් වෙලා හිටපු සෙනලි ඉන්න පැත්තට පිරිමි ළමයෙක් එනවා ඇය දැක්කා.. මේ ගයාන් නේද?..." සෙනලි ඔහුව අදුනගත්තා..එත් ඇය නොහඳුනන ගානට හිටියා...
ඔයාට සමීර දෙයක් කිවුවද?" ගයාන් ඇහුවේ ලැජ්ජවෙන්දෝ කියල සෙනලිට හිතුනා..
ඔයාට සමීර දෙයක් කිවුවද?" ගයාන් ඇහුවේ ලැජ්ජවෙන්දෝ කියල සෙනලිට හිතුනා..
ප.ලි_ =ඉතුරු ටික පස්සේ දාන්නම්ලා හය්යු...මේ දවස්වල රෙහානිව පොඩ්ඩක් කාර්යබහුලවෙලා ඒකයි...
ප.ප.ලි. =ඔබේ අවධානයට යොමු විය යුතුම කරුණකි මේ..ඔබත් යහපත් සිතක් ඇත්තෙක් නම් මේ සත්කාර්යයට දායක වන්න.. මාලි වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න කාරුණික වෙන්න..මුලින්ම මේ පොස්ටුව බලන්න...මාලි වෙනුවෙන් අත්සන් කරන්න මෙතනින් යන්න..
පස්සේ ලියන්නකෝ එහෙනම් හය්යු:)
ReplyDeleteහා හය්යු.. :D
Deleteදිල්කි හරි යාලුවෙක් නේද..?
ReplyDeleteහරි යාලුවෙක් නෙවී අලී වැරදි යාලුවෙක්..!
Delete:D :D
කතාව ලස්සනට ගලනවා යාලු. මරු. මරු. ඉතිරියත් ඉක්මණට ලියන්නකෝ.
ReplyDeleteස්තුතියි යාලු ...දිගටම බලමුකෝ එහෙනම්..
Deleteඑල එල ඉක්මනට දාන්න :)
ReplyDeleteස්තුතියි මඩයෝ ඉක්මනට දාන්නම්..
Deleteහ්ම්ම්ම්.... කතාවේ ඉතුරැ ටිකත් කිවලාව වැඩි යමක් කියන්නම් :))))
ReplyDeleteහාකෝ එහෙනම්..
Delete:)
ඉක්මනට ලියන්න හයියූ
ReplyDeleteහා හය්යු...වැඩේ ඉතින් වෙලාව තමයි හය්යු...
Delete:(
errrrrrrrrrrr!
ReplyDeleteහැමදාම හොඳම තැනින් නවත්තන්නේ!:-/
හය්යු..ඒක තමයි...
Delete:)
කොටසින් කොටස ඉදිරියට යනකොට සමහර අයගෙ කථා කියවන්නනීරස වෙනවා.. ඒ සිද්ධි ගොඩනැගීමේදී සිදුවන වැරදි නිසා...එහෙත් ඔබේ මේ කථාව හැමදාම නැවුම් ස්භාවයකින් කියවන අයට ඉදිරිපත් වෙනවා... සිද්ධි සහ චරිත ඉතා හොදින් ඉදිරිපත් කිරීම එයට හේතුව කියලයි මට හිතෙන්නෙ...
ReplyDeleteමාලිගේ සත්කාර්යයට දායක වීම සහ එහි සබැදියක් මෙහි පලකිරීමෙන් ලබා දුන් සහාය පිළිබද මම අනේක වාරයක් ඔබට ස්තූතිවන්ත වෙමි. ජය !
ඔබේ අගය කිරීමට ගෝඩක් ස්තුතියි සිරා...!එය මට නිතර ශක්තියක්..
Delete..............................
මාලි පිළිඹදව මට ඇතිවූ කනගාටුව කියා නිම කරන්නට බැහැ.. මට පුළුවන් උපකාරය ඇයට කළා.."එය අපගේ යුතුකමක් ලෙස මට හැගිණ.."
ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩෝ......
ReplyDelete"මේ දවස් වල රෙහානි පොඩ්ඩක් කාර්යබහුල වෙලා"
එහෙම නැත්නම් මේ දවස් වල රෙහානි පොඩ්ඩක් කම්මැලි වෙලා ද?
ඉක්මනට දාන්නම්කො...
Delete.............................
අලී අපි කම්මැලි නැහැ..අපි ඔඳ ළමයි...
:D
එකක කොටසෙ ඉදන් කියවල ආයෙ ඇවිත් කමෙන්ට් එකක් දාන්නම් යාළු....
ReplyDeleteහා සිත්තමි කියවලම අදහසක් දෙන්නකෝ...
Delete:)
රෙහානී කතාව ගලා යන ආකාරය හොඳයි. ඔය විදියටම යමු.
ReplyDeleteනියමයි. :) :) :) :) :)
ReplyDeleteඅනේ ඉතිරියත් ඉක්මනට දාන්නකෝ.
අයියෝ රෙහනියෝ දුක හිතෙන අවසානයක් නම් එපා හරිද?
ReplyDeleteලස්සන කතාවක්..ඉතුරු ටික කියවන්නැතුව මොකුත් කියන්න බැහැනේ..
ReplyDeleteහයියූ.............ඉක්මනට අප්පා....)
ReplyDeleteපව් අප්පා අර කොල්ලා... ඉතිරියත් ලියන්ටකෝ ඉක්මනට...
ReplyDeleteමාලි ගැන නම් මාත් පෝස්ටුවකුත් දැම්මා... අත්සනුත් කළානේ...
නියමයි.දිගටම ලියන්න.හැබැයි දිගටම කිව්වට මෙගා වෙන්න නම් බෑ ඔන්න.ජය!!!
ReplyDeleteඈ බං.. මේක ලියල තියලා කොහෙද ගියේ...:) බොලොග්ගේ අමතක වෙලාද.??
ReplyDelete