ලා දම් අහසට පායන උදවිය ..

Monday, October 22, 2012

මා සිතට අහම්බෙන්.. (අවසන් කොටස..)



     
1      2       3       4     කොටස් වලට යන්න...

                                                                                                                                                        මධුෂගේ මුණේ ලොකු වෙනසක් තියනවා සෙනලි දැක්ක..මධුෂ ආවේ  වෙනද වගේ හිනාවෙන් මුණ  පුරෝගෙන  නෙවෙයි. මධුෂගේ  ඇස්වල  තියන  ආදරේ ටත් වෙනදට  මුණේ තියන   අහිංසකකමටත්  මොනවදෝ   වෙලා  කියල  සෙනලිට  හිතුනා..                                                                                                                                                 මධුෂ තමන් ලගට එනකන් සෙනලි බලාගෙන හිටියත් මධුෂ සෙනලි ලගට ආවේ නැහැ.. සෙනලි  දිහා  බැලුවෙත්  එකම  එක  පාරයි.. මධුෂ  තරිදුත් එක්ක කෙලින්ම ගියේ  හෝල්ට්  එකේ  නවත්තල  තිබුන  ගමේ   බස් එක  ඇතුලට. වෙලා තියෙන්නේ  මොකද්ද  කියල  කිසිම දෙයක්  නොදන්න  සෙනලිගේ ඇස් වලින්  කඳුළු බේරුනා.. " අනේ දර්ශි ඇයි මධුෂ එහෙම යන්න ගියේ..?:" සෙනලි ඇස් වල කඳුළු පිහින ගමන් ඇහුවා.." පොඩ්ඩක්  ඉදහන් මන් අහල එන්න.., දර්ශි  කේන්තියෙන්  කිවුවා..  
                                                                                                             ඒත් එක්කම ගයාන් එහා හෝල්ට් එකේ ඉදන් බලාගෙන ඉන්නවා.නමුත් සෙනලි ලගට ගයාන් ආවේ නැහැ. බලාගෙන ඉන්නවා විතරයි. සෙනලිට  කිසි  දෙයක් හිතාගන්න  බැහැ..දර්ශි බස් එකට ගොඩ  වෙද්දීම  තරිදු  දර්ශිට   ඔරවල  අහක බලා ගත්තා."මොකද බන් ඔරවන්නේ?,   උඹල  දෙන්නට  අද මොන යකා ගහලද ?අරකි  අරෙහෙන්  බයවෙලා..." දර්ශි  මධුෂගෙයි  තරිදුගෙයි හදිස්සි  විපර්යාසයට හේතුව  ඇහුවා.                     
                                                                                                              ඇයි අර ඇවිල්ල ඉන්නේ කෑල්ල...මු මොකටද නිකන් පච වෙන්නේ කතාකරන්න ගිහින්..!  තරිඳු ශටර් එකෙන් එපිට පෙන්නලා කිවුවා.. "එතන ඉන්නේ ගයාන්නේ  .., මුන් කොහොමද  ගයාන් ගැන දන්නේ. ඒ කියන්නේ  මෙකි මටත් බබා පාට්  දාල ගයන්ට කැමතිවත්  වෙලාද?  " දර්ශි  කල්පනා කළා..                                                                           
                                                                                                               යකෝ උඹට ඒ කොල්ල ගැන කියන්න තමයි අද හිටියේ.."දර්ශි මධුෂට කිවුවා..                                                                                                                                 
                                                                                                               අහ්.. හා අද  කියන්නද හිටියේ ..ඇයි දන්නේ නැහැ අද කියන්න හිටියේ..! ට්‍රිප් එක ගිහින් ආව ගමන් කියන්න තිබුනනේ..!මධුෂ නිකන් උපහාසෙට වගේ කතාකරේ...                                                                                 
                                                                                                               "මේ මධුෂය නිකන් මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව හිටහන්.., ගිහින්  අරකි එක්ක  කතාකරලා තියන  ප්‍රශ්නයක් විසදගනින්.."දර්ශි කේන්තියෙන්  කිවුවා.මධුෂ  ලොකු කේන්තියකින්  ඉන්න බව දර්ශිට තේරුණා.                                                                                            
                                                                                                               "මොකක් හරි ලොකු දෙයක් වෙලා...මධුෂය පුපුර පුපුර ඉන්නේ.."දර්ශි කිවුවම සෙනලිගේ කඳුළු අලුත් උනා..                                                                                                 
                                                                                                               "මොනවද එයා කියන්නේ දර්ශි.." සෙනලි ඇහුවා...                                 හරියට දෙයක්  කියන්නේ  නැහැ බන්..හැබැයි  ගයානයව පෙන්නලා කිවුවා " අර ඇවිල්ල  ඉන්නේ  කෑල්ල කියලා..."මන් කිවුවා උඹ අද කියන්න  හිටියේ ඌ ගැන  කියලා...එතකොට කිවුවා දැන්ද  කියන්න  හදන්නේ   කියලා.. අනේ මන්ද  බන් මේවා.. දර්ශි  කියෝගෙන  ගියා...                                                                                                 
                                                                                                              සෙනලි බස් එක ඇතුලට  ගියා..."තරිදු මදුෂත්  එක්ක වාඩිවෙලා හිටියේ.. මධුෂ අහක  බලාගත්තා.."තරිදු පොඩ්ඩක් අහකට  වෙන්න.."සෙනලි කිවුවහම  තරිදු කේන්තියෙන් නැගිටලා ගියා...                                       
සෙනලි මධුෂ  ලඟින් වාඩි වුණා.."ඇයි මේ?"  සෙනලි ඇහුවා...මධුෂ කතා කරේ නැහැ.."කියන්නකෝ ඇයි ඔහොම ඉන්නේ කියලා..., මධුෂ නිහඬව ඉන්න නිසා  සෙනලි ආයෙම ඇහුවා.." මට ඔයත් එක්ක  කතා කරන්න දෙයක් නැහැ  සෙනලි..ඔයා යන්න  මට පව් නොදී  මෙතනින්.." මධුෂ කිවුවේ කෙන්තියකින්ද  දුකකින්ද කියලා  සෙනලිට තේරුනේ  නැහැ...   
                                                                                                              "වෙලා තියන දේ මට කියන්න..,දර්ශි මට කිවුවා ගයාන් ගැන ප්‍රශ්නයක් නේද...?අර ගයානුත්  ස්ටෑන්ඩ්  එකේ ඉන්නේ... අපි එන්න කියමු ගයාන්ට... විසදගමු මේක...ඉස්සෙල්ලම  ඔයාගේ ප්‍රශ්නේ මට කියලා ඉන්නකෝ..." සෙනලි කිවුවා                                                               
                                                                                                              මන් කිවුවේ  මට කතාකරන්න දෙයක් නැහැ කියලා...ඇයි තේරෙන්නේ නැත්තේ?ඔයා යන්නේ නැත්නම් මන් යන්නද මෙතනින්..!මධුෂ සෙනලිට සැරෙන්ම කිවුවා...ඒ වතාවේ සෙනලි බස් එකෙන් බැස්සා...ඒ වෙද්දී බස් එක පුරෝලා සෙනග ..ඒ වගේම සෙනලිගේ ඇස්වල කඳුළුත් පිරිලා ..ගයාන් එහා පැත්තේ හෝල්ට් එකේ ඉදන් මේ දේවල් දිහා බලන් හිටියා..සෙනලිට පුදුමයි... මේ සිද්දවෙන දේවල් වලට ගයාන් වග කියන්න  ඕන බව නම් සෙනලි දැනගෙන හිටියා..බස් එක  අද්දල යන්න ගියා..සෙනලිට දැනුනේ හදවත කඩාගෙන බිමට දැන් වැටෙයි කියලා වගේ හැගීමක් ..සෙනලි දර්ශිත් එක්ක වැඩිය කවුරුත් නැති තේ කඩයක් බලල ඇතුළු වුණා...ගිහින් ඇති තරම් ඇඩුවා...දර්ශි හිත හදන්න ගියේ නැහැ..එහෙම කලානම් සෙනලිට තව දුක වැඩි නේද කියලා දර්ශි හිතුවා..දර්ශිත්  කල්පනා කලේ මධුෂට  එයාගේ ප්‍රශ්නෙවත් අඩුම ගානේ හරියට සෙනලිට කියන්න තිබුන නේද කියලා..මේ ප්‍රශ්නෙට කරන්න පුළුවන් හොඳම දේ තරිදුව තනියම හමුවෙලා විස්තර දැනගන්න එක කියලා හිතුව දර්ශි එහෙම කරන්න තීරණය කරගත්තා...  සෙනලිගේ  හැඬුම්  නතර කරගෙන ඊලග  බස් එකේ දර්ශි  සෙනලිවත් අරන් ගෙදර ආවා...                                                                                                 
                                                                                                                 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~                       
                                                                                                              "උඹ ඇයි ඊයේ ඉස්කෝලේ ආවේ නැත්තේ?" දර්ශි  සෙනලිගෙන්  ඇහුවා...  සෙනලි පිළිතුරු   දුන්නේ  නැහැ... " උඹ ඊයේ ආපු  නැති එක මට හොඳට ගියා... මට තරියව තනියම අල්ලගන්න  පුළුවන් උනා  .. මන් තරියගෙන් වෙලා තියන දේ දැනගත්තා.. දර්ශි කිවුවා.. 
                                                                                                             ඒ මොකද්ද? සෙනලි නොඉවසිල්ලෙන් ඇහුවා.."ගයාන්ලා මහා  කැත  වැඩක්   කරලා සෙනලි,මධුෂට කියලා උඹ ගයාන්ට කැමති උනා..ඒ නිසා මධුෂට වෙන අතක් බලාගන්න  කිවුවා  කියලා..."දර්ශි කිවුවා... "ඉතින් මධුෂ  හරි කෙනෙක්නෙ ..කව්රුවත් දෙයක් කිවුව පලියට එහෙම  පිළිගන්නවද?  සෙනලි කිවුවේ ලොකු හිතේ දුකකින්.. "එක්කෝ එයාට  තිබුනා  ඒක ගයානුයි මායි දෙන්නම  ඉන්න තැන අහන්න.. ඒ මුකුත් නැතුව එයා තීරණයකුත්  අරන්.. මාරයි..."සෙනලි කියෝගෙන ගියා..      
                                                                                                               එහෙම වෙලා තියෙන්නේ දිල්කි නිසා බන්..දිල්කි කියලා ට්‍රිප් එක ගිහින් උඹ ගයාන් එක්ක හෙන ෆිට් එකේ හිටියා කියලා.. දිල්කි හොඳට  කරකවල  දීල තියනව මධුෂයට..  ගයාන්ලත් දිල්කි  කියපු දේවල් ඇත්ත  ගානට  කතා කරලා.. ඒකයි එහෙම වෙලා තියෙන්නේ.. මධුෂලගේ  ඉස්කෝලෙනුත්  ඊයේ ට්‍රිප් එකක් ගිහින්,  මධුෂයත්  ගියා කියලා තමයි  ආරංචි.. "දර්ශි  කියන දේවල් නිහඩවම  සෙනලි අහන් හිටියා.. සෙනලිට දුකයි... සෙනලි මධුෂට ට්‍රිප් එක  යන බව කිවුවම මධුෂගෙන් යන්නද  ඇහුවේ නැහැ කියලා දොස්  කිවුව..ඒත් මදුෂ ඊයේ නොකියම  ට්‍රිප් එකක් ගිහින්.. ඒ නිසා වෙන්න ඇති  උදේ බස් එකේ මධුෂ  නොහිටියේ  කියලා සෙනලි හිතුවා..                                         ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~            
                                                                                                              සෙනලිගේ ආදර කතාවට  එහෙම වෙයි කියලා සෙනලි හිතුවේ නැහැ..සෙනලි සතියක් තිස්සේ මධුෂව  හමුවෙන්න  ලොකු උත්සහයක් ගත්තත් ඒක ව්‍යර්ථ වෙලා ගියා.. ඒත්...ඒ කාල  සීමාව  තුල  මධුෂ  කොයිතරම්  වෙනස් වෙලාද  කියලා  යාලුවන්ගෙන් සෙනලිට ආරංචි   වුනා... කොටින්ම මධුෂ අලුත් ආදර  කතාවකට  මුල  පුරලා  තිබුනා.. සතියක් වැනි කෙටි කාලයක්  තුල  සෙනලිව   අමතක  කරලා අලුත් ආදරයකුත් තමන්ගේ ජීවිතය ට  මධුෂ කොහෝම  ලං කරගත්තද කියලා  සෙනලිට හිතුනා..සෙනලි මධුෂව හමුවෙන්න උතසහ කළා...ඒ..තමන්ට එහෙම කලේ ඇයි,කොහොමද කියලා දැනගන්න.. ඒ වගේම මධුෂගේ අලුත් ජීවිතය ට පැතුම් පතන්න..නමුත් මධුෂ  ආයේ   කවදාවත්  ම  සෙනලි ඉදිවී  කියලා හිතෙන බස් හෝල්ට් එකක වත් හිටියේ නැහැ සෙනලිට දකින්න..                          
                                                                                                                                                                
මධුෂ සෙනලිට  ඇත්තටම ආදරය නොකරන්නට ඇති යැයි සෙනලිට   හැඟුනා .. අමරුවෙන්  හෝ  මධුෂගේ  ලෝකයෙන්  ඈත් වන්නට  සෙනලි  හිත හදාගත්තා... සමහර විට මධුෂ සෙනලිට ආදරය  කරන කාලයේම  තවත් සම්බන්දතා  තිබුනා  වෙන්නට  ඇති.. 
                                                                
                                                 

                                              

23 comments:

  1. ම්‍ම්‍ ‍හි‍තු‍වෙ ‍නැ‍ති ‍වි‍ඩි‍ය‍ට ‍ඉ‍ව‍ර ‍වු‍නේ. ‍ක‍තා‍ව ‍ලස්‍‍ස‍න‍යි. ‍ඒත්‍ ‍ම‍ට ‍හි‍තෙ‍න‍ව ‍‍ත‍ව ‍ටි‍කක්‍ ‍ඩි‍ග ‍වු‍නා ‍නම්‍ ‍හො‍ද‍යි ‍කි‍ය‍ල. ‍කම්‍‍ම‍ලි ‍ක‍ම‍ට ‍හො‍ර‍ට ‍ඉ‍ව‍ර ‍ක‍ර‍ල ‍ව‍ගේ........ ‍ජ‍ය ‍වෙ‍වා ‍යා‍ලු

    ReplyDelete
    Replies
    1. අනේ හොරට ඉවර කරේ නැහැ අප්පා...ඉවර වෙන්න තිබුන විදිහ ඕක තමයි..දෛවය..! ඉතින් මන් මක් කොරන්නෙයි..!

      Delete
  2. හ්ම්ම්ම් නවකතා කාරිනියක් විදියට ඔබට හොඳ අනාගතයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට..! ස්තුතියි අදහසට යාලු..

      Delete
  3. නිමා නොවුනු නිමාවක් වගේ..!

    ReplyDelete
    Replies
    1. සෙනලිගේ ජීවිතේට නේද?
      :)

      Delete
  4. අද ආවේ.දැන් බලන්න වෙන්නෙ නැ අනිත් ඒවා.ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ..දිගටම එන්නකෝ මාව කියවන්න, ආවට ස්තුතියි...යාලු..

      Delete
  5. හිතපු නැති විදියට අන්තිම ඡේදෙන් බුක් ගාලා ඉවර කරලා. ඉස්සරහට තව කතා එන්න තියනව ඇති මං හිතන්නෙ. ජය.

    ReplyDelete
    Replies
    1. හි හි..ඉවර වෙද්දීන් බුක් ගාල සද්දයක් ආවද?(විහිලු)
      ........................
      හෆොයි..කතා ලියන්න කම්මැලි උනා මේ කතාවෙන්ම...බලමුකෝ නේ?
      ජය...

      Delete
  6. හයියෝ ඛේදනීය නිමාවක්... මම නම් බලාපොරොත්තු වුනේ සතුටුදායක අවසානයක්... මගේ යාලුවෙකුටත් ඔය විදියෙම වැඩක් වුනා... යාලුවා එක්ක ගෑල්ළමෙක් යාලු උනාට පස්සෙ එයාගෙ පරණ පෙම්වතෙක් අයිතිවාසිකම් කියන්න ආවා... අපි කලේ තුන්දෙනාම එකම තැනකට ගෙනල්ලා ගෑල්ළමයගෙන් ඇහුවා ඔයා කාටද කැමති කියලා... එයා අපේ එකා තෝරගත්තට පස්සෙ අනිත් කොල්ලා බොහොම පසුතැවිල්ලෙන් ගිය හැටි මට අද වගේ මතකයි...

    ReplyDelete
    Replies
    1. හය්යෝ..සතුටුදායක අවසානයකට අපිත් ආසයි අප්පා..ඉතින් මොකෝ කරන්නේ ..:/ වෙන්ට තිබුන දේ තමා වුනේ..
      .............
      හි හි...කොහොම හරි ඔයාලගේ බෝයිට කෙල්ලව කැමති කරවගත්ත නේ?හලේ හලේ... :D

      Delete
  7. අහෝ දුකකි ඉරකි තිතකි :(
    [ඔන්න බැලුව. දඬුවම් කරන්න එහෙම ඔට්ටු නෑ දැන්. :)]

    ReplyDelete
    Replies
    1. අලි අලි..ඔන්න...........
      තුති මාව කියවනවට්..!

      Delete
  8. ලස්සන කාතාවක දුක්බර අවසානය අයෙත් අලුත් එකක් ලියමු නේ.. අපි බලන් ඉන්නවා ඉලග එකත් කියවන්න... :D

    ReplyDelete
    Replies
    1. හය්යු...ආයෙත් කතාවක් ! කම්මැලි හෆ්ෆා...කොටන්ට ...
      අදහසට ස්තුතියි යාලු ..

      Delete
  9. මේ හලෝ..විරුද්ධයි මං කැමති කතාව ඉවර කලාට ඉක්මනින්..කොහොම උනත් ලියමු අලුත් දෙයක්.. :)
    වෙනස් දෙයක්.. හොඳ දෙයක්..:)
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. හය්යු...ඉතින් මොකෝ කරන්නේ! දැන් කතාව ඉවලයිනේ... ......................
      ......................
      ලියමුකො අලුත් එකක්...!
      ස්තුතියි හිරු ඔයාගේ අදහස්වලට..

      Delete
  10. අගේට කතාව ගොඩනැගුවා. ලස්සනට ඇදගෙන ගියා. සුදුසුම තැනදි අවසන් කළා. ඒ කියන්නේ හොඳ දෙයක් පැත්තට අත තියන්න හැකියාව තියනවා.තව පොඩි උත්සාහයක් දෙකක් මේ විදියට අරගෙන හරවත් යමක් කරන්න හිතට ගන්න. ඔබට හැකියාව තිබෙනවා..සුබ ගමනකට ආසිරි මගෙන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු ඔයාගේ අදහස් මට ලොකු ශක්තියක්..! තව කෙටි කතාවක් ලියන්න අදහසක් තියනවා,ඉදිරියේදී බලමු එයත්.. ස්තුතියි ඔබට,ජය..!!!!!

      Delete
  11. නව කථාවක් ලියන්න වාසනාව ලැබේවා!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැනටමත් නව කතාවක් මම ලියල තියෙන්නේ,පල කලේ නම් නැහැ තවම ..පල කරනවද නැද්ද කියල දෙගෙඩි යාවකින් ඉන්නේ.. ස්තුතියි ඔබට!

      Delete
  12. කතාව ඉවරකල විදිහ හොඳයි. යමක් හිතන්න ඉතිරි වෙනවා.
    එකිනෙකා හරියට තේරුම් නොගන්න හැඟීම් මත ගොඩනැගෙන ආදර සම්බන්ධ ඔහොම තමයි.

    ReplyDelete