ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, September 5, 2012

ඔබේ හිත හිස් අහසක් -මගේ හිත කවි දහසක්..

2012.08 .31 ......හරියටම පෝය දවස.වෙලාව හවස 5 යි.රෙහානි නා  කියාගෙන     සුදු  වතින්  සැරසුණා..    දෝනි පොඩ්ඩිත්   (පොඩ්ඩි කිවුවට මේ පාර ඕලෙවල් ..හරි පොඩි නේද..) ලෑස්ති කරගෙන ,මල් තෙල් හඳුන්කුරු අරගෙන  ඔන්න පන්සලට ගියා..මල් පුජකරල ඉවරවෙලා   වැලි   මළුවේ  ඇවිදගෙන  ආපු  රෙහානිගේ    ඇස්  වලට  දුටු  දේ  අදහගන්න  බැරුව ගියා.. දෙවියනේ  මේ ශ්‍යාමි  නේද?                                                                                                                     ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~          ඩෝන් පටෝල් ...............ඩෝන් පටෝල්........                                                                                                                                                                                           තැනින් තැන රතිඥ්ඥ පුපුරන හඬ විටින් විට ඇහෙනවා                                                                                                                                              
කැලණිවැලි  එක්සත්  මහා බක්මහ උළෙල..තව සුළු  මොහොතකින්.. පැරණි දුම්රිය පොළ අසලදී.. ආරම්භ    කිරීමට  සියලු කටයුතු  සුදානම්.. ඔබත් එන්න  විනෝද වෙන්න.. මේ බක්මහේ  අසිරිය  බලන්න..                                                                                                               නිවාස ඉදිරිපිට කෑගසන  යකඩ කට දිහා ශ්‍යාමි  ජනේලයෙන් එබිලා බැලුවේ  නිකමට  වගේ.. යකඩ කට අරගෙන  යන  පුංචි  ට්‍රක්  රථය   පිටු  පස     කොලු   කුරුට්ටන්   නැගල   යන්නේ  පුදුම  ආසාවකින්  නේද   කියල   ශ්‍යාමිට හිතුනා.                                                                                                                                                                                                                                                                                                                               අම්මා..අපි යමුකෝ..ගම හරහා දුවවන එක තමයි මුලින්ම තියෙන්නේ.. තරඟ  පටන්ගන්න කලින් සුදානම් වෙලා ඉන්න එක හොඳයිනේ.." ශ්‍යාමි කිවුවේ තරඟ වලට  අදින  කොට ටයිට්  කලිස මයි ටී ෂර්ට්  එකයි  බෑගයකට   දාගන්න  ගමන්. .කැලණිවැලි දුම්රිය පොළ  ලඟට   ශ්‍යාමිලගේ    ගෙදර  ඉඳන්   මහා  ලොකු  දුරක්  තිබුනේ  නැහැ. අය්යල  දෙන්නයි   අම්මයි  එක්ක ත්‍රී  රෝද රථයට නැගිලා  ඉක්මනින්  දුම්රියපොළ   ලඟට ආව.                                                                                                                                                  
ඔන්න නංගි වෙනද වගේම මේ අව්රුද්දෙත් කප් එක ගහන්න ඕනි නංගි තමයි..     "එහෙම කිවුවේ ශ්යාමිගේ පොඩි අය්යා.  
 ශ්‍යාමි  අහිංසක  විදිහට හිනා උනා විතරයි  .
                                                              
අපිත් නංගිත් එක්කම වීල්  එකේ එනවනේ..අපේ සප් එක ඉහලින්ම දෙනවා.."නේද චුටි මල්ලි...?ඒ ශ්‍යාමිගේ ලොකු අය්යා.
                                                                                                             
ශ්‍යාමිගේ අම්මා දෙනෙත් දල්වාගෙන බලාගෙන උන්න. ශ්‍යාමිගේ  අම්මා දන්නවා වෙනද  වගේම  අදත්  ශ්‍යාමි   දිනනවා කියල. ඔව් .. ඒ අවස්ථාවේදී ඈතින්  යකඩ කට කියනවා..  "අපේ සුපුරුදු  බලාපොරොත්තුව.. ශ්‍යාමි අදත්   ඉදිරියෙන්ම  තමන්ගේ  අනන්‍යතාවය  රැකගනිමින්..."  
ශ්‍යාමිගේ  අම්මගේ ඇස්වල කඳුළු..වෙනදාමෙන්   


සතුටක්  ඇයට දැනුණා..ඇයට තම දියණිය පිලිබඳ තිබුනේ  නිහතමානී ආඩම්බරයක්.. 

                                                                                                              ශ්‍යාමි දින්නා..ඔව් වෙනද වගේම..!ශ්‍යාමිට තිබුනේ ලොකු සතුටක්..        ශ්‍යාමිගේ දිනුම ළඟ පව්ලේ කට්ටිය  හැරුනහම සතුටුවෙන්න තව කෙනෙක් හිටියා..ඒ තමයි දිනුක. දිනුක ශ්‍යාමි ආදරය කරන කෙනා. දිනුකට   ශ්‍යාමි මුණගැහෙන්නේ  ශ්‍යාමිගේ ගමේදී මයි.ඒ ශ්‍යාමි  උපකාරක   පන්ති යන  අවස්ථාවකදී.දිනුක වැඩට ගියේ ශ්‍යාමිගේ ගේ ඉස්සරහින්  නිසා දෙන්න  උදේ හවස  හැමදාම  දකිනවා.කතා කරනවා ..ශ්‍යාමි ඒ  දිනවල උ.පෙ.  විභාගයට පන්ති  යනවා. පළමු  වතාවේ   ලොකු රිසාට්  එකක්  නැති උන නිසා මේක ශ්‍යාමිගේ  දෙවන  උත්සාහය උනා.. 
                                                                                                                   **********************************************                       මුළු ලෝකෙටම  එලිය දීගෙන  හිරු ඇහැරෙන වෙලාවේ,ශ්‍යාමි උන්නේ නිදාගෙන."හැමදාම උදේට  මල් කඩලා පහන  තියන ළමයා තවමත් නිදි.." ශ්‍යාමිගේ   අම්ම එහෙම  හිතමින්ම  ශ්‍යාමිගේ කාමරේට එබුණා. "පුතේ ඔයා  තවම නිදිද?දැන් එළිවෙලා  ළමයෝ නැගිටින්න.."ශ්‍යාමිගේ අම්ම   කිවුවේ   ජනෙල්   ඇරලා  තිරය  එහාට  කරන  ගමන්. ම්හ්..එත්  නැහැ  කිසිම  හැල හොල්මනක්..                                                           
                                                                                                             පුතේ  ඇයි.? ශ්‍යාමිගේ  අම්ම  නිකමට   වගේ ශ්‍යාමිගේ  නළලට  අත  තියලා    බලන  ගමන්  ඇහුවා.. " දෙය්යනේ..  ගිනි  කබල  වගේ  රත්වෙලා .."  ශ්‍යාමිගේ  අම්මට  හීල්ලුනා.            
                                                                                                            
ලොකු පුතේ..ලොකු පුතේ.."ශ්‍යාමිගේ අම්ම කතාකලේ  කලබලයෙන්  .. ශ්‍යාමිව ඉක්මනට ත්‍රී විල් එකට දාගෙන රත්නපුර මහා රෝහලට අරන් ගියා. එහිදී වෛද්‍යවරු කිවුවේ ශ්‍යාමිට තියෙන්නේ සාමාන්‍ය උණක් හැදිලා කියල..සති ගානක් ගියා, නමුත් ශ්‍යාමි එන්න එන්නම දුර්වල උණා.හරියට  කෑමක් බීමක් නැහැ. උණ තත්ත්වය  නිතර වෙනස් වෙන සුළුයි.ශ්‍යාමි සමහර වෙලාවට උණ විකාරයෙන් කියවන්න ගත්තා.සමහර වෙලාවල්  වලදී ශ්‍යාමිගේ  තත්ත්වය  හොඳටම  දරුණු උණා. කෑම බීම  නැතිව දුර්වල  උන ශ්‍යාමිගේ   ශරීරය   සේලයින්වල   පිහිටෙන්  ජීවත්  වෙන්න ගත්තා.. ශ්‍යාමි දැන් කාවවත් අඳුරන්නෙත් නැහැ. අඩුම තරමේ එයාව බිහි  කරපු අම්මව වත්  අදුනගන්න එයාට  හැකියාවක් නැහැ. ශරීරය  විතරක් නෙවෙයි.. එයාගේ ස්නායු දුර්වල වෙලා,එයාගේ මානසිකත්වය  දුර්වල වෙලා.ශ්‍යාමිගේ  උදව්වට දැන්  අනිවාර්යෙන්ම තව කෙනෙක් ඉන්න ඕනෑමයි.                                                                        
                                                                                                                
"ඩොක්ටර් ..ප්ලීස් අපිට කියන්න අපේ දුවට තියන අමාරුව  මොකක්ද කියල..,අපට ඕනෑම  දෙයක් දරාගන්න පුළුවනි ඩොක්ටර්..මගේ මහත්තය අන්තිම  හුස්ම හෙලන  වෙලාවේ මන් තනියම මේ වගේ හොස්පිටල් එකක හැමදේම දරාගත්ත.ප්ලීස් ඩොක්ටර් මට කියන්න.."ශ්‍යාමිගේ  අම්ම හඬා වැටුනේ මේ ගැන යමක් හරියටම වෛද්‍යවරු ප්‍රකාශ නොකරන නිසා. නමුත් වෛද්‍යවරු කිසවක් හරියාකාරව  පැවසුවේ නැහැ.පළමු වත් සාමාන්‍ය උණක් ගැන ප්‍රකාශ කලත්  පසුව ශ්‍යාමිගේ ඇඟට  විසබීජයක් ඇතුල් වී ඇති බව පැවසුවා.පෙර මෙන්  උණ නැති  නමුත්  ශ්‍යාමි තවමත් අවසිහියෙන්..     ශ්‍යාමි මාස ගණනක් රෝහල්ගතව සිටියා.දිනුක ශ්‍යාමිව බලන්න ගියේ දෙවතාවක් හෝ තුන් වතාවක්.ශ්‍යාමිගේ දුර්වල වී ඇට  පෑදුන  සිරුර  දුටු   දිනුකට  තවත්  ඇයගේ රුව දැකීම  ප්‍රිය මනාප  නොවන්නට  ඇති.                                                                                                                                                                                                                    
                                                                                                                   ශ්‍යාමි එක  අවස්ථාවක    යමකට බය වුවා සේ  සේලයින් බට ඇදගෙන  ඇදෙන් බැස  දුවන්නට   තැත් කල බව කලකට ඉහතදී දැනගන්න ලැබුණා. ඒ දිනවල ගමේ උදවිය ශ්‍යාමිගේ පියාගේ ආත්මය ශ්‍යාමිට වැහිලා"   යැයි කටකතාවක් ද  පතුරවා තිබුණා.කෙසේ නමුත් දැන් ශ්‍යාමිට ටිකක් සුවයි.ශ්‍යාමි දැන් හැමෝවම අඳුනනවා.නමුත් ශ්‍යාමිට තවම තනිව ඇවිදින්නට බැහැ. ශ්‍යාමි අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් රෝහල් ගතව ඉඳල දැන් ගෙදර එක්කගෙන ඇවිත්..තවමත් ශ්‍යාමිට කගේ හරි උදවු ඕන.පාසලේ ක්‍රීඩාවලින් ඉදිරියෙන්ම ඉඳල..ගමේ අවරුදු උත්සවවල  පවා කැපී පෙනෙන කෙනෙක් ව ඉඳලා , එතරම් නීරෝගීව හිටපු ශ්‍යාමි  මෙහෙම ඉන්නවා දැක්කහම ඇත්තමයි  ගමේ  කාටවත්ම  අදහගන්න  බැරි උනා. ශ්‍යාමිගේ  අත් පා තවමත්  කෝටු  වගේ , දුර්වලයි. දිනුක ශ්‍යාමිව බලන්න ඒවි කියල ශ්‍යාමි බලන් ඉන්න ඇති.. එත්.. නැවත  කිසි දිනක  දිනුක ශ්‍යාමිව  බලන්න ගියේ නැහැ..                
                                                                                                                  එදා පුර පසළොස්වක පෝය.ශ්‍යාමිව නාවල සුදු වතින් සරසලා පන්සලට එක්කරගෙන යන්න ශ්‍යාමිගේ අම්ම ලෑස්ති උනා.පන්සලට ගියේ   ත්‍රී විල් එකකින්.. ලොකු  පුතේ නංගිව අල්ලන්න උඩ මලුවට  එක්ක යන්න.." ශ්‍යාමිගේ  අම්ම එක පැත්තකින් ශ්‍යාමිට වාරු දෙන ගමන් කිවුව.. ශ්‍යාමි අමාරුවෙන්  අඩිය තියලා  ඇවිදින හැටි දැක්කහම කාට උනත් ඇතිවෙන්නේ  බොහොම  දුක්බර  හැගීමක්  ..!                                      
                                                                                                               විහාර ගේ ඉස්සරහ වැලි මළුවේ ඉදන් මහා කරුණාවෙන් වැඩ ඉන්න බුදු සාදුගේ නෙත් වල කාන්තිය දිහා බලාගෙන ඉන්න ශ්‍යාමිගේ මුහුණට අහිංසක සිනහ රැල්ලක් නැගුනා....
                                                                                                                                                                    
   
ප.ලි.   පෝය දවසේ  ශ්‍යාමිව දැකල තමයි මට  මෙහෙම පොස්ටුවක් දාන්න හිතුනේ..ශ්‍යාමිට හැදුන ලෙඩේ මොකක්ද  කියලා තවම කවුරුත් දන්නේ නැහැ..අමාරුවෙන් පන්සලේ ඇවිදින ශ්‍යාමි නංගිව දැකල මට බුදු හාමුදුරුවෝ සතර පෙර නිමිති දැකපු විදිහ මතක් උනා.මටත් ජීවිතේ ගැන ඇත්තටම  කලකිරීමක්  ඇති උන නිසා.කොච්චර ලස්සනට හිටපු ශ්‍යාමි නංගිද අද අර වගේ ඉන්නේ? එත් ශ්‍යාමි නංගිගේ ඒ අහිංසක කම  මුණේ  තවමත් එහෙමමයි.මන් ප්‍රර්ථනා  කරනවා ශ්‍යාමි  නංගිට ඉක්මනට නීරෝගී සුව ලැබේවා..! කියල..

32 comments:

  1. මිනිසුන්ට කරදර එන්නේ නොහිතන වෙලාවක අදහගන්න බැරි විදිහට. මේ භවයේ හොඳින් හිටියත් සමහර විට පෙර භවයක කරපු අකුසලයක් වෙන්නත් පුළුවන්. පුළුවන් තරම් ධර්මයට නැඹුරුව ජීවත් වෙන එක තමයි නුවණට හුරු!!

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන..කොයි දවසේ,කොයි මොහොතේ, අපිට මොකක් වෙයිද කියල අපිවත් දන්නේ නැහැ..ලොව සියලු දේ අනිත්‍යයි ..එහෙමනෙ බුදු හාමුදුරුවෝ දේශනා කරේ..

      Delete
  2. කොහෙද මේ? එහෙම උනාම කොච්චර අසරණ වෙනවද නේද?

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ ඇපල්...මට මාර දුකයි එයා ගැන.
      අසරණයි ඇත්තටම දැන් එයා..
      :(

      Delete
    2. ඔය කියන "ශ්‍යාමි" ඉන්නෙත් රත්නපුරේද නංගි. රත්නපුරේ පතුල්පානේ ඉන්නවා ආයුර්වේද වෛද්‍ය ස්වාමීන් වහන්සේ නමක්. පතුල්පානේ සමාධි අසපුව කියලා කියන්නේ ඒ පන්සලට. තිරිවනාකැටිය හන්දියේ ඉඳලා 2km වගේ බලංගොඩ පැත්තට එනකොට වම් පැත්තේ තියන්නේ. හවස 3න් පස්සේ බෙහෙත් දෙන්නේ. රටේ හැම පලාතකින්ම වගේ බෙහෙත් ගන්න රෝගීන් එනව එතනට.පුළුවන් නම් දැනුම් දීමක් කරන්න එයාලට. සනීප උනොත් ලොකු දෙයක් නේ. මට මේක පස්සේ මතක් උනේ.

      Delete
    3. බොහොම ස්තුතියි මේ පිළිඹදව කිවුවට..ඔය තැන මන් අහල තියනවා.ශ්‍යාමිලත් දන්නවා මගේ හිතේ.. ඇයට තවමත් රෝහලෙන් ප්‍රතිකාර කරනවා.. කොහොම වුනත් මන් මේ පිලිඹද ඇය ගේ මවට දැනුම් දෙන්නම්.

      Delete
  3. අනේ අපොයි... පව් අප්පා....

    ReplyDelete
  4. හිතට දැනෙන පෝස්ටුවක්... බෞද්ධයෙක් විදියට මම විශ්වාස කරන්නෙ පෙර ආත්මයක කල අකුසල කර්මයක් කියලා...එහෙත් මනෝවිද්‍යාත්මකව මට හිතෙන්නෙ පෙම්වතා හැරයාමේ ශෝකය නිසාම ඇය දිනෙන් දින වැහැරෙනවා කියලා... මනෝ වෛද්‍ය වරයෙකු වෙත ඉදිරිපත් කලා නම් ශ්‍යාමි කාටවත් කියන්නෙ නැතුව යටි හිතේ තද කරගෙන ඉන්න දේ පිළිබදව දැනගන්න හැකි වේවි. සිත ලෙඩ උනාම සුවපත් කරන්න කල් යනවා වගේම සෑහෙන තරමේ ආයාසයකුත් දරන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් එම හේතු දෙකම බලපාන්න පුළුවන්..මන් දන්නා තරමින් දෙදෙනා අතර විශාල බැඳීමක් තිබුනේ නැහැ.මන් හිතන්නේ ඒක තමයි දිනුක ලෙහෙසියෙන්ම ශ්‍යාමිව අමතක කරේ..කොහොම නමුත් කරපු වැඩේ වැරදී.මන් හිතන්නේ ඇය ගේ මානසිකත්වය පිලිබදත් කටයුතු වෛද්‍යවරු සොයා බලනවා..

      Delete
  5. සංවේදී කතාවක්. මගෙත් ප්‍රාර්ථනාව එයාට ඉක්මනට සුව වෙලා වෙනද වගේ හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. පැතුම්..ස්තුතියි ප්‍රාර්ථනාවට ..

      Delete
  6. හ්ම්ම් දුක්බර කතාවක් විස්තර කෙරෙන විදිහට අසනීපෙ අනුමාන කරන්නවා මොලේ උණ එහෙම නැත්නම් Encephalitis වෙන්න ඇති කියලා. කොහොම වුනත් නිවරැදි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වුනොත් සෑහෙන දුරකට සාමාන්‍ය තත්වයට එන්න පුලුවන් වේවි.
    තමන්ගේ ලඟම හිටිය අය අහක බලන කොට හිතේ හැදුන තුවාල හොඳ කරන්න නම් පුලුවන් හැබෑවටම ශ්‍යාම්ට ආදරේ කරන අයට තමා.

    ReplyDelete
    Replies
    1. හ්ම්..එහෙමද..?කව්රු නත්තත් ශ්යාමිගේ පව්ලේ උදවිය..,යාලුවෝ ශ්යාමිව අතෑරල ගියේ නැහැ නේ..
      ස්තුතියි ඔබට..

      Delete
  7. :( දුකයි :(

    ඇයට ඉක්මන් සුවය පතනවා අක්කෝ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගෝ..
      :(

      Delete
  8. ඉක්මනින් සුව වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහ ලා දම් අහසට සාදරයෙන් පිළිගනිමි.

      Delete
  9. කොල්ලගේ වැඩේ කැතයි.කොල්ලා කෙල්ලගේ පිට රූපෙට මිසක් හිත ඇතුලෙන් එන ඒ ආදරණීය හැගීමට නෙමේ ආදරේ කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කැතම කැත වැඩක් මචං ඌ කරලා තියෙන්නේ..උදවු ඕන වෙලාවේ ලස්සනට මගඇරලා ගිහිල්ලා

      Delete
  10. ඒකනේ...
    එයාව සනීප කරගන්න දිනුකට ඕන නැහැ..දිනුක දැන් පලාතක යන්නේ නැහැ නේ..දැන් එයා ඒ පාරෙන් වැඩට යන්නෙත් නැහැ.

    ReplyDelete
  11. මේ පැත්ත ආවෙ අදයි.ඔබගේ වියමන ඉතා සාර්ථකයි.ලස්සනයි.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  12. බොහොම ස්තුතියි ඔබගේ අදහසට..
    :)

    ReplyDelete
  13. ජීවිතේදි ඇදගෙන වැටෙනවා කියන්නෙ අපි පැරදෙනවා නෙවෙයි, අපි පැරදෙන්නෙ වැටිලා නැගිට්ටෙ නැතිවුණාමයි. ශ්්යාමිට ඉක්මන් සුවය පතමි!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...ස්තුතියි ඔබට..

      Delete
  14. ගොඩක් සංවේදී කතාවක්.ශ්‍යාමි හිතෙන් වැටිලා නැතිව ඇති කියලා හිතනවා.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...

    ReplyDelete
    Replies
    1. සමහරවිට...
      ගොඩක් ස්තුතියි ඔයාට..ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..

      Delete
  15. ඒ නංගියාට නිරෝගී සුව ලැබේවා...!
    ඔබට ඇතිඋන හැඟීම හිතාගත්තෑකි අච්චර හොඳට ඉඳල අසනීපවෙලා අසරන උන ඇයව දැක්කම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට :) ඒකනේ..

      Delete
  16. ජීවිතේ ගැන කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියන්න බැහැ එතරම් අවිනිශ්චිතයි. හෙට ඔය දේ අපිට වෙන්න පුළුවන්. හොඳ පොස්ටුවක්
    එම නංගිට ඉක්මන් සුවය ලැබේවා කියල මම ඉත සිතින්ම පතනවා.

    ReplyDelete