ලා දම් අහසට පායන උදවිය ..

Sunday, September 2, 2012

හඳ අතුරුදහන් වෙලා... !!!!!!!!!

යාලුවනේ දන්නවද?අද රෙහානිගේ විශේෂ දිනයක් ලු .ඉතින් රෙහානිට බ්ලොග්  යාලුවෝ  කට්ටිය  මතක් වෙලා ආවේ කේක්   කෑල්ලක් දීල  යන්න.  හිතාගන්න පුළුවනි නේද මොකක්ද  විශේෂත්වය කියල.මට අද ඉස්සෙල්ලම  මතක්  උනේ පන්සල. පන්සල් යන්න බැහැ.උදේ ඉදන් වැස්ස..ගෙදර වැඩ ඉන්න බුදු සාදුට මල් පුජකරලා ප්‍රාර්ථනාවක් කලා.මට මතක්  උනා  මගේ  බ්ලොග් එකට ඉස්සෙල්ල ම  පා තබපු  සඳව. සඳ  ලා  දම්  අහස  ඇල්ලුවට  බට්ටි කෙල්ල  තමයි ඉස්සෙල්ල  ම   ලා දම් අහසට  ගොඩ වැදුනේ.. මට  මතකයි  ඉස්සෙල්ල ම   මට කොමෙන්ට් කලෙත්  බට්ටි.. සඳට  මෙහෙට එන්න පාර  කිවුවේත්   බට්ටි කෙල්ල. මට  මතකයි  බට්ටිගේ වචන. "යනකොට අල්ලගෙන ගිය තුත්තිරි ගහ එනකොට අමතක  වෙන එක වැරදී  " කියල. ඇත්ත බට්ටි අක්කියෝ මුල  අමතක  කරන්න හොඳ නැහැ. මම සඳ ට කියන්නේ  සඳ ඇවිත්  බලල  යනවනම්   ඔයාවත්  මට  අමතක  නැහැ කියල.
                                                        සඳටයි බට්ටි කෙල්ලටයි ගොඩක් පින් ලා දම් අහසට ඇවිත් ඒ දීපු ශක්තිය නිසා තමයි මන් අදටත් බ්ලොග්   ලියමනේ යෙදිල ඉන්නේ.. ඉතින්  එදා පටන් මට කොමෙන්ට් කරලා  මගේ හොඳ නරක අඩු පාඩු හැමදෙයක්ම         කියල දීපු හැම   කෙනෙක්ටම  ස්තුතියි.. ඒ වගේම මගේ  බ්ලොගියට ඇවිත් රහසේම  ගිය අයටත් මගේ  වෙනසක් නැහැ  ඔන්න.   ඒ හැමෝටම   ස්තුතියි. හැමෝටම   පුළුවන්   අද  මගේ   පාටියට  ඇවිත්  කේක් කෑල්ලක්      කාල    යන්න.  
                                                                                       
                               ඔන්න දැන් කේක්..                                                    
                         ෆලුඩාවලට  කැමති අයට... 
            මේවත් තියනවා...                                                                                                                                                                                         
කොහොමද  මගේ  පාටිය...? අඩු පාඩු ඉල්ලගෙන  කන්න බොන්න. ඔන්න  ලැජ්ජවෙන්න  එපා.. තමන්ගේ  ගෙදර  වගේ  තමයි. හි හි... මතකයිනේ  යාළුවො  හැමෝටමයි... හම්මෝ.. මට හොඳටම  මහන්සියි මේවා හදල.. ගිහින් එන්නම්කෝ.. කාල බීල නටල  එහෙම යන්න..!
(අහ් අද රෙහානිගේ birth day ..හොදේ )

37 comments:

  1. අනේ පරක්කුවෙලා කමක් නෑ. පරක්කුවෙලා හරි ආවනේ Happy Belated Birthday!

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා නැහැ.ඔයා තමයි පළවෙනිය.
      thank you..!ආදරයෙන් පිලිගන්නවා ලාදම් අහසට..

      Delete
    2. නෑ නෑ මම කියුවෙ අද 3වනදනේ

      Delete
    3. 2 වැටිලා තියෙන්නේ ප්‍රමාද දෝෂය කින් .මන් පොස්ටුව ලිවුවේ අද (3)

      Delete
  2. පරක්කු උනත් දවසක්නේ පරක්කු..සුභම සුභ උපන්දියනයක් යාලු ඔයාට...කේක් කැල්ලක් කාලා ඔන්න මම ෆලුඩා එකක්ම බිව්වා....
    අපිව අමතක උනේ නැති එක ගැන සතුටුයි.....:)

    ReplyDelete
    Replies
    1. ඔයාලව අමතක කරලා මොන පාටිද මට..
      හොඳට කන බොන තරමට රෙහානිට සතුටුයි..
      ස්තුතියි කොමෙන්ටුවට..

      Delete
  3. මට නම් එන්නත් තිබුනා තැන කිව්වනම්. අපරාදේ....
    සුබ උපන් දිනයක් වේවා........
    ඔන්න මගෙන් ඇපල් මල්ලක්ම එව්වා හොඳේ....?

    :)

    ReplyDelete
    Replies
    1. ඇපල් මල්ලක් ...අපේ අප්පොච්චට මාව ඔප්පිටල් ගෙනියන්න වෙයිද මන්ද..හි හි.. තැන්ක්ස් කොමෙන්ට් එකට යාලු..
      :)දුර නැති එකේ එන්න එන්න..

      Delete
  4. මරු.ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ පාටියක් වත් සෙට් වෙච්චි එක.සුබ උපන්දිනයක් අක්කා !

    ReplyDelete
    Replies
    1. ඒකනේ............ :) ස්තුතියි මල්ලි...

      Delete
  5. සුභම සුභ උපන්දිනයක් වේවා රෙහානි!
    පාටිය නම් මරු. තෑග්ගක්වත් අරන් එන්න බැරි වුනා හැබැයි.
    සුවෙන් සතුටින් සෞභාග්‍යයෙන් ආදරෙන් පිරුණු අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...
      තෑගි ඕන නැහැ..සුබ පතපු එකම ඇති..

      Delete
  6. මට එන්න උනේ දවසක් පරක්කු වෙලානේ.:/ ඒත් ඉතින් පාටියෙ නම් අඩුවක් නෑ :)

    …සුබ උපන්දිනයක් වේවා!! ඉදිරිය වඩ වඩාත් සරු වේවා!!!

    ReplyDelete
    Replies
    1. පරක්කු නැහැලු .. :)
      බොහොම ස්තුතියි කොමෙන්ටුවට..

      Delete
  7. සුභම සුභ උපන් දිනයක් වේවා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට..
      :)

      Delete
  8. සුභම සුභ උපන්දිනයකට ආසිරි

    පරපණ නසනා දිණයක් නොකරන් - දියණියේ නුඹගේ උපන් දිනේ
    අපි යමු පන්සල් අද නුඹ වැනි මල් සුපිපී දිදුලන මිදුල දිගේ

    මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන මේ ගීතය තමයි මට මතක් වුනේ.



    ReplyDelete
    Replies
    1. මාත් කැමතිම අදහසක් තියන ගීතයක්.. ස්තුතියි සුබ පැතුමට..

      Delete
  9. සුභ උපන්දිනයක් වේවා.....!

    ඔන්න උපන් දිනේ දවසෙම මුලින්ම මේ පැත්තට ආව,කමෙන්ට් ටික කියෙව්වට පස්සේ තමා තේරුනේ පාටි මොකටද කියලා :)
    මඩයගෙන් උපන් දිනේට හොද මඩ බාල්දියක් එවන්නම් ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු... :)
      සාදරයෙන් පිලිගන්නවා ලා දම් අහසට..
      හෆොයි මඩ බාල්දියක්.. :D

      Delete
  10. ගෙදර වගේ හින්දා කියන්නේ මීට වඩා සැර බීමක්‌ නැද්ද :ඩ් :ඩ්
    සුබ උපන්දිනක්!!!

    ReplyDelete
    Replies
    1. හි හි..ඔය ඉල්ලන්නේ ගල් බෝතලයක්ද..?
      ස්තුතියි ඔයාටත්..
      :)

      Delete
  11. කීවෙනි උපන්දිනේද කියල අහන්න හොඳ නෑ නේ? කෑවා බීවා අපි ගියා ඈ.. ටැංකු ටැංකු...

    ReplyDelete
    Replies
    1. කෑවා බිව්වනම් අපිට සතුටුයි..ස්තුතියි පාටියට ගොඩ උනාට..

      Delete
    2. 53 වැනි උපන්දිනයට මගෙන් සුභ පැතුම්...!!!

      Delete
  12. අනේ සමාවෙන්න පරක්කු උනාට..
    සුභම සුභ උපන් දිනක් යාලු :)
    ඔබට ජයෙන් ජය! :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිරු..
      ඔබටත් ජය..!

      Delete
  13. සමාවෙන්න පරක්කු උනාට මේ පැත්තේ එන්න

    සුබම සුබ උපන් දිනයක් වේවා ...!!!!

    ReplyDelete
    Replies
    1. හය්යු..කමක් නැහැ අලි...දැන් ආවනේ.. ස්තුතියි ඔයාටත්..

      Delete
  14. සමාව අයදිනවා පරක්කු උනාට. නමුත් ඉතා සිතින්ම ප්‍රාර්ථනා කරනවා සුභ උපන් දිනයක් වේවා කියල. අර අන්තිමට දුන්නු බීමනම් පංකාදු පහයි අප්පා

    ReplyDelete
  15. බොහොම ස්තුතියි :)මන් දැනගත්ත ඔය ඒවාට ආසයි කියල..
    හි හි
    :D

    ReplyDelete
  16. අයියෝ අදත් අන්තිම !!!!!! . කොහොම උනත් කමක් නෑ හැපි බර්ත් ඩේ ඇ .............

    ReplyDelete
  17. ස්තුතියි යාලු...

    ReplyDelete
  18. දැන් ඉතින් මේවා විතරද කන්න තියෙන්නේ කෝ වටලප්පන්

    ReplyDelete
    Replies
    1. හී........ ඔයාට පාර්සලයක් E mail කරන්නම්කෝ :D

      Delete
  19. 53 වැනි උපන් දිනයට මගෙන් සුභ පැතුම්...!!!

    ReplyDelete
  20. සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete