ලා දම් අහසට පායන උදවිය ..

2014년 8월 4일 월요일

නිසල සිත් මල 9

පසුගිය කොටස්..  
1  2  3  4  5  6   7  8




"අල්ලගන්නම්කො ගෙම්බා...." විශ්මි තනිව සිතීය .

 විශ්මි රාත්‍රී ආහාරය තම කාමරයට වී තනිව ගත්තාය.ඇය එසේ කළේ දමිත්ට මුහුණ දීමට ඇති ලජ්ජාවටය.ඇය වෙනදාටත් කලින් නින්දට ගියේ ගෙදර තිදෙනා සමගම තරහා වීය .

"කෝ....?" සුභද්‍රා සිනහා වෙමින් ඇසුවේ දමිත්ගෙනි.

"නිදි මං හිතන්නේ..."

"පවු කෙල්ල....මෙයත් අවුස්සනවා...."



          ~~~~~~~~~~~~ 


නිවසේ දුරකථනය නාද වෙනු විශ්මිට ඇසුනේ සිහිනයෙන් මෙනි.වේලාව 12.35 ලෙස සටහන්ව තිබුණි.ඇය කලුවරේම විත් සාලයේ විදුලි පහන දල්වා රිසිවරය අතට ගත්තේ "මොන බකුසෙක්ද මන්දා ...ඇයි රෙද්ද..උන්ට නින්ද යන්නැත්තන් අපිට නිදාගන්න දීපියකෝ..." යයි සිතින් බනිමිනි.ඇය රිසිවරය ගෙන කතා කරන්නටත් ප්‍රථම ,

"හැපී බර්ත් ඩේ ......විශ්මී....." ඒ විරංගය ...සැබවින්ම විශ්මිගේ දෙනෙත තෙත් විනි....ඇයට විරංග කෙරේ ඇති සහෝදරත්වය තවත් දළු ලා වැඩුණි .
"තෑන්ක්ස් විරංග...."

"ඕකේ ...ඕකේ .....වල්කම් කිවුවලු.....ටැංකි හරියන්නෑ උදේට මං එද්දී කේක් ලෑස්ති කරලා තියන්න..."

"හ්ම්ම්...හ්ම්ම්...."

"මොකෝ හ්ම්ම් හ්ම්ම් ....බස්සියෙක්ද?, හරි හරි ඔයා නිදාගන්න..."

විශ්මි ඇමතුම විසන්ධි කර කාමරයට ගියේ සාලයේ විදුලි පහන නිවා කාමරයේ විදුලි පහන දමමිනි.ඇය ඇස් අදහා ගත නොහැකිව වට පිට බැලුවේ සතුටිනි.කාමරයේ බැලුම් එල්ලා තිබුණි.ඇගේ චායාරුපයක් විශාල කර රාමු කර තබා ඇත.එහි "පුංචි දූට සුභ උපන්දිනයක්  " යැයි ලොකුවට පෙනේ...තවත් කවි සිත්තමක් එහි කොනකය...තාත්තා වේලාසනින් ආවේ මේ හපන් කම කරන්නට බව විශ්මිට තේරුම් ගියාය.ඒත් සමගම කොට්ටය යටින්  මදක් පිටතට පෙනෙන්නට තිබුණ කොලයක් දුටු විශ්මි කොට්ටය ඉවත් කළාය .

"හැපී බර්ත් ඩේ මගේ සුදු නංගි ..." එම කොලයේ සටහන් ව තිබිණ.ඒත් සමගම තිබුණ කාඩ් බෝඩ් පෙට්ටියේ තිබුණේ ගැහැණු ළමයෙකුට ගැලපෙන හුරුබුහුටි ජංගම දුරකතනයකි.එහි කෙටි පණිවුඩයකි.එසේ නම් අයියා දුරකථනය දී ඇත්තේ සම්බන්ධතාවයත් සමග බව ඇය සිතුවාය.

"ආයෙත් රැවුලක් අඳින්න හිතුනා ....පවුනේ..."  කෙටි පණිවිඩය එවා ඇත්තේ දමිත්ය.

විශ්මි එහෙමම දමිත්ට ඇමතුමක් ගත්තාය.

"හෙ...ලෝ..." අඳුරේ මහා මෙහෙයුමක් කර නිදා ගත්  දමිත් අංකය නොබලාම කතා කලේ නින්දෙනි.

"මේ .....මිස්ටර් දමිත්...ඔහේගේ නංගිව ඕන නම් ලක්ෂ  10ක් අරං කම්බි පාලම උඩට එනවා..." විශ්මි කිවේ කතා රටාව වෙනස් කරය.

"අනේ එපා.....මං  10ක් දෙන්නං ඕකිව අරං යනවා නම්....ලොකු උදවුවක්...." දමිත් කීවේ ඇගේ හඬ හඳුනා ගනිමිනි.

"අනේ යනවා බකටුල්ලා...."

"හෑ ......ඌ කොහේ ඉන්න එකෙද්ද.....ඔයා හීනෙන් කියවන්නැතුව දෝ ගන්න මයේ අම්මේ ..."

"තැන්කිව් හොඳේ....' විශ්මි කීවේ අවංක හැගීමෙනි .

"හා ඉතිං ....දැන් නිදාගනින්කෝ මලවදේ..."

විශ්මි දුරකථනය විසන්ධි කලේ සිනාසෙමිනි.

සුභද්‍රා පාන්දරම කිරිබතක් ඉදෙවුවාය.විශ්මි නා කියාගෙන ගෙට එත්ම නැන්දාත් මාමාත් නිවසට ගොඩ වුවෝය.ඇයට සුභ පැතූ දෙදෙන පාර්සලයක් ඈ අත තැබීය .

"සුදු අයියා වැඩට යන්න කලිං පාර්සලයක් අරං තියලා ගියා ...දුට..." නැන්දා කී විට විශ්මි පුදුම විය.

"සුදු අයියා වැඩ???........එතකොට කකුල....?"

"නෑ පුතේ....ඔෆීසියේනේ ....ලියන කියන වැඩ තමයි....එයාමනේ ගෙදර ඉන්න බෑ කියලා ගියේ..."

"හරි නරකයි....ඉන්නකෝ..." විශ්මී පාර්සලය පසෙකින් තබා නිර්මලට ඇමතුමක් ගත්තාය.

ඇය ජංගම දුරකතනයේ ඔහුගේ අංකය 
සේව් කර තිබුණේ නැත.ඇය මතකයෙන් අංකය ගසා ඇමතුම් කළාය .

"මං ඔයත් එක්ක තරහම තරහයි...මට එපා ඔයාගේ තෑගි ..." විශ්මි තරහින් කීවේ ඔහු කතා කරන්නටත් ප්‍රථමයෙනි.

"තෑගී....මොන තෑගි ද ?....ඇයි  මේ බනින්නේ ..කවුද ඔය ? " අනෙක් පසින් ඇසුනේ නිර්මලගේ හඬ නොවේ.

"කෝ....නිර්මල ?"

"නිර්මල.....අයියෝ ..... මෙහෙ නම් නිර්මලත් නෑ ...පිවිතුරුත් නෑ ..."

අංකය වැරදී ඇති බව දැනුනෙන් විශ්මි ඇමතුම විසන්ධි කර නිවසේ දුරකථනයෙන් ඔහු ඇමතීය .විශ්මි ඔහුට දොස් කීවේ ඇයත් සමග කතා කරත් වැඩ පටන්ගත් බව නොකී නිසාවෙනි..අයියා ජංගම දුරකතනයක් තෑගි දුන් බව කීවත්  ඇය එහි අංකය නොකියා සිටියේ පලියට මෙනි.

"ඔයාට කෝල් ගන්න ගිහින් වෙන කාටදෝ කෝල් එක ගියා ..."

"පිරිමි කෙනෙකුටද?' නිර්මල දෙගෙඩියාවෙන් මෙන් ඇසීය .

"හ්ම්....කටහඬින් නම්  කොල්ලෙක් වගේ..."  විශ්මි තවත් ඔහුව අවුස්සන්නට සිතා කීවාය .

"එහෙනම් දැන් කෝල් ගනී ඔයාට ආයෙත් ...., ඕකුන්ට ගැණු හඬක් ඇහුනොත්  ඇති..ආන්සර් කරන්නේ එහෙම නෑ හරිද..."

"බෑ ගන්නවා.....ඉන්නවකෝ .."

"දමිතුත් ඕන නැති වැඩනේ කරන්නේ...ඒක නෙවේ..ප්‍රසන්ට් එක බැලුවද ? ලස්සනද?"

"හ්ම්ම්...ඔයා ඉතිං තෝරන ඒවා එදා ඉදන්ම මගේ හිතට මැච් වෙනවනේ..."


දිගු සංවාදයකින් පසු විශ්මී නැන්දාත් ,මාමාත් සමග කතාවට වැටුනාය.ඒ අතර විරංග ද නිවසට පැමිණීම විශ්මිගේ සතුටට හේතු විය.

සවස් කාලයේ විශ්මි උන්නේ පොතක් කියවමිනි.සුජීවගේ ආත්මීය නවකතා තුළ ජිවත් වන චරිත මෙරටේ හැබෑ ලෙසම ජීවත් වනු ඇතිද?සමහර චරිත තුළ ඇති කැපකිරීම සැබෑ ලෙසම ගැහැණුන් මිනිසුන් තුළ ඇත්ද?ආදරය මුළු ජිවිතයම බව කියමින් තමන් තුළ ඇති සියලු වටිනාකම් සල්ලාලයෙක් ඉදිරියේ වරෙක පුද කරන තරුණියක් අවසානයේ සොවින් තැවෙන්නේය.ඒ සියල්ල සිතමින් කල්පනාවේ නිමග්නව හුන් විශ්මි පියවි සිහියට එළඹුණේ ජංගම දුරකථනය නාද වීමත් සමගය.විශ්මි දුරකථනය සම්බන්ධ කරගෙන කතා නොකර අසා උන්නාය.

"හෙලෝ...."

 ඇය පිළිතුරු නොදී නිහඬව ම උන්නාය.

"හෙලෝ ....උදේ මට කතා කරලා,බැනලා සද්ද නැතිවම ෆෝන් එක කට් කරේ කවුද....???"

සුදු අයියා කීවා නිවැරදි යැයි විශ්මිට කල්පනා විය.

"අනේ සොරි....මගේ අතින් නම්බර් එක වැරදිලා ඒ කෝල් එක ආවේ " විශ්මි එය කියා ඇමතුම විසන්ධි කළාය.නැවත ඇමතුම් අවොත් හඳුනා ගැනීමට විශ්මි එම අංකය සේව් කර තබාගත්තාය.  

~~~~~~~~

මල් වැවීම ජිවිතයේ කොටසක් කරගත් විශ්මි නගරයට යන හැම විටම විවිධ වර්ගයෙන් මල් පැල ගෙන ඒමට අමතක නොකලාය.තම දෑතින් සාත්තු  කර  හැදෙන ගස්වල පිපෙන මලක් ගානේ දැනෙන හැගීමට ඇය ආශා කළාය.ලොබ බැන්දාය.දිනක් වත්තේ පැල වලට සාත්තු කරමින් උන් විශ්මි ගේට්ටුවේ සවිකර ඇති කුඩා ලියුම් පෙට්ටියට පියුම් ලියුම් දමා යනු දුටුවාය.අත සෝදා ගත් ඇය ලියුම් එකිනෙක ගෙන බැලුවාය.ඉන් දෙකක් සමරවික්‍රම ගේ නමට ආ ඒවාය.අනෙක තම නමින් ඒවා ඇති බැවින් එවෙලෙහිම ඈ ලිපිය විවෘත කර බැලුවාය.

පසුගිය දින ටිකේම ඇය නමට ලිපි ආවේ නොයෙකුත් පාඨමාලාවලිනි.විවෘත කල ලිපියද එසේ විය.එය පරිඝණක පාඨමාලාවකිනි.එම පාඨමාලාව කෙරේ ඇගේ සිත් ගත් නිසා ඇය කල්පනා කළේ අනිවාර්යෙන්ම මේ ලිපිය විරංග ට ද ලැබී තිබිය යුතු බවයි.එසේ වන්නේ තමා ඇති හැම තැනෙක විරංග ද නිතැතින් සිටි බැවිනි.ඇය විරංගට ඇමතුමක් දී විස්තරය කියන්නට සැරසෙත්ම ඔහුම  එම පාඨමාලාව ගැන ඇයට කීවේය .දෙදෙනා ඇමතුම විසන්ධි කලේ එන සඳුදා දිනයේ පරිඝණක පාසලට යාමට තීරණය කරගෙනය.

සඳුදා දිනයේ දෙදෙනා පාසල් ගිය පුරුද්දට මෙන් එකම බසයෙන් රත්නපුර නගරයට සේන්දු විය.පරිඝනක පාසැල පිහිටියේ රත්නපුර පල්ලිය මාර්ගයේ එක් දෙමහල් ගොඩනැගිල්ලකය.විෂයානුබද්ධ කරුණු හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පරිඝණක දැනුම ලබාගන්නා අයුරු පිළිබද දේශනයක්, මුලික පරිඝණක කොටස් හඳුන්වා දීමත් කළමණාකර තුමා ඇතුළු ගුරු මණ්ඩලය පළමු දින සම්මන්ත්‍රණයේදී සිදු කළෝය .විශ්මිටත් විරංගටත්  අලුත් යහළු යෙහෙළියන් කිහිප දෙනෙකුද හමු විය.

එදින සම්මන්ත්‍රණයක් පමණක් පැවැත් වූ බැවින් වෙලාව ඉතිරි නිසා දෙදෙනා සමන් දේවාලයේ යන්නට තීරණය කළෝය .

"ඔයා සමන් දේවාලේ එන්න ආසයි නේද?" විශ්මි ඇසුවේ දේවාල භූමියේ පා නගන ගමන්ය.

"හ්ම්...වෙලාවක් ආවොත් ඉස්සර ඉදන්ම මං එනවා..." විරංග කීය .

"අපි දෙන්නා හුඟක් එකම දේට ආසයි නේද?....මතකද ඉස්සර කැන්ටිමට ගියහම...?"

"හොඳ ෆ්රෙන්ඩ්ශිප්  එකකට ඒකත් වැදගත්...."

"දකින මිනිස්සු අපි ගැන වැරදියට හිතනවා ඇති....නෙහ් ?"

"හ්ම්....මතකයිනේ ඉස්කෝලෙදි වෙච්ච දේවල්..."

"ඒක නෙවේ......ඊට පස්සේ වෙනුරි හම්බුනේ නෑ ?"

"ආපෝ....ඔය වාතේ මට දවසක් ටවුමේදී හම්බුනා....මං මගෑරලා  එන්න ආව ..පස්සෙන්ම ඇවිත් කතා කලානේ..."

"පවු විරංග....."

"පවුම තමා කියන්න ඕන ඕකිට ....අපිට කරපුවට..ඔයාගේ අනුකම්පාව මගේ නෑ .."

"හරි හරි ....ඒ කතා මතක් කරලා මේ දේවාල භුමියේ හිත් නරක් කරගන්න ඕන නෑ ....හ්ම්ම්....කියන්නකෝ...මොනාද අද ඔයා ප්‍රර්ථනා කරන්නේ?"ඇය කතාව වෙනතකට හැරවීය

"ම්ම්.....ඒක කියන්න බෑ ...ඉටු උනොත් එදාට කියන්නං ..." විරංග කීවේ තාලයකටය 


 

댓글 28개:

  1. මේ සීරියස් එක මග ඇරිලා නොවැ...වැඩ ඇරිලා යන ගමන් ඉතුරු ටිකත් කියවලා දෙන්නම් ජම්බු ඈ :D

    답글삭제
    답글
    1. එහෙමද ....හා දෙමුකෝ බලන්න ජම්බු....

      삭제
  2. මුල ඉඳලම කියවන්න වෙනවා. ඉන්නකො පහුගිය කොටස් ටික කියවලාම එන්නම්.

    답글삭제
    답글
    1. ගොඩක් සතුටුයි මනෝෂ් මේ පැත්තේ ආපු එක ගැන...
      සාදරයෙන් පිළිගන්නවා අහස යටට ඔයාව...

      හැකි වෙලාවක කියවන්නකෝ..

      삭제
  3. මුල මතක නෑ රෙහානි.මට නෙවෙයි ඔයාගෙ කතාවෙ මුල.බලල එන්නං ඈ.

    답글삭제
    답글
    1. හපුයි....ඒ මුල නම් අමතක කරගන්ට එපා ඕන් ...
      බලලා එමුකො එහෙනම්

      삭제
  4. අනෙ හප්පේ මට අර මිස් කෝල් එක නම් ඇල්ලුවෙ නෑ. ඇණයක් වෙයි වගේ මට පේන්නෙ!!! :D

    답글삭제
    답글
    1. හිකිස්....බලමු නෙහ් ඒ ගැන... :D

      삭제
  5. අක්කේ බකටුල්ලා කියන්නේ මොකාද . අනේ මන්දා සත්තු ඔක්කොම ඉන්නවා . මේ මම පළවෙනි කොටසට යන්න හදන්නේ . ලියපන් පොතක් . අද කාලේ තියෙන මල් පොත් වල හැටියට මේවා ප්‍රැක්ටිකල් වෙන්න පුළුවන් කතා . :p :p එල එල

    답글삭제
    답글
    1. බකටුල්ලා යනු මගේ හීන ලෝකයේ ජිවත් වෙන සතෙකි...හික්ස්....

      තෑන්ක්ස් මලයා හෙමිහිට කියවන් එන්නකෝ...

      삭제
  6. කෝ අර ගෙම්බා අද මේ පැත්තේ ඇවිත් නැහැනේ..

    කියෙවුවා.. කෝ කෝ ඊලග එක???

    답글삭제
    답글
    1. ආ ඒ ගෙම්බා ෆුල් බිසීලු මේ දවස්වල...

      ළඟ ළඟම ..... :)

      삭제
  7. අනේ මන්දා මේක කොහෙන් කෙලවර වෙයි ද කියලා්‍

    ජය වේවා !!!

    답글삭제
    답글
    1. බලමුකෝ....නෙහ් විදානේ...

      ජය වේවා !!!

      삭제
  8. හපොයි... හිහි..
    ඇණ වෙලාවකට අපිටත් සෙට් වෙනව..එහෙම වෙලාවකට ගැලවෙන්නෙ මාර ගේමක් දීල..
    හිහික්...
    ජයවේවා

    답글삭제
    답글
    1. මෙවුවා මොබයිල් ඇණ ....බලමු එහෙම වෙයිද කියලා :D
      ජයවේවා

      삭제
  9. ඒ ගමන මිස් කෝල් දුෂ්ඨයෙකුත් කඩන් පාත් උනා නේද?!
    මේ මේ ඕව හරියන්නෑ මම නම් ආස විරංගට හරිද! ඔයෙ එහෙන් මෙහෙන් පාත් වෙන බකටුල්ලන්ට විශ්මිව සැට් කලොත් බලාගෙනයි!
    (මොකාද හැබෑට බකටුල්ල කියන්නෙ?)

    답글삭제
    답글
    1. දුෂ්ටයෙක් වෙයිද??? අපි බලමුකෝ...

      විශ්මි කාට සෙට් වෙයිද නෙහ් ....හ්ම්ම් ඒකත් බලමුකෝ..

      බකටුල්ලා ගැන මං උඩ කිවා වයලට.... ;)

      ඒක නෙවෙයි....උයාට පස්සක් කොරියාවෙන් ඇණවුම් කරලා දෙන්නෙයි? හික්ස්...

      삭제
    2. ජපන් පස්සක් ගෙනත් දීහන් රෙහානියා

      삭제
    3. ජපානේ මයේ කවුරුත් නෑ බොල ....ඕන නම් කොරියන් එකක් දෙන්නම්.... ;)

      삭제
  10. රෙහානියා උඹ දුෂ්ඨයෝ වැඩි කරගෙන,කරගෙන ගිහින් පුලුවන්නම් විශ්මිව කොහේ හරි යන කඩප්පුලියෙක්ට සැට් කරපන්කෝ .....අඩේ ඊලග කොටස ඉක්මනින් ලියපිය

    답글삭제
    답글
    1. හිහ් .....මොකෙකුට සෙට් වෙයිද මන්දා ශානුවෝ...
      ඉක්මනින් දාන්නම්

      삭제
  11. 답글
    1. ගොඩක් ස්තුතියි....මේ දින වල කාර්යබහුලයි වගේ...

      삭제
  12. බකටුල්ලා...."
    ඒ නම අදමයි ඇහුවෙ...මේ කථාව මම හිතුවට වඩා දුරදිග යනවා නොවැ...

    답글삭제
    답글
    1. ඒ නම කලින් අහපු කෙනෙක් ඉන්ට විදියක් නෑ .. :D

      තව ටිකක් දුර ඇදෙයි අයියේ...

      삭제
  13. යකෝ අපෙත් උපන්දින එනවා.ඔය කෙල්ලන්ට ලැබෙන ඒවායින් දහයෙන් එකක් අපිට ලැබෙන්නේ නැති හැටියක්.
    දැන් මොකාද මේ මිස් කෝල්කරයා බකටුල්ලියේ.?

    답글삭제
    답글
    1. ඒකටත් වාසනාවක් තියෙන්ට ඕන මේ අපිට වගේ....අලිද... :D
      හා.....බලමුකෝ බකටුල්ලෝ ඊළඟ කොටසේ..

      삭제