මගේ නම පිංකි .ඔයා හිතන්නේ මට වයස කියක් ඇති කියලද ...? තවම දවස් තුනයි .අක්කලා තුන් දෙනෙක් ඉන්න පව්ලේ මං බඩ පිස්සි :) මට මං ගැනත් මගේ අක්කලා තුන් දෙනා ගැනත් තියෙන්නේ පුදුම දුකක් .. අම්ම අපිව මිනිස්සුන්ගෙන් බේරගන්න විඳින දුකක් ...හපොයි දෙවියනේ ........මටයි මගේ අක්කලා තුන් දෙනාටයි ත් මේ දුකම කවද හරි විඳින්න සිදුවෙන එක නම් විස්වාසයි .අපි හතරදෙනාව ආදරෙන් තුරුල් කරගෙන අම්මා හරි ආදරෙන් අපිට කිරි දී දී හිටියේ .විශාල ගෙදරක පුන්චි අහු මුල්ලක් විතරයි අපිට ඕනි වුනේ .අම්මා කාඩ් බෝඩ් පෙට්ටියක් අමාරුවෙන් හොයාගෙන තිබුණා අපි හතරදෙනාව තියන්න . අම්මා ඒකට රෙදි කෑල්ලකුත් කොහෙන්දෝ ගෙනත් දාල .. අපිට සීතල වේවි කියලා බයට වෙන්නැති .!
අම්මා අපිව එහෙම තියලා මොහොතකට යන්න යනවා ..ඒ අපිට ආදරේ නැති නිසා නෙවෙයි .අපි වෙනුවෙන්ම කිරි ටිකක් එරෙන්න මොනවා හරි කාල එන්න .අම්මා එනකං අපි හතරදෙනා එකට ගුලි වෙලා දොයියගන්නවා, එක දවසක් ඔහොම දොයියන් ඉද්දි කව්දෝ කෙනෙක් ඇවිත් අපිව දැකල කෑ ගැහුවා . "අම්මේ අම්මේ .........මෙන්න පුස් පැටව් හතරදෙනෙක් පෙට්ටියේ ඉන්නවා !" එතකොටම සැර පරුෂ නැන්දා කෙනෙක් ඇවිත් "හාපෝ ....මල ජරාව ..ශික් !..මේක ඇතුලේ වල් පුසියෝ පැටව් දාලා " කියලා තව හයියෙන් කෑ ගැහුවා ..එතකොට මාමා කෙනෙකුත් ඇවිත් "කෝ කෝ .. කොහෙද ඉන්නේ පුස් පැටව් කියලා අපි ඉන්න තැනට ආව .දැන් තුන් දෙනාම වටවෙලා අපි දිහා බලන් මොනවාද තව කියෝනවා ..අක්කලා තුන් දෙනා බයවෙලා කෑ ගහනකොට මටත් බය හිතුන නිසා තව ටිකක් අක්කලා තුන් දෙනාට තුරුල් වුණා ..මට ඉතින් කෑ ගහන්න තරමට පණකුත් නෑ තවම ..අනේ ඉතින් අර මාමා අපේ අක්කෙක්ව උස්සලා අක්කගේ නැට්ට උස්සලා , කකුල් එහා මෙහා කරලා මොනාදෝ හෙව්වා . "සේරම බැලලියෝ .. එක ගඩ්ඩෙක් නෑ .......මේං මුන් ටික කවරෙකට දාලා වීසිකරහල්ලා , මෙතන මුං බෝ කරගෙන බෑ " අපි හතර දෙනාවම බලලා මාමා ගත්තු තීරණේ ඕක තමයි . ගැණු සතෙක් වෙන එක වරදක්ද එතකොට . අනේ අහිංසක මට ඕව ගැන තේරුමක් නෑ :(
"අනේ තාත්තේ අපි මුං ටික තියාගමුකෝ" කියල චුටි බබා කිවුවත් මාමා නෙවෙයි කනකටවත් ගත්තේ .. මාමා මාමගේ තීරනේ අනුව අපිව කවරෙකට දාන් ගිහින් කොහේදෝ ගෙයක් ඉස්සරහට වීසිකරා .අපි ගොඩක් බයෙන් උන්නේ ,අපේ අම්මට ඉව තියන නිසා අම්ම අපිව හොයාගත්තා .ඒ ළඟ ගෙදරකට අපිව අරන් ගිහිං ඇතිවෙන්න කිරි දුන්නා,කිරි දෙන අතරේ අම්මා අපිව ආදරෙන් නෑව්වා .. අපි තව ටිකක් උණුහුමට අම්මට තුරුල් වෙලා දොයියන්න හැදුවා විතරයි .ඒ ගෙදර හිටපු නපුරු සීයා අපිව දැකලා ලොකු කොස්සක් අරගෙන අපේ අම්මගේ පස්සෙන් එලෙව්වා ..අම්මා අපිව දාල දිව්වා .අම්මා දන්නවා අම්මට මුකුත් කරන්න හැදුවට මිනිස්සු අපි හතර දෙනාට අනුකම්පා කරලා මුකුත් නොකරන වග .ඒ නිසා තමයි අම්ම අපිව දාල බය නැතුව ගියේ ,නපුරු සීය අපේ අක්කලාගේ කනෙන් උස්සලා ලඟට අරං නැට්ට උස්සල කකුල් එහා මෙහා කරලා බැලුවා ,බලලා...... බැලලියෝ බව දැනගත්තම අපිව එළියට වීසි කරා .. "බළලෙක් උනානං එකෙක් හදා ගන්ඩ තිබුණා "සීය වීසිකරන ගමන් කිවුවා !ඒ කියන්නේ පිරිමි උනත් අපි හතරදෙනාවම හදාගන්නේ නෑ 'මගේ පුංචි හිතට එක දැනුණා .
අම්මා ටික වෙලාවකින් ඇවිත් අපිව ආපහු අරන් ගියා . දැන් අපි ඉන්නේ කොහේදෝ ගෙදරක දර මඩුවක් ඇතුලේ ...මෙතන පැය කීයක් ඉන්න පුළුවන් වේවිද කියලා මට විශ්වාසයක් නෑ .අම්මා අපිව ආදරෙන් නාවනවා .. මමත් පුළුවන් තරම් වෙලාවක් අම්මට තුරුල් වෙලා දොයියනවා .."අනේ දෙවියනේ .. මාව පුස් පැටියෙක් විදිහට මේ ආත්මෙදි විතරක් ඉපැද්දුවම හොඳටම ඇති ,මතු උපදින ආත්මයකදී කවදාවත් මාව පුස් පැටියෙක් වෙන්න එපා .."
ප .ලි . සුභ නත්තලක් වේවා හැමෝටම !
එසේම වේවා....
ReplyDeleteහැබැයි රජෝ අපට නත්තල් නෑ ;)
Deleteමම ආසම නෑති සතෙක් තමයි පූසා.. ඒත් මේක දෑක්කම නම් දුක හිතුනා... ඒත් වඩාගෙන හුරතල් කරන්න තරම් දුකක් නෙමේ.... :)
ReplyDeleteඅපේ අක්කගේ දුත් ආස නෑ පුසන්ට .. :) ස්තුතියි කොමෙන්ටුවට
Deleteහැමෝම එක වගේ නෑනේ.. ගොඩක් කට්ටිය බලු පැටව් බාර ගත්තට පූස් පැටවුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ.
ReplyDeleteපූසියෙක්ව ගෙදරක හදනවානම් ඔය අවදානම ගැනත් හිතන්න ඔනේ. අවදානම දරන්න බැරිනම් මුලින්ම වද සැත්කමක් කරල දාන්න ඕනෙ.
සතෙක් හදනවා නම් ඌට කන්න දීල විතරක් මදි කියන එකත් තේරුම් ගන්න ඕනේ..
වඳ සැත්කමට නම් මම එච්චර කැමැත්තක් නැහැ ..ඒක උන්ගේ අයිතිවාසිකමක් අපි උදුරාගත්ත වගේ කියල මට හිතෙනවා .පුසියෙක් හදනවනම් ඉතිං වඳ සැත්කම කරන්න එපැයි :(
Deleteස්තුතියි මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට !ඔබව සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :)
අපේ ගෙදර පූසෝ ඉන්නවා. එක පාරක් පැටවු ගහන්න දීලා වද සැත්කමක් කරනවා. පුස් පැටවු හදා ගන්න දෙනවා.. එහෙම නැත්තම් අපිම හදා ගන්නවා. කාලෙකට කලින් ගෙදර පූසෝ 4ක් හිටියා.. ඊට පස්සේ එකෙක් වත් නැතිව ඉදලා දැන් ආපහු 4ක් ඉන්නවා. පූස් අම්මයි පූස් බබාලා 3නයි. පූස් අම්මට වද සැත්කමක් කලා. එක පූසි පැටියයි ඉන්නේ. උන්ට නම් තාම මාස 4ක් විතර ඇති..
Deleteඑක පාරක් පැටව් ගහන්න දීල වඳ සැත්කම කරන එකේ නම් එතරම් වරදක් නෑ නේද?ශා ...ෂෝක් ..,දැන් 4ක් ම ඉන්නවනේ :)
Deleteඅපේ ගෙදරනම් හැමදාම ඔය කතන්දරේ තමයි. මන් දන්නා කාලෙක ඉඳන්ම පුසෝ. එක පරම්පරාවක් ඉවරවෙනකොට තව එකෙක් කොහෙන් හරි එනවා. පොඩිම කාලේ කරදර උනාට ගානට කොටු පාර දීලා හදාගත්තාම කිසි වදයක් නෑ. ඒ වගේම තමයි පූස් පැටියෙක්ගෙ හුරතල් බලන්නැති එකා මොකටද?
ReplyDeleteඅනේ එහෙම කියන්න එපා..... මම කොහොමත් සත්තුන්ට බයයි... ඒ නිසාමද මන්ද මට අප්පිරියයි... අපෙ ගෙදර තියෙන්නෙ පාර අයිනේ නිසා සත්තු හෑදුවෙත් නෑ... මමයි තාත්තයි දෙන්නටම සත්තුන්ට බයයි...
Delete@AKM=ඇත්තටම පුසෝ හරි හුරතල් තමයි ..ලඟට වෙලා පුරු පුරු ගානකොට මන් හරිම ආසයි :)එත් දැන් අපේ ගෙදර පුසෙක් නැහැ :( සුදුම සුදු බෝල ගෙඩියක් වගේ පුසෙක් හොයාගන්න ඕන ,උන් ෂෝයි ..ඉස්සර නම් අපේ ගෙදර හිටියා .ඌ නිදාගන්නෙත් මගේ කකුල් ලඟට වෙලා ..කවුරුහරි එයාව හොරෙන් අරන් ගිහින් අප්පා :(
Deleteඉස්සර අපේ ගෙදර පූසියෙක් හිටියා. ඌ රෑ තිස්සේ මගේ කකුල් දෙක ගාව නිදි. උදේ පාන්දර ඇවිත් මගේ ඔළුව ලෙවකනවා. (දැන්නම් අප්පිරියත් එක්ක) මාර සනීපයක් තියෙන්නේ අප්පා. මරු මසාජ් එක.
Delete@නදිනි- ඔහොම බය උනොත් ඇති. :P
පුසෝ නිදාගන්නේ කකුල් ලගම තමයි ..පුරු පුරු ගගා
Deleteමමත් නම් පුසොන්ට ආස නැතිව හිටියේ..ඒත් අවුරුදු 2කට ඉස්සරලා කොහේදෝ යන පුසියක් අපේ ගෙදරට ආවා!!
ReplyDeleteදැන්නම් ඌ තමා අපේ ගෙදර නිසි බලධාරියා! :D
නිසි බලධාරියා කියන්නේ ඉතිං එයා පුටුවක නිදාගෙන හිටියොත් අපි වෙන පුටුවක ඉදගන්නවනේ :D
Deleteඅපේ ගෙදරත් ඉස්සර පුසෝ ගොඩක් හිටියා. පුසියෙක් හිටියම තමා ඉතිං ඒ වැඩේ වෙන්නේ. දැන් නම් ඉන්නේ එකම එක පුසෙක්.කොටියෙක් වගේ චන්ඩියෙක් ඉන්නේ.හරිම ශෝක්.... මං නම් උන්ට ආසයි. මේ කතාව ඇහුවම දුක හිතුනා...
ReplyDeleteමේක තමයි ඒගොල්ලන්ට කියාගන්න බැරි ඇත්ත කතාව සමනලියෝ
Delete:)
ඊක්කා.. මල පේන්න බෑ බතල පූසෝ.. ඒත් ඇත්තටම ගෑණු සතෙක් වෙන එක නම් මහ පවුකාරකමක් මිනිස් වාසයක් අසල..
ReplyDeleteගැණු සතෙක් වීම පව් !
Delete:)
සැබෑ ලෝකෙ වෙන දෙයක් අපූරුවට ගලපලා..!
ReplyDeleteපන්සල් ගාව ..බස් හෝල්ට් වල...මේ වගේ ඕන තරම් සිද්දි ඇති...පූසන් විතරක් නෙවේ බල්ලන්ටත් ඕක පොදුයි.
බල්ලන්ටත් එහෙම තමයි වීයෝ ...බලු පැටව්න්ටත් මම නං ආසයි :)
Deleteමේ පුස් පොටෝ එකේ ඉන්න පැටියත් අපුරැයි. මාත් කැමතිම සතෙක් මු. හැබැයි බොරැ කියන්න ඕනෙ නැ. අපේ ගෙදරට සති මාසයක් විතර වයස පුසෙක් ගෙනාව දවසක්. ඊට පහුවදාම ඌට තුවාල වෙන්නම අල්ලපු ගෙදර මහ පුසෙක් ඇවිත් මුට කාලා බෙල්ල ගාවින්. මු පැටියනේ. බොහොම අමාරැවෙන් වෙදකම් කලත් ගොඩ දාන්න ගොඩක් අමාරැ වුනා. දැන් නම් මම ඒ මහ එකා දැක්ක තැනක ඌට එගවගෙන ගිහින් ගහනවා...
ReplyDeleteසමහර පුසෝ තමන්ගේම පැටියව කාල දානවලු ..මම නං දැකල නැහැ ඒක !අපේ අක්කගේ දුත් ඔය වගේ පුසෝ පස්සේ එළවන් ගිහින් පහර දෙනවා .එයාටත් ඔය මොකද්ද දැකල තමයි පුසෝ එපා වෙලා තියෙන්නේ
Delete;)
ඔව්.. එහෙම කනවා.. අපේ පූසි ( අපේ කිව්වට මුලින්ම පැටියෙක් කටින් උස්සන් ආවා එක පාරක්.. ඒ පැටියා මළා.. දෙවනි පාර පැටවු හම්බවෙන්න ඉන්නකොටම අපේ ගෙදරට ආවා... ඕක තමයි මං අර කලින් කමෙන්ට් එකේ කිව්ව වීර ක්‍රියාව..හි හි ) පැටවු හම්බුවෙන්න අමාරු වෙලා, රෑ එළිවෙනකම්ම දැඟළුවා.. ඒ පාර උදේ පාන්දරම උස්සගෙන ගියා වෙටි ගාවට.. බලද්දි එයා අමාරුවට එක පැටියෙක්ව කාලා රෑ.. පැටව් ටික හදාගන්න අපි ගොඩක් දැඟළුවා.. ඒත් උන් මළා...
Deleteඅහ් ..............ඒක තමයි .අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් මටත් කිවුවේ පැටවූ කනවා කියලා ,ඒ ඇන්ටිලගේ ගෙදරත් පුසියෙක් පැටව් 2න්නෙක් දාල දෙන්නවම කාලලු :(
Deleteමට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ පූසි පැටියට නම දැම්මේ උගේ අම්මද?
ReplyDeleteදැන් කාලේ බළල්ලුත් දාගන්න නම්....
ඔව් ඔව් ඌ ඉපදිච්ච ගමන්ම උගේ අම්මියා දාල තියෙන්නේ :) :D :D
Deleteමෙන්න රෙහානි අක්කට පූස් භාෂාව තේරෙනවෝ...:D
ReplyDeleteපූසො උණත් පෙර පවු පටිසන් දෙනවනේ..
හි හි මේ ලඟදි ඩිග්‍රිය ගත්තේ :)
Delete:D
තියෙන ආර්ථික තත්ත්වෙ හැටියට බළලෙක් තියා හූනෙක්වත් ඇති කරන්ඩ අමාරුයි හලෝ.ඔක්කොම බළල්ලුංව කාල්ටන් වත්තට ගෙනිහිං දැම්මනං හරි.
ReplyDeleteබලං යනකොට ඒකත් ඇත්ත නෙහ්
Delete:)
පූස් හාමිලා නම් මම එච්චර ආසා ජාතියක් නෙවෙයි... ඒත් අපේ ගෙදර ඉන්නවා බොෙහාම ලොකු වීර ක්‍රියාවක් කරපු පූසියෙක්... අහම්බෙන් අපේ ගෙදරට ඇවිත් දැං අයිතිකාරයෙක් වෙලා... හි හි...
ReplyDeleteඑයාට ඔය වඳ සැත්කම කරන්න උනා පැටවු හම්බුවෙන්න ගිහින් අමාරු වෙලා.. ඊට පස්සේ බෙහෙත් දාන්න අපි දවස් ගානක් එයාව තියාගත්තා අපේ ගෙදර.. දැන් එයාගේ ස්ථිර පදිංචිය අපේ අම්මගේ ෆ්‍රීජ් එක උඩ...
හුගක් ගෙවල්වල ඉන්නේ අහම්බෙන් ආපු පුසෝ තමයි :) පස්සේ අයිති කරගන්නවා ..ආසාවෙන් ගෙදරකට ගෙනල්ල පුසෝ හදනවා අඩුයිනේ ...මොකද වැඩිපුර ඉන්නේ පුසොන්ට අකමැති අය !
Delete:D
පූසෝ නම් නියමයි.. ඒත් අපේ ගෙදර හිටපු පූසා දුක් විඳලා මැරුණු හැටි දැක්කට පස්සේ සත්තු එක්ක වැඩි භජනයක් නෑ මං. අසරණ සත්තුන්ට අනුකම්පාව දක්වන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්.
ReplyDeleteඇත්තටම ඒක හොඳ දෙයක් චන්දන !
Delete:)
සත්තුන්ට අනුකම්පා කරන්න ගියාමත් හැබැයි සෑහෙන්න අමාරුවේ වැටෙනවා..
ReplyDeleteඅපේ ගෙදර පූසියෙක් ඉඳලා, පැටවුන්ට අනුකම්පා කරපු එකේ ප්‍රතිපලේ වුනේ, උන් බෝවෙලා බෝවෙලා ,අන්තිමේ පූසෝ 14 ක් අපේ ගෙදරට සෙට් වුන එක !!!
පුසෝ 14ක් ...............දෙය්යනේ :) ජොලි පහයි මටනම් ...හික් !
Delete;)
මම සමාන්යෙන් පුසන්ට ආසා නැ........... එත් පව් තමයි... :D
ReplyDeleteහ්ම්ම් ...පව් තමයි ..!:)
Delete//මේ කතාව මම කිව්වෙ රෙහානි බේබිගෙ උකුලෙ වාඩි වෙලා ඉන්න ගමන්..එදා දර මඩුවෙ ඉඳන් අපිව හොයාගත්තෙ එයා..අපිව කවුද කියලා බලන්නැතුව හැමොම ගෙදරට එක්කං ඇවිත් අම්මටයි අපිටයි කන්න දීලා ඉන්න තැනකුත් හදලා දුන්නෙ බේබි තමයි..එයා මට ගොඩක් ආදරෙයි (අපේ අක්කලාත් වඩා) ලොකු වීදුරුවක් තියන පෙට්ටියක් ඉස්සරහට වෙලා එයා මොනවදෝ කරද්දි මම කරන්නෙ දූවගෙන ගිහින් එයාගෙ උකුලට පනින එක. එයා ආදරෙන් මගෙ ඔළුව අතගානකොට මට සනීපෙට නින්ද යනවා...//
ReplyDeleteසංවේදී පද ගැලපුමක් රෙහානි..ලස්සනයි..
ඔබටත් සුභ නත්තලක්..
අනේ ...ශෝයිම ශෝයි කොමෙන්ටුවක් !
Deleteඇත්තටම මගේ වචන අස්සෙන් ඔයා මගේ හිතට රිංගුවා නේද රූ ;)පුස් පැන්චෙක් හිටියනම් ඔහොම කතාවක් කියාවි තමයි .හැබැයි අපේ ගෙදර දැන් පුස් පැන්චෙක් නෑ:(
:)
හරිම ලස්සනට ලියල තියෙනවා රෙහානි, බොහොම සංවේදී විදිහට. මේ පොස්ට් එක දැක්කම මට මතක් උන දෙයක් මෙන්න. ගාලු පර දිගේ යනකොට දකුණු කළුතර පහු උන ගමන්ම පොඩි පාරක් තියෙනවා. මේක යන්නේ පන්සලකට. හරිම දුප්පත් පන්සලක්. මේ පන්සලේ ඉන්නේ එක හමුදුරුවෝ කෙනයි. මේ හාමුදුරුවෝ ඔයවගේ අතරමන් උන පූසන් අරගෙන ඇවිල්ලා හදනවා. මමත් දවසක් ගිහින් හාල්, කරවල, කිරි පිටි ටිකක් ගිහින් දුන්න. එදා හාමුදුරුවෝ මෙහෙම කියුවා . "සමහර දවස්වලට මම මුන්ට කන්න දෙන්නේ පිණ්ඩපාතය කරලා" (බෞද්ධ විනයට අනුව වැරදි දෙයක් උනත්) මේ හාමුදුරුවෝ ළඟ මේ අහිංසක සතුන් වෙනුවෙන් ලොකු කරුණාවක් තිබුණා.
ReplyDeleteමට ඊට පස්සේ යන්න හම්බුනේ නැහැ. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු කිහිපයක්.
ඒ වගේ කරුණාවන්ත ස්වාමින් වහන්සේ නමක් ගැන අහන්නත් සතුටුයි .කොහොමත් පන්සල් වල බල්ලෝ පුසෝ ඉන්නවා .. (හැබැයි අපේ පන්සලේ නම් සල්ලි වලට ගෙනාපු බල්ලෝ තමයි වැඩිපුර ඉන්නේ ):D ඒ වගේ අහිංසක සත්තුන්ට වේලක් හරි කන්න දායකත්වයක් දීල ඔබ කරගෙන තියෙන්නේ ලොකු පිනක් ...
Delete:)
මම බලල්ලුන්ට කැමති නෑ. ඒත් මේ කතාව ලියල තියෙන විදියට උන්අහිංසක සත්තු ටිකක් මොනවා කරන්නද හිතට දැනුන සටහනක්.
ReplyDeleteගොඩක් දෙනා බලල්ලුන්ට කැමති නෑ නේ ...උන් පිරිසිදු නෑ කියලා :)
Deleteපූස් පැටියෙක් ගෙදරින් එලියට විසික් කරලා දාන්න තියා චුට්ටක් රිදෙන්නවත් ගහන්න හිතෙන්නේ නෑ.. අපේ දිහාත් ඉන්නවා තුන් දෙනෙක්. සයිස් තුනකින්. හැබැයි ඒ එකෙක්වත් අපේ ගෙදර හදපු එවුන් නෙමෙයි. මිනිස්සු ගෙනත් දාල ගියපු එවුන්. උන් අපේ දිහාට ආවම අපි, අපේ අම්මයි උන්ව තියා ගන්නවා. ගෙදර හදපු එවුනුත් එකයි, පිටින් ඇවිල්ල ගෙදර ඉන්න එවුනුත් එකයි අපිටනම්....මේ කතාව සංවේදියි, ලස්සනයි.
ReplyDeleteකොහොම වුනත් සත්තුනේ නේද ?මාත් කොහේ ඉන්න පුසෙක් හරි කමක් නෑ දැක්කොත් වඩා ගන්නවා ..අපේ ගෙදර හැබැයි මන් විතරයි පුසන්ට කැමති :)
Deleteමගෙ නම් ගොඩක් කැමතියි මෙයාලට
ReplyDeleteමං වගේ ;)
Deleteඅපේ ගෙදර ඉපදුණා නම් කතා නායිකාව ප්‍රාර්ථනා කරන්නෙ හැම ආත්මෙකම පූස් පැටියෙක් වෙලා ඉපදෙන්න කියල.මටවත් උන්ට තරම් සැප නෑ.බොරු නං බලන්නකො,
ReplyDeletehttp://malvarsha.blogspot.com/2012/01/my-kitty.html?utm_source=BP_recent
හේ හේ ...එහෙමද?
Deleteමන් බැලුවා ඔයාගේ කිටියව !
:)
මේක මාත් සෑහෙන්න දැකල තියෙන දෙයක්. යන්තම් ඇස් ඇරලවත් නැති සත්තුන්වත් ගිහින් පාර අයිනට හරි පන්සලකට හරි දාල එනව. උන්ට මොකද වෙන්නෙ කියන එක ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ. සමහර මිනිස්සු හිතක් පපුවක් නැතුව මේ වගේ අහිංසක සත්තුන්ට මෙහෙම කරන්නෙ කොහොමද මංදා :(
ReplyDeleteමම නම් පූසොන්ට ගොඩක් ආසයි. දැනුත් අපේ ගෙදර පූස් පැටව් දෙන්නෙක් ඉන්නව. උන් දෙන්නත් වෙන ගෙදරක ඉඳන් ආපු පූසියෙක් දාපු පැටව් දෙන්නෙක්. දැන් එයාලගෙ අම්මා වැඩිය එන්නෙ නෑ..හැබැයි මේ දෙන්න නම් අපේ ගෙදර අයිති කරගෙන හොඳට ඉන්නව :)
ඒකනේ ....ඔහේ දෙන දෙයක් කාල කොහෙටහරි වෙලා නිදාගන්නවා ,...අපි උන්ට ආදරේ උනහම උනුත් අපිට ආදරෙයි ,ඉන්න තැනක දැවටී දැවටී ඉන්නේ එකනේ :)
Deleteඅනේ පව්. මම ආසම සතෙක් තමයි පූසා. අපේ ගෙදර දැනටත් 6ක් ඉන්නවා. අද තමා මුලින්ම මේ පැත්තට ආවෙ. A/L හින්දා බ්ලොග් වලට කමෙන්ට් කරන්න වැඩි වෙලාවක් නෑ. සොරි වෙන්න ඕනේ ඒකට
ReplyDeleteශා ...පුසෝ 6 ක් !!!!!!!ශෝයිනේ ..................කමක් නැහැ යාලු ඉගෙනගන්න වැඩේ ඉස්සෙල්ල කරගන්නකො ...සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට ඔයාව ..ස්තුතියි මේ පැත්තට ආවට ..දිගටම එන්න
Deleteඋපාසක පින්වත, මේ පැටව් තාම කිරිබොන වයසෙ නිසා ගෙදර ගිහිං කිරි බීලා ඉවර වෙලා බත් කන වයසට ආපුවහම ආයෙත් පන්සල් වත්තට ගෙනත් දාන්න කියලා පූස් පැටව් ටිකක් හොරෙන් පන්සල් වත්තට දාන්න ගිය ගමේ උපාසකයෙකුට පන්සලේ ලොකු හාමුදුරුවො දේශනා කොලාලු...
ReplyDeleteඔව් ඉතිං හැමෝම පැටව් ගහපු පුස් රංචු පන්සලට ගිහිං දැම්මහම හාමුදුරුවන්ට උනත් බාර ගන්න පුළුවනැයි ඔය හැටි :) ලොකු උනාට පස්සේ ඉතිං කරදරයක් නෑනේ
Deleteබල්ලෝ බළල්ලු වගේ සතුන්ගේ ගෑනු සත්තු හදා ගන්න කවුරුත් කැමති නෑ. පැටව් දාන හින්දා. අනේ මන්දා ඉතින් :(
ReplyDeleteඅනේ මන්දා තමයි සයුරි :)
Deleteපූසන්ට වයිර කරන බොහෝදෙනා අතර පූසන්ට ආදරෙකරන කෙනෙක් වෙමි මම
ReplyDelete