වෙලාවකට සත්තකයි මට හිතෙනවා ජීවිතේ හීනයක්....!
ඒත් ඇත්තටම ඒක හැබෑ කරගත හැකි හීනයක් ..
සමහරවිටක කෙනෙක් කියාවි..
ජීවිතේ හැබෑ කරගත නොහැකි හීනත් ඇති බව
මන් පිලිගන්නවා.
ජීවිතේ හැමදේම හැමකෙනෙකුටම එක හා සමානව ලබෙන්නේ නැහැ
සතුට ලැබෙනකොට දුකකුත් අතළඟ.. හැමදාම හිනාවෙලා ඉන්න ආස උනත්
හැමදාම හිනාවෙලා ඉන්න හැමෝටම බැහැ
ඊයේ ගොඩක් සතුටින් හිටපු මම ,,
අද ගොඩක් දුකින්..
ඔයාටත් එහෙම වෙලා ඇති අනන්තවත්..
එහෙම කියල ඔයා හදාවි මගේ හිත...
ඒත් ...කොහොම උහුලන්නද මං
රත්තරං ඔයා වෙන්ව ගිය හැටි..
කටුනායක වීදුරු බැල්කනියෙන්
එපිටින් ඔයාගේ කඳුළු දැකපු හැටි..
මතකෙට එන වරක් පාසා
තවමත් කඳුළු සලමි මම..
.......................................
තවමත් ඉන්නට පුළුවන් මට..
ලාමක උනත් මගේ හිත සවි කරගෙන..
ජීවිත ගඟුලෙන් එතෙර වන්නට
ඔරුව නුඹ නම්....
ශක්තිමත් හබලක් විය හැකි ගැහැනියක්මි මම..
ඉතින් ඉදිරියටම ඔරුව පදවමු
පසෙකලා මේ දුක...!
ෂහ් නියමම ඇත්තටම දැනෙන හැඟීම් ඒ විදිහටම අකුරැ කරලා..“ජීවිතේ හැමදේම හැමකෙනෙකුටම එක හා සමානව ලබෙන්නේ නැහැ“ ඒක ඇත්තක් විදිහට හිතුවොත් තනිකම අඩු වෙයි. දෙන්නම වෙනුවෙන් ඒ ඔරැව ඉස්සරහටම යාවි පැතුම් රාශියකුත් එක්ක..
ReplyDeleteරතී
Deleteස්තුතියි ...හැමවිටම ධනාත්මකව හිතන්න උත්සහ කරනවා ..
// වෙලාවකට සත්තකයි මට හිතෙනවා ජීවිතේ හීනයක්....!
ReplyDeleteඒත් ඇත්තටම ඒක හැබෑ කරගත හැකි හීනයක් ..//
මේ මට හිතට දැනුණු ටික ..
ලස්සනට ලියල තියෙනවා..
යාන්ත්‍රික සිතිවිල්ල කියවන්න එන්න..
ස්තුතියි යාන්ත්‍රිකයා ..!ලා දම් අහසට සාදරයෙන් පිළිගන්නවා ..දිගටම එන්න..
Deleteපව් අනේ...!
ReplyDelete:(
Deleteඒ ඔරුව පදවන්නට තවත් ශක්තිය..!!
ReplyDeleteස්තුතියි චන්දන..
Deleteඅපේ මහත්තයා පෙරළා ලංකාවට පැමිණෙන දිනය ඉතා ඉක්මණින් උදා වේවා ! එතෙක් බ්ලොග වෙනදා වගේම ලියාගෙන යන්න... කෝ අපට වෙඩිං කේක්...
ReplyDeleteහුටා ...පැටලුනා නේද?(සත්තලන් )හරි අපි ඒක වෙනස් කරලා වෙන නමක් යොදමුකෝ !
Delete...............................
දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව !හය්යු..වෙඩින් කේක් ද? :/
ස්තුතියි සිරා ..!
වෙඩින් ??
Deleteවෙඩින් ලිපිය සෑමා ට මගහැරුනනේ නේ?
Deleteහ්ම්ම්.... හ්ම්ම්..... දුක සතුට ඉතිං අපි හැමෝටම උරුම දෙයක්නේ...
ReplyDeleteජීවිතය ජය ගන්න, ඉක්මනින්ම දෙන්නටම එක තැනකට වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...!
ස්තුතියි සමනලියෝ...
Deleteශක්තිමත් හබලක් විය හැකි ගැහැනියක්මි මම..
ReplyDeleteඉතින් ඉදිරියටම ඔරුව පදවමු
පසෙකලා මේ දුක...!
හරිම ලස්සනයි රෙහානි...... :D
බොහොම ස්තුතියි සචිත් ...!:D
Deleteරෙහානි ගෙ තනිකම මට දැනුනා...විවාහ උනාට පස්සෙ තනිකම එක්ක ජීවිතය තව ටික කාලයක් ගෙවන්න සිද්ධ වෙන එක අර කිව්ව වගේ ධනාත්මකව හිතලා ශක්තිමත් හිතකින් ඉන්න එක මොන තරම් දෙයක්ද... හරිම වැදගත්....
ReplyDeleteකෙල්ලෙකුට කෙල්ලෙක්ව දැනෙනවා වැඩිනේ...කොහොම හරි මේ තනිකම දරාගත්ත කියන්නේ අනාගතේ දවසක අඩුම තරමේ කාටවත් අත නොපා ජීවත්වෙන්න පුළුවන් වෙයිනෙ ලිහිණියෝ...
Deleteජීවිතේ ඔහොම තමයි රෙහානි. ඔය ටිකත් ඉවසල ඉන්න. ඉට පස්සෙ දිගටම සතුටින් ලඟටම වෙලා හිටිය හැකිනෙ.
ReplyDeleteඔව් ගිමන්..එකනේ මේ හිත හදන ඉන්නේ
Deleteහ්ම්ම්... සත්තලන් අහස්යන්තරෙන් ඉගිල්ලුනාද? :(
ReplyDeleteඉගිල්ලුනා නේන්නම් :(
Deleteඔයාගේ පරණ කතාව අයි කියෙවුවෙ.ඉතින් මේ සිද්දිය මොකක්ද කියලා දන්නවා.
ReplyDeleteඉක්මනින් දෙන්නා එක් තැන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
ස්තුතියි අසරණයා !
Delete:)
ළගින් ඉන්නවිට දැනෙන ආදරේට වඩා වැඩි අදරයක් දුරින්න ඉන්න විට දැනෙනවා ඒක ලෝකයේ පරම සත්‍යයක්.
ReplyDeleteඒක නම් ඇත්ත තමයි ! වැඩ ඉවරවෙලා ඇවිත් කතාකරනකම් ඇඟිලි ගනිනවා පැය ගාන
Delete:D